අප බලා සිටින්නෙමු. ඔහු ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරයි. කිසිදු චකිතයක්, බියක් සැකක් නැත. නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැ`ගීමකි. ඔහු කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය.
ඔහු තම කාර්යය සීරුවෙන් අවසන් කළේය. ”අද කරපු තුන්වැනි වැඬේ මහත්තයෝ” කියූ ඔහු අප දෙසට හැරුණි. හෙතෙම තවමත් 17 වැනි වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. ඔහු රැුකියාවක නිරතව සිටියි. එය එවැනි යෞවනයකු නිරතවන සම්මත ආකාරයේ රැුකියාවක් නොවේ. ඔහු නුරේෂ්ය.
නුරේෂ් රැුකියාව කරන්නේ මල්ශාලාවකය. ගාල්ල ඕවිලානේ පිහිටි මේ මල්ශාලාව නුරේෂ්ගේ පියා සතු වූවකි. පියාගේ සහායට පැමිණි නුරේෂ් දැන් මිනී එම්බාම් කරයි.
කෝරළ විදානගේ බර්නාඞ් හා කන්දගොඩ ගමගේ රූපා දෙපළට දාව උපත ලැබූ පුතුන් දෙදෙනෙකි. මේ පවුලේ බාලයා වූයේ නුරේෂ් රංගය. පියා තම මල්ශාලාව ද රංග නමින් නම් කර ඇත්තේය.
නුරේෂ්ගේ සමකාලීන මිතුරන් සියළුදෙනාගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු වීමය. නුරේෂ්ට එවැනි අපේක්ෂාවක් තිබුණේ ද යන්න දැන් ඔහුට මතක නැත. ”මහත්තයෝ අපි පුංචි කාලේ ඉඳලම හැමෝම කියන්නේ ෙදාස්තර මහත්තයෙක් හරි ඉංජිනේරුවෙක් වෙන්න. නමුත් ඒ තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද? අපිට හැමෝටම මොනවා හරි දෙයක් කරන්න පුළුන්. ඒක අපේ උරුමය කරුමය අනුව විසෙ`දනවා. අපේ වයසේ හු`ගක් දෙනෙක් මම මේ කරන දේට කැමැති නැතිවුණත් මට නම් ගාණක් නැහැ. මේක මගේ රස්සාව”
නුරේෂ්ගේ මේ රැකියාව තරුණයකු කිසිදිනක කැමැත්තක් දක්වන රැුකියාවක් නොවේ. වැඩිහිටියකු පවා එවැනි රැකියාවකට යොමුවන්නේ කලාතුරකිනි.
නුරේෂ් මේ රැුකියාවට යොමුවූයේ අහම්බයකින්නම් නොවේ. ඔහුගේ පිය උරුමයෙනි. සමූපකාරයක සේවයකළ නුරේෂ් ගේ පියා මල්ශාලාවක් ආරම්භ කළේය. ඉන් පසු යන්තම් සොළොස්වැනි විය පසුකළ නුරේෂ් පියා සමග දැවටෙමින් ඔහු පසුපස වැටී මල්ශාලාවට ගියේය. ඒ ඔහු මේ රැකියාවට අත්පොත් තැබූ ආකාරයයි. තාත්තා මළසිරුරු ගෙනවිත් එම්බාම් කරන ආකාරය ඔහු බලා සිටියේය. ‘‘මම ඉගෙනගන්න එච්චර දක්ෂ කෙනෙක් වුණේ නැහැ.
ඉස්කෝලේ යන්න ටිකක් කම්මැලියි. නමුත් තාත්තා සමග මේ වැඬේ බලාගෙන ඉන්න මම දැඩි කැමැත්තක් දැක්වූවා. ඇතැම් දවස්වල පාසල් නොගිහින් තාත්තාට උදව් කළා. ඒක ලොකු දෙයක් නොවෙයි. පෙට්ටිය හදද්දී උදව් කළා. තාත්තා මට විරෝධතාවක් දැක්වූයේ නැහැ.’’
තාත්තා පවසන්නේ තම පුතා තමන් අසල දැවටෙමින් පුංචි පුංචි උදව් කරමින් සිටියදී මේ ශිල්පය ද ඔහු ඉබේම ඉගෙනගත් බවයි.
‘‘මම කරන මේ රස්සාව කාටවත් යටත් නැති හැමෝටම උවමනාවන සේවයක්. ඒ නිසා මා හිතනවා මගෙන් පසු මේ රස්සාව කරගෙන යන්න පුතාට කිසිදු ගැටලූවක් වෙන්නේ නැහැ. එයාටත් පුළුවන් වේවි කාටවත් යටත් නැතිව තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න.’’ යනුවෙන් නුරේෂ්ගේ පියා පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
නුරේෂ්ගේ මව පවසන්නේ ද තම පුතු මිනී එම්බාම් කිරීමට යොමුවීම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු අකමැත්තක් නොමැති බවයි.
‘‘පොඩි පුතා හො`දට ඉගෙනගෙන හො`ද රස්සාවකට ගියානම් ඉතින් අපි කැමතියි. ඒත් මොනවා කරන්නද මේක එයාගේ උරුමය සහ කැමැත්තනේ. ඒ නිසා ඉතින් මගේ නම් අකමැත්තක් නැහැ මහත්තයෝ’’ ඇය කියන්නීය.
නුරේෂ් මිනී එම්බාම් කිරීමේ කටයුතු ආරම්භ කළආකාරය පිළිබද සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.
‘‘තාත්තා මිනී එම්බාම් කරන හැටි මම හො`දින් බලාගෙන ඉඳලා තමයි මේ වැඬේ කරන්න පුරුදුවුණේ. මම මුලින්ම මිනියක් එම්බාම් කළේ පාසලේ 10 වසරේ ඉන්න කාලෙදී. එතකොට මට වයස අවුරුදු 15ක් වුණෙත් නැහැ. මුලින්ම එම්බාම් කළේ හාමුදුරු නමකගේ සිරුරක්. එදා මුලින් පොඩි බයක් දැණුනා. නමුත් ටික වෙලාවක් යනකොට ඒ බය නැතිවෙලා ගියා. එදා තාත්තා මගේ ළ`ගින් හිටියත් මට උදව් කළේ නැහැ. සම්පූර්ණ එම්බාම් එකම කළේ මම තනියම. සිරුරට සිවුරු අන්දවලා අවශ්‍ය පරිදි සකස් කළා. මට එදා ඒ සිරුර එම්බාම් කරන්න පැය දෙකහමාරක් විතර ගියා. පස්සේ මම තනියම වැඩ කරගෙන ගියා.’’
නුරේෂ් තමන්ගේ ජීවන අත්දැකීම් විස්තර කරන්නේ ඒ ආකාරයෙනි. තම කටයුතු අතරතුරදී යම් අපහසුතාවකට පත් වූ හෝ අත්වැරදීමක් සිදුවූ අවස්ථාවක් ඇත් ද යන්නත් අපි ඔහුගෙන් විමසුවෙමු.
‘‘අත්වැරදීම් නම් වෙලා නෑ. එම්බාම් එකක් කරන කොට මුලින්ම කරන්නේ බෙහෙත් ගහන එක. ඒකට දකුණු කකුලේ කලව පලලා බල නහරේ හොයාගන්න ඕනැ. පුරුදුවෙන කාලේ බලනහර හොයන්න ගිහින් බැරිවෙලා තාත්තගෙන් ගුටිකාලා තියෙනවා. ඒ ඇර වෙන කවදාවත් වැරදීම් වෙලා නෑ. මුළු වැඬේටම පැය දෙකක් විතර යනවා. ඒ මුළු කාලෙම හො`ද අවධානයෙන් කරනව නම් එතකොට වරදින්නෙ නෑ.’’
ඔවුන් මුලින්ම කරන්නේ මළ සිරුරක් එම්බාම් කිරීමට පෙර සිරුර දිගාකර හො`දින් සේදීමයි. ඉන්පසු දකුණු කලවයේ බලනහරය පලා බෙහෙත් දීම සිදුකරයි. බෙහෙත් යනු ෆෝමලින්ය. නුරේෂ් පවසන්නේ බලනහරයෙන් ෆෝමලින් ඇතුළුකළාම ෆෝමලින් ඉතා ඉක්මණින් ඇ`ගපුරාම පැතිර යන බවයි. ෆෝමලින් ඇගපුරාම ගිය බවට ස්ථිරවීමෙන් පසු කරන්නේ බඩ පැලීමයි.
‘‘බඩ පලන්න ඇතැම් අය පිහියක් භාවිතා කරනවා. මම භාවිත කරන්නේ බ්ලේඞ් තලයක්. බඩ පලලා ඇ`ග ඇතුළේ තියෙන දේවල් අරන්දානවා. පස්සේ පුළුන් හා රෙදි පුරවලා මිනිය හදනවා. ඊට පස්සේ ඇදුම් අන්දවනවා.’’
නුරේෂ් පවසන්නේ මළ සිරුරකට ඇදුම් අන්දන්නේ උඩින් පෙනෙන කොටසට පමණක් බවයි. සරම සම්පූර්ණයෙන් ම අන්දවන බවත් සාරියක් නම් උඩ අර්ධය වැසෙන පරිදි පමණක් අන්දවන බවත් හෙතෙම පවසයි.
‘‘මේ ඔක්කොම මිනීනේ. මට කිසිම දෙයක විශේෂත්වයක් නැහැ. මම දැන් මිනී සිය ගණනක් එම්බාම් කරලා තියෙනවා. ඇතැම් ඒවායේ බේසම් ගණනක් වතුර තිබෙනවා. ඒ වගේ වතුර තිබෙන මිනී එම්බාම් කරන්න හරිම අමාරුයි. එක දවසක් මිනියක් කැපුවම මුළු ඇග ඇතුළ නිල් පාටවෙලා තිබුණා. මට හිතාගන්න බැහැ. පසුව දැනගත්තා එයා ගොඩක් කාලයක් දියවැඩියාවෙන් පෙළුණු රෝගියෙක් කියා. දියවැඩියාවට ඇග නිල් පැහැවෙනවා ද කියා නම් මම දන්නේ නැහැ. නුරේෂ් පවසන්නේ තමන්ට එතරම් විශේෂත්වයක් ඇති දෙයක් අත්විදින්නට නොලැබුණු බවයි.’’එසේ වුව ද නුරේෂ්ට මුල්වරට කුඩා ළමයකුගේ සිරුරක් එම්බාම් කරන්නට සිදුවූ අවස්ථාවේ දී නම් චතිකයක් ඇතිවී තිබේ.
‘‘පොඩි ළමයාගේ සිරුර දැක්ක ගමන් මට ලොකු දුකක් ඇතිවුණා. හිතාගන්න බැරිවුණා මෙනවද වෙන්නේ කියලා. හිතේ දුකින් වුවත් මම වැඬේ කළා. තව දවසක් ළමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙකුගේ සිරුරක් ගෙනවිත් තිබුණා. ඒ වැඩෙත් මට නුහුරු දෙයක් වුණා. ඒත් ඒක නුුහුරුවුණේ එවැනි සිරුරක් ලැබුණු පළමු අවස්ථාව නිසයි. ඉන් පස්සේ ගාණක් නැතිව ගියා. පොඩි ළමයින්ගේ සිරුරු කිහිපයක්ම ඉන් පසුව එම්බාම් කළා.’’
ළමයෙක් ලැබෙන්න සිටින කාන්තාවකගේ දරු කළලය මෝරා ඇත්නම් එයට සිදුකරන දේ ගැන විමසූ විට නුරේෂ් ඒ ගැන මෙසේ කීවේය.
”ඒ ගැන තීරණය ගන්නේ පවුලේ අයගේ කැමැත්ත මත තමයි. ඇතැම් අය වළ දානවා. සමහරු බඩටම දාන්න කියනවා බෙහෙත් ගහලා. සමහර වෙලාවට වෙනම ඔතලා අම්මගෙ කකුල් දෙක අතරින් තියලා සාරිය අන්දවනවා. නූපන් කළලයක් හින්දා ගෞරවයක් විදියට තමයි එහෙම කරන්නෙ.”
සමාජයේ ඇති මතයක් වෙන්නේ එම්බාම් කරන අයකු මිනියක් එම්බාම් කිරීමට පෙර හො`ද පදමට මත්පැන් පානය කරන බවයි. සිරුරු සිය ගණනක් එම්බාම් කිරීමේ අත්දැකීම ලැබූ නුරේෂ් තවමත් වැඩිහිටි වියට පාතබා නැත. ඔහු පවසන්නේ තමන් කිසිදු දිනක මත්පැන් පානය කර නැති බවයි.
‘‘මම කවදාවත් බීලා නැහැ. බොන්නෙත් නැහැ. එම්බාම් කරන්න බොන්න ඕනැ කියන කතාව අමූලික බොරුවක්. කට්ටිය කියන්නේ බීලා නැත්නම් මිනී කපන්න බැහැ කියලා. බය වෙනවාලූ. නමුත් මම කවදාවත් බයවෙලා නැහැ.’’
නුරේෂ්ට බලාපොරොත්තුවක් ඇත. ඔහු කොරියා යාමේ අපේක්ෂාවෙන් සියල්ල සූදානම් කරගනිමින් සිටියි. ඔහු පවසන්නේ කොරියාවේ මිනී එම්බාම් කිරීමේ තාක්ෂණය දියුණු බවයි. යන්ත‍්‍රානුසාරයෙන් එම්බාම් කරන බවත්, එම කාර්යය සිදුකරන නුරේෂ් වැනි අයට ඉහළ වැටුපක් හිමිවන බවත් ඔහුගේ අදහස වී ඇත.
නුරේෂ්ට පෙම්වතියක්් එහෙම නැද්ද? අප එසේ ඇසූවිට තරමක් ලජ්ජාවට පත්වූ නුරේෂ් මෙසේ කීවේය.
”තාම නම් නෑ. මේ කරන රස්සාව ගැන කිව්වම මොන කෙල්ලද ඉතින් අපිට කැමති වෙන්නේ. කවුරුවත් යාළු කරගන්න බැරි වේවිද දන්නේ නැහැ” කියූ නුරේෂ් මහ හ`ඩින් සිනාසුණේය. ඔහුට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් අපි ඔහුට සමු දුන්නෙමු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාට මම වාසනාවත් අනාගතයක් පතනවා. හැමදේම අතට පයට ලැබෙනකන් සමහර දරුවෝ බලාගෙන ඉන්න රටේ ඔබ වැනි දරුවන් දෙමව්පියන්ට සම්පතක්. මම කියන්නේ ඔය රැකියාව කරන ගමන් තමන් කැමති දෙයක් වැඩි දුර ඉගෙන ගන්න කියලා. කුඩා ව්‍යාපාර කළමනාකරණය වැනි යමක්. එය ඔබට අනාගතයේදී ප්‍රයෝජනවත් වේවි. (නදී)
මට පුරුදුවන්න අවස්ථාවක් දෙන්න. මගේ ඉල්ලීමක්
වැඩේ මොක වුණත් පට්ටම කොල්ලෙක්. අනිත් හෙමෝටම උවමනා දේ නැතිව තමන්ට ඕනේ දේ කරන.(අ)
ඔබ කරන්නේ මියගිය මිනිසුන් සරසන එකනේ. ඔබට ලස්සන බිරියක් ලැබෙයි (නි)
හොඳ බිරිඳක් ලැබී අනාගතය වාසනාවන්ත වේවා (දී)
ජාත්‍යාන්තර පාසලකින් කැඩිච්ච ඉංගිරිසි ටිකක් කටේ ගාගෙන ඇටෙන් පොත්තෙන් මිදෙන කොටම පිටරට එක කකුලක් තියාගෙන ඉන්න තරුණයන්ට ඔබ ඉතා හොඳ ආදර්ශයක්. සුභ පතමි. (අ)
අපිට කරන්න බැරි එත් සමාජෙට අවශ්‍යම සේවයක් කරන මේ වගේ තරුණයන්ට උදවු කරන එක රජයේ වගකීමක්.(අ)
හොරකම් මන්කොල්ලකරයින් වැඩි මේ රටේ රටට වැඩඇති සොහොයුරෙක් වීම ඇගයීමට ලක් ලක්කළයුතුයි.. ඔව් කොරියාවේ ගිහින් වැඩි දුර හදාරන්න අනාගතයට සුබ පතනවා. (අ)
නුරේෂ්, දියුණු රටවල්වල ඕක හොද රස්සාවක්. ලංකාවේ තමයි රස්සාව අනුව සලකන්නේ. (අ)
සම්භාවනීය සේවාවක් වන වෛද්‍ය වෘත්තියේ යෙදෙන සමහර අය කරන වැඩ දිහා බැලුවම මේ දරුවා කරන රස්සාව නම්බුකාරයි . මත්පැන් නොබොන එක ඉතාම හොඳයි. තමන්ගේ සෞඛය ගැනත් ප්‍රවේසම් වෙන්න. මළමිනියක් කියන්නේ විෂබීජ ගොඩක්. ඔබට ජය වේවා.(අ)
අද සමහර තරුණයෝ හොරමැරකම්, ස්ත්‍රී දූෂණ, චංචාවල් කරලා කොච්චර නම් හිරගෙවල් වල ඉන්නවද? මේ වගේ තරුණයෝ ඒ වගේ අයට කොයිතරම් නම් ආදර්ශයක්ද? ඔබ කරන්නේ රැකියාවකටත් වඩා ලොකු සේවයක්.ඔබගේ අනාගතය සාර්ථක වේවා (නි)
හැම මනුස්සයකුගේම අවසන් මංගල කටයුත්ත කෙරෙන්නේ ඔබේ අතින්. අපි හැමෝටම උවමනාවෙන කෙනෙක්නෙ. මම නම් හිතන්නේ ජීවත් වෙන මිනිහට බය උනාට මැරුණු මිනිහට බය වෙන්න ඕන නැහැ. සාර්ථක වේවා ඔබේ අනාගතය. (අ)
මොන දේ වුනත් ඔබ දිරිය දරුවෙක් බව නම් ඔබ ඔප්පු කර අැත. ඔබගේ සියලු බලාපාෙරොත්තු සඵල වන්නට ප්‍රාර්ථනා කරමි.(අ)
මේ රැකියාව හුඟ දෙනෙක් නොකරන්නේ බයයි. (නි)
අපි කවුරුත් වැළලෙන්න හෝ ආදාහනය හෝ වෙන්න පෙර කරගන්නා අන්තිම සාත්තුව මේකයි (නි)
ඔබ විශිස්ඨයකි. සුබ පතමී. (නදී)
ජාත්තයන්තර පාසලකින් කැඩිච්ච ඉංගිරිසි ටිකක් කටේ ගාගෙන ඇටෙන් පොත්තෙන් මිදෙන කොටම පිටරට එක කකුලක් තියාගෙන ඉන්න තරුණයන්ට ඔබ ඉතා හොඳ ආදර්ශයක්. සුභ පතමි. (නදී)
සමාජයේ පැවැත්මට හැම විදියෙම සේවාවන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කොල්ලත් සමාජයට ලොකු මෙහෙවරක් කරන කෙනෙක් .සුබ අනාගතයක්. (නදී)
නුරේෂ් ඔබ කරන්නේ ලොකු සමාජ සේවයක් . ඒ වගේම ඔබ දිරිය දරුවෙක්. සුභ අනාගතයක් පතනවා (නදී)
ඔබගේ ජීවිතය සර්වප්‍රකාරයේනම සාර්තක වේවා (නදී)
පුතේ ඔයා කරන්නේ හැම කෙනෙකුටම කරන්න හැකි රැකියාවක් නෙවෙයි. මිය ගිය කෙනා වෙනුවෙන් ඔබගේ තිබෙන ගෞරවයත්, රැකියාව කරද්දී ඔබගේ ඇති විනයත් ඉතාම ඉහලින් අගය කරනවා. ඔබගේ රැකියාව ඉතාම ඉහල තත්වයෙන් කරගෙන යන්න ලැබෙන්නත් , ඔබට ඉතාම සුබ අනාගතයකුත් ප්‍රර්ථනා කරනවා. (නදී)
සුරේෂ්ට හොඳ බිරිඳක් ලැබිලා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන විදිහට සුරේෂ් හොඳ කෙනෙක් (නි)
දිරිය තරුණයෙක් (නි)
සුරෙෂ්ට හොද බිරිඳක් ලැබිලා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම හිතන විදිහට සුරේෂ් හොද කෙනක් (නදී)
ලිපිය කියවූ මගේ ඇසට කදුළු ආවා. මටත් මල්ලියෙක් ඉන්නවා.දැන් අවුරුදු 18යි. තාම පාසල් යාමට පෙර අම්මා බත් කවන්නත් ඕනේ. මේ මල්ලි දැම්ම ළමාවිය අතහැර ජීවන මග පටන් අරගන. එ්කත් හිතීමටවත් අපහසු අසාමාන්‍ය රැකියාවක්. මල්ලියේ ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවා. (නදී)
පුතා නුබ වැනි දිරිය දරුවන් අප රටට මුතු මෙනි. ඔබේ ජිවන ගමන කිසිදු බාදාවකින් තොරව යාමට හැකි වේවා ! ඔබ බලාපොරොත්තු වන කොරියන් ගමනද සාර්ථක වේවා යනු මගේ පැතුමයි ඔබට තෙරුවන් සරණයි ! (නදී)
අනුන්ට අතනොපා මේ විදියට ජීවන මාර්ගයක් සොයාගත් නුඹට ජීවිතයේ ඉදිරි කාලය සතුටින් ගෙවන්න පුළුවන් ආදරණිය කෙනෙක් හමුවේවා කියා මුළු සිතින්ම සුභ පතමි! (නි)