IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මන්තර මතුරා දෂ්ට කළ සර්පයා ළඟට ගේන වෙද මහත්තයෙක්

මිනිස්සු විවිධාකාරය. ඇතැම් හු තවත් ජීවිතයක් වනසා ප‍්‍රමෝදයට පත්වෙති. තවත් කෙනෙක් මිනිසෙකුට ජීවිතයදී එම සතුට ලබති. වෛද්‍යවරු දෙවිවරු සේ මිනිස් සන්තානය තුළ ජීවත් වන්නේ ඔවුන් මිනිසුන්ට ජීවිතය දෙන උදාර මිනිස් කොට්ඨාසයක් බැවිනි.

 


සර්ප විස වෙදකම ද උරුම කර ගෙන 1947 වසරේ හිනිදුම්පත්තුවට සේන්දු වන ධර්මදාස කොඩිකාර මහතා ද මරණය සමග සටන් වැදුණු මිනිස් ජීවිත දහසකට අධික ගණනකට ජීවත්වීමේ වරම උදාකර දුන් අපේ කාලයේ දෙවි කෙනෙකි. නෙළුව කඩිහිංගල ප‍්‍රදේශයේ පදිංචිවී සිටින කොඩිකාර මහතා, 1940 දශකය අග භාගයේදී රුපියල් තිහක මුදලකට (රු. 30) කඩිහිංගල ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර දහයක් මිලදී ගෙන ඇති අතර, ඒ සර්ප විස වෙදකමට අවශ්‍ය බෙහෙත් පැළෑටි වගා කිරීම සඳහාය.


ඔහු තම අතීතය දිගහැරියේ මේ අයුරිනි.
මාරඹ නයි වෙදමහත්තයා තමයි මගේ ගුරුවරයා. මං අකුරැුස්ස ප‍්‍රදේශයේ වෙළෙඳසලක වැඩ කරන්න ගිහින් හිටියා. ඔය කාලේ නයි වෙදමහත්තයා ළඟට රෝගියෙක් අරන් යන වෙලාවේ මමත් ගියා. මටත් මේ වෙදකම ඉගෙන ගන්න ආස හිතුණා. වෙදමහත්තයා මාව බැණල පන්න ගත්තා. මම උත්සාහය අතහැරියේ නෑ. නිතර නිතර වෙදමහත්තයා ළඟට ගියා. බේරෙන්නම බැරි තැන වෙදමහත්තයා මට ලේ ගලන වෙලාවක ලේ නතර කරන මත්තරයක් කියලා දුන්නා. මට ඒක හොඳට පාඩම් හිටියා. වෙදමහත්තයාට සතුටු නිසා මට සර්ප විස වෙදකම ඉගැන්නුවා.


1927 වසරේ ජනවාරි 11 වැනි දින මාතර කොඩිකාරගොඩ ප‍්‍රදේශයේදී උපත ලබා නෙළුව කඩිහිංගල ග‍්‍රාමයේ පදිංචියට පැමිණ ඇති ධර්මදාස කොඩිකාර මහතාට දියණියෝ සහ පුත්තු තිදෙනා බැගින් සිටිති. තම බාල පුතුගේ නිවසේ බිරිඳ  ද සමග පදිංචිවී සිටින ඔහු සතුව පාරම්පරික කෙම් ක‍්‍රම පිළිබඳව ද සුවිශාල දැනුම් සම්භාරයක් ඇති අතර, වසර සිය ගණනක ඈත ඉතිහාසයක් සහිත වෙද පොත් සහ මන්ත‍්‍ර පොත් ද ඔහු සතුව තිබේ. 2003 වසරේ ගිං ගඟ පිටාර ගැලීම නිසා ඇති වූ ගං වතුරට තම වෙද පොත් සහ මන්ත‍්‍ර පොත් විශාල ප‍්‍රමාණයක් විනාශ වූ බවද කොඩිකාර මහතා පවසයි. සර්ප විෂ පිළිබඳවත්, එය නසන ආකාරය ගැනත් කොඩිකාර මහතා මෙසේ පැහැදිලි කරයි.


කුල 18ක සර්පයෝ ඉන්නවා. නයි විස තියෙන සර්පයො රජ, බමුණු, වෙළෙඳ, ගොවි වශයෙන් කුලවලට බෙදෙනවා. කුණකටුවා, පොළඟා, කරවැලා, තෙලිස්සා වැනි සර්පයන් පහත් කුලවල සත්තු. රජ කුලේ නයා ඉන්නේ ගස් උඩ. ඌ අපට දකින්න ලැබෙන්නෙ නෑ. දැක්කොත් වාසනාවක්. ගහක් උඩදී දෂ්ට කළොත් සනීප කරන්න අමාරුයි. බමුණු කුලේ නයා ඉන්නේ දේවාලවල. වෙළෙඳ නයා ළඟ තමයි නාග මාණික්‍යය තියෙනව කියන්නේ. දඩයමක් දැක්කාම මැණික වමාරනවා. කුඩා සත්තු මැණික දැක්කම ළඟට යනවා. ඊට පස්සෙ නයාගෙ ආහාරයක් වෙනවා. ගොවි කුලේ නයා පහත් තත්ත්වයට අයිතියි. ගොවි කුලේ නයා ගැරඬියෙක් එක්ක වුණත් සංවාසයේ යෙදෙනවා.

2


”රජ බමුණු වෙළෙඳය
ගොවි කුල වෙසව් කුලමය
සපුන්ට ද එකලෙසය
එයින් විස සපු මෙලෙස කියමුය”


මේක සර්පයන්ගේ කුල සහ විස පිළිබඳව මගේ ගුරුතුමා මට කියලා දීපු කවියක්.


සර්පයො දෂ්ට කරලා මගේ ළඟට ගෙනාව හැම රෝගියෙක්ම මං සුවපත් කළා. මගේ ළඟට රෝගියෙක් ගෙනාවම මං සර්පයා දෂ්ට කරපු ස්ථානයට දෙන්නෙක් පිටත් කරනවා. රෝගියා මගේ නිවසේ තියාගෙන දෙහි කෙඩි 7ක් මන්ත‍්‍රය ජප කරමින් කපනවා. මන්තරය කියද්දී දෂ්ට කරපු සර්පයා රෝගියාට දෂ්ට කරපු ස්ථානයට එනවා. ඊට පස්සේ මං පිටත් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් එතන ඉදිද්දී අනිත් කෙනා ඇවිත් දෂ්ට කරලා තියෙන සර්පයා මොකාද කියලා මට කියනවා. ඒ අනුව තමයි බෙහෙත් බඳින්නේ. දෙහි ගෙඩි 7 කපලා ඉවර වෙද්දි සර්පයාගේ හත් පොළක් පැලිලා ඌ මැරෙනවා. රෝගියාට වමනෙ යනවා. මළ මුත‍්‍ර යනවා. ඊට පස්සේ සනීපයි. මං සනීප කරපු රෝගීන් දහසකට වැඩි මිසක් අඩු නෑ.

6


වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු තත්ත්වයකට පත්ව ඇතත්, පාරම්පරික වෛද්‍ය ක‍්‍රමවේදවලට ඇති වටිනාකම සහ ඉල්ලූම කිසිසේත් බැහැර කළ නොහැකි තත්ත්වයක් දැක ගත හැකිය. බටහිර වෛද්‍ය ක‍්‍රමවලින් රෝගියෙකු තාවකාලිකව සුවපත් කළ ද යම් රෝගී තත්ත්වයක් නිට්ටාවටම සුව කිරීමේ විස්වකර්ම හැකියාවක් පාරම්පරික වෛද්‍ය ශාස්ත‍්‍රයේ තිබේ. බටහිර වෛද්‍ය ප‍්‍රතිකාරවලට මිලක් නියම කළ හැකි වුවද පාරම්පරික වෛද්‍ය ප‍්‍රතිකාරවලට මිලක් නියම කළ නොහැකි තරමට ජාත්‍යන්තර වශයෙන් ද ඉල්ලූමක් ඇත්තේ ඒ නිසාය. සියල්ල මුදලට හිලව් වන සමාජ ආර්ථික වටපිටාවක් තුළ වුවද ධර්මදාස කොඩිකාර මහතා වැනි අපේ රටේ පාරම්පරික උරුමය සතු කර ගත් උතුම් මිනිසුන් මුදලට අලෙවි වන මිනිසුන් බවට පත් නොවීම අපට ද ආඩම්බරයකි.


මං සුවපත් කරපු රෝගීන් මට සල්ලි මිටි පිටින් ගෙනත් දීලා තියෙනවා. ඒත් මං ගන්නෙ නෑ. මේක මුදලට විකුණන්න මං කැමති නෑ. මැරෙන්න ඉන්න මිනිසෙකුගේ ජීවිතයක් බේර ගන්න එක මොන තරම් පිනක් ද? අද ඉන්න වෛද්‍යවරු මුදල් තියෙන මිනිහට විතරයි ප‍්‍රතිකාර කරන්නේ. මුදල් නැති  මිනිහට මැරෙන්න වෙනවා. අද එළඟි තෙල් බිංදුවක්, මී පැණි බිංදුවක් සොයා ගන්න තැනක් නෑ. මේව දිව්‍ය ඖෂධ. මං කවදාවත් මස් මාළු කන්නෙ නෑ. මස් මාළුවල තියෙන ගුණයක් නෑ. කොස් ගෙඩියක් තම්බගෙන ආහාරයට ගත්තොත් මොන තරම් ගුණ ද? මං අපේ මුළු ඉඩමම වෙන් කරලා තිබුණේ ඖෂධ වර්ග වවන්නයි. අල, බතල වර්ග වවන්නයි. සර්ප විස වෙදකමට අවශ්‍ය හැම පැලෑටියක්ම මං මේ ඉඩමෙ වවලා තියෙනවා. රාජ්‍ය මට්ටමෙන්, රාජ්‍ය නොවන මට්ටමෙන් අපේ රටේ දිනපතා විවිධ උපහාර උත්සව සංවිධානය වෙයි. සම්මාන, මිල මුදල්, යාන වාහන ත්‍යාග ලෙස පිරිනමයි. මේ බොහෝ අවස්ථාවල උපහාර ලබාදී ඇත්තේ මඩු වලිගයෙන් තැලිය යුතු අපරාධකාරයන්ටයි. ඒ අපේ රටේ හැටිය.


වසර හැත්තෑවකට ආසන්න කාලයක් පාරම්පරික වෛද්‍ය ඥානය උපයෝගී කරගනිමින් මරණයට කැපවූ ජීවිත දහස් ගණනකට ජීවිතය දුන් ධර්මදාස කොඩිකාර මහතාට නම් මේ වනතෙක් කිසිවෙකුත් උපහාර, නම්බු නාම, ආධාර ලබාදීමට තරම් කෘතවේදී නොවීම මොන තරම් අපරාධයක්ද? ඔහුගේ නිවසින් සමුගන්නා අවස්ථාවේ කඳුළු පිරුණු දෙනෙතින් යුතුව මිමිනූ වදන් කිහිපයකින්ම මෙම ලිපිය අවසන් කරමි.
”මිනිස්සුන්ට මොනවා හරි දෙන්න  ඕන. මිනිස්සු ජීවත්වෙලා ඉන්නකොට. මැරුණට පස්සෙ උපහාර මොනවට ද මහත්තයෝ....?”

m

  999

‘‘මිනිස් සිත ඉතා ප‍්‍රබලය. රෝගියෙකු සුවපත් කිරීමේදී සිතුවිලි ප‍්‍රතිකාරය වැදගත් වෙන්නේ එබැවිනි.’’

5
පැරණි මතවාදයන්ට අනුව සර්ප විෂ ශරීරගත වූවෙකුගේ ජීවිතය බේරා ගැනීමට සර්පයා යළි මතුරා ගෙන්වන බව අසා ඇත්තෙමු. එහි ඇති වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ කෙබඳුදැයි විග‍්‍රහ කිරීමට උරග විශේෂඥ ආචාර්ය ඈන්ස්ලම් ද සිල්වා මහතා සම්බන්ධකර ගතිමු.


සර්පයෙක් දෂ්ට කළාම රෝගියා ගොඩක් කලබල වෙනවා. එය කෑ වෙලාව, කෑ ස්ථානය අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ මධ්‍යම රාත‍්‍රියක කනත්තක් ළඟින් යද්දි සර්පයෙකු දෂ්ට කළහොත් එය පිල්ලියක් හෝ වෙනයම් හේතුවක් කියා හිතන්න පුළුවන්. මේ සියලූ බලපෑම් සිදුවන්නේ මිනිසා සිතන ආකාරය අනුවයි. ඔහු කලබල වුණොත් රුධිර ගමනය වේගවත් වෙනවා. එතකොට ශරීරයට ඇතුළු වූ සර්ප විෂ සිරුර හැමතැනම ඉක්මණින් පැතිරිලා යනවා. ඒ නිසයි සර්පයෙක් කෑ විගස නිසොල්මන්ව සිත තැන්පත් කරගෙන ප‍්‍රතිකාර සඳහා යොමු කරන්න කියන්නේ.


පැරැණි වෛද්‍ය ක‍්‍රමවල සර්පයෙකු දෂ්ට කළ විට මන්තර ජපකරලා නයාව ගෙන්වලා විෂ අද්දවනවා කියලා සඳහන් කරලා තියෙනවා.


එහිදී සර්පයා දෂ්ට කළ රෝගියා බිම වාඩිකරවලා කකුල ඉදිරියට දිග හැරීමට සලස්වනවා. පසුව දෂ්ට කළ ස්ථානයේ සිට ටික දුරක් යන තෙක් කෙසෙල් පතුරු පීලි ආකාරයට දිගටම තියෙනවා. ඊට පසු මල්පැලක් සකස්කර මතුරනවා.


එහිදී රෝගියා වගේම රෝගියාගේ ඥාතීන් සිතනවා දෂ්ට කළ සර්පයා පිල්ලියක් වෙලා කෙසෙල් පතුරු දිගේ ඇවිත් ශරීරගත වුණ විස අද්වාගෙන ආපසු යන බව ඉන් රෝගියාගේ සිත තැන්පත්වෙනවා. සිතේ තිබුණු අසීමිත බිය දුරුවෙනවා. රුධිර ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. සිතුවිලි තැන්පත් වූ විට ශාරීරික ඉන්ද්‍රිය ක‍්‍රියාකාරීත්වය තැන්පත් වෙනවා. එවිට සර්ප විෂ ශරීරගතවීමට කාලයක් ගතවෙනවා. ඒ කාලය තුළ රෝගියාට නිසි ප‍්‍රතිකාර කර සුවපත් කළ හැකියි.


මේ කටයුත්තේදී සර්පයෙකු දෂ්ට කිරීමේ ක‍්‍රියා පිළිවෙතත් අවධානයට ගත යුතුයි. ඇතැම් අවස්ථාවල සර්පයන් දෂ්ට කරන පුද්ගලයාගේ සිරුරට අධික ලෙස විෂ එකතු කරනවා. එය 10% ට වගේ ප‍්‍රමාණයකට සිදුවෙන දෙයක්. බරපතළ රෝගීන් වෙන්නේ මේ අය. ඒත් තවත් විටක සර්පයෙකු මඳ විසක් දෂ්ට කරන පුද්ගලයාගේ ශරීරයට එකතු කළ හැකියි. එය 60% ක පමණ පිරිසකට අදාළ වෙනවා. මෙවැනි රෝගීන් මරණාසන්න රෝගීන් වෙන්නේ නැහැ. ඒත් නියම වෙලාවට ප‍්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.
මේ කුමන වර්ගයක රෝගියෙකුට වුවද සිතුවිලි ප‍්‍රතිකාරය වැදගත් වෙන්නේ ඒ නිසයි. එදා නයා පැමිණ විෂ අද්දවා
රෝගියා සුවපත් කරනවා කියන මතය අද විද්‍යාත්මකව විග‍්‍රහ කළ හැක්කේ ඒ ආකාරයටයි.


සටහන : කුමාරි හේරත්

 

 



අදහස් (37)

මන්තර මතුරා දෂ්ට කළ සර්පයා ළඟට ගේන වෙද මහත්තයෙක්

රුවන්තිකා Friday, 10 July 2015 11:15 AM

මෙතුමා වගේම දක්ෂ වෙද මහතෙක් මහනුවර ,පූජාපිටිය පැත්තේ ජීවත් වුනා.110 ආයු විදලා මීට සති 2 විතර ඉහතදී මියගියා.ගොඩක් දක්ෂ වෙද මහතෙක් එතුමා .ලෙඩා ගැනෙන වෙලාව ,ලෙඩා එක්ක එන මිනිසුන් ගනන ආදීය බලල හොදකරන්න පුලුවන්ද බැරිද කියලා කියනවා .සමහරු ආපසු හරවල යවලා තිබුනේ ලෙඩාව ජීවත් වන වෙලාවද සදහන් කරමින්.එතුමා ජීවත්ව සිටිනකම් එතුමාට උපහාර ලැබුනද කියලා නම් මම දන්නේ නැහැ..........ලංකාදීපයට ගොඩක් පින් .මේවගේ උතුම් මිනිසුන් පිලිබදව අනිත් අයව දැනුවත් කරන එකට.මේවගේ රටට ගමට සේවය කළ වෙද මහතුන්ට විශ්‍රාම වැටුපක්වත් ලබා දෙන්න අදාල අංශ කටයුතු සිදුකරාවි.....ධර්මදාස වෙද මහතාණෙනි ඔබට ගොඩක් පින්. ඔබට දිගාසිරි ලැබේවා.(හේ)

:       1       0

තාරා Monday, 13 July 2015 06:28 AM

බොහොම පින්.දීර්ඝායු ලැබේවා! (ම)

:       0       0

විදූර Sunday, 12 July 2015 10:13 AM

දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට! (නි)

:       0       0

රුවන් Monday, 13 July 2015 05:48 PM

ඔබ දෙපලට දීර්ග ආයුෂ ලැබේවා ! මතු උපදින ආත්මයකදීත් අසරණයන්ට සේවය කිරීමට ශක්තිය වාසනාව ඇතිව ආත්මයක් ලැබේවා. (නදී)

:       0       0

ජනේෂ් Friday, 10 July 2015 04:17 AM

ඔබ තුමාට , දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා(ම)

:       0       0

අජිත් Monday, 13 July 2015 11:55 AM

අපේ ආයුසත් අරන් තව බොහෝ කල් ජීවත් වේවා....(බ)

:       0       0

කමනි Friday, 10 July 2015 04:42 AM

දීර්ග ආයුෂ ලැබේවා! (බ)

:       0       0

ලක්මාල් Friday, 10 July 2015 04:57 AM

ලංකාදීපයට ස්තුතියි මේ උතුම් හෙළ වේදතුමා ගැන රටට හෙලිකිරීම ගැන. කණගාටුවට කරුණ නම් මෙතුමාව උපහාරයට පාත්‍ර නොවීමයි (ම)

:       0       0

මාධි Friday, 10 July 2015 05:24 AM

ඔබට දීර්ඝායු වේවා...ඔබ වගේ මහත්මා ගතිගුණ ඇති පොළොවේ පය ගසා ජිවත් වෙන මිනිස්සු මේ ලෝකේ අඩුයි. ඔබ වගේ සිංහල මනුස්සයෙක්ගේ හොඳ ගතිගුණ වලට අපි සමැදා ගරු කරනවා..ඔබට බුදු සරණයි..දෙවි පිහිටයි . (ස)

:       0       0

වික්‍රමභාහු Friday, 10 July 2015 05:47 AM

ඔහු දන්නා දේ අලුත් පරපුරට කියා දෙන්න.(හේ)

:       0       0

සමීර Sunday, 19 July 2015 05:03 AM

නුතන විද්‍යාවට හසුකරගන්න බැහැ මෙතන වෙන දේවල් සිල්වාගේ ප්‍රශ්නය වැරදියි (ම)

:       0       0

රොෂාන් Thursday, 09 July 2015 04:33 PM

ඔවු. විශාල සේවයක් ඔබෙන් වෙන්නේ.සියලු දෙනා අගය කළයුතුයි (නි)

:       0       0

සුමනදාස Friday, 10 July 2015 05:47 AM

දක්ෂ වෛද්‍ය වරයෙක් ඔහුට දිර්ඝායුෂ ලැබේවා.(හේ)

:       0       0

කුමාර Friday, 10 July 2015 05:47 AM

මටත් ආසයි සර්ප මන්ත්‍ර ඉගෙන ගන්න.(හේ)

:       0       0

මදුර Friday, 10 July 2015 05:47 AM

මේ වගේ ලිපි පල කරනවාට ලංකාදීපයට ස්තූතියි.(හේ)

:       0       0

අනුලා Friday, 10 July 2015 05:48 AM

මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බෑ.(හේ)

:       0       0

කාරියවසම් Friday, 10 July 2015 05:48 AM

මේ වගේ වෙඳ මහත්තයෙක් දැන් හොයා ගන්නත් අමාරුයි.(හේ)

:       0       0

වික්‍රම Friday, 10 July 2015 05:48 AM

නොදන්නා ගොඩක් දේ මේ තුලින් දැන ගත්තා.(හේ)

:       0       0

කපිල් Friday, 10 July 2015 05:48 AM

වැදගත් ලිපියක්.(හේ)

:       0       0

රත්නසිරි Sunday, 12 July 2015 07:49 PM

වටිනා මැණිකක්. ඔබතුමාට බුදුසරණයි (නදී)

:       0       0

රත්නායක Friday, 10 July 2015 06:19 AM

ඔබ තුමාට , දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා.....නමුත් දෙහි ගෙඩි හත් වෙනි එක නොකපංනේ නම් තමා හොද ....(ම)

:       0       0

සෙලිනා Friday, 10 July 2015 01:05 PM

මමත් ඔබතුමාට දීර්ඝායුෂ පතන අතරම එසැණට පින් මෙවැනි දේ පළකිරීම පිළිබඳව (නි)

:       0       0

ලහිරු Tuesday, 08 September 2015 04:48 PM

ඔහු මිනිස් වෙසින් සිටින දෙවියෙක් (නි)

:       0       0

මාලක Thursday, 09 July 2015 11:43 AM

උතුම් යතිවරෙයක් (ම)

:       0       0

තාරක Wednesday, 15 July 2015 04:49 AM

ඔබ දෙපලටම දිර්ඝායු වේවා!! (බ)

:       0       0

චතුරංග Sunday, 12 July 2015 05:54 AM

මම ගොඩක් අගය කරනවා මෙවැනි ලිපියක් පළකිරීම සම්බන්ධයෙන්...ලංකාදීප පුවත් පතින් මින් ඉදිරියටත් මෙවැනි ලිපි අපි බලාපොරොත්තු වෙමි .(ම)

:       0       0

සම්පත් Saturday, 11 July 2015 02:43 AM

ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

සදුනී Saturday, 11 July 2015 02:22 PM

ඔබතුමා මේ කාලේ පහල වු බුදු කෙනෙක්. ඔබ තුමාට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා (නදී)

:       1       1

වෙනුරි Friday, 10 July 2015 12:38 AM

ඔබ වැන්නවුත් අපේ රටට වාසනාවක් (නි)

:       0       0

ඕපාත Friday, 10 July 2015 09:35 AM

ජීවිතයක් බේරා ගැනීම තරම් පින්කමක් මේ ලොව තවත් ඇද්ද. පියාණෙනි ඔබ නිවන් සුවයෙන් සැනසේවා. ඔබට දිගාසිරි. (ස)

:       0       0

සපුමල් Friday, 10 July 2015 12:39 AM

ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

හේමා Sunday, 26 July 2015 10:56 AM

ගොඩක් පින් (බ)

:       0       0

නාමල් Thursday, 09 July 2015 01:34 PM

මෙවන් සැඟවුණ චරිත අපේ සමාජයේ තව කොතෙකුත් ඇද්ද? (නි)

:       0       0

රුමේශ් Sunday, 12 July 2015 09:20 AM

කොහොම කිවුවත් වෛද්‍ය විද්‍යාවට සුව කරන්න බැරි දේවල් මේකෙන් පුලුවන් හොඳ කරන්න (නි)

:       0       0

ඉමල්ක Thursday, 09 July 2015 01:46 PM

ඔබතුමා හෙළ අපිට වාසනාවක්.බොහොම පින්.දීර්ඝායු ලැබේවා! (නි)

:       0       0

Niroshan Sunday, 24 May 2020 02:24 PM

මේ මන්ත්‍ර වලින් ඔබ අන් අයට පිහිට වෙන වාරයක් ගානේ ඔබ‍ට පින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

:       0       0

දිපිකා Tuesday, 03 November 2020 05:31 AM

මම පාරම්පරික සර්ප වෙදකම ගන නිබන්දනයක් කරනවා. මෙ තොරතුරු ගෙඩක් වැදගත්... සර්ප වෙදකම ගැන තොරතුරු ඇත්නම් පලකරන්න වැදගත් වෙයි. ඉගෙන ගන්න අයට ස්තුතියි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 33 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 11 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 17 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 218 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 153 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 71 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 621 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 319 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site