මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහ මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනපති බෞද්ධයෝය. එනමුත් ඔවුහූ දෙදෙනාම දේවාල හා කෝවිල්වලට ද යති. ඒ ගැන විවිධ පුද්ගලයන්ගේ විවිධ මත ඇත.
මේ ලිපිය ලියැවෙන්නේ වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ඉන්දියාවේ තිරුපති කෝවිලට ගිය අවස්ථාවේ සිදුවුණැයි කියන සිද්ධියක් ගැන ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සහ එසරමප්කැි් වෙබ් අඩවිය පළ කළ කතාවක් ඇසුරිණි.
ඉන්දියාවේ තිරුමාල් තිරුපති කෝවිලේ දෛනික චාරිත‍්‍ර වාරිත‍්‍ර අතරින් ‘‘සුප‍්‍රභන්තම් සේවා’’ නමින් හැඳින්වෙන දවසේ පළමු පූජාව ඉතා ප‍්‍රමුඛ තැනක් ගනී. කෝවිලේ වැඩ වෙසෙන වෙන්කටේශ්වර දෙවෝත්තමයාණන් යෝගී නින්දෙන් අවදි කිරීම සඳහා සිදු කරන මෙම පූජාව සෑම දිනකම අලූයම පැවැත්වේ. ඒ සඳහා පූජා භූමිය සුද්ද පවිත‍්‍ර කළ යුතු නිසා කෝවිලේ පූජකතුමා සෑම හිමිදිරියකම පූජාව ආරම්භ කිරීමට විනාඩි 45කට පමණ පෙරාතුව තිරුපති කෝවිලට පැමිණෙයි.
මෙම කෝවිලේ දෙවියන්ගේ ශුද්ධ ස්ථානයට ඇතුළු වීමට තිබෙන විශාල රන් දොරටුව විවෘතකළ යුතු වන්නේ විශේෂයෙන් සෑදූ අගුලකට එකවර යතුරු තුනක් ඇතුළු කිරීමෙනි.
පසුගිය බදාදා දිනයකදී එම දොරට ඇතුළු කළ යුතු පළමු යතුර එහි හිර වී කැඞී යාම නිසා විශාල ගැටලූවකට මුහුණදීමට කෝවිල් කාර්ය මණ්ඩලයට සිදුවිය. මෙම අනපේක්ෂිත සිදුවීම සිදු වූයේ ශ‍්‍රී ලංකාවේ අභිනව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ බිරිඳ ජයන්ති පුෂ්ප කුමාරි මහත්මිය එම ස්ථානයට ළඟා වීමට සුළු මොහොතකට පෙරය.
අති විශේෂ පුද්ගලයෙකු එනම් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී දෙවියන් වැඳ පුදා ගැනීමට පැමිණෙන බව දැනුම්දී තිබූ නිසා කෝවිලේ කාර්ය මණ්ඩලය කියතකින් කපා රන් ද්වාරයේ අගුලූ කඩා දොර විවෘත කළ බවත්, ඉන් පසු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ බිරිඳට කිසිදු හිරිහැරයකින් බාධාවකින් තොරව දෙවියන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දුන් බවත් වාර්තා වේ.
පසුව දොරගුුළු නැවත සකස් කර සෙසු බැතිමතුන්ට දෙවියන් වැඳ පුදා ගැනීමට ඉඩ කඩ සැලසූ අතර එදින ඉතිරි පැය කිහිපය සාමකාමීව ගත විය.
මෙය සිදුවී ඇත්තේ් පසුගිය බදාදා දිනයක පාන්දර 2.15ට පමණ තිරුපති කෝවිලේ පූජකයා රන් දොරටුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය. දොරගුළු සිර වූ බව පූජකතුමා කෝවිල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන් පසු කෙසේ හෝ දොරගුළු කඩන ලෙසට අණ ලැබී ඇත.
තිරුමාලා තිරුපති කෝවිලේ නියෝජ්‍ය විධායක නිලධාරී චින්නම්ගරි රාමනා මහතා පවසන්නේ අඟහරුවාදා මධ්‍යම රාත‍්‍රියේ ඒකාන්ත සේවා නමින් හැඳින්වෙන රාත‍්‍රී පූජාව අවසන් වී පූජකයා දොරගුළු දමා රන් දොර වසන විටත් එම දොරේ අගුළු හොඳින් ක‍්‍රියාත්මක වූ බවයි. කෙසේ නමුත් බදාදා උදෑසන එහි අගුළු සිර විය.
දේවස්ථානයේ බලධාරීන් පවසන්නේ කෝවිලේ රන් දොරටුවේ අගුළු නිර්මාණය කර ඇත්තේ ඊටම ආවේණික සුවිශේෂී ආකාරයකට බවත්, වසර 500ක් පමණ පරණ ඉතිහාසය පුරාවටම මෙවැනි සිදුවීමක් මින් පෙර කිසි දිනෙක සිදු නොවූ බවත්ය.
එමෙන්ම චින්නම්ගරි රාමනා මහතා අවධාරණය කරනුයේ කෝවිලේ පාන්දර දෙවියන් අවදි කිරීමේ පූජාව නොපැවැත් වූ බවට පැතිර යන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. නියමිත වේලාවට පූජාව සිදු කරන බවට මෙම සිදුවීම වූ අවස්ථාවේ තමන් ශුද්ධ වූ වෙන්කටේෂ්වර දෙවියන්ගේ නාමයෙන් තමන්ටම පොරොන්දු වූ බවත් ඔහු කියයි.
විද්වතුන් සහ මහ
ජනතාව ප‍්‍රශ්නකර සිටින්නේ වසර 500කට පසුව මෙම රන් ද්වාරයේ එක් අගුලක් පමණක් මෙසේ සිර වූයේ ඇයිද යන්නයි.
මෙම ප‍්‍රශ්නයට කෝවිලේ කාර්ය මණ්ඩලය ඉදිරිපක් කරන නිල පැහැදිලි කිරීම වන්නේ එය ඉතා පැරණි අගුලක් නිසා අගුල අභ්‍යන්තරයේ පුරුක් සහ ලීවර කැඞීයාම නිසා යතුර මෙසේ සිරවී කැඞී ගිය බවය.
අධ්‍යාත්මික සහ මානූෂීය අතින් මෙම සිදුවීම විග‍්‍රහ කරනා ඇතැම් පිරිස් පවසන්නේ තිරුපති තිරුමාල් කෝවිලේ කාර්ය මණ්ඩලය මෙම සිදුවීම සම්බන්ධ වැදගත් කරුණු බොහොමයක් වසන් කරමින් සිටින බවයි.
මෙම සිදුවීමේ සත්‍ය කුමක්දැයි විග‍්‍රහ කිරීමට උත්සාහ කරන තවත් පිරිස් පවසන්නේ ලංකාවේ ජනාධිපතිවරයා පිළිගැනීමට සහ ඔහුට සැලකීමට තිරුපති කෝවිලේ කාර්යය මණ්ඩලයට තිබූ බලවත් උවමනාව සහ කැමැත්ත නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දෙවියන් අසල වැඩි වේලාවක් රැුඳී සිටීමට ඉඩකඩ ලබාදීමේ අරමුණින් වෙනදාට වඩා කළින් රන් දොරටුව විවර කර දෙවියන් අවදි කිරීමට පූජකතුමා උත්සාහ කර ඇති බවයි. එනම් 2.20ට ඇරීමට නියමිත දොර 2.15ට විවර කිරීමට මෙම පූජකතුමා උත්සාහ කර ඇති බවයි.
තිරුපති කෝවිලේ චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ ඒවා සිදු කළ යුතු වේලාවන් නියම වී ඇත්තේ ඍෂිවරුන් විසින් රචිත ඉපැරණි ආගමික ශාස්ත‍්‍ර අනුවය. කිසිවෙකුටත් ඒවා සංශෝධනය කිරීමට අවස්ථාවක් නැත. මෙම නියමයන් නොසලකා හැර තිරුමාල් තිරුපති කෝවිලේ බලධාරීන් දෙවියන්ව නින්දෙන් ඇහැරවීමට උත්සාහ දරමින් කළ වරදට ලැබුණු දඬුවමක් ලෙස මෙම සිදුවීම මතුකර දැක්වීමට පිරිසක් උත්සාහ දරති.
ඔවුන් තරයේ කියා සිටින්නේ මිනිසා නිර්මාණය කළ දෙවියන්ගේ අණ පසෙකලා දෙවියන් අභිභවා එක් මිනිසෙක්ට මුල් තැන දීම බරපතළ වරදක් බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ යහපත් මිනිසුන් ඇතුළට ගන්නේ විශේෂ දොරටුවකින් කියලා මම අහලා තිබෙනවා. සිරිසේන මහතා ඉතාම යහපත් මනුෂ්‍යයෙක් (නි)
අපේ බොදු නායකයන්ට බුදු පියාණන් වහන්සේ ගැන නියම ශ්‍රද්ධාවක් නොමැත. කණගාටු හිතෙනවා. (ස)
මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝමයා... (නි)
මිනිසා අතින් හදපු දෙවි කෙනෙක් කොහොමද මිනිසා පාලනය කරන්නේ ? අනික දෙවියෝ ඉන්නවා කියන කතාව ඇත්ත නම් මේ ලෝකේ මිනිස්සු ඇයි දුක් විදින්නේ ? (ත)
මෙතුමා ජනාධිපති වුණේ ජනතාව නිසයි. දෙවියන්ගේ දොර අඟුළු වැටුණදාට වැඩිය ජනතාවගේ දොරවල් අඟුළු වැටෙන දවසක් ආවොත් තමයි ප්‍රශ්නේ. (නි)
මේක නම් පුදුමාකාර කතාවක් තමයි (නි)
දෙයියොම සාක්කි කියත්වා! (නි)
කට්ටිය හිනාවුනේ මහින්ද මහත්තය ඕව විශ්වාස කරා කියලා. බලනකොට කට්ටියම එකයිනේ. (ර)
කුසල් සිදුකර එම පින් දෙවියන්ට අනුමෝදන් කරමු. මම දන්නා බුද්ධාගම එයයි (නි)
ඒ වුණාට කමක් නැහැ. කොහොමහරි අන්තිමට ඇරගත්තනේ (නි)
නොපෙනෙන බලවේග ගැන කවුරු මොනවා කිවුවත් දෙවියන් ගැන මම නම් විශ්වාස කරනවා (නි)
මොනවා වුණත් කාට කාටත් දෙවියෝ සිහිවෙන වෙලාවක් එනවා (නි)
එහෙනම් එයත් වශී බොලේ ළඟදීම අතට ගන්න පාට පේනවා. (ර)
රෑට අඟුළු දාන්නේ ඇයි දන්නෙ නැහැ. මිනිස්සු තාම මේ වගේ දේවල් විශ්වාස කරනවනේ! (නි)
අපිට දෙවියන්ගේ පිහිට හැරෙන්න වෙන කිසිදු පිහිටක් නොමැතිවෙන අවස්ථාත් තිබෙනවා තමයි (නි)
දෙවියෝ කවදාවත් හොඳ කෙනෙකුගේ මුහුණ නොබලා ඉන්නේ නැහැ. ඒ අයට පිහිට වෙනවා (නි)
අපි පළමුව තෙරුවන් සරණ ගොස්, දෙවනුව දෙවි පිහිට පැතිය යුතුයි! (නි)
සිරිසේන මහත්තයාට කවදාවත් වරදින්නේ නම් නැහැ (නි)
මේ දෙවියන් වෙනත් රටවල ඉන්න මිනිසුනුත් අදහනවා. ඇමෙරිකාවේ ඉන්න ජනයාත් අදහනවා. එතකොට වෙලාව වෙනස්නේ! මේ රටවල් ඒ ඒ වෙලාවෙන් මිනිස්සු කන්නලුව් කරනකොට කොහොමද කියන්නේ දෙවියන් නිදි කියලා? මම නම් ඇහුවාමයි මෙහෙම කතාවක්. (නි)
ඒ මොකද දන්නෙ නැහැ ඇත්තටම එහෙම වුණේ? (නි)
මට හිතෙන්නේ මේක යම් බාධාවක් වගෙයි කියලයි (නි)
මේකෙන් මට නම් පෙනෙන්නෙ මිනිසෙක් යන ගමනක් වළක්වන්න ලොව මොනම ජගතෙකුටවත් බැහැ කියන එකයි. (නි)
මේක නම් මට හරිම වැදගත් වගේම පුදුමය ගෙනදුන් පුවතක් වුණා (නි)