IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මියගිය රාජාට පණ දුන් හැටි

”මුළු ප‍්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික මගේ ළගට ආපු මේ දැවැන්තයා මට දණ ගහල වැන්දා. මම ඒ සතාගේ හිස අතගෑවා. ඒ සමගම මම අවදි වුණා. එතකොට තමයි දන්නේ මම මේ හීනයක් දැක්කේ කියා.’’ ගිංගග මිටියාවත අසබඩ සුන්දර ගෝනපුර ගම්මානයේ පදිංචි පරිසර වේදියකු, සත්ත්ව විද්‍යා ගවේෂකයකු සහ රාජ්‍ය ආයතන රැසක මෙන්ම පෞද්ගලික ආයතන කිහිපයක මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂ වරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී කුමාර විතාන මහතා තමන් අදින් දශක දෙකකටත් පෙර දුටු අපූරු ස්වප්නයක් එසේ විස්තර කළේය. ඒ වනවිට හිරු පායන්නට ආසන්න වෙමින් තිබිණි. ශී‍්‍ර ලංකාවේ අලි ඇතුන් පිළිබඳ වරින් වර පර්යේෂණ කිහිපයක්ම කළ කුමාර විතාන මහතා සයනයෙන් නැගිට ගොස් තමන් ඒ දිනවල ලියමින් සිටි ග‍්‍රන්ථයක අත්පිටපතක් යළි කියන්නට වූයේ තව නොබෝ දිනකින් එය මුද්‍රණය සඳහා භාර දිය යුතු බැවිනි. ඔහු ඒ කාර්යයේ දිගටම නිරත වෙද්දී සිහිනය ගැන කොතෙක් සිතුව ද අරුතක් හිතන්නට හැකි වූයේ නැත. කුමාර විතාන මහතා මවට ද තම නංගිලාට ද මේ බව කීවේය. කිසිවෙකුටත් අර්ථ පූර්ණය කරගන්නට හැකියාවක් නැත. ගැමි නිවසක් වූ විතාන මහාගේ නිවසේ මුළුතැන් ගේ  දෙසින් නැවුම් හාලේ බත් ඉදෙන සුවඳ වහනය වෙයි. පුතා නිවසේ සිටින දිනයේ මව රසමසවුළු පිළියෙල කරන්නේ වෙනදාටත් වඩා උනන්දුවෙනි. දහවල් එකොළහේ කණිසමට ආසන්න වෙමින් තිබිණි. දුරකථනය නාදවන්නට විය. ‘‘ආයුබෝවන්’’ රිසීවරය අතටගත් ගාමිණී කුමාර විතාන මහතා කීවේය. ‘‘ගාමිණී, පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න දවස් කීපයකට නුවර යන්න වෙනවා. රාජා මැරිලා. අපි ඇතාව සංරක්ෂණය කරලා හදන්න  ඕනෑ.’’ ඒ හඩ කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගේය. මුළු රටක් ආදරය කළ විශේෂයෙන්ම ගාමිණී කුමාර විතාන මහතා දැඩි සේ ඇලූම් කළ ඒ මහා හස්තිරාජයා සිරිලක ජාතික වස්තුවක් ලෙස නම්කැර සිටි එකම සත්ත්වයා රෝගාතුරවී සිට මියයාමේ පුවත ඔහුට දරාගත නොහැකි එකක් විය. ‘‘ඒ වෙලාවේ මම අම්මාටත් නංගිලාටත් මේ පුවත කීවා. හැමෝම අඩන්න පටන් ගත්තා. මට මතකයි මගේ ඇස් දෙකෙත් කඳුලින් පිරිලා ගියපු හැටි. කවදාවත් මිනිස්සු වෙච්ච අපිට කරන්න බැරි තරමේ බුද්ධ පූජාවක් වාර්ෂිකව පවත්වපු ඒ පින්වන්ත සත්ත්වයාගේ මරණය මුළු ලංකාවටම දරාගන්න බැරි දුකක් එකතු කළා. රටක් හඩවලා මියගිය සත්ත්වයෙක්.’’ දළදා මාලිගාවේ කරඩුව වැඩමවූ රාජා 1988 ජූලි මස 16 වැනි දින මියගියේය. විතාන මහතාට මේ පණිවිඩය ලැබුණේ පසුදා හිමිදිරියේය. ඒ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා ලෙස සේවය කළ ගාමිණී කුමාර විතාන මහතා තම ආයතන ප‍්‍රධානියාගේ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් කොළඹ යාමට සූදානම් වෙද්දී තවත් ඇමතුමක් ආවේය. ‘‘මම ජේ.ආර්. ජයවර්ධන’’ පුදුමයකි. ගාල්ලේ ගෝනපුර ගම්මානයේ උපන් මේ මිනිසාට කථා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයාය. ‘‘ගාමිණී මේ රාජා ඇතා පණ පිටින්  ඉන්න ආකාරයෙන්ම එයාව හදල දළදා මාළිගා භූමියේම තැන්පත් කොරන්න  ඕනෑ. රාජා ඇතා හැමදාමත් අපේ ජනතාවට බලාගන්න  ඕනෑ. අපි මේක පිටරටවල විශේෂඥයන්ට කියල කොරවන්නේ නැහැ. ඒ නිසා වගකීමක් ඇතිව මේ වැඬේ කොරන්න  ඕන’’ ජනපති කීවේය. ‘‘මම ගෙදරින් පිටත් වුණේ කෑමවත් කන්නේ නැතිව. කන්න හිතක් තිබුණේ නැහැ. සමීප ඥාතියෙක් මියගියා වගේ තමයි අපට දැනුනේ. ඒ පුවත අහපු කිසිම තැනක බත් ඉදුනේ නැහැ.’’ නිවසින් පිටවීමට පෙර මවගේත් පියාගේත් පාද නමස්කාර කළ ගාමිණීගේ හිස අතගෑ මව ‘‘පුතා. පරෙස්සමෙන් යන්න. ඔයා කරන්න යන වැඬේ මුළු රටටම වැදගත් දෙයක්. ඊයේ රෑ රාජා තමයි ඔයාව හොයගෙන එන්න ඇත්තේ. ඒ පින්වන්ත සතා සදාකාලිකවම ජීවත් කරවන වගකීම ඔයාට තියෙනවා’’ ගාමිණීගේ නැගණියන් සිව් දෙනාද පැමිණ තම අයියාගේ දෙපා නැම ද ඔහුට ආශිර්වාද කළහ. ගාමිණී ගාල්ලට ඇරළුවේ ඔහුගේ පියා විසින් යතුරුපැදියෙනි. එතැනින් කොළඹ ජාතික කෞතුකාගාරයට හෙතෙම යද්දී කොළඹ සිට කණ්ඩායමක් ඒ වනවිටත් මහනුවර බලා ගමන් කැර සිටියහ. ගාමිණී කුමාර විතාන මහතා වෙනුවෙන් ද වාහනයක් සූදානම්ව තිබිණි. මෙම කාර්යයට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය කළමණා කෞතුකාගාරයෙන් ලබාගත් හෙතෙම මහනුවර බලා ඉගිල්ලූනේය. ශී‍්‍ර දළදා මාළිගාවේ ඇත් පන්තියට එක්වූ මේ සද්දන්තයා දළදා කරඩුව වැඩමවීමේ මංගල හස්ති රාජයකු සතුවිය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුණු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඉතා ඍජුව ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියකුගේ අංග හතක් පොළවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජගේ හොඩය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභායක් ගනී. තම ඇත්ගොව්වාට අතිශය කීකරු මේ හස්ථියා තීක්ෂණ බුද්ධියකින් ද යුතු බව දළදා මාළිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කළක් ගියේ නැත. 1938 දී කරඩුව ගෙන යන ඇතාගේ පරිවාර හස්ථියකු ලෙස පෙරහරේ ගමන් ඇරඹූ රාජා ඇතා සංසාර පුරුද්දකට මෙන් වැඩි කළක් නොගොස් දළදා කරඩුව වැඩමවීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක්  දළදා කරඩුව වැඩමවූ රාජා හස්ථියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප‍්‍රජාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙද්දී 1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප‍්‍රකාශයට පත්කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, අග‍්‍රාමාතය රණසිංහ පේ‍්‍රමදාස මහතාත්, දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාත් මේ සත්ත්වයාට අසීමිතව ආදරය කළහ. කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවූ රිය අනතුරකින් ඔත්පල වූයේය. ක‍්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවදානමකට ලක්වූ මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප‍්‍රතිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙළොව හැර ගියේය. ඇතා මියයද්දී සංඝයා වහන්සේලා පිරිත් සජ්ඣායනා කළහ. රාජා මියගිය පුවත දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට සැලකිරීමත් සමගම ජයවර්ධන මහතාගේ සිත දිවගියේ කෙන්යාවේ නයිරෝබි නුවර ජාතික කෞතුකාගාරයේ ඇති අහ-මඞ් නැමැති හස්තියාගේ අනුරුව කෙරෙහිය. (රාජා හමගැසූ හැටි මීළඟට)

සජීව විජේවීර
හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න කෙන්යාවේ නයිරෝබි කෞතුකාගාරයේ තනා ඇති අහ-මඞ් ඇතාගේ ෆයිබර් අනුරුව දළදා කරඩුව වැඩමකළ මොහොතක් සකස් කරන ලද රාජාගේ අනුරුව තැන්පත් කැර ඇති ආකාරය ගාමිණී කුමාර විතාන



අදහස් (0)

මියගිය රාජාට පණ දුන් හැටි

සී. පතිනායක Monday, 16 January 2012 02:45 PM

ඇත් රාජාට ජීවය දුන් අයුරු අති විශිෂ්ටයි

:       0       0

දුලානි Saturday, 21 January 2012 11:46 AM

ප්‍රශංසනීයයි. කුමාර මහතාණනි, අමතක කළ නොහැකියි. ජාතියට අභිමානයක් වූ පින්බර හස්ති රාජයාට ජීවයදී, අපට දැකගැනීමට වරම් ලබාදුන් ඔබ ජතාියේ නොමියෙන පහණක්.

:       0       0

දුලානි Saturday, 21 January 2012 11:49 AM

ප්‍රසංසනීයයි, කුමාර විතාන මහතාණනි, ජාතියට අභිමානයක් වූ රාජා හස්ථි රාජයාට යලි ජීවය දුන් ඔබ ජාතියේ නොමියෙන පහණක්. !

:       0       0

සුරංග Thursday, 23 February 2012 11:27 PM

රාජා හස්ථියාගේ අනුරුව නොතිබුනානම් අද රාජා හස්තියා කල උතුම් මෙහෙවර කවුරුවත් දන්නේ නෑ. අදටත් රාජා හස්තියා ජීවමානයි වගේ.

:       0       0

අමිල Wednesday, 18 January 2012 01:38 AM

ගාමිණී කුමාර මහත්මයාද මෙම උතුම් කාර්ය්‍ය කලේ,දැනගන්න ලැබීම සන්තෝෂයි,ඔබ තූමාට ගොඩාක් පිං...!!

:       0       0

ගමගේ Sunday, 15 January 2012 10:49 PM

ඔබ රටට ආම්බරයක්..

:       0       0

ජේ. ඇන්තනි. Friday, 06 April 2012 07:46 AM

ගාමිණි කුමාර විතාන මහතානණනි, මා ඔබ ලියු පොතපත නිතර කියවන ඔබගේ පාඨකයෙක්. ඒ තුළින් බොහෝ දෑ දැන උගෙන, ඔබ පිළිබඳව ඉතා ගෞරවයෙන් සිටින්නෙක් වෙමි. එම ගෞරවය මේ කළ කාර්යයෙන් තව දසදහස් ගුණයකින් වැඩිවිය. ඔබ අපට ආඩම්බරකි.

:       0       0

චමින්ද කුමාර රණවීර Wednesday, 18 January 2012 05:19 PM

අපේ ගෞරවය ඔබට

:       0       0

ධම්මික ගමගේ Thursday, 23 February 2012 12:01 PM

ගාමිණී සර්, ඔබ ඇතුළු හැමදෙනාම මේ කරපු ශ්‍රේෂ්ඨ ක්‍රියාව ගෞරවනීයයි.

:       0       0

සුමන Monday, 16 January 2012 06:24 AM

ජාතියේ ආදරය දිනාගත් හස්තියා! අපට අවංකව යම් සෙවයක් නිහඩව කරන අකාරය කියා දුන්නා. එම රාජාට නිවන් දකින්නට එයම හෙතු වෙවී.

:       0       0

වයි.උදේශ් Thursday, 23 February 2012 01:52 PM

ඔබගේ කාර්යය අතිවිශිෂ්ඨයි. ඒ උතුම් හස්ථියාට නිවන් සුව අත්වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 636 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 254 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 616 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 279 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 201 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 169 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site