IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මස් කඩයට දක්කන පින් හරක් සෙල්ලම

1  

 

මෙම පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනකු වැඩ වාසය නොකිරීම පිළිබඳ ගම්මුන්ගේ අදහස වූයේ හරක් සංජීව පන්සලට පැමිණෙන ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කිරීමට ඉඩ නොදෙන බවයි. එනම් උන්වහන්සේ සමග රණ්ඩු කර ගැනීමෙන් හෝ නායක හිමියන්ට කේලම් කීම මගින් පැමිණෙන ස්වාමීන් වහන්සේලා පන්සල හැරයාමට මොහු කටයුතු කර ඇත.

 

 

”කිරි දුන්නේ දරුවන්ටයි සිරුරින් ඈගේfyk
පිරිපුන් මිනිසුන් වැඩුණේ සිරුරිනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ”


කිරි අම්මා යන වචනය ඇසෙනවාත් සමගම මිනිස් සිත දිවයන්නේ සුදු වතින් සැරසී හිමිදිරියේම පත්තිනි මෑණියන්ගේ පූජාවට යන අම්මාවරුන්ගේ දර්ශනයක්මය.


ලාංකීය සංස්කෘතියේ පූජනීය ස්ථානයක් කිරි අම්මාවරුනට ලබා දී ඇත්තේ ඔවුන්ගේ ආශිර්වාදයෙන් මිහිතලය පවතිනවා යන විශ්වාසය මතය.

12_page_2-th
එවැනි පූජනීයත්වයකින් සලකන කිරි අම්මා නාමය සිව්පා සතෙකුට භාවිත කරන්නේත් කෘෂිකාර්මික අර්ථ රටාවක් පැවති රටක ඇගේ දායකත්වය සුවිශාල වන බැවිනි. එනම් කිරිටික, පොහොරටික ලබාදෙන ඇය ගොවිතැන් කටයුතු වලටත්, බර ඇදීමටත් භාවිත කරන්නේය. එහෙත් උසස් මනසක් ඇත්තා යැයි සලකන මිනිසා නම් සත්වයා කිරි අම්මාගෙන් දහසකුත් ප‍්‍රයෝජන ගෙන මස්කඩයට දක්කන්නේය.


මෙවර නෙත් එෆ්.එම්. බැලූම්ගලින් සොයා ගියේ ද කිරි අම්මාවරුන් හොර රහසේ මස්කඩයට දක්කා යන මිනිස් වෙසින් සිටිනා මිසදිටුවකු සොයාගෙනය.
එනම් එක්තරා දිනෙක බැලූම්ගල රංගන ඇතුළු පිරිසට හදිසියේ දුරකතන ඇමතුමක් ආවේය.


”සර්, මාපිටිගම පන්සලක පිනට ඇරලා හදන හරක් මස් කඬේට විකුණන ජාවාරමක් කෙරෙනවා. හොයලා බලන්න.”


ඇමතුම්කරු බැලූම්ගල කණ්ඩායමට හෙළිදරව් කළ යුතු තවත් එක් ඛේදවාචකයක් භාර දුන්නේය. ඔහු කියූ තොරතුරු අනුව බැලූම්ගල කණ්ඩායම සිය මෙහෙයුම දියත් කළේය.


සැකකරු මාපිටිගම පදිංචි සංජීව නම් පුද්ගලයකු වූවේය. ඔහු ස්වාමින් වහන්සේ කෙනකු නොමැති පන්සලේ ආරක්ෂකයා ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියේය. අසල ඇති පන්සල්, දේවාල සඳහා පින්තකා නිදහස් කර ඇති හරක් මාපිටිගම පන්සල් භූමියට රැුගෙන විත් බලාගැනීම ඔහුගේ කටයුත්ත වූවේය. එසේ හරක් රැුක බලා ගැනීමේ මුවාවෙන් මස්කඩයට දැක්කීම ඔහුගේ අරමුණ වූවේය. පන්සලට මුවා වී කරන හරක් ජාවාරම බැලූම්ගල කණ්ඩායම හෙළිදරව් කරගත්තේ මෙසේය.


බැලූම්ගල කණ්ඩායමට තිබූ ප‍්‍රථම අභියෝගය හරක් සංජීව වෙත යාමට මාර්ගයක් සොයාගැනීමය. ඔවුන් ඒ සඳහා හරක් සංජීව පිනට දුන් හරක් මසට විකුණූ මුස්ලිම් මුදලාලි කෙනකුගේ නම භාවිත කළේය. ඔහු නවාස් නම් විය. නවාස්ගේ හිතවතකු ලෙස හරක් සංජීවට ආමන්ත‍්‍රණය කළ බැලූම්ගල කණ්ඩායම අලෙවිය සඳහා හරකුන් හත් දෙනකු සිටින බව අනාවරණය කර ගත්හ. ඉන් හතර දෙනෙක් ගැබ්බර එළදෙනුන් වූහ. අන් දෙදෙනා මාස හතර හමාරේ හා දෙක හමාරේ වයසැති වසු පැටවුන් වූවේය. තවමත් කිරි නොවරා ඇති පැටවුන් සහ ගැබ්බර එළදෙනුන් මස්කඩයට දීම සංජීවගේ පාපතර අරමුණ වූවේය.

බැලූම්ගල කණ්ඩායම සූක්ෂම ලෙස හරක් සංජීව සමග කුළුපඟ වූ අතර අලෙවිය සඳහා වෙන්කර ඇති හරක් බැලීමට අවශ්‍ය බව පැවසූහ.


අවසානයේ කතිකා කරගත් පරිදි මාපිටිගම ගංගාරාමය නම් පන්සලට ඔවුහු පැමිණියහ. එහි හරක් සංජීව සිටියේය. එම පන්සලේ බෝධීන් වහන්සේ පිටුපස ඇති හිස් ඉඩමේ පැටවුන් ලැබීමට සිටි එළදෙනුන් හා මාස ගණන් වයසැති පැටවුන් ගැට ගසා තිබුණේය.


කතිකාවේ අවසන් ප‍්‍රතිඵලය මිල නියම කිරීම විය. හරක් සංජීව රුපියල් දෙලක්ෂ තිස් දාහක් ලෙස සියලූ හරකුන්ගේ මිල තක්සේරු කළේය. එහෙත් එම මුදලට හරක් මිලදී ගැනීම අපහසු බව පැවසූ බැලූම්ගල රංගන ඇතුළු පිරිස දෙලක්ෂ දහදාහකට හරකුන් මිලදී ගැනීමට කැමැත්ත ප‍්‍රකාශ කළහ.


අවසානයේ ඔවුන් මෙම හරක් වෙළෙඳාම දිගින් දිගටම කළ හැකි දැයි විමසූ විට මෙම වෙළෙඳාමෙන් පසු ඒ පිළිබඳව කටයුතු කරමු යැයි හරක් සංජීව ප‍්‍රකාශ කර තිබුණේය. ඉන් ඔහු වෙත තවත් හරක් එන මාර්ග ඇති බව අවබෝධ කර ගත් බැලූම්ගල කණ්ඩායම පන්සල අවට ද නිරීක්ෂණය කළහ.


එහිදී ස්වාමීන් වහන්සේ නමක් නොමැති පන්සලේ සියලූ කටයුතු හරක් සංජීව කරන බවත්, ගමේ මිනිසුන්ගේ දානමානාදී කටයුතු ඔහු විසින්ම සිදු කරන බවත් දැනගන්නට ලැබී ඇත. මේ පිළිබඳ තොරතුරු විමසා බැලූ රංගන ඇතුළු පිරිසට දැනගත හැකි වූයේ එම පන්සල් භූමිය වෙනත් ප‍්‍රදේශයක වෙසෙන හිමි නමකට අයිති බවයි.


මෙම පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනකු වැඩ වාසය නොකිරීම පිළිබඳ ගම්මුන්ගේ අදහස වූයේ හරක් සංජීව පන්සලට පැමිණෙන ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කිරීමට ඉඩ නොදෙන බවයි. එනම් උන්වහන්සේ සමග රණ්ඩු කර ගැනීමෙන් හෝ නායක හිමියන්ට කේලම් කීම මගින් පැමිණෙන ස්වාමීන් වහන්සේට පන්සල හැරයාමට මොහු කටයුතු කර ඇත.


එසේ සංඝ භේදය නම් වූ පාප කර්මය සිදු කළ මෙම තැනැත්තා මසට විකුණන හරක් සොයා ගන්නා මාර්ග සියයට සියයක් තහවුරු කර ගැනීමට බැලූම්ගල කණ්ඩායම ක‍්‍රියා කළහ.


එනම් ඔවුන් මීළඟට පියවර තැබූයේ කහහේන සුසීමාරාමය වෙතයි. එහෙත් එදින පන්සලේ නායක හිමියන් නොසිටි අතර පසුදිනක දුරකතන මාර්ගයෙන් උන්වහන්සේ සම්බන්ධ කරගෙන තිබුණි.


එම ඇමතුමෙන් ගම අවට සිටින පිරිස් පින්තකා සුසීමාරාමයට හරක් නිදහස් කර භාර දෙන බවත් එම පන්සලේ ඇති සීමිත ඉඩකඩ හා රැකබලා ගැනීමට කෙනෙකු නොමැති නිසා මාපිටිගම පන්සලේ සිටින සංජීව නම් පුද්ගලයාට බාර දෙන බවත් බැලූම්ගල කණ්ඩායම තහවුරු කරගෙන ඇත.


දෙවනුව එසේ සංජීව නමැත්තාට බාරදෙන හරකුන් පිළිබඳව හාමුදුරුවන් වහන්සේ සොයා බැළීමක් කරන්නේ ද යන ප‍්‍රශ්නය යොමු කර ඇති අතර සංජීව හරක් රැුක බලා ගන්නා නිසා ඒ පිළිබඳ සොයා නොබැලූ බව උන්වහන්සේ පවසා ඇත.


මෙම තොරතුරු වලින් සංජීව නමැත්තා පන්සලට නිදහස් කරන හරක් රැුක බලා ගන්නා මුවාවෙන් පන්සලට මුවා වී හරක් මස්කඩයට දැක්කීමේ ව්‍යාපාරය කරගෙන යන බව බැලූම්ගල කණ්ඩායම තහවුරු කරගෙන ඇති අතර ඒ පිළිබඳව කහවත්තේ නායක හාමුදුරුවන් දැනුවත් කර ඇත. අද වන විට හාමුදුරුවන්ගේ ප‍්‍රශ්න කිරීම් හා බැලූම්ගල හෙළිදරව්ව නිසා හරක් සංජීව එම ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බව බැලූම්ගල කණ්ඩායමට දැනගත හැකි වූ බව රංගන මහතා පැවසුවේය.මෙම හෙළිදරව්ව සඳහා ශාන්, රංගන හා ඉෆ්තාස් පිරිස දායක වී ඇති අතර තොරතුරු ලබාදුන් නෙත් එෆ්.එම්. බැලූම්ගලට විශේෂ ස්තූතිය පුද කරමි.

m



අදහස් (0)

මස් කඩයට දක්කන පින් හරක් සෙල්ලම

අජිත් Wednesday, 16 September 2015 02:53 PM

මට නම් හිතෙන හැටියට නායක හාමුදුරුවොත් කොනක ගෑවිලා ඉන්නව වගේ. (බ)

:       0       0

ගෞරියෙල් Sunday, 20 September 2015 07:22 AM

අද කාලේ මස් කන අය මොනතරම් ඉන්නවද? (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 18 September 2015 03:49 PM

සියලු පාපයන්ගෙන් මිදෙන්න (අ)

:       0       0

උපාලි Wednesday, 16 September 2015 06:11 AM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 15 September 2015 04:23 PM

ඇයි මිනිසුනේ අහිංසක සතුන්ගේ මස් කන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 192 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 33 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 47 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 253 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 172 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 84 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 630 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site