ඉතාලියේ මිලානෝ නගරයේ අලුතින් දහම් පාසැලක් ආරම්භ කිරීමට කටයුතු යොදාගත්තේ මෙහි ජීවත්වන ශ්‍රී ලාංකික දරු පවුල්වල දූදරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අරමුනිණි. මෙහි ජීවත්වන දූදරුවන්ට පාසැලෙන් නිසි අධ්‍යාපනයක් ලැබෙන අතර ලාංකික අනන්‍යතාවය රැකෙන අන්දමින් දරුවාගේ අධ්‍යාපනය හැඩගස්සා ගැනීමට හැකියාව ලැබෙන්නේ දහම් අධ්‍යාපනය මගින් ලැබෙන පෝෂණ ගෙන
ලොව උතුම් ශ්‍රේෂ්ඨ ජාතියකට උරුමකම් කියන අප ළඟ පැවති උදාර ගතිලක්ෂණ දිනෙන් දින වියකී යන බවක් දක්නට ලැබෙන අතර එය තරමක් දුරට හෝ අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ අනාගත පරම්පරාවට එවැනි උදාර ගති ලක්ෂණ දායාද කලහොත් පමණි.
එබැවින් පූජ්‍ය,පූජක,ගුරුවර,වැඩිහිටි අප කාගේත් වගකීම හා යුතුකම වන්නේද තමාගේ කාර්යභාරය මැනවින් කාලෝචිතව තේරුම් ගැනීමයි. දරුවාගේ දුර්වල තැනදී දොස්පවරමින් හෙළා දකිනවාට වඩා උතුම් වන්නේ තමාගේ ගතිපැවතුම්,සිතුම්පැතුම් ක්‍රියාකලාපයන්ගෙන්ආදර්ශමත් වීමයි. දරුවාට අධ්‍යාපනය ලබාදී උගතෙකු බුද්ධිමතකු කරනවා වගේම ගුණවතකු,නැණවතකු කිරීමටද,පාපයෙන් වලක්වා ගැනීමට, යහපතහි යෙදවීම, මව්පිය,ගුරුවරු, වැඩිහිටි ගෞරවය ඇතිකිරීම බණට ,භාවනාවට,සිලයට වත්පිලිවෙත්වලට යොමුකිරීම තුළින් උදාර චරිතවත් සමබර පෞරුෂයකින් යුත් ගුණවත් සත්පුරුෂයකු සමාජයට දායාද කළ හැකිය.
හිරගෙවල් පොලිසි විවෘතවන ප්‍රමාණය අඩුකොට මානසික රෝගින්ගේ ප්‍රමාණයද අඩුකොට මානසික සමබර තාවයෙන් යුත් ආදාරවු සමබරතාවයෙන් යුත් උදාරවු දරුපරපුරක් බිහිකර ගැනිමට මෙම දහම් සේවාව ඉවහල් වේ.මෙවැනි අතුම් අදහසක් මුල්කරගෙනයි අලුතින් දහම්පාසැලක් ආරම්භකළේය.මේ සඳහා කටයුතු කල සංවිධායක මඩුල්ලටද,මව් දෙමව්පියන්ටද,ගුණ යහපත් ආදරණීය දූපුතුන් සියලු දෙනාටද සියලු යහපත සැනසේවායි ප්‍රාර්ථනා කරන බව පලගහතැන්නේ සීලවිමල හිමි ප්‍රකාශකර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සීදේවි ළමයි කැමතිද ඇමෙරිකාවේ ජීවත් වෙන්න? මෙහෙ හොද දහම් පාසලුත් තියෙනවා. (නි)
ශ්රී ලාංකීය ජනතාව වෙසෙන අනෙකුත් රටවලද මෙවැනි කුසල ක්‍රියාවන් කරනවා නම් අගනේය. (ස)
වතිතානුව ලග තිබුනත් ඔවුන් නිහඩ වෙන්නා- අපේ රටේ ඔහොම කලොත් පෙලපාලිද යන්නා- අන්තවාදී රට යවලා එහි තත්ත්වය පෙන්නා- මොලේ සුද්ද කලොත් අනේ පිනක් සිද්ද වෙන්නා... (නි)
ලෝකයේ කොහේ හිටියත් ශ්‍රී ලාංකිකත්වය රැකෙන අන්දමින් කටයුතු කරන එක ගොඩක් හොදයි.(නදී)
ගයන් සිල්වා එමෙ හිතාන්න එපා එපා ලංකාවෙත් ඉන්නවා ලස්සන කෙල්ලෝ. (අ)
ඉතාලියේ සිංහල ජනතාව අතර සමගියක් නැතිලු නේද? (නි)
ලංකාවේ ලස්සන කෙල්ලෝ ඔක්කොම ඉතාලි ගිහින්නේ අපිට මොනවද තියෙන්නේ (අ)
කියලත්මෙයාල අහන්නෑ
හාපෝ ආකාශ් මෙහෙ ඉන්න කොල්ලෝ හොද නැහැ. ඒ හින්දා එහේම ඉන්න එක හොඳයි.(නදී)
මේ ඔක්කොම ප්‍රතිචාර ආවේ මේ ගෑණු ළමයි හින්දනේ.මොනවටද අපි මේ රණ්ඩු වෙන්නේ? (නි)
ක්‍රිස්තියානි අපට වුනත් දන්නවා , බුදුන් වඳින කොට අත් නැති බ්ලව්ස් අඳින්න බැහැ කියලා. ලස්සන වුනාට වැඩක් නැහැ විටෙක පල්ලියටයි තවත් විටෙක පන්සලටයි යනවා නම්. මේකෙන් වෙන්නේ තමන්ම රැවටෙන එකයි.(නදී)
වැඩේ හොදා (අ)
මංජු මල්ලි ඔයාට පන්සල් ගියත් පල්ලි ගියත් කෙල්ලෝ ඉන්නම ඕනේ. ඔයාට ජෙලස් ද?(නදී)
මේ ඡායාරූප වල ඉන්න ගැහැණු ළමයි නම් ලස්සනයි (නි)
විනොත්, ඒ මගේ නංගී.(නදී)
විනෝත්, ධනුෂ්ක මේක ආගම බව තේරුම් ගන්න සහෝදරයා.(නදී)
අනුර මෝඩ කතා කියන්නේ නැතුව උදාහරනයක් දෙන්න..එහෙම වෙච්ච එක සිද්දියක් පෙන්නන්න.(ස)
වෙන රටක හිටියත් තමන්ගේ ආගම ගැන මේ වගේ පින්වත් දෙයක් හිතලා ඒක ක්‍රියාවට නැගීම හොඳ දෙයක්. ගොඩක් ලොකු පින් වැඩක්. ස්තුතියි එකට උදව් කරපු හැමෝටම. (ස)
හර්ෂ, ඩඩ්ලි, සුසිල්, යන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මහත්වරුන්ට පින්සිද්ද වෙන්න ඕන තාමත් මිලානෝ වල මේ වගේ හොඳ දේවල් කරනවාට.(නදී)
මොන රටක හිටියත් 'දරුවනට 'ගුණධර්ම' හුරුකරවන්න ඕනෑ.දහම් අධ්‍යාපනය නිසිලෙස ලබාදුන්නොත් යහපත් දරුවෙක් සමායට හිමිවෙනවා. අපේ සිංහල දරුවන්ට දහම් පාසලක් ආරම්භ කිරීමට කටයුතු කළ සියල්ලන්ටම පින් (නි)
විනෝත් ....පන්සල් ගියත් ගැහැණු ළමයි තමයි බලන්නේ පිනක් කර ගන්නේ නැහැ. (ස)
ඇස් වහක් කටවහක් නැහැ, සීදේවි ළමයි ටිකක්... (නි)
දෙවැනි ෆොටෝ එකේ ඉන්න ළමයා ලස්සනයි. (නි)
අපේ රටේ වෙනත් ආගමක දහම් පාසැලක් පටන් ගත්තොත් පෙළපාලි යනවා නේද ?(නදී)
ඇස්වහක් කටවහක් නෑ, සීදේවි ළමයා.(නදී)