IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මරාගෙන මැරෙන මුහුදු කොටියකුගේ කතාව

ප‍්‍රභාකරන් සමග රාත‍්‍රී භොජන සංග‍්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවන්නේ මරාගෙන මැරෙන කොටියකුට පමණි. ඒ රාත‍්‍රි භෝජන සංග‍්‍රහයෙන් පසුව ඔහුට ඉලක්කයක් ලැබේ. ඒ ඉලක්කය සපුරා නොගෙන මිසක ආපසු හැරීමට ඔහුට අයිතියක් නැත. කොටි සංවිධානයට ඔහු පිළිබඳ අවසන් මතකය වන්නේ සුනු විසුණුව ගිය ඔහුගේ සිරුර පමණි. එහෙත් ඉතිහාසය වෙනස් වී තිබේ. ප‍්‍රභාකරන් සමග රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගී වී මරාගෙන මැරෙන ඉලක්කයක් ද සහිතව එතැනින් එළියට පිවිසි ඔහු අද මා ඉදිරියේ සිටී. අපි ඔහුට කුමරන් යැයි කියමු. විශේෂත්වයකි. ඔහුට හොඳින් සිංහල භාෂාව හැසිරවිය හැකිය. ‘‘ඔව්, අපි වගේ අයට ලංකාවේ කොතැනට යන්න වෙයිද දන්නේ නැනේ. ඒ නිසා භාෂා දැනගෙන ඉඳීම අත්‍යවශ්‍යයි. අපට විශාල  ප‍්‍රහාරයකට ලක් වෙන්න කලින් මම කොළඹ එන්න තමයි සැලසුම් කරගෙන සිටියේ. එක පාරටම කොළඹත් එක්ක සම්බන්ධිකරණය නැතිව ගියා. පොට්ටු අම්මාන් මට කිව්වා. ‘‘වැඬේ අවුල් දැන් කොළඹ යන්න එපා’’ කියලා ඉරණම කැරකෙමින් තිබුණේ එසේය. ඔහු සත්‍ය වශයෙන්ම මරාගෙන මැරෙන කොටියෙකි. වයස අවුරුදු 27 කි. සිහින් කෙසඟ සිරුරකින් හෙබි ඔහු අඩි හයක් පමණ උසය. මුහුණේ කිසිදු ප‍්‍රසන්න බවක් නැත. ලේ සිඳී මස් දියවී කේඩෑරි වී ගිය මුහුණේ රැඳී තිබුණේ රෞද්‍ර බවක් පමණි. ඔහු තව අයකුගේ මුහුණක් දෙස බලා කතා නොකරයි. ඉවත බලාගෙන කතා කරන ඔහු කිසිදු සංවේදී බවක් නැති බවක් අඟවයි. ‘‘ඒ අපේ පුහුණුවේ හැටි. අනුකම්පාව, දුකක් වගේ දෙයක් අපේ හිතට ආවොත් අපේ ඉලක්කයට යන්න බැරි වෙනවා. මම කා එක්කවත් හිනාවෙන්න නෑ. කාගෙවත් හිනාවක් දිහා බලන්නෙත් නෑ’’ කුමරන් කියයි. ඒ මරාගෙන මැරෙන කොටින්ගේ හැටිය. ඔහු අප සමග කතා කළේ ඔහුගේම  ඕනෑකමටය. එහෙත් මඳ වේලාකවක් කතා කරනවිට ඔහු පිළිතුරු දෙන්නේ මගේ  ඕනෑකමට කතා කළා සේය. ඒ ඔවුන්ගේ හැටිය. සංවේදී සියලූ ඉඳුරන් නැසූ හිත් පිත් නැති රූපකායක් බවට පත් වී සිටී. ‘‘මම එල්.ටී.ටී.ඊ. වුණේ කැමැත්තෙන්මයි’’ ඔහු කියයි. එයට බල පෑ හේතු මොනවාද? ඔහුගේ පවුල් පසුබිමෙන් ඒ සඳහා පෙළඹවීමක් තිබිණි ද මම සිතුවෙමි. මගේ සිතැඟි හඳුනා ගත්තාක් මෙන් ඔහු කතා කළේය. ඔහුට සහෝදර සහෝදරියෝ හතර දෙනෙකි. එක් අක්කා කෙනෙක් ද නැගණියක් ද මල්ලිලා දෙදෙනෙක් ද ඔහුට සිටිති. එහෙත් ඔහු කියන්නේ දන්න කියන කාලයේ සිටම ඔහු පවුලෙන් දුරස්ව සිටි බවකි. ‘‘හේතුවක් කියන්න තේරෙන්නේ නෑ. මට ගෙදර එපා වුණේ පුංචි කාලෙදිමයි. මාව ස්කෝලේ යැව්වත් මට ස්කෝලේ යන්න ආශාවක් තිබුණේ නෑ. මම කට්ටි පැන්න. පුංචි කාලෙත් ගෙදර නොගිහින් දවස් දෙක තුන ඉන්නවා. හොරකම් කරනවා. මිනිසුන්ගෙන් ගුටි කනවා. පාරේ නිදා ගන්නවා. ටික දවසක් යනකොට මාව පවුලෙන් අයින් කරලා වගේ හිටියේ. මට  ඕනෑ වුණේ මට  ඕනෑ විදියට ජීවත් වෙන්නයි. යාපනය නගරයට කිට්ටුව ගමක උපන් ඔහු පුංචි සන්දියේ සිටම රස්තියාදු කාරයකුගේ, මදාවියකුගේ, පෝරිසාදයකුගේ චරිතයට පණ දුන්නේය. ඔහු සමාජයෙන් ආදරයක්, අනුකම්පාවක් ලැබුණේ නැත. ඔහුට ඒවා හඳුනා ගැනීමට ද අවස්ථාවක් ලැබුණේ නැත. ඔහු තුළ පාදඩයකුට අවශ්‍ය සියලූ ගුණාංග යහමින් උස් මහත් වෙමින් තිබුණේ එසේය. එහෙත් ඒ ජීවිතයේ බොහෝ දුර යාමට ඔහුට හැකි වූයේ නැත. සමාජයේ පාදඩයැයි හැඳින්වෙන චරිත වටාද එල්.ටී.ටී.ඊ. දැල එළෙමින් තිබිණි. ගෙයක්-දොරක්-ජීවිතයක් නැති මෙබඳු තරුණයන් බොහෝ පහසුවෙන් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් කළ හැකි බව එල්.ටී.ටී.ඊ.ය අත්දැකීමෙන්ම දැන සිටියේය. කුමරුන් එල්.ටී.ටී.ඊ. දැලට හැසුවිය. ඒ 2005 වසරේදීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය වසා දැමූ මාවිල්ආරු සොරොව්ව විවෘත කරමින් ආරක්‍ෂක හමුදා ජාතියේ දෙවැනි නිදහස් අරගලයට මුල පුරා තිබුණේ මෙම යුගයේ දී ය. කුමරුන් වැනි පාදඩයකුට වුවද එල්.ටී.ටී.ඊ.යේ විශාල වගකීම් බාර ගැනීමට සිදු වූයේ එම පරිසරය තුළය. ‘‘මම මාස 6ක් පුහුණු වුණා. කිලිනොච්චියේ සිවනේෂන් කඳවුරේ තමයි පුහුණු වුණේ. මාත් එක්ක 150ක විතර පිරිසක් පුහුණු වුණා. පුහුණුවට අවුරුද්දක් විතර ගත වුණා.’’ මේ වනවිට කොටි සංවිධානයේ යුද ආධිපත්‍ය බරපතළ ලෙස අභියෝගයට ලක් වෙමින් තිබිණි. එල්.ටී.ටී.ඊ. සාමාජිකයකයන් සංවිධානය තුළ රඳවා ගැනීමට නායකත්වයට මහත් වෙහෙසක් ගැනීමට සිදු වූ මෙම යුගයේදී කුමරන් වැනි ආතක් පාතක් නැති තරුණයෙක් මහත් අභිරුචියෙන් සටන් බිමේ ඉදිරියට යාමට රුචිකත්වයක් දැක්වූහ. ‘පුහුණුවෙන් පස්සේ මාව ආයෙත් විශ්ව මඩුවේ පුහුණු කඳවුරකට දැම්මා. මං දැන ගත්තා ඒක විශේෂ පුහුණුවක් කියලා. ඒක මෝටර් පුහුණු පාඨමාලාවක්. ඒකෙන් පස්සෙ මාව මුහමලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලට දැම්මා.’’ මුහමලේ ඉදිරි ආරක්‍ෂක වළල්ල කොටස් දෙකකට බෙදා තිබිණි. අවදානම අඩු කලාපය කොටි කාන්තා බළකායටත් අවදානම වැඩි කලාපය කොටි බළකායටත් පවරා තිබිණි. එම බෙදීම ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් දැන සිටියේයැයි එල්.ටී.ටී.ඊ. නායකයෝ නොසිතූහ. එබඳු තොරතුරු ආරක්‍ෂක හමුදා අතට පත්වේයැයි එල්.ටී.ටී.ඊ. නායකයෝ කිසිවිටෙකත් නොසිතූහ. දිනය 2006 වසරේ ඔක්තෝබර් මස 9 වැනි දාය. කුමරන්ට ඒ දිනය හොඳට මතකය. ‘‘හමුදාව එක පාරටම අපේ කෙල්ලේ ඉන්න පැත්තට ගහන්න පටන් ගත්තා. ඉන්ටවල් එකක් තිබ්බෙම නෑ. දිගටම ගැහුවා. පැය විසි හතරෙම ගැහුවා. දෙවැනි දවසෙත් ගැහුවා. හමුදාව ලයින් එක කඩාගෙන  ඉස්සරහට ආවා. ඒ වෙනකොට අපේ කෙල්ලො පනහක් වගේ පිරිසක් තමයි ඉතුරු වෙලා හිටියේ. අපටත් එතැනට යා ගන්න බෑ. අන්තිමට සංවිධානයෙන් අපේ කෙල්ලන්ට කිව්වා ‘සයනයිඞ් කන්න’ කියලා සමහරු සයනයිඞ් කෑවා. තව සමහරු පුපුපුරුවා ගත්තා. හමුදාවට අහුවෙයි කියන බයට තමයි එහෙම මැරුණේ.’’ මෙබඳු ප‍්‍රහාර නිසා කුමරුන්ගේ සිත තුළ ආරක්‍ෂක හමුදාවන් කෙරෙහි දැඩි වෛරයක් හට ගත්තේය. ඒ වෛරය නිසා ඔහුට මරාගෙන මැරෙන එක ඉතාම සුළු දෙයක් බවට පත් වී තිබිණි. ඒ බව ඔහු ඉහළ නායකයන්ට කීවේය. සාමාජිකයන් සටන් බිමෙන් පලා යමින් සිටින මොහොතක කුමරන් වැනි තරුණයන්ගේ ඉදිරිපත් වීම කොටි නායකත්වය පවා විමතියට පත් කරන්නක් විය. ‘‘මම කිව්වා මට මරාගෙන මැරෙන බළකායට ඇතුල් වෙන්න  ඕනෑ කියලා. ඊට පස්සේ මාව තෝරා ගත්තා. මුලතිව්වල සාලෙයි කියන ප‍්‍රදේශයේ තමයි පුහුණු කඳවුර තිබුණේ. මාස තුනක් විතර කාලයක් මම පුහුණු වුණා’’ සාලෙයි හි පිහිටි මුහුදු කොටි බළකායේ තෙමසක පුහුණුව පිළිබඳව මම ඔහුගෙන් විමසුවෙමි. ‘‘බෑ බෑ ඒවා කියන්න බෑ. කියන්න බැරි තරම් ඒවා එතැන වෙනවා. බලූ මස් පවා කන්න වෙනවා.  සමස්ථ පුහුණුවම ඔහු වචන කිහිපයකට කෙටි කළේය. මුහුදු කොටි බළකායේ පුහුණුවෙන් පසුව කුමරන්ට මරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ භූමිකාවට පණ දීමට සිදුවිය. ‘‘ඒ බෝම්බ ඇඳුම ඇඳගෙන පුහුණු වෙන්න  ඕන. ශරීරයට තුවාල නොවන විදියේ උපක‍්‍රම පාවිච්චි කරමින් බෝම්බ ඇඳුම පුපුරවා ගන්නේ කොහොමද කියලා පුහුණු වුණා. ඊට පස්සේ මට ඉක්මනින්ම  ඕනෑ වුණේ ටාර්ගට් එකකට යන්නයි.’’ ටාර්ගට් හෙවත් ඉලක්කයක් ලැබෙන තුරු කඳවුරු භූමියෙන් පිටතට යාමට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට අවසර නැත. එහෙත් සුසෙයි හා පොට්ටු අම්මාන් වැනි ඉහළම කොටි නායකයන් ළඟින් ආශ‍්‍රය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ. කුමරන්ට ද එම අවස්ථාව හිමි විය. දිනය 2008 වසරේ මාර්තු මාසයේ දිනයකි. කුමරන්ට ඒ දිනය හරියටම මතක නැත. ඔහුට හිිදිරියේම පණිවිඩයක් ලැබිණි. ‘අද රාත‍්‍රියට විශේෂ ගමනක් යන්න තියෙනවා. සූදානම් වෙන්න.’’ එම පණිවිඩයට අනුව කුමරන් සූදානම් වී සිටියේය. සවස හතට පමණ වීදුරු කළු කළ සුඛෝපභෝගී ජීප් රියක් කඳවුරට ආවේය. එහි සිටියේ මුහුදු කොටි බළකායේ නායක සුසෙයි ය. ඔහු පැමිණ සිටියේ කුමරන් රැුගෙන යාමට ය. මුලතිව් මහ ගණ වනාන්තරය පීරාගෙන ජීප් රිය ඉදිරියට ඇදුණේය. වාහනය මැද සුඛෝපභෝගී මාලිගයකි. ඒ වන විටත් ඒ වටා සන්නද්ධ කොටි රංචු පිටින් සිටියහ. කුමරන් මාලිගයට ඇතුල් විය. කොටි සංවිධානයේ ඔත්තු සේවා ප‍්‍රධානි පොට්ටු අම්මාන් පළමුව පැමිණ කුමරන්ට අතට අත දුන්නේය. කොටි සංවිධානයේ ඉහළ පෙළ නායකයෝ පහළොස් දෙනෙක් පමණ එහි පැමිණ සිටියහ. කොහෙන් කාහොම ආවාදැයි කාටවත් තේරුම් ගත නොහැකි විය. ක්‍ෂණයකින් එතැන ප‍්‍රභාකරන් මතුවිය. මරාගෙන මැරෙන කොටියකුට ප‍්‍රභාකරන් සමග රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකට සහභාගි වීමේ අවස්ථාව තමන්ට ලැබී ඇති බව කුමරන් තේරුම් ගත්තේය. මේ වූ කලී තමන් ගෙවා දමන ජීවිතයේ අවසන් දින කිහිපය බව කුමරුන් සැක හැර දැන ගත්තේය. නායකයන් සමග එකම මේසයේ සිට රාත‍්‍රි ආහාරය ගැනීමේ අවස්ථාව කුමරන්ට හිමි විය. ඉන් පසු ප‍්‍රභාකරන් සමග ඡායාරූප රැසකට පෙනී සිටීමට ද ඔහුට සිදුවිය. මෙම කි‍්‍රයාදාමය අවසන් වූයේ ප‍්‍රභාකරන්ගේ අවවාදයක් සමගය. ‘‘කිසිම වෙලාවක කලබල වෙන්න එපා. එහෙම වුණොත් සියල්ලම විනාශ වෙනවා. කැපවීම වගේම බුද්ධියත් මෙතැනදි අතිශයින්ම වැදගත් වෙනව. නිකම් එහාට මෙහාට දුවන්න එපා. ප‍්‍රතිඵලයක් අපට අවශ්‍යයි. අන්න ඒ ප‍්‍රතිඵලය ලැබෙන විදියට මැරෙන්න.’’ ඒ ප‍්‍රභාකරන් කී වචන පෙළයි. කුමරන් ඇස් පියාගෙන ඒ අවවාදය අසා සිටියේය. සියල්ලෙන් ඉක්බිති කුමරන්ට එතැනින් සමු ගැනීමට අවසර ලැබිණි. පසුදාට පහන් විය. මුහුදු කොටි බළකායේ සුසෙයි ආවේය. ඔහු ආවේ කුමරන්ට ඉලක්කයක් ද සහිතවය. පුල්මුඩෙයි මුහුදේ යාත‍්‍රා කරන නාවික හමුදා ඩෝරා යාත‍්‍රාව කොටි සංවිධානයට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරමින් තිබිණි. එම ඩෝරා යාත‍්‍රාව විනාශ කිරීම කුමරන්ට පැවරුනු වගකීම විය. කුඩා බෝට්ටුවක පුපුරණ ද්‍රව්‍ය සියල්ල නිසිලෙස ගබඩා කරගෙන කුමරන් මුහුදට බැස්සේය. ඩෝරා යාත‍්‍රාවේ එම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහිත යාත‍්‍රාව හප්පා තමනුත් විනාශ වී ඩෝරා යාත‍්‍රාවත් විනාශ කිරීම කුමරන්ගේ කාර්ය බවට පත් වී තිබිණි. ඒ මොහොතේ මොකද හිතුණේ. මම ඇසුවෙමි. ගොඩාක් සතුටු වෙච්ච දවසක්. මම බලාපොරොත්තු වෙන් හිටියේ අන්න ඒ දිනය එනකම්. ඉතින් මට ඉතිරි වෙලා තිබුණේ සතුටක් විතරයි’ කුමරන් කියයි. මුහුදු කොටින්ට මාරාන්තික තර්ජනයක් එල්ල කළ නාවික හමුදා ඩෝරා යාත‍්‍රාව දැන් එතැයි දැන් එතැයි සිතමින් කුමරුන් ඈත මුහුදේ බලා සිටියේය. ‘‘ඒත් ඩෝරා එක ආවේ නෑ. මම ඒ විදියට දවස් පහක් බලාගෙන හිිටියා. සමහර විට මෙහෙම ප‍්‍රහාරයක් එල්ල කරන්න ඒ මුහුදු සීමාවේ මරාගෙන මැරෙන මුුහුදු කොටියෙක් ඉන්නවා කියලා නාවික හමුදාවට ආරංචි වුණාද දන්නේ නෑ. ඩෝරා එක ආවේ නෑ. මම කලින් දීපු උපදෙස්වලට අනුව ඊට පස්සෙ  ආපසු කඳවුරට ගියා.’’ ඉරණම නූලෙන් වෙනස් වී ගියේ එසේය. ‘‘අන්තිම කාලේ මුහුදට යන්න බැරි වුණා. අපේ ඔක්කොම දේවල් විනාශ වෙලා තිබුණේ. ඊට පස්සෙ අපි මිනිස්සු එක්කම වෙල්ලමුලි වයික්කාල්වලට ආවා.’’ එසේ පැමිණි ජනයා ජනයා මේ වන විට කුපිතව කොටි සංවිධානයට එරෙහිව ප‍්‍රහාර එල්ල කරමින් සිටියහ. ‘‘දැන් මේ අයව නවත්තගන්න බෑ. මේ අයව හමුදා පාලන ප‍්‍රදේශයට යවමු.’’ කොටි නායකයෙක් කීවේය. ඒ ජනතාව බාරව ආවේ කුමරන්ය. ‘‘මම ආවේ ඒ මිනිසුන්ව පිටත් කරන්නයි. වෙල්ලමුල්ලිවයික්කාල් වලට ආවට පස්සේ මමත් ඒ අයත් එක්කම හමුදා පාලන ප‍්‍රදේශයට ආවා. මට ආපහු හැරිල යන්න කම්මැලි හිතුණා.’’ කුමරන්ගේ කතාව එපරිදිය. කතාබහ නිමවීමෙන් පසුව  සමු ගැනීමෙන් තොරව ඔහු නැගී සිට යන්නට ගියේය. ඔව් ඒ මරාගෙන මැරෙන කොටින්ගේ හැටිය.

සටහන-  ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරු ඇලෙක්සැන්ඩර් බාලසූරිය.



අදහස් (0)

මරාගෙන මැරෙන මුහුදු කොටියකුගේ කතාව

නාරද Thursday, 01 November 2012 12:01 PM

අයියෝ සල්ලි

:       0       0

ජීවන්ත Monday, 19 November 2012 03:47 PM

කටුස්සන්ගේ කරේ රත්තරන් බඳින අපේ ලොක්කන්ට තමයි මුලින්ම පාඩමක් උගන්වන්න ඕනි (ස)

:       0       0

සිල්වා Tuesday, 30 October 2012 11:44 AM

සිංහලයින් දෙමළ මිනිස්සු අමු අමුවේ මරපුවා අපිට අමතක නැහැ. (නි)

:       0       0

තරංග Monday, 29 October 2012 04:49 PM

මෙයාලව පුනරුත්තාපනය කරන්න බැහැ කවදාවත්. ඇත්තටම මරලා දාන්න ඕනෑ. (නි)

:       0       0

විහග Monday, 29 October 2012 04:38 PM

උතුරු නැගෙනහිර ඇමති කරුණා අම්මාන්, ජනාධිපති උපදේශක කේ.පී.... ඒ වගේ මෙයාටත් දෙයි මොනවා හරි. (නි)

:       0       0

කසුන් Monday, 05 November 2012 12:11 PM

ඉවරයක් කරලම දැම්මා නම් හරිනේ. මෙයාලට නිදහසක් ලැබුණු ගමන් මේ වගේ අයගේ නායකත්වයෙන් ආයෙත් එල්ටීටීඊ අනිවාර්යෙන්ම පටන් ගන්නවා. (නි)

:       0       0

සංජීවනී Monday, 05 November 2012 12:12 PM

නියම විරුවන්ට කොහොම වෙතත්, වැඩිකල් යන්න කලින් එයාටත් අරෙහෙට යන්න පුළුවන් වෙයි. දේශපාලන සුදුසුකම් සම්පූර්ණ කරපු කෙනෙක්. (නි)

:       0       0

සිරිල් Monday, 29 October 2012 05:09 PM

පසුව අත්හදා බලයිද දන්නෙ නැහැ ඔන්න. (නි)

:       0       0

අනිල් Thursday, 08 November 2012 05:24 PM

අනේ ! මේ අහිංසකයා පවු. (නි)

:       0       0

චතු Thursday, 06 December 2012 08:52 AM

අනේ මන්දා . . . කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා පැරණි කියමනක් තියෙනවා. අපේ මුතුන් මිත්තෝ එහෙම කතාවක් කිව්වේ කට කහනවට නම් වෙන්න බැහැ. (ස)

:       0       0

විපුල Tuesday, 30 October 2012 07:24 PM

මේක ගෑවිච්ච කෙනෙක් තියන්න හොඳ නෑ. (අ)

:       0       0

ජගත් Thursday, 08 November 2012 12:56 PM

මෙයාලව කවදාවත් විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

නාලක Monday, 05 November 2012 06:11 PM

ලංකාව් දැන් යුද්ධය නැහැ

:       0       0

දිනේෂ් Saturday, 03 November 2012 03:02 PM

බලාගෙන මොනව කරත් , කිව්වත් කොටියා කොටියමයි (ස)

:       0       0

තරිදු Wednesday, 14 November 2012 03:26 AM

මෙන්න සිංහල බෞද්ධයා කියන අයගේ මෛත්‍රිය... (නි)

:       0       0

රොහාන් Monday, 29 October 2012 07:31 AM

පුහුණුව පසුවට ප්‍රයෝජනයට ගනිවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ද සිල්වා Saturday, 03 November 2012 05:15 PM

අනේ කාලේ වනේ වාසේ දැං කොටින්ගෙන් බණ අහන්ත් පුළුවං..!(නු)

:       0       0

ශානුක Wednesday, 21 November 2012 03:42 PM

වැරදි වලට සමාව අරන් රටට යහපත් මිනිස්සු වෙනවනම් අපිට ඒ ඇති (ස)

:       0       0

Tuwan Sheriff Monday, 29 October 2012 08:48 PM

මේ කොටි හොඳට දන්නව සිංහලයෝ රවටන හැටි (අ)

:       0       0

නුවන් Tuesday, 30 October 2012 03:17 PM

ප්‍රවේශමෙන්... (නි)

:       0       0

ගිම්හානි Saturday, 03 November 2012 06:44 PM

කොටියා කොටියාම වෙයි. (නි)

:       0       0

හර්ෂණ Monday, 29 October 2012 10:01 PM

මොකටද තවත් හුරතල් කර කර තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

නාමල් Monday, 29 October 2012 12:35 PM

ඇයි මෙයාට කන්න දිදී තවත් තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

විපුල Sunday, 28 October 2012 04:58 PM

මොනවට තවත් තියාගෙන ඉන්නවද මන්දා? (නි)

:       0       0

විපුල Sunday, 28 October 2012 05:04 PM

අනාගතයේ දේශපාලඥයකු වීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබේ. (නි)

:       0       0

සරත් Wednesday, 31 October 2012 12:15 AM

මරණ දඬුවම දෙන්න ඕනැ නැත්නම් ඇමැතිකමක් දෙන්න ඕනා (අ)

:       0       0

විපුල Sunday, 28 October 2012 05:23 PM

අනාගතයේදී පාර්ලිමේන්තුවේ දී දැක ගැනීමට හැකිවේවි. (නි)

:       0       0

රෝහිත Saturday, 03 November 2012 09:26 AM

මේවගේ මිනිස්සු ඕනවට වඩා විශ්වාස කරන්න හොඳ නෑ. මොකද සිංහ‍ලයෝ ව‍ගේ නෙමෙයි ඒ අය එයාල‍ගේ ජාතියට ආදරෙයි (ස)

:       0       0

ජීනා Thursday, 01 November 2012 06:27 PM

එපාකරපු ජාතිය. (නි)

:       0       0

තාරක Thursday, 15 November 2012 09:59 PM

මරාගෙන මැරෙන කොටින්ට මානුෂීය හැගීම් දැනීම් කියලා දෙයක් නැහැ. එයාලා ඒවා ගැන හිතන්නේ නැහැ. (නි)

:       0       0

සරත් Wednesday, 31 October 2012 11:48 AM

ලංකාව නිදහස්

:       0       0

කුමාර Tuesday, 30 October 2012 01:24 AM

මේ වගේ අච්චුවේ දාලා මකලා හදපු අයට මිනිසත් භවේ අගය කියලා දෙන්නේ කොහොමද? (නි)

:       0       0

රුක්ෂාන් Friday, 02 November 2012 08:17 AM

අඟේ ඉඳන්ම කන කන කෙනෙක්ද ? අමාරුවෙන් ගොඩගත්ත රට අපේ පණ්ඩිතයොම ආයෙත් කාවි වගේ (ස)

:       0       0

සංජීව Friday, 02 November 2012 08:36 AM

මෙයාව අහවලාගේ සම්බන්ධීකරණ ලේකම් කළා නම් හරි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 30 October 2012 07:19 AM

පුලුවන් නම් මෙයාව ප්‍රාදේශීය සභාවකට දෙන්නකෝ. (නි)

:       0       0

රකිත Monday, 05 November 2012 09:29 AM

මොනවා උනත් මිනිස්සුනේ (ස)

:       0       0

දම්මි Wednesday, 31 October 2012 07:45 PM

සිංහල කෙල්ලෙක් මෙයාට ආදරේ කළා නම් හොදයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 591 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 891 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 137 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 386 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 553 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 926 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site