IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මගේ තාත්තා සාමාන්‍ය මිනිහෙක්

3  

‘‘මගේ තාත්තා පාරම්පරික දේශපාලනඥයෙක් නොවෙයි. බොහොම සරල - සාමාන්‍ය මිනිසකු ලෙස සමාජයට අවතීර්ණවී බොහෝම කැපවීමෙන්, ඉතාමත් උනන්දුවෙන් අප‍්‍රතිහත වූ ධෛර්යයෙන් විටෙක ජීවිත තර්ජන හමුවේ නිදි වර්ජිත කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් ඉතා ඉවසීමෙන් පොළොවේ පය ගහලා ගමනක් ආව විශිෂ්ට මනුස්සයෙක්. ජනනායකයෙක් දක්වා තාත්තා ආ ඒ ගමන ඇත්තටම ශ්‍රේෂ්ඨයි.’’

 

5
මෙලෙසින් තම ආදරණීය තාත්තා ගැන පවසන ඇය චතුරිකා සිරිසේන වන්නීය. ඒ අභිනව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් දියණියයි. අඩසියවසකට ආසන්න කාලයකට සමීපව දේශපාලනයේ යෙදී සිටින තම ආදරණීය පියාණන් ගැන අන් කවරකුටත් වඩා මේ දියණිය දන්නා දේ බොහෝය. ඇය තාත්තාගේ සුසුම, කඳුළ, සිනහව, හෘදස්පන්දනය හොඳින්ම හඳුනන්නීය. ඒ සියල්ලට සාපේක්‍ෂව ‘‘ජනපති තාත්තා’’ ගැන තවත් බොහෝ දේ ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් ජනපතිතුමන්ගේ වැඩිමල් දියණිය චතුරිකා සිරිසේන ප‍්‍රථම වතාවකට පුවත්පත් පිළිසඳරකට එක්වූවේ මෙලෙසිනි.

 


button ඔබ ගැන වූ සඳහනක් කළොත්?


පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම පාසල් අධ්‍යාපනය පටන් ගත්තෙ පොළොන්නරුවේ සිටයි. ඉන්පසු ගම්පහ ගෝතමී සහ රත්නාවලී බාලිකා වෙතින් අධ්‍යාපනය ලැබුවා. නමුත් තාත්තා ජනතා සේවයට කැපව ජීවිත ගමන යද්දී, අපි එක්තැනෙක තාත්තා තවත් තැනෙක විදියට හිටියෙ. අම්මා පුංචි මල්ලි අරගෙන බස් එකේ නැගලා අපිව බලන්න පොළොන්නරුවෙ සිට ගම්පහට ආවා. උදේ ඇවිත් හවසට ආයෙත් පොළොන්නරු ගියා. මේ දුෂ්කරතා අතරේ අපට පවුලක් ලෙස එකට සිටිය යුතුය කියන දේ තාත්තාගේ හිතේ නිතරම තිබුණු දෙයක්.


ඒ නිසා නැවතත් මං පොළොන්නරුවට ගියා. ගිහින් උසස් පෙළ දක්වා රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා.


ඉන්පසුව මාලබේ තොරතුරු තාක්‍ෂණ සරසවියෙන් මෘදුකාංග ඉංජිනේරු උපාධිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊටත් අමතරව කළමනාකරණය සහ අලෙවිකරණය ගැන උසස් අධ්‍යාපනය ලැබුවා. මම විවාහකයි. දියණියක සහ පුතකු සිටිනවා. අපි ඉගෙන ගත් දේ ප‍්‍රයෝජනයට ගෙන මමයි මගේ සැමියයි එකතුවෙලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

 


button ඔබගේ මව හා පියාට සාපේක්‍ෂව ඔබ, ඔබ ගැන සසඳන්නෙ මොන විදියටද?


කාන්තාවක ලෙස මම සීයයට සීයක්ම අපේ අම්මා වගේ කියලයි මට හිතෙන්නෙ. ඒත් රාජකාරියේ දී මා තාත්තා වගෙයි. ජීවිතයේ දී මට හීනයක් තිබුණා. ඒ මට මගේ අම්මා වගේ වෙන්න පුළුවන් නම් කියන හීනයයි.

 


button ඒකට විශේෂ හේතුවක් තිබුණද?


මේ දක්වා මගේ ජීවිතයේ දී මා දුටු හොඳම ආචාරවරිය ඇයයි. මම හොඳ දියණියක්, හොඳ බිරිඳක්, හොඳ මවක් වුණොත් අපේ ඒ ශ්‍රේෂ්ඨ අම්මා නිසයි. මම ජීවිතයේ අනුගමනය කරන ආදර්ශවත් චරිතය ඇයයි. ජයන්ති පුෂ්පකුමාරී වන ඇය බොහෝම සරල, සුන්දර අව්‍යාජ චරිතයක්. අද ජනපති බිරිඳ වෙලත් තාත්තාගේ කෑමවේල හදලා දෙන්නේ ඇයගේම අතින්. ඇය එහෙම කරන්නේ බොහෝම ගෞරවයෙන්, දැඩි ස්වාමි භක්තියකින්. ඒක අතිශයෝක්තියකින් කියන දෙයක් නොවෙයි. බොහෝම ආඩම්බරයෙන් මම කියන්නෙ. තාත්තාගේ කෑමවේල පිළියෙළ කරදෙන්න අප කුස්සියට එනවාටවත් අම්මා කැමති නැහැ. තාත්තගෙ පිඟාන - කෝප්පයවත් අපට අල්ලන්න දෙන්නෙ නැහැ. තාත්තාත් එහෙමයි. මොන තැන, මොන රාජකාරියෙ යෙදුණත්, අම්මා උයන කෑම විතරයි කන්නෙ. ඒක තාත්තා වටේ සිටින  ඕනෑම කෙනෙක් දන්න දෙයක්. ඇයගෙ සැමියා මෙලෙසින් ජනපතිවරයා වුණත් ඇය අපට වගේම මේ මුළු රටේ සමස්ත ලක්වැසි දරු දැරියනට සැබෑම මවක් වේවි. ඒ මවගේ දියණියක වීම මා ලැබූ විශේෂම දෙයයි. ඇත්තටම අපේ අම්මා - තාත්තා කියන්නෙ බොහෝම සරල - සුන්දර යුවළක්. ඒ දෙන්නාගේ ආදර කතාවත් බොහෝම සුන්දරයි.

1

 


button ඒ ආදර කතාව ගැන ඔබට කියලා තියෙනවද?


එවිට තාත්තා රැකියාව කරලා තියෙන්නෙ සමුපකාර සැපයුම් නිලධාරියකු ලෙසයි. අම්මා ඒ වන විට අධ්‍යාපනය ලබමින් සිටියලූ. දැකපු මුල්ම දවසේ අම්මා ගැන පුදුමාකාර බැඳීමක් තාත්තාට ඇති වුණාලූ. පසුව අම්මාගේ තාත්තාගෙන් මේ ගැන කෙළින්ම අහලා තියෙනවා. ඉන්පස්සෙ වසර ගණනාවක ආදර කතාවකට මුල පුරලා විවාහ දිවියට ඇතුළත් වෙලා. ඒ ආදරණීය කතාවේ ප‍්‍රතිඵල තමයි මම, නංගි ධරණීචාරිකා සහ මල්ලි දහම් තාරක. ඒ විතරක් නෙවෙයි අද ඒ ආදරණීය යුවළට මිනිබිරියක සහ මුනුබුරකු සිටිනවා. අපේ ඒ කැදැල්ල ඇත්තටම බොහෝම සුන්දරයි.

 


button ඒ සුන්දර කැදැල්ලේ සිටින ඔබගේ තාත්තා දින චර්යාව පටන් ගන්නෙ මොන විදියටද?


අවදි වූ විගස තාත්තා කරන්නෙ මෛත‍්‍රී භාවනාවේ යෙදීමයි. එය අපි කුඩා කාලයේ ඉඳලාම දුටු දෙයක්. අම්මා බුදු පහන තියලා පිරිත් දාලා දවසේ වැඩ ආරම්භ කරනවා. ඒ අතරවාරයේ දී තාත්තා වතුර වීදුරුවක් බීලා නැවත භාවනාවේ යෙදෙනවා. අම්මා තේ එක හදලා දුන්නාම ඒක බොන අතරේ පත්තර කියවනවා. ඒ වගේම තාත්තාට උදේට අනිවාර්යයෙන්ම පොතක් කියවන්නට  ඕනෑ. අද ජනපති වෙලත් ඒ සියල්ල ඒ විදියටම කරනවා. දිනපතා කරන ව්‍යායාම් ඒ විදියටම කරනවා. ඒ විදියට දවසට එළැඹෙද්දී, අම්මා තාත්තාගේ කෑමවේල පිළියෙල කර උණුවෙන්ම එය සකසා දෙනවා. පොල් සම්බල, කඩල වර්ගයක් සමඟ බත් තමයි ප‍්‍රධාන වෙන්නෙ. ගැමි පරිසරයක හැදුණ නිසාදෝ අපට තුන්වේලම බත්  ඕනෑ. රාත‍්‍රී ආහාර වේලට නිවුඞ්ඩ සහිත (කුරක්කන්) වැනි දේ තමයි අම්මා තාත්තාට පිළියෙල කර දෙන්නෙ. සෑහෙන කාලයක සිට අම්මා මාංශ අනුභව කරන්නෙ නැහැ. කාලයක් තාත්තාට ත‍්‍රස්තවාදී තර්ජන තිබුණා. ඒ වගේම අවංක දේශපාලනය කිරීම නිසාත් විවිධ තර්ජන තිබුණා. ඉතින් තාත්තාගේ ආරක්‍ෂාව පතා අම්මා ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත්ත තීරණයක් එය.

 


button තාත්තා පිටුපස සිටින මහා හෙවනැල්ල අම්මා කියල ද ඔබ කියන්නෙ?


සහතිකෙන්ම ඔව්. ජනතා මෙහෙවරක යෙදිලා තාත්තා නිවසට එනවිට අම්මා අපට ටී.වී. එකවත් දාන්න දුන්නෙ නැහැ. ඒ වගේම ගෙදර ආවාම තාත්තාගෙ ඔලූවට අනවශ්‍ය දේ දැම්මෙත් නැහැ. තාත්තාත් එහෙමයි. ගෙදරට ගොඩ වෙන්නෙ දේශපාලනඥයෙක් විදියට නෙවෙයි. ආදරණීය සැමියකු සහ පියකු ලෙසයි. ඒ සිනහව ඇත්තටම හරි අව්‍යාජයි. තාත්තාගේ අනිවාර්යය පුරුද්දක් තමයි උදෑසනට ගීතයක් මුමුණන එක. ඒත් නැතිනම් ගී අනුවාදයකට ශ‍්‍රවණය කිරීම. රාත‍්‍රි නින්දට යාමට පෙරත් වාද්‍ය සංගීතයට තාත්තා හරිම ප‍්‍රියයි. එයින් තාත්තා බලාපොරොත්තු වෙන්නෙ මානසික සැහැල්ලූව වෙන්න ඇති. තාත්තා වෙතින් දකින තැන්පත්කමට හේතුවත් ඒවා කියලයි මා හිතන්නෙ.

 


button ඔබ මෙහෙම කියන්නෙ අතිශයෝක්තියකින් නොවෙයිද?


කොහෙත්ම නැහැ. අපට එහෙම අවශ්‍යතාවක් නැහැනෙ. මං බොහෝම ගෞරවයෙන් සහ ආදරයෙන් කියන්නෙ අපේ තාත්තා පන්සිල් පද පහ රකින තාත්තෙක්. නිතරම අපට කියන්නෙත් ගෞරවය රැුකගෙන ගෞරව කරමින් ජීවත් වෙන්න කියලයි. ගෙදරදී කාටවත් ද්වේශයෙන් වෛරයෙන් කතා කරන හැටි අප දැකලා නැහැ. ලස්සන පවුල් ජීවිතයකට එයා ආසා කළා. මේ රටට නායකත්වයට අවශ්‍ය වන්නෙ ඒ වගේ ලස්සන පවුලක් තියෙන තාත්තා කෙනෙක් කියලයි මා හිතෙන්නෙ.


හැබැයි එහෙම වුණාට පවුල් දේශපාලනය නම් අපේ පවුල වෙතින් එන එකක් නැහැ. බොහෝම අඩුවෙන් දැකගත හැකි ජනපති ආර්යාවත් මගේ අම්මා වේවි.

17_SLMA_P_6

 


button ඔබ මෙන්ම ඔබගේ පවුලේ උදවිය නිතරම දකින්න පෙනෙන්නට සිටියේ නැහැ. එහෙම වෙන්නට හේතුව තාත්තා තහංචි දාලා තිබුණද?


කවදාවත් තාත්තා අපට තහංචි දාලා තිබුණෙ නැහැ. සාමාන්‍ය පෙළ සමත්වෙලා ප‍්‍රතිඵල ගැන කියද්දී තාත්තා මට කිව්වෙ පුතා කැමති අංශයක් උසස් පෙළට තෝරා ගන්න කියලයි. හැබැයි නිතරම අපට තැනකට ගියාම සිටිය යුතු විදිය සහ සාරධර්ම ගුණ දහම් ගැන නිතර පසක් කර දුන්නා. බලය කියන දේ අද තියෙන්න පුළුවන්. හෙට උදේ වෙන කොට නැති වෙන්න පුළුවන්. ඒ නිසා කිසි දවසක බලය කියන තාවකාලික පිරුවටය ගැන හිතන්න එපා කිව්වා. පොළවේ පය ගහලා සිටිය යුතු විදියට තමයි අපිව සමාජ ගත කළේ. ඒ නිසාම දෝ අපට ගමේ සහ නගරයේ සමතුළිත බව එක්ක ජීවිතය ගෙන යන්න පුළුවනි.


අපි ඇත්තටම යථාර්ථය තේරුම් අරගෙන ජීවත්වන පවුලක්. කවදාහරි මට කෑ ගහලා කියන්න පුළුවනි අපේ තාත්තා හොරකම්, වංචා කළේ නැහැ කියලා.

 


button ඔබ කියන්නෙ තාත්තා ප‍්‍රතිපත්ති ගරුක අවංක දේශපාලනඥයෙක් කියලද?


එහෙමයි කියලා කියන්න  ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. පොළොන්නරු වැසියන් ලෙස වගේම දේශපාලන කටයුතු නිසා ත‍්‍රස්තවාදි භීෂණ හමුවේ ඒ පීඩනය තදින්ම අපට දැනුණා. නමුත් දිවි පරදුවට තබා තාත්තා තමුන්ගේ නායකත්වයට ගරු කළා. තාත්තා දේශපාලනය කළේ එහෙමයි. ගරු සිරිමාවෝ මැතිනිය, හිටපු ජනපති චන්ද්‍රිකා මැතිනිය වගේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් වෙනුවෙන් විශ්වාසය දරාගෙන කටයුතු කළා. එදා යුද්ධය අවසන් වෙන ජයග‍්‍රාහී මොහොතේ දී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විදෙස් ගතව හිටියෙ. ඒ මොහොතේ ආරක්‍ෂක ඇමැති ලෙස රාජකාරී පවරලා තිබුණෙ තාත්තාට. ඒ අවංකකම කොච්චරද කිව්වොත්, ජයග‍්‍රාහී පණිවුඩය රටවැසියන්ට එතෙක් ප‍්‍රකාශ නොකොට තමුන්ගේ ආදරණීය නායකයා රටට එනකල් එය රහසක් ලෙස තබාගෙන සිටියා. අපේ තාත්තා අන්න ඒ වගේ අවංක චරිතයක්.

 


button ඇයි ඒ අවංක චරිතය පසුව වෙනස් වුණේ? ඒ කියන්නෙ පොදු අපේක්‍ෂක වෙන්න තීරණය කළේ?


ඇත්තම කිව්වොත් ජීවිතය පරදුවට තියලා තාත්තා ඒ තීරණය ගත්තෙ දූෂිත රටක් ලෙස මෙය එක පිරිසක් වටා ගොනුවී තිබූ මොහොතකදීයි.

 


button විශේෂම හේතුව එය කියල ද ඔබ කියන්නෙ?


ඒ පැවැති ක‍්‍රමය ගැන කාලයක සිට තාත්තාට පැහැදීමක් තිබුණෙ නැහැ. සුදුස්සන්ට සුදුසු තැන ලැබුණෙත් නැහැ. මේ දේශය සියලූ ලක්වැසියන්ගේ දේශයක් මිසෙක එක් පිරිසකගේ සූරාකන දේශයක් නොවන වග තාත්තා සඵත කළා. මෙය එක්වරම ගත්ත තීරණයක් නෙවෙයි. හොඳට හිතලා මතලා ගත්ත තීරණයක්. තාත්තා එයාගෙ ජීවිතය පරදුවට තියලා ගත්ත තීරණයක්.

 


button නමුත් සමහරු විශ්වාස කළේ එය දේශපාලන කුමන්ත‍්‍රණයක ආදේශයක් කියලයි. ඒ වගේම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට හසුවීමක් ලෙසත් අදටත් සමහරු හිතනවා. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද?


පක්‍ෂ ගණනාවක් කිසිදු ඉල්ලීම් නැතුව ඇයි තාත්තාව තෝරා ගත්තෙ? ඇයි සහයෝගය දුන්නෙ? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. තාත්තා ගෞරවනීයව දේශපාලනය කළ නිසයි. අන්න ඒ නිසයි කොන්දේසි විරහිතව සියලූ පක්‍ෂ තාත්තාව පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තෙ. ඒක තමයි ඇත්ත කතාව.

 


button තාත්තා පොදු අපේක්‍ෂකයා වන බව පවුලේ අය දැනගෙන හිටියද?


සෞඛ්‍ය ඇමැතිව සිටිය දී තාත්තා සමාජයේ යහපත උදෙසා කළ බොහෝ දේ නිසා ජාවාරම්කාරයින් සහ ගසාකන්නන් නිසා තාත්තාට උසාවියේ බංකුවේ ළගින්න පවා සිදුවුණා. ඒ අතරේ මඩ ප‍්‍රහාර පවා එල්ල කළා. ජීවිතයට තර්ජන පවා එල්ල වුණා.


ඒ පැවැති ක‍්‍රමය ගැන තාත්තා හරිම කණගාටුවෙන් හිටියෙ. නමුත් එයාගෙ සමාජ හිතකර ප‍්‍රතිපත්ති වෙනස් කළේ නැහැ. මේ තීරණය අරගෙන ඇවිත් අපට කිව්වා. මේ නිසා මට මගේ ජීවිතය වගේම ඔයාලටත් ඔයාලගෙ ජීවිත නැති වෙන්න පුළුවන් කීවා. ඒත් තාත්තාගෙ හෙවනැල්ල වූ අම්මාත්, මම - නංගි සහ මල්ලීත් එකහෙළාම තාත්තාට ආශිර්වාද කළා. පුදුමෙ කියන්නෙ මැරෙන්න වුණත් අපට බයක් ආවේ නැහැ. තාත්තා තීන්දු තීරණ ගන්නෙ හොඳට හිතලා බලලා බව අප දැනගෙන හිටියා.

 


button පොදු අපේක්‍ෂකයා ලෙස පත්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තාත්තා ගොඩාක් හැඟුම්බර වුණා. ඒ මොහොත ඔබලාට දැනුණෙ කොහොමද?


කඳුළු පුරෝගෙන තාත්තා සමස්ත ලක්වැසියන් ඇමතූ විදිය ඇත්තටම අපට ගෙන දුන්නෙ ලොකු අභිමානයක්. බුදු දහමට අනුව ජීවත්වන ඒ සරල - සුන්දර ගැමි අව්‍යාජ මිනිසාගේ ස්වභාවය එයම වුණා. ඉතින් අපට ඇතිවුණේ පුදුම ආත්මශක්තියක්. ඒ මොහොතේ ඉඳලාම අපි ඔක්කෝටම දැනුණෙ තාත්තා දිනනවාම කියන සිතිවිල්ල විතරයි.

 


button ඉන්පසුව තාත්තා ජනපති වීම, ඔබ එය දකින්නෙ කොහොමද?


දහමට අනුව ජීවත්වීම, කළ පින් - දහම්වල වගේම සියලූ ආගම් බලවේගවල මහා ඔසවා තැබීමක් කියලයි හිතුණේ.

 


button අද ඔබගේ තාත්තා රටේ ජනපති. ඔබට එය දැනෙන විදිය?


දැනටත් මෙය අහිංසක ජයග‍්‍රහණයක්. අපි හරි සරලයි. කවුරුත් අපට අනාවැකි කියලා තිබුණෙත් නැහැ. තාත්තා අම්මා අනාවැකි පසුපස ගියෙත් නැහැ. සුදුසු වෙලාවට-එයාලා නිතරම සුදුසු දේ කළා. තාත්තා සහ සමස්ත රට ජයග‍්‍රහණය කළ මොහොතේ මම අම්මගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. අලියට - අලියගෙ තරම පෙනෙන්නෙ නැහැ වගේ තාත්තාට කිසිම වගේ වගක් නැහැ. එයා සුපුරුදු පරිදි ඒ වෙලාවෙ සැහැල්ලූවෙන් හිටියෙ. අනේ මේ සුන්දර තාත්තා අපේ රටේ ජනාධිපති නේද කියන හැඟීම ඇති වුණා. යම්කිසි විදියකින් පැරදුණා නම් සමහර විට අද අපි ඔක්කෝගෙම ජීවිත නැතිවෙලා තිබෙන්නෙ පුළුවනි. නැත්නම් තාත්තා හිරබාරයට හරි දමන්න තිබුණා.

 


button ඔබ කිව්වෙ තාත්තා පිරිසුදු දේශපාලනඥයෙක් කියලා. එහෙම නම් එහෙම වෙන්නෙ කොහොමද?


අතීතයේ අපට අත්දැකීම් තියෙනවා. මතකනෙ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සිදුවූ දේ. ඒ වගේ දේ නිසා තමයි ඒ බිය තිබුණේ. කොහොම වුණත් දැන් කා ගැනවත් වෛරයෙන් බැලිය යුතු මොහොතක් නෙවෙයි. සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට යහපත් මිනිසෙක් නායකත්වයට පත්වුණා. ඔහු රටට කිව්ව විදියටම යහපත් දෙයක් කරාවි.

 

m



අදහස් (0)

මගේ තාත්තා සාමාන්‍ය මිනිහෙක්

යසිරු Sunday, 25 January 2015 10:53 AM

ඒ බව අපි දන්නවා.(හේ)

:       0       0

චමිල-පානදුර Sunday, 25 January 2015 11:14 AM

අවංකවම අපේ රටට විශාල සේවයක් කරයි කියන විස්වාසය අපේ හදවත් තුල තියෙනවා. කොපමණ බාධක ආවත් රට පවා නොදෙන බව නම් විශ්වාසයි. දියණියක් විදියට ඔබට පියාණන් ගැන අති මහත් අභිමානයක් ඇති වෙන බව සහතිකයි. අවසානයේ රටට යහපතක් වේවා කියල පතමි.(හේ)

:       0       0

ෆසරි Sunday, 25 January 2015 12:15 PM

නියමයි. (ර)

:       0       0

උපුල් Monday, 26 January 2015 08:49 AM

ජනතාව බුද්ධියෙන් ඔය හැම දෙයක් ගැනම බලගන ඉන්නේ . සුබ පතනවා -.(හේ)

:       0       0

හසිත් Wednesday, 21 January 2015 08:22 AM

රටට යහපතක්ම කිරීමට ඔබේ දිරිය සැමදාම පියාණන්ට ලැබේවා. (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 21 January 2015 06:01 PM

අපි බලාපොරොත්තු වෙන්නේත් මෙයයි (නි)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 21 January 2015 09:27 AM

නීරෝගී දීර්ගායුෂ මෙන්ම දෙවියන්වහන්සේගේ විශේෂ ආශිර්වාදය නොඅඩුව නිරතුරුවම ඔබගේ ආදරණීය පියාණන්ට වාගේම අපගේ ගරු ජනාධිපතිතුමනන්ටත් ඔබගේ පවුලේ සියලුම සාමජිකයන්ටත් ප්‍රාර්ථනය කරමි.(දිල්)

:       0       0

රොෂාන් කටාර් Monday, 26 January 2015 09:46 AM

හිටපු ජනාදි පතිතුමා සාදාරන මැතිවරණයක් තිබ්බද නැද්ද කියලා තව ටික දවසකින් බලා ගන්න පුළුවන් මොකද මේ දවස් වල පරීක්ෂණය වෙනවනේ ඒ ගැන.(හේ)

:       0       0

කාගිල් Tuesday, 20 January 2015 08:34 AM

දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති වියයුතුය. ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලැබේ. (නි)

:       0       0

චින්තක Monday, 26 January 2015 09:47 AM

මෛත‍්‍රී සහගත නායකයකුගේ දැක්මෙන් අප ආදරණීය ලක් මවට මෛත‍්‍රී සහගත කාලයක් උදාවේවා. (බ)

:       0       0

සුසිල් දී අල්විස් Saturday, 24 January 2015 03:10 PM

අපිට පැහැදිලිවම හැඟෙනවා වත්මන් ජනාධිපතිතුමා රටට යහපත් සේවයක් කරයි කියලා. රට යහපත් දේශයක් කරන්නට නම් දුෂණ හා අවනීතිය නැතිකරන්නම ඕනෑ. දුෂිතයන්ට සිංගප්පුරුවේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් රටේ වංචා දුෂණ මිනීමැරුම් හුඟක් අඩුවෙයි. මිනීමරුවන්ට කුඩු මුදලාලිලාට එරෙහිව නැවත එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් බොහෝ අපරාධ අඩුවෙයි කියලා හිතෙනවා. (නි)

:       0       0

තිලක් Sunday, 25 January 2015 03:48 PM

ඔබතුමාගේ යහපත් සිතුවිලි අනාගත ක්‍රියාකාරකම් එලෙසින්ම ඉටුවේවා! අපිටත් මතු පරපුරටත් යහපතක්ම වේවා! (නි)

:       0       0

සරත් Thursday, 22 January 2015 08:32 AM

හොඳ මහත්මයෙක්. එයාව පවුලේ අයගෙනුත් , අවස්තවාදියන්ගේනුත් බේරගන්න. ඒ හොඳටම ඇති. ඉතිරි ටික තාත්ත කරයි (නදී)

:       0       0

ප්‍රශාන්ත Monday, 26 January 2015 04:43 AM

හිටපු ජනපති සාධාරන මැතිවරණය තබපු නිසා තමයි අද මෙහෙම තත්ත්වය වෙනස්වුණේ (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Monday, 26 January 2015 10:16 AM

"හිටියොත් හොඳට හැදී. දෙවියොත් නමට වදී" ඔබතුමාගේ විතරක් .(හේ)

:       0       0

සම්පත් Wednesday, 21 January 2015 04:01 AM

ඔබ නිහතමානිත්වයේ ප්‍රතිමූර්තියකි (නි)

:       0       0

අහිංසා Sunday, 25 January 2015 04:31 PM

මේ අහිංසක යුවතිය හැම පිලිතුරකදීම හිටපු ජනාධිපති තුමාට අවලාද නගනවා.(නදී)

:       0       0

අසෝකා Thursday, 22 January 2015 08:52 AM

මම සුභ පතමි දිගුකල් ගමනක් යන්න එනමුදු නරක ඇසුරෙන් වෙයි බැටකන්න. මිනිසා සතා හොදහැටි හදුනා ගන්න නැතිනම් ඔබටමයි වෙන්නේ බැට කන්න (දිල්)

:       0       0

සුධර්මා Thursday, 22 January 2015 01:24 PM

වාසනාවන්ත දිරිය දියණියනි, මේ සිදුවී තිබෙන්නේ හොඳ සහ නරක අතර වෙනසයි. "හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වඳී" වාසනා වේවා. දිගුකල් දිනේවා. (නදී)

:       0       0

පෙරේරා Thursday, 22 January 2015 01:56 AM

දෙවියෝ රටේ ජනතාවගේ මුහුණ බැලුවා. (නි)

:       0       0

දිනලි Thursday, 22 January 2015 02:29 AM

ඇත්තටම ආඩම්බරයි අපේ රට ගැන. පුදුම සතුටක් ඇතිවුණේ ඔබේ පියා ජනාධිපති වුණ වෙලාවේ. ජයම වේවා! (නි)

:       0       0

කුමාරි Tuesday, 27 January 2015 06:28 AM

මිනිසුන් අතර මිනිසෙක් ලෙස ජීවත්වන පුුද්ගලයෙක් (නි)

:       0       0

හේමන්ත Monday, 26 January 2015 12:50 AM

මේ කාලේ මේ ගයේ මේ වගේ මනුස්සයෙක් දේශපාලනේ ඉන්නවා කියල හිතාගන්න බැහැ. නමුත් මෙතුමා ජන හඬ හද ගැස්ම දන්නා පවුලක නිහතමානී මනුස්සයෙක්. මීට පෙර හිටපු ජනාධිපතිලට වඩා 100 ට 100 ක් වෙනස්. එතුමාට දෙවි පිහිටයි. ජනතාවත් එතුමා සමග ඉදියි. (නදී)

:       0       0

සංජය Tuesday, 20 January 2015 10:55 AM

මේ අව්‍යාජ මිනිසා ගැන හරිම ආඩම්බරයක් හිතෙනවා .. (හේ)

:       0       0

චන්ද්‍රානි Wednesday, 21 January 2015 02:36 PM

ඔබගේ ඉදිරි දිවිය සාර්ථක වේවා! (නි)

:       0       0

අරුණ Saturday, 24 January 2015 08:39 AM

ත්‍රිවිද රත්නයේ පිහිටි පතමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4552 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 581 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1168 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site