ජනාධිපතිවරණයෙන් පසුව චෝදනා වඩදිය රැල්ල නැග එමින් තිබේ. චෝදනා ප‍්‍රහාරයට ලක්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.
- ප‍්‍රශ්නය : ඔබ මේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයා. ඔබ දැන් කවුද?
- පිළිතුර : පළමුවෙන්ම කිව යුතුයි මම රාජද්‍රෝහියෙක් නොවෙයි. ඒ වගේම හොරෙකුත් නොවෙයි. මම ඒක බය නැතිව විවෘතවම කියන්න කැමැතියි.
- ප‍්‍රශ්නය : ඔබ කළ කාර්ය භාරය සම්බන්ධයෙන් ඔබට කීමට යමක් තියෙනවද? ඔබ ඉන්නේ පසුතැවිල්ලෙන්ද?
- පිළිතුර : කිසිම පසුතැවිල්ලක් නැහැ. මම මේ රට බේරා ගන්න ජීවිත අවාදනම නොතකා තීන්දු තීරණ ගත්ත වැඩ කරපු කෙනෙක්. ඒක මේ රටේ ජනතාව දන්නවා.
- ප‍්‍රශ්නය : ඔබ හිතන්නේ නැද්ද යුද ජයග‍්‍රහණයත් සමග ඔබේ කාර්ය භාරයත් අවසන් කියලා.
- පිළිතුර : ජාතික ආරක්ෂාවට එහෙම සීමා නිර්ණ නැහැ. යුද ජයග‍්‍රහණයෙන් පස්සේ හුඟාක් දෙනෙක් හිතුවා දැන් ප‍්‍රශ්නය ඉවරයි කියලා. නමුත් යුද්ධය අවසන් වෙච්ච දවසේ ඉඳලා මේ අවස්ථාවේ මගේ රාජකාරිය අවසන් වෙච්ච දවස දක්වා විවිධ වෙනස්කම් කරමින් නැවත වතාවක් මේ රටේ ත‍්‍රස්තවාදය මතුවීමට තිබූ අවස්ථාවන් වළක්වලා රටේ නීතිය හා සාමය ආරක්ෂාව හා විශේෂයෙන්ම ස්වෛරීත්වය රැකෙන විදිහට වැඩ කළා. ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අලූත් බලධාරීන් මේ කාරණා අධ්‍යයනය කරන එක ඉතාම වැදගත් වේවි. එහෙම අධ්‍යයනය කරලා තේරුම් ගන්න එකත් වැදගත්. එතකොට කොච්චර විශාල දෙයක් අපි කරලා තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. පිටින් බැලූවට ඒක පේන්නේ නැහැ.
- ප‍්‍රශ්නය : ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදු කෙරුණු විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ චෝදනා මතු කරමින් ඉන්නවා?
- පිළිතුර : මම විශාල ව්‍යාපෘති ගණනාවක් කළා. ඒ මොනවද කියලා අධ්‍යයනය කරන්නත් විශාල කාලයක් යයි. ආරක්ෂාව අතින්, වෘත්තිමය තත්ත්වය ඉහළ දැමීම අතින් සෙබළුන්ගේ සුබ සාධනය අතින් ආබාධිත සෙබළුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් ළමයින්ගේ අධ්‍යාපනය අතින් මේ ආදි විවිධ අංශවලින් ති‍්‍රවිධ හමුදාවේ යහපත වෙනුවෙන් මම කරලා තියෙනවා. මේවා එකින් එක අධ්‍යයනය කරන්න පුළුවන්.
- ප‍්‍රශ්නය : ඒ ව්‍යාපෘතිවල විධිමත් භාවය විනිවිද භාවය?
- පිළිතුර : පොඞ්ඩක් ඉන්න. ඒවා නීත්‍යානුකූල විදියට තමයි කරලා තියෙන්නේ. ති‍්‍රවිධ හමුදාවේ නිලධාරි ව්‍යුහය තුළ පාලනය කෙරෙන විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. අතිරේක ලෙක්ම්වරු හා විවිධ නිලධාරීන් අතින් පාලනය කෙරෙනවා. විධිමත් ක‍්‍රමවේදයන්ට යටත්ව මේ ව්‍යාපෘති කරලා තියෙනවා. ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියෙ නිලධාරින්ගේ හා සෙබළුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති කරපු පාසල් පද්ධතිය ඉතාම වැදගත් ව්‍යාපෘතියක්. එහෙම එකක් කවුරුවත් හිතලා තිබුණේ නැහැ. හිතුවත් කි‍්‍රයාත්මක කරලා තිබුණේ නැහැ. මැලේ වීදියේ තියෙන ආරක්ෂක පාසල කුරුණෑගල තියෙන ආරක්ෂක පාසල මේවා ඉතා අමාරුවෙන් හිතලා කරපු ව්‍යාපෘති. ඉතින් සමහර අය මේවගේ ක‍්‍රමවේද වැරැුදියි කියලා කියන්න පුළුවන්. නමුත් ඒවා ඉතා නීත්‍යානුකූලව ඇති කරපු දේවල්.
- ප‍්‍රශ්නය : ඒ කොහොම වුණත් ඔබේ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල වුණා?
- පිළිතුර : ති‍්‍රවිධ හමුදා මූලස්ථානවලටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් ස්ථිර ගොඩනැගිලි සංකීර්ණයක් හදන්න බත්තරමුල්ලේ අකුරුගොඩ අවුරුදු 20කට පමණ ඉස්සර ඒ භූමි භාගය වෙන් කරලා තිබුණේ. නමුත් කවුරුවත් ඒක පටන් ගත්තේ නෑ. ප්ලෑන් පවා හදලා තිබුණේ. නමුත් කවුරුවත් පටන් ගත්තේ නෑ.
- ප‍්‍රශ්නය : ඒකට හේතුවක් තිබුණද?
- පිළිතුර : ඔව්! ප‍්‍රධානම හේතුව තමයි මුදල්. මුදල් තිබුණේ නැහැ. යුද්දෙ කාලේ ඕවා කරන්නත් බෑ. නමුත් යුද්දෙන් පස්සේ විශේෂයෙන්ම යුද හමුදා මූලස්ථානය පිහිටි ගාලූ මුවදොර භූමි භාගය හමුදාවට වඩා හෝටල් සංකීර්ණයකට සුදුසුයි කියලා අදහසක් තිබුණා. ඒක අද ඊයෙ නොවෙයි. පාර්ලිමේන්තුව ජයවර්ධනපුරයට ගෙනාපු කාලයේ ඉඳලා රාජ්‍ය ආයතන කෝට්ටෙට ඒ පැත්තට ගෙනියන්න සැලසුම් තිබුණා. ඒ කාලේ ඉඳලම ඔය ගාලූ මුවදොර ප‍්‍රදේශය හෝටල් සඳහා සුදුසුයි කියලා තමයි අදහස් වුණේ. ඒ නිසා තමයි මුලින්ම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ යුද හමුදාවට අයිති භූමි භාගයකම ටාජ් සමුද්‍ර හෝටලය හැදුවේ. ඉතින් කොහොම හරි යුද්ධය අවසන් වුණාට පස්සේ ආයෝජන මණ්ඩලයෙන් හා මහා භාණ්ඩාගාරයෙන් අපට යෝජනාවක් ආවා ඉඩමක් ඒ අයට දෙනවා නම් ආයෝජනය කරන්න පුළුවන් කියලා. අපි කිව්වා හොඳයි ඉඩම ගන්න හැබැයි අපිට හමුදා මූලස්ථානයක් හදා ගන්න වෙනවා. ඒකට මුදල් අවශ්‍යයි. ඒ මුදල් තමයි ඔය ගිණුමේ තැන්පත් කළේ.
- ප‍්‍රශ්නය : ඇයි ඒක ඒ විදිහට වෙනම ගිණුමක තැන්පත් කළේ?
- පිළිතුර : අපිට බෑ. වාර්ෂිකව අයවැයෙන් වෙන් කෙරෙන මුදල්වලින් ඉක්මනට මේක හදන්න. ඒක නිසා මේ ආයෝජනය කරන මුදල් අපේ ගිණුමකට දාන්න ඕනෑ කියලා අපි කිව්වා. එහෙම නැත්නම් මේ ගොඩනැගිල්ල අපට හදාගන්න බෑ. ඒ අනුව කැබිනට් මණ්ඩලයට අපි ගිහිල්ලා ටේරෂරියෙ උපදෙස් අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුමක මේ මුදල් තැන්පත් කළා. අකුරුගොඩට දැන් ගියොත් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන් අපි කරලා තියෙන වැඩ කොටස. මේ තරම් කෙටි කාලයකින් මේවා කරන්න පුළුවන් වුණේ මේ වගේ ගිණුමක් තිබුණ නිසයි.
- ප‍්‍රශ්නය : ඔබේ නමින් ඒ ගිණුම තිබුණ බවයි මුලින්ම චෝදනා එල්ල වුණේ?
- පිළිතුර : නෑ. ඒ චෝදනා කරපු පිරිසම ඒවා වැරැුදියි කියලා පිළිගත්තනේ. නව ආරක්ෂක ලේකම්තුමා ඒක රටට පැහැදිලි කළා නේ. පුද්ගලික ගිණුමකට එහෙම දාන්න පුළුවන්ද? එහෙම මෝඩකමක් ටේරෂරිය කරනවද? කැබිනට් මණ්ඩලය එහෙම එකකට ඉඩ දෙයිද? නව ආරක්ෂක ලේකම්තුමා කිව්වනේ ඒ මුදල් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ගිණුමක කියලා. ඒ ගිණුමේ මුදල් පාවිච්චි කරලා තියෙන්නේ රජයේ පිළිගත් ක‍්‍රම වේදයකට යටත්වයි. ඒකේ එක චෙක් එකක්වත් මම අත්සන් කරලා නැහැ. ඒ චෙක්පත් අත්සන් කරලා තියෙන්නේ ගණකාධිකාරිවරයා. ටෙන්ඩර් පටිපාටියට යටත්ව සියලූම නීති රීතිවලට යටත්ව තමයි ඒ මුදල් වියදම් කරලා තියෙන්නේ. නව නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ ඒවා හොයලා බලන්න. නිකම් චෝදනා කරන්න එපා. ඒ වගේම ඒ ව්‍යාපෘතිය කඩා වැටුණොත් ඒක අපරාධයක්. ති‍්‍රවිධ හමුදාවලට මූලස්ථානයක් නැති වෙනවා. නව ආරක්ෂක අමාත්‍යතුමාට, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාට, ආරක්ෂක ලේකම් තුමාට ඒ ස්ථානයට ගිහින් පරීක්ෂා කරලා බලන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආරක්ෂක ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිලධාරින්ගේ සෙබළුන්ගේ සුබ සාධනය වෙනුවෙන් මම කරපු කාර්ය භාරය සම්බන්ධයෙන් මම අවංකවම සතුටු වෙනවා.
- ප‍්‍රශ්නය : ඔබට ධුරය අහිමිවීමත් සමග පාවෙන අවි ගබඩා මතු වුණා. ලොකු මිලිටරි සූදානමකින් ඔබ හිටියා කියන මතය ඒ අනුව මතුවෙලා?
- පිළිතුර : මම ඒකත් පැහැදිලි කරන්නම්. ඒකත් අපි පටන් ගත්ත තවත් ව්‍යාපෘතියක්. රත්නා ලංකා ආරක්ෂක සේවාව ආරක්ෂක අමාත්‍යංශය යටතේ සමාගමක් විදිහට ඇති කරපු ආයතනයක්.
- ප‍්‍රශ්නය : එහෙම ආරක්ෂක සමාගමක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පටන් ගැනීමත් විවාදාත්මකයි?
- පිළිතුර : මේක විශේෂයෙන්ම මම පටන් ගත්තේ යුද්ධ කරලා විශ‍්‍රාම යන නිලධාරීන්ට සෙබළුන්ට රැුකියා අවස්ථා සඳහායි. මේකේ සීයට සීයක්ම ඉන්නේ රණවිරුවෝ. මේ අය බොහෝ වෙලාවට පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට තමයි වැඩට යන්නේ. ඒ අයගෙන්ම මට විශේෂ ඉල්ලීම් ආවා මේ වගේ රැුකියා අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඒවත් කල්පනා කරලා බලලා තමයි මේක හැදුවේ. එතැනට ගිහින් බලන්න. ඒ අයට කොච්චර ලොකු පඩියක් දෙනවද? බෝනස් දෙනවද?
- ප‍්‍රශ්නය : රත්නා ලංකා සමාගමට එක පාරක් කෝප් එක හමුවටත් යන්න වුණා.
- පිළිතුර : ඔව් ගියා. කෝප් එක ප‍්‍රශංසා කළා. ඒ වාර්තා තියෙනවා. මේක මුලින්ම ආරම්භ කළේ ගොඩබිම රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව දෙන්නයි. ඒකට හේතුවක් තිබුණා. රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයීමේදී රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට මුදල් ගෙවීමේදී පමා වෙනවා. එතකොට ඒ ආයතන කඩා වැටෙනවා. අපට ඉල්ලීමක් ආවා රාජ්‍ය අංශයට ආරක්ෂාව සපයන වැඩ පිළිවෙළක් හදන්න කියලා. ඒකත් එක හේතුවක් වුණා මේක හදන්න.
- ප‍්‍රශ්නය : පාවෙන අවි ගබඩා ප‍්‍රශ්නයට ඔබෙන් පිළිතුරක් අවශ්‍යයි?
- පිළිතුර : මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රශ්නය ලෝකයේ ඉතාම ප‍්‍රබල ප‍්‍රශ්නයක්. ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහාත් සෝමාලියා මුහුදු තීරයේ මේ මුහුදු කොල්ලකෑම් වළක්වන්න වෙනමම ටාස්ක් ෆෝස් එකක් යොදවලා තියෙනවා. වෙළෙඳ නැව්වලට ආරක්ෂාවක් සැපයීමේ අවශ්‍යතාව මතු වුණා. විවිධ පෞද්ගලික සමාගම් ඒ ආරක්ෂාව දෙන්න ගිහිල්ලා විවිධ ප‍්‍රශ්න ඇති වුණා. මේක මුහුදේ සිද්ධ වෙන්නේ. ජාත්‍යන්තර මුහුදු නීතියට බලපෑමක් ඇති වෙන දෙයක්. මේ ආයුධ වැරැදි තැන්වලට ගියොත් විවිධ ප‍්‍රශ්න ඇති වෙනවා. අපි මුලින්ම නාවික හමුදාවත් එක්ක මේ වගේ පාවෙන අවි ගබඩාවක් ආරම්භ කළා.
- ප‍්‍රශ්නය : ඇයි ඒක ඊට පස්සේ පෞද්ගලික සමාගමකට දුන්නේ?
- පිළිතුර : මේක අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් වඩාත් දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ ගැන අධ්‍යයනය කරනකොට අපිට පෙනී ගියා රජයක් විදිහට මේකේ සමහර දේවල් අපට කරන්න බෑ. ව්‍යාපාරයක් වුණාම අපට විවිධ අවදානම් ගන්න වෙනවනේ. සමහරවිට එකවර විශාල ලෙස ආයෝජනය කරන්න වෙනවා. ඒක එක පාරටම අපිට ලැබෙන්නේ නැහැ. මේක ලෝකයෙ තියෙන මේ ව්‍යාපාරයේ නියුතු සමාගම් එක්ක සටනක් කරලා ගන්න ඕනෑ ව්‍යාපාරයක්. ඒ අනුව අපට පෙනී ගියා මේකට පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගන්න වෙනවා කියලා.
- ප‍්‍රශ්නය : ඒ සඳහා ඇවන්ට් ගාර්ඞ් සමාගමම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?
- පිළිතුර : පෞද්ගලික සමාගම් ගණනාවක් අපට ප්‍රොපෝසල් දුන්නා. අපි ඒවා අධ්‍යයනය කරලා ඇවන්ට් ගාර්ට් එක තෝරා ගත්තා. මොකද, ඒ අය ඒ වෙනකොටත් ඔය ව්‍යාපාරයේ ඉහළින්ම හිටියේ. ඒ නිසා අපි තීරණය කළා ආයුධ හා සම්බන්ධ නිසා රජයෙන් පාලනය විය යුතුයි. නීතිමය වගකීම රජය භාරගත යුතුයි. අවි සැපයීම රජය සතුයි. ශ‍්‍රම සම්පත ලබාදීමේ වගකීමත් අප සතුයි. මේ කාරණාවලට යටත්ව රත්නා ලංකා සමාගම හා ඇවන්ට් ගාර්ඞ් සමාගම එක්ක ගිවිසුම් අත්සන් කරලා ව්‍යාපාරය පටන් ගත්තා. නිකම් චෝදනා කරන්න එපා. මේක ගැනත් අධ්‍යයනයක් කරලා කතා කරන්න.
- ප‍්‍රශ්නය : ජාතික ආරක්ෂාවත් සමග ගැට ගැසුණු මේ වගේ ක්ෂේත‍්‍රයක් ආවරණය කිරීමේදී පෞද්ගලික අංශය කෙරෙහි විශ්වාසය තැබීම කොයි තරම් දුරට සාධාරණද කියන ප‍්‍රශ්නයත් සමහරු මතු කරනවා.
- පිළිතුර : මේ ව්‍යාපෘතියට ලංකාව තුළ නොවෙයි පිටරට සමාගම් පවා මේක කඩාගන්න උත්සාහ කරනවා? නමුත් ඉහළම තත්ත්වයට අපි මේක ගෙනත් තියෙනවා. ඒවගේම හිටපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් ඇවන්ට් ගාර්ඞ් සමාගමේ වැඩ කරනවා. යුද හමුදාවේ මේජර් ජනරාල්වරු විශාල සංඛ්‍යාවක් මේ ආයතනයේ සේවය කරනවා. ප‍්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ අය වැඩ කරයිද? ඒ නිසා මේවා හොයලා බලලා කතා කරන්න.
- ප‍්‍රශ්නය : ඔබ දරදඬු පාලනයක් ගෙන ගිය බවටත් චෝදනාවක් තියෙනවා?
- පිළිතුර : ඒ චෝදනාවට කලින් බලන්න මම මට පවරපු කාර්යභාරය ඉටු කිරීමේදී මම සමත් ද අසමත් ද කියලා. යුද ජයග‍්‍රහණය වගේම කොළඹ නගරය දිහා බැලූවාම ඔබේ චෝදනාවට උත්තර ලැබෙයි.
- ප‍්‍රශ්නය : පාර අතුගාන්න හමුදා සෙබළුන් යොදවපු බවටත් ඔබට චෝදනාවක්.
- පිළිතුර : පාරවල් අතුගාන්න සෙබළුන් දැම්මේ නෑ. පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරුවන් ඉන්නවා. ඔවුන්ගේ කාර්යය අධීක්ෂණය කරන්න හමුදාව යෙදෙව්වා තමයි. එහෙමනම් දැන් බලන්න. ඒවා නවත්වලාද? නෑ. ඒක වැරැුදියි නම් නවත්වන්න එපැයි. එහෙම නවත්වලා නෑ. ඒක දිගටම කරගෙන යන්න කියලා ඉහළින්ම උපදෙස් දීලා තියෙනවා. එහෙම තමයි යහ පාලනය කියන්නේ හොඳ දේ දිගටම කරගෙන යෑම තමයි.
- ප‍්‍රශ්නය : දේශපාලන ඉරණම මෙහෙම විසඳෙයි කියලා ඔබ හිතුවද?
- පිළිතුර : ඒක ජනතාවගේ කැමැත්තනේ. හිටපු ජනාධිපතිතුමාට චෝදනා කළා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබුණේ නැහැ කියලා. නමුත් මේ ප‍්‍රතිඵලය ආවෙත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණ නිසානේ. උතුරේ හා නැගෙනහිර ජනතාවට ඡුන්දය පාවිච්චි කරන්න නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණ නිසානේ මේ ප‍්‍රතිඵලය ආවේ. කොළඹ ඉන්න දෙමළ හා මුස්ලිම් ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස තිබුණ නිසානේ මේ ප‍්‍රතිඵලය ආවේ. ඒ නිසා චෝදනා කරන අය ඒ ගැනත් හිතලා බලන්න ඕනෑ.
- ප‍්‍රශ්නය : ඡන්දය දවසේ ? කුමන්ත‍්‍රණයක් ගැනත් කියැවෙනවා?
- පිළිතුර : කුමන්ත‍්‍රණයක් තිබුණා නම් කුමන්ත‍්‍රණයක් වෙන්න ඕනෑ. හිටපු ජනාධිපතිතුමා අවසන් ප‍්‍රතිඵලය නිවේදනය කරන්න කලින් පාලනය භාරදීලා ගෙදර ගියා. එතුමා විවෘත ශාලාවක ඔය කා එක්කත් කතා කර කර හිටියේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. කුමන්ත‍්‍රණයක් කරනවා නම් නීතිපතිතුමාව එතැනට ගෙන්වනවද? එතැන ගොඩාක් අය හිටියා. මාධ්‍යවේදීන් පවා හිටියා. නමුත් උතුරෙන් ප‍්‍රතිඵල එනකොට හිටපු ජනාධිපතිතුමා තේරුම් ගත්තා පරාදයි කියල. ඊට පස්සේ තමයි එවකට හිටපු විපක්ෂ නායක තුමාට කතා කරලා ආරක්ෂාව ඉල්ලූවේ.
- ප‍්‍රශ්නය : එහෙම විශේෂ ආරක්ෂාවක් ඉල්ලූවේ ඇයි?
- පිළිතුර : මැතිවරණ වේදිකාවල කිව්වනේ අරලියගහ මන්දිරය වට කරනවා, රජ ගෙදර වටලනවා, බිමට ඇදලා දානවා කියලා. ඒ වගේ භීෂණයක් අපට තිබුණා. වේලාසනින්ම පිටවුණාටත් පස්සේ මොනවද කරන මේ චෝදනා
- ප‍්‍රශ්නය : රාජපක්ෂවරුන් නිසා මහින්ද රාජපක්ෂ පරාජය වුණා?
- පිළිතුර : මම හින්දා පරාජය වුණා කියලා නම් මම හිතන්නේ නැහැ. මගේ රාජකාරිය මම අකුරටම ඉටු කරලා තියෙනවා. රාජපක්ෂවරුන් නිසාම නොවෙයි විවිධ අයත් ඒකට බලපෑවා. ඒ අය දැන් ඒපැත්තට ගිහිල්ලා විවිධ දේ කියනවා. අපට සිංහල බෞද්ධ බහුතර ඡුන්ද ලැබිලා තියෙනවා. හැබැයි වෙනදා දීපු වැඩි ඡන්ද මේ පාර අඩුවෙලා තියෙනවා. දෙමළ ජනතාවගේ ඡුන්ද ලැබිලා නෑ. මුස්ලිම් ජනතාවගේ ඡුන්ද අපට ලැබුණේ නැහැනේ. මුස්ලිම් ජනතාව තරහා වුණේ ඒ අය වැරැුදි අදහසක් ඇති කරගත්තා බොදු බලසේනාව වගේ සංවිධාන තර්ජනයක් කළා කියලා.
- ප‍්‍රශ්නය : ඒක ඔබේ සංවිධානයක්?
- පිළිතුර : ඒ වැරැදි අදහස තමයි ඒ ජනතාව අතරට ගියේ. නමුත් ඒක ඇත්ත නොවෙයි. ඒ නිසා මුස්ලිම් ජනතාව හිටපු ජනාධිපතිතුමා පරාජය කරන්න ඡන්දය දුන්නා. මුස්ලිම් කොංග‍්‍රසය කරපු ඉල්ලීම්වලට අපි කැමැති වුණේ නැහැ. ඔය වගේ ප‍්‍රශ්න ගොඩාක් තිබුණා. ටී.එන්.ඒ. සංවිධානය එදා ඉඳලම ප‍්‍රභාකරන් විනාශ කරපු මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි කියන මතයේ හිටියේ. දෙමළ ඩයස්පෝරාව හිටියෙත් ඒ මතයෙන්. ඒකනේ මෙතැනදි වුණේ. උතුරට නැගෙනහිරට කරපු සේවය දිහා බැලූවානම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡුන්දය නොදී ඉන්න හේතුවක් නෑ.
- ප‍්‍රශ්නය : ලසන්ත, ජෙයරාජ්, රවිරාජ්, පරරාජසිංහම් ඝාතන පරීක්ෂන මුල සිට අරඹන බව ඇමැති රාජිත කියනවා?
- පිළිතුර : හොඳයි හොයන්න. හැබැයි කාවවත් ඉලක්ක කරගෙන හොයන්න යන්න එපා. ඇත්ත ඝාතකයා හොයා ගන්න පුළුවන් විදිහට පරීක්ෂණයක් කරන්න. කවුද කළේ කියලා ඇත්තටම හොයන්න. හරි පුද්ගලයා හොයන්න. ඒක ඉතාම වැදගත්.
- ප‍්‍රශ්නය : සරත් ෆොන්සේකාට පූර්ණ නිදහසත් සියලූ වරප‍්‍රසාදත් හිමිවෙලා තියෙනවා?
- පිළිතුර : ඒක හොඳයි. මමත් ඕවා ලබාදෙන්න කියලා කිව්වා. හුඟාක් දේවල් ලබා දෙන්න උත්සාහ කළා. සමහර ඒවා ලබා දුන්නා.
- ප‍්‍රශ්නය : ඔබේ ආරක්ෂාව දැන් කොහොමද?
- පිළිතුර : ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මට හොඳ ආරක්ෂාවක් ලබාදීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් අග‍්‍රාමාත්‍යතුමාටත් මම මගේ ස්තුතිය පුද කරනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබත් ඔබ සොයුරු මහින්දත් නොහිටින්න අපිට නිදහස් රටක් නැහැ. ජාතියේ පිනට පහළ වු යුගපුරුෂයෝ දෙන්නෙක්.පිට කොන්දක් ඇති උදවිය බෙහෙතකටවත් හොයන්න බැහැ ඔක්කොම කටින් වීරයෝ වැඩ නැහැ.අංග සම්පුර්ණ මිනිස්සු මේ ලෝකේ කොහිද.අඩුපාඩු හොයන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.කව්රු කලත් හොද දේ අගය කරන්න ඕන.එකට පාට අදාල නැහැ.(දිල්)
කරුණාකර නිවැරදි දේ සොයා බලා ඕනෑම කෙනුකුට චෝදනා කරන්න මොකද යමෙක් නිවැරදි වෙන්න පුළුවන් එවිට අපට ඉතිරි වන්නේ පසුතැවීම පමණයි. (ර)
ඔබතුමා අපේ රට බේරාගත්තු නායකයා බුදුදහම රැකගත්තු නායකයා .(හේ)
චිරන් ජයතු මහා සෙන්පතියානෙනි (නදී)
ඔබ තමා නියම සිංහල බෞද්ධ නායකයා. ඔබේ වැඩ ඉස්තරම්. ඔබ අපේ බුද්ධාගම රැකගත්තා. ඔබ කියූ සියල්ල සත්‍යයි. අපේ උත්තමාචාරය එන්න අායෙත් අපේ ආරක්ෂක ලේකම් තුමා වෙලා. (නදී)
සැබෑ වීරයෙක් (නදී)
ඔබතුමා අපේ රට බේරාගත් වීරවරයෙක් (දිල්)
මම දැක්කා හොඳම වැඩ ටික කෙරුවේ මොහු (නදී)
වැඩ හොඳයි .සරත් ෆොන්සේකාට කරපු පිළිගත නොහැකි වැඩේ නම් හොද මදි (දිල්)
බුද්ධිමත් ජනතාව ඔබ සමගයි.මෝඩයින් කියන කතා ගණන් ගන්න එපා (දිල්)
වැරදි කා අතිනුත් සිදුවෙනවා. අපි අපේ විරුවන් ආරක්ෂා කරගන්න ඕනා. මොකද ගිය රජයට ඕනෑ උනේ පලිගැනීම, දුෂණය, නාස්තිය නිරපරාදේ මහජන මුදල් නැති කිරීම වැනි දේ. දෙපාරක් මහින්දට ඡන්දය දුන් අපේ ඡන්ද මේ පාර දුන්නේ නැහැ (නදී)
ඔබ කරගත් පින ඇති අපේ ජීවිත බේරලා, ඒ කිසිවක් තක නැහැ රණවිරුවණනි (දිල්)
ඔබගේ සේවය අගය කරමි(දිල්)
මෙතුමාට ගරහන්න එපා.මෙතුමා රටට යම් දෙයක් කරපු කෙනෙක්.අපි ඔහුට ගෞරව කළ යුතුයි (දිල්)
රට වෙනුවෙන් කළ සේවයට සදා ණය ගැතියි (දිල්)
මම හොරෙකුත් නොවෙයි රාජද්‍රෝහියෙකුත් නොවෙයි හරි අපි පිළිගන්නම් නමුත් යුධයෙන් පසු වසන්ත කරන්නාගොඩ සහ සරත් ෆොන්සේකා විශ්‍රාම ගන්වන්නේ ඇයි ? සරත් ෆොන්සේකා දේශද්‍රෝහියෙක්ද ? 1994 යුධයේ උච්චතම අවස්ථාවේ මානසික හේතුවක් උඩ ඔබ හමුදාවෙන් පලායන්නේ ඇයි ? ඔබට ඇමෙරිකාවේ පුරවැසි බව අවශ්‍ය වන්නේ මොකටද ? (දිල්)
ඔබ අති විශිෂ්ට පුද්ගලයෙක්. පිඟන් බිඳෙන්නේ පිඟන් හෝදන මිනිස්සු අතින් තමයි.සැබෑ මහත්මයෙක් ඔබ ..... (නි)
අවිවාදයෙන්ම ඔබ උදාර මිනිසෙකි (නි)
මුල අමතක සිංහලයින් රජකාලෙත් හිටියා, අදත් ඉන්නවා. රටට ආදරේ සිංහලයින් සැමදා ඔබ සමඟයි. (නි)
ඔබ හිටපු දස මහා යෝධයෙකු වැනියි අපිට (නි)
ඔබේ සේවය අගය කරනවා. ඉදිරියටත් රටට ඔබේ සේවය අවශ්‍යයයි.(දිල්)
ඔබතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ සේවය තව දුරටත් ඉදිරියට ගෙනයන්න තිබුන අවස්ථාව නැතිවුණා. ඒක රටේ අවාසනාව. සමහර අය කුහක අදහස් දමනවා. අපි ඉදිරියට හමුවෙමු. (නදී)
අපි තාමත් ඔබ සමඟයි (නි)
පදික වේදිකා විතරක් නෙමෙයි අසරන මිනිසුන්ගේ ගෙවලුත් කඩලා පිටරට සමගම් වලට බදු දුන්නා. ඒවා ඔහෙලාට නොපෙනුනාට අපිට පේනවා. රජයට ලෑබෙන්න ඕනා මුදල් පුද්ගලික ආයතනයට දීලා එකෙන් මාස්පතා මුදල් ගත්ත එක වික්‍රමට හොද උනාට රටේ මහජනයාට හොද නැහැ (නදී)
අපි කවදත් ඔබතුමාට ගරු කරනවා. (නි)
අපේ රටේ පහල වූ උදාරතම සහ ශ්‍රේෂ්ඨතම පුරුෂයෙක් ඔබ. ඊළඟ රජ්‍ය නායකයා ඔබ වේවා! (නදී)
සැබෑ වීරයෙකුගේ කථාවක් (නි)
ගරු මැතිතුමනි, ඔබ නැති අඩුව ළඟදීම කාට කාටත් වැටහේවි. (නි)
ඒ දවස්වල බත්බැලයෝ වෙලා සපත්තු ලෙවකකා හිටපු හොරු අද අනිත් පැත්තට පැනලා තමන්ගේ පරණ ජරා පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න දරන උත්සාහය දැක්කාම පුදුම පිළිකුලක් දැනෙනවා (නදී)
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා! ඔබත් මහින්ද ජනපතිත් මිනිසුන්ගේ හදවත් තුලින් අතු ගාන්න කාටවත් බැහැ. ඉතිහාසයේ රන් අකුරින් ලියවේවා (දිල්)
එදා ජෙනරල් ෆොන්සේකාගේ ආරක්ෂාව නැති කෙරුවා. අද ඔබට ආරක්ෂාව දී ඇත. එ්කෙන්ම පේනවා නේද අද පලිගැනීම් නැති බව (නදී)
හොරා කව්වද්ද තමන් හොරා කියලා පිළිගත්තේ... යවන්ඩ හතර වෙනි තට්ටුවට. (නදී)
ඇත්තටම ඔබතුමා තරම් කරනදේ කැපවීමෙන් කරන කිසිම කෙනෙක් මම දැක නොමැත.ඔබට ජය ශ්‍රී ! (නි)
ජය ශ්‍රී මැතිඳුනි! (නි)
ඔබගේ අදහස අනුමත කරමි. (නි)
ඔබතුමාට අපහාස කරන අය හෘද සාක්ෂියට අනුව නොවේ ඒවා කරන්නේ. ඔබ නියම වීරයෙක්. (නි)
2010 ජනාදිපතිවරණ ප්‍රතිඵල කියපු හැටියේම සරත් ෆොන්සේකා මහතා හිරබාරයට ගත්ත දැන් බණ කියනවා (බ)
"ගෝඨාභය නන්දිමිත්‍ර " ඇත්තටම ඔබතුමාගේ ක්‍රියා පිළිවෙල . යෝධයෝ දෙන්නෙක්ගේ සංකලනයක්. ඔබතුමා කල වැඩ කොටස ඒ විදියට කරන්න කාටවත් බැහැ. ඔබතුමා නැති අඩුව පුරවන්නත් කාටවත් කවදාවත් බැහැ (නදී)
ඔබතුමා කළ නිහඩ සේවය අපි දනිමු ඍජු තීරණ අරගෙන නියම ගමනක් යන්න සැරසුනත් ඔබතුමලගේ එවුන් එන ගමන නැවැත්වුවා. අපි ආයෙත් ඔබතුමාව ගෙන්වන්න උත්සහ කරනවා. ඔබ තුමාවගේ නායකත්වයක් සිංහල අපිට අවශ්‍යයි.(හේ)
ඔබතුමාගේ සේවය මිල කළ නොහැකියි . රටට ඔබගේ අඩුව පුරවන්න කෙනෙක් සුදුස්සෙක් පේන තෙක් මානෙක නැහැ..(දිල්)
බය නැතිව පාරේ බැහලා යන්න පුළුවන් ඔබතුමා නිසයි. ඒ වගේම ලෝකේ වෙන ජාතීන් ඉදිරියේ මේ අපේ රට, මේ ශ්‍රී ලංකාව කියලා කියන්න පුළුවන් වුණොත් ඔබ නිසයි. ඔබට තුති මැතිතුමනි!(දිල්)
රටට කළ සේවය වෙනුවෙන් ලැබූ ගෞරවය කෙලෙසා නොගත් වීරයෙකි ඔබ. ඒත් සහෝදරයා පාලකයා වුවත් ලැබූ ගෞරවය තමා විසින්ම විනාශ කරගත්තෙකි. (බ)
ඔබ රට රැක්කා පමණක් නොවේ. රට ලස්සනත් කළා. ඔබ සැබෑ වීරයෙක් (දිල්).
ඔබතුමා උතුම් පුද්ගලයෙක් .වැරදීම් කා අතිනුත් සිදුවෙනවා. කෙසේ වෙතත් ඔබතුමා කළ සේවය සදහා අමරණියි.(දිල්)
ඔබ හරිම දක්ෂ කෙනෙක් (නදී)
වීරයන් බිහිවන්නේ කලාතුරකින්. ඉතිහාසයේ බිහිඋන වීරයන්ගේ කතා අපි ඕනෑතරම් අහල තියනවා. එත් මේ ජිවිත කාලය තුලදී මා දුටු එකමෙක සැබැ විරුවා ඔබයි. මහත්මයාණනි චිරන් ජයතු.(හේ)
ඔබගේ සේවය අගය කරමි.(හේ)
ඔබගේ සේවය අගය කරමි.(හේ)
රොෂාන් ගවුමක් ඇදගන්න පිරිමියෙක් නෙවෙයිනේ (නදී)
මැතිතුමනි, ඔබ කළ සේවය අගය කරමි. ඔබට අපි සදා ණයගැතියි. ආයු රක්ඛන්තු ආවඩා.... (නි)
ලෝචනගේ අදහස ඉතාම නිවැරදියි. (නි)
මුල අමතක සිංහලයින් රජකාලෙත් හිටිය අදත් ඉන්නවා. රටට ආදරේ සිංහලයින් සැමදා ඔබ සමගයි. (බ)
ඔබ කළ සේවය සදාකාලිකයි. ඔබට කරන චෝදනා තාවකාලිකයි.සත්‍ය ජය ගනී. (ස)
මෙතුමා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලොකු සේවයක් කරපු කෙනෙක්, එ්ක ගැන විවාදයක් නැහැ. (නදී)
ඔබතුමා රටට වැදගත් පුද්ගලයක්. සැමදා අපි ඔබව අගේ කරන කෙනෙකි. රටට ආදරේ කරන සිංහලුන් වෙනුවෙන් නැවත රටට සේවය කරන්න. තෙරුවන් සරණයි. (නදී)
මීළඟ මැතිවරණයේදී නායකත්වය ගන්න. 100% සිංහල ජනතාව ඔබට උදවු කරනවා. (බ)
ගරු හිටපු ආරක්ෂක ලේකම් තුමනි. අපි අදත් ඔබ තුමා සිහිපත් කරන්නේ හදවත තුල ඇති විශාල ගෞරවයකින්."මම හොරෙකුත් නොවෙයි රාජද්‍රෝහියෙකුත් නොවෙයි" යයි පැවසීමට අවශ්‍ය නොවේ ඔබ කොතරම් අවංකව එඩිතරව කටයුතු කළාදැයි අප දනිමු. මිණිකැට පරයා ගොමරිටි නැගෙන කාලයක ඔබ අවුරුදු ගණනාවකට පසු ලංකාවෙන් බිහි වුන ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. ඔබගේ සේවය අගය කරමි. (නදී)
ඔබතුමාලා මිනිස්සු අදුරන්නේ නැහැ. (නදී)
ඔබගේ නිර්භීත අවංක සේවයට සිංහල බෞද්ධ අපි හැමෝම නය ගැතියි. ඔබ ලක් මවගේ වීර පුතෙක්. දැන් ඔක්කොම වීරයෝ වෙලා චෝදනා එල්ල කරනවා. බුදු සසුන බේරා ගන්නට වෙර දැරූ ඔබට පින් (නදී)
රොෂාන් වගේ කළගුණ නොදත් පුත්ගලයෝ මේ රටේ ඉන්න එක ගැන මම පුදුම වෙන්නේ නෑ. එහෙම ලියන්න පුළුවන් උන එකනේ පුදුමේ. බුදුහාමුදුරුවොත් ඉස්සෙල්ලම කලේ තමන්ට පිහිට වුන ගසට අනිමිසලෝචන පුජාවයි. (නදී)
ඔබ කළ සේවය අගය කරමි. එලෙසම ඔබ රටේ ධනය නාස්ති කර ඇත්නම් හා ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියාකර ඇත්නම් එයද කිසිසේත් අනුමත නොකරමි. (නි)
රාජපක්ෂ වරු මේ රටේ වීරවරුන්ගේ ගොඩට ඇතුළු වෙලා අවසන්. (ර)
මෙතුමා ඔය මැති ඇමතිලට වඩා සැහෙන්න වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. රටට ආදරේ ඇති සැබෑම නායකයෙක්. පක්ෂ භේදයක් නැතිව, කුහක කම් නැතිව ඒක හැමෝටම පිළිගන්න වෙනවා. එතුමාට ජය! (ර)
ගරු ගෝඨාභය මැතිතුමනි ඔබතුමාත්, හිටපු ජනාධිපතිතුමත් අභීත රණවිරුවන්ට නිවැරදි මගපෙන්වීම නිසා මෙම යුද්ධය ජයගත්තා .(දිල්)
ඔබගේ සේවය අගය කරමි. (අ)
රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඔබ ජීවිතය දෙවෙනි කොට තීන්දු තීරණ ගත්ත නිසා අපේ රට රැකුණා, මුල අමතක පර සිංහලයින් රජකාලෙත් හිටිය අදත් ඉන්නවා.රටට ආදරේ සිංහලයින් සැමදා ඔබ සමගයි. (අ)
අවුරුදු ගණනාවකට පසු ලංකාවෙන් බිහි වුන ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. ඉදිරියටත් ඔබේ සේවය මිහිකතට අවශ්‍යයි. දන්නෝ තමන්ගේ හිතින් දනිති ඔබ රටට කර ඇති සේවය. මැතිතුමනි ඔබට අපි සදා ණය ගැතියි. (අ)
හරියට වැඩකරන අයට විරුද්ධවාදීන් වැඩියි. (ර)
ගරු හිටපු ආරක්ෂක ලේකම් තුමනි. අපි අදත් ඔබ තුමා සිහිපත් කරන්නේ හදවත තුල ඇති විශාල ගෞරවයකින්. පැවතුන රජය යටතේ ඔබ තුමා ගත් නිවැරදි තීන්දු තීරණ කිසිම දිනක අමතක කරන්න බැහැ. හරිම කනගාටුයි ඔබ තුමන්ලා සමග එකට හිටපු අය අද කතා කරන හැටි දැක්කම. මිනිසුන් කව්ද කියලා. අපි නම් අඳූන ගෙන ඉවරයි. කෙසේ වෙතත් ඔබ තුමා දේශපාලනයෙන් ඉවත් වෙන්න එපා. අපේ පූර්ණ සහයෝගය ඔබටයි. (ර)
ඔබ හොද කොන්දක් තියන හොද සිංහලයෙක්. අනාගතේ රටේ නායකත්වයට එන්න හොද කෙනෙක්. ඔබට ජය (නදී)
රොෂාන් මේ වගේ මිනිසෙකුට' අපහාස කරන්න එපා ඔහු විසින් තම මව්බිමට කරන ලද සේවය පසුගිය අවරුදු 50 තුල කිසිම දේශපාලකයෙක් සමත් වී නැහැ . පිටකොටුවේ පදිකවේදිකා එකක් කඩා ගන්න බැරි ආණ්ඩු තිබ්බ රටේ මේ මිනිසා එක මේ තත්ත්වෙට ගෙනාවේ (අ)
මොනවා වුණත් මෙතුමා සහ ජනරල් ෆොන්සේකා නිසා මේ යුද්දේ ඉවර වුණා. යුද හමුදාවත් නාවික හමුදාවත් ලොකු වැඩක් කලා.(අ)
ඔබතුමාලගේ වටිනාකම කවදාහරි අපේ අයට තේරෙයි. (නි)
ඔබ කරුණාකර දේශපාලනයට පැමිණෙන්න. මේ ජනාදිපති වරනයට ඔබ වැන්නෙක් ඉදිරිපත් නොවීම කණගාටුයි (නදී)
ගරු මැතිඳුනි, ඉතාම ආඩම්බරයි ඔබතුමාගේ තිබෙන නිර්භීතකම තාමත් එලෙසම තිබීම ගැන. ඔය දැන් කටමැත දොඩවන කිසිකෙනෙකුට එදා කෙළින් තීරණයක් ගැනීමට පිටකොන්දක් නොතිබුන අවදියක ඔබතුමාත් ගරු මහින්ද මැතිතුමාත් ඒ අපිට ලබාදුන් නිදහසට අපේ දරුවන් පවා ඔබතුමන්ලාට ජාති ජාතිත් සදා ණයගැති වෙමු. ඔබතුමාටත් බිරිඳටත් ගරු මහින්ද මැතිතුමාටත් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා! (නි)
ඔබතුමා කළ සේවය සදා අමරණීය වේවා! (නි)
රට වෙනුවෙන් අත්මාර්ථකාමීත්වයෙන් තොරව වැඩකළ උදාර මිනිසෙකි. රට වෙනුවෙන් හොඳ දැකීමක් සහ සැළැස්මක් ඔහු තුළ තිබුණා. නැවත දිනෙක මේ රට වෙනුවෙන් යමක් කරන්නට ඔහු නැවතත් පැමිණේවි. (නි)
ඔබතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ සේවය තවදුරටත් ඉදිරියට ගෙනයන්න තිබුන අවස්ථාව නැතිවුණා. ඒක රටේ අවාසනාව වෙන්න ඇති. (නි)
ඔබ වගේ අය තමා අපේ රටට ඕනේ. ඔබ කල වැඩ බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා. අද ඉන්නේ මාද්‍ය වලින් ෂෝ තියන මෝඩ පිරිසක්. දුරදිග බලලා රටට වැඩ කල ඔබය ජය! ඔබට ජය වේවා ! (නදී)
රොෂාන් නම් පුදුම කෙනෙක් තමයි (නි)
ගරු මැතිඳුනි, ඔබ දැන් කරන ප්‍රකාශත් සමඟ බලනවිට බලයේ සිටින කාලයේදී කළ දේවල් අතර 100% ලොකු වෙනසක් තිබෙනවා (නි)
ඔබව අගය කරනවා. ඔබේ සේවය ඉදිරියටත් අවශ්‍යයයි. (නදී)
අපි ඔබට ණයගැතියි .ඔබ හා ජනාධිපතිතුමා නිසා රට බේරුනා (නි)
ඔබ එදා අප රට බේරාගෙන මාතෘභූමිය වෙනුවෙන් කල සේවය සදා අමරනීයයි. වීර සෙන්පතියාණෙනි අපි සදා ඔබ සමගින් ඉන්නවා. (ර)
මම හොරෙකුත් නොවෙයි රාජද්‍රෝහියෙකුත් නොවෙයි නිකන්ම නිකන් ....... (හේ)
ස්වාධීන අධිකරණයකින් සියලු චෝදනා විභාග කළයුතුයි. සාකච්ඡාවකට ඕනෑම කෙනෙකුට තම මතය ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් යුක්තිය එය නෙමෙයි. (නි)
නිර්දෝෂීභාවයට මෙයට වඩා මොනවා කියන්නද? (නි)
ඔබ තුමා අපේ මව්බිමට කළ මෙහෙයට අපේ ප්‍රණාමය (නදී)
පාට පක්‍ෂ ගැන නොව ඔබ බලාපොරොත්තු තැබුවේ නිවැරදි තීන්දු තීරණ ගන්නා අනාගතයක් උදෙසාය (නි)
ගරු මැතිඳුනි, ඉතාම ආඩම්බරයි ඔබතුමාගේ තිබෙන නිර්භීතකම තාමත් එලෙසම තිබීම ගැන. ඔය දැන් කටමැත දොඩවන කිසිකෙනෙකුට එදා කෙළින් තීරණයක් ගැනීමට පිටකොන්දක් නොතිබුන අවදියක ඔබතුමාත් ගරු මහින්ද මැතිතුමාත් ඒ අපිට ලබාදුන් නිදහසට අපේ දරුවන් පවා ඔබතුමන්ලාට ජාති ජාතිත් සදා ණයගැති වෙමු. ඔබතුමාටත් බිරිඳටත් ගරු මහින්ද මැතිතුමාටත් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා! (නි)
ඔබ රටට කළ සේවය අපි අගය කරමු. නිදහසේ ජීවත්වෙන අපි ඔබට තුන් සරණේ පිහිට පතමු. (නි)
ඔබද සැබෑ යුද වීරයෙකි. ඔබෙත් වැරදි නොතිබුනා නොවෙයි. හිටපු හමුදා නිළධාරියෙක් ලෙස ඔබෙන් අපි එවන් දේ බලාපොරොත්තු නොවුණෙමු. නමුත් දැන් ඔබ කළ බොහෝ යහපත්දේට ස්තුති කිරීම හැර සාමාන්‍ය පුරවැසි මට අන්යමක් නැත ... ජය ශ්‍රී ඔබට! (නි)
ඔබතුමා ශ්‍රී ලාංකිකයින්ගේ පිනට පහළවුණ කෙනෙක්. ඔබතුමාලා නොහිටින්න අපේ දරුවන්ට රටක් නැහැ. නුදුරු අනාගතයේ ඔබගේ වටිනාකම ගොඩක් ඕනෑ වෙනවා. මගේ ආචාරය ඔබට! (නි)
වැඩියෙන් බැනුම් අහන කෙනා තමයි වැඩියෙන් වැඩ කරන්නෙත් (නි)
ඇත්තටම දක්ෂතම ආරක්ෂක ලේකම්වරයෙක්. ඔබට සුබ අනාගතයක්! (නි)
ෆොන්සේකා මහත්මයාට වගේම අපි ඔබටත් ආදරෙයි. දේශපාලනය මොනවා වුණත් අවංක මිනිස්සු වැඩකරනකොට ඕනෑතරම් වැරදි වෙන්න පුළුවන්. වැරදි නොවෙන්න නම් සමහර රජයේ සේවකයෝ වගේ වැඩ නොකර ඉන්න ඕනෑ. ඔබ කළ සේවයට අපි සදා ණයගැතියි. තවදුරටත් ඔබ රටට වැඩ කරන්න. (නි)