IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මන්නාරම් වෙරළේ අඩි හතළිහේ සොහොන කාගෙද?

rh      

 

රූස්ස තල්ගස් සහ පොල් ගස් එකිනෙකට කිට්ටු කරමින් හමන සුළඟ මන්නාරම් පිටිවැල්ල මොහොතකට සිපගනියි. ඒ විගස ඊට මුසුවන හඳුන්කූරු සුවඳක් දැල්වෙන පහන්සිලක සුවඳත් රැගත් සුළඟ ආදම්ගේ සහ ඒවගේ මිනී වළවල් මත මොහොතකට හිස තබයි. ආදම් සහ ඒවගේ ඉපැරැණි මිනී වළ මත එහා මෙහා යමින් වැලපෙන සුළඟ ඉනික්බිති ඈතින් ඈතට නික්ම යන හඬ ඇසෙයි.

 


තලෙයි මන්නාරමේ ඌරුමලෙයි ප‍්‍රදේ14-page7-BBශයේ පිහිටි මෙකී මිනී වළවල් දෙක තබා ඇත්තේ ලී වැටකින් ආවරණය කරන ලද ගොඩනැගිල්ලකය.


ඊට ඇතුළුවන්නට කලින් දෙපා ආවරණය කරන පාවහන් ගලවා ඉවත්කළ යුතුය. ලංකාවේ කුමන පූජනීය ස්ථානයකට ගියත් පාවහන් සහ හිස් වැසුම් ගලවා ඉවත් කළ යුතුය. ඒ අප පූජනීය ස්ථානවලට ගෞරවය පළකරන හැටිය.


අපට මග පෙන්වන්නට පැමිණි තලෙයිමන්නාරම් පොලිසියේ මයුරන් රාළහාමි, ලී වැටේ දොරටුව විවර කර දුන්නේය.


පළමුව ඇතුළුවන්නේ කුඩා කුටියකටය. එහි ඉදිරි4පිටම වූයේ අඩි හතරක් පමණ උස කුටියකි. නමුත් එහි දොරක් නොමැත. දොරක ප‍්‍රමාණයේ විශාල විවරයෙන් තැන්පත් කර තිබෙන පොත්පත් ගොඩක් මොනවට පෙනෙයි.


ඊට අතදමා පොතක් ඉවතට ගෙන බැලීමේ ආශාවක් උපන්නත් එය නොකළ යුතු දෙයකැයි සිත කීවේය.


නමුත් ඒවා ආගමික ග‍්‍රන්ථ විය හැකියැයි මගේ අනුමානය විය.


මෙම කුටිය අබියසද හඳුන්කූරු දල්වා සුවඳවත් කර තිබිණි. එම කුටියේ දකුණු පස කෙළවර වූ උළුවස්සකින් ඇතුළට යා හැකිය. එවිට හමුවන්නේ අර කී මිනී වළවල් දෙකයි. ආදම් සහ ඒව සැතපෙන ස්ථානයයි.


එය මේ ලෝකයේ දිගම තනි පුද්ගල මිනී වළ විය යුතුය.


SLD_20150315_B007මා එසේ කියන්නේ මේ මිනී වළේ දිග අඩි හතළිහක් වීම නිසාය. අනෙක ඊට වඩා අඩි දෙකකින් අඩුය.


අඩි හතළිහේ මිනී වළ ආදම්ගේ වන අතර අඩි තිස් අටේ මිනී වළ ඒවගේය.


කොළ පාට රෙද්දකින් ආවරණය කර තිබෙන මේ මිනී වළවල් දෙපසද හඳුන්කූරු දල්වා පහන් දල්වා සුවඳවත් කර තිබේ. අපි මේ මිනී වළවල් පැදකුණු කළෙමු.


මිනී වළක හිස අද්දර කුඩා ප‍්‍රමාණයේ ලී ඔරුවක් රඳවා තිබේ. එහි බඳෙහි 786 සහ 1968 යන ඉලක්කම් සටහන් කර තිබේ.


හැබැයි මේ ඔරුවේ දිග අඩි පහකට වඩා අඩු අතර පළල අඩියක්වත් නැති තරම්ය.


එසේනම් මෙය සැබෑ ඔරුවක් නොවේ. ඔරුවක අනුරුවක් විය යුතුය.


මෙම මිනී ව1ළවල් වටකළ උස බිත්තිවල තැන තැන අඩ සඳ සහ තරුව සහිත ලාංඡනය සවිකර තිබේ. එය ඉස්ලාම් ආගමේ සංකේතයයි.


ආදම්ටත් ඒවටත් අවසන් ගෞරව දැක්වූ අපි ඉනික්බිති එම ගොඩනැගිල්ලෙන් එළියට පිවිසුනෙමු.


සුවඳ කූරු දල්වා සුවඳවත් කළ තැනක එසවූ දිග දණ්ඩක් අපේ නෙත් ගැටිණි. එම දණ්ඩ පුරාවටම වූයේ රෙදිපටිවල ඔතා ගැටගසන ලද පඬුරුය.
-”මෙතෙන්ට එන අය බාරහාර වෙනවා”

2


මයුරන් විස්තර කළේය.


තම සිත්සතන්වල රැුඳුණු ඉටු නොවුණු බලාපොරොත්තු ඉටුකර ගනු පිණිස මිනිසුන් වන බාරහාර කොයිතරම්ද!


-”මෙතෙන්ට එන හුඟාක් බැතිමත්තු එන්නෙ දුර බැහැර ඉඳලා. ඒ අය ආපුවාම බාරහාර වෙලා මෙතනම නවාතැන් ගන්නවා.


මයුරන් පසෙකින් වූ විශ‍්‍රාම ශාලාවලට අත දිගුකරමින් කීවේය.


ආදම් සහ ඒව යනු ලෝකයේ පහළවූ පළමු මිනිසා සහ ගැහැනියයි. මේ දෙදෙනා මැවූ දෙවියෝ ඔවුන්ට කියා සිටියේ තහනම් ගහේ ගෙඩි කෑමෙන් වැළකී සිටින ලෙසය. එහෙත් ඒ අමෘත ඵලය නොකා එදෙස බලාසිටින්නට අපොහොසත් වීම නිසා ආදම් සහ ඒවගෙන් පසුව තවත් මිනිස්සු මේ ලෝකයට බිහිවූහ.
මේ ඉන්නේ අන්න ඒ ආදම් සහ ඒවද? ඔවුන් ලංකාවට ආවේ කවදාද? එතකොට ඔවුන් මියගියේ ලංකාවේද?’’

3


ප‍්‍රශ්න ගොඩකි.


‘‘මම මේ ප‍්‍රශ්නය විසඳාගනු පිණිස මන්නාරම් ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතා මුණගැසුනෙමි.’’


”- ඕකට කතන්දරයක් තියෙනවා. ඔය ආදම් සහ ඒව දෙන්නා ලංකාවට ඇවිත් තියෙන්නෙ ඔරුවක. නමුත් ඒ දෙන්නා ආපු ඔරුව මුහුද මැද අතර මගදී කැඩිලා. ඊට පස්සෙ මේ දෙන්න ඇවිත් තියෙන්නෙ පාගමනින්. මුහුද මැද තියෙන වැලිපරය දිගේ. ඔය වැලිපර දූපත්වලට ආදම්ගේ පාලම කියන නම ලැබිල තියෙන්නෙ ඒ හේතුව නිසා කියලනෙ කියන්නෙ.”


ඒ වගේම මේ දෙන්නා සමනොල කන්දටත් නැගලා තියෙනවා. සමනොල කන්දෙ තියෙන සිරිපතුල ආදම්ගේ පාදය කියලනෙ. මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නෙ. ඉතින් මේ දෙන්නා ලංකාවෙදි මියගියාට පස්සෙ ඒ දෙන්නව වළදාපු තැන තමයි ඔය ආදම්ගේ සොහොන.


ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ ක‍්‍රිස්තු පූර්ව 786 දී. ඒක තමයි අර ඔරුවෙ සටහන් කරල තිබුණෙ.’’


අලහකෝන් මහතා විස්තර කළේය. ඔහුට අනුව මෙකී කතාවම යම් යම් වෙනස්කම් සහිතව විවිධ අය පවසයි. කෙසේ වුවත් මේ සොහොන චිරාත් කාලයක සිට ඌරුමලෙයි වෙරළ අද්දර බැතිමතුන්ගේ වන්දනාවට ලක්වෙයි.

 

m

 



අදහස් (0)

මන්නාරම් වෙරළේ අඩි හතළිහේ සොහොන කාගෙද?

අචිර Monday, 23 March 2015 06:06 AM

මෙතන ඇති ළිඳෙන්ද ආදම් නෑවේ? (ත)

:       0       0

රූපවති Friday, 20 March 2015 03:22 PM

මමනම් කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නීතිමය අවසර රැගෙන මෙහි කැනීම් කරලා බලන්න කියලයි . එවිට පෙනේවි වසර කීදහසකට එපිටෙහා පැරණි මානවයෙකුගේ සැකිල්ලක්ද ඒ තුල තියෙන්නේ කියලා..?(හේ)

:       0       0

තිලාන් Friday, 20 March 2015 03:54 PM

ඔතන ඇති සැකිල්ලක් නැහැ ඔය කියන තරම් පරණ!(හේ)

:       0       0

සම්පත් ඩුබායි Saturday, 21 March 2015 08:35 AM

මගේ නම් ඔලුව විකාර උනා වගේ තේරෙනවා. මේ වගේ දේවල් කව්ද විශ්වාස කරන්නේ? (නදී)

:       0       0

සම්පත් Sunday, 22 March 2015 06:43 AM

විද්‍යාවෙන් මේවා බොරු කරලා අවසාන නිසා. මේක පිළිගන්න කොහොමත් බැහැ.එ්ත් ලස්සන කතාවක්. (බ)

:       0       0

ලහිරු Sunday, 22 March 2015 06:46 AM

ලංකාවේ ජීවත් වු මිනිසුන්ගේ වෙළඳ සම්බන්ධතා නිසා ගොඩනැගුව මහා නිර්මාණයක් තමා මේ පාළම. මෙහි ගෞරවය අපේ මුතුන් මිත්තන්ට හිමි විය යුතුය. (දිල්)

:       0       0

සම්පත් Sunday, 22 March 2015 06:49 AM

මේක නම් වෙන්න බැරි දෙයක් (දිල්)

:       0       0

කුමුදු Monday, 23 March 2015 04:03 PM

තව ටික දවසකින් මේ මිනිස්සු කියාවි බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් හිටියේ නැහැ කියලා (නදී)

:       0       0

රවින් Friday, 20 March 2015 04:46 AM

කව්රුවත් ඕකට කලබල වෙන්න ඕන නැහැ, ගියසතියේ කුවෙනිගේ කාලයට අයත් කාසි මුට්ටියක් කල්පිටිය පැත්තෙන් ලැබුන. මේවගේ ලිපියක් ලියන්න කලින් ඉතිහාසය හා කාලය ගලපලා නිවැරදි ගවේෂණයක් කරන මද්‍යවේදියෝ හිටියනම් හොඳයි. මේ සිදු කරන්නේ ජාතින් අතර ගැටීම ඇතිකිරීම පමණයි. ලෝකයේ පළමු පුරුෂයා හා ගැහැණිය වන ආදම් හා ඒවාටපෙර මහා බලි, රවන ලොව පාලනය කළේ කෙසේද? (බ)

:       0       0

නිලු Friday, 17 April 2015 09:26 AM

මානව ඉතිහාසය පටන් ගන්නේ වසර 2801ක සිටද? කොහමද ජේසු ඉපදෙන්න කලින් ක්‍රි. පු. ගණන් කලේ. මේක තනිකරම බොරු මුස්ලිම් ඉතිහසයක් හදලා ලංකාවට උරුමකම් කියන්න යන්නේ. (ම)

:       0       0

ස්ටැන්ලී රණසිංහ Friday, 20 March 2015 06:52 PM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න ඕනෑ නේද සත්‍ය සොයන්න නම්. (නි)

:       0       0

කෙනත් Wednesday, 18 March 2015 11:01 PM

එතකොට ක්‍රිස්තු පූර්ව 786 ට කලින් මිනිස්සු හිටියේ නැද්ද මේ ලෝකේ? පිරමීඩ හැදුවේ කවුද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 24 March 2015 12:30 PM

මම නම් මේවා පිළිගන්නේ නැහැ (නි)

:       0       0

කොඩිකාර Monday, 23 March 2015 08:44 AM

786 කලින් මිනිස්සු හිටියේ නැද්ද මෝඩ ජෝක් මේවා!! (ම)

:       0       0

ජයේ Thursday, 19 March 2015 01:57 AM

මොනවද මේ කතා ? (නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 22 March 2015 12:03 PM

786 දි සිදුවුණ මේ දේ දුටු කෙනා කවුද.....? (නි)

:       0       0

අතුල Thursday, 19 March 2015 09:17 AM

මේ වගේම ජනප්‍රවාදයක් තියක නවරියන් තම්බි කියලා සොහොනක් හලාවත අඹකඳවිල හරියේ තියනවා එතැනත් ඉස්ලාම් ආගමේ අය ඇවිල්ලාා පූජා තියනවා (බ)

:       0       0

චාන්දි Thursday, 19 March 2015 03:38 AM

මේ වගේ දිග මිනී වැලක් ඕමාන රටේ සලලා කියන ප්‍රදාන නගරයක පිහිටි ප්‍රදේශයක තියෙනවා. ඔය කතාවම එහෙදිත් අසන්නට ලැබුනා. (නදී)

:       0       0

නුවන් Thursday, 19 March 2015 06:54 PM

අනේ මන්දා! හිතාගන්න අමාරුයි (නි)

:       0       0

සෙනවිරත්න Wednesday, 01 April 2015 11:20 AM

මමත් ඕක දැක්ක කෙනෙක් ඔයිට වඩා දේවල් තව උඩහට වෙන්න තියෙනවා (බ)

:       0       0

කිරන් Monday, 15 June 2015 02:16 PM

මේක වෙන වළක් වෙන්න බැරිද? (නි)

:       0       0

නන්දලාල් Friday, 03 April 2015 12:58 PM

ඉතිහාසය ගැන දැනුවත්වීම කාටත් හොඳයි (නි)

:       0       0

සජින් Saturday, 21 March 2015 03:13 AM

ඔය වගේ තමා දෙවන ගල, කූරගල වගේ බෞද්ධ ස්ථාන මේ කට්ටිය අල්ලාගත්තේ (නදී)

:       0       0

කමනි Sunday, 05 April 2015 03:52 PM

ඉතිහාසය විකෘති කරලා බොරු කතන්දර ගොතන්න එපා . බුදු දහමට අගරු කරන්න කාටවත් බැහැ.(බ)

:       0       0

සුජිත් Thursday, 19 March 2015 11:57 AM

මගේ මිත්‍රයෙක් මට කීව ආදාම් දෙව්ලොව ඉදලා ඇවිල්ල තියෙන්නේ සිරිපාද කන්දට ඊටපස්සේ එයා ඒවාව හොයාගෙන දමාම් නගරයට ඇවිත් තියෙනවා. මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියනවානම් හොදයි. (නදී)

:       0       0

නිල්මිණී Friday, 20 March 2015 12:38 PM

මමත් ගියා ඕක බලන්න. මටත් හිතන්න අමාරුයි මේක ආදම් සහ ඒවා නම් අපේ රට ක්‍රිස්තියානු රටක් නොවුණේ මොකද කියලා. (නි)

:       0       0

සෑම් Wednesday, 18 March 2015 05:00 PM

බලන්ගොඩ මානවයාත් ජීවත්වෙලා තිබෙන්නේ මීට අවුරුදු විසිතිස්දාහකට පෙර කියලා නේද කියන්නේ? (නි)

:       0       0

අරුණ Monday, 23 March 2015 02:44 PM

ජයවේවා ! (නදී)

:       0       0

රජින්ද Friday, 20 March 2015 01:59 PM

ලස්සන සුරඟන කතාවක්..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4346 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 538 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1140 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 99 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 186 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site