IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මල් කැකුලක් බිලිගත් facebook ගුරුවරයා

05_page_3-Rs 

 

 

හිරිමල් යෞවනයේ සිතුවිලි, සැබවින්ම චමත්කාරයි. ඒත් ඒ යෞවනයට විවර වන මේ සමාජ දොරගුළු අපි හිතන තරම්ම සුන්දර නැහැ. ඒ වගේමයි අපි හිතන තරමටම අසුන්දරත් නැහැ. නියඟලා මලක ලස්සන බලන්න, තද වර්ණය ගෙන එන්නේ ඇසට මනරම් දර්ශනයක්. එහෙත් ඒ මලේ ලස්සන නියඟලා අල වලටත් තිබුණ නම්. නැහැ එහෙම වෙන්නේ නැහැ. මල ලස්සන වුණාට අලවල විෂ අඩු වෙන්නේ නැහැනේ. හිරිමල් වියේ හිත් හරි ලස්සනයි. ඒත් මේ සමාජයේ විෂ ඔයා තවම අඳුරන්නෙ නැහැ.
අතරමඟ ඇතිවන අඳුරු සේයාවන්ගෙන් වැසී ගිය ජීවිතේ යථාර්ථය සොයන ඔවුන්ට මුළු ජීවිත කාලෙම ඉතිරි වෙන්නේ කඳුළු විතරමයි. ඇය අන්වර්ථ නාමයකින් හෝ හඳුන්වා දීමට වඩා ඇගේ අනුවේදනීය කතාව මෙලෙස සටහන් තබන්නම්.

 

 

දරුවන් තිදෙනෙකුගෙන් යුත් සෙනෙවිරත්න පවුලේ බඩපිස්සි වූයේ සඳුනිය. ගුරු පවුලක බාල දියණිය වූ ඇය වැඩිමහල් සොහොයුරන් දෙදෙනාගේ ආදරයට පාත‍්‍ර වූයේ ඔවුන්ගේ එකම නැගණිය නිසාය. කුඩා කාලයේ සිටම අධ්‍යාපනයට දක්‍ෂතා පෙන්වූ ඇය එහි ප‍්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය ඉහළින්් සමත්වී කොළඹ රජයේ උසස් බාලිකා පාසලකට දොරටු විවෘත වූයේ ගුරු මව්පියන්ගේ පීදුනු එක් බලාපොරොත්තුවක් සපල කරමිනි.

dh
කෙමෙන් කෙමෙන් වසරෙන් වසර තම අධ්‍යාපන දක්‍ෂතා පෙන්වූ ඇය අ.පො.ස සා/පෙළ තීරණාත්මක කඩඉමට ළංවූවාය. හිරිමල් වියේ පසුවූ සඳුනිට රූප සොබාවෙන්ද අඩුවක් තිබුණේ නැත. ඇයගේ මන බඳින රූප සොබාව පාසල් භූමියේ කිරුළ පලඳින්නට සමත් වූයේ පාසලේ පැවති උත්සවයකදී රූමත්ම යෞවනිය ලෙසය.


සැබවින්ම කිරුළ දිනා ගැනීමට තරම් ඇය අප්සරාවියකි. දිගු නීල කෙස් කළඹ, රෝස පාට කම්මුල්, සුන්දර සිනහව, දුටුවන් මනබඳින සුලූය. රූපය මෙන්ම පාසලේ විෂය දක්‍ෂතා පෙන්වූ ඇය කාගේත් අවධානයට ලක්වූ චරිතයක් වූයේ එලෙසිනි.


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කඩඉම විශිෂ්ට ලෙස සමත් වූ ඇයට උසස් අධ්‍යාපනයට ඉහළින් වරම් ලැබීමට අවස්ථාව උදා වූයේ කොළඹ නේවාසිකාගාරයේ ගතකරන ඒකාකාරී ජීවිතයට පෑයූ අලූත් ඉරක් මෙනි.


පාසල් නේවාසිකාගාරයේ ගතකළ සීමිත ජීවිතයට ආයුබෝවන් කියමින් උසස් අධ්‍යාපනයට සැරසෙන්නට කොළඹ ප‍්‍රදේශයේ ඇය තාවකාලික බෝඩිං ජීවිතය තෝරා ගත්තේ අ.පො.ස. උසස් පෙළට අතිරේක පන්ති යෑමේ පහසුව සඳහාය. ඇයගේ අධ්‍යාපන අවශ්‍යතාවන් නොපිරිහෙළා ඉටුකළ ගුරු මාපියන් දියණිය වෙනුවෙන් අධික ලෙස වියහියදම් කළේ කෙදිනක හෝ විශ්වවිද්‍යාලයට යවා වෛද්‍යවරියක කිරීමේ සිතේ කොනක සැඟවුණු පුංචි සිහිනයක් සමඟය.


ඇයගේ අධ්‍යාපනයට උපකාරී වනු ඇතැයි ලැප්ටොප් යන්ත‍්‍රයක් පවා රැුගෙන දුන්නේ අද වන විට අන්තර්ජාලය අධ්‍යාපනය නැමැති ඉණිපෙතේ රජකරන නිසාය.


සඳුනි, තම ජීවිතය පොත පතට සීමාකරමින් උසස් අධ්‍යාපනයට අවතීර්ණ වූයේ හිතේ වෛද්‍ය සිහිනයේ දහසකුත් බලාපොරොත්තු පෙරදැරිවය. කාලයත් සමඟම ඇය කොටුවී හැදුණු පාසල් නේවාසිකාගාරයට වඩා එයින් නික්ම හුදෙකලා බෝඩිං ජීවිතයට බොහො සෙයින් ඇලූම් කළාය. ඒ නොසිතූ ආකාරයට තමන්ට ලැබුණු නිදහස නිසාය. ඇය ඒ අතරතුර පාළුව කාන්සිය මකා ගැනීමට ත්‍්ජැඉදදන ගිණුම ඔස්සේ යහළු යෙහෙළියන් සමඟද වල්පල් කථා කිරීම ඇයගේ දින චරියාවේ එක් අංගයක් විය.


කාලයත් සමග ගිණුම හරහා මුණගැසුණු අළුත් යාළුවන් බොහෝ පිරිසක් ඇයගේ මුහුණු පොත ඔස්සේ නිතරනිතර කථා බහට පුරුදු වී සිටියහ. ඒ අතරතුර ඇයට පැමිණෙන පේ‍්‍රමණීය ඇරියුම්ද දිනෙන් දින ඉහළ ගියේය. ඒ අතර මුහුණු පොත ඔස්සේ මුණගැසුණු නුවන් පෙනී සිටින්නේ ඔහු ජීව විද්‍යා විෂයට අදාළ ගුරුවරයෙකු ලෙසය.


තම වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමට ‘‘නුවන් සර්’’ ගෙන් විෂයන්වලට අදාළ විශාල උපකාරයක් වෙතැයි ඇය දෙවරක් නොසිතාම තම මුහුණු පොතට යහළුවන්ගේ පිටුවට එකතු කරගත්තාය.


සෑම දිනකම පාහේ නුවන් සමඟ මුහුණු පොත ඔස්සේ කළ ඇය, නුවන් සමග තම පෞද්ගලික තොරතුරු සියල්ල ප‍්‍රකාශ කළේ කිසිදු අවිශ්වාසයකින් තොරවය. මෙම කථාබහ දිනෙන් දින දලූලා වැඩෙන්නට වූයේ නුවන් ඇයට අවශ්‍ය වී තිබූ විෂයන්ට අදාළ ලිපි කිහිපයක් තැපැල් ඔස්සේ තම බෝඩිමට එවීමෙන් පසුවය. ජංගම දුරකථන අංකද මුහුණ පොත ඔස්සේ හුවමාරු කරගත් ඇය නුවන් සමග ටිකෙන් ටික ළං වෙන්නට පටන් ගත්තේ ඔවුන්ටත් නොදැනීමය.


‘‘සර් මට ගොඩාක් උදව් කරනවා’’


‘‘මම මේවට කොහොම ස්තූති කරන්නද මන්දා’’


‘‘මම ඩොක්ටර් කෙනෙක් වුණාට පස්සේ හැබැයි සර්ගෙන් නම් සල්ලි ගන්නවා’’


‘‘පිස්සු කෙල්ල’’


මොවුන්ගේ කථාබහ සොඳුරු වූයේ ඔය ආකාරයටය. මුහුණු පොතේ ඡුායාරූප වලින් පමණක් දැක තිබූ නුවන් සඳුනිට අපූරු ඇරයුමක් රැුගෙන ආවේ ඔය අතරතුරය.


සඳුනි දමනය කරගෙන තිබූ සිත එදා මනෝ ලෝකයකට රැුගෙන යන්නට තරම් නුවන්ගේ ඇරයුම ඇයගේ සිතේ තැන්පත් විය.


උපකාරක පන්තිය නිමවී නොඉවසිල්ලෙන් බලා සිටි නුවන් සර්ගේ පැමිණීම ඇයට නැවුම් අත්දැකීමක් විය. කිසි දිනෙකත් පේ‍්‍රමාන්විත ඇරයුමකට හෝ පේ‍්‍රමණීය හැඟීමක්වත් හෝ පහළ නොවූ ඇයට නුවන් කළ සියලූ ඇරයුම්, කථාබහ ජීවිතයට අලූතක් එක්කළේ ඔවුන්ගේ සිත් සතන් සතුටු කරමිනි.


ඇයගේ අධ්‍යාපනික මනස සියල්ල පසෙකලා සිහින ලෝකයක පා කිරීමට තරම් නුවන්ගේ ආදරණීය වදන් හදවතේ ලැඟුම් ගත්තේ ඒ ආකාරයටය. කාලය ගෙවී ගියේ සුළඟක් මෙනි.


දිනක් ඔහු සඳුනිට අපූරු යෝජනාවක් ගෙනාවේ ඇය කිසි දිනකත් නොසිතූ අයුරිනි.


‘‘සඳු මට ඔයා එක්ක ටිකක් නිදහසේ කථා කරන්න  ඕන’’


‘‘ඔයා මං ගැන අවිශ්වාසයක් නැත්නම් විතරක් එන්න. බල කරන්නේ නැහැ’’


‘‘මම දෙවරක් නොසිතාම නුවන් සර්ට කැමතියි කිව්වා. අවිශ්වාසයක් හිතන්න තරම් දෙයක් මම එයාගෙන් දැක්කෙ නැහැ. එයා ගුරුවරයෙක් නිසා මුලදි නම් ආදරයක් ඇති වේවි කියලා හීනෙන් වත් හිතුවෙ නැහැ. දිගින් දිගටම කථා කරනකොට මටත් නොදැනීම මගේ හිත නුවන් සර්ට ආදරය කරන්න පටන් ගත්තා.’’


අපි දවස් ගණනාවක් කොළඹ ප‍්‍රදේශයේ විවිධ තැන්වලදී මුණ ගැහුණා. ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ නුවන් කියන්නේ ජාතියක් ජන්මයක් නැති තිරිසනෙක් කියලා.


එදා මහ මූසල හෝරාවක්. යටි සිතේ බිය කියන දේ නොදැනුණා නෙමෙයි. නුවන් සර්ගේ කාර් එක නතර වුණේ නුගේගොඩ පිහිටි හෝටල් කාමරයක් ඉදිරිපිට. හිතේ ගැස්ම දැනුණත් පණ වගේ ආදරය කරපු මාව ආරක්‍ෂා කරපු නුවන් සර් මාව ඒ වගේ තැනකට අරගෙන යාවි කියලා හිතුවෙ නැහැ.


සඳුනිගේ ඛේදනීය ඉරණම මෙලෙස ලියවේවි යැයි ඇයට තවමත් අදහාගත නොහැකිය. ඔහු ඇයගේ පරම පිවිතුරු යෞවනය මුසපත් කළාය. සඳුනිගේ රැුකගත් ගෞරවය ඔහු කෙළෙසා දැමුවේය. තම මව්පියන්ගේ වෛද්‍ය සිහින හිතේ පොදි බැඳගෙන අවලංගු කාසියක් ලෙස නුවන් ඉදිරියේ කඳුළු සැලූවේ ගිනිගත් සිතට අස්වැසිල්ලක් සොයන්නටය. බෝඩිං කාමරයට පිය නැඟූ ඇය පාසල් කටයුතු පසෙකලා කල්පනා ලෝකයට බර වුණේ ජීවිතයේ වැරදුණු තැන හදා ගැනීමට උත්සාහ ගන්නටය.


එදා මම මගේ ජීවිතේ අන්තයටම කඩා වැටුණා. අම්මලා මට වියදම් කරන මුදල් වලට සාධාරණයක් කරන්න  ඕන. කොහොම හරි ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙන්න  ඕන කියන දේ නිතරම මගේ සිතට ආවත්, මට එදා සිදුවීම් නිතර නිතර මැවිලා පේන්න ගත්තා. මේ දේවල් එක්ක මට ඉගෙන ගන්න කිසිම ආසාවක් ඇති වුණේ නැහැ. නුවන් සර්ට  ඕන වුණේ නිතරම මාව එයාගෙ ළඟින් තියාගන්න. මාව මුණගැහෙන්න  ඕන කියලා නිතරම කරදර කරන්න ගත්තා. ඒත් මට  ඕන වුණේ මේ දේවල් අමතක කරලා කොහොමහරි විභාගය ගොඩදාගන්න.


ඒත් මට අවශ්‍ය සමහර පොත්පත් සොයලා දුන්නේ නුවන් සර්. එයා මට උදව් කළේ මගෙන් ලාභ ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙන්. මම එයාව ප‍්‍රතික්ෂේප කරන සෑම අවස්ථාවකම මගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්වලට ඉල්ලපු උදව් කරලා දුන්නේ කප්පමක් විදිහට. මම විසින්ම පැනපු ගිනි ගොඩට පිච්චිලා මැරෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නුවන් සර් කරපු සියලූ ඇරයුම් වලට මම කැමති වුණා. නුවන් සර් නිතරම කිව්වෙ මාව එයාගෙ ළඟට ගන්නයි මේ දේවල් කරන්නෙ කියලා. මම කිව්වා විභාගෙ ලියලා ගෙදරට ඇවිත් කතාකරන්න කියලා. මට නුවන් සර් එයාගෙ අම්මා කියලා මාස ගණනාවක් කථා කරවලා තියෙන්නේ ටියුෂන් පන්ති කරපු ආයතනයේ ගෑනු කෙනෙකුට කියලා. මම නුවන් සර් කියපු හැමදේම විශ්වාස කළා..


නුවන් සර්ගේ සමහර ක‍්‍රියාකලාපයන් නිසා මම හිටියෙ ලිහා ගන්න බැරි පටලැවිල්ලක. මට ටිකෙන් ටික නුවන් සර්ව එපා වෙන්න ගත්තා. මට දුරකථනයෙන් කථා කරපු ගොඩක් වෙලාවට මම ඔහුව මඟ ඇරියා.


දවසක් මගේ දුරකථනයට නන්නාඳුනන ඇමතුමක් ආවා.


‘‘ආ... නංගි කොහොමද?’’


‘‘අපි එක්කත් දවසක් එන්නකො’’


‘‘ඇයි නුවන් විතරද හොඳ’’


අපි ඔයාගෙ ගෙදරටම පුංචි පින්තූර ටිකක් එවනවා. ඒ ෆොටෝ ටික මාර ලස්සනයිනෙ ආ.... මොකද කියන්නේ අපි ගෙදරටම එවන්නද? ත්‍්ජැඉදදන එකට දාන්නද?


කියලා අහලා එක පාරටම නුවන්ගේ කටහඬ ඇහුණා.


‘‘මේ දේවල් වෙන්න කැමති කොයි විදිහටද, මම කියන තැනකට එනවද? කියලා. මගේ මුළු ඇඟම පණ නැතිවෙලා ගියා. කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා. මට මැවිලා පෙනුණේ අම්මා, තාත්තගේ මූණ. පණටත් වඩා ආදරේ කරපු මගේ රත්තරං අයියලා දෙන්නාව.


සඳුනිගේ හදවත ගිනි ගන්නට විය. දෙවියනේ මාපියන්ගේ මූණ බලන්නෙ කොහොමද? ඇය හදවතින් දහස් වාරයක් හැඬුවාය. අවසානයේ ඔහුගේ තර්ජනය ඉවසාගත නොහැකිව ඇයට.. නුවන්ගේ යහළුවන්ටද බිලි වන්නට සිදුවිය.


වරින්වර සඳුනිට ඔවුන්ගේ දරදඬු දෑත්වලට සිරවෙන්නට සිදුවිය. මේ නොමිනිස් පහත් ක‍්‍රියාවන් සියල්ල සිදු වූයේ නුවන් නැමැති ටියුෂන් ගුරුවරයාගේ අනුදැනුම ඇතිවය. කලක් ඔහු සමඟ පේ‍්‍රමයෙන් වෙළී සිටි සඳුනි ඔහු මඟඇරීමට ගත් උත්සාහය නිසා වෛරයක් පිරිමසා ගැනීමට මෙම පහත් ක‍්‍රියාව කළ බව නීතිය ඉදිරියේ සියල්ල හෙළිදරව් විය. ජීවිතය අපායක් කරගත් සඳුනි හදවතින් හඬා වැටුණාය. ඇය සියල්ල ගෙදරින් සැඟවීමට උත්සාහ ගත්තද සඳුනි සමූහ ¥ෂණයට ලක්වූ අවස්ථාවේ එම ස්ථානයේ යම් සැකකටයුතු යමක් සිදුවේ යැයි ලැගුම් හලේම අයෙකු හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් ඇමතුමක් මත නුවන් ඇතුලූ සියලූ දෙනා පොලිස් අත්අඩංගුවට පත් වූහ.


සඳුනිගේ මව්පියෝ පොලිිස් ස්ථානයට කැඳවූ අවස්ථාවේ සියල්ල හෙළිදරවු කළහ. මව්පියන්ගේ දෙපා වාරුනැති විය. අවසානයේ ලජ්ජාවත් හිස දරාගෙන හිස් අතින් තම ගම්බිම් බලා ගියහ. බාලවයස් දැරියක් ලෙස ඇය පරිවාස ගත කෙරුණි.


‘‘අනේ තාත්තේ මට සමාවෙන්න. මට දහස් වාරයක් සමාවෙන්න....’’ ඇයගේ කඳුළුවලට පිළිතුරක් මව්පියන් ළඟ තිබුණේ නැත. පියාගේ දෙපතුල් සිඹිමින් වැඳ වැටෙමින් විලාප නැගුවාය. දැන් සියල්ල සිදුවී හමාරය.


ජීවිතයේ සුන්දරත්වය මහා අපායක් කරගත් සඳුනි අද දොස්තර සිහිනය හිතේ තදකරගෙන මේ ලෝකේ තනි වෙලා පරිවාසභාරයේ පුනරුත්ථාපනය වන්නීය. මව්පියන් රට රාජ්‍යවල තම ¥පුතුන් තනියම මුදා හරින්නේ හොඳ අනාගතයක් හදලා මේ සමාජයේ හොඳ පුරවැසියන් කරන්නටය.


සඳුනි! දෙමාපියන්ගේ මුදල්වලට සාධාරණයක් කරන්න  ඕනෑය කියන එක ඔයාගේ වගකීමක්. හැමදාම ඔයාලගේ පස්සෙන් මව්පියන්ට යන්න බැහැ. පුළුවන් පෙන්නන්න විතරයි පාර . තරණය කරන්න  ඕන ඔයා. ඒ පාරේ ගල්, මුල්, කටු, බොරළු  ඕන තරම්. ඒ දේවල් වලට උත්තර සොයන්න හදවත පාවිච්චි කරන්න එපා. බුද්ධිය පාවිච්චි කරන්න. පොත පතේ දැනුම තිබුනට වැඩක් නැහැ. සමාජ දැනුම නැත්නම්, ඔයාගේ ජීවිතය වැරදෙනවාමයි.

m



අදහස් (0)

මල් කැකුලක් බිලිගත් facebook ගුරුවරයා

භක්ති Wednesday, 09 September 2015 01:39 PM

මේ වගේ දේවල් වලට මව්පියන් වගේම පාසැල් වල ගුරුවරුත් වගකියන්න ඕනෑ.දැන් කාලේ නම් වැදගත් ගුරුවරු හොයාගන්න එකත් ප්‍රශ්නයක් තමා.ළමුන් තේරුම් ගන්න ඕනෑ තමන්ගේ ඉගෙනීමේ වැඩේ කරගන්න.ගමේ ඉඳලා නගරයට යන ගොඩක් ළමුන්ට මේ වගේ දේවල් වෙනවා. ඒ අය හිතන්නේ නගරය සුරපුරයක් කියලා. ඇත්ත දැනගන්නකොට පෙරහැර ගිහිල්ලා ඉවරය.ජීවිතය අඳුරුවෙලා ගිහිල්ලා.අහිංසක අම්මා තාත්තාගේ පවුලේ අනිත් අයගේ හීන බොඳවෙලා.මේවට අපේ රටේ පාලකයොත් වගකියන්න ඕනෑ.අපේ රටෙත් අරාබිකරයේ වගේ නීති රීති තිබුනා නම් මේ වගේ අපරාධ වෙන්නේ නැහැ.මිනිස්සු බයවෙනවා මේ වගේ දේවල් කරන්න.අනේ මන්දා ලංකාව කවද හැදෙයිද මන්දා! (නි)

:       0       0

චන්දන Saturday, 12 September 2015 10:15 AM

මුහුණු පොත පිටු දකිමු (අ)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 08:41 AM

අවාසනාවේ මුහුණු පොත (අ)

:       0       0

දිනේෂ් Sunday, 13 September 2015 09:44 AM

මේ මුහුණු පොත නිසා දරුවන් කි දෙනෙක්ගේ අධ්‍යාපනය අදාළ වෙලා ජිවිත විනාශ වෙලා තියෙනවද. තවමත් මෙයට පියවරක් නැත. පවුල් කියක් නම් විනාශ වී ඇද්ද. (ම)

:       0       0

කලංක Wednesday, 09 September 2015 03:31 AM

සම්පුර්ණ වැරැද්ද මව්පියන්ගේ ලැප්ටොප් දීල කොළඹ කාමරේක තනි කළාම ඔහොම වෙන බව තේරුම් ගන්න මොලයක් එයාලටවත් තිබුනේ නැද්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 195 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 36 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 49 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 254 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 173 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 85 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 631 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site