IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මොඞ් කෙල්ලන්ට රීලෝඞ් දාලා බූට් කන කොල්ලෝ

29-Rasa-P3-BB  

රිෂාන් නමින් හඳුන්වන එම තරුණයා මෙලෙස රූපයවත් නොදැකපු කෙනකුට මුදල් ගෙවීමක් කළේ කුමන හේතුවක් නිසා දැයි අපට සිතාගත හැක. විරුද්ධ ලිංගිකයන්ට දැඩි ආකර්ෂණයක් පවතින සමාජයක අඩ නිරුවතින් සැරසුනු කෙල්ලන් පාර තොටේ බහුලව ගැවසෙන අවදියක පාසල් සිසුවකුගේ පවා වයසට කලින් යම් යම් ආශාවන් උද්දීපනය වන බව නොරහසකි. තමාටත් පෙම්වතියක සිටියහොත් තම මිතුරන් අතරේ ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇතැයි සිතන අය ද මේ අතර සිටී.

 

එක දෙක මොණර කාසි පර්ස් එකට    එන්නේ
දැන් ෆුල් ආතල් එකේ මා                  ඉන්නේ
වැරදුණ යම් තැනක දැන් මට             දැනෙන්නේ
කෙල්ලට දන් දීලා රිම් එකෙන්          උන්නේ


මෙම ගීතයේ මතුපිට අර්ථය මුළුමනින්ම පාහේ අද මාතෘකාව හා ගැලපෙන අතර එය වර්තමාන සමාජයේ කොල්ලන්ට අත්විඳින්නට වන සිදුවීමක් බව කාටත් නොරහසකි. ඒ මන්දයත් ශීඝ‍්‍ර තාක්ෂණික දියුණුවත් සමග ලංකාවේ වංචනික කාර්යයන්වල නියැළී සිටින බාල, මහලූ, තරුණ තරුණියන් මෙය උපයෝගී කරගෙන මිනිසුන් මුලාවේ දමන සිද්ධි අද සුලභ දසුනක් වන හෙයිනි. මෙතෙක් අප කතිකා කළ මාතෘකා බොහෝමයක මූලික වූයේ කාන්තා පාර්ශ්වය වූ බැවින් අද ගවේෂණය කිරීමට අප තෝරා ගත්තේ පිරිමි පාර්ශ්වයයි. ෆේස්බුක්, ස්කයිප් සහ ඇන්ඞ්රොයිඞ් මෙවලම්වලට දෝත් මුදුන් දී නමස්කාර කරන කොල්ලන්ව කෙල්ලන් විසින් රවටන යුගයක් අද නිර්මාණයවී ඇත.

fff
පඳුරකට ගැසූ විට සිය ගණනක් පමණ ”-බූට්” කාපු කොල්ලන් සොයා ගත හැකි අතර අප එම සම්ප‍්‍රදායික ක‍්‍රමවලින් බැහැරව වෙනත් නවීන ක‍්‍රම අනුගමනය කළේ කොල්ලන් විසින් පරිගණක තාක්ෂණය හා ආශ‍්‍රිත සංවර්ධනය හිස් මුදුනේ තබාගෙන ඇති හෙයිනි. මෙහිදී අප -”බූට්” කෑ කොල්ලන්ගේ සිද්ධීන් සහ අප විසින් -බූට්” කවා අකරතැබ්බ වූ කොල්ලන්ගේ යථාර්ථවාදී අරමුණු හා හේතු සොයාගන්නා ලදී. ඒ සඳහා අප මුහුණු පොත සහ ජංගම දුරකථනය පමණක් පාවිච්චි කළ අතර කිසිදු කාන්තා රුවක් හෝ කටහඬක් භාවිතා නොකළෙමු.


මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ජීවත් වන සුමල්ක යනු 2015 වසරේ උසස් පෙළ කිරීමට නියමිත කොළඹ 7 පිහිටි ප‍්‍රසිද්ධ පාසලක සිසුවෙකි. වසර 5 කට අධික කාලයක් මුළුල්ලේ ඔහු මුහුණු පොතේ (Facebook) යාවජීව සාමාජිකයකුවී සිටියි. ස්වයං ඡුායාරූප (Selfies) මුහුණු පොතට එකතු කිරීම සහ දෛනික කාර්යයන්හි යාවත්කාලීන (Daily Updates Posts) කිරීම් කිරීමට දැඩි ඇල්මක් ඇති තරුණයෙකි. මොහුගේ මුහුණු පොතේ ඡුායාරූප අතර මොහු උඩුකය නිරුවත්ව නිදා සිටින ඡුායාරූප, එලෙස සිටිය දී දිව එළියට දමාගෙන සිටින හා ඇසක් වසමින් කෙලිලොල් ඉරියව් ඇති ඡුායාරූප සේම කායවර්ධනවල යෙදෙන අයෙකු බව පෙන්වන ශෛලීන්වල ඡුායාරූප රැුසක් තැන්පත් කර තිබේ. එලෙසම ඔහුට කම්මැලි වන බව පැවසීම, භීතිය (Feeling bad) දුක (Sad) සහ නිදිමත බව, පාඩම් කරන බව වගේම පාඩම් කරන විට නින්ද යෑම ආදී කෙටි සටහන් මුහුණු පොතේ සෑම පැයකට වරක්වත් ස්ථාපනය (post) කරන කෙනෙකි.


මෙසේ සිටින ඔහුට මීට මාස 6 කට පමණ පෙර සුරතල් පැන්ඩකුගේ ඡුායාරූපයක් (Profile picture) දමා තිබෙන ලීෂා ෆර්ඩිනෑන්ඩු නමින් ගිණුමක් හිමි කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරන කෙල්ලකුගෙන් මිතුරු ඉල්ලීමක් (Friend Request) ලැබී තිබුණා.


ඉහ වහා ගිය සතුටින් හැරෙන තැපෑලෙන් එය අනුමත (Accept) කළ සුමල්ක කවුරුන්දැයි පුදුම විය. පසුව ලීෂා විසින් -”හායි” කියා කතිකාවක් (Chat) ඇරඹීම සුමල්කගේ සතුට දෙගුණ තෙගුණ කළේය. ලීෂා ඉතා චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව හසුරවමින් සරල ලෙස සුමල්ක හා සංවාදයක් සිදු කළේය. දින සති ගණන් දෙදෙනා යහළුවන් සේ මුහුණු පොත හරහා කථා කළහ. එසේ කාලය ගෙවී යත්ම දිනක් ලීෂා විසින් ඉතා හැඬුම්බර වදන් සමගත් තමාගේ මව හා පියා ව්‍යාපාරික කටයුත්තකට විදෙස් ගතවූ බැවින් තමාට මවට කථා කළ යුතු බවත් ඒ සඳහා තමා සතුව මුදල් නොමැති බවත් පවසන ලදී. කෙල්ලන්ටම ආවේණික වූ මායම්වලින් කිහිපයක් යොදාගෙන ලීෂා විසින් සුමල්කව රවටන ලදී. එම වදන්වලට හිත උණුවූ සුමල්ක වීරයකු සේ අදිටන් කරගෙන ලීෂා ඉල්ලූ රු. 1000 ක පමණ ඇයට රීලෝඞ් කරන ලදී.


රීලෝඞ් කිරීමේ දී ලීෂාගේ දුරකථන අංකය ලැබුණු නිසා සුමල්ක තව තවත් සතුටු විය. ඊට පසු ද ඔවුන් කතිකා (Chat) කළත් ලීෂා දුරකථනය හරහා කථා කළ නොහැකි බැව් පවසන ලදී. නමුත් ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන බවට පවසා සුමල්කගෙ හිතේ විශ්වාසය ඇති කළාය. කාලයත් සමග යාළුකම පේ‍්‍රමයක් යැයි සිතූ සුමල්ක තම පේ‍්‍රමණීය හැඟුම් මුහුණු පොතේ බෙදා ගත්තේය. මෙසේ දින කිහිපයක් තුළ සුමල්ක රු. 2800/= ක මුදලක් ඇයට රීලෝඞ් කළේ මේ සුන්දර කෙල්ල තමාට කැමති බැව් හිතාගෙනය.

d
එහෙත් දිනක් හදිසියේම ලීෂාගේ ගිණුම අක‍්‍රීය කර තිබුණි. ජංගම දුරකථනය ද ක‍්‍රියා විරහිතවී තිබුණි. එහෙත් සුමල්කට අවසන් වරට පණිවුඩයක් කතිකාවට එවා තිබුණි. එය නම් -රීලෝඞ්වලට තැන්කියු මචං. ෆෝන් නම්බරෙන් අපිව හොයාගත්තත් උඹට වැඩක් වෙන්නෙ නැති එකේ ආයෙත් බූරුවෙක් වගේ කෙල්ලොන්ට රැුවටෙන්නෙ නැතුව ඉගෙනගනිං” යනුවෙනි.


එය කියවූ සුමල්කට අහසේ තරු රටා දවල්ට පෙනුණි. තමා මෙතෙක් කල් රැුවටී ඇත්තේ කොල්ලෙකුට බවත් ඒ නිසා මාපියන් විසින් දුන් මාසික පන්ති ගාස්තු පවා නාස්ති කරමින් අමතර පන්ති ද කඩාකප්පල් කරගත් බව තේරුම්ගත් ඔහු එසැණින් තම ගිණුම ද අක‍්‍රිය කර දැමීය.


කෙලිලොල් කොල්ලන් මෙලෙස ඡුායාරූපයක් වත් දැක නොමැති හුදෙක් ගෑනු කථා විලාශයට රැවටුණු අවස්ථා බොහෝමයක් මුහුණු පොතෙන් සොයාගත හැකිය. නමුත් ඔවුන් තම රැුවටීම කරළියට දමන්නේ නැත. ඒ තමාට සිදුවන ලජ්ජාව ඉවසාගත නොහැකි බැවිනි. ඔබ අප අතර මෙවැනි රැුවටීම්වලට අසුවුණු මිතුරන් සිටිය හැක. මෙය විශේෂයෙන් බලපාන්නේ පාසල් යන, මුහුණු පොතට ඇබ්බැහි වූ තරුණයන්ටය. අධ්‍යාපනය පසෙකලා රාගය පසුපස හඹා යන ඔවුන්ට සිදුවන්නේ ”-බූට්” සින්දු අසමින් දවස ගත කිරීමටය. හුදෙක්ම තාක්ෂණය නිසා විවිධාකාරයෙන් රැුවටුණු කොල්ලන් සිටියි. සමහරු මෙලෙස රීලෝඞ් දමමින්ද, මුදල් හුවමාරු කරගනිමින් සහ දුරකථන බිල් ගෙවීම් ආදියට රැුවටෙති. මෙවැනි දේවල් ඇත්තටම කරන කෙල්ලෝ ද මෙරට වෙසෙති. තම ජංගම දුරකථන බිල වැඩිවී විසන්ධි කර ඇති අවස්ථාවක මෙලෙස තාවකාලිකව කොල්ලෙක් රවටාගෙන ඔහු ලවා තම දුරකථන බිල් ගෙවාගත් පසු ඉතා සූක්ෂම ලෙස එම කොල්ලා අතහැර දමන්නේ ඔහු පිට වරද පටවමිනි. එලෙස වරද පටවා ගත් කොල්ලන් ඉතා සංවේදී ලෙස එය තම ජීවිතයට එක්කර ගනියි.

සමහරු සියදිවි නසා ගනිති. සමහරු දුක්බරව හුදෙකලාවේ කාලය ගත කරති.


එම නිසා අප ව්‍යාජ කාන්තා නමකින් මුහුණු පොතේ ගිණුමක් සාදාගෙන සුරතල් සතකුගේ ඡුායාරූපයක් දමා පොෂ් කෙල්ලන් කිහිප දෙනකුව ගිණුමට එක්කරගෙන කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුණයකුව මිතුරු අඩවියට එකතුකර ගත්තේය. ඔහු දින දෙකකට වරක් වත් තම ප‍්‍රධාන ඡුායාරූපය යාවත්කාලීන කරන තමාගේ ඡුායාරූපවලට ලැබෙන යහපත් ප‍්‍රතිචාර (Comments) වලට දැඩි ලොල් බවක් දක්වන කෙනෙකි.
ක‍්‍රමයෙන් අප ඔහු කතිකාවක් අරඹන තැනට පත්කර ගත්තේය. පසුව ඔහුව කථාවකට මුල පිරූ අතර අපි ද ඉතා සුමට ලෙස කතිකාව කරගෙන ගියෙමු.

ඔහුට වඩා අප සැදූ ගිණුම හිමි ඈන් විහංගිකා යන තරුණිය වසරකින් බාල බවත් ප‍්‍රධානම කාන්තා විදුහලක ඉගෙනුම ලබන බවත් පවසන ලදී. එලෙසම සති දෙකක් පමණ ගෙන ගිය කතිකාවේ දී එම තරුණයා අපෙන් දුරකථන අංකය ඉල්ලා සිටියේය. නමුත් දුරකථනය විසන්ධිවී ඇති බවත් තමා යෙහෙළියන් සමග බොහෝ කථා කරමින් පසුගෙවුම් දුරකථන ජාලය සීමාව ඉක්මවා ගිය බැවින් පියා විසින් ඇයට බැණ බිල නොගෙවන ලෙස පැවසූ බවත් කීවේය.

කෙසේ හෝ ඈන් සමග දුරකථනය ඔස්සේ කතා කිරීමට ආසා කළ මේ තරුණයා ඉන් දින කිහිපයකට පසු අප විසින් ලබාදෙන ලද දුරකථන අංකයට රු. 3200/= ක ගෙවීමක් කරන ලදී.


රිෂාන් නමින් හඳුන්වන එම තරුණයා මෙලෙස රූපයවත් නොදැකපු කෙනකුට මුදල් ගෙවීමක් කළේ කුමන හේතුවක් නිසා දැයි අපට සිතාගත හැක. විරුද්ධ ලිංගිකයන්ට දැඩි ආකර්ෂණයක් පවතින සමාජයක අඩ නිරුවතින් සැරසුනු කෙල්ලන් පාර තොටේ බහුලව ගැවසෙන අවදියක පාසල් සිසුවකුගේ පවා වයසට කලින් යම් යම් ආශාවන් උද්දීපනය වන බව නොරහසකි. තමාටත් පෙම්වතියකු සිටියහොත් තම මිතුරන් අතරේ ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇතැයි සිතන අය ද මේ අතර සිටී. අතීතයේ පිරිමින් රැුවටුනේ රූපයට හා කථාවටයි. නමුත් දැන් පිරිමි හා කොල්ලන් රූපයවත් නොදැක කටහඬවත් නොඅසාම කාන්තාවන්ට රැුවටෙති. තාක්ෂණය මැවූ සමාජයක අරුමය මෙය යැයි අපට හැෙඟ්.

SLD_20141130_F003
කෙසේ හෝ අපි රිෂාන්ගේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලාගෙන නැවත එම මුදල ඔහුට ලබාදුන් පසු ඔහු විසින් කරන ලද අනුවණ ක‍්‍රියාව ගැන ඔහුව දැනුවත් කළෙමු. එලෙස සිද්ධියකට ඔහුට මුහුණ පෑමට සිදුවීමට යම් පසුබිම් හේතු කිහිපයක් තිබුණි. මන්ද ඔහුගේ මව සහ පියා රැුකියාවක් කරන අතර එකම සහෝදරයා ද උසස් අධ්‍යාපන කටයුතු හදාරන්නෙකි. පාසල් නිමවී ගෙදර එන ඔහුට සතියේ දින පහේම අමතර පන්ති තිබේ. එම නිසා තමා මුහුණු පොතට ඇබ්බැහිවී සිිටින බවත් පාළුව තනිකම නසාගනු වස් මෙලෙස ක‍්‍රියාවකට යොමුවූ බවත් අපට පැවසීය. මෙහි සැබෑ ලෙසම වරද ඇත්තේ කාගේ අතේදැයි තීරණය කිරීම ඔබට බාර කරමු. මන්ද මුදල් සහ උසස් ජීවන රටාවක් ගත කිරීම පසුපස හැල්මේ දුවන මාපියන්ට බොහෝ විට දරුවන්ගේ මානසික අවශ්‍යතා හඳුනාගත නොහැකිය.


රාත‍්‍රියට පමණක් දකින පියාගෙන් ඉල්ලන විටදී පරිගණකය, දුරකථන, යතුරුපැදි ලැබුණ ද එය තමාට අවශ්‍ය ආදරය නොවන බව කීමට දරුවන්ට නොහැකිය. එසේම මවක් ලෙස තම දරුවන්ට කෑම උයාදීම, රෙදි සේදීම සහ ඉල්ලන මුදල් ලබාදීම නියම ආදරයක් යැයි සිතන අම්මලා ද මීට වගකිව යුතු නොවන්නේද?


තම දරුවා තුරුල් කරගැනීම, ඔහුට බත් කටක් කැවීම සහ ඔහු සමග හොඳම මිතුරිය ලෙස කථා කරමින් සිටීම වැනි දේ කිරීමට අම්මිලාට කාලය නැතුව ඇති. එම නිසා දරුවන් තම මානසික අවශ්‍යතා පැනනගින විට රූපයවත් නොදකින වංචනිකයන්ගේ ආදරණීය හැඟුම්බර කථාවලට (Chat) රැවටීම මහ ලොකු දෙයක් නොවේය.


දෙහිවල සිතුම්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරන අතරතුර කෞමදීව මුණ ගැසෙන්නේ දුම්රියේදීය. ඇයගේ මායම්වලට හසුවූ ඔහු හැමදාම ඇය සිටින දුම්රිය පෙට්ටියට ගොඩවැදී ඇය අසලම යාමට උත්සහ දරයි. මෙම උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස සති කිහිපයක් යන විට කෞමදී ඔහු සමග මිතුරු වූවාය. කෞමදී පුද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියකි. දුම්රිය ස්ථාන 4 ක අතරතුර දෙදෙනාට එකට සිටිය හැකි වුවත් ඔවුන් බොහෝ කුළුපග ලෙස මිතුරු වූවෝ වූහ.


කෙසේ හෝ සිතුම් ඇයගේ හිත දිනාගෙන දුරකථන අංකය ද ඉල්ලා ගත් නමුත් දුරකථනය හරහා කථා කිරීමට හා කෙටි පණිවුඩ හුවමාරු කිරීමට කෞමදී නීතියක් පනවන්නීය. එනම් උදේ 8 සිට සවස 5 වනතුරු පමණක් බවත් කිසිම විටෙක රාත‍්‍රියට අමතන හෝ කෙටි පණිවුඩ නොකරන ලෙසත්, හදිසියේ ඇය විසින් අමතන පණිවුඩ එවනු එපා කියන විට නැවත දන්වන තුරු එලෙස සිටින ලෙසත්ය.


මුල් දින කිහිපයේ දී කෞමදී තම මුදල් වැය කරමින් කෙටි පණිවුඩ යැවූ අතර පසුව ඇගේ මුදල් අගහිඟකම් කී පසු සිතුම් ඇයට රීලෝඞ් කිරීමට පටන් ගත්තේය. මුලදී සිතුම් රු. 50/=, 100/= රීලෝඞ් කළ ද කෞමදීගේ පාච්චල් කිරීම් හමුවේ සිතුම් ඇයට විටෙක 200/= හෝ 500/= ක් බැගින් රීලෝඞ් කළේය. නමුත් කොපමන කළත් කෞමදී ඔහුට ඇමතුම් ගත්තේ නැත. ඇය කෙටි පණිවුඩ යැව්වා පමණකි. නමුත් කෞමදීගේ ගිණුමේ ශේෂය ඉතා ඉක්මනින් ඉවර වන බැව් ඇය නිතරම පවසන ලදී.


කෙසේ හෝ තම දුම්රිය පෙම්වතිය තමා සන්තකයේ තබාගනු වස් සිතුම් ඇයට කිසිවක් පැවසුවේ නැත. මෙසේ කාලය ගෙවී යත්ම මාස දෙක තුනක් පුරාවට සිතුම් රු. 6000/= කට වැඩි මුදලක් ඇයට රීලෝඞ් කර තිබුණි. දුම්රියේ දී හැරුනුවිට වෙනත් කිසිදු ස්ථානයක දී ඔවුන් හමු නොවුනු බැවින් සිතුම් මදක් දුකෙන් සිටියේය. කෙසේ හෝ පූරුවේ වාසනාවකට මෙන් සිතුම්ට අපූරු අදහසක් මතුවිය. එනම් කෞමදී පසුපස ගොස් ඇය ගැන විපරම් කර බැලීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස දිනක් නියමිත ස්ථානයෙන් සිතුම් දුම්රියෙන් බැසගත් බව පවසා අනෙක් පෙට්ටියට නැග ඇය බසින දුම්රිය නැවතුම්පළ තෙක් හොරෙන් ගමන් කළේය.


එහිදී ඇය පවසා තිබුණු රැකියා ස්ථානය ව්‍යාජ එකක් බැව් සොයාගත් ඔහු සවස 5 වනතුරු ඒ අවට සැරිසරමින් කට්ට කාලා ඇය සේවා ස්ථානයෙන් පිටත් වන තුරු සිටියේය. එහිදී ඔහුට දැක ගැනීමට ලැබුණේ සියදිවි නසාගැනීමට තරම් වන දසුනකි. එනම් කෞමදී වෙනත් පිරිමියකු සමග යතුරුපැදියේ නැගී යන ආකාරයයි. ඇය යතුරුපැදියේ ගමන් කළ ආකාරයට ඒ ඇයගේ සහෝදරයකු හෝ යහළුවකු නොවන බව තේරුම් ගැනීමට සිතුම්ට මොලයක් තිබුණු අතර තමා රැුවටුණු තරමක මහත ගැන ඔහු පසුතැවිලි විය.


රූපයට වසීවී තම මාපියන්ගේ මුදල් නාස්ති කරමින් තමා හසුවූ රැුවටීම ගැන ඔහු ඉතා ගැඹුරින් සිතුවේය. ඉන් පසුදිනයේ දී ඔහු දුම්රිය ස්ථානයට ගොස් කෞමදී හමුවුණා. එහිදී සිය ගණනක් බලා සිටිය දී සිතුම් විසින් කෞමදීට කම්මුල් පහරක් ගසා බැණ වැදුණු අතර ඉන් පසු ඔහු බසයේ යෑමට තීරණය කරන ලදී. මෙවැනි කෞමදීලා දුම්රියේ පමණක් නොව බස්රථයේ දී හා මුහුණු පොතේ දී  ඕනෑ තරම් සිටින අතර එම තරුණියන් වෙනත් බොළඳ කොල්ලන් ලවා රීලෝඞ් දමාගෙන හොර රහසේ බොරු පේ‍්‍රමයක් මවාපාමින් තම සැබෑ පෙම්වතා සමග මල් කැඞීමට මුදල් උපයා ගනී.


මෙලෙස අපට තොරතුරු සොයා ගත හැකි තරුණයින් දුසිමක් පමණ හමුවූ අතර සමස්තයක් ලෙස ඔවුන් වැඩි ප‍්‍රමාණයක් රැුවටී ඇත්තේ මුහුණු පොතේ කෙල්ලන් ලෙස පෙනී සිටි කොල්ලන්ටය. මගතොටේ හමුවී මාස කිහිපයක් පේ‍්‍රමයෙන් වෙළී තම ගමන් බිමන් ගාස්තු සහ පන්ති ගාස්තු අයකරගෙන පැදුරටත් නොකියා අතුරුදන් වුණු කෙල්ලන්ට හසුවුණු කිහිපදෙනකු ද විය. එලෙසම ලිංගික සේවයට ලොල් වුණු කොල්ලන් එවැනි විෂයකට බර බව කියපු අක්කලා හට රැුවටුණු අවස්ථා ද අපි සොයා ගත්තෙමු.


තමාගේ පුතා ඇසුරු කරන මිතුරන් පිළිබඳව සහ පරිහරණය කරන ජංගම දුරකථන සේම සමාජ ජාල ගිණුම් පිරික්සා බැලීම මව්පියන්ගේ වගකීමකි. පුතාගේ නිදහසට බාධා කිරීම නුුසුදුසු යැයි සිතා එසේ නොකරන මව්පියන්ට සිදුවන්නේ තම පුතා රැුවටුණු පසු ඔහු කළ කී දේට බැණවැදීම ද නුසුදුසු යැයි සිතීමය. විවිධ විෂමාචාරී සංකල්ප නිර්මාණය කිරීමට උපන් හපන් තරුණ පිරිසක් සිටින ලංකාවේ බොළඳ කෙල්ලන් සේම ශක්තිමත් කොල්ලන් ද අසුවීම ඉතා දුක්බර කරුණකි.


චොකලට් කෑල්ලක් මගේ - සූකිරි බට්ටියාට මගේ
ඔයා නොලැබුණොත් අනේ - පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිව්වට අනේ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිව්වට අනේ - ආයෙත් නෑ කියන්නේ


m



අදහස් (0)

මොඞ් කෙල්ලන්ට රීලෝඞ් දාලා බූට් කන කොල්ලෝ

නන්දන Monday, 08 December 2014 09:07 AM

කෙල්ලෝ වගේ පෙනී සිටින්නේ කොල්ලෝ.(හේ)

:       0       0

සිරිමෙවන් Friday, 05 December 2014 08:38 AM

බලන් යද්දි කෙල්ලෝ විතරක් නෙමෙයි රැවටෙන්නේ කොල්ලොත්රැවටෙනවා .. මෙහෙමත් කාලයක්.(හේ)

:       0       0

තරුෂි Friday, 05 December 2014 08:38 AM

හරිම හොඳ හෙළිදරව් කිරීමක්..(බ)

:       0       0

ඛාන් Wednesday, 03 December 2014 02:06 PM

මම මේ ලිපිය අගය කරනවා (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Wednesday, 03 December 2014 09:24 AM

දැනුවත් කිරීම ගැන ස්තුතිය පුදකරමි. අලුත් අලුත් දේවල් සොයන කාලයක් මේක, කාවහරි රවටන්න (නි)

:       0       0

චාමික Thursday, 04 December 2014 05:32 AM

නොදැන කරන මේ මෝඩ වැඩ මොනවද හොරුන්ට මැරයින්ට ස්ත්‍රී දුෂකයින්ට දැන දැන ඡන්දෙ දීල මිනිස්සු කරගන්න දේවල් වල හැටියට ? (බ)

:       0       0

ශාන්ත Wednesday, 03 December 2014 01:39 AM

නියම කතාව මේක නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 62 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 53 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 23 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 58 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 31 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 550 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site