රූස්ස තල්ගස් සහ පොල් ගස් එකිනෙකට කිට්ටු කරමින් හමන සුළඟ මන්නාරම් පිටිවැල්ල මොහොතකට සිපගනියි. ඒ විගස ඊට මුසුවන හඳුන්කූරු සුවඳක් දැල්වෙන පහන්සිලක සුවඳත් රැගත් සුළඟ ආදම්ගේ සහ ඒවගේ මිනී වළවල් මත මොහොතකට හිස තබයි. ආදම් සහ ඒවගේ ඉපැරැණි මිනී වළ මත එහා මෙහා යමින් වැලපෙන සුළඟ ඉනික්බිති ඈතින් ඈතට නික්ම යන හඬ ඇසෙයි.
තලෙයි මන්නාරමේ ඌරුමලෙයි ප‍්‍රදේ
ශයේ පිහිටි මෙකී මිනී වළවල් දෙක තබා ඇත්තේ ලී වැටකින් ආවරණය කරන ලද ගොඩනැගිල්ලකය.
ඊට ඇතුළුවන්නට කලින් දෙපා ආවරණය කරන පාවහන් ගලවා ඉවත්කළ යුතුය. ලංකාවේ කුමන පූජනීය ස්ථානයකට ගියත් පාවහන් සහ හිස් වැසුම් ගලවා ඉවත් කළ යුතුය. ඒ අප පූජනීය ස්ථානවලට ගෞරවය පළකරන හැටිය.
අපට මග පෙන්වන්නට පැමිණි තලෙයිමන්නාරම් පොලිසියේ මයුරන් රාළහාමි, ලී වැටේ දොරටුව විවර කර දුන්නේය.
පළමුව ඇතුළුවන්නේ කුඩා කුටියකටය. එහි ඉදිරි
පිටම වූයේ අඩි හතරක් පමණ උස කුටියකි. නමුත් එහි දොරක් නොමැත. දොරක ප‍්‍රමාණයේ විශාල විවරයෙන් තැන්පත් කර තිබෙන පොත්පත් ගොඩක් මොනවට පෙනෙයි.
ඊට අතදමා පොතක් ඉවතට ගෙන බැලීමේ ආශාවක් උපන්නත් එය නොකළ යුතු දෙයකැයි සිත කීවේය.
නමුත් ඒවා ආගමික ග‍්‍රන්ථ විය හැකියැයි මගේ අනුමානය විය.
මෙම කුටිය අබියසද හඳුන්කූරු දල්වා සුවඳවත් කර තිබිණි. එම කුටියේ දකුණු පස කෙළවර වූ උළුවස්සකින් ඇතුළට යා හැකිය. එවිට හමුවන්නේ අර කී මිනී වළවල් දෙකයි. ආදම් සහ ඒව සැතපෙන ස්ථානයයි.
එය මේ ලෝකයේ දිගම තනි පුද්ගල මිනී වළ විය යුතුය.
මා එසේ කියන්නේ මේ මිනී වළේ දිග අඩි හතළිහක් වීම නිසාය. අනෙක ඊට වඩා අඩි දෙකකින් අඩුය.
අඩි හතළිහේ මිනී වළ ආදම්ගේ වන අතර අඩි තිස් අටේ මිනී වළ ඒවගේය.
කොළ පාට රෙද්දකින් ආවරණය කර තිබෙන මේ මිනී වළවල් දෙපසද හඳුන්කූරු දල්වා පහන් දල්වා සුවඳවත් කර තිබේ. අපි මේ මිනී වළවල් පැදකුණු කළෙමු.
මිනී වළක හිස අද්දර කුඩා ප‍්‍රමාණයේ ලී ඔරුවක් රඳවා තිබේ. එහි බඳෙහි 786 සහ 1968 යන ඉලක්කම් සටහන් කර තිබේ.
හැබැයි මේ ඔරුවේ දිග අඩි පහකට වඩා අඩු අතර පළල අඩියක්වත් නැති තරම්ය.
එසේනම් මෙය සැබෑ ඔරුවක් නොවේ. ඔරුවක අනුරුවක් විය යුතුය.
මෙම මිනී ව
ළවල් වටකළ උස බිත්තිවල තැන තැන අඩ සඳ සහ තරුව සහිත ලාංඡනය සවිකර තිබේ. එය ඉස්ලාම් ආගමේ සංකේතයයි.
ආදම්ටත් ඒවටත් අවසන් ගෞරව දැක්වූ අපි ඉනික්බිති එම ගොඩනැගිල්ලෙන් එළියට පිවිසුනෙමු.
සුවඳ කූරු දල්වා සුවඳවත් කළ තැනක එසවූ දිග දණ්ඩක් අපේ නෙත් ගැටිණි. එම දණ්ඩ පුරාවටම වූයේ රෙදිපටිවල ඔතා ගැටගසන ලද පඬුරුය.
-”මෙතෙන්ට එන අය බාරහාර වෙනවා”
මයුරන් විස්තර කළේය.
තම සිත්සතන්වල රැුඳුණු ඉටු නොවුණු බලාපොරොත්තු ඉටුකර ගනු පිණිස මිනිසුන් වන බාරහාර කොයිතරම්ද!
-”මෙතෙන්ට එන හුඟාක් බැතිමත්තු එන්නෙ දුර බැහැර ඉඳලා. ඒ අය ආපුවාම බාරහාර වෙලා මෙතනම නවාතැන් ගන්නවා.
මයුරන් පසෙකින් වූ විශ‍්‍රාම ශාලාවලට අත දිගුකරමින් කීවේය.
ආදම් සහ ඒව යනු ලෝකයේ පහළවූ පළමු මිනිසා සහ ගැහැනියයි. මේ දෙදෙනා මැවූ දෙවියෝ ඔවුන්ට කියා සිටියේ තහනම් ගහේ ගෙඩි කෑමෙන් වැළකී සිටින ලෙසය. එහෙත් ඒ අමෘත ඵලය නොකා එදෙස බලාසිටින්නට අපොහොසත් වීම නිසා ආදම් සහ ඒවගෙන් පසුව තවත් මිනිස්සු මේ ලෝකයට බිහිවූහ.
මේ ඉන්නේ අන්න ඒ ආදම් සහ ඒවද? ඔවුන් ලංකාවට ආවේ කවදාද? එතකොට ඔවුන් මියගියේ ලංකාවේද?’’
ප‍්‍රශ්න ගොඩකි.
‘‘මම මේ ප‍්‍රශ්නය විසඳාගනු පිණිස මන්නාරම් ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතා මුණගැසුනෙමි.’’
”- ඕකට කතන්දරයක් තියෙනවා. ඔය ආදම් සහ ඒව දෙන්නා ලංකාවට ඇවිත් තියෙන්නෙ ඔරුවක. නමුත් ඒ දෙන්නා ආපු ඔරුව මුහුද මැද අතර මගදී කැඩිලා. ඊට පස්සෙ මේ දෙන්න ඇවිත් තියෙන්නෙ පාගමනින්. මුහුද මැද තියෙන වැලිපරය දිගේ. ඔය වැලිපර දූපත්වලට ආදම්ගේ පාලම කියන නම ලැබිල තියෙන්නෙ ඒ හේතුව නිසා කියලනෙ කියන්නෙ.”
ඒ වගේම මේ දෙන්නා සමනොල කන්දටත් නැගලා තියෙනවා. සමනොල කන්දෙ තියෙන සිරිපතුල ආදම්ගේ පාදය කියලනෙ. මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නෙ. ඉතින් මේ දෙන්නා ලංකාවෙදි මියගියාට පස්සෙ ඒ දෙන්නව වළදාපු තැන තමයි ඔය ආදම්ගේ සොහොන.
ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ ක‍්‍රිස්තු පූර්ව 786 දී. ඒක තමයි අර ඔරුවෙ සටහන් කරල තිබුණෙ.’’
අලහකෝන් මහතා විස්තර කළේය. ඔහුට අනුව මෙකී කතාවම යම් යම් වෙනස්කම් සහිතව විවිධ අය පවසයි. කෙසේ වුවත් මේ සොහොන චිරාත් කාලයක සිට ඌරුමලෙයි වෙරළ අද්දර බැතිමතුන්ගේ වන්දනාවට ලක්වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම් ඔලුව විකාර උනා වගේ තේරෙනවා. මේ වගේ දේවල් කව්ද විශ්වාස කරන්නේ? (නදී)
මේක වෙන වළක් වෙන්න බැරිද? (නි)
මානව ඉතිහාසය පටන් ගන්නේ වසර 2801ක සිටද? කොහමද ජේසු ඉපදෙන්න කලින් ක්‍රි. පු. ගණන් කලේ. මේක තනිකරම බොරු මුස්ලිම් ඉතිහසයක් හදලා ලංකාවට උරුමකම් කියන්න යන්නේ. (ම)
ඉතිහාසය විකෘති කරලා බොරු කතන්දර ගොතන්න එපා . බුදු දහමට අගරු කරන්න කාටවත් බැහැ.(බ)
ඉතිහාසය ගැන දැනුවත්වීම කාටත් හොඳයි (නි)
මමත් ඕක දැක්ක කෙනෙක් ඔයිට වඩා දේවල් තව උඩහට වෙන්න තියෙනවා (බ)
මම නම් මේවා පිළිගන්නේ නැහැ (නි)
තව ටික දවසකින් මේ මිනිස්සු කියාවි බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් හිටියේ නැහැ කියලා (නදී)
ජයවේවා ! (නදී)
786 කලින් මිනිස්සු හිටියේ නැද්ද මෝඩ ජෝක් මේවා!! (ම)
මෙතන ඇති ළිඳෙන්ද ආදම් නෑවේ? (ත)
786 දි සිදුවුණ මේ දේ දුටු කෙනා කවුද.....? (නි)
මේක නම් වෙන්න බැරි දෙයක් (දිල්)
ලංකාවේ ජීවත් වු මිනිසුන්ගේ වෙළඳ සම්බන්ධතා නිසා ගොඩනැගුව මහා නිර්මාණයක් තමා මේ පාළම. මෙහි ගෞරවය අපේ මුතුන් මිත්තන්ට හිමි විය යුතුය. (දිල්)
විද්‍යාවෙන් මේවා බොරු කරලා අවසාන නිසා. මේක පිළිගන්න කොහොමත් බැහැ.එ්ත් ලස්සන කතාවක්. (බ)
බලන්ගොඩ මානවයාත් ජීවත්වෙලා තිබෙන්නේ මීට අවුරුදු විසිතිස්දාහකට පෙර කියලා නේද කියන්නේ? (නි)
ඔය වගේ තමා දෙවන ගල, කූරගල වගේ බෞද්ධ ස්ථාන මේ කට්ටිය අල්ලාගත්තේ (නදී)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න ඕනෑ නේද සත්‍ය සොයන්න නම්. (නි)
ඔතන ඇති සැකිල්ලක් නැහැ ඔය කියන තරම් පරණ!(හේ)
මමනම් කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නීතිමය අවසර රැගෙන මෙහි කැනීම් කරලා බලන්න කියලයි . එවිට පෙනේවි වසර කීදහසකට එපිටෙහා පැරණි මානවයෙකුගේ සැකිල්ලක්ද ඒ තුල තියෙන්නේ කියලා..?(හේ)
ලස්සන සුරඟන කතාවක්..(හේ)
මමත් ගියා ඕක බලන්න. මටත් හිතන්න අමාරුයි මේක ආදම් සහ ඒවා නම් අපේ රට ක්‍රිස්තියානු රටක් නොවුණේ මොකද කියලා. (නි)
කව්රුවත් ඕකට කලබල වෙන්න ඕන නැහැ, ගියසතියේ කුවෙනිගේ කාලයට අයත් කාසි මුට්ටියක් කල්පිටිය පැත්තෙන් ලැබුන. මේවගේ ලිපියක් ලියන්න කලින් ඉතිහාසය හා කාලය ගලපලා නිවැරදි ගවේෂණයක් කරන මද්‍යවේදියෝ හිටියනම් හොඳයි. මේ සිදු කරන්නේ ජාතින් අතර ගැටීම ඇතිකිරීම පමණයි. ලෝකයේ පළමු පුරුෂයා හා ගැහැණිය වන ආදම් හා ඒවාටපෙර මහා බලි, රවන ලොව පාලනය කළේ කෙසේද? (බ)
අනේ මන්දා! හිතාගන්න අමාරුයි (නි)
මගේ මිත්‍රයෙක් මට කීව ආදාම් දෙව්ලොව ඉදලා ඇවිල්ල තියෙන්නේ සිරිපාද කන්දට ඊටපස්සේ එයා ඒවාව හොයාගෙන දමාම් නගරයට ඇවිත් තියෙනවා. මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියනවානම් හොදයි. (නදී)
මේ වගේම ජනප්‍රවාදයක් තියක නවරියන් තම්බි කියලා සොහොනක් හලාවත අඹකඳවිල හරියේ තියනවා එතැනත් ඉස්ලාම් ආගමේ අය ඇවිල්ලාා පූජා තියනවා (බ)
මේ වගේ දිග මිනී වැලක් ඕමාන රටේ සලලා කියන ප්‍රදාන නගරයක පිහිටි ප්‍රදේශයක තියෙනවා. ඔය කතාවම එහෙදිත් අසන්නට ලැබුනා. (නදී)
මොනවද මේ කතා ? (නදී)
එතකොට ක්‍රිස්තු පූර්ව 786 ට කලින් මිනිස්සු හිටියේ නැද්ද මේ ලෝකේ? පිරමීඩ හැදුවේ කවුද? (නි)