බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් තේරී පත් වූ හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පසුගිය සතියේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූවාය. ඇය හිටපු ඇමැති භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ දියණියයි.

විපක්ෂයට එන්නට හේතුවූ කාරණා ගැන ඇය දීර්ඝ විස්තරයක් කළාය.
‘මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා විදිහට නම් කළදා ඉඳන් බොහෝ දෙනෙකු ඇහුවා උදව් කරනවද කියලා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එනවා කියලා දැනගත්තම නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් දේ කියද්දී මං කිව්වේ ඔහු හොඳ පුද්ගලයකු කියලයි. එදත් කිව්වා. අදත් කියනවා. එතුමා හොඳ කෙනෙක් කියන එක වෙනස් වෙන්නේ නෑ.
මා මේ කියන්නේ සම්පූර්ණ සත්‍ය කතාව. එතුමාගේ නම යෝජනා වුණා කියා දැනගත්දා මං රාජිත සේනාරත්න මහත්තයට කතා කර ඇහුවා මං කවදද එන්න ඕනෑ කියා. මං ඇහුවේ එච්චරයි. ඔහු කිව්වේ හරියි කියා හිතෙන දවසක එන්න කියලා. මං දීර්ඝව මේ ගැන කල්පනා කළා. විවිධ පුද්ගලයෝ නොයෙකුත් දේවල් කිව්වා. මට ආදරය කරන සමහරු කිව්වා මෙතන ඉඳන් සටන් කරමු කියලා. සමහරු කිව්වා මේ වෙලවේ යන්න ඕනෑ කියලා.
සමහරුන් යන්න කියද්දි තව පිරිසක් කිව්වා යන්න එපා කියා. මා මෙතනට ආවේ කිසිම වාසියකට නොවෙයි. දීර්ඝව කල්පනා කරලයි මේ තීරණය ගත්තේ.
මගේ පියා මේ පක්ෂෙට බොහෝ වැඩ කළා. ඔහුට හිමිවිය යුතු නැති මහා කුරිරු විදිහේ්, තිරිසන් විදිහේ ඝාතනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අඩුම තරමේ තිරිසනෙකුටවත් එහෙම වෙඩි තියලා පාරේ දාලා යන්නේ නෑ. ඒ වුණාට මගේ තාත්තාට ඒකවුණා.
මං ඒ කාලෙම අපේ අම්මට කිව්වා අපි මේවා ඔක්කොම අත ඇරලා දාලා කොහේ හරි රටකට යමු. නැත්නම් අපි සටන් කරමු කිව්වා. ඊළඟට තිබුණේ මගේ ජීවිතේ. දවසක් මං රෝසි සේනානායක මහත්මියත් එක්ක කතා කළා. රෝසි සේනානායක මැතිනිය කිව්වා ‘දුවේ ඉන්න තැන ඉඳන් සටන් කරන්න’ කියලා. ඒක තමයි ඔයාගේ තාත්තා හදපු පදනම. එතැන ඉඳන් සටන් කරන්න කිව්වා.
මගේ පියා වෙනුවෙන් විපක්ෂයේ පිරිස් කතා කළත් ආණ්ඩුවෙන් කතා කළේ සුළු පිරිසයි. ඒ අතලොස්සක් පිරිස අතර මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාත් රාජිත සේනාරත්න මැතිතුමාත් හිටියා. ඔවුන් නොබියව කතා කළා. එහෙම කතා කරද්දී මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයට සමහරුන් කතා කරලා බැනලා තිබුණා. ඒත් පහුවදාත් ඔහු මට කතා කර කිව්වා දුවේ මට එන්න කියලා බැන්නා, ඒත් දුවත් එක්ක ඕනෑ දේකට මම ඉන්නවා කියා කිව්වා.
විපක්ෂයේ කිසිම කෙනෙක් අද වෙනකම් ‘එන්න අපේ පැත්තට, අපි අරයට බනිමු’ කියා කියලා නෑ. මේ තීරණේ මම තනියෙන් ගත්ත තීරණයක්. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙ ගැන හැරිලා බලද්දි අද එහි ඉන්නේ පරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කළ අය ද කියා දෙපාරක් හිතන්න වෙනවා.
මගේ තාත්තා අවුරුදු 30ක් දේශපාලනය කළා. කොළොන්නාවේ ආසනයේ නිල් කොඩියක් දාන්න ගොඩක් මහන්සි වුණු කෙනෙක්.
ජනාධිපතිවරයා ළඟ හිටපු උපදේශකයෙකු ඔය විදිහට පාරේ තිරිසනෙක් වගේ මරා දමා ඔහුට සිද්ධ වෙන්නෙත් අවනීතිය නම් සාමාන්‍ය ජනතාව ගැන අපට කතා කරන්න දෙයක් නෑ. මම එදා ඉඳන් අද වෙනකම් කෑ ගැහුවා. අවුරුදු තුනක් වෙනවා මගේ තාත්තාගේ ඝාතනයට අද වෙනකම් හරි දඬුවමක් ලැබුණේ නෑ.
ජනාධිපතිතුමාත් සහභාගීවෙන ගෙවල් බෙදා දීමේ උත්සවයක් ළඟදි තිබුණා. අපවත් පරීක්ෂා කරලයි එතනට ගත්තේ. නමුත් මගේ පියා මරා දැමීමට සම්බන්ධ පුද්ගලයකු තවත් හතළිහක් විතර එක්ක මටත් රවාගෙන එතනට ආවා. මං ඒවෙලාවෙ පොලිස් නිලධාරියකුට කතා කරලා ඇහුවාම කිව්වා ඔහුට එහෙම එන්න බෑ කියලා. දැන් මෙතනට ඔහු ආවේ කොහොමද ඇහුවාම රැුස්වීමක ඉන්නේ කියා දුරකතනය විසන්ධි කළා. මේක තමයි අද රටේ තත්ත්වය.
මේ පක්ෂයේ තව බොහෝ දෙනකු ඉන්නවා කලකිරුණු. පක්ෂයේ ප‍්‍රබල චරිතයකට කියා තිබුණා ඔයා ගියාට කමක් නෑ, ඔයාට ඡුන්ද පදනමක් නැහැ කියලා. පක්ෂෙන් යන අය තියා ගන්න කිසිම වැඩ පිළිවෙළක් නෑ.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිනවන්න හෙට ඉඳන් උපරිම ආකාරයට වැඩ කටයුතු කරනවා.
මගෙන් බොහෝ දෙනකු ඇහුවා විපක්ෂයට යනවද කියලා. මාධ්‍ය සගයනුත් ඇහුවා. මං ඒ හැමෝටම කිව්වේ යන්නේ නෑ කියලයි. මට එහෙම කියන්න වුණේ ආරක්ෂක හේතුන් නිසයි. මේ තීරණය ගත්තම මං ඊළඟට ගියේ හිටපු ජනාධිපතිනිය හමුවෙන්න. ඇය කිව්වෙත් ඔයා ගැහැණු ළමයෙක්. ඔයාගේ ආරක්ෂාව ගැනත් හිතලා හොඳ තීරණයක් ගන්න කියලයි.
මං යන ආරංචියට ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ආවා මා හමුවෙන්න. ඔහු කිව්වේ ඔයා ඉතින් ගියොත් වෙන්නේ තාත්තාගේ මිනීමරුවා කොහොමත් එළියට යන එකනේ කියලා. ඒකෙන් නොකියා කියන්නේ මොකක්ද?
මෙච්චර පක්ෂෙ වෙනුවෙන් වැඩ කළ මගේ තාත්තා හෙට ඉඳන් ලෝකේ නරකම පුද්ගලයා බවට පත්වෙයි. හෙට ඉඳන් මම ලෝකේ ඉන්න නරකම කාන්තාව බවට පත්වෙයි. ඒ මොනවා වුණත් මට කියන්න තියෙන්නේ මඩින් නොවෙයි ගොඩින් ආවොත් හරි ඡුන්දයක් කරන්න පුළුවන්. මඩ ගහලා කරන දේශපාලනය හරි අප‍්‍රසන්නයි. කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහකට මෙතනට ආවා නොවෙයි. පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මම දිවි හිමියෙන් කැපවෙනවා කියන පොරොන්දුව ලබා දෙනවා.
මං ශ‍්‍රීලනිපයේ ඉඳගෙනමයි මේ සටන කරන්නේ. හිටපු ජනපතිනිය, මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අපි සියලූදෙනා ශ‍්‍රීලනිපයේ ඉඳගෙනයි මේ සටන කරන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් මෙයාලා ළඟට ගියේ සාධාරණය හොයන්නද? (නි)
අපි ඔබ සමගින් ඉන්නවා .....ඇත්ත කතා කරන්න දිනන්න පුළුවන් (බ)
චේතනාව හොඳ නම් කවුරුවත් අද කාලේ දේශපාලනය කරනවද? (නි)
පලි ගැනීමද චේතනය (නදී)
අපිට ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. එකක් පොදුවේ රටට තියෙන ප්‍රශ්න අනෙක පුද්ගලික ප්‍රශ්න. දේශපාලනේදී මේ දෙක පටලවා ගන්න හොද නැහැ. බණ්ඩාරනායක මැතිතුමා වෙඩි වැදිලත් කිව්වේ ඒ මනුස්සයට මොකුත් කරන්න එපා කියලා (නදී)
ඔයාට දේශපාලනය ගැළපෙන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මෙම කතාවෙන් වැටහෙන්නේ හිරුනිකා රජයෙන් ගියේ කිසිම දේශපාලන ප්‍රතිපතියක් නිසා නොව , තාත්තට සිදුවූ දෙයින් පලි ගන්නට බවය , මෙසේ ප්‍රකාශ කිරීම වැරදිය ,(හේ)
ඔබට සුබ පැතුම්! (නි)
මේ ඔක්කොම එකයි ,එනකොට එන්නේ සාන්තුවරු වගේ .බලයට ආවට පස්සේ තමා බලාගන්න පුළුවන් කට්ටියගේ හැටි .හැමදාම අපේ රටේ මිනිස්සු රැවටෙනවා .(හේ)
අනේ ඇත්තමයි, වෙලාවකට හිතෙනවා අපි තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා (නි)
තාත්ත ජීවත් වෙලා ඉන්න කොට කෙනෙහිලිකම් කරපු අය ලගටද මැරුන තාත්තට සාදාරණය හොයන්න ගියේ ? (නදී)
එඩිතර තීරණයක්. (නි)
හැමදාම මිනිස්සු රවටන්න බැහැ.ඡන්ද හැමදාම ලැබෙන්නේ නැහැ. (නි)
කිසි ගැටළුවක් නැහැ .මෙතුමිය ඉදිරි කාලයේදී ආයෙත් ඒවි .යසට මල්මාලා දාලා ආපහු පිළිගනීවි මේක අපේ රටේ දේසපාලනේ. (අ)
මහත්වරුනේ රටේ නිතිය හරියට ක්‍රියාත්මක වුනානම් මෙතුමියට පුද්ගලික ප්‍රශ්න මුල් කරගන්න පක්ෂය මාරුකරන්න ඕනේ වෙන්නේ නැහැ නේද?(හේ)
මෙහෙම ගිය එක හොදා නැතිනම් අනාගතේ මිට වඩා කරදර වලට මුනපාන්න වෙනවා මේ අයගෙන් (අ)
තාත්ත ජීවත් වෙලා ඉන්නකොට කෙනිහිලි කම් කරපු අය දැන් තාත්තගේ මීනි මරුවොන්ට දඩුවම් දේවිද අනේමන්දා. (අ)
ඕක තමයි ප්‍රශ්නේ කවුරු කවුරුත් පක්ෂේ මාරු කරන්නේ පුද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන. රට ගැන හිතලා නොවෙයි. මේ තවත් උදාහරණයක්. (අ)
ඕවා ඔහොම තමයි නංගෝ... (නි)