මීගමුව විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයක රුපියල් කෝටි දෙකකට ආසන්න දෙස් විදෙස් මුදල් කොල්ලය දෙසතියකට පෙර සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියක් විය. එහි පොලිස් විමර්ශන අවසන් වූයේ ආන්දෝලනය දෙගුණ තෙගුණ කරමිනි. ඒ කොල්ලයේ ප‍්‍රධාන සැකකරු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන පළාත් සභා අපේක්ෂකයකු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය.
|
දිනය පෙබරවාරි 17 වැනි දාය. වෙලාව පස්වරු 2.00ට පමණ ඇත. මීගමුව කෙලින් වීදියේ බොහෝ පිරිසක් ගැවසෙන ස්ථානයක පිහිටි විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකි. රන් බඩු අලෙවිහලක් ද එහි විය. 15 දෙනක් පමණ මධ්‍යස්ථානයේ ඇඳී සිටියහ. ඇතුළු වන ස්ථානය ආසන්නයේ මුර කරු රැඳී සිටි අතර හෙල්මට් පැළඳ සිටි දෙදෙනෙක් එහි ඇතුළු වූහ. එක් පුද්ගලයෙක් ආරක්ෂකයා මෙල්ල කරද්දී අනෙක් පුද්ගලයා එහි හිමිකරු දෙසට ගිනි අවිය එල්ලකරගෙන සිටියේය.
මුර කරු මෙල්ල කළ පුද්ගලයා පැමිණ මේසයට උඩින් පැන හිමිකරු සිටින තැනට ගොස් මුදල් එකතු කරන්නට විය.
දෙකෝටියකට ආසන්න දෙස් විදෙස් මුදල් මල්ලකට දමා ගත්තේය. එතැන සිටි පුද්ගලයකුගේ රන් දම්වැලක් ද කඩා ගත්තේය. මේ සියල්ල කරන්නට ඔවුන්ට ගත වුයේ විනාඩි එකයි තත්පර 80කි.
නැවත ප‍්‍රධාන දොර ඇරගෙන එළියට ගිය කොල්ලකරුවෝ ඊට දුරක් ඈතින් නවතා තිබූ යතුරු පැදියක නැඟ පලා යන්නට වූහ.
ඒ දුටු නිර්භීත පොලිස් නිලධාරියෙක් ඔවුන් හඹා යන්නට විය. කිඹුලාපිටිය ප‍්‍රදේශයේ දී කොල්ලකරුවන් පොලිස් නිලධාරියා දෙසට වෙඩි තැබුවත් එය වැදුනේ නැත. පොලිස් නිලධාරියා සතුව ඒ අවස්ථාවේ ගිනි අවියක් නොතිබූයෙන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට නොහැකි විය. අතර මඟ නැවතීමට ඔහුට සිදුවිය.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ විය. කොල්ලයේ මුල සිට අගට සීසීටීවී කැමරාවල සටහන් වුවද කොල්ලකරුවන් හෙල්මට් පැළැඳ සිටි නිසා ඔවුන් හඳුනාගත නොහැකි විය.
![]() |
සැකකාර දේශපාලකයා |
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ ඇතුළට ආ කොල්ලකරුවන් දෙදෙනාගේ සහායට තවත් දෙදෙනකු පැමිණ ඇති බවයි. ඔවුන් පළා ගිය යතුරුපැදි දෙකම අතරමග දමා ගොස් තිබිය දී හමු විය. එම යතුරු පැදි ඊට පෙර සොරා ගත් ඒවා විය. ඒ අසල දමා ගිය හෙල්මට් දෙක ගැන පොලිසියේ අවධානය යොමු විය. ඒවා මිල දී ගත්තේ කොහෙන්දැයි පොලිසිය සොයන්නට විය. ඔවුනට මීගමුවේ කඩයක් හමුවිය. සිද්ධිය වූ දිනයේ එම හෙල්මට් දෙක අලෙවි කළ ඒවා බව හෙල්මට් කඩයක සේවකයෝ හඳුනා ගත්හ. එහි සීසීටීවී පිරික්සීමට පොලිසිය තීරණය කළේය.
ඒවා බලද්දී පෙනී ගියේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදියකින් ආ පුද්ගලයෙක් හෙල්මට් මිලදී ගන්නා බවයි. කඩය තුළට විත් සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් සහ සාමාන්‍ය හෙල්මට් යන වර්ග දෙකෙන් කුමක් මිලදී ගන්නේ දැයි ඔහු දුරකතන ඇමතුමක් ගෙන විමසන අයුරු ද සීසීටීවී කැමරාවේ සටහන්වී තිබිණි. හෙල්මට් දෙකක් මිලදී ගත් ඔහු එතැනින් පිටව ගියේය.
එම දර්ශන කිහිප වරක් බලද්දී ඔහු ඇඳ සිටි ඇඳුම් දෙස පොලිසියේ අවධානය යොමු විය. එම කමිසයේ පෞද්ගලික ඇඟලූම් කම්හලක නමක් සටහන් විය. වීඩියෝ දර්ශන ද රැගෙන එම ආයතනයට ගිය පොලිසිය එහි බලධාරියකුට වීඞීයෝ දර්ශන පෙන්වීය. උත්සවයක් අවස්ථාවක එවැනි කමිස පිරිසකට බෙදා දුන් බවත්, වීඩියෝවේ සිටින පුද්ගලයා එහි සේවකයකු බවත් කියැවිනි.
ඒ අනුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ මීගමුවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් ප‍්‍රනාන්දු මහතාගේ රියදුරෙකි. මේ දෙදෙනාගෙන්ම ලැබුණු තොරතුරු අනුව රෝයිස් ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත්තේය. ඒ රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න මුදලක් ද සමගිනි.පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු උප පොලිස් පරීක්ෂකයකු වන රෝයිස් ප‍්‍රනාන්දු මේ කොල්ලයේ සැලසුම්කරු බව පොලිසිය කියයි. කොල්ලය සඳහා සෙසු සැකකරුවන් දෙදෙනා පොළඹවා ඇත්තේ ඔහු බවත්, ඡන්ද වැඩට මුදල් නැති නිසා මෙය කරන්නට ඇති බවත් පොලිසිය කීවේය.
අත්අඩංගුවට ගත් රෝයිස් ප‍්‍රනාන්දු මහතා පැය 72ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කළ පොලිසිය විමර්ශන ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය.
මැතිවරණයෙන් ජය ගෙන පළාත් සභාවට යන්නට සිටි ප‍්‍රනාන්දු මහතාට අවසානයේ යන්නට සිදු වූයේ පොලිස් කූඩුවටය.
විමර්ශන කටයුතු සම්බන්ධව අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අවසානයට පැවසුවේ හෙල්මට් දමාගෙන ආවත්, හෙල්මට් නැතිව ආවත් පොලිසිය විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රජය මේ සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට ද මෙමගින් චෝදනා එල්ල කර තිබිණ. පෙබරවාරි 25 වැනිදා එජාපය නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් විය.
දැන් අපට පෙනී යන කාරණය වන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ සිද්ධිය මගින් රජයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට දේශපාලන වාසි ලබාදීමට උත්සාහ දරන බවකි. මෙය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තනතුර පාලක පක්ෂයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඉතාම නිර්ලජ්ජිත ලෙස පාවිච්චි කෙරුණු අවස්ථාවකි.
රෝයිස් ප‍්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය හරිහැටි ආරම්භ වන්නටත් මත්තෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සලකා බලන විට අපට පෙනී යන්නේ සාධාරණ සහ අපක්ෂපාතී අන්දමට මේ පරීක්ෂණය වේද යන කරුණ සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවය.
![]() |
![]() |
බැංකු කොල්ලය |
සාධාරණ පරීක්ෂණයක් නොකර මේ හරහා දේශපාලන වාසි ගැනීමට රජය ගන්නා උත්සාහය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ඉහත කී ප‍්‍රකාශයෙන් පැහැදිලි වෙයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ මෙම දේශපාලන මුහුණුවරක් ගත් ප‍්‍රකාශය මුළු මහත් පොලිස් සේවයටම කැළලක් වන අතර එය රාජ්‍ය සේවයේ සියලූ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් ද වේ.
රාජ්‍ය නිලධාරියකු වශයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කිසිදු පක්ෂයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටිය යුතු අතර වර්තමාන තත්්ත්වය සලකා බලන විට පෙනී යන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා යනු හුදෙක් දේශපාලන හොරණෑවක් පමණක් බවය.” එජාප නිවේදනයේ සඳහන් විය.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මීගමුව කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවන් ඇල්ලූ හැටි
චන්දි Wednesday, 12 March 2014 09:17 PM
විනාඩි 1යි තප්පර 80යි.., පුදුමයි නේද.......?(දී)
සම්පත් තුෂාර Tuesday, 11 March 2014 06:06 PM
හෙල්මට් වල වෙනසක් නැහැ.. (නදී) පින්තුර වල වර්ණ සමබරතාවය වෙනස් නිසා පේන හැටි.. (දී)
හේන්ත Friday, 07 March 2014 01:59 PM
මේවා අමුතු හෙල්මට් ජාතියක් කඩෙන් ගද්දි එක පාටකුත් දා ගෙන යද්දී තව පාටකුත් ලෙස පාට වෙනස්වෙන හෙල්මට් , චීන නිපැයුමක්. (නදී)
නුවන් Thursday, 06 March 2014 04:46 PM
කඩෙන් ගත්ත හෙල්මට් නෙමේ නේද කොල්ලයට ආපු අය දාගෙන හිටියේ. (නදී)
රසික Wednesday, 12 March 2014 02:28 PM
රූපවාහිනියේ පෙන්නපු දර්ශන වලනම් මිලදීගත් සහ මංකොල්ලය සඳහා යොදාගත් හෙල්මට් අතර වෙනසක් තිබුන. අධිකරනේයේදී ඒ බව නියමාකාරයෙන් හෙළි වේවි. (විනාඩි 1යි තත්පර 80යි ???) ඒ කියන්නේ විනාඩි 2යි තත්පර 20යි නෙවේද???? (දී)
ක්‍රිස්ටි ප්‍රනාන්දු Wednesday, 12 March 2014 03:10 PM
අපේ පොලීසියට සුභ පැතුම් (දිල්)
සිරි Tuesday, 11 March 2014 01:00 PM
කිතුල් ගහේ ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලු . (අ)
ප්‍රනිත් Wednesday, 12 March 2014 06:24 AM
හෙල්මට් වෙනස් කියන්නෙ කව්ද?හෙල්මට් විකුණපු වෙළෙන්දෝ මේ තමන් විකුණපු හෙල්මට් කියා කියනවනම් තව මොන කතාද ? (ස)
සමීර Monday, 10 March 2014 05:51 PM
හෙල්මට් වෙනස් නේද (දී)
මික් Wednesday, 12 March 2014 06:12 PM
රන්ජිත් ලංස දන්නවා හරියටම උන දෙය (දී)
විදුරංග Tuesday, 11 March 2014 03:00 PM
ඉගෙන ගත්ත හෝ නොගත්ත තරුණයන්ට රැකියා නැතිව කුසගින්න දැනෙද්දී මින් ඉදිරියට ඔයිට වඩා දේවල් වෙන්න පුළුවන්.(නදී)
සුගත් Friday, 07 March 2014 09:12 PM
මේ සියල්ල කරන්නට ඔවුන්ට ගත වුයේ විනාඩි එකයි තත්පර 80කි. (නදී)