පාසල් දරුවන් සිය දිවි නසා ගැනීම් ගැන දැන් යළිත් කතා කිරීමට සිදුව තිබේ. සියදිවි නසාගැනිම් මාධ්‍ය මගින් වාර්තා කිරීම ද එතරම් සුබදායී නොවන බව ලෝකයේ පිළිගැනීම වී තිබේ.
සියදිවි නසා ගන්නේ දුර්වල පෞරුෂත්වයක් ඇත්තෝය. මනෝවිද්‍යාඥයෝ පවසන්නේ විශාදය නම් රෝග තත්ත්වයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස කෙනකු සියදිවි නසා ගනු ලබන බවයි.
පසුගියදා පාසල් ශිෂ්‍යාවක විසින් පවත්වාගෙන ගියා යැයි පවසන ෆේස් බුක් ගිණුම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ අවවාදයක් ඉවසාගත නොහැකිව ඇය සියදිවි නසාගත්තාය. ඒ මරණයේ උණුසුම පහව යාමටත් පෙර ගාල්ල දිස්ති‍්‍රක්කයේ පිටිගල, පොකුණවලකඩ ගම්මානයේ දැරියක් ද ෆේස් බුක් පටලැවිල්ලක් හේතුවෙන් ගෙල වැලලාගෙන මියගියාය.
මේ මරණ දෙකේම පොදු සාධකය වන්නේ ෆේස් බුක් හෙවත් මුහුණු පොත නමින් හඳුන්වන අන්තර්ජාලයේ ඇති සමාජ ජාල වෙබ් අඩවියයි. මේ වෙබ් අඩවියේ ගිණුමක් පවත්වාගෙන ගොස් විදුහල්පතිගෙන් දෝෂාරෝපණයක් එල්ලවූ මොහොතේ දැරියක් සියදිවි නසා ගනිද්දී විදුහල්පතිවරයාට ද චෝදනා එල්ල වූයේය.
පිටිගල සිය නිවසේ දී සියදිවි නසාගත් දිනේෂා තිලක්ෂි (19) දැරිය මියගියේ පසුගිය 19 දා දහවලදීය. ඇය පෙර ශිෂ්‍යාව කළ දේ ආදර්ශයට ගන්නට ඇතැයි යන කාරණය පහසුවෙන් බැහැර කළ නොහැකි දෙයකි.
තිලක්ෂිගේ මරණයට හේතුව මුහුණු පොතේ පැවති ගිණුමෙන් ඇය හඳුනාගත් තරුණයෙක් හදිසියේ ම ඇය සොයා ඒමයි. ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය දෙවැනි වර විභාගයට මුහුණ දීමේ අපේක්ෂාවෙන් පසුවූවාය.
පළමුවර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව ඇය ෆේස් බුක් ගිණුමක් ආරම්භ කළාය. එහි ඡුායාරූපය ලෙස තම ඡායාරූපය නොදැමූ ඇය කළේ අන්තර්ජාලයෙන් ම සොයාගත් වෙනත් යුවතියකගේ ඡුායාරූපයක් ඇතුළු කිරීමයි.
මේ ඡුායාරූපයට වශී වූ තරුණයෙක් ඇය හා අන්තර්ජාලය ඔස්සේ සංවාදයට පැමිණියාය. මේ කෙටි කතා බහ ක‍්‍රමයෙන් ආදරයක් බවට පෙරළිනි. තිලක්ෂි සිය තොරතුරු ඔහුට නොපැකිලව කීවාය. එහෙත් තම ෆේස් බුක් පෙම්වතා පෙර දැමූ ඡුායාරූපයට වශීවී සිටින බව දත් ඇය තමන්ගේ සැබෑ ස්වරූපය ඔහුට පෙන්වූයේ නැත. ඔහු බැංකු සේවකයෙකි.
තිලක්ෂි හා විවාහ වීමට පෙරුම් පුරමින් සිටි ඔහු සිය දෙමාපියන්ට ද මේ බව කීවේය. පසුව තිලක්ෂිගෙන් තොරතුරු විමසා ඔහු ඇගේ නිවස ඇති ඉසව්ව ද සොයා ගත්තේය. දිනක් ඔහු ඇය සොයා පැමිණියේ සිය දෙමාපියන් ද සමගිනි.
දැන්ම ඒ සඳහා නොයන ලෙස තිලක්ෂි ඔහුගෙන් ඉල්ලා සිටිය ද ඔහු ඊට කන්දුන්නේ නැත. තිලක්ෂිගේ නිවසට ම ආ මේ අමුත්තෝ තමන් සොයන යුවතියගේ ඡායාරූපය පෙන්වා ඇය ගැන විමසූහ. තිලක්ෂි නිවසේ සිටියේ නැත. අම්මා කියා සිටියේ තම නිවසේ එවැනි තරුණියක නැති බවයි. පිරිස ආපසු හැරී ගියහ.
|
මියගිය තිලක්ෂි |
යළිත් තිලක්ෂි සමග අන්තර්ජාලයෙන් හමුවූ මිතුරා තව දුරටත් තිලක්ෂිගේ නිවසේ විස්තර සොයාගත්තේය.
පසුගිය 19 දා මනාලයා සිය දෙමාපියන් ද සමග නිවසට පැමිණියේ ය. තිලක්ෂි දිවගොස් කාමරයේ සැගවෙද්දී මව යළිත් ඉදිරියට පැමිණියාය. පිරිස තිලක්ෂිව සොයයි. කුමන හෝ වරදක් සිදුව ඇතැයි සිතූ තිලක්ෂිගේ මව දියණිය තමන්ගේ නොවන ඡුායාරූපයක් යොදාගෙන ෆේස් බුක් ගිණුම සාදා ඇති බව දැනගත්තාය.
මේ අතර තිලක්ෂි වෙනත් රූපයකින් පෙනී සිටිමින් තරුණයා නොමග යැවීම සම්බන්ධනේ පැමිණ සිටියෝ තිලක්ෂිටත් බැණ වදිමින් ආපසු ගියහ. ඔවුන් යද්දී ගමේ ගොඬේ කිහිප දෙනෙකුටත් මේ බව කියා ඇත.
තිලක්ෂිගේ මේ ෆේස් බුක් කතාවට ඇය මවගෙන් ද හොඳටම බැණුම් ඇසුවාය. ගමේ ද එය ලැව්ගින්නක් සේ පැතිර යද්දී ඇය දැඩි තීරණකට එළඹුනේ සියල්ල අවසන් කිරීමට ඉටා ගනිිමිනි.
පසුදිනය උදාවිය. ගමේ පැතිර යන කතාවෙන් ඇය දැඩි සේ ලජ්ජාවටත් කම්පාවටත් පත්ව සිටියාය. රැුකියාවක් නොකර නිවසේ සිටින මව පී.එම්.කුසුමාවතී මහත්මිය (43) ගේ අවධානය වෙනතකට යොමු වනතුරු කල්යල් බලමින් සිටි ඇය නිවෙසේ තිබූ සාරියකින් ගෙල වැළලා ගත්තාය. මෙය තවත් සියදිවි නසා ගැනීමකි.
තිලක්ෂිගේ පියා කේ.කේ. සුමතිරත්න මහතා දැන් (46) වැනි වියේ පසුවෙයි. ගමේ පාසලට ගිය තිලක්ෂි ගාල්ල නගරයේ පාසලකට යැවූ ඔහු අන් දරුවන් දෙදොනාට ම වඩා තිලක්ෂි ගැන බලාපොරොත්තු තියා ගත්තේ ඇය ඉගෙනුමට දක්ෂයකු බැවිනි. නමුත් දැන් ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඇගේ මව කුසුමාවති මෙසේ පවසයි.
‘‘ දුව වෙන කෙනෙකුගේ ඡුායාරූපයක් දාගෙන ඉඳලා තියෙන්නේ එයාගේ ඡුායාරූපයක් දැමූ විට හැමෝම දැනගන්න නිසා. ඒත් අන්තිමේ දී මේ දරුවට වුණේ ජීවිතයෙන් සමුගන්න. අපේ දුව වරදක් කරලා නැහැ. එයා හැංගී සිටියා. දුව එපා කියද්දී තමයි අර දරුවා අම්මලා තාත්තලා එක්ක දුව බලන්න ඇවිත් තියෙන්නේ. අපේ එක්කෙනා ඒ වගේ දරුවෙක් එනවා කියලවත් අපිට කිව්වේ නැහැ. අනේ මම එහා මෙහා වෙනකන් ඉඳලා මේ දරුවා කරගත්තු දෙයක්. මම හිටියානම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. ’’ යනුවෙන් අම්මා පවසයි.
ගෙල වැළලාගෙන සිටි තිලක්ෂි ඇල්පිටිය මූළික රෝහලට ගෙන යනවිටත් ඇය මියගොස් සිටියාය. මේ සියදිවි නසා ගැනීම ද ෆේස් බුක් හේතුවෙන් මරු වැළඳගත් පාසල් සිසුවියකගේ ගොන්නට වැටී තිබේ.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
‘‘ ෆේස් බුක් කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක්. එවැනි දේ තුළින් මිතුරන් හඳුනාගන්නවා. එය වරදක් නොවේ. ඇය එහි වෙනත් අයකුගේ ඡුායාරූපයක් යොදා සැ`ගවී සිටි බව කියනවා. කෙසේ වෙතත් ක්ෂණික ආවේගයක් නිසා හෝ දීර්ඝ කාලයක් තිබූ විශාදය වැනි රෝගයක් හේතුවෙන් සියදිවි නසා ගැනීමට ඉඩ තිබෙනවා. මෙවැනි දෙයක් වැළැක්විය හැකිවන්නේ සියදිවි නසාගන්නා පුද්ගලයා එවැනි දෙයකට පෙළඹී සිටින බව හඳුනාගැනීමෙන් ම පමණයි. ඇයට මේ අවස්ථාවේ නිසි උපදෙස් ලැබුණානම්, මග පෙන්වීමක් තිබුණා නම් මේ වගේ අවාසනාවන්ත සිද්ධියක් නොවීමට ඉඩ තිබුණා.’’
|
තිලක්ෂිගේ නිවස |
වෛද්‍ය රූමි පවසන්නේ ෆේස් බුක් වෙබ් අඩවියේ වරදක් නොමැති බවයි. එවැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කිරිමට අප සමාජය පුරුදු විය යුතු බව ද වෛද්‍යවරයා කියා සිටියි. වරද ඇත්තේ ෆේස් බුක් වෙබ් අඩවියේ නොව එය භාවිතා කරන්නන්ගේ සිතුවිලි මත බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් ගැන නිසි අවදානෙන් හිටියා නම් මෙහෙම වෙන්නේ නැනේ.මේවා කටත් හොද පාඩම් (අ)
වරද මුණුපොතේ නොවෙයි ලමයි දෙන්නගෙමයි මුණු පොතෙන් හමු උන කෙනෙකුට තමන්ගෙ ලිපිනය දිමත් පිරිමි ලමයා මේ ගැන හරියට හොයන්නෙ නැතිව දෙමාපියන් එක්ක පැමිණිමත් කොහොම උනත් අපිට තවත් වටිනා ඡිවිතයක් අහිමි උනා.(නදී)
මෙවැනි අසත්‍ය නම් වලින් පින්තුර වලින් පේස් බුක් ගිණුම් පවත්වාගෙන යන අය ගොඩක් ඉන්නවා. අපේ මිනිස්සු කරන්නේ ජාතයන්තර නීති උල්ලංගනය කරන දේවල්. මොවුන්ට වහා දඬුවම් කල හැකි නීති රටේ ස්ථාපිත කරන්න. නොදැනුවත්නම් මගෙන් අහන්න.(නදී)
ව්‍යාජ ෆොටෝ එකක්ද කියල සැක නම් පින්තූරය බාගෙන ගූගල් එකේ ඉමේජ් එකෙන් සර්ච් කරා නම් ඒ වගේ වෙන ෆොටෝ නෙට් එකේ තියනවා නම් එනවා. එක ෆොටෝ එකක් දැකල මුකුත් හොයන්නේ බලන්නේ නැතුව බඳින්න හොයාගෙන ආපු එකා නම් පිස්සුම යකෙක්.(නදී)
මැද පෙරදිග සේවය කරන මාද පාලුව මකා ගැනීමට පේස්බුක් භාවිතා කරමි.(නදී)
තමන්ගේ ජීවිතය නිකන්ම විනාශ කරගන්නවා.(නදී)
කොච්චියට බෙල්ල තියනවා කියල කොච්චි තහනම් කරන්නේ නැහැනේ (අ)
දුකයි මේවා අහද්දි
මොන මගුලක්ද මුන් ඔක්කොම එල්ලිලා මැරිලා බුකිය වහල දැම්මොත් අපිටත් යනෙනමන් නැති වෙනවා. (අ)
පේස් බුක් එකේ ගොඩක් හොරු ඉන්නවා.(නදී)
මට නම් කියන්න තියෙන්නේ දෙන්නම මෝඩයෝ කියලා විතරයි. (නදී)
ෆේස්බුක් තහනම් කලත් එවැනි වෙනත් මිතුරු සමාජ අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාලයේ තිබෙන නිසා ෆේස්බුක් තහනම් කරන්නට යයි කීම මෝඩ කතාවක්. (අ)
කොල්ලගේ වරදකුත් නෙහෙ මොකද අවේ අම්ම තාත්ත එක්ක .කෙල්ලගේ මෝඩ කම (අ)
මේ ළමයත් ලස්සනයිනේ. එයාගෙම ෆොටෝ එක දැම්මත් කොල්ලෙක් අල්ලගන්න තිබුණා. කොහොම වුනත් එයා කොල්ලට කලේ වංචාවක්. දරු කැක්කුමට කතා කලාට අම්මා කියන දේ සම්පුර්ණයෙන්ම වැරදියි. තව කලක් ගිහින් හරි කොල්ලා ගෙදර එන දාට වුනත් වෙන්න තිබුනේ දිවිනහගන්න එකමයි. කගේ වුනත් ජීවිතය විවාහය සමග සෙල්ලම් කිරීම වැරදියි. (අ)
අනුවන ළමයි (දී)
මේකට ෆේස්බුක් තහනම් කරලා බැහැ (දී)
ගමට තාක්ෂණය ගෙනිච්චාට මදී. උන්ගේ මොළෙත් හදන්න ඕනේ.මේ ළමයට මැරෙන්න කිසිම හේතුවක් නැනේ. (අ)
ෆේස් බූක් විතරක් නෙමෙයි ලංකාවේ පෙට්රෝල් එහෙමත් තහනම් කල යුතුයි. දැන් බලන්න මේ ඊයේ පෙරේදා හාමුදුරු කෙනෙකුත් පැට්රොල් වක්කරගෙන දිවිනසාගත්තා. ඒ නිසා වහාම බලපාන පරිදි පැට්රල් ලංකාවට ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම තහනම් කල යුතුයි. ගමනාගමන කටයුතු පහසුව සඳහා පාර දෙපස වැල් ඇදීමෙන් එම වැල් වල එල්ලී එල්ලී ටාසන්ල වගේ ගමන් කිරීමෙන් අපට ඓස්චාර්ය කරා ඉක්මනින් ළගා විය හැකිය.(නදී)
නදී හරි මුණත් එක්කලා තරහ වෙලා නහය කපාගන්නේ මොකටද? (දිල්)
හැම දෙයක්ම කල්පනාකාරීව බලන්න ඕනා.(නදී)
මේ ළමයාගේ වරදක් නැති වෙන්නේ කොහොමද? වංචා සහගතව කටයුතු කල නිසා තමා පිරිමි ළමය ගෙදරට ආවාම මුහුණ නොදුන්නේ. තමන්ගේ කල්ක්‍රියාවේ මිසක් මේක ෆේස් බුක් එකේ වැරද්දක් නෙවේ.(නදී)
ලංකාවේ තව කි දාහක් මෙහෙම සැඟවී ඇතිද (දී)
අද අන්තර්ජාලය දියුණුවීමත් සමග බොහෝ වෙබ් අඩවි නිර්මාණය වී ඇත. ලංකාවේ බොහෝ දෙනෙක් යන්නේ "ෆේස්බුක් " විතරයි. තමන්ට ඕනෑම ප්‍රශ්නයකදී අනෙක් අයගේ උපදෙස්, මත විමසීමට පවා "http://answers.yahoo.com/" වෙනි වෙබ් අඩවි නිර්මාණය වී ඇත. ජීවිතය එපා උන පුද්ගලයින් පවා තම ප්‍රශ්න යොමු කර අන් අයගේ වටිනා උපදෙස් ලබා කරදර වලින් මිදුන අවස්ථා දක්නට ඇත. (දී)
මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ඇත්තටම හරිම කණගාටුදායක තත්වයක් මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ මුහුණත් පිටුව සෙල්ලම් පිට්ටනියක් කියලා .ඒ වරදවා අවබෝද කර ගැනීම කොපමණ දරුණුද කියල තේරෙනකොට ගොඩ දෙනෙක් ජීවිතෙන් සමු අරගෙන ඉවරයි. කාටවත් දොස් කියල වැඩක් නැහැ තමන් හරියට තේරුම් අරගෙන පාවිච්චි කරනවානම් මුහුණත් පිටුව හරිම වැදගත් තැනක්.(නදී)
මියගිය තරුණියට වැඩිය මේ තරුණයා රට මෝඩයෙක් වගේ. වැඩි විස්තර හොයලා බල්ලනේ නැතුව , එක රූපයක් විතරක් දැකලා බඳින්න තීරණය කරලා තියෙන්නේ.(නදී)
මව්පියන් දරුවන් ගැන අවධානය යොමු කළා නම් මෙහෙම වෙන්නේ නෑ (දිල්)
පේස් බුක් කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.(නදී)
මෝඩ කෙල්ලන්ගේ හැටි.(නදී)
මේකට අත්අඩංගුවට ගතයුත්තේ කාවද ?ඇයි ළමා රක්ෂණ අද්ධිකාරිය මේවාට නසි විසදුමක් නොගන්නෙ (දිල්)
ෆේස් බූක් කියන්නේ..අජීවී දෙයක්.මෙතන මම නම් ෆේස් බූක් එකේ වරදක් දකින්නේ නැ.මොකද මුළු ලෝකෙම ෆේස් බූක් පාවිච්චි කරනවා. මේක මෝඩ විදියට පාවිච්චි කරලා එක තමන්ගේ පුද්ගලික ජීවිතේට බලපැවම එකට ෆේස් බූක් පාලි නැ. මේක ඇත්තටම පුද්ගලික ප්‍රශ්නයක්,පළිගැනීමේ චේතනාවෙන් ෆේස් බූක් පාවිච්චි කරපු බවව්ක් තමයි මට නම් හැගෙන්නේ.(නදී)
කරන්න ඕන ෆේස්බුක් ගැන හිතන එක නෙවෙයි. මේ වගේ මානසිකව බිඳවැටුනු , මේ වගේ ප්‍රශ්නයට මුහුණු දුන්නු කෙනෙක්ට උපකාර කෙරෙන ක්‍රමයක් පටන් ගැනීමයි. මේ ගැන පත්තර වල මං දැක්කේ නැතත් මෙන්න මේ තැන නම් තිබුණා . මෙතනට දැම්මේ වැඩක් ඇති කෙනකේ වත් මේක බලල වැඩක් ගනීද බලන්න.(නදී)
දැන් ඉන්න ගැහැනුන්ගේ දරාගැනීමේ ශක්තිය රින බවත් කරන්නෙම මෝඩ වැඩ බවත් මේ වගේ මෝඩ වැඩකට නැති සිද්දි වලින් තේරෙනවා. අම්මා තාත්තා මුන්ව හදන්නේ එල්ලිලා මැරෙන්නද? මේ තරම් තේරුම් ගන්න බැරි අය එල්ලිලා මැරිලම යන එක හොදයි. මොකද ඉදිරියේදී තව මොනවයින් මොනවා වෙයිද... තාක්ෂනය තෙරුන් ගන්න බැරි පිරිසක්.(නදී)
මේ ළමයා රැවටිලිකාරියක්.(නදී)
වරද පේස් බුක් එකේ නෙමෙයි තියෙන්නේ. මිය ගිය අය කල වංචාවයි බොරුවයි.(නදී)
දැන් ඉතින් මේකටත් පේස් බුක් තහනම් කරපල්ලා කියයි.(නදී)
අද කාලේ ගොඩක් ළමයින්ට ඉන්නේ අම්මයි තාත්තයි නෙවෙයි...මහ එකයි මහ ගෑනියි.....ඒකයි මේවා මෙහෙම වෙන්නේ....(නදී)
මෙවැනි දේවල් වලට පේස්බුක් තහනම් කරනවා කියන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුව වගෙයි.(නදී)
කොල්ලත් මෝඩයි කෙල්ලත් මෝඩයි.(නදී)