IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මට නරක යෝජනා එන්නේ ‘ෆේස් බුක්’ එකෙන්

 

 

ඇය නර්තන තාරුකාවක්. ඇය කරළියේ දක්වන නර්තන කුසලතාව පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට තරම් සමත්ය. පසුගියදා නිමාවූ දෙරණ ”සිටි ඔෆ් ඩාන්ස්” අවසන් මහා තරගාවලියේ අනුශූරතාව දිනාගත්තේ ඇයයි. මීට පෙර ”සිරස ඩාන්සින් ස්ටාර්” තරගයේ ශූරතාව හිමිකරගත් දුෂ්‍යන්ත්ගේ

සහායිකාව ලෙස නර්තනයෙන් දස්කම් පෑවේද ඇයයි. ඇය හෂිනි ගෝනගල.

රුවැත්තියක් වන හෂිනිට අද දවසේදී කාගේත් අවධානය යොමුවී තිබේ. ඒ ඇයගේ නර්තන හැකියාව නිසාවෙනි. නමුත් ඇය නර්තනයට අමතරව රංගන ශිල්පිනියක් ලෙසින්ද අප හමුවට ඇවිත් සිටින්නීය. ”උත්තරා, ඩාන්ස් ස්ටාර්” යන චිත‍්‍රපටවල ප‍්‍රධාන භූමිකාව රඟපෑ හෂිනි මේ දිනවල ”මහරජ අජාසන්ත” චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට එක්වී සිටින්නීය. රූගත කිරීම් මධ්‍යයේ වුවද ඇය කතාබහට එක්වීමට තරම් නිහතමානී වූවාය. හෂිනිට ක්‍ෂේත‍්‍රයේ හා ක්‍ෂේත‍්‍රයෙන් පිට එන අමුතු යෝජනා ගැන ඇය පැවසුවේ මේ විදිහටය.

”නර්තන තරගාවලිය අවසන් වූ හින්දා මේ දවස්වල හැමෝම කතාබහ කරනවා. හැමෝම කිව්වෙ එදා මා හොඳට නර්තනය ඉදිරිපත් කළා කියලයි. මට  ඕනෑ වුණේ කිරුළට වඩා මගේ නායකයො සමග හොඳ ”ඇක්ට්” එකක් ඉදිරිපත් කරන්නයි. ඒක සාර්ථක වුණා කියලයි අදත් මට හිතෙන්නේ. හැමෝම මට කිරුළ හිමිවෙයි කියලයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ අය මට හමුවුණාම ඒ ගැන කියලා දුක්වෙනවා. ඒ අතරේ දුරකථන ඇමතුම් දෙනවා.

 

 

 

 

 ඉතින් හෂිනි ඔය අතරේ ඔයත් එක්ක යාළුවෙන්නත් සමහරු කතාකරනවා ඇති නේද?
”ඒ වගේ ඒවා නම් එනවා. සමහරු ආදරය ප‍්‍රකාශ කරනවා. සමහරු යාළුවෙක් විදියට ඉන්න ඉඩ දෙනවාද කියලා අහනවා. ඉතින් මම ඔවුන්ට කියන්නේ හොඳ යාළුවෙක් හැටියට කතා කරන්න කියලයි. මගේ රසිකයෝ ඔවුන් හින්දා මා ඒ අයට බනින්නේ නෑ. මගේ අම්මාත් කියලා තිබෙන්නේ රසිකයන්ට හොඳින් කතා කරන්න කියලයි. ඉතින් මම ඔවුන් සමග සුහදව කතා කරනවා.

 

 


  ආදරය ඉල්ලගෙනම කරදර කළොත් ඔයා ඒ වෙලාවට මොකද කරන්නේ?
ඇත්තටම ඒ වෙලාවට මම ෂේප් එකේ උත්තර දෙන්නේ. මොකද මා බොරු පොරොන්දු දෙන්න කැමැති නෑ. ඒ වෙලාවට මා ඔවුන්ට කියන්නේ අපි යාළුවෝ වගේ ආශ‍්‍රය කරමු කියලයි. මගේ අම්මයි තාත්තයි මට නිදහස දීලා තිබෙන්නේ. නමුත් එයින් මා අයුතු ප‍්‍රයෝජන ගන්නේ නෑ. මා කැමැති යාළුවෝ විදිහට ඒ ආශ‍්‍රය තබාගන්නයි.

 


  වෙන අමුතු යෝජනා ආවේ නැද්ද?
එහෙම නෑ. හැබැයි ඉතින් ත්‍්ජැ ඊදදන එකේ නම් එවැනි යෝජනා තිබෙනවා. මම ත්‍්ජැ ඊදදන එකේ වෙනම ේබ ච්ටැ එකක් හදාගෙන ඉන්නේ. එහිදී මා රසිකයන් එක්ක කතා කරනවා. යාළුවෝ හැටියටයි එහිදිත් මා කතාකරන්නේ. විවාහ යෝජනා, වෙන අමුතු යෝජනා එහිදී කරන අය ඉන්නවා. ඔවුන් සමග සුහදව කතා කරලා ප‍්‍රශ්න විසඳගන්නවා.

 

 


  ක්‍ෂේත‍්‍රයේ අයගෙන් ඔයාට ආදර යෝජනා එහෙම එන්න ඇති නේද?
තවම නම් ආවේ නෑ. ගොඩක් අය මම නර්තනයට දක්ෂ කෙනෙක් කියලා දන්නවා. ඒ වගේම මා බොහොම සුහදව යාළුවෙක් වගේ කතා කරන කෙනෙක් බවත් දන්නවා. එ හින්දා යාළුවෙන්නවත් වෙන බලපෑම් කරන්නවත් ආවේ නෑ.

 

 


  ඇත්තද ඔයාගේ සිහින කුමාරයා රන්ධීර් කපූර් කියන්නේ?
ඔව්. ඔයා කොහොමද දන්නේ. මා කැමැති රන්ධීර් කපූර් වගේ පේ‍්‍රමවන්තයකුටයි. රන්ධීර් තමයි මගේ ෘරු්ප ඉදහ. ඔහු ලංකාවට ඇවිල්ලත් මට බලාගන්න බැරිවුණා. මගේ යාළුවෝ ඔහු ගැන නිතරම දේවල් කියනවා. ඇත්තටම ඒ ගැන නම් මම හරිම දුකෙන් හිටියේ. පුදුම අප්සට් එකකින් තමයි හිටියේ. තවම මට පේ‍්‍රමවන්තයෙක් නෑ. අනෙක ඒ ගැන මම තවම හිතලාවත් නෑ. රන්ධීර් වගේ කෙනෙකුට නම් කැමතියි.

 


  සමහරු කියනවා ඔයා දැන් දුෂ්‍යන්ත් වීරමන් එක්ක තරහාවෙලා කියලා. ඇත්තද ඒ කතාව.
අනේ නෑ. කිසිම තරහක් නෑ. හැමෝම දන්නවා දුෂ්‍යන්ත් සිංදු කියන බව. මා ඔහුගේ ගීතවලට නර්තනය ඉදිරිපත් කළා විතරයි. මට එහිදී වැටහුණා මම හිරවෙලා ඉන්න බවක්. අනෙක නර්තනය මට තව ඉගෙන ගන්න  ඕනෑ. ඉතින් ඔහුට ගීත ගයන්න ඉඩ දීලා මා නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න හිතා ගත්තා. ඒක සමහරු වැරදියට තේරුම් අරන්.

අපි අදටත් තරහා වෙලා නෑ. මගේ නර්තන කටයුතුවලදිත් උපදෙස් ලබාදෙනවා. උදවු කරනවා. අපි දෙන්නා හොඳ යාළුවෝ විදියට ආශ‍්‍රය කරන්නේ. මා නර්තන තරගයට ආවෙත් ඒ පැත්තෙන් ඉදිරියට යන්න  ඕනෑ කියලා හිතාගෙනයි. අම්මයි, තාත්තයි මට එහිදී උදව් කළා. දුෂ්‍යන්ත් එක්ක නටලා අවුරුදු 4 කට පස්සේ තමයි ස්වාධීනව නර්තන ශිල්පිනියක් ලෙස මෙවර මා තරග වැදුනේ. ඒ මාගේ හැකියාව මුවහත් කර ගන්නයි.

 

 


  නර්තයේදී ඔයාගේ ඇඳුම් විලාසිතා ගැනත් සමහරු කතාකරනවා. ඇඟ පසඟ පෙන්වමින් නර්තනය ඉදිරිපත් කිරීමෙන් වැරදියට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?
මගේ යාළුවෝ මා ගැන දන්නවා. මොකද මා ඉගෙන ගත් පරිසරය, සංස්කෘතිය වෙනස්. එහිදී කොට ඇඳුම් ඇන්දාට, ඇඟ පොඞ්ඩක් පෙන්නුවාට ප‍්‍රශ්නයක් නෑ. වැරදියට බලන්නෙත් නෑ. මා ගැන වැරදි චිත‍්‍රයක් හදාගත්තෙත් නෑ.
අද වන විට අපේ කල්චර් එක වෙනස් වෙලා. දැන් කොටට අඳින එක විලාසිතාවක් වෙලා. ඒක ”පැෂන් ටෙ‍්‍රන්ඞ්” එකක්. හැමෝම කියන්නේ මට ඒ ඇඳුම් ඇන්දාම ලස්සනයි කියලයි. ඒ වුණත් අද මා ඇඳුම් ඇඳීමේදී පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. අද බොහෝ විට ඇක්ට් එකේදි විතරයි එවැනි ඇඳුම් අඳින්නේ.

මේ ඇඳුම් හින්දා මා ගැන වැරදියට තේරුම් අරන් නෑ කියලයි හිතන්නේ. මම හරිම හොඳයි කියලයි හැමෝම කියන්නේ. මොකද නරක නාමයකට ගෑවෙන්න විදිහේ වැඩ කටයුතු මා කරලා නෑ. කරන්නෙත් නෑ. මගේ ක්‍ෂේත‍්‍රයේ අලූතින් ඉන්න අයත් හරිම ෆේ‍්‍රන්ඞ්ලි. අකලංක, සාරංග, පුබුදු මගේ හොඳ යාළුවෝ. එහෙම මා ගැන ආදරයටවත් වැරදි විදිහටවත් අමුතු යෝජනාවක් කරලා නෑ. ඒ අපි ෆ්‍රෙන්ඞ්ලි හින්දා.

 

 

 



අදහස් (0)

මට නරක යෝජනා එන්නේ ‘ෆේස් බුක්’ එකෙන්

ඉසුරු Saturday, 14 December 2013 11:23 AM

අක්කේ නොදන්නා වීරයන්ට වඩා දන්නා බුරුවා හොදයි.(නදී)

:       0       0

මහේන්ද්‍ර මහේන්-අමාම් Monday, 23 December 2013 09:52 AM

ඔයාගේ නැටුම් නම් නියමයි! (නදී);

:       0       0

චන්ද්‍රසිරි Monday, 09 December 2013 12:07 AM

රන්බීර් කපූර් හොද නළුවෙක්. මමත් ඔහුගේ රන්ගපම්වලට කැමතියි. (ස)

:       0       0

මොහමඩ් Monday, 09 December 2013 01:14 AM

ඒ හින්දද ඔයා කොට ගවුම් අදින්නේ? (නි)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 10 December 2013 09:22 AM

ග්‍රේෂන්ගේ අදහසට මමත් එකඟයි. දැනුම පිපාසයෙන් පෙලෙන අපේ ළමා පරපුරට හසිනිගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. (ස)

:       0       0

ප්‍රදීප් Monday, 09 December 2013 07:01 PM

ලංකාවෙන් දුරු රටක ඉන්න අපි, ලංකාව ගැන ප්‍රවෘත්තියක් දැනගන්නේ ලංකාදීපෙන්. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 12 December 2013 04:32 PM

ඇයි කෙලින්ම රන්ධීර් කපූර් ගැන මංගල යෝජනාවක් ඔහුට හෝ ඔහුගේ දෙමවුපියන්ට ඉදිරිපත් නොකරන්නේ? යෝජනාවක් කලොත් සමහරවිට ඔවුන් කැමති වෙන්නත් ඉඩ තිබෙනවා. ඉන්දියානු නලු නිලියන් සමඟ සම්බන්ධීකරණය කරන කෙනෙක්ගෙන් හෝ ජැකොලයින් ගෙන් ඒකට උදවු ගන්නත් පුළුවන් වේවි. (ස)

:       0       0

බටුගෙදර Monday, 09 December 2013 07:15 PM

මේ කාන්, ඒ ගමන මේකද කල්පනාව? අනේ අම්මපා! (නි)

:       0       0

චන්දන Friday, 13 December 2013 04:31 PM

මාරයිනේ.(නදී)

:       0       0

හරීන් Wednesday, 11 December 2013 12:27 PM

රන්බීර් වගේ ද මම. (ස)

:       0       0

සහන් Monday, 09 December 2013 07:38 PM

ග්‍රේෂන්ගේ කටේ මසුරන් දාන්න වටිනවා. පුදුම දැනුම් සම්භාරයක් ලැබෙන බුද්ධියේ නිම් වළලු පුළුල් කරන ලිපියක් (නි)

:       0       0

පවන් Monday, 09 December 2013 08:02 PM

ෆේස් බුක් එකෙන් විතරද? (නි)

:       0       0

නරනප්පා Saturday, 14 December 2013 12:27 AM

දැන් , මම අහන්නේ මේ විස්තර ඔයා කියන්නේ ඇයි? (නදී)

:       0       0

කපිල Sunday, 08 December 2013 07:22 PM

මොනවා? රන්දීර් කපූර්? (නි)

:       0       0

කාන් Sunday, 08 December 2013 07:36 PM

අයියෝ නංගී රන්ධීර් කපූර් වගේද මං? අනේ මාව බැඳ ගන්නකො. මම නියම කොල්ලෙක් (නි)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 14 December 2013 03:35 AM

මතක තියාගන්න ඔය හැදුන වැඩුන පරිසරය වෙනස් එකක් වෙන්න පුළුවන්. නමුත් ඔයාව දැන් ලංකාවම දන්නා නිසා අපේ රටේ පරිසරයට සන්ස්කෘතියට ගැලපෙන විදිහට ඉන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 06:08 PM

ලංකාවේ අපි නරකද ? (නදී)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 06:10 PM

අක්කේ , සල්මන් ඛාන් හොදයි නේද? (නදී)

:       0       0

සරා Sunday, 08 December 2013 08:06 PM

බුදු අම්මෝ , මම නම් ආයේ ලංකාවට එන්නේ නැහැ. (නදී)

:       0       0

අබ්දුල් Sunday, 08 December 2013 08:17 PM

මමත් රංදීර් කපුර් වගේමයි.(නදී)

:       0       0

අබ්දුල් Sunday, 08 December 2013 08:18 PM

හෂිනි ඔබ මගේ සිහින දේවතාවියයි.(නදී)

:       0       0

කෙනෙත් Saturday, 14 December 2013 11:04 PM

අනේ අපිට ආදරේ නැද්ද?(දිල්)

:       0       0

නලින් Tuesday, 10 December 2013 07:19 PM

ඉතාමත්ම හරබර ලිපියක්. හොදටම හොදයි.(නදී)

:       0       0

ශමීර Thursday, 12 December 2013 02:44 AM

අද කාලේ රගපාන හැටි දැක්කම වමනේ යනවා (අ)

:       0       0

ග්‍රේෂන් Sunday, 08 December 2013 04:29 PM

ඉතා හරවත් ලිපියක්. පුංචි අපේ ලපටි සිත් වලට මේ වගේ ලිපි වලින් උගත හැකි දේ බොහොමය්. පුදුම දැනුම් සම්බාරයක් තියෙන්නේ.(ස)

:       0       0

කමල් Thursday, 12 December 2013 08:55 PM

ප්‍රවේශ‍මෙන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5177 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 721 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1293 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 202 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1080 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site