IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මැතිවරණයදා ? හමුදා කුමන්ත‍්‍රණ කතාව මොකක්ද?

ජනවාරි අටවැනි දින රැයේ මේ රටේ දෙනෝදාහක් ජනයා රූපවාහිනිය ඉදිරියේ ඇස්කන් යොමා බලා සිටියේ අලූතෙන් රට බාර ගන්නා ජනාධිපතිවරයා කවුරුන්ද කියා දැක බලා ගැනීමටය. සමහරු මහින්දම ඉල්ලූහ. තවත් සමහරු මෛත‍්‍රී දිනන බව කීහ. අටවැනිදා රාත‍්‍රිය මේ ඡන්ද උණුසුම අල්ලපනල්ලේ ගෙවී යමින් තිබිණි.

 

17_PAGE_10_M
නවවැනි දිනට අරුණළු නැග එද්දී නිකුත් වූ ප‍්‍රතිඵල අනුව බොහෝ දෙනෙකුට ඒත්තු ගොස් තිබුණේ මෛත‍්‍රී ජයග‍්‍රහණය කර තිබෙන බවය. ඒ වනවිටත් අරලියගහ මැදුරේ සුවිශේෂී කටයුත්තක් සිදුවෙමින් තිබිණි. ඒ ජනපති මහින්ද සහ විපක්ෂ නායක රනිල් අතර කෙරුණු තීරණාත්මක සාකච්ඡුාවකි. එළියට ගලා ආ තොරතුරුවලට අනුව ජනපති මහින්ද සිය පරාජය නිසැක බව දැනුණු වහාම රනිල්ට කෝල් එකක් දුන්නේය. තමන්ට රනිල්ව මුණගැසීමට අවශ්‍ය බව මහින්ද කියන විට වේලාව අලූයම හතරට පමණ ඇත.


හෝරාවක් යන්න කලින්ම රනිලූත් මහින්දත් අතර සාකච්ඡුාව ඇරඹුණේ මහින්දගේ ඉල්ලීම පරිදි රනිල් අරලියගහ මැදුරට පැමිණීම නිසාය. තමා ජනතා මතයට ගරු කරමින් අරලියගහ මැදුරෙන් නික්මෙන්නට සූදානම් බවත් නව ජනපති මෛත‍්‍රීට සුබ පතන බවත් මහින්ද කීවේය. ඒත් එක්කම මහින්ද රනිල්ට කීවේ තමාට මෛත‍්‍රීට කතා කිරීමට අවශ්‍ය බවය. එවෙලේම තම ජංගම දුරකතනයෙන් මෛත‍්‍රීට දුරකතන ඇමතුමක් ලබාදුන් රනිල් එහා කොනේ සිටි මෛත‍්‍රීට කීවේ මහින්දට මෛත‍්‍රී සමග කතා කිරීමට අවශ්‍ය බවය. ඒ සැණින්ම රනිල්ගේ ජංගම දුරකතනය මහින්ද අතට ලැබුණු අතර මහින්ද මෛත‍්‍රීට සුබ පැතුම් එක් කළේය. මෛත‍්‍රී තම පරණ නායකයාට කථා කර තිබුණේ ”සර්” කියාය.


ඒ තීරණාත්මක පැය කීපයේ සිදුවූ සිදුවීම් පිළිබඳව එළියට ගලා ආ තොරතුරු අනුව අප කියෙව්වේ එවැනි කතාවකි.


නමුත් දැන් අසන්නට ලැබෙන්නේ වෙනස්ම තාලයේ කතාවකි.


ජනාධිපතිවරණය පවත්වා දින තුනක් ගිය තැන එනම් එකොළොස්වැනි දින මාර්කස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවක් සූදානම් වෙමින් තිබිණි. මේ මාධ්‍ය සාකච්ඡුාවට ඉඳගත්තේ මංගල සමරවීරය. මංගල කල්තියාම ලකලැහැස්ති වී තිබුණේ සුවිශේෂී හෙළිදරව්වක් කිරීමටය. මංගල කථා කරන්නට පටන් ගත්තේය.


”ජනතාවගේ කැමැත්ත බාරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ගෙදර යන්න නොවෙයි හිටපු ජනාධිපතිතුමා මුලින් සැලසුම් කරලා තිබුණේ. අටවෙනිදා රාත‍්‍රියේ තමන්ට පරාජය අත්වෙන බව දැනගත් පසු ඔහු අලූයම එකට පමණ උත්සාහ කළේ හමුදා කුමන්ත‍්‍රණයකින් ඒ දේ වෙනස් කරන්නයි. ඡන්ද ප‍්‍රතිඵල අවලංගු කිරීමේ උත්සාහයක් ගත් බව මම වගකීම් සහගතව ප‍්‍රකාශ කරනවා. හමුදාව කැඳවා ඡුන්ද ගණන් කිරීම නවත්තන්නත් උත්සාහ කළා. හමුදාපතිවරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා කැඳවා ඡන්ද ප‍්‍රතිඵල නිකුත්වීම නවත්වන ක‍්‍රමයක් ගැන කතා කළා.” මේ ටික කියලා කටගත් මංගල මේ ගැන මෛත‍්‍රී රජය යටතේ පරීක්ෂණයක් පවත්වන බවද කීවේය.


මහා ? ජාමේ සිදුවුණැයි කී කුමන්ත‍්‍රණය මංගල විස්තර කළේ ඒ විදියටය.


නවවැනිදා අලූයම අරලියගහ මන්දිරේදී භයානක කුමන්ත‍්‍රණයක් සිදුවෙන්නට ගිය බවට වන මේ කතාව ගිනි ගත්තේය. ජනපති මෛත‍්‍රී පැත්තෙන් මංගලලා, රාජිතලා දිගින් දිගටම මේ ගැන කථා කරන විට පැරදුණු මහින්දගේ පැත්තෙන් ජී.එල්.ලා, ගම්මන්පිලලා සාමකාමීව බලය පැවරීමක් සිදුවුණා හැරෙන්නට කිසිදු කුමන්ත‍්‍රණයක් සිදු නොවූ බව කීහ.

5
මහින්දගේ කුමන්ත‍්‍රණ මේසය වටා යුද හමුදාපති, පොලිස්පති, නීතිපති, ආරක්ෂක ලේකම්, ජනාධිපති ලේකම්, අගවිනිසුරු අසුන්ගත් බවත් මහින්දගේ කුමන්ත‍්‍රණ කතාවට නීතිපතිගෙන්, පොලිස්පතිගෙන් හා යුද හමුදාපතිගෙන් වචනෙක තරම්වත් තල්ලූවක් නොලැබීමෙන් වැඬේ ”හබක්” වූ බවත් මංගලලා කියද්දී ජී.එල්.ලා, ගම්මන්පිලලා කීවේ ජනතා මතයට ගරු කරමින් ඉදිරි කටයුතු සූදානම් කරන ආකාරය පිළිබඳව පිරිස සාකච්ඡුා කළ බවය.


මේ අතර ඉකුත් දොළොස්වැනි දින ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී මහාචාර්ය ජී.එල්. පීරිස් මේ ගැන කතා කළේය.


”මැතිවරණයෙන් පසු තවදුරටත් බලයේ රැුඳී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත‍්‍රණයක් ගෙන ගිය බවට විරුද්ධ පාර්ශ්වයන් විසින් ගෙනගිය ප‍්‍රචාරය පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. ලෝක නායකයන් ගණනාවක්ම මා වෙත පෞද්ගලිකවම ප‍්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වන්නටත් පෙරම සිය තනතුරෙන් ඉවත්ව යාමෙන් දැක්වූ ආදර්ශය ඉතා වැදගත් බවයි. මැතිවරණයට පෙර සිටම එතුමා කියා සිටියේ පරාජිතව විනාඩි පහක්වත් සිය තනතුරේ රැුඳී නොසිටින බවයි. එය ඒ අයුරින්ම ක‍්‍රියාවෙන්ද එතුමා ඔප්පු කර පෙන්නුවා.”
කතාව එතෙකින් හමාර වූයේ නැත.


මංගල නැවතත් මතු වී ආවේය. ඒ පසුගිය 14 වැනි දිනය. මංගල කථා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ සිටය.


”ප‍්‍රතිඵල නිකුත්වීම නැවැත්වීමට, අවහිර කිරීමට කුමන්ත‍්‍රණයක් ගැන සාකච්ඡුා කළා. එදා රැයේම හදිසි නීතිය පනවලා ගණන් කිරීමේ මධ්‍යස්ථාන හමුදාව ලවා වටලන්න කථා කළා. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පනාගොඩ කෑම්ප් එකේ හමුදාව යවලා භයානක තත්ත්වයක් ඇති කිරීම ගැන සාකච්ඡුා කර තිබෙන බවට අපට විශ්වාසදායක තොරතුරු ලැබුණා.”


මේ කුමන්ත‍්‍රණ සිද්ධිය පිළිබඳව මංගල එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.


මේ කුමන්ත‍්‍රණ සිද්ධිය පිළිබඳව අප යුද හමුදාපති දයා රත්නායක මහතාගෙන් කළ විමසීමේදී මේ ගැන අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කරමින් ඒ මහතා පැවැසුවේ මෙවැනි සිද්ධීන් දේශපාලන සිද්ධීන් බවත් ඒවාට යුද හමුදාව සම්බන්ධ කර ගැනීම නුසුදුසු බවත් ශ්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාව හැමවිටම මේ රාජ්‍යයේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කළ බවත් ය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළේ වී නමුදු ඒවා ව්‍යර්ථ විය.

 

කුමන්ත‍්‍රණ තත්ත්වය ගැන මා දන්නේ නෑ

 

ශ්‍රී ලංකා යුද හමුදාවත්, හමුදා බුද්ධි අංශත් යොදා ගත්තා රට තුළ භීතික මානසිකත්වයක් ඇති කරන්න. අපේ රටේ ඉතිහාසයේ කිසිම මැතිවරණයක යුද හමුදාව හෝ හමුදා බුද්ධි අංශ දේශපාලන පක්ෂ වෙනුවෙන් ක‍්‍රියාකරලා නෑ. ඒ අවස්ථාවේදී එක් පැත්තකින් යොදා ගත්තා භීතික මානසිකත්වයක් ඇති කරන්න. අනිත් පැත්තෙන් කොටි සංවිධානයේ ශෂිදරන්, ශිවපාලන්, කුමරන් පද්මනාදන් වැනි අයව යොදාගත්තා. උතුරු හා නැගෙනහිර දෙපළාතේ මිනිස්සු බය කරලා ඡුන්දය දාන එක වළක්වන්නට.

SLD_20150118_A0102
ඒ වගේම ඡුන්දය දවසෙ අත්‍යවශ්‍ය ස්ථානවලට හමුදාව යොදවන මුවාවෙන් හමුදාව කෙළින්ම ඡුන්දය කළමනාකරණය සඳහා යෙදවීමේ උත්සාහයකුත් තිබුණා. කුමන්ත‍්‍රණයක තත්ත්වය ගැන මම දන්නේ නෑ. මගේ මතක හැටියට මැතිවරණ කොමසාරිස්තුමාටත්, පොලිස්පතිතුමාටත්, ස්තුතිවන්ත වෙන්න  ඕනෑ ඒ හමුදා මැදිහත්වීමට ඉඩ ලබා නොදීම සම්බන්ධව. මහින්ද රාජපක්ෂ සමග බලයෙන් ඉවත් වෙන්න අකමැති පිිරිස් විසින් යම් කිසි භීතිකා මානසිකත්වයක් නොතිබුණා නම් ඔහු ඡුන්ද ලක්ෂ විස්සකින් පරාජය වෙනවා. කොහොම වුණත් මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරන්න  ඕනෑ. කොටි සංවිධානයෙ මෙතනට තියෙන සම්බන්ධය මොකක්ද. ඒ වගේම ඇයි හමුදාව යොදවන්න කිව්වේ. ඒකගැන හොයන්න  ඕනෑ. ඒ වගේම ඊට සම්බන්ධ පිරිස් පිළිබඳව නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන්න  ඕනෑ. මතුපිටින් පෙන්නුවට අපි බලයෙන් බැහැලා ගියා කියලා ඇතුළේ තිබුණු තත්ත්වය ඊට වඩා වෙනස්. විශේෂයෙන්ම ආරක්ෂක අංශ ව්‍යාපාරික කටයුතුවල වගේම දේශපාලන කටයුතුවල යෙදවීම භයානක ක‍්‍රියාවලියක්.

 

මංගල මේ කරන්නේ ”මිස්ටර් බීන්” මත වැපිරීමයි

 

ඔය කුමන්ත‍්‍රණ කතාව සම්බන්ධයෙන් මට මංගල සමරවීර ඇමැතිවරයගෙන් ප‍්‍රශ්න දෙකයි අහන්න තියෙන්නේ. මංගල සමරවීර ගරු ඇමැතිතුමාට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා කුමන්ත‍්‍රණයක් කිරීමට උත්සාහ කරලා තිබෙන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් සහ උදය ගම්මන්පිල සමග එකතු වෙලා. එතකොට මේ රටේ ජනතාව දන්නවා උදය ගම්මන්පිල සහ මහාචාර්ය පීරිස් කියන්නේ තුවක්කුවක් තබා කිණිස්සක්වත් පාවිච්චි කරන්න නොදන්න උදවිය කියලා. ඒකෙන්ම මේකෙ තියෙන විහිළු සහගතභාවය පේනවා. එතුමා කියනවා ඒ කුමන්ත‍්‍රණය නතර කරගත්තේ SLD_20150118_A010.jpg1නීතිපති මැදිහත් වෙලා කියලා. නීතිපතිගෙන් උපදෙස් පතන්නේ යමක් නීත්‍යානුකුලව කරන්න. හමුදා කුමන්ත‍්‍රණයක් කියන්නේ නීත්‍යානුකුල දෙයක් නොවෙයි. ඔය කියන හමුදා කුමන්ත‍්‍රණය සිද්ධ වුණා නම් නීතිපතිගෙ උපදෙස් ලබා ලෝකෙ කරපු පළවැනි හමුදා කුමන්ත‍්‍රණය හැටියට නීතිගත වෙන්න ඉඩ තිබුණා. ඒනිසා එතුමා කියලා තියෙන මේ කාරණා දෙකෙන්ම පැහැදිලියි මේක බොරුවක් බව.


ඇත්තම කතාව තමයි මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාර අරගෙන නිල ප‍්‍රතිඵල එන්න පැය හයකට කලින් තමන්ගෙ නිල නිවසින් අයින් වුණා. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ ඇමැති ධුරයෙන් ඉවත් වෙලා ජනාධිපති ධුරයට පත්වන තුරු හිටියෙ තමන්ගේ නිල නිවෙසේ. මේ දෙදෙනා අතර තිබෙන වෙනසෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන දැවැන්ත ප‍්‍රතිරූපයක් සමාජයේ මතුවුණා. ඔහු ඒකාධිපතියෙක් බවට විපක්ෂය මවපු දෙය මිථ්‍යාවක් බව ඔප්පු වුණා. ඒ නිසා අද මංගල සමරවීර ඇමැතිවරයා උත්සාහ කරනවා නැවත වතාවක් මිස්ටර් බීන් මාදිලියෙ මත වපුරමින් මහින්ද රාජපක්ෂ මහතාට සමාජයේ ඇති වී තිබෙන ප‍්‍රතිරූපය විනාශ කරන්න. ඊට වඩා වැඩි දෙයක් එතුමගෙ කතාවේ නෑ.

 

 

m



අදහස් (0)

මැතිවරණයදා ? හමුදා කුමන්ත‍්‍රණ කතාව මොකක්ද?

කාන්තිලතා Wednesday, 21 January 2015 12:11 AM

අනේ අපි නම් දන්නෙ නැහැ මේවා! (නි)

:       0       0

කැළුම් Tuesday, 20 January 2015 12:33 PM

මතකද චන්ද්‍රිකා ආණ්ඩුව කාලය රනිල්ව බටලන්ද කොමිසමට ගෙනිච්චා. මොකද උනේ රනිල් හිරයට ගියාද නිකන් මෝඩ චුන් මිනිස්සු මෝඩ නැහැ (බ)

:       0       0

සෑම් Thursday, 22 January 2015 07:30 AM

මේවා කියවීමට කාලය නාස්ති කිරීමත් මෝඩ කමක්. (නදී)

:       0       0

රාජා ගුණවර්ධන Tuesday, 20 January 2015 09:04 AM

මෙයා ඉස්සර දවසක රනිල් මහත්තයා හොරකම් කලා කියල ෆයිල් වගයක් උස්සගෙන ගිහින් අල්ලස් දූෂණ කොමිසමට බාර දුන්න කෙනෙක් (දිල්)

:       0       0

සුනිල් ගිකියන්ගේ Saturday, 24 January 2015 05:31 AM

ඡන්ද ඉවර වි අලුත් ආණ්ඩුවක් පත්වූ වහාම තමන්ට ඡන්දය දුන් ඡන්ද දායකයන්ට අලුත් ආණ්ඩු විසින දෙනු ලබන චූන් එක මේ දිනවල දෙන්නේ. මාස තුනක් විතර යන කොට ඔය චුන් එක උදාසීන වේ. කිසිදු දේශපාලන හොරෙකුට දඩුවම් නොදෙන බව ස්ථිරයි. සිදුවන එකම දෙය නම් ඔය පරීක්ෂණ සියල්ල ටික දවසකින් වියැකී යෑමයි. ඡන්ද දායකයාද නියුටල් වී නැවතත් ඡන්දයක් එන විට දූෂණ මාරයන්ට ඡන්දය දීම සදහා සූදානම් වීමයි. නැවතත් ඡන්දයෙන් පසුව මාස දෙකක් පමණ ඔය චූන් එක ඡන්ද දායකයාට ලැබිය හැකියි (නදී)

:       0       0

අශෝක Thursday, 22 January 2015 03:09 AM

අන්තිමට මේවා අහන අපි මෝඩයෝ වෙයි. එච්චරයි වෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4546 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 576 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1166 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 247 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site