ඇය පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප‍්‍රිය රංගන ශිල්පිනියකි. ජනතාවගේ ආදරයට පාත‍්‍ර වූ නිසාම ඇය ජනප‍්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියට හිමි සම්මානයට පවා හිමිකම් කීවාය. රිදී තිරයේ ද ඇය සම්මානවලට පාත‍්‍රවුණේ රංගනයේ ඇති සැබෑ දක්‍ෂතාවය නිසාවෙනි. පසුගිය කාලයේ ඇය ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් ලෙසින් ද, රූපවාහිනියට උසස් නිර්මාණ එක් කළාය. මේ රුවැත්තිය නමින් නදීෂා හේමමාලිය.
නදීෂා අද දවසේ කාගේත් කතාබහට ලක්වී සිටින චරිතයකි. ඒ ඇය හදිසියේම දේශපාලන පොර පිටියට පිවිසීම නිසාය. පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය හිමිකරගත් ඇය අනතුරුව එජාප නායකත්ව මණ්ඩල සභික හා ජාතික යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා අතින් තරුණ කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක පත්වීමක් ද ලබාගත්තාය. මෙවර දකුණු පළාත් සභාවට එජාපයෙන් තරග වැදීමට ඇය බලාපොරොත්තු වන්නීය. මේ ආගමනයත් සමග නදීෂා දේශපාලන පොරපිටියේ කෙසේ හැසිරෙයිද? ඇයගේ අරමුණු මොනවාද? මේ සියල්ල ගැන ඇයගෙන් අපි විමසුවෙමු.
ප‍්‍රශ්නය: රංගන ශිල්පිනියක් ලෙසින් කාගේත් ආදරයට පාත‍්‍ර වූ ඔබ ඇයි දේශපාලනයට පිවිසුණේ?
පිළිතුර: ජනතා සේවකයෙක් වෙන්නයි. මම නායකයෙක් කියලා කියන්නේ හොඳම සේවකයාටයි. හොඳම සේවකයා නායකයායි. මට අණ දෙන්නෙක් වෙන්න ඕනේ නෑ. සේවකයෙක් වෙන්නයි අවශ්‍ය. ඒ හින්දයි දේශපාලනයට ආවේ.
ප‍්‍රශ්නය: කලා ක්‍ෂේත‍්‍රයෙන් ඇවිත් ඉන්න අය කරන දේශපාලනය මදි හින්ද ද ඔබත් මෙතැනට තල්ලූ වුණේ?
පිළිතුර: මම දේශපාලනයට ආවේ අනෙක් අය කරන්නේ නොකරන්නේ මොනවාද කියන කාරණය උඩ නොවෙයි. මම දේශපාලනයට ආවේ මම මොනවද කරන්න ඕනේ කියන කාරණය උඩයි. මට මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියන එක අපි ඉස්සරහට බලමු.
ප‍්‍රශ්නය: ඔබ එජාපය තෝරාගත්තේ ආණ්ඩු පක්‍ෂයෙන් එන්න බැරිවූ හින්ද ද?
පිළිතුර: මම එක්සත් ජාතික පක්‍ෂය තෝරා ගත්තේ කරුණු 2 ක් මතයි. එකක් මගේ පවුල් පසුබිම එක්සත් ජාතික පක්‍ෂයට තිබෙන සම්බන්ධයයි. අනෙක් කරුණ මට ඇත්තටම මේ ක‍්‍රමයේ වෙනසක් දකින්න ඕනේ හින්දයි එජාපය තෝරා ගත්තේ.
මෙය පුද්ගලයකුට විරුද්ධව කරන සටනක් නොවෙයි. මේ දියවෙලා, කුණුවී යන ක‍්‍රමයට විරුද්ධව කරන සටනක්. ඒ සටනට ප‍්‍රධාන බලවේගය තමයි එක්සත් ජාතික පක්‍ෂය, ඒ හින්දා මගේ ගමන එජාපයෙන් ආරම්භ කළා.
ප‍්‍රශ්නය: එජාපය මොනවගේ බලාපොරොත්තුවක් ඇතිවද ඔබ මෙතැනට තල්ලූ කළේ?
පිළිතුර: ඒක නම් අහන්න ඕනේ එජාපයේ මහලේකම් තුමාගෙන්. මම ඉල්ලගෙන ගිය එකක් නොවෙයි. මට ආරාධනා කළා. ඒ ආරාධනාව මම බෘරගත්තා. එච්චරයි.
ප‍්‍රශ්නය: උපේක්‍ෂා එජාපයෙන් ඇවිත් ආණ්ඩු පක්‍ෂයට සම්බන්ධ වුණා. ඔබත් ඒ වගේ කරණමක් ගහන්නද ලෑස්තිවෙන්නේ?
පිළිතුර: නෑ. පැහැදිලිවම නෑ. ඒක ඉදිරියේදී ඔබලාට දැකගන්න පුළුවන් වේවි.
ප‍්‍රශ්නය: කලාකරුවන් දේශපාලනයට එන එක දැන් වැඩිවෙලා. එහෙම වෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ?
පිළිතුර: විශේෂ හේතුවක් නෑ. මේක පශ්චාත් මධ්‍යතන සමාජයක්. ඒ සමාජයේ ජනප‍්‍රිය සංස්කෘතියට විශාල තැනක් තිබෙනවා. ජනප‍්‍රිය සංස්කෘතිය ඇතුළේ ප‍්‍රසිද්ධ චරිතවලට සාමජයේ ඉල්ලූමක් තිබෙනවා. එහි නරක දේ තමයි සමාජයේ අය හරයට වඩා පෙනුම වැදගත් කොට සැළකීමයි.
අපේ වගකීම තමයි පෙනුම විතරක් නොව හරයත් එයට එකතු කරන්න ඕනේ කියන එකයි. ඒ සඳහා දැනුම හා පළපුරුද්ද අපි ලබාගත යුතුයි.
ප‍්‍රශ්නය: කලාකරුවෝ මේ දේශපාලනයට ඇවිත් අනාගන්නවා. ඇවිල්ලා හැමෝගෙන්ම බැනුම් අහනවා. ඔයා ගෙනුත් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද?
පිළිතුර: දේශපාලනයේදී විතරක් නොවෙයි හැම ක්‍ෂේත‍්‍රයම හොඳ නරක වගේම බැණුම්ද අහන්න ලැබෙනවා. ඒක පොදු දෙයක්. ඒ වගේම අනෙක් අයගෙන් හොඳක් අහනවා වගේම මට වැදගත් වෙන්නේ අනෙක් අයගේ අඩි කෝදුවලින් මාව මැනගන්න එක නොවෙයි. මට මාව මනින්න මගේම මිනුමක් තිබෙනවා. මගේ හතුරාත් මමයි. මගේ මිතුරාත් මමයි.
ප‍්‍රශ්නය: දකුණු පළාත් සභාවට ඉල්ලන්න ඔයාට තිබෙන සුදුසුකම මොකක්ද?
පිළිතුර: පළමු කාරණය මම දකුණේ කෙනෙක් වීම. දෙවැන්න නීත්‍යානුකූලව මම ඡුන්දේ ඉල්ලන්න නුසුදුස්සෙක් නොවීමයි. මම දකුණට උඩින් පාත් වූ කෙනෙක් නොවෙයි.
මම ඉපදුණේ අම්බලන්ගොඩ පොල්වත්ත ඉස්පිරිතාලේ. මොන්ටිසෝරි ගියේ පොඩි ඉඳුරුව හා මැටිවල, තෙල්වත්ත ප‍්‍රදේශවල මොන්ටිසෝරිවලටයි. පාසල් 1 වැනි ශ්‍රේණියේ ඉඳලා 8 වැනි ශ්‍රේණිය දක්වා අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහලේ ඉගෙන ගත්තේ. සා.පෙළ හා උ.පෙළ විභාග කැලණිය ප‍්‍රදේශවල විදුහල් 2 කින් ලබාගත්තා. මගේ ආච්චි අම්මා ඉන්නේ පොඩි ඉඳුරුවේ. සීයා ඉන්නේ හික්කඩුව, තෙල්වත්ත ප‍්‍රදේශවල. මගේ තාත්තාගේ අම්මයි, තාත්තයි බලපිටිය, මහලදුව, වතුගෙදර ප‍්‍රදේශවල. අනෙක් පවුලේ ඥාතීන් බටපොළ, දෙහිවල ඉන්නේ. එහෙම බලනකොට මුළු දිස්ත‍්‍රික්කය පුරාම අපේ සම්බන්ධය තිබෙනවා. මේවා සමහරු දන්නේ නෑ. ඒ හින්දයි සමහරුන්ට මම දකුණට ඉල්ලනවා කිව්වාම පුදුම හිතෙන්න ඇත්තේ.
ප‍්‍රශ්නය: ඔබ හිතනවාද, රංගන ශිල්පිනියක් ලෙස තරුණ පරපුරේ අයගේ හිත දිනාගන්නත්, දේශපාලනයේදී දකුණේ තරුණ පරපුරේ විශ්වාසය දිනාගන්න පුළුවන් කියා?
පිළිතුර: ඔව්. මම කරන ප‍්‍රතිපත්ති, මගේ දර්ශනය එක්ක තමයි මම දකුණට යන්නේ. ඉතිං ඒ දර්ශනය තරුණ තරුණියන් පිළිගනියි කියා මා හිතනවා. අවශ්‍ය වන්නේ ප‍්‍රතිපත්ති හා දර්ශනයයි. ඒ තුළ තමයි ඔවුන් මට කැමතිද? නැද්ද? කියා තීරණය කරන්නේ. මට ඔවුන් විශ්වාසයි.
ප‍්‍රශ්නය: මෙවර දකුණු පළාත් සභාවට ගීතා කුමාරසිංහ, අනර්කලී ආකාර්ෂා සමගයි ඔබට තරග වදින්න සිදුවන්නේ. අන්තිමේදී නදීෂාත් කෙහෙවලූ පටලවා ගනියිද?
පිළිතුර: පුද්ගලිකව නොවෙයි. නමුත් දේශපාලන මතවාද ඔස්සේ හොඳට කෙහෙවලූ පටලවා ගනියි ඉස්සරහට. ඒක ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි.
ප‍්‍රශ්නය: ගීතා හා අනර්කලී කලා ක්‍ෂේත‍්‍රයේ දිදුලන තරු දෙකක්. ඔබත් ජනප‍්‍රිය දිදුලන තාරකාවක්. ඔවුන් දෙදෙනා ඔබට අභියෝගයක්ද?
පිළිතුර: මට කවුරුත් අභියෝගයක් නොවෙයි. මගේ අභියෝගය තිබෙන්නේ මගෙත් එක්කයි. මොකද මගේ ප‍්‍රතිපත්ති තිබෙනවා. මට අභියෝගය තිබෙන්නේ මගේ ජනතාවත් එක්කයි. මට ආදරය කරන පිරිස මාව පිලිගත්තොත් ඒක තමයි මට වටින්නේ.
ප‍්‍රශ්නය: දේශපාලනයේදී මඩ වදින්න පුළුවන්. නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. ඔබට ඊට මුහුණ දෙන්න ශක්තියක් තිබෙනවාද?
පිළිතුර: දේශපාලනයේදී විතරක් නොවෙයි අපේ දහම් පාසලේ උගන්වන ගුරුවරුන්ටත් මඩ වදිනවා. බුදුහාමුදුරුවන්ටත්, ජේසු සමිඳානන්ටත්, නබිනායක තුමාටත් මඩ වැදුණා. මඩවලට ඔරොත්තු දීලා යන හැටි ඉගෙනගන්න තිබෙන හොඳම ජීවමාන උදාහරණය තමයි අපේ නායකතුමා රනිල් වික‍්‍රමසිංහ. ඒ නිසයි එජාපය මා තෝරාගත්තේත්. මට ඕනෑම දෙයකට මුහුණ දෙන්න ශක්තිය තිබෙනවා.
ප‍්‍රශ්නය: මේ කරණමක් සමග නදීෂා කියන නිළියට මොකද වෙන්නේ?
පිළිතුර: මම රඟපෑම අත්හරිනවාද කියන ප‍්‍රශ්නයක් නම් ඔබ අහන්නේ, නෑ. මම රඟපෑම අත්හරින්නේ නෑ. නමුත් මට එතනින් එහාට යන්න බලාපොරොත්තු වෙනවා යන්නයි.
හොලිවුඞ් සිනමාව ගත්තොත්, එහි දේශපාලන කලාව, සමාජීය ප‍්‍රශ්න ගැන ඉතාම ගැඹුරු මට්ටමින් කතා කරනවා. අපේ කලාව තුළ එහෙම කතා කරපු නිර්මාණ තිබෙන්නේ බොහොම කීපයයි. ඒක කරන්න කලාව ගැන වගේම දේශපාලනය ගැනත් හොඳ අවබෝධයක් තිබීම වැදගත්. මම මගේ කලා ජීවිතයේ දේශපාලනය එක්ක අලූත් මාවතකට ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ හින්දා මම හැම කෙනෙකුගෙන්ම එක ඉල්ලීමක් කරන්න කැමතියි. මාව විශ්වාස කරන්න කියලයි. මම කරන දේ කියන කෙනෙක්. අනෙක එජාපයෙන් මට තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක පත්වීමක්ද දුන්නා. එහි ප‍්‍රතිඵල ළඟදීම දැකගන්න පුළුවන් වේවි. දැන් දකුණේ සිට මගේ දේශපාලන ගමන ආරම්භ කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඡන්ද දායකයෝ රූපයට රැවටෙන්නේ නැහැ. (නදී)
කතා කරන්න එපා දේශපාලනය ගැන ඔබ තුමිය මොනවාද දන්නේ (දී)
දැන් දේශපාලනය නොකරන්නේ බුද්ධිමත් දේශපාලනය හා ජාත්‍යන්තරය ගැන අවබෝධයක් තියෙන අය.(නදී)
අද ලංකාවේ දේශපාලනයෙන් උගතුන් බුද්ධිමතුන් ඈත්වෙලා. ටියුෂන් කඩ මුදලාලිලා ,කුඩු ගෙන්වන්නෝ ,කොන්ත්‍රාත්කාරයෝ,කොමිස් කාක්කෝ සහ මෙකී නොකී බිස්නස් කාරයින්ට අමතරව දැන් නිරූපිකාවොත් දේශ පාලනයට එනවා. (නදී)
ඔබේ දේශපාලනයට මෙගේ සුභපැතුම් (අ)
දේශපාලනයට එන්න කලින් හැමෝම කියන කතා ඕවා. ඇවිල්ලම බලන්න ඕන ඔය කියන ඒවා කරන්න පුලුවන්ද කියලා. ඡන්දෙට කලින් මිනිසුන් වැඩි වන තරමට පිනා යනවා. ඡන්දෙන් පස්සේ මිනිසුන් දකින කොට යකා නගිනවා. එතකොට රඟපෑ චරිත උපකාරයට ඒවි.(නදී)
මැතිවරණයට ඉල්ලන්න විතරක් ගම මතක් වුනු වලස්මුල්ලේ නිලියකට වුන දේ ඔබට නොවේවායි පතමි. ගාල්ල කියන්නේ උඩින් පාත් වුනත් වැඩිම මනාපෙන් දින්නන්න පුලුවන් දිස්ත්‍රික්කයක්.(නදී)
ඔයා දකුණේ කියලා දැනගත්තේ අද.(නදී)
ඔබගේ දේශපාලනය ගැන ඇති දැනුම මම නොදනිමි. එසේ වුවද ඔබගේ රංගනයට මම ඉතා ආදරය කරමි. ඔබට ජය. (දී)
අනේ මෙයා දකුනු පලාත් සබාවට ඉල්ලන එක හොදයි. (අ)
මොන දේ කරත් සිංහල ජාතිය පවා දෙන්න එපා කිසිදාක (අ)
නිළියක් වෙලා ජනතා සේවයට එනවා කියන්නේ ජනතාව මුලා කිරීමක්. ඔයාලා එදා පටන් ජනතාවට සේවයක් කරලා මේ ගමන ආවා නම් අපි හිස නමනවා. අද කාගේ හරි තල්ලුවෙන් දේශපාලනයට ආව ගොඩක් අයට වචක දහයක් ගොතගහන්නේ නැතිව පටලවන්නේ නැතිව කතාකරන්න බැහැ.(නදී)
ලංකාවේ තරුණ අය මේ මාතෘ භූමියට සේවයක් කරන්න ඉදිරිපත් වීම හොඳයි. ඒ වගේම ලංකාවේ සිදුවන දුෂන වංචා සහ ළමා අපචාර වලට ඔය සහෝදරිය ගන්නා විසදුම් මොනවාද කියලා මම උත්තරයක් බලාපොරොත්තු වෙමි.(නදී)
හොදට කතාවට පළපුරුද්දක් අරගෙන ඇවිත් වගේ. ඇත්ත කතාව ජනතාවට තේරේවි ලගදීම.(නදී)
දැන් තමයි ගම මතක්වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ කියලා.(නදී)
අනාගතේ පුංචි දරුවන්ට ආදර්ශයක් වෙලා ඉන්න පුරුදුවෙන්න. ඡන්ද දායකයෝ මෝඩ නැහැ. දකුණ කියන්නේ ලංකාවේ හදවත වගේ. ඔබේ අනාගතේ ජනතාවට සේවය නම් මගෙන් සුභ පැතුම්.(නදී)
සුභ පැතුම්! (නදී)
ඔබගේ මේ අදහස් වලට අනුව දැනට දේශපාලනයේ නියැලී සිටින අනෙකුත් රංගන ශිල්පිනියන් සමග බලද්දී උගත් කමෙන්, බුද්ධිමත් බැවින් ඔවුන්ට වඩා ඔබ ගොඩාක් ඉදිරියෙන් සිටින බව පෙනේ. ජනප්‍රියත්වය පමණක් දේශපාලනයට සුදුසු කමක් යයි නොසිතා දැනුමෙන්,අවබෝධයෙන්,දේශපාලනයට ආගමනය වීම අගනේය. මේ නිසා ඔබ ,නිකම්ම නිකම් තවත් එක් සුන්දර මැටි රුපයක් නොවී ,රට වෙනුවෙන් යමක් කල හැකි ජීවමාන ශක්තියක් ඇති ,ජවසම්පන්න දේශපාලන නියෝජිතවරියකගේ ගති ලක්ෂණ ආරම්භයේදීම ප්‍රත්‍යක්ෂ කර තිබේ. ඔබට ජය වේවා!(නදී)
නදීෂා අපි ඔයා එක්ක තරහක් නැහැ. ඒත් දක්ෂ නිළියක් මැරිලා ඉපදෙන්නේ පල්ගද ගහන දේශපාලන චරිතයක් නම් පක්ෂය මොකක් උනත් හෝ ඔයා කව්රු උනත් අපි පිළිගන්නේ නැහැ. එහෙත් අපි බලාපොරෝත්තු වෙන්නේ රටට ආදරය කරන දේශපාලන චරිතයක්. එයාගේ ජාතිය,ආගම ,ස්ත්‍රී,පුරුෂ බේදයක් නැහැ සමාකරව ප්‍රතිලාබ හැම කොනකටම බෙදාහරින්න පුළුවන් සංවර්දන සැලැස්මක් ඇති දේශපාලන චරිතයක් විය යුතුයි. පරණ රජවරුන්ට පිහිටවෙන්න ලංකාවට ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසයේ මිනීවළවල් හාරාගෙන කන දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක් අල්ලාගෙන දගලන,තමන්ව පමණක් පෝෂණය කරන,රට ජාතිය ආගම ගැන කිසීම හැගීමක් නැති කෙනෙක් වෙන්න හදනවා නම් ඔයාට මල්මලාද,ගල්මුල්ද ලැබෙන්න කියන එක පුරවැසි කාන්තාවක් විදිහට හිතල කටුතු කරන්න වාසනාව ලැබේවා කියලා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා.(නදී)
මේ කියන්නේ නදීශට නෙමෙයි ඡන්දය පාවිච්චි කරන අයට. ඔබ දෙවරක් හිතන්න තමන්ගෙ ඡන්දයට වටිනාකමක් දෙන්න. (නදී)
ජය පරාජය බාරගන්නවානම් ඔබ දිනුම් . ඔබේ පිළිතුරු හොඳයි . ඔබට ජය ! (අ)
ඔයා කලා ලෝකෙට මොනවද කළේ. දේශපාලන ලෝකෙත් කරන්න දෙයක් නැහැ.(නදී)
නදීෂා, එජාපයෙන් ඇවිත් පබා කල වැඩේ නම් කරන්න එපා සල්ලි වෙනුවෙන්. අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයෝ පවා දෙන්න එපා. එයාලා ඔයාට ඡන්දෙ දෙන්නේ ඔයාගෙන් උදව්වක් ගන්න බලාගෙන. කාට උනත් එහෙමයි. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. හොඳට හිතන්න සල්ලි පස්සේ යන්නේ නැති ගමනක් යන්න. ඔයාට ජය වේවා. ශ්‍රී ලංකාවට යමක් කරන්න පුළුවන් කෙනෙක් වේවා! (නදී)
දැන් ඒ කාලේ ඉවරයි. ඡන්ද දායකයෝ රූපයට රැවටෙන්නේ නැහැ.(නදී)
ඔයා හරි සනත් මෙයා අවුරුද්දෙන් දෙකෙන් ආණ්ඩුවට යයි(දිල්)
සුභ පැතුම්! (නදී)
නදීෂා, ඔය ලස්සනයි. ජනප්‍රියයි. ඡන්දෙට පෝස්ටර් වලට ගහන්නේ ඔයාගේ ලඟදි එලි දක්වපු පින්තුර ටික නම් කවුරුත් ඡන්දේ දෙයි.(නදී)
ඔයා කෙහෛාම හරි දිනන්න බලන්න. දිනපු ගමන් ආණ්ඩුවට එන්න පබා අක්කා වගේ. එතකොට ගොඩ.(නදී)
ප්රසිද්ධ චරිත දේශපාලනයට එන්නේ තවදුරටත් ඒ ප්‍රසිද්ධිය නඩත්තු කරන්නයි. දේශපාලනයට සම්බන්ධ උනාම ජනතාවගේ ගිණුමෙන් ආරක්ෂාව හා සියලු පහසුකම් ලැබෙනවා. එය ඔවුන්ට වටිනවා සියල්ලටම වැඩිය.නදීෂා හදවතට තට්ටු කරලා ඔබගෙන්ම එය අසා බලන්න. (නදී)
ජනතාවට හොදින්ම සේවය කිරීමට ලැබේවා. ලබන සැරේ ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලන්න එවිට මහා ඇමතිනියක් විය හැකීයි.(නදී)
වැඩකට ඇති චරිතයක්ද වැඩකට නැති චරිතයක්ද කියලා මිනිස්සු ඔලුවට ගන්න ඕනා. දැන් රටේ ජනතාව බුද්ධිමත්.(නදී)
පිරිසිඳු වතුරට කෙමෙන් කෙමෙන් විෂ බිංදු වැටෙනවා කියලයි මට හිතෙන්නේ. (නදී)