පිටිදුවේ සිරිධම්ම හිමියන් හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් මෑත යුගයේ රටේ මතවාදයකට පාත‍්‍ර වූ හිමිනමකි. උන්වහන්සේගේ ඇතැම් ප‍්‍රකාශ හා චර්යා විදි නිසා සමාජයේ විවිධ තල වලින් දැනුදු චෝදනා පිට චෝදනා එල්ල වෙයි. උන්වහන්සේ ශාසනය විනාශ කරනවා යැයිද, උමතු ස්වභාවයෙන් හැසිරෙනවා යැයිද ඉතා තදබල ලෙස විවේචන ඉදිරිපත් වෙයි. මේ සියලූ මතවාද, විවේචන, චෝදනාවලට සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ පිළිතුරු කවරේද? උන්වහන්සේ සමඟ බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේදී මුහුණට මුහුණලා අපි කළ කතා බහ මෙසේ දිගහරිමු.
ප‍්‍රශ්නය : සිරි සමන්ත භද්‍ර හාමුුදුරුවො ථෙරවාද ද, මහායාන ද?
පිළිතුර : ලංකාවෙ මිනිස්සු මහායානය කියන වචනයටත් බයයි. කාටහරි මට ගහන්න ඕනෑ වුණාම ඒ අය හදනවා මා මහායාන කියලා. මා තරම් සුද්ධ ථෙරවාදය දන්න කෙනෙක් තවත් නෑ. යමෙක් මම මහායාන කියනවා නම් ඒක සම්පූර්ණ බොරුවකි. ත‍්‍රිපිටකයේ ඕනෑ තැනක් මගෙන් අහන්න, මා කියන්නම්.
ප‍්‍රශ්නය : ඔබවහන්සේ නම වෙනස් කරගත්තෙ ඇයි...? පිටිදුවේ සිරිධම්ම කියන නම දැන් සිරි සමන්ත භද්‍ර වෙලා......?
පිළිතුර : දැන් ඔයා අහනවා, මේ ඉන්නෙ පිටිදුවේ හාමුදුරුවො ද, සමන්ත භද්‍ර හාමුදුරුවො ද කියලා. මම එදා සහ අද දේශනා කරන ධර්මය වෙනස් කියලා සමහරු කියනවා. නම වෙනස් කළේ මගේ දාර්ශනික වෙනසත් සමඟයි. හැබැයි තවමත් පිටිදුවේ සිිරිධම්ම නම භාවිත කරනවා. පොත්පත්වල, දේශනාවල පෙර නම දානවා. හේන්පිටගෙදර ක්‍දාණසීහ හාමුදුරුවො, උන්වහන්සේගේ ශාස්ත‍්‍රීය ලිපිවල නම භාවිත කළේ මයුරපාද කියලා. එහෙම නම භාවිත කරන්න පුළුවන්. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ ඕනෑ කෙනකුට නම වෙනස් කරන්න පුළුවන්. පත්තරවල හැමදාම නම් වෙනස් කරපුවා තියෙන්නෙ. ඉතින් මා ගැන විතරක් කතා කරනවා. මඩ ගහන්න දේවල් නැතිවුණාම එක එක ඒවා ගේනවා. ඒකනෙ...
ප‍්‍රශ්නය: මේ දිනවල රටේ භික්ෂූන් වහන්සේලාත්, ගිහි සමාජයේ පිරිසුත් ඔබ වහන්සේට නොයෙක් චෝදනා එල්ල කරනවා. ඉතාම තදින් වාග් ප‍්‍රහාර එල්ල වෙනවා. මේ චෝදනා ඔබවහන්සේ භාරගන්නව ද?
පිළිතුර : මීට පෙරදී ආශ‍්‍රමයට ඇවිත් පිරිසක් පහර දෙන්න උත්සාහ කළා. ධර්ම දේශනාවකට වඩින අවස්ථාවක මගදී සංවිධානය වෙලා පහර දෙන්න උත්සාහ කළා. විවිධ මාධ්‍ය වලින් මට එරෙහිව චෝදනා එල්ල කළා. දැනුත් කරනවා. මා දන්නෙත් නෑ, මට කොච්චර දේවල් කිවුවද කියලා. මම ඒ සියල්ල ඉදිරියේ නිශ්ශබ්ද වුණා. මේ කළේ කවුද කියලා රටම දන්නවා. මාත් කියන්නෙ චෝදනා ඕනෑම කෙනකුට කරන්න පුළුවන්. හැබැයි ඒවා හරිද වැරදි ද කියලා ඔප්පු කරන්න ඕනෑ. මා නම් හිතන්නෙ දැන් මිනිස්සු ඉස්සරට වඩා ඥානවන්තයි. පත්තරයක යමක් ගිය පළියටම පිළිගන්නෙ නෑ. මේ චෝදනා නිසා වුණේ මිනිස්සු පෙරට වඩා මා ගැන හොයන්න ගත්තා. හැමුදුරුවරු මට බනිද්දි දෙපැත්තක් හිතන මිනිස්සු ඉන්නවා. එක පිරිසක් මගෙ පැත්තට. තව පිරිසක් බනින අයගෙ පැත්තට. මට ඒ දෙපිරිසටම වඩා මධ්‍යස්ථව ඉන්න පිරිස ධර්ම සාකච්ඡුාවකට අත්‍යාවශ්‍යයි. අන්තවාදී පිරිසකගෙන් කවදාවත් සමාජයට යහපතක් වෙන්නෙ නෑ. චෝදනා කරනවා නම් එය සහේතුවකව සාධාරණව කළ යුතුයි. එහෙම නැතිව එන චෝදනා එකක්වත් මා භාර ගන්නෙ නෑ.
ප‍්‍රශ්නය: බුද්ධ දේශනාවෙ වුණත් සඳහන් වන්නේ ලෝකයේ ඕනෑම දෙයක් සිදුවන්නට හේතුවක් පවතින බවයි. ඔබවහන්සේ කියනවා වගේ යමක් සහේතුක විය යුතුයි. හේතු නැතුව මේ විදිහට ඔබවහන්සේට චෝදනා එල්ල වෙන්න විදිහක් නෑනෙ. හේතු තියෙන්න ඕනැ... එහෙම නේද.
පිළිතුර: හේතු ගණනාවක් තියනවා. මම දේශනා කරන ධර්මය හා වැඩපිළිවෙලට බොහෝ දෙනකුකගේ විරෝධතාවක් තියනවා. ඇයි...? එයාලට කරන්න බැරි නිසා.මම දේශනා කරන ධර්මය වැරදි නම් ඒක හැංගි හැංගි ‘වැරදියි’ කියන එකට මා එකඟ නෑ. මා දේශනා කරන ධර්මය වැරදියි කියන කෙනෙක් ඉන්නවා නම් විවෘත ධර්ම සංවාදයකට පැමිණිය යුතුයි. විවෘත ධර්ම සාකච්ඡුාවක් කියන්නෙ, බැටන් පොලූ පහර දෙන එක නෙවෙයි. මට කලින් කරන්න හැදුවෙ ඒකනෙ. චබ්බි සෝධන කියලා සූත‍්‍රයක් තියනවා, මජ්ඣිම නිකායෙ යම් භික්ෂුවක් කුමන හෝ මාර්ග ඵලයකට පත්වී නම් අනික් භික්ෂූන් ඒ භික්ෂුව කියන දේ නොපිළිගත යුතුයි. ප‍්‍රතික්ෂේප ද නොකළ යුතුයි. ඒ භික්ෂුව සමග පැමිණ සුහදව සාකච්ඡුා කොට තීරණය නිවැරදි ද නැද්ද යන්න තීරණය කළ යුතුයි. සංයුක්ත නිකායෙ, පිණ්ඩෝල භාරද්වාජ සූත‍්‍රය කියන සූත‍්‍රයේ මෙහෙම සඳහන් වෙනවා.පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවො එක් අවස්ථාවක කියනවා සති සමාධි, ප‍්‍රඥා වැඩූ හෙයින් මහ රහතෙක් යැයි මම කියමි. මේ කතාව ඇසූ ගමන් අනෙක් සියලූම හාමුදුරුවරුන්ට මේකට තරහ යනවා. මේ කී දෙය බුදුහාමුදුරුවන්ටත් අනෙක් හාමුදුරුවරු කියනවා. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි සැබෑවටම පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ නමක්’ කියලා. මම කියන්නෙත් කවුරු හරි කෙනෙක් මා පෙන්වන ධර්මයේ, දේශනා කරන ධර්ම මාර්ගයේ, නිර්වාණ මාර්ගයේ අඩුපාඩුවක් තියනවා නම් පෙන්වන්න. අපි පිළිගන්නෙ ථෙරවාදි ත‍්‍රිපිටකයනෙ. ඒකෙ කිසි ගැටලූවක් නෑ.
ප‍්‍රශ්නය: ඔබවහන්සේගෙන් ශාසනයට හානියක් වෙනවා කියලා ප‍්‍රබල චෝදනා එල්ල වෙනවා.....?
පිළිතුර: මම අහන්නෙ ඒ හානිය මොකක්ද? ශාසනය කියන්නෙ මොකක්ද? හැමෝම ශාසනය කියලා හිතාගෙන ඉන්නෙ, මේ ගොඩනැගිලි ටිකට. මම ශාසනය කියන්නෙ හිත හදා ගැනීමට. ආධ්‍යාත්මික දියුණුව භෞතික සම්පත් වලින් මනින්න බෑ. ඔය චෝදනාව මට විතරක් ආපු එකක් නෙවෙයිනෙ. වැලිවිට අසරණ සරණ සරණංකර හැමුදුරුවො වැඩ හිටපු කාලෙ ලංකාවෙ හිටියෙ ගණින්නාන්සේලා. ළමා ළපටි හදාගෙන, දරු පවුල් නඩත්තු කරගෙන, පන්සල්වල බූදල බලාගෙන, ගම්මුලාදෑනි කම් කරගෙන හිටියා. හැබැයි ඒ අය පොත් ආරක්‍ෂා කළා. සංඝරාජ හාමුදුරුවො කිව්වා මේක වැරදියි කියලා. බුද්ධාගමේ තියෙන්නෙ මේක නෙවෙයි, නිවන් දකින්න තියන මග මේක නෙවෙයි කියලා. එදා වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් කිව්වා, ශාසනය විනාශ කරනවා කියලා. අර ගණින්නාන්සෙලා රටේ රජතුමාටත් ගිහින් කිව්වා, වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවො ශාසනය විනාශ කරනවා කියලා. රජතුමාත් මේ කතාව ඇත්ත කියලා හිතුවා. ‘වැලිවිට කනා - ලෝ ශාසන දෙකම නසාපි’ කියලා රජතුමාත් කිව්වා. වැලිවිට කනා කිවුවෙ සරණංකර හාමුදුරුවන්ගෙ එක ඇහැක් අන්ධයි. ඒකයි. ඒ නිසා ඕනෑ කෙනකුට චෝදනා එල්ල කරන්න පුළුවන්. මා ඒ හැමෝටම කියන්නෙ නියම ධර්ම සාකච්ඡාවකට එන්න කියලා විතරයි.
ප‍්‍රශ්නය: ඔබ වහන්සේ විවෘත ධර්ම සාකච්ඡාවකට සූදානම්... කැමති කෙනකුට ඒ අභියෝගය භාර ගත හැකියි?
පිළිතුර: ඔවු. ත‍්‍රිපිටක බුද්ධ වචනය සම්පූර්ණව කියවලා, විශේෂයෙන් සතිපට්ඨාන ධර්මය, නිවන්මග තියෙන්නෙ ඒකෙ. බුදුදහමේ තියන ගැඹුරු භාවනාව තමයි, විපස්සනා භාවනාව. ඒ ගැන මගෙන් ප‍්‍රශ්න අහන්න. හැබැයි දන්න කෙනෙක් මේ ධර්ම සාකච්ඡාවට පැමිණිය යුතුයි. මා මිථ්‍යාදෘෂ්ටිකයෙක්ය, හොරෙක්ය, තක්කඩියෙක්ය කියන එක නොවෙයි. මම එහෙම කෙනෙක්ද බලන්නත් මාත් සමග ඒ සාකච්ඡාවට එන්න.
ප‍්‍රශ්නය: රටේ පොදු මහජනතාව අතර මුල්බැසගත් භික්ෂුවගේ සම්ප‍්‍රදායක් තියනවා. නමුත් ඔබවහන්සේගේ ඇතැම් ඡායාරූප දැකීමෙන් පොදු ජනතාව මහත් ආන්දෝලනයකට පත් වුණා. විශේෂයෙන් ටී ෂර්ට් ඇඳ සිටි ඡායාරූප එහෙම දැකීමෙන්....?
පිළිතුර: හොඳ ප‍්‍රශ්නයක්. අපි බොහෝ විට රටකට යනකොට යටින් ටී ෂර්ට් එකක් අඳිනවා. නුවරඑළිය වගේ ප‍්‍රදේශයකට ගියත් එහෙමයි. මේක ඕනැම හාමුදුරුනමක් කරන දෙයක්. ඒක අඳින්න ඕනැ සිවුරු පාටින්. වෙන පාටකින් අඳින්න බෑ. මට මඩ ගහන්න මගක් ඔය චෝදනා නගන පිරිස්වලට අවශ්‍ය වුණා. එක්තරා පිරිසක්, මීට අවුරුදු දෙකකට විතර කලින් මේ පන්සලට ඇවිත්, පන්සලේ තිබුණු සියලූම කාමර කඩලා, හිටපු අයටත් ගහලා, මෙහෙ තිබුණු කැමරාවක් ගත්තා. ඒ කැමරාවෙ තිබුණා ඔය ටී ෂර්ට් ඇඳපු ඡුායාරූපය. මම රිටිගල කැලේට ගිහින් මම නාන්න සූදානම් වෙලා ටිකක් වාඩිවෙලා ඉන්නකොට එතන හිටපු කෙනෙක් ඔය ඡුායාරූපය ගත්තා. එදා අපි ආවෙ නුවර එළියෙ ඉඳන්. ඒකයි ටී ෂර්ට් එකක් ඇඳන් හිටියෙ. අපි එක්ක ගිය ළමයි තුන් හතර දෙනෙක් හිටියා. වන සංරක්‍ෂණ මහත්තුරු හිටියා. පොලිසියෙත් මහත්තුරු කීපදෙනෙක් හිටියා මට මතකයි. මේ වෙච්ච දේ සාමාන්‍ය දෙයක්. ඔය ඡායාරූපය තමයි මට මඩ ගහන්න යොදා ගත්තෙ. භික්ෂුවකට සීතලට යටට ඇඳුමක් අඳින්න පුළුවන්. පරිසරයට අනුව භික්ෂුවකට වුණත් හැඩගැහෙන්න වෙනවා. පිටරට ගියාමත් එහෙමයි. මඩ ගහන අයට මේකත් හේතුවක්.
ප‍්‍රශ්නය: මම බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙතන හරියට මාළිගාවක් වගේ. ඇයි මේ ආකාරයට මෙතන ගොඩනගාගෙන තියෙන්නෙ...?
පිළිතුර: ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමා ජීවත් වුණ වලව්ව තමයි මේ. දැන් අපි මෙතනට ඇවිත් අවුරුදු 9ක් විතර වෙනවා. අප මේ ස්ථානය සල්ලි දීලා ගත්තා. දායකයන්ගේ උදව් උපකාර ඇතිව මෙතන ලස්සන ආරාමයක් හැදුවා. ඔබ දැක්කෙ පහළ මළුව විතරනෙ. උඩ මළුවට ගිහින් බලන්න. චෛත්‍යය, අරහත් මණ්ඩපය, ත‍්‍රිපිටක ධර්ම මණ්ඩපය (ත‍්‍රිපිටකය කොටසින් කොටස චිත‍්‍ර වශයෙන් දක්වලා තියනවා) අසූමහා ශ‍්‍රාවකයන්, අටවිසි බෝධින් වහන්සේලා, මෙතන මම හිතන්නෙ පන්සලකට වඩා විශ්වවිද්‍යාලයක්. බාහිරින් දකින දේ බලලා කිසිවක් තීරණය කරන්න එපා. ඇවිදලා බලන්න. ඔබත් යන්න. අනෙක් අයටත් ඇවිත් බලන්න කියන්න.
ප‍්‍රශ්නය: ඔබවහන්සේට ආපු ප‍්‍රශ්නත් එක්ක ඔබවහන්සේ ළඟ හිටපු දායකයොත් ඈත්වෙන්න ඇති නේද..?
පිළිතුර: කෙනකුට බනිද්දි කොටසක් අයින් වෙනවා. කොටසක් එකතු වෙනවා. දායකයො වුණත් හැමදාම ඉන්න අය නෙවෙයිනෙ.
ප‍්‍රශ්නය: වෙච්ච දේවල් එක්ක ඔබවහන්සේ කළකිරීමට පත්වෙන්න ඇතිනෙ......?
පිළිතුර: මම මොකටද කළකිරෙන්නෙ, මම මිනිස්සුන්ගෙන් යහපතක් බලාපොරොත්තු වුණා නම් මම කළකිරෙන්න ඕනැ. ඉස්සර මට මිනිස්සු හොඳ කිව්වා. මට එතකොට අමුතු හැඟීමක් ආවෙත් නෑ. දැන් ඒ සමහර මිනිස්සු මට බනිනවා. ඒ මිනිස්සු හොඳ කියද්දි මම භාරගත්තා නම්, බනිනකොට භාරනොගෙන ඉන්නවා නම් මම මහ මෝඩයෙක්. මම මේ දෙකම භාරගන්නෙ නෑ. ‘ඵුට්ටස්ස ලෝක ධම්මෙහි - චිත්තං යස්සන කම්පති’ කිවුවටම බෑ. කරන විදිහ පෙන්නන්න ඕනැ කරලා පෙන්නන්නත් ඕනෙ.
ප‍්‍රශ්නය: ඔබවහන්සේ මාර්ග ඵලයක් ලැබූ බව ප‍්‍රකාශ කරල තිබුණා. මොකක්ද ඔබවහන්සේ අවබෝධය ලැබූ මාර්ග ඵලය...?
පිළිතුර: මම සත්‍ය අවබෝධ කරලා ඉන්නෙ. මම නිවන් දැකපු කෙනෙක්. කවුරු හරි කියනවා නම් මම සත්‍යය අවබෝධ කළේ නෑ කියලා එයා මා ළඟට ඇවිත් නිගමනය කරලා බලන්න ඕනෙ. එහෙම නැතුව යමක් ප‍්‍රකාශ කිරීම වැරදියි. මා නිවන් දැක්කා කියලා මම කියනවා නම් ඊට සම්බන්ධ සියලූ දේ මගෙන් විමසිය යුතුයි. ගෞතම බුදුහාමුදුරුවො සම්බුද්ධත්වයට පත්වුණා. උන්වහන්සේ පස්වග මහණුන් සොයාගෙන වැඩම කළා. මගදි උපක හමුවුණා. උපක අහනවා ‘ඔබවහන්සේගේ ඉන්ද්‍රිය ප‍්‍රසන්නයි, ඔබවහන්සේ කවුද’ කියලා. එතකොට උපකට බුදුහාමුදුරුවො කියනවා, ‘මේ ලෝකයේ සිටින එකම රහතා මම වෙමි, සම්මා සම්බුද්ධ වෙමි. දම්සක් පැවැත්වීම සඳහා කසීරට බලා වැඩම කරමි’. උපක ඒ කතාවට හිනා හුණා. ‘එහෙනම් ඔය තමුන්නාන්සෙ කියන්නෙ අනන්ත ජින කෙනෙක් කියලනෙ. ආ..... වෙන්න ඇති’ කියලා ඔලූව වනලා ගියා. ලෝකයේ සත්‍යාවබෝධය කළ සියලූම උතුමන්ට ජීවත්ව ඉන්න මිනිස්සු පහර දෙනවා. මැරිල ඉවර වුණාම වඳිනවා.
ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිර්වාණාවබෝධය කළා කියනවනෙ. ඒ සඳහා භාවනා වැඩුවද?
පිළිතුර: නිර්වාණාවබෝධය කරන්නේ භාවනා කරලා නොවෙයි. විපස්සනා මාර්ගයකින්. විපස්සනාවෙන් තොර නිවනක් නෑ. සතර සතිපට්ඨානය වඩන්න ඕනැ යම් භික්ෂුවක්, යම් ගිහියෙක් සතර සතිපට්ඨානය වැඩුවේද එක්කො ඒ භික්ෂුව අනාගාමී වෙනවා. එක්කො ඒ භික්ෂුව රහත් වෙනවා. මම දේශනා කරන්නෙ සජීවී දහමක්. ඒක මළ දහමක් නෙවෙයි. සම්ප‍්‍රදායට ගැතිකම් කරන මෝඩයන්ට ඒකට පණ දෙන්න බෑ. ඥානවන්තයන්ට ඒ මාර්ගය විවෘතයි.
ප‍්‍රශ්නය: නිවන් දැක්කට පස්සෙ යළි ඉපදීමක් නැති බව බුදුදහමේ ඉගැන්වෙනවා. ඉතින් ඔබ වහන්සේත් යළි උපදින්නේ නෑ.... ඒක නේද ඇත්ත....?
පිළිතුර: මා යළි උපදින්නෙ නෑ කියලා මට විශ්වාසයි. එච්චරයි. හැබැයි මම උපදින්නෙ නෑ කිවුවට ඔබ ඒක පිළිගන්න එපා. එතකොට ඔයා මෝඩයි. ඔයා ඒක පිළිගන්න නම් මා විසින් වඩන ලද විපස්සනා මාර්ගය මගෙන් අහන්න ඕනෙ. උපදින්නේ නැති බව තීරණය කළ විදිහ, අහන්න ඕනැ මේක එකපාර කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පුද්ගලයා මරණය ජය ගන්න ඕනැ.
ප‍්‍රශ්නය: සමන්ත භද්‍ර හාමුදුරුවො මරණය ජය ගත්ත කෙනෙක්....?
පිළිතුර: කිසිම මනුෂ්‍යයෙක් මරණය සතුටින් පිළිගන්න කැමති නෑ. යමෙක් මරණය සන්තෝෂයෙන් පිළිගන්න සූදානම් නම් ඔහුට මරණය මගුලක් බවට පත්වෙනවා. මරණය මගුලක් කර ගන්න. ඒකයි මගේ ධර්මය. අපි තෙමගුල කියන්නෙ මේකටයි. මම මරණය ජය ගත්තා.
ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිවන් දැක්කාට පස්සෙ ඇතැම් මාධ්‍ය ඔබ වහන්සේට වැහුනානෙ....?
පිළිතුර: සමහර මාධ්‍ය වැහුණා. ඒක හරි. සමහර සම්ප‍්‍රදායික භික්ෂූන් වහන්සේලා මාධ්‍යවලට ගිහින් කිව්වා, මෙයාට මාධ්‍යවල ඉඩ දෙන්න එපි කියලා. ඒ මාධ්‍යවල යමක් කමක් හිතන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒ අය මගේ දේශනා අහන්න පටන් ගත්තා. ඒවා අහල ඒ අය තීරණය කළා, මෙතෙක් කලක් අපි නාහපු ධර්මයක්, මොකක්දෝ හැංගිච්ච දෙයක් කියනවා. ඒ නිසා මේකට අපි ඉඩ දෙන්න ඕනැ කියලා. මා කියන්නෙ, ඔය මාධ්‍යත් මම කියන දේ අහන්න. මම කියන දේ හරි ගැඹුරුයි. ඒක ලේසි පහසු නෑ. එකවර තේරෙන්නෙ නෑ. ටිකක් වෙලා අහනකොට තේරෙනවා, මොකක්ද කියන්නෙ කියලා. මම දේශනා කරන හැම දහම් කරුණම ත‍්‍රිපිටක බුද්ධ වචනයේ තියන තැන පෙන්වනවා. සම්මුති බුද්ධ වචනය හා පරමාර්ථ බුද්ධ වචනය කියලා දෙකක් තියනවා. මේ දෙකම අහන්න ඕනැ එකක් විතරක් පිළිගන්න එපා. මේ දෙකම ත‍්‍රිපිටකයේ තියනවා. මා දේශනා කරන්නේ ඒ ධර්මයයි.
ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිවන් ලැබූ බව ඔබවහන්සේම දේශනා කරනවනෙ. එහෙනම් එදා හිටපු පිටිදුවේ හාමුදුරුවන්ට වඩා අද සමන්ත භද්‍ර හාමුදුරුවො වෙනස්. නිවන් ලැබීමත් සමග අවබෝධය පහළ වන බව ධර්මයේ සඳහන් වෙනවා....?
පිළිතුර: මගෙ මානසික වෙනසක් වෙලා තියනවා. ඕන කෙනකුට මගෙන් ප‍්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. මට හොඳට සිහිය තියනවා. මුල, මැද, අග මට මාරුවෙන්නෙ නෑ. මාරු කරන්නත් බෑ. පිටිදුවෙ හාමුදුරුවො වෙනස් වෙලාද කියලා ඔබ මගෙන් අහන්න එපා. එදා සහ අද මගෙ දේශනා, සාකච්ඡා, දෙන උත්තර සංසන්දනය කරන්න.
ප‍්‍රශ්නය: නිවන් දැකීම මගින් කරන්නෙ අත හැරීමනෙ. ඔබ වහන්සේ නිර්වාණාවබෝධය ලැබී නම් අත් හැරි කෙනෙක් වෙන්න ඕනැ. එහෙම නේද?
පිළිතුර: මම මනසින් බැඳෙන්නෙ නෑ. මනසින් බැඳෙනවා කියන්නෙ විඩාවක්. මෙතන පුටුවක් තියෙනවා. මම පුටුවෙ වාඩිවෙලා ඉන්නවා. මේ පුටුව ඔළුවෙ තියා ගත යුතු දෙයක් නෙවෙයි. මම පුටුව ඔළුවෙ තියා ගත්තම රෑ නින්දට ගියත් මතක් වෙන්නෙ පුටුව. නිදාගන්න ගියාම මට අවශ්‍ය ඇඳ විතරයි. මා මොහොතක වර්තමානය මත ජීවත්වෙනවා. බොහෝ දෙනා ඉන්නෙ වර්තමානයේ නෙමෙයි. ඔෆිස් එකට ගියාම ගෙදර ගැන මතක් කරනවා. ගෙදර ගියාම ඔෆිස් එකේ ඒවා කල්පනා කරනවා. මේක නොවෙයි විය යුත්තෙ. ඔෆිස් එකේදි ඔෆිස් එකේ ඒවා කල්පනා කළ යුතුයි. ගෙදරදී ගෙදර ඒවා. මේ මොහොත, වර්තමානයේ සිහියෙන් ජීවත් වෙන්න. මම දේශනා කරන්නෙ නින්දට ගියාම සිිටිය යුත්තේ සුව නින්දක මිස මිය ගිය දවාලක නොවන බවයි. පාලනය කිරීම් කළ යුතුයි. බුදුහාමුදුරුවොත් විහාර චාරිකාවෙ යෙදුනනෙ. භික්ෂූන්ට අනුග‍්‍රහ දැක්වූවනෙ. තමන්ගෙ ශිෂ්‍යවරයන්ට නිවන් මග උගන්වන්න ඕන. දන් දෙන දායකයන්ට අවශ්‍ය යුතුකම් ඉෂ්ඨ කරන්න ඕනැ. නමුත් බැඳෙන්න වුවමනා නෑ.
ප‍්‍රශ්නය: ඔබවහන්සේට නැගුණු බරපතල චෝදනාවක් තමයි, දරුවන් පිළිබඳ කතාවක්. කාන්තාවන් ඉදිරිපත් වෙලා මේ දරුවො පිටි¥වේ හාමුදුරුවන්ගෙ දරුවො භාරගන්න කිවුවා. හරිම ප‍්‍රබල චෝදනාවක්. නඩුවකුත් තිබුණා. මොකක්ද ඒ ප‍්‍රශ්නෙ?
පිළිතුර: එක ගෑනු කෙනෙක් නෙවෙයි, ගෑනු තුන් හතර දෙනෙක්ම ළමා ළපටි අරගෙන මාව හම්බ වෙන්න ආවා. එක අම්මණ්ඩි කෙනෙක් එයාට මගෙන් ළමයෙක් ඉන්නවා කියලා ඉස්සෙල්ලා පත‍්‍රිකා හදලා බෙදුවා. ඊට පස්සෙ මෙයා ගිහින් නඩුවකුත් දැම්මා. උසාවියත් හිතුවා මේක ඇත්තක් කියලා. ඔය ගෑනු මා කවදාවත් දැකලත් නෑ. ප‍්‍රශ්නය දිගින් දිගටම ගියා. ඔය ගෑනු කෙනා කිවුවා මේ දරුවා පිටිදුවේ හාමුදුරුවන්ගෙමයි කියලා. පස්සෙ ඞී.එන්.ඒ. පරීක්‍ෂණයක් කරන්න කියලා සමහරු කීවා. එහෙම කරන්න ඕනැ උසාවියෙන් කිවුවොත්. මේ අම්මණ්ඩි දැකලත් නැතුව මොන ඞී.එන්.ඒ. ද? එයා මේ නඩුවට එනවා. මම ගියේ නෑ. විජයදාස රාජපක්‍ෂ මහත්තයා අප වෙනුවෙන් පෙනී හිටියා. දවසක් මේ ගෑනි කිවුවා, මම කාමරේ ඉඳගෙන මගේ මානසික ශක්තිය භාවිත කරලා එයාට අතවර කරනවා කියලා. මේ කියන්නෙ උසාවියෙදි. උසාවිය කිවුවා මේ චෝදනාව ඔප්පු කරන්න කියලා. ඇයට මේ චෝදනාව ඔප්පු කරන්න බැරි වුණා. අන්තිමේ මා සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනවා කියලා උසාවිය තීන්දු කළා. ඊට පස්සේ අවුරුද්දක් විතර ගියා. දවසක් මේ අම්මණ්ඩි නෙළුම්මල් මිටියකුත් අරගෙන ඇවිල්ලා මම ළඟට එන්න බෑනෙ. කාර්යාලයට දීලා කියල තියනවා, මේ නෙළුම් මල් මිටිය උන්වහන්සේට පූජා කරන්න. මගෙ අතින් උන්වහන්සේට වරදක් සිදුවුණා. මට සමාව දෙන්න කියන්න කියලා. තවත් දවසක් භාවනා වැඩසටහනක් වෙලාවේ මහා සෙනගක් ඉස්සරහ අම්මණ්ඩි කෙනෙක් නැගිටලා ඇවිත් මේ දරුවා තමුන්නාන්සෙගෙමයි කියලා මට දරුවා දික් කළා. මම නිශ්ශබ්දව හිටියා. මට මේක පුරුදු දෙයක් වෙලානෙ. ඒ විතරක් නෙවෙයි මම මේ දරුවා ගහල මරනවා කිවුවා මෙතනම. එහෙම දරුවා උස්සන කොටම එතන හිටපු මහත්තයෙක් ළමයව උදුර ගත්තා. අපි පොලිසියට කතා කරල මේ දෙන්නම පොලිසියට භාරදුන්නා. මේක ඇත්ත නැත්ත හොයලා නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා අපි පොලිසියට කිව්වා. හොයල බලද්දි මේ පිස්සු හැදිච්ච කාන්තාවක්. බුදුහාමුදුරුවන්ට වගේම ප‍්‍රශ්න මටත් ආවා. මටත් ඒ වගේ ඉවසන්න වුණා.
ප‍්‍රශ්නය: ඔබ වහන්සේ ඇයි, බෝධිසත්වයන් වන්දනාවක් පස්සෙ යනවා කියන්නෙ....?
පිළිතුර: ලංකාවේ ථෙරවාදය තුළ මෛත‍්‍රි බෝධිසත්වයන්ට ගරු කරනවා. බෙල්ලන්විල පන්සලෙත් මෛත‍්‍රි බෝධිසත්ව පිළිරුවක් තියනවා. මම පැවිදි වුණේ ගාල්ල විජයානන්ද පන්සලේ. එහෙත් විශාල බෝධිසත්ව ප‍්‍රතිමාවක් තියනවා. රුවන්වැලි සෑය ළඟත් රජකාලෙ බෝසත් රුවක් තියනවා. දීඝ නිකායේ සඳහන් වෙනවා, මෛත‍්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් විවරණ ගත්ත බව. අපි හින්දු දේව සංකල්පය ප‍්‍රතික්ෂේප කරනවා. විශ්ණු දෙවියො, කතරගම දෙවියො, හින්දු දෙවිවරු. අපි ඒ දෙවිවරුන්්ට අගෞරව කරන්නෙ නෑ. මේ හින්දු දේව වන්දනාව ප‍්‍රතික්ෂේප කරලා, ආදේශකයක් අවශ්‍ය නම් මිනිස්සුන්ට මෛත‍්‍රි බෝසතාණන් වහන්සේට ගරු කරන්න පුළුවන්. ඒකෙ මොකක්ද තියන වරද?
ප‍්‍රශ්නය: ඔබවහන්සේ තාමත් භාවනා කරනවද?
පිළිතුර: නිවන්දැකලා ඒ මාර්ගය ප‍්‍රත්‍යක්‍ෂ කරපු ආර්යයෝ භාවනා කරන්නෙ නෑ. ඒ අය ජීවිතය භාර ගන්නවා විතරයි. කෙස් ඉදුනම ඉදුනු බව, නාකි වුණාම නාකි වුණ බව, බඩගිනි වුණාම බඩගිනි වුණ බව, නිදිමත වුණහම නිදිමත වූ බව භාරගන්නවා. ධර්ම මාර්ගය ගැන ඕන දෙයක් මගෙන් අහන්න. එහෙම නැතුව මාව තක්සේරු කරන්න එන්න එපා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බුදු දහමට අනුව බැලුවොත් කෙනෙක් යම් දෙයක් කියූ පලියට පිලි නොගත යුතු වේ. ඒ සම්බන්දයෙන් කරුණු සොයා බලා තීරණ ගත යුතුය හදිසි විය යුතු නැත.(නදී)
සැමට තෙරුවන් සරණයි. (දිල්)
විය යුත්තේ සියලු දෙනාම ත්‍රිපිටකය හැදෑරීමයි.(නදී)
පණ්ඩිතයෝ දාහක් එක්ක වාද කලත් එක මෝඩ අය එක්ක වාද කරන්න බෑ . මෙය පුරාන සංහල වදනකි .(දිල්)
ඔබ වහන්සේ නිවන් අවබෝධ කර ගැනීම අපට මහත් සතුටකි. ඒ වගේම දේශපාලනයෙන් මේ සංඝ පරපුර බේරා ගන්න.(නදී)
මිනිස් සිතෙහි ඇති සැකය දුරු වීමට නම් ක්‍රියාවෙන් ඔප්පු කල හැකි නම් හොඳයි නේද අපේ හාමුදුරුවනේ.(නදී)
බුදු සසුනට නිගාවෙනවිදියේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්න. ඔබ සැබෑම බෞද්ධයෙක් නම් අන්‍යන්ගේ මතයන්ට ගරුකරන්න. තෙරුවන් සරණයි.(නදී)
කුමනාකාරයේ අදහසක් පළකරනවා දැයි මට නම් සිතාගන්නත් අපහසුයි.(නදී)
මේ තත්ත්වය විනිශ්චය කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ මහා සංඝරත්නයටයි. මේ වෙනුවෙන් උන් වහන්සේලාගේ මධ්‍යස්ත මැදිහත්වීම බලාපොරොත්තු වෙමු.(නදී)
රහතන් වහන්සේලා කියන්නේ මේ ලෝකයේ පහල වූ උතුම්ම පුද්ගලයෝය. සුන්දරම උත්ත්මයන්ය. (නදී)
අදහස් ප්‍රකාශ කරන්න කලින් මේ ස්වාමීන්වහන්සේ දේශනා කරන දහම අසන්න. ඔබ ඥානවන්ත නම් ඔබට තේරේවි ජීවිතයේ මෙතෙක් අහපු බන හා මෙහි වෙනස. මේ බුද්ධ වචනයයි ඇසෙන්නේ.(නදී)
අපි හරියටම නොදෙන කියනවද මන්ද? නිවන් දැක්ක කෙනෙක්ට ඔය තරම් කේන්ති යන්නේ මක් නිසාද? (ස)
මම ඔබවහන්සේගේ බණ අවුරුදු 3 ක් තිස්සේ ආශ්‍රමයට පැමිණ අස සිත හදගතිමි. දුකින් තොරව ජීවත්වෙන විදිහ කියාදුන් ඔබවහන්සේට ම සදා ණයගැති.(දිල්)
කෙසේ වෙතත් නිවන් දැකීම ලේසියි කියලා ඒන්තු ගැන්වෙනවා. එබැවින් නිවන් මාර්ගයට පිවිසීම පිණිස සියල්ලෝම ත්‍රිපිටකය හදාරත්වා. සියල්ලන්ටම නිවන් සැප ලැබේවා ! (නදී)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ නිවන් අවබෝධ කළ උතුමෙක් නම් ඇයි මේ තරම් කේන්ති ගන්නේ... (ස)
අද සත්‍යය දකින්න හරිම අපහසුයි. උන්වහන්සේගේ ධර්මය න්‍යායාත්මක බව පෙනේ. නමුත් බොහෝ දෙනා පවසන පරිදි බොහෝ දෙනාගේ හිතසුව පිණිස එය පෙළහර දක්වා පෙන්වා දෙන්නේ නම් මැනවි. (නදී)
ත්‍රිපිටකයට අනුව නම්, මාර්ගපල ලැබූ කිසි කෙනෙක් තව කෙනෙකුට අභියෝග කරන්නේ නැහැ.(නදී)
මා අසා ඇති අන්දමට එකල රහතුන් වහන්සේලා මම රහත් කියලා වදාරා නැත. මිනිස් සිතෙහි ඇති සැකය දුරු වීමට නම් ක්‍රියාවෙන් ඔප්පු කල හැකි නම් හොඳයි නේද අපේ හාමුදුරුවනේ. මාර්ගපල ලැබූ කිසි කෙනෙක් තව කෙනෙකුට අභියෝග කරන්නේ නැහැ.(නදී)
තමන්ට විශේෂ බලයක් සහ හැකියාවක් තියෙනවා කියලා හිතෙන මානසික රෝගී තත්වයක් තියෙනවා. එම තත්වය පාලනය කරන්න බෙහෙත් තියෙනවා.(නදී)
මගේ අදහස නම් ශ්‍රී ධම්ම හිමිගේ බුද්ද වචනයෙන් ගෙන ප්‍රකාශ කරන නිදසුන් සත්‍ය බවකි. නමුත් මා දන්නා පමණින් කිසිම බික්ෂුවක් මාර්ගපල ලබා ඇත්නම් රහතුන් වහන්සේලා එසේ ප්‍රකාශ කරන්නේ නැති බවක් මා ශ්‍රවනය කර ඇත. එම හිමිගේ නිවන් දැකීම උන්වහන්සේගේම ජයග්‍රහණයක් වේ. එයට අභියෝග කර විවාද කිරීම අනුවන කමක් බව මට දැනේ. මමද එම හිමිගේ දේශනා ශ්‍රවනය කර ඇත්තෙමි. බුද්ද වචනය නම් තමා යම් අග්‍ර [පලයක් ලැබුවේ නම් එය මැදහත් සිතින් සිතිමය. එයින් කෝපවීම නුසුදුසුය.(නදී)
"මේ තත්ත්වය විනිශ්චය කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ මහා සංඝරත්නයටයි. මේ වෙනුවෙන් උන් වහන්සේලාගේ මධ්‍යස්ත මැදිහත්වීම බලාපොරොත්තු වෙමු" මේ අදහසට මමත් 100% එකඟයි. විය යුත්තේ මෙයයි. (නදී)
මිනිස්සු කරුණු හොයන්නේ නැතිව නිකන් කලබලවෙනවා.(ත)
හිතවත් සුපුන්, සිදුවිය යුත්තේ අප ධර්ම මාර්ගයේ යාම මිස කෙනෙක් එම මාර්ගයේ ගිහින් මාර්ග පල අවබෝධ කර තිබේදැයි සෙවීම නොවේ. ඒ සඳහා උන් වහන්සේ දේශනා කරන මාර්ගය පිළිබද සොයා බැලිය යුතුයි. එය පිළිගැනීම තමුන් තීරණය කල යුතුයි. බෞද්ධ දර්ශණය තමන් පිළිබද සෙවීම මිස අනුන් පිළිබද සෙවීම නොවන බවයි මගේ අදහස.(නදී)
මහ ජනතාව වෙත කාරුණිකව මතක් කරන්නේ බොදුනු අපිට බුදුරජාණන් වහන්සේ හැර අන් මග පෙන්වන්නෙකු නොමැත. උන් වහන්සේට ධර්මය හැර අන් මගපෙන්වන්නෙකු නොසිටියේය . යන මග තිබේ නම් යන්න දෑසත් පෙනේනම් කිම බැදිවල යන්නේ.(නදී)
වාදයක් ඉල්ලන්නේ ජය ගැනීමට නොව, පරම සත්‍යය ලොවට හෙළිකිරීමටයි. සහය වෙන්න. (නි)
බුදුදහමේ ප්‍රධානම කරණය තමයි එ්හිපස්සික බව. අභියෝග නොවේ සුහද ආරාධනා තිබෙන්නේ. බුදුන්වහන්සේ තමාව පරීක්ෂාවට එන්න කියා කාටවත් අභියෝග කළේ නෑ. ධර්මය දැනගන්න ගැටළු විසඳන්න ගමින් ගම සංචාරය කළා. අද බුදු කෙනෙක් හිටියත් එහෙමයි. බුදුන්වහන්සේ කියන්නේ අලංකාර රාජ මාලිගයක නිස්සාර දේවල්, පිළිම එක්ක රැඳෙන කෙනෙක් නොවේ. අර භික්ෂුන්වහන්සේ පිරිසක් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට එනකොට දායකයෝ පොලු අරගෙන මාරාවෙසෙන් ගහන්න එන්නේ නෑනේ නේද? එක කලින් සිද්ධියක්. මේ භික්ෂුන්වහන්සේ ගේ යම් ආලෝකයක් තිබුණත් නිවීමක් නම් පෙනෙන්නේ නෑ. පෙනෙනවානම් මෙවන් ප්‍රශ්නවලට උත්තර දෙන්නෙත් නෑ. රහත් වූවා නම් නමක් මොකටද. සිරිධම්ම කියන්නේ අපූරු නමක්. එක සමන්තභද්‍ර කළේ තමා නිර්වාණයට වඩා ඉහල තැනක එනම් බුද්ධ භාවයක් ලැබුවා යයි පෙන්වීමට නොවේද? කලක් තමාගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ ගැන කීව. නමත් එක්කත් ඇලෙන ගැටෙන පුද්ගලයන්(බ)
මම නම් කියන්නේ සිරිධම්ම හිමි රහත් උනාද නැද්ද කියන එක අපට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ප්‍රසිද්ධියේ අනෙකුත් භික්ෂුන් වහන්සේලාව විවේචනය කිරීම මහනායක හිමිවරුන්ගේ ගරුත්වයටද හානියක් සිද්ධ උනා. අද වෙනකොටත් මේ තරමින් හරි බුදුදහම රැකගෙන එන්නේ විවිධ භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබුන නිසා. භික්ෂුව සිල්වත්ද නැද්ද යන්නෙන් වාසිය හෝ අවාසිය සිද්ධවන්නේ එම භික්ෂුවටයි. (නදී)
මම නම් විශ්වාස කරනවා..(නදී)
නිවන් දැක්කා නම් අහසින් වැඩම කරන්න, පරසිත් කියවන්න වගේ ප්‍රාතිහාර්යන් කරන්න පුළුවන් වෙන්න ඕනා නේද? (නදී)
අනේ මන්ද මොනවා කියන්න ද කියලා. එතකොට රේරුකානේ හාමුදුරුවෝ, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මාර්ග පල ලබල නැද්ද ? (නදී)
කුමනාකාරයේ අදහසක් පළකරනවාදැයි මට නම් සිතාගන්නත් අපහසුයි (නි)
දැන් සිංහල බෞද්ධ මිනිස්සු විනාශ කරන්න බලවේග රැසක් වැඩ කරනවා (දිල්)
අපි ඉතාම ස්තුතිවන්ත වෙමි . දාර්ශනිකයෙකුව නැවත සමාජයට දායාද කිරීම පිළිබඳව (දිල්)
ධර්මයට සහ විනයට අනුව ගලපා බැලූ විට සත්‍ය වැටහේ. කව්රුවත් ගැන සාමාන්‍ය මනුෂ්‍යාට තීරණයක් ගන්න බැහැ බුදු කෙනෙකුන් හැර.(නදී)
සිරිධම්ම හිමිගේ රහත් බව ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකිය යුතුය. එය අගය කල යුතුය. එය විය නොහැකි දෙයක් නොවේ. රහත් වීම කාල්පනික දෙයක්ම නොවේ. මම උන්වහන්සේගෙන් දහම් ඉගෙනීමට කැමැත්තෙමි. ප්‍රතික්ෂේප කල යුතු හා ප්‍රශ්න කල යුතු දේ රාශියක් සෑම තැනකම ඇත. (නදී)
අපිට මෙවා ඇත්තද නැද්ද කියන්න බෑ. මොකද මෙවා දකින්න තියුනු බුද්ධියක් අවශ්‍ය බව බුදු හාමුදුරුවොත් කියල තියෙනව කියල මම අහල තියෙනවා. ඒක නිසා මේ දේවල් ඔප්පු වේවි එතකන් ඉමු. (නදී)
මෙ සත්‍යක් බව මා දන්නවා (දිල්)
උන්වහන්සේ දේශනා කරන ධර්මය නිවරදියි. එය අනුගමනය කිරීමෙන් ඕනෑම කෙනෙකුට තමාගේ ජීවිතය වාසනාවන්ත කරගැනීමට හැකියාව තිබෙනවා. ධර්මයට සවන් දී බලන්න.(නදී)
කෙනෙකුට මඩ සහ පහර ගැසීම ඉතාමත් පහසුයි. නමුත් ඒවා කළ යුතු දේ යැයි මම අනුමත නොකරමි. ඔනෑම කෙනෙකුගේ වරදක් ඇත්නම් එය පහදා දීමට අප පුරුදු විය යුතුයි. (නදී)
මේ ධර්මය දෙස අපි මධ්‍යස්ථව බලන්න ඕනා. වැරදි කියන්න බැහැ කාටවත්. කියන දේවල් ඇත්ත කියලා හිතෙනවා. මම තව මේ ගැන හොයනවා. මම අවුරුදු 13 ක ඉදලා මේ හිමියන්ව දන්නවා. (නදී)
මා අසා ඇති අන්දමට එකල රහතන් වහන්සේලා මම රහත් කියලා වදාරා නැත. (නදී)
මේ හාමුදුරුවෝ බුදුන්ගේ දහම අවබෝද කරලා අරහත් ඵලයක් ලබා ගත්තා නම් එම දහම ලෝකයට දේශනා කලා නම් තමයි හොද. සියළු සතුන්ගේ හිත සුව පිනිස දහම් දේශනා කරනු මැනවි.(නදී)
නැවත ධර්ම සංගායනාවකට කාලය එළඹ ඇත.(නදී)
එදවස බුදුරදුන් ශාඛ්‍ය වරුන්ගේ මානය සහ අවිශ්වාසය බිදීමට යමා මහ පෙළහැර පෑවා. ඔබ වහන්සේත් මිනිසුන්ගේ චෝදනාවන් සහ අවිශ්වාසයන් බිඳීමට අවස්ථාවක් උදා කරගන්න.(නදී)
බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ කවුරුවත් කියපු පලියට කිසි දෙයක් විශ්වාස කරන්න එපා චින්තනයට හා විමංසනයට ඉඩ දෙන්න කියලා. මේවා හරිද වැරදිද මේ හාමුදුරුවෝ නිවන් දැකලද නැද්ද කියලා අපිට ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඒත් මං අහල තියෙනවා නිවන් මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙක් කවදාවත් ඒක තැන තැන කියා කියා ඇවිදින්නේ නම් නැති ලු. (නදී)
උන්වහන්සේ මාර්ග ඵල ලැබුවා කියා තැන තැන දේශනා කර නැහැ. උන්වහන්සේ දේශනා කරන ධර්මය අසන්නේ නැතුව හිතුමතේට අදහස් ඉදිරිපත් කරන්න එපා. (නදී)
මේ කතාව කියවලා මටත් ලොකු සහනයක් දැනුණා (නි)
බුදු හාමුදුරුවොත් නෑයන්ගේ මානය බිදීමට යමා මහ පෙළහර පාලා පෙන්නුවා. මේ හිමියනුත් හැකි නම් එවන් දෙයක් කර සැකය දුරු කරන්න. (නදී)
මමත් මේ හිමියන්ගේ ධර්ම දේශනාවලට අන්තර්ජාලය ඔස්සේ නිතර සවන් දෙන අයෙක්මි. ඒ නිසා අම්පාරේ ධම්මෝදය හිමිගේ අදහසට එකග වෙමි.(නදී)
මම අහලා තියෙන පිරිසිදු බුදුදමට නිකායක් නැත. උන් වහන්සේ අරහත් උපසුත් ථෙරවාදය මහායාන සමගද? ගැටලුවකි. (නදී)
මම සිරි ධම්ම හාමුදුරුවෝ කියන දේට එකඟයි. අපිට උන් වහන්සේ නිවන් අවබෝද කරගෙනද නැද්ද කියල අහු මුළුවල විවේචනය කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. උන් වහන්සේම ආරාධනා කරනවා විවෘර්ත සංවාදෙකට. විවේචනය කරන අය ඇයි ඉදිරිපත් වෙන් නැත්තේ ඇයි? කෙසේ වෙතත් උන් වහන්සේ කෙලින් කතා කරනවා. ඇති තතු ඇති සැටියෙන් කියනවා. අද කාලේ එහෙම අය ඉන්න ඕනේ.(නදී)
මම හිතන්නේ හැම වෙලේම අපට නොපෙනෙන බලවේග තියන බව. ඒ දේවල් තේරුම් ගන්න සාමාන්‍ය මිනිසුන්ට බැහැ.(නදී)