IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මහජන මුදලින් පොහොසතුන් වූ දේශපාලකයෝ

jklm;k 

 

 

දේශපාලනය නිසා ධනවතුන් වූ ලංකාවේ දේශපාලනඥයන් ගැන බොහෝ කතා පසුගිය දිනවල අසන්නට ලැබිණි. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ට පමණක් නොව පළාත්  සභා හා පළාත් පාලන ආයතන දේශපාලනඥයන්ට ද පොදුය. මහජන මුදලින් පොහොසතුන් වී බලය පෙන්වන දේශපාලනඥයන් ගැන කෙරෙන සොයා බැලීමකි මේ.

 

 


මුලින්ම කතා කරන්නට යන්නේ වැල්ල පෑගෙන ප‍්‍රදේශයක සිටි දේශපාලනඥයකු ගැනය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ පසු ඔහු කළේ රස්තියාදු ගැසීමය. ඉඳ හිට ධීවර වැඩවලට ගියේය. ඇඟ පත හොඳ හැටි තිබුණු ඔහුට ලංකාවේ ප‍්‍රසිද්ධ පක්ෂයකට සම්බන්ධ මැණික් මුදලාලි කෙනෙක් හමු විය.


ශරීර ශක්තිය හොඳ හැටි ඇතැයි පෙනුනු නිසා තමන්ගේ ගේට්ටුව අසල රැුකවලකු සේ සිටින්නට මැණික් මුදලාලි මොහු තෝරා ගත්තේය. කාලය ගෙවී ගියේය. ඉන් පසු ප‍්‍රදේශයට එන විදේශිකයන් වැල්ලට එක්ක ගෙන ගොස් පෙන්වීමට පුරුදු වූ ඔහු බීච් බෝයි කෙනකු ලෙස ටික කාලයක් කටයුතු කළේය.
ඉන් පසු ඔහු එක් පක්ෂයක ඇමැති කෙනකු ළඟට හේත්තු විය. ඔහුගේ මාර්ගයෙන් ප‍්‍රාදේශීය සභා ඡන්දයේ නාම යෝජනා පත‍්‍රයට නම ඇතුළත් කර ගත්තේය. ඇමැතිගේ සහයෝගයෙන් ඡුන්ද ප‍්‍රචාරය ද හොඳට කරගෙන ගියේය. අවසානයේ ප‍්‍රදේශීය සභා ඡුන්දයෙන් දෙවැනි මනාප ගත්තේය. වැඩියෙන්ම මනාප ගත් පුද්ගලයාගේ ගැටලූවක් නිසා දෙවැනි තැනට මනාප ගත් මොහු ප‍්‍රදේශීය සභාපති විය.

mahajana-mudalin............
ඉන් පසු නැවතත් ඇමැති පස්සේ ගොස් පළාත් සභා නාමයෝජනා පත‍්‍රයට නම ඇතුළත් කරගෙන පළාත් සභාවට තේරී පත් විය.  ඉන් පසු පාර්ලිමේන්තුවට තරග වැදුනත් පළමු වර පරාජය විය. ඊළඟට පැවැති ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැන ගැනීමට ඔහුට හැකි විය. එම රජයෙන් ඔහුට නියෝජ්‍ය ඇමැතිකමක් ලැබිණි.


නියෝජ්‍ය ඇමැතිකම ලැබුණු පසු ඔහුට මුල අමතක විය. තමන්ට ඒ තැනට එන්නට උදව් කළ ඇමැතිවරයා පවා අමතක විය. ඔහුගේ ඉලක්කය වූයේ හරි හම්බ කිරීමය.


ඔහුට ඒ තත්ත්වයට එන්නට උදව් කළ ඇමැතිවරයාට ඔහු ගැන කළකිරුණේය. ඇමැතිවරයා ප‍්‍රසිද්ධියේ මෙලෙස කීවේය.


‘මං බල්ලෙක් හැදුවා. ඒ බල්ලා මාව කාලා ගියා’ කියා කීවේය. වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහුට කැබිනට් ඇමැතිකමක් ලැබිණි. ඔහු කෝටිපතියෙක් වීමට වැඩි කාලයක් ගතවූයේ නැත.  ආණ්ඩු මාරු වී ඔහුට ඇමැතිකම නැති වෙද්දී ඔහු සුපිරි නිවාස පහක හිමිකාරයෙකි. බස් දෙකක හිමිකරුවෙකි. බස් දෙක මවගේ හිතවතකුට ලබා දී ඇත. හෝටල දෙකක හිමිකරුවෙකි. ඔහුගේ වත්කම් මෙතෙකැයි කිව නොහැකිය.


බීච් බෝයි අවසානයේ ධන කුවේරයකු බවට පත් විය.


ඊළඟට කියන්නට යන්නේ පළාත් සභා දේශපාලනඥයකු ගැනය.


ඔහු සිටියේ උසාවියක් ළඟ තේ කඩයක් කරගෙනය. ඔහු ධනවතකු වන්නට පටන් ගත්තේ පළාත් සභාවට තේරී පත් වූ පසුය. ප‍්‍රධානම ආදායම් මාර්ගය වූයේ පාසලට ළමයින් දැමීමය. පොඩි පාසලකට ළමයකු දැමීමට ලක්ෂයක් ද, ප‍්‍රසිද්ධ පාසල් සඳහා ළමයින් දැමීමට ලක්ෂ තුන හතර දක්වා මුදල් ද ඔහු ගත්තේය.
ළමයකු පාසලකට දා ගැනීමට ඇහැට කනට පේන කාන්තාවක පැමිණයහොත් ඔහුට ඇය නැතිවම බැරිය.  දැන් ඔහු කෝටිපතියෙකි.


ප‍්‍රාදේශීය දේශපාලකයන් සල්ලි ගරන ආකාරය ගැන අපට කීවේ ද ප‍්‍රාදේශීය දේශපාලකයෙකි.


‘ප‍්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි තේරුණාම අපිට පඩියක් නෑ. කලින් නම් රුපියල් දහ දාහක්වත් නෑ. පොඩි දීමනාවක් විතරයි තියෙන්නේ. ඒ සොච්චමෙන් මොනවද කරන්න පුළුවන්? ෆෝන් බිලක්වත් ගෙවන්න පුළුවන්ද? ඉතින් ජරාව ගන්න පෙළඹෙනවා.

nmkl
නගර සභාවෙන් හරි ප‍්‍රාදේශීය සභාවෙන් හරි වෙළෙඳ සංකීර්ණ ඉදි කරන්න පටන් ගන්නවා. ඒවාට කොන්ත‍්‍රාත් දෙද්දිත් ගතමනාවක් ගන්නවා. ඒ වගේම ඊළඟට වැඩියෙන්ම හම්බ කරන්නේ කඩ කාමර බෙදද්දී. ලක්ෂ ගණන් ගන්නවා. පක්ෂ විපක්ෂ බේදයක් නෑ.


ඊළඟට පාරවල් වලට තාර දාද්දි හරි කොන්ක‍්‍රීට් කරද්දි හරි හොඳට හම්බ කරනවා. ඒවාට ටෙන්ඩර් කැඳවන්නේ නෑ. මම උඹට මේ වැඬේ දෙනවා. හැබැයි මට මෙච්චරක්  ඕනෑ. ඔහොම තමයි වැඩ භාර දෙන්නේ.


මේවාට පුරුදු වුණාම කොයි වෙලාවෙත් බලන්නෙ කීයක් හරි කඩා ගන්නමයි.’


ඊළඟට කියන්නට යන්නේ ඇමැතිකමක් දැරූ පුද්ගලයකු ගැනය. දුෂ්කර ගමක ඉපැදුණු ඔහු තරුණ අවදියේම විප්ලව වාදී අදහස් දැරීය. මුලින් ගත කළේ දුෂ්කර ජීවිතයකි. ඔහු දේශපාලනයට එද්දී තිබුණේ කුඩා වෙළෙඳසලක් පමණි. කාලයක් හොඳ දේශපාලනයක නියැලූණු ඔහුට ඇමැතිකමක් ලැබුණු දා සිට හරි හම්බ කිරීමේ මාර්ග පෑදුනි.


ඔහු දැන් ගෙවල් දෙකක හා හෝටලයක හිමි කාරයෙකි. කෝටි ගණනක් වටිනා නිවෙසක් දැනටත් ඉදිවෙමින් පවතී. මන්ත‍්‍රී වැටුපෙන් හෝ ඇමැති වැටුපෙන් එවැනි මහා විශාල මන්දිර හෝ හෝටල් හෝ ඉදිකළ නොහැකි බව  ඕනෑම කෙනකු දන්නා සත්‍යයයි.


ඊළඟට කියන්නට යන දේශපාලකයා ගැන ද පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති විය. පැවැති ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ටත් නැති බලයක් ඔහුට තිබිණි. ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තමන්ගේ වැඩ කර ගන්නට පක්ෂයේ ප‍්‍රධානියකු ළඟට යන්නේ මේ දේශපාලකයා ද සමගිනි. ඒ ඔහු කැටුව ගියොත් වැඬේ හරියටම හරි යන බව දන්නා නිසාය.


වැඩි වයසක් නැති ඔහුගේ පියා ද උසස් තනතුරු කිහිපයක් හෙබවූ පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට පිවිසියේ ඉතා තරුණ කාලයේ දීමය. සමාගමක් ද ඇරැුඹි ඔහු තවත් සමාගම් කිහිපයක ඉහළ පෙළේ කටයුතු කළේය.


ඒ සෑම එකකම වාගේ මුදල් වංචා සම්බන්ධ චෝදනා එල්ල වූ අතර එක්තරා අවස්ථාවක ඔහු රිමාන්ඞ් බන්ධනාගාර ගත කළේය. තවත් නඩු කිහිපයක් ඔහුට එරෙහිව පැවරිණි.


තවත් වරෙක බද්දට ගත් වාහනයක් ඔහු මිතුරකුට විකුණා දැමීය. එය අසු වූ පසු නැවත මිතුරාට මුදල දීමට හා වාහනය සමාගමට දීමට ඔහුට සිදු විය.
මොනවා නැතත් ඔහු ඉංග‍්‍රීසියටනම් දක්ෂයෙකි. වරෙක ඔහු නැවක් අලූත් වැඩියා කර දෙන පවසා මුදල් ගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ඇරැුඹිණි. නමුත් ඒ වන විට ඔහු රටින් පිටව ගොස් සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.


ඔහු විදේශගතව සේවය කරන කාලයේ එකල ලංකාවේ විපක්ෂයේ දේශපාලනඥයකු එම රටට ගිය විට මේ කියන දේශපාලනඥයා හමු විය. මේ කියන දේශපාලනඥයා කෙසේ හෝ ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා තම වසඟයට ගත්තේය. ඔහුගේ ආරාධනය පරිදි ලංකාවට ආවේය.


ඔහුගේ මඩිය තර වෙන්නට පටන් ගත්තේ ඉන් පසුය. ආණ්ඩු පෙරළියත් සමඟ ඔහුට හොඳ කලක් ගියේය. රජයේ හොඳ හොඳ තනතුරු ලැබිණි. දේශපාලන ක්ෂේත‍්‍රයට ද ආවේය.


එම තනතුරු දරද්දීද වංචා චෝදනා දිගින් දිගටම එල්ල වන්නට විය. එක් අවස්ථාවක ඔහු තනතුරකින් ඉවත් කළත් වෙනත් තනතුරක් ලැබිණි.  
දේශපාලනඥයා තවත් අවස්ථාවක හෝටලයක දින ගණනාවක් රැුඳී සිට බිල නොගෙවා පිටව ගිය නිසා ඔහු බිල ගෙවන තුරු රැුඳී සිටීමට වෙනත් පුද්ගලයකුට සිදු විය. එය සුළුපටු මුදලක් නොව විශාල මුදලකි.


දේශපාලනය නිසා ව්‍යාපාරිකයන් වූ පිරිසේ ඉදිරියෙන්ම වැජඹෙන්නට ඔහුට හැකි විය.


දේශපාලනය නිසා කෝටිපතියකු වූ තවත් දේශපාලනඥයෙක් සිටී. ඉක්මනින් කේන්ති යන පුද්ගලයකු ලෙසත් ඔහු ප‍්‍රකටය. මේ දේශපාලනඥයා එම ක්ෂේත‍්‍රයට එන්නට පෙර පෞද්ගලික ආයතනයක කටයුතු කළේය.  බිරිය වෙළෙඳ සහායිකාවක ලෙස කටයුතු කළාය.


දේශපාලකයකු වූ පියාගේ ඇවෑමෙන් දේශපාලනයට ආ ඔහු පළාත් සභාව නියෝජනය කර ඉන් පසු පාර්ලිමේන්තුවට තේරී පත් විය. නියෝජ්‍ය ඇමැතිකම් කිහිපයක් හා ඇමැතිකම් දෙකක් පමණ දැරූ මේ දේශපාලනඥයාගේ වත්කම් කෝටි ගණනකියි කියති.


ඔහු  වැඩි වැඩියෙන් දේපල ආදිය මිල දී ගත්තේ තමාගේ නමට නොව පවුලේ හා වෙනත් අයගේ නම් වලටය. ඒ ඇතැම් විට අල්ලස් පැමිණිල්ලක් ආවොත් බේරීමට විය හැකිය. කෙසේ වෙතත් ඔහු දැන් මසකට ලක්ෂ දෙක තුනක් පමණ පිනට දිය හැකි තරමේ ව්‍යාපාරිකයෙකි.


දේශපාලනය නිසා කෝටිපතියන් වූ අය අතර පෙර කීවාක් මෙන් පළාත් සභා නියෝජිතයන් ද නැතුවාම නොවේ. මේ තවත් එවැනි දේශපාලනඥයකු ගැනය.


ඔහුගේ පවුලම දේශපාලනයට සම්බන්ධය. ඒ නිසා ඔහු ද පවුලේ ඥාතියකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. ඥාතියාටත් වඩා දේශපාලන උණ තිබුණේ ඔහුටය.


මාලිගාවත්තේ පැවැති දේශපාලන පාතාලය හා ළඟින් සම්බන්ධ වූ ඔහු පොලිසියෙන් පාතාලයන් මරද්දී පොලිසිය සමග දැඩි ලෙස උරණ විය. පොලිසියට බැණ වැදුණු අවස්ථා එමටය. එමෙන්ම රාත‍්‍රී සමාජශාලාවලට ගොස් පොලිස් නිලධාරීන්ට හිරිහැර කිරීම ගැන පාතාලයන් සමග සාකච්ඡුා කළේය.


වරෙක ඔහු තමා සේවය කරන දේශපාලකයාගේ බලය පාවිච්චි කර පොලිසියේ එක් කාර්යාංශයක් විසිරුවා හැරීමට සමත් විය. ඉන් පසු ඔහු දේශපාලනයට පිවිසියේ ද ඒ මැරකම් අත නෑරය.


පළාත් සභාවට තේරී පත්වූ ඔහු නගර කිහිපයක මාලිගා බඳු නිවාස ඉදි කළේය. සුපිරි ජීවිතයක් ගත කළේය.  ඊළඟ ඡුන්දයේ දී ජනතාව දිනා ගැනීමට යහමින් මුදල් වියදම් කළේය. දේශපාලන තනතුරු නැති වුවත් ඔහුට  ඕනෑම රටක ගොස් ජීවත්වීමට හැකිය. ඒ දැන් ඔහු කෝටිපතියෙක් වී හමාර නිසාය.
මෙලෙස දේශපාලනය නිසා කෝටි ප‍්‍රකෝටිපතියන් වූ දේශපාලනඥයන් ගැන කතා  ඕනෑ තරම්ය. ඔවුන්ට දැන් මිනිස්සු දෙස් දොවොල් තියති. කල්පනා කර බැලිය යුත්තේ වරද ඔවුන්ගේ ද? නැතිනම් ඔවුන්ට ඒ තත්ත්වයට පත් කිරීමට ඡුන්දය ලබා දුන් අපේද? යන්නය.


ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක වූ දිවිනැගුම සතිපොළ ව්‍යාපෘතිය මගින්ද දිස්ත‍්‍රික්කය නියෝජනය කරන බලවතෙකු විශාල ලෙස මුදල් ගසා කෑවේය. දිවිනැගුම සතිපොළක් ඉදිකිරීමට යන සත්‍ය වියදම රුපියල් කෝටියක් හෝ දෙකක් වුවද ඒ සෑම සතිපොළකම වියදම කෝටි 15 ඉක්මවා තිබේ. රුපියල් කෝටියක් වැයවන ව්‍යාපෘතියට වැයකර ඇතැයි පෙන්වන මුදල ඉතා විශාලය. උදාහරණයක් ලෙස එක්තරා දුම්රිය ස්ථානයක් නවීකරණය සඳහා රුපියල් කෝටි 17 ක් වැය වූ බව කීවද රුපියල් කෝටි දෙකකින්වත් සිදුවූ සංවර්ධනයක් එහි දක්නට නැත.


රුපියල් කෝටි 35 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 3,500 වැයකර මරදගහමුල නගරයේ ඉදිකළ සහල් ධාන්‍යාගාරයද සුදු අලියෙකි. මේ ගොඩනැගිල්ල සඳහා සත්‍ය වියදම ලෙස සහල් ව්‍යාපාරිකයින් දක්වන්නේ රුපියල් කෝටි 5 කි.

 

m

 

 



අදහස් (0)

මහජන මුදලින් පොහොසතුන් වූ දේශපාලකයෝ

උපුල් Thursday, 12 February 2015 01:58 PM

පළමු ගල වැරදි නොකළ කෙනෙක් ගහන්න. (නි)

:       0       0

ලසන්ත Thursday, 12 February 2015 02:00 PM

එක් කෙනෙක් නම් හඳුනන්න ගොඩක් පහසුයි (නි)

:       0       0

රංග Thursday, 12 February 2015 02:34 PM

ලංකාවේ ඔය වගේ ජරාජීර්ණ දේශපාලුවෝ බිහිවෙන්න ජනමාධ්‍යයත් බලපානවා. රටේ ජනතාවට ඇත්ත කිවයුතුයි. හැමෝම හඳුනාගන්න පුළුවන් වුණා. (නි)

:       0       0

අසෝකා Monday, 16 February 2015 07:14 PM

ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි. එහෙත් සතුට මුදලට ගත නොහැකි බව මොවුන් කවදා වටහා ගනීද? කෙසේවෙතත් ස්වභාව ධර්මය විසින් කළ හොඳ හෝ නරක වෙනුවෙන් දඬුවම් ලබාදෙන විට ඔබ ප්‍රමාද වැඩිය. (නි)

:       0       0

ක්‍රිස් Thursday, 12 February 2015 10:31 PM

මාත් කොහොමහරි දේශපාලනයට එනවා (නි)

:       0       0

ලසිත් Friday, 13 February 2015 11:08 AM

අන්තිමට කියලා තියෙන කෙනා කවුද? අනෙක් අය නම් හඳුනාගන්න හරිම පහසුයි (නි)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 07:24 AM

මේ අය පර ලොව ගියම වෙන දේ කම්ම විභංග සූත්‍ර දේශනාවේ තියනවා (අ)

:       0       0

සුමන මානන්දුව. Thursday, 12 February 2015 12:33 PM

මහත්මාණනි, ඔය තොරතුරු ටික නම් ගම සහිතව ජේ.වී.පී එක මගින් පිහිටුවා ඇති දුෂණ විමර්ශන අංශයට ඉදිරිපත් කොට රටට සේවයක් කරන්න. (නදී)

:       0       0

ඡන්න Thursday, 12 February 2015 12:39 PM

ලංකාවේ ඔය වගේ ජරා ජීර්ණ දේශපාලුවෝ බිහිවෙන්න ජන මාධ්‍යත් බලපානවා රටේ ජනතාවට ඇත්ත නොකියන නිසා. බටහිර රටවල්වල දේශපාලකයන්ට හොර කරන්න බැරි ජනාදිපතිගේ උනත් නම කියලම ඇත්ත දානවා. (නදී)

:       0       0

මාතරගේ Thursday, 12 February 2015 12:43 PM

අන්තිමට කියල තියෙන එක්කෙනා හැර අනෙක් හැමෝම අඳුනා ගන්න පුළුවන් උනා. (නදී)

:       0       0

සොපියා Thursday, 12 February 2015 01:05 PM

අපේ මිනිස්සු බත් පැකට් එකටත් ඡන්දෙ දෙන වරද තමයි ඔය පල දීල තියෙන්නේ (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 13 February 2015 06:50 PM

මෙහි සඳහන් අපරාධකරුවන් මීලග ඡන්දෙට ඉල්ලුවම මනාප ලක්ෂ ගණනක් ගන්නවා වරද අපි අතේමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 190 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 826 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1351 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 191 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 422 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 591 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site