2012 සැප්තැම්බර් 16 | ප.ව. 01:30
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
මාලක සිල්වා කවු ද?
ඒ ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත‍්‍රයාය. ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහුය. මාලක සිල්වාගේ නම ඉඳහිට පුවත්පත්වල පළවේ.
දැන් යළිත් ඔහු ගැන ප‍්‍රවෘත්ති පළවනු දැකිය හැක්කේ හමුදාවේ මේජර්වරයකුට පහර දී ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධවයි. මේ සිදු වීම පිළිබඳව මාලක සිල්වා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට දින කීපයක් උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුට දුරකතනයෙන් කතා කිරීමට නොහැකි වූ නිසා මාලකගේ පියා වන ඇමැති මර්වින් සිල්වා මහතා සමග සාකච්ඡා කළෙමි.
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා
|
ඇමැති මර්වින් පුතා ගැන කියයි
|
කැලණිය රජමහා විහාරයට කපිලවස්තු සර්වඥ ධාතු වැඩමවීම නිසා බෙහෙවින් වැඩ අධිකව සිටි මර්වින් සිල්වා මහතා ඉඩ ලද සැනින් දුරකතනයට පිළිතුරු දුන්නේය.
ප‍්‍රශ්නය: ඔබේ පුතා කිසියම් සිදු වීමකට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒක ඇත්ත ද?
පිළිතුර: අනිත් හැම ළමයෙක් අතරම තියෙන සිදු වීමක් මගේ පුතාටත් වෙලා තියෙනවා. අමතර දෙයක් වෙලා නැහැ.
ප‍්‍රශ්නය: පොලිසිය ඔබේ පුතා සොයමින් සිටින බව සඳහන් වෙනවා.
පිළිතුර: සැකයක් තියෙනවා නම් පොලිසිය රාජකාරි කරාවි. ඒකට මුහුණ දීම අපේ වැඩක්.
ප‍්‍රශ්නය: ආයුධයක් පැහැර ගැනීම හා පහර දීමක් පිළිබඳව චෝදනාවක් නේද තියෙන්නෙ?
පිළිතුර: හොරකම් කරල, කොල්ලකාල, ළමා අපචාර කරල, කැලෑ කපල, රජයේ ඉඩම් කොල්ලකාලා, අල්ලස් අරගෙන, ස්ත‍්‍රී දුෂණ කරපු චෝදනාවක් නැහැනේ.
ප‍්‍රශ්නය: ඔබ ප‍්‍රසිද්ධ දේශපාලනඥයෙක්. පුතාගෙ හැසිරීම ඔබට ප‍්‍රශ්නයක් නොවේ ද?
පිළිතුර: අවුරුදු 8කට පස්සෙ මගේ පුතා ගැන දැන් යළි කතා වෙනවා. මම ඇමැති නිසා තමයි, මාධ්‍ය මගේ පුතා ගැන වැඩිපුර සඳහන් කරන්නෙ. ඒකට ඉතින් මමයි, පුතයි මොනව කරන්න ද?
ප‍්‍රශ්නය: පුතා මොකක් හරි පටලැවිල්ලක් හදා ගන්නව නේද?
පිළිතුර: පටලැවෙන්නෙ නැහැ. පටලව ගන්න හදනවා.
ප‍්‍රශ්නය: ඊයේ පෙරේදා පුවත්පත් කීපයක ඔබත් පුතත් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරනවා පළ කර තිබුණා.
පිළිතුර: ඔව්. බොහෝම ලස්සනට තිබුණා. ඒ පුවත්පත්වල අලෙවියත් වැඩි වෙලාලූ.
ප‍්‍රශ්නය: පුතා ටිකක් කලබලකාරයි වගේ නේද?
පිළිතුර: ඒක උගේ වයසෙ හැටි. මගේ වයසට ඇවිල්ල තරුණයෙක් වගේ හැසිරෙන්න බැහැනේ. මගේ කොල්ල තරුණයි. හැඩකාරයි. තරුණකම ඇඟේ තියෙනවා.
ප‍්‍රශ්නය: හමුදා මේජර්වරයකුට පහර දීලයි කියල කියන්නෙ.
පිළිතුර: මේක හමුදා නිලධාරියෙක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මර්වින් සිල්වාගෙ පුතා නිසයි ප‍්‍රශ්නය.
ප‍්‍රශ්නය: ඔබ පුතා පොලිසියට ඉදිරිපත් කරනව ද?
පිළිතුර: ඒ මොකට ද?
ප‍්‍රශ්නය: පහර දුන්නා කියන සිද්ධියට.
පිළිතුර: චෝදනාවක් තියෙනවා නම් පොලිසිය බලා ගනීවි. අප ඒකට මුහුණ දෙනවා. වැරදි කරල නැත්නම් බය වෙන්නෙ මොකට ද?
ප‍්‍රශ්නය: ඔබ පුතා ආරක්‍ෂා කරන්න හදනව නේද?
පිළිතුර: ඒක පුදුම කතාවක්නේ. මාලක කියන්නෙ මගේ පුතා. කොහොම වුණත් අපට දුන් ප‍්‍රසිද්ධියට මම නම් මාධ්‍යවේදීන් ගෙන්නල භෝජන සංග‍්‍රහයක් පවත්වනවා. මම මේ වැඩ ගොඩක ඉන්න වෙලාවක්, පස්සෙ කතා කරමු.
දයාසීලි ලියනගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැත වැඩ වලට හුරේ කියන කට්ටියත් ඉන්නවනේ.(දී)
නැතුව මගේ පුතා නිසාද මේ ප්‍රශ්න (දී)
කාටත් කියන්න පුලුවන්ද නැහැ කියල
නැත්නම් අපි නිසාද
කාට හරි නැහැ කියන්න පුලුවන්ද
තාත්තා කල දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතානේ (දී)
දුරකතන අංකය ලබා ගන්න බැරිද දන්නේ නෑ.. (ස)
තාත්තයි පුතයි දෙන්නම එකයි (දී)
අර ඇමතිතුමා කියපු වැරදි වලට තව වැරදි එකතු වෙන්න ඕන.!(නු)
නසාර් හරි. (නි)
මට ඇහෙන්න තව මොකුත් කියන්න එපා මේ ගැන
බලය වැඩි තැනට තමයි වාසනාව වුණත් එන්නේ. (නි)
තාත්තගේ වගේම පුතාගෙත් ජාතකය හොද නැහැ.(නදී)
බලය ඇති කෙනා දිනනවා. අපිට වුනා නම් මේජර් නිකන් ඉදීද? (නි)
නූගත් මිනිසුන්ට බලය දෙන මෝඩයෝ තමයි රටේ නායකයා.(නදී)
කතාව ඇත්ත
මටත් තියෙනවා පොඩි ගණුදෙණුවක් මේජර් කෙනෙක් එක්ක. (නි)
මේවා ඡන්දය දුන්න අපිට හොද පාඩම්. (නි)
ගම්පහ මිනිසුන් මේවාට වග කිව යුතුමයි. රට වනසනවා. (නි)
බලය ඇති තැනට එක නීතියක්.. බලය නැති තැනට තවත් නීතියක්..!!(නු)
කවදාහරි මේවට පොලිත් එක්කම ලැබෙයි...!!(නු)
‘‘හොරකම් කරල, කොල්ලකාල, ළමා අපචාර කරල, කැලෑ කපල, රජයේ ඉඩම් කොල්ලකාලා, අල්ලස් අරගෙන, ස්ත‍්‍රී දුෂණ කරපු චෝදනාවක් නැහැනේ.‘‘ මේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති කෙනෙක් කියන කතා..
නීතිය වල්වැදුන රටක මෙවැනි පුවත්පත් සාකච්ජාවක් පවත්වපු එකත් නිෂ්පලයි. (නු)
අහන්නත් සතුටක්
මෙයාලව මෙතනට ගෙනාව අයට හොද වැඩේ...!(නු)
මෙන්න නියම පියවරු.... (නු)
මේ වෙනුවෙන් වෙන්කල කාලයසහ ඉඩ අපරාදෙ කියලා හිතෙනවා..!!(නු)
බලු වලිගේ උණ පුරුකේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ...(නු)
සිංහල ලේ වලින් පිරුණු කොල්ලෙක්. (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
නීතිය වල්වැදුණු මෙහෙවු රටක ඉපදුණ එකට මට ගිනි තියාගන්න හිතෙනවා. (නි)
ඕවා එච්චර ගණන් ගන්න එපා. මේක ආශ්චර්යවත් ලංකාවනේ. (නි)
මේ රට හදන්න නම් රට හමුදා පාලනයක් යටතේ තිබිය යුතුයි. (නි)
පියාගේ නම රැකගන්නට වෙරදරන පුංචි පුතෙක් (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අපි මෙයාට මොකද කරන්නේ
නැහැ කවුද කියන්නේ