IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මනෝමය කය පිළිබඳ මෑත කාලීන අත්දැකීමක්

2  

 

මෙය සත්‍ය සිදුවීමකි. අදාළ පුද්ගලයන්ගේ නම් හා ගම් සඳහන් නොකරමි. යම්කිසි පර්යේෂණයකට හෝ තවත් විස්තර දැන ගන්නට හෝ අවශ්‍ය නම් මාගේ ජංගම දුරකථන අංකය වන 0714462359ට කතා කොට දැන ගන්නා ලෙස දන්වා සිටිමි.

 


මෙය මගේ මිත‍්‍රයකුගේ අත්දැකීමකි. මිතුරා ඉංගී‍්‍රසි සහ වෙනත් භාෂා උගන්වන ගුරුවරයෙකි. කොළඹට නුදුරින් පදිංචි වී සිටී. 2015 අපේ‍්‍රල් 13 වෙනිදා සවස් භාගයේ තම නිවස ඉදිරියේ මිදුලේ ගසක් යට වාඩිවී තම ශිෂ්‍යයන් දෙදෙනකු සමග මිතුරා කතා කරමින් සිටියේය. හදිසියේම වාහනයක් තමාගේ ඇෙඟ් හැපෙන්නට එන බව දැනී පසෙකට මිතුරා විසිවිය. කතා කරමින් සිටි ශිෂ්‍යයෝ දෙදෙනාද විමතියට පත්වූහ.

 
”සර් මොකද අහකට පැන්නේ” කියා ඇසීය. නෑ ළමයිනේ වාහනයක් ඇඟට එනවා වගේ දැනුණා. ඒ සමඟම මෙම නිවෙසේ මීට පෙර නවාතැන් ගෙන සිටි තවත් ඉතා හිතවත් ළමයකු මිතුරා ඉදිරියේ පෙනී සිටියේය. මෙම ශිෂ්‍යයා දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන කාලයේ උපකාරක පංතිවලට ගියේ මෙම මිතුරාගේ නිවසේ නවාතැන් ගෙනය. එකවරම මෙම වෛද්‍ය ශිෂ්‍යයා පෙනී නොපෙනී ගියේය. අවුරුදුවලට ”සර්ට” තෑගි ගන්න කියා යම් මුදලක් එවීම මෙම ශිෂ්‍යයාගේ පුරුද්දක් විය.

 

3


මෙම වසරේද එය එසේ සිදුවිය. සාමාන්‍යයෙන් අලූත් අවුරුදු දින උදෑසන මුලින්ම සුභ පතන්නේ මෙම ශිෂ්‍යයාය. මේ අවුරුද්දේ එසේ සිදු නොවුණි. 13 වෙනිදා රාති‍්‍රයේ නින්දට ගොස් සිටි මිතුරා 14 වෙනිදා උදේ 4.30ට පමණ අවදිවිය. අර වෛද්‍ය ශිෂ්‍යයා පෙනී සිටියේය. ”සර් මම යනවා, සර්ට කියලා යන්නයි ආවේ.” යනුවෙන් කියා නොපෙනී ගියේය. සැබෑවටම මිතුරා මෙම ශිෂ්‍යයා දැක ඇත. කොහේද කොහේද යන්නේ කියා නිවසේ අනික් කාමරවලටවත් ඔහු ගියාද කියා සොයන්නට විය. නමුත් කිසිම තැනක ඔහු නොසිටියේය. මිතුරාට ලොකු අමුත්තක් දැනුණි. වෙනදා උදේ සුභ පතන ශිෂ්‍යයාගේ සුබපැතුම අද නැත. ඔහුට යම් කරදරයක් සිදුවී ඇත්දැයි සොයා බලන්නට මිතුරාට සිතුණි.


දහවල් කාලයේදී නුවර ප‍්‍රදේශයේ එම ශිෂ්‍යයාගේ පදිංචි නිවෙස සොයා මිතුරා ගියේය. එම නිවසට ආසන්න වන විට සුදු කොඩි බැනර් දක්නට ලැබුණි. මෙම ශිෂ්‍යයා මියගොස්ය. හඬා වැළපෙන ඥාතියෝ දේහය අසළ සිටියහ. හදිසි අනතුරකට පත්වී මියගොස් ඇති බව ගෙදර අය කීවේය. මිතුරා මහත් සංවේගයකට පත්වී අදහාගන්නට පවා නොහැකි විය. ඊට පෙර දින සිදුවීම් සමග මෙම මරණය සම්බන්ධ බව මිතුරාට දැනුණි. හරියටම අනතුර සිදුවී ඇත්තේ මිතුරා එදා දුටු සිදුවීමට සමගාමීවය. 13 වෙනිදා සවස අනතුර සිදුවී 14 වෙනිදා උදේ 4.30ට පමණ මෙම ශිෂ්‍යයා මියගොස් ඇත. මෙම මිතුරා ඉදිරියේ ශිෂ්‍යයා පෙනී සිට ඇත්තේ එම අවස්ථාවේදීමය. මෙම සිද්ධියෙන් මිතුරාට මහත් කම්පනයක් ඇතිවී මෙම සිද්ධිය කුමක්දැයි මගෙන් දුරකථන ඇමතුමකින් ඇසීය. මම කීවේ මෙය සාමාන්‍ය දෙයක් බවය. මිය ගියාට පසු භෞතික කයෙන් වෙන්වූ මනෝමය කය (සෙවණැලි සිරුර) පිළිබඳ විස්තරය අපවත්වී වදාළ ගරු හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ අවසාන ධර්ම දේශනය ඇසුරින් පැහැදිලි කරන විට මිතුරාට යම් සහනයක් ඇතිවිය.


මෙවැනිම සිදුවීමක් බළංගොඩ ආනන්ද මෛති‍්‍රය හිමියන් මා සමඟ පැවැසූ පුවතක් මීට පෙර (වසර කීපයකට ඉහත) ”මනෝමයකය” සම්බන්ධ ලිපියකින් මම පාඨකයාට ඉදිරිපත් කළෙමි. එය නොබැලූ යමෙකුට දැන ගැනීමට කෙටියෙන් නැවත එය දන්වා සිටිමි.


රත්නපුර නගරයේ සුප‍්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික මහතකු, ආනන්ද මෛති‍්‍ර හිමියන්ගේ ඉතා කුළුපග දායකයකු විය. එතුමා අලූතින් ගොඩනැගිල්ලක් ඉදිකළ විට පළමුව කරන්නේ එම ගොඩනැගිල්ල තුළ වස් කාලයේදී වස් වසන්නට එම හිමියන්ට ආරාධනා කිරීමයි. එසේ එම හිමියන් මාස 3 කට වැඩි කාලයක් එම ගොඩනැගිල්ලේ වස් වැසීම නිසා අහළ පහළ සිටි අයටද ධර්ම දේශනා ඇසීමට හා ආගමික වත් පිළිවෙත් කිරීමට මහඟු අවස්ථාවක් උදාවී තිබුණි. මටද එම අවස්ථාවන්ට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. එය මතක් වන විටද සිතට සතුටක් දැනේ. මෙය මීට වසර ගණනාවකට ඉහත වූ සිදුවීමකි. එසේ කලක් ගතවිය. එම ව්‍යාපාරික මහතා දිනක් හදිසියේ එම හිමියන් ඉදිරියේ පෙනී සිටියේය. මෙසේ කීවේය. ”හාමුදුරුවනේ මම සියලූ කරදරවලින් නිදහස් වුණා. හාමුදුරුවන්ට කියලා යන්නයි ආවේ” කියා වන්දනා කොට පිටවී ගියේය. එම හිමියන් ඒ ගැන මඳක් සිතමින් සිටියේය. විනාඩි ගණනකට පසු එම නිවසින් දුරකථන ඇමතුමක් ලැබුණි. ”හාමුදුරුවනේ මුදලාලි මහතා මිය ගියා. හාමුදුරුවනේ හරි හරි මුදලාලි මහතා මීට සුළු වේලාවකට කලින් මට කියලා ගියා. මම දැන ගත්තා මෙය මෙසේ වන්නට ඇතැයි කියා” යනුවෙන් හාමුදුරුවෝත් ප‍්‍රකාශ කර ඇත. මෙම සිදුවීම එම හිමියන් මට කීවේ එතුමාගේ අවමංගල්‍ය දිනයේය. විශේෂ සිදුවීම් මොනවාදැයි ඇසීම මගේ සිරිත විය. එවිට මෙම සිද්ධිය හාමුදුරුවන් වහන්සේ මට විස්තර කර සිටියේය.


මෙය පාර මනෝ විද්‍යාව (Para Psychology) අනුවත් බුදු දහම අනුවත් විග‍්‍රහකර බැලීම කාලෝචිත යැයි සිතමි. විසිවන සියවසේ දෙවන භාගයෙහි විශාල ප‍්‍රචාරයක් හා දියුණුවක් ලැබූ විෂයයක් වන අතර මනෝ විද්‍යාව අධ්‍යයනය කරන හා පර්යේෂණය කරන අය අතර (OBD) නමින් හැඳින්වෙනුයේ පුද්ගලයකු තමාගේ ශරීරයෙන් පිටත්වී ගත කිරීමය. මේ වනවිට මේ විෂය ගැන බොහෝ පොත්පත් හා සඟරා ආදියේ විස්තර පළවී ඇත. එම විස්තරවලට අනුව අප දරන ශරීරය තුළම එම ශරීරයේ ප‍්‍රමාණයටම පවතින සියුම් ශරීරයකි. එය ශරීරයේ සියලූම කොටස්වල පැතිරී පවතී. ඒ සෑම කොටස්ම එහිද පවතී. මෙය ඉතා සියුම්ය. ශරීරය විනිවිද පවතී. මෙය ශක්ති ශරීරය, බයෝ ප්ලාස්මීය ශරීරය, ඊතරීය ශරීරය, මනෝමය කාය ආදී නම්වලින් හැඳින්වේ. ශරීරයෙන් පිටවූ පසු  ඕනෑම දුරක් ගමන් කළ හැක. ගමන් වේගයේ සීමාවක් නැත. ලෝකය වටේම යාමටත් තත්පරයක්වත් ගත නොවේ. ගලක් කන්දක් හෝ  ඕනෑම බාධාවක් විනිවිද යා හැක. කොපමණ දුර ගියත් එම සියුම් ශරීරයේ සිට මාංශ ශරීරයට සම්බන්ධ වූ රිදීපාට සියුම් නූලක් වේ. (Silver cord) එය ඉතා සියුම්ය. බාධා සමග එය නොගැටේ. මේ නූල මාංශ ශරීරයෙන් කැඞී ගියහොත් පුද්ගලයා මරණයට පත්වූවා යැයි කියති. වෙනත් තැනක ඉපදෙන්නේ මාංශ සිරුරෙන් නික්මවී ගිය ඒ සියුම් ශරීරයය. විඤ්ඤාණය එය තුළ ඇත. තද නින්දේ සිටින විට මේ සියුම් සිරුර මාංශ ශරීරයෙන් පිටවී ගොස් නැවත එන තත්ත්වයක් සිහින දැකීමක් වශයෙන්ද යම් යම් අවස්ථාවල සඳහන්වේ.


බි‍්‍රතාන්‍ය සොල්දාදුවකු වූ කැප්ටන් බර්ටන් හෘදයා බාධයකින් පෙළෙමින් රෝහලේ සිටියදී ඔහු ලත් අත්දැකීමත් මෙසේ විස්තර කරයි. ”මම මගේ ඇඳ පාමුල නැගිට සිටිමින් හොඳ සනීපයෙන් යුතුව ඇඳේ වැතිර පැවැති මාගේ ශරීරය දෙසත්, එහි සිටි දොස්තර මහතා දෙසත් බලා සිටියෙමි. ටිකකින් මම ඇඳේ ගරාදි දිගේ උඩට නැගී ශරීරයට ඉහළින් පාවෙමින් සිටියෙමි. තවත් ටිකකින් මම ශරීරය මත දිගාවීමි. එවිට දොස්තර මහතා ”ආයිත් පණ ආවා” කියා කියන වචනය මට ඇසිණි.” මේ කියන කාලය තුළ එම දොස්තර මහතා වටහාගෙන සිටියේ ලෙඩා මළ බවය. (D. Scott Rogo Explening Psycic Phenomena 72 P.U.S.A. 1976)


1902 දී බි‍්‍රතාන්‍ය අක්ෂි වෛද්‍යවරයකු වූ හියු කැලවේ ශරීරයෙන් පිටත්වී සිටීම පිළිබඳව බොහෝ පරීක්ෂණ පැවැත්වූහ. ඔහු තමන් දකින සිහින හා ශරීරයෙන් වෙන්ව යන අවස්ථා හඳුනාගැනීමට සමත් වීය. දොස්තර කැලවේ එංගලන්තයේ පරීක්ෂණ පවත්වන අතර එබඳු ස්වභාවයක් තිබූ ”සිල්වන් මල්ඩූන්” නමැති ඇමෙරිකානු රෝගී ළමයකු මුණගැසී ඔහු සමග සාර්ථක ලෙස පර්යේෂණ කළේය.


1960න් පසුව මෙම විෂය බොහෝ දෙනාගේ පර්යේෂණයට භාජනය වී ඇත. බි‍්‍රතාන්‍ය රාජකීය ආකාශ වස්තු පර්යේෂණායතනයේ ආචාර්ය රොබර්ට් ක‍්‍රැකෝල් මේ පිළිබඳ පර්යේෂණ කරන අතර සිය වෘත්තියෙන් ද සමුගෙන මෙහිම යෙදුණේය. ඔහු මේ මාතෘකාව යටතේ පොත් දොළහකට වඩා වැඩි ප‍්‍රමාණයක් ලියා ඇත. 1960න් පසුව විද්‍යාඥයන් උත්සාහ කළේ මෙම ශරීරයෙන් සිතාමතා උපක‍්‍රමයෙන් පිටත්වී යාමටත් එය නවීන විද්‍යා උපකරණවලට හසුකර ගැනීමටත්ය. ඞී. රෝමස් ඔර්විල් යන ප‍්‍රංශ ජාතික පර්යේෂකයන් දෙවරක් මේ ශරීරයෙන් පිටත්වී සිටියදී ඡුායාරූප ගතකර ගැනීමට සමත්වී ඇත. එකක මීදුමකින් සෑදුන රූපයක් ලෙස සටහන්වී ඇත. (D. Scott Rogo ඉහත සඳහන් පොත)


ශරීරයෙන් පිටත්වී හැසිරීම (OBD. Out of Body experience) බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනි නැත. මෙය බුදුහාමුදුරුවන් ශ‍්‍රාවකයන් වහන්සේලාට උගන්වා ඇති දෙයකි. මජ්ඣිම නිකායේ මහා සකුලූදායී සූත‍්‍රයේ මෙසේ සඳහන්වේ. ”තවද උදායි මා විසින් මෙබඳු ප‍්‍රතිපදාවක් කියා දෙන ලදී. එනම් මගේ ශ‍්‍රාවකයන් මෙම ශරීරයෙන් වෙනත් මනෝමය වූ එහෙත් රූපයෙන් යුක්තවූ සියලූ ශරීර අවයවයන්ගෙන් යුක්තවූ හා (ඇස් කන් ආදී) ඉන්ද්‍රියයන් කි‍්‍රයාත්මකව පවත්නා ශරීරයක් නිර්මාණය කරන (ශරීරයක් පිටතට ගන්නා) ආකාරයයි. එනම් මුදු තණ (දිග කොළ ඇති තෘණ වර්ගයකි) ගසකින් ගොබයක් එළියට අදින්නාක් මෙනි. එසේ ගලවා බලන්නෙකුට මේ තෘණ ගසය. මේ ගොබය යයි කියාද, තණ ගස වෙනමය, ගොබය වෙනමය කියාද වැටහෙන්නේය. මේ තණ ගසින්ම මේ ගොබය එළියට ගන්නා ලද්දේය කියාද වැටහෙයි. තවද යමෙකු කඩුවක් කොපුවෙන් එළියට ඇද්ද පසු මේ කඩුවය. මේ කොපුවය. කඩුව අනෙකකි. කොපුව අනෙකකි. කොපුවෙන්ම කඩුව එළියට ගන්නා ලද්දේය. කියා වැටහෙන්නේය. එම්බා උදායි යම් සේ පුරුෂයෙක් සර්පයකු පෙට්ටියෙන් එළියට ගනී. ඒ පුරුෂයාට මේ සර්පයාය. මේ පෙට්ටියය. නයා අනෙකකි. පෙට්ටිය අනෙකකි. පෙට්ටියෙන්ම නයා එළියට ගන්නා ලද්දේය කියා වැටහෙයි (මෙහි අට්ඨකථාවෙහි ”කරණ්ඩක” ශබ්දයට ”හැව” යන අර්ථය දී ඇත) එම්බා උදායි, යම් සේ කි‍්‍රයා කිරීමෙන් මාගේ ශ‍්‍රාවකයෝ මේ ශරීරයෙන්, රූපයෙන් යුක්තවූ මනෝමය වූ සියුම් වූ සියලූ ලොකු කුඩා අඟ පසඟින් යුක්තවූ සියලූ ඉන්ද්‍රියයන්ගෙන් සම්පූර්ණ වූ වෙනත් ශරීරයක් එළියට ගන්නේද ඒ ප‍්‍රතිපදාව මා විසින් කියා දෙන ලදී. (මජ්ඣිම නිකාය ති‍්‍රපිටක ග‍්‍රන්ථමාලා 11 1973, පිටු 358)

 

23_SLT_P_4


මේ සඳහා බුදුහාමුදුරුවන් උගන්වා වදාළ ප‍්‍රතිපදාව නම් අභිඥා යන විශේෂ ඤාණ ලබාගැනීමයි. අෂ්ට සමාපත්ති උපදවාගෙන එය නැවත නැවතත් සම වැදීමෙන් ප‍්‍රගුණ කොට අභිඥා ලබාගන්නා සැටිය විස්තර වශයෙන් විවිධ තැන්වල දක්වා ඇත. සිත එකඟ කිරීමෙන් ලබන ලද දියුණුව උපයෝගී කරගනිමින් කළ හැකි මෙබඳු ප‍්‍රාතිහාර්යාත්මක කි‍්‍රයාවන් බොහෝ ඇත. ශරීරයෙන් පිටත්වී යන සියුම් ශරීරය අභිඥා ලැබූ කෙනකුට තමා කැමැති ලෙසකින් කි‍්‍රයා කරවිය හැක. එය පර්වතයක් හෝ වෙනත් කවර තත්ත්වයකට ඝන දෙයක් හෝ විනිවිද ගමන් කරවීමට හෝ පුළුවන. පොළොව, ජලය, අහස යන මේ කවරක වුවද එක සමානව නොගැටී සංචාරය කරවිය හැක. කෙතරම් ඈත පවතින දෙයක් හෝ කොතරම් සියුම් දෙයක් හෝ දැක ගැනීමද අසා ගැනීමද කළ හැක. වෙනත් අයගේ සිතුවිලි දැකගත හැක. මේ ලෝකය ඉක්මවා වෙනත් ලෝකවලද මෙසේම කි‍්‍රයාකිරීමට හැකිවෙයි. එසේ ගමන් කරන විට කවර අවස්ථාවකදී වුවත් අවශ්‍ය ප‍්‍රමාණයට ඝන බවකටද පත්කළ හැකි වෙයි. තමන් එක තැනක සිටිමින් ඈත ස්ථානයක ද එම රූපයෙන්ම පෙනී සිටිමින් කෙනෙකු සමග කතා කිරීම වෙනත් කි‍්‍රයාවක් කිරීම යන මේවා කළ හැක.


මෙම සිදුවීම් සම්බන්ධයෙන් කොතෙකුත් කරුණු අපවත්වී වදාළ බෙල්ලන ඤාණවිමල නාහිමියන්ගේ බළංගොඩ ආනන්ද මෛති‍්‍රය නාහිමියන්ගේ සහ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ පොත්පත්වල සඳහන්වී ඇත. එම හිමිවරුන් දෙනමක් සමඟ මා මේවා ගැන කොතෙකුත් කරුණු සාකච්ඡුා කොට ඇත. හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ අවසාන ධර්ම දේශනාවේ ඉතා කුඩා කොටසක් උපුටා දැක්වීමෙන් තව දුරටත් මේ ගැන වැටහීමක් ලබාගත හැක.
”අහං අඤ්ඤත‍්‍ර රූපා, අඤ්ඤත‍්‍ර වෙදනාය අඤ්ඤත‍්‍ර සඤ්ඤාය, අඤ්ඤත‍්‍ර සංඛාරා විඤ්ඤානස්ස ආගති, වාගති, වා චුතිංවා උපපත්ති වා වුද්ධිංවා විරුල්හිංවා පඤ්ඤා වෙස්සාමිත නෙතං ඨානං විජ්ජති”


එනම් මම රූපස්කන්ධයෙන් තොරව, වේදනා ස්කන්ධයෙන් තොරව, සඤ්ඤස්කන්ධයෙන් තොරව සංඛාරස්කන්ධයෙන් තොරව, විඤ්ඤාණස්කන්ධයාගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසිදෙයක් මම පණවනවයි කියලා එකක් කිසිකලෙක වෙන්ට බෑ. ඒ මොකද? විඤ්ඤාණය යම් තැනකම නම් පවතින්නේ ඒ පවතින තැන රූප, වේදනා, සංඥා, සංඛාර කියන හතර පැවැතිය යුතුය. කිසි විටෙකවත් විඤ්ඤාණය තනිව ගමන් කිරීමක් නෑ. එසේ නම් තණ්හා සහගත සිතින් අල්ලාගනු ලැබූ රූපස්කන්ධය විඤ්ඤාණය සමග යනවා ඒ මේ  ඕලාරික රූපස්කන්ධය නොව, ඒ කියන්නේ මේ අපේ ඇට, සම්, මස්, නහර සහිත රූපස්කන්ධය මෙලොවට ඉතුරුවෙලා ඒක වළලාදානවා, පුච්චලා දානවා එසේ නම් මේ ඊළඟට ඉතුරුවන රුපස්කන්ධය මනෝමය රූපස්කන්ධයයි. එය තව දුරටත් පොට්ඨපාද සූත‍්‍රයේ බුදුහාමුදුරුවෝ මෙසේ වදාළහ.


”තයො මේ පොට්ඨපාද අත්ත පටිලාභා පොට්ඨපාදය අත්ත පටිලාභ තුනකි. ශරීර තුනකි. මොනවාද?  ඕලාරිකො අත්ත පටිලාභෝ, කබලිංකා හාර භක්ඛෝ, කඩා (කැබලි කොට) කන ආහාරයෙන් පෝෂණය කරන  ඕ  ඕලාරික ශරීරය සහිත ස්කන්ධය. මනෝමය අත්තපටිලාභො රූපී සබ්බංග පච්චංගි අභිනින්ද්‍රියො, තව රූපයක් තිබෙනවා මනෝමය අත්ත පටිලාභය, ඒක මනෝමයයි. රූප සහිතයි. අභිනින්ද්‍රියෝ සබ්බංග පච්චංගි සෑම අත්පා ආදී අංග ප‍්‍රත්‍යංගයක්ම තිබෙනවා. අභිනන්ද්‍රියෝ සියලූ ඉන්ද්‍රියයන්ගෙන් යුක්තයි. ඒ මොකක්ද? මනෝමය අත්තපටිලාභය එය මනෝමය අත්ත පටිලාභය දැනට අපේ සිරුර ඇතුළේම තිබෙන සියුම් ශරීරයයි. එය ඉතාම ප‍්‍රසිද්ධ කරුණක් වශයෙන් දැන් ප‍්‍රකටයි. රෝහල්වල ශල්‍යකර්ම කරන අවස්ථාවලදී වෛද්‍යවරු ලෙඩා සිහි නැති කරනවා. ශල්‍යකර්ම කරලා අවසාන වෙලා ලෙඩා කියනවා මගේ බඩ පලනවා මම බලාගෙන, උඹ කොහේද හිටියේ? මේ මෙතන හිටගෙන. අහවල් තැන කැපුවා. අහවල් තැන කැපුව අහවල් දොස්තර මහත්වරු ඒ තැන්වලට මැහුම් දැම්මා. ඒ ඔක්කෝම විස්තර කියනවා. සිහි එනකොට අර මනෝමය ශරීරය නැත්නම් සියුම් ශරීරය මේ  ඕලාරික සම් මස් ඇට සහිත ශරීරයට පිවිසෙනවා. එපමණක් නොවෙයි සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ බුදුහාමුදුරුවෝ මේ මනෝමය කයින් බ‍්‍රහ්ම ලෝක දිව්‍ය ලෝකවලට වැඩිය බව සඳහන් වෙනවා.”


මේ ආදී වශයෙන් හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ අවසාන ධර්ම දේශනාවේ සඳහන් වෙනවා. ඒ අනුව බලනවිට (පාර මනෝ විද්‍යාවට’ අනුවද බුදු දහමට අනුවද) අපේ මේ කය තුළම තවත් සියුම් වූ ශක්ති ශරීරයක් ඇති බව පෙනී යයි. මුලින් සඳහන් කළ ප‍්‍රායෝගික අත්දැකීම් නවීන විද්‍යාවට අනුවද බුදුදහමට අනුවද කෙසේ විස්තර කළ හැකි දැයි අපට වටහාගත හැකිය. සියලූ සත්ත්වයන්ගේ වේවා ගහකොළක හෝ වේවා මේ සියුම් ශක්ති ශරීර ඇති බව අද විවිධ පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත. අප කරන හොඳ නරක කර්ම විපාක මේවාට සම්බන්ධ වෙමින් සසර ගමන සිදුවෙනවා. මේවායේ යථාතතු තේරුම්ගෙන යහපත් වැඩකරමින් යහපත් සිතුම් පැතුම් ඇති කරගනිමින්, යහපත් කතා කියමින් ජීවත්වෙනවා නම් අපට යහපත් මරණයක් ළඟා කරගත හැක. මරණයට බිය විය යුතු නැත. නැවත ඒ පුද්ගලයා ඉපදෙන්නේ සුගතියකමය. අයහපත් වැඩකරමින්, සිතමින්, කියමින් සිටියහොත් එයා නැවත ඉපදෙන්නේ දුගතියකමය. එය කර්ම නියාමයයි. ධම්ම නියාමයයි. මේ මෙසේ දැනගෙන කි‍්‍රයාකොට සසර ගමන කෙළවර කිරීම බුදුදහමේ අවසාන අරමුණයි.

 

m



අදහස් (0)

මනෝමය කය පිළිබඳ මෑත කාලීන අත්දැකීමක්

අෑන් Tuesday, 26 May 2015 10:07 PM

බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත්තේ ඉතා සුලු පිරිසක් නිවන් දකින බවයි. උන් වහන්සේගේ අල්ලේ ඉතිරි වුණ වැලි කැට හා සමානව පිරිසක්. නිවන් දැකීම මෙච්චර අමාරු වුණේ ඇයි? ජීවය ඇතිවීම කිසිම තේරුමක් නැති දෙයක්. දැන් ලෝකය දිහා බැලුවම හිතෙන්නේ කිසිදෙයක් ඇති නොවී තිබුනා නම් කොච්චර හොඳද කියලයි. (නි)

:       0       0

සුදේශ් නාලක Thursday, 11 June 2015 03:43 PM

මමත් මෙය අත් දකිනවා (බ)

:       0       0

නිමල් ජයසිංහ Monday, 01 June 2015 04:55 PM

රෙක්ස් මහත්තය ඔබ කියන පරිදි ත්‍රිපිටකය ඇසුරෙන් වෙනත් භවයක ප්‍රතිසන්ධිය ලබාගන්නා ආකාරය පැහැදිලි කරදෙන ලෙස කාරුණිකව ඉල්ලමි.(කේ)

:       0       0

ඉමාශා Tuesday, 09 June 2015 05:01 PM

මට මේ අත්දැකීම තියෙනවා (කේ)

:       3       2

නිවන්තක Sunday, 31 May 2015 08:25 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

වින්දක Thursday, 28 May 2015 10:24 PM

බුදුහාමුදුරුවෝ සුළු පිරිසක් නිවන් දකිනවා කියලා කිව්වනේ.නිවන් දකින්න ගොඩක් වීර්යවන්ත වෙන්න ඕනෑ.එහෙම වීර්යවන්ත වෙන්න පුළුවන් සුළු පිරිසකට විතරයි. (නි)

:       0       0

නිමල් Tuesday, 02 June 2015 04:18 PM

බුද්ධියට කතාකරන ලිපියකි (නි)

:       0       0

නිහාල් Friday, 29 May 2015 06:05 PM

හිටපු ජනාධිපති ජේ .ආර් මහතා මේ ආත්මයේ නිවන් යනවා කීවා (බ)

:       0       0

සම්පත් Wednesday, 27 May 2015 10:43 AM

හැම දෙයකටම අාගම්වාදීව බලන්න එපා. හැම ආගමකටම ගරු කරන්න දැනගන්න. ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන්නේ ක්‍රිස්තියානි ආගමයි. ඒ ආගමේ ඕකට කියන්නේ "ආත්මය" කියල. ඉතින් ආගම් වලට ගරහන්න එපා. (ස)

:       0       0

නුවන් Tuesday, 26 May 2015 11:47 AM

නව විද්‍යාව වර්තමානයේ සොයා ගන්නා නොයෙකුත් විස්මිත දේවල් මීට වසර 2500 කට එපිට අප බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත! නමුත් මේවා නොපෙනෙන නොඇසෙන මෝඩ මිනිසුන් ලෝකයේ කප්පරක් ජීවත් වෙති (බ)

:       0       0

සපුතන්ත්‍රී Tuesday, 26 May 2015 01:05 PM

දෙවියෝ,මවපු කට්ටියට නම් මේවා පිළිගන්න බැරි වේවි ඇස් පනාපිට ඔප්පු කරලා පෙන්නුවත්!(හේ)

:       0       0

රෙක්ස් Sunday, 31 May 2015 12:40 PM

කියන්න බොහොම කනගාටුයි, නිර්මල ථෙරවාද බුදු දහමේ කිසිම තැනක මෙහෙම මනෝකාය කියක දෙයක් සදහන් වන්නේ නැත. යමෙක් මියගිය පසු වෙනත් භවයක ප්‍රතිසන්දිය ලබනවා මිස, ඔය කියන විදියට GOOD BYE කියකිය රස්තියාදු ගසන්නේ නැත. සියල්ලෝම හරියට ත්‍රිපිටකය අධ්‍යයනය කරත්වා.(කේ)

:       0       0

රමසි Sunday, 31 May 2015 12:43 PM

එම සියුම් ශරීරයේ සිට මාංශ ශරීරයට සම්බන්ධ වූ රිදීපාට සියුම් නූලක් වේ. (Silver cord) එය ඉතා සියුම්ය. බාධා සමග එය නොගැටේ. මේ නූල මාංශ ශරීරයෙන් කැඞී ගියහොත් පුද්ගලයා මරණයට පත්වූවා යැයි කියති.......... මෙවන් අපබ්‍රංශ බුදු දහමේ (ත්‍රිපිටකයේ) නොමැත. කරුණාකර බුදුදහම විකුර්ති නොකරන්න.(කේ)

:       0       0

නුවන් කටාර් Thursday, 28 May 2015 02:32 PM

මට හැඟෙන හැටියට මා කුඩා කාලයේදී එක අවස්ථාවක මගේ මනෝකාය මගේ ශරීරයෙන් මිදී ගිය අවස්ථාවක් අත් විඳලා තියනවා. අපි පොඩි කාලයේ අපිට කොකුපනු බෙහෙත් දෙනවා. එ්ක බිවම මත් වෙනවා. මට මතකයි මම ඇන්දේ හාන්සි වෙලා ඉන්නකොට ඇඳ කැරකෙනවා වගේ දැනුන. ඊට පස්සේ ඇඳ ඔලුව පැත්තෙන් ඇලවෙලා ගොඩක් පහලට යනවා වගේ දැනුන. ඊට පස්සේ මට මාව ඇන්දේ ඉන්නවා පෙනුන. මම හිටියේ ඇඳට උඩින්. ඊට පස්සේ මම පාවෙලා වහලටත් උඩින් හිටිය. පොඩි වෙලාවකින් කව්දෝ කතා කරන සද්දයක් ඇහුන. මට දැනුන මව නිකන් ඇදිල ගිය වගේ. ඒ සද්දෙත් එක්කම මම ඇහැරුනා. ඒ නිසා මනෝ කය පිලිබඳ විශ්වාසයක් මට තියනවා. පළමු සිදුවීම අහම්බයක් උනත් එය නැවත පර්යේෂණාත්මකව අත්හදා බැලීමට පොත් පත් කියවමින් සිටිනවා. (බ)

:       0       0

ගමගේ Wednesday, 27 May 2015 08:08 AM

දකුණු පළාතේ බැංකුවක කළමනාකාර මහත්මයෙකුට සිදුවූ දෙයක් මෙහිදී සඳහන් කරන්න කැමතියි. ඒ මහතා තමන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිසා තාවකාලික මඩුවක බඩු බාහිරාදිය තැන්පත් කරලා නාන කාමරයෙන් දිගුවක් ලබාගෙන විදුලි බුබුලක් සවිකිරීමට යාමේදී වයරය ගැලවී ඇඟේ ඇලී විදුලි බුබුල දැල්වෙන්න පටන් ගත්තලු. ඊට පස්සේ ඔහුට මතක ඈතට ඈතට පාවෙලා ගිය එකලු. ගෙදර අයගේ කෑගැහිල්ලට යාබද නිවසේ විසු වෛද්‍යවරයෙක් පැමිණ හෘදය වස්තුවට වේගයෙන් තෙරපීමක් දීල තියෙනවා. නැවතත් පාවීගෙන ඇවිල්ල ශරීයට ඇතුළු වුන එකත් බැංකුවේ මහත්තයට මතකයිලු. (බ)

:       0       0

අජන්ත Thursday, 28 May 2015 07:12 AM

හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වු ලෝකය වර්තමාන අවස්ථාව හේතු විවිධත්වය මත අසිමිත රූ රටා අවකාශයේ මවයි. කළබල නොවන්න සිත සන්සුන් කරන්න, තෘෂ්නාව ඉවත් තරන්න.......දැන් රූ රටා මැවිය හැකි බව දැනේ එහෙත් ඒ රූ රටා බලන්නෙක් නැති බවද දැනේ. අසීමිත විෂයන් පසු පස නොයන්න....වර්තමාන හේතු ඵල නිරෝධයට හිත තියන්න..... ලෝකාවබෝධය ලැබෙනු ඇත. (බ)

:       0       0

කුමාර Wednesday, 27 May 2015 05:13 PM

ඔබතුමාගේ ලිපිය ඉතාම වටිනවා, මගේ උත්සහය කෙදිනකහෝ මෙය අත්විදීමයි, ඒ සදහා මා, මගේ මාර්ගය එලි පෙහෙළි කරමින් පවතිනවා. මේ අදහස් දමන අයගෙන් මට එක් ඉල්ලීමක් කරන්න ඕන, කවදාවත් ආගම්වලට දෝෂාරෝපණය කරමින් කල්මරන්න එපා, හරිදේ ඔබට වැටහේද, එය දන්නා කෙනෙකු සමගින් කතිකා කර එය කරන්න. හැමවිටම පටු අදහස් වලින් ඈත්වන්න. හැමවිට හොද දේ කරන්න, හොද වචන කතාකරන්න, ඔබගේ ආත්මය සුවපත් වේවි.(නදී)

:       0       0

නුවන් Wednesday, 03 June 2015 12:55 PM

කාල ඉවසන්න බැරි කට්ටියකුත් මෙතනට එක් වෙලා වගේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4058 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 489 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1103 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site