මේ රටේ මුස්ලිම් ජනතාවට වෙන්වූ කලාපයක් අවශ්‍ය බවට බොහොම කාලයක සිට ඔවුන් තුළ මතයක් පවතී. මේ මතය ඉස්මතු වෙමින් යළි යට යමින් පවතින්නකි. කල්මුණේ, මඩකළපුව හා ති‍්‍රකුණාමලය යා කර මුස්ලිම් ප‍්‍රදේශ එකතු කිරීමට යෝජනා කරයි. මෙම ආසනවල මුළුමණින්ම මුස්ලිම් ජනතාව පමණක් වෙසෙන පෙදෙස් නොවන බව සඳහන් කළ යුත්තකි. මඩකළපුව ඇතුළු ඒ සියලූ ප‍්‍රදේශවල සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව කවලමේ ගම් වශයෙන් ජීවත් වෙති. ඉන්දියාවේ ”පොණ්ඩිචෙරි” ප‍්‍රදේශයට සමානව මුස්ලිම් කලාපයක් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ඉල්ලීමයි.
මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු නායක ඒ.එච්.එම්. අස්රොෆ් මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණි. අද යළිත් මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා එම යෝජනාව කරනු ලබයි.
මේ රටේ ප‍්‍රධාන ජන කොටස් සිංහල, දෙමළ හා මුස්ලිම්ය. වෙනම රාජ්‍යයක් සඳහා සටන් වැදුන එල්.ටී.ටී.ඊ. සංවිධානය දැන් අවසන් ගමන් ගොසින්ය. මුස්ලිම් ජනතාව කලාපයක් ඉල්ලා සිටී. ඒ පිළිබඳව මුස්ලිම් කොංග‍්‍රසයේ ලේකම් හසන් අලි මහතාගෙන් විමසුවෙමි.
මුස්ලිම් කලාපයක් නොව අපි ඉල්ලන්නේ මුස්ලිම් පරිපාලන දිස්ති‍්‍රක්කයක්. ඒ පරිපාලන දිස්ති‍්‍රක්කය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් සිටිනවා. ඒක ලබා දෙන බවට අපට පොරොන්දුවී තිබුණා.
1961 දී අලූත් දිස්ති‍්‍රක්කයක් හැදුවා. කල්මුණේ කොට්ඨාසය, පොතුවිල් කොට්ඨාසය හා සම්මන්තුරේ කොට්ඨාසය කොට්ඨාස තුනක් කි‍්‍රයාත්මක වුණා. එදා අම්පාර කොට්ඨාසය කියල එකක් තිබුණේ නැහැ. අම්පාර තිබුණෙත් කල්මුණේට එකතු වෙලා. වර්ෂ 1961 දී අලූත් දිස්ති‍්‍රක්ක සකස් කිරීමේ දී වින්දනපත්තු ප‍්‍රදේශය මොනරාගලින් වෙන් කර, අම්පාර දිස්ති‍්‍රක්කය අලූතෙන් පිහිටෙව්වා. දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය කියන්නෙ ඒකයි. ඒ දිස්ති‍්‍රක්කයෙ මුස්ලිම් ජාතිකයන් සුළු ජාතිය කළා.
අපිට සිංහල, දෙමළ කියල වෙන් කරන්න බැහැ. අපි කවුරුත් එකයි. නමුත් අපිට අසාධාරණයක් කළා. අම්පාර කච්චේරියට වසර 53ක් තිස්සේ දෙමළ හෝ මුස්ලිම් හෝ දිසාපතිවරයෙක් කිසිම දිනක පත් කරල නැහැ. පත් කරන්නෙම සිංහල දිසාපතිවරයෙක්. ප‍්‍රදේශයේ සියලූම ඉහළ තනතුරුවලට පත් කරන්නෙ සිංහල අය.
ඒ නිසා අපේ මිනිස්සුන්ට තමන්ගෙ ප‍්‍රශ්නයක් ගැන කතා කරගන්න බැහැ. ඒ දුප්පත් ජනතාව වැඩි දෙනකුට සිංහල භාෂාව කතා කරන්න බැහැ. දැන් අම්පාරෙ බහුතරය දෙමළ කතා කරන පිරිසක්.
අඩු වශයෙන් මුස්ලිම් ජනතාවගෙ ප‍්‍රශ්න කතා කරන්න පුළුවන් නිලධාරියෙක් පත් කරන්නෙත් නැහැ. ඉඩම් ප‍්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. කොටින්ම මුස්ලිම් ජනතාවට ප‍්‍රශ්නයක් විසඳ ගන්න දීර්ඝ කාලයක් ගත කරන්න සිදුවී තිබෙනවා. ඉක්මන් විසඳුමක් දෙන්නෙ නැහැ. වසර 10, 15 තරම් කාලයක් යනවා. මේවා ගැන කතා කළාම කිසිම විසඳුමක් දෙන්නෙත් නැහැ. ගණන් ගන්නෙවත් නැහැ. දැන් ඇති වෙලා.
ඒ නිසා අපිට දෙන්න තිබුණ භූමිය ඇතුළෙ පරිපාලනය අපට දෙන්න කියල. ඒ ප‍්‍රදේශ තුළ සිංහල, දෙමළ ජනතාවත් ඉන්නවා. ලාහුගල, පානම සිංහල, මුස්ලිම් ඉන්නවා.
මේ රජය අපේ ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දු වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලෙත් පොරොන්දු වුණා. අස්රොෆ් මහත්තය ඉල්ලූවෙත් මේකයි. මේක හකීම් ඇමැතිවරයා අලූතෙන් කරන ඉල්ලීමක් නොවෙයි.
හකීම් වෙනම රාජ්‍යයක් ඉල්ලනවා කියල බනිනවා. ඒක වැරැුදියි. අපි වෙනම රාජ්‍යයක් ඉල්ලන්නෙ නැහැ. කවදාවත් ඉල්ලල නැහැ. පරිපාලනය අපට දෙන්න කියලයි ඉල්ලන්නෙ. ජාති තුනම ඉන්නවා. අපි වෙන් කරල රජයක් ඉල්ලන්නෙ නැහැ. කලින් තිබුණ එක දෙන්න. මේ රටේ දිස්ති‍්‍රක්ක 25න් 18කම බහුතරය සිංහල. දිස්ති‍්‍රක්ක 6ක දෙමළ. ඇයි මුස්ලිම් බහුතරයට දෙන්න බැරි.
අපි මේ රටේ නොවෙයි ද? තවම ප‍්‍රතිචාරයක් ලැබිලත් නැහැ.
අපේ ආගම කියල තියෙන්නෙත් පදිංචි වෙලා ඉන්න රටට දේශපේ‍්‍රමී වෙන්න කියලයි. ඊට බාහිරව අපි කි‍්‍රයා කරන්නෙ නැහැ. රජය අපේ ඉල්ලීමට ප‍්‍රතිචාරයක් නොදැක්වුවොත් මුස්ලිම් ජනතාව තීරණයක් ගනීවි.
අපිට සහායක් දුන්නොත් ජනාධිපතිවරණයෙදි අපිත් සහාය දක්වාවි.
මේක ව්‍යවස්ථා විරෝධීයි. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ 14, 1 (උ) වගන්තියට අනුව සෑම පුරවැසියකුටම රටේ ඕනෑම තැනක සැරිසරන්නත්, රටේ ඕනෑම තැනක තමන්ගේ වාසස්ථානය තෝරා ගැනීමටත් අයිතියක් තියෙනවා. යම් දිස්ති‍්‍රක්කයක් සිංහල, දෙමළ, මුස්ලිම් දිස්ති‍්‍රක්කයක් ලෙස වර්ග වුණොත් ඒ පළාතට වෙනත් ජන වර්ගයකට අයත් පවුලක් පදිංචි වීම ගැන බහුතරයක් පිරිස විරුද්ධ විය හැකියි.
ජනවාර්ගික අනුපාතය වෙනස්වී මුස්ලිම් දිස්ති‍්‍රක්කයක් නම් දෙමළ හෝ සිංහල බවට පත් වීමේ අවදානමක් ඇති වෙනවා. බහුතරය බියක් දක්වනවා. හොඳම නිදසුනක් ඉදිරිපත් කළ හැකියි. 1981 වන තුරු කොළඹ නගරයේ බහුතරය සිංහල. දැන් බහුතරය දෙමළ හා මුස්ලිම් බවට පත්වී තිබෙනවා. කොළඹ සිංහල දිස්ති‍්‍රක්කයක් වශයෙන් වර්ග වී තිබුණා නම් දෙමළ, මුස්ලිම් බහුතරයක් වීමට සිංහලයන් ඉඩ දෙන එකක් නැහැ. ඒකෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමට ඉඩ තිබුණා.
අම්පාර මුස්ලිම් ප‍්‍රදේශ මුස්ලිම් කලාපයක් ලෙස නම් කළහොත් සිංහල අය මඩකළපුවෙ, ති‍්‍රකුණාමලයෙ බහුතරයක් ඉන්න ප‍්‍රදේශ සිංහල කලාප ලෙස වෙන් කිරීමට ඉල්ලීමට ඉඩ තියෙනවා.
අද කොළඹ නගරයේ ආසන 15න් 5ක සුළු ජාතික බහුතරයක් ඉන්නවා. කල්මුණේ මුස්ලිම් දිස්ති‍්‍රක්කය ඉල්ලන්නෙ ආසන 3ක්. ඉල්ලලා කොළඹ ආසන 5ක් සඳහා දෙමළ කතා කරන දිස්ති‍්‍රක්කයක් ඉල්ලාවි. මෙහෙම ගියොත් ජාති, ආගම් පදනමින් රට කෑලි කැඩිල හතු පිපෙන්න වගේ දිස්ති‍්‍රක්ක බිහි වෙලා පරිපාලනය මුළුමණින්ම අවුල් ජාලයක් වෙනවා.
ඒ දිස්ති‍්‍රක්ක අතර ජාති, ආගම් වශයෙන් ඇණ කොටා ගැනීම් සිදු වේවි. රට සදාකාලික ලේ විලක හිර කරන, අන්තවාදී ජාතිවාදී යෝජනාවලට අපි දේශපාලන වශයෙන් ඉඩ තියෙන්නෙත් නැහැ. නීතියෙන් ඉඩ තියෙන්නෙත් නැහැ. එහෙම දෙයකට රජය උත්සාහ කළොත් අපි නීතිය ඉදිරියට ගිහිල්ල මේක නතර කරනවා. සිංහල ජනතාව එක්ක පාරට බැහැල හරි මේක නතර කරනවා. කොහෙත්ම ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ.
මධ්‍යතන යුගයේ ලෝකයේ ගෝත‍්‍ර මත පදනම් වූ සමාජයක් කි‍්‍රයාත්මක වුණා. කුඩාxකුඩා ගෝත‍්‍ර එක එක ප‍්‍රදේශවලට සීමාවී වාසය කළා.
නිරන්තරයෙන්ම මේ ගෝත‍්‍ර අතර සටන් පැවතුණා. ඒ කුඩා ගෝත‍්‍ර ඒකරාශි කර ජාතිය දිනවීමේ වැඩ පිළිවෙළක් ලෝකය පුරාම කි‍්‍රයාත්මක වුණා. නැවත මධ්‍යතන යුගයකට ගමන් කිරීමට මුස්ලිම් කොංග‍්‍රසය උත්සාහ කරනවා. සිංහල බහුතරයක් සිටින ප‍්‍රදේශවල සුළු ජාතික අනන්‍යතාව අපි හැමදාම තහවුරු කර තිබෙනවා. ඒ නිසාම ලංකාව පුරාම දෙමළ භාෂාව කතා කරන ජනතාව ජීවත් වෙනවා.පසුගිය පහේ ශිෂ්‍යත්වයට ලංකාව පුරාම දෙමළ මාධ්‍ය සිසුන් ඉදිරිපත් වුණා. දිසා 4ක සිංහල මාධ්‍ය කිසිම ශිෂ්‍යයෙක් ඉදිරිපත් වූයේ නැහැ. සිංහල බහුතරයක් මැද සුළු ජාතීන්ට ඉන්න පුළුවන් වුවත්, සුළු ජාතීන් බහුතරයක් මැද සිංහලයන්ට සුළු ජාතියක් වෙන්න ඉඩක් නැහැ. කල්මුණේ මුස්ලිම් බහුතරය තුළ සිංහල, දෙමළ ජනතාවට මේ විදිහට ගියොත් පවතින්න බැරි වෙනවා. ෂරියා නීතිය රජ කරමින් පර්දාව අඳින්නැති අයට ඇසිඞ් ගසමින් ඒ පළාත්වල සිංහල, දෙමළ ජනතාවගෙ අයිතිවාසිකම් ආරක්ෂා නොවන තත්ත්වයක් ඇති වෙනවා. මේ සියල්ල පදනම් කරගෙන අපි මේ යෝජනාවට විරුද්ධයි. මේක රට ලේ විලක් කරන යෝජනාවක්..



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ තවත් ගාසා තීරයක් හදන්න වගෙයි. මේක හරියට අර ලංදේසියට හරක් හම එළාගන්න කොලොම් තොට දුන්නා වගේ වෙයි. (නදී)
මේවා රටකරවන අයගේ නොසැළකිල්ල නිසා ඇති කරන ප්‍රශ්න කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ආගම ඕනෑ කෙනෙකුට තමන්ගේ මතය අනුව වෙනස් කරන්න පුළුවන් දෙයක් . (නි)
අනේ පින් සිදුවෙයි කුලල් කකා වැඩ කරන්නේ නැතුව අනෙක් උදවියට පාඩුවේ ඉන්න දීල යන අතක යනවා නම්. ගිය තැන ඉවරයි (නදී)
සමහරුන්ගේ අදහස් දැක්කහම දුකත් හිතෙනවා මට (නි)
වෙනම කලාප අවශ්‍ය නැහැ.හැමෝටම තියෙන්නේ පොදු කලාපයක්. මාරයා ආවිට කලාප විතරක් නොව පන කෙන්දත් දාලායනවා. යනකොට කිසිදෙයක් ගෙනයන්නෙ නැහැ.ජීවත්වන ටික කාලයේදීවත් සතුටින් සැනසිල්ලෙන් ඉන්න බලන්න (නි)
පිස්සුද හැටිද?(හේ)
එල්.ටි.ටි.ඊ. කාලේ ඇත්තටම මෙයාලා කොහොමද හිටියේ. අපි ඔක්කොම පන බයේ හිටියේ. ඒ කාලේ මේ මොන ඉල්ලීමක් වත් නෑ. රණ විරුවෝ රට බේරගත්ත නිසා දැන් ඔක්කොම ඉල්ලීම් කරනවා. මොන කලාපයක් වත් නෑ. මේ හැමදේකම පාලනය හමුදාව අතටයි දෙන්න ඕන. (ර)
ඇත්තටම මේ මුස්ලිම් කියන්නේ ආගමක්නේ ඉතින් ක්‍රිස්තියානි කියන්නෙත් ආගමක් ඒ උනාට මේ හැමෝම ලංකාවේ අම්මලට තාත්තලට දාව ඉපදුන අය දෙමල අයනම් ඉන්දියාවෙන් ආවා කියන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ ආගම් වෙනස් උනාට අයත් වෙන්නේ සිංහල ජාතියට නේද?. අනේ මන්දා ආගමක් නිසා මිනිස්සු බෙදිලා ජීවත් වෙන්න උත්සහ කරනවා මම නම් කියන්නේ තමන් අදහන ආගමක් අනුව සාමයෙන් ජීවත් වෙමු කියලයි. අපේ රටේ ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් හැම කෙනාගේම හිත පිරිසිදුයිනම් (බ)
මම කියන්නේ අපේ රටටත් ෂරියා නීතිය ගෙනෙන්න කියලයි (නි)
මට නම් ඔවුන්ගේ ඉල්ලීමේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
මුස්ලිම් නෙමෙයි කිසිම ජතියකට වෙන පරිපාලන දිස්ත්‍රික්කයක් ඕනේ නෑ.(හේ)
වෙනම කලාපයක්? අනේ මගේ කට! (නි)
ඒත් මේකට අපි නම් කැමති නැහැ. (නි)
සිංහල බහුතරයක් මැද සුළු ජාතීන්ට ඉන්න පුළුවන් වුණත්, සුළු ජාතීන් බහුතරයක් මැද සිංහලයන්ට සුළු ජාතියක් වෙන්න පුළුවන්ද? බොහොම හොඳ ගුණගරුක මුස්ලිම් උදවිය ඉන්නවා. ඒත් සමහරු එහෙම නැහැ (නි)
අරුසියා, මමත් එකඟවෙනවා ඔයාගේ අදහසට (නි)
ඇයි වෙනම ඉල්ලන්නේ.සමගියෙන් කට්ටියටම ඉන්න බැරිද?(හේ)
අනේ මගේ කොමන්ට් මිතුරනේ ඔබලා රණ්ඩු වෙන්න එපා මේ අය දේශපාලකයින්, මේ අය කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා, දේශපාලකයින්ගේ පොරොන්දු ගැනත් රටේ ජනතාව හොදට දන්නවා. (දී)
මෑතක ඉඳලා මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
මේවාට අපි නිකන් ගහ මරා ගෙන මේ ප්‍රශ්න විසදන්න බැහැ (දී)
සෑම ආගමක්ම ජාතියක්ම සමගියෙන් සිටිනකල් රටකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (දී)
ශාන් කියන කතාව හරියටම හරි (දී)
ප්‍රියංක මැද පෙරදිග පුරවැසිභාවය ගන්න ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු අරාබි ජාතිකයන් නෙමෙයි ..ඔවුන් හදුන්වන්නේ ශ්‍රීලංකා මූර් කියන ජාතියක් ලෙසයි !! ඔයා කියන විදිහට බැලුවොත් ලංකාවේ ඉන්න සිංහල ක්‍රිස්තියානි කෙනෙකුට බ්‍රිතාන ජාතිකයෙක් වෙන්නත් පුළුවන් !! (අ)
මුස්ලිම් මිනිස්සුන්ට මැද පෙරදිග තියෙනවා. සිංහලයට මේ රට විතරයි තියෙන්නේ. මෙයාල එ්කත් කොල්ල කන්න හදනවා අපේ පාලකයෝ මර නින්දේ. තව අවුරුදු 25කින් මෙයාල මේ රට අල්ලනවා මම බොරු නෙවෙයි කියන්නේ. බොහොම හොඳ ගුණ ගරුක මුස්ලිම් උදවිය ඉන්නවා එත් බොහොම සුළු පිරිසක්. අනිත් ඔක්කොම අන්තවාදය ඔලුවට අරන් ඉන්නේ. (බ)
මේකද ඔබලාගේ සහජීවනය? (හේ)
රට බෙදීමකට මුල.(හේ)
මය ජාතිවාදී පක්ෂ සිල්යල්ල තහනම් කල යුතුයි. (ස)
තව මොනාද ඕනේ.(හේ)
බොහොම හොඳ ලිපියක් (නි)
කෝ දැන් අපේ ප්‍රතිචාර දාන කට්ටිය? සහජීවනය ගැන කතාකරන අය කෝ දැන්? (නි)
මමත් මුස්ලිම් එ්ත් මම මේ අදහසට එකග නැහැ (නදී)