මිනිසා ගින්දර තම ප‍්‍රයෝජනයට ගැනීමට පුරුදු වී ශතවර්ෂ ගණනාවක් ගතවී තිබේ. එසේ වුව ද ගින්දර තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාලනය කිරීමට කිසිදු
හැකියාවක් නැත. ගිනි දැල්වීමට නම් යම් මාධ්‍යයක් උපයෝගී කැර ගත යුතුය. එහෙත් කිසිදු මාධ්‍යයක් නොමැතිව යමක් දෙස බලා සිටීමෙන් එය දවා හළු කළ හැකි දැරියක් වියට්නාමයේ ජීවත් වන්නීය.
ඇය තවමත් 12 වැනි වයසේ පසුවන්නියකි. ලොව පුරා භෞතිකවාදීනගේ සහ මනෝ විද්‍යාඥයන්ගේ අවධානය ඇය කෙරෙහි යොමු වී පර්යේෂණ ගණනාවක් සිදු වුව ද තවමත් ඇයගේ හැකියාව පිළිබ`ද නිශ්චිත තීරණයකට එළඹීමට හැකි වී නැත. ඇතැම් මනෝ විද්‍යාඥයන් පවසන්නේ එය ඉතා දුර්ලභ මානසික රෝගයක් බවයි.
වියට්නාමයේ හෝ චි මිං නගරයේ ජීවත් වන ඇයට දහස් ගණනක පිරිසක් බලා සිටිය දී ඕනෑම වස්තුවක් ගිනිදැල්වලින් වසා පුළුස්සා දැමීමට හැකියාව ඇත. පසුගිය වසර කිහිපයක් පුරා ඇගේ නිවසේ ඇතැම් දේ හදිසියේ ම ගිනි ගැනීමත් සමග ඇගේ පියාගේ අදහස වූයේ විදුලි කාන්දු හේතුවෙන් මෙලෙස ගිනි ඇවිලෙන බවයි.
ඇගේ පියා ඒ ගැන මෙසේ පවසයි.
‘‘ගෙදර නොයෙක් උපකරණ වරින් වර ගිනි ගත්තා. අපිට බලවත් සැකයක් තිබුණා විදුලි කාන්දුවක් නිසා මේ ගිනි ගැනීම් සිදුවෙනවා ද කියා. නමුත් කාර්මිකයන් ගෙන්වා පරීක්ෂා කළ විට එසේ නොවන බව තහවුරුකැර ගැනීමට හැකියාව ලැබුණා. පසුව මා එක් දිනක් දුටුවා දුව විදුලිය නොමැතිව තිබූ බල්බයක් දෙස බලා සිටිනවා. ඒ අවස්ථාවේ එය හදිසියේම ගිනි ගත්තා. මා දන්නවා ඇය එය ගිනි තැබීමට කිසිදු උපකරණයක් භාවිතා නොකළ බව. නමුත් මේ ගින්නත් දුවත් අතර සම්බන්ධයක් තිබෙන බව දැනගෙන මම ඇය ගැන වඩාත් හො`දින් නිරීක්ෂණය කළා. පසුව පෙනී ගියා ඇය යමක් දෙස මොහොතක් බලා සිටීමෙන් එය ගිනි තැබිය හැකි බව. වෙනත් නිවසක බල්බ දෙස බලා සිටියදී ඒවා ගිනි ගත්තා. ප‍්‍රධාන විදුලි පේනුව දෙස බලා සිටිය දී එය පුපුරා විනාශ වූවා.’’
|
ගිනි ගත් විදුලි පංකාවක් |
|
දැරිය සිටි කාමරයක් ගිනිගෙන ඇති අයුරු |
|
තුන්වැනි මහලේ ඇති වූ ගින්න |
|
දැරිය සම්බන්ධ පර්යේෂණ සිදුකළ මහාචාර්ය හන්ග් |
|
මේ දැරිය පිළිබ`ද පුවත් ලෝකය පුරා සීඝ‍්‍රයෙන් පැතිරෙන්නට වූයේ 2012 වර්ෂයේ දී ය. ඇය සිය දක්ෂතා පෙන්වීම ස`දහා එක් ස්ථානයක ගිනි ඇවුළවූ විට ඒ ගින්න නිවාගත නොහැකි අයුරින් පැතිරගොස් ප‍්‍රදේශයක් ම දවා හළු වී දැඩි විනාශකාරී බවක් ද ඇතිවී තිබිණි.
වරක් සිය දෙමාපියන් සමග වෑන්ග්ටෝ වෙරළේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවක දී සිදුවූයේ බලවත් අකරතැබ්බකි. දිනක් ඇය නිදා සිටි ඇෙ`ද් මෙට්ටය, විදුලි පංකාව යනාදී උපකරණ කිහිපයක් ඇය බලා සිටිය දී ම ගිනි ගත්තේය. වරක් ඇය එම නිවාඩු නිකේතනයේ වැසිකිළියේ සිටිය දී වැසිකිළි අසුන ගිනිගෙන අළු වී ගියේය.
2013 මැයි 12 දා ඇය ජීවත්වන මහල් නිවසේ තුන්වැනි මහළ ගිනි ගත්තේ ඒ නිවාස සංකිර්ණයේ සැවොම බියපත් කරමිනි. දැන් ඇගේ දෙමාපියන්ට සිදුව ඇත්තේ මේ දැරිය නිදන අවස්ථාවේ දී පවා ඇගේ ඇ`ද වටා තෙත රෙදි හා වතුර බාල්දි තබාගෙන නිතර සෝදිසියෙන් සිටීමටයි.
‘‘මගේ දුව යමකට ගිනි තබන අවස්ථාවේ එයාගේ සිරුරෙන් කිසිදු ආකාරයක ගිනි දැල් ඇතිවන්නේ නැහැ. කිරණයක් නිකුත්වන බවක් ද පෙනෙන්නේ නැහැ. මෙය මහා පුදුමාකාර දෙයක්. ඇතැම් අවස්ථාවලදී ඇගේ ඇ`දුම් පවා ගිනිගන්නවා. අපිට බය තිබෙන්නේ මේ හේතුව නිසා ඇගේ ජීවිතය අහිමිවේ යැයි කියා. ’’
පසුගිය දා වියට්නාමයේ හෝන්ස් බෑංග් විශ්වවිද්‍යාලයේ භූ ජෛව ශක්තීන් සම්බන්ධ පර්යේෂණ අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් මේ දැරිය පිළිබ`ද පර්යේෂණ කළහ. ඔවුන් කියා සිටියේ ඇගේ සිරුරේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් හටගන්නා බව තමන්ට පෙනී යන බවයි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නෙයුන් මාං හන්ග් පවසන්නේ අවට තිබෙන දේවල්වලට ගිනි අවුලූවන්නට හෝ වෙනත් තාපයක් ආරෝපණය කරන්නට හෝ මේ දැරියට අසාමාන්‍ය හැකියාවක් තිබෙන බවයි.
මහාචාර්ය හන්ග් මෙසේ පවසා ඇත.
‘‘අපි දැරියගේ මොළය පරීක්ෂාවට ලක්කළා. මොළය ස්කෑන් කළ අවස්ථාවේ එහි දකුණු පැත්තේ ඉතා අසාමාන්‍ය රේඛාවක් දක්නට ලැබුණා. ඇයට තමන් අවට ළ`ග ඇති දේ පමණක් නොව ඇතැම් විට බොහෝ දුර ඇති දේ පවා ගිනි තැබීමට හැකියාවක් තිබීම පුදුම සහගතයි. ’’
මානව හැකියාවන් සම්බන්ධ පර්යේෂණ රැුසකට මේ දැරිය යොමු කිරීමෙන් පසු එවැනි පරීක්ෂණ පැවැත්වූ පර්යේෂකයන් පවසන්නේ මේ දැරියගේ හැකියාව දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක දත්ත අනුව තේරුම්ගත නොහැකි බවයි.
ඔවුන් ඇගේ රුධිරය, සමේ පටක, මුත‍්‍රා මෙන්ම ඇය ගිනි තබන ලද ද්‍රව්‍යයන් හි අවශේෂ පරීක්ෂාවට ලක් කැරිණි. 2013 ඔක්තෝබර් අග භාගයේ වියට්නාමයේ ඇයගේ හැකියාව සම්බන්ධ විශේෂ සමුළුවක් ද පැවැත්වීමට මානව හැකියා පර්යේෂණ සංගමය කටයුතු කරන ලදී. එහිදී පර්යේෂකයන් වැඩිම අවධානයක් යොමු කළේ මේ දැරියගේ මොළය හා සිරුර වඩාත් හොදින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙනි.
විද්‍යාඥයන් පවසන්නේ ඇගේ මොළයේ දකුණු පැත්තේ ඇති අසාමාන්‍ය රේඛාව රත් පැහැයෙන් බබලන බවයි. නමුත් ඇගේ සිරුරට තිරුවානා ගල් කැබලි ළං කරන අවස්ථාවේ දී මේ රේඛාව අතුරුදන් වන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. එලෙස තිරුවානා ගල් ළං කළ විට ඇය අසනීප බවක් පෙන්වන අතර විදුලිසැර වැදුණු අයකු මෙන් වේදනාවෙන් ද`ගලන බවත් වෛද්‍යවරු පවසති.
දැරියගේ පියා පවසන්නේ තම දියණිය වයස අවුරුදු තුනේ දී බරපතළ අනතුරකට මුහුණ දුන් බවයි. මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ එම අනතුරේ යම් බලපෑමක් හේතුවෙන් ද යන්න සොයා ගැනීමට ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත. කෙසේ වෙතත් වියට්නාම රජය මේ දැරියගේ අනන්‍යතාව හෝ දැරිය නිශ්චිතව හ`දුනාගත හැකි ආකාරයේ ඡුායාරූප මාධ්‍යයට නිකුත් නොකිරීම ද විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පුදුමයි ''ඒත් '' ඒක එයාට විපතක් ගෙනෙන දෙයක් වේවිද...?අනෙක තමයි චන්ද්‍රාගේ කතාව ඔව් චන්ද්‍ර ඒක කරන්න පුලුවන්නම් ලොකු දෙයක් ...!!(දී)
අපේ රටේ දේශපලඥයෝ ටික මෙයාටවත් බයවෙයිද? (නදී)
මෙවැනි හැකියාවක් මටත් ලැබෙනවා නම් සිංහල බොදු අයිතිය ගැන මේ තරම් ලතවන්නේ නැහැ.
මේ රටේ දේශපාලකයෝ විනාශ කරන්න ඕනෑ කියන එක නම් මම අනුමත කරන්නේ නැහැ.හේතුව දේශපාලකයෝ විනාශ කළා කියලා අපිට ලැබෙන දෙයක් නැහැනේ. කොහොමහරි මේ ළමයාගේ මේ අපූරු හැකියාව ලොකු විනාශයකට හේතුවක් වෙන්න පෙර පාලනය කළ යුතුයි (නි)
ගොඩ බිම ඉඳන් බලල තෙල් ගන්න අපු චීන නැව් ටික ගිනි තියන්න පුළුවන් නේ, එතකොට කව්රුත් දන්නේ නැහැනේ. (ස)
පුදුම දෙයක්.(නදී)
frozen නමැති ජනප්‍රිය චිත්‍රපටය මේ "අනුභාවයට" මුලාශ්‍රය සැපයු බවයි මගේ අදහස. (ස)
අනේ චන්ද්‍රාගේ කතාව මසුරං. සුමන ඔබගේ අදහසත් ඉතාමත්ම වටිනවා. (නදී)
මැද පෙරදිග යවලා අල්කයිඩා කාරයෝ ටික පෙන්වන්න. ලංකාවට ගෙනත් දේශපාලකයෝ පෙන්වන්න. (ස)
කොහමහරි ලංකාවට ඔය දැරිවිව ගෙන්නලා මේ රටකන දේශපාලකයෝ ටික පුච්චලා දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. (අ)
විශේෂ හැකියාවක් මානසික රෝගයක් වෙන්නේකොහොමද? ඔය වගේ කතා අර රුසියාවේ හිටිය හැරී හව්දිනි සහ යුරි ගෙලර් ගැනත් අහල තිබෙනවා.ඒ උදවිය මිනිසුන් අතර සුවිශේෂයි.(ස)
ඔය වගේ දේවල් කාලෙන් කාලෙට මතුවෙනවා. ඇත්ත එළිවෙද්දී යට පත් වෙනවා.(නදී)
අහනකොටත් පුදුමයි. අනේ මන්දා! (නි)
ලංකාවට ගෙනල්ලා ලංකාවේ දේශපාලකයෝ ටික පෙන්නන්න. (නදී)
තව නාමයක් හිටියෝත් ලෝක විනාශය තමා
ඇත්තටම ඕක සුලු දෙයක්...එක කේලමකින් මුලු ගමක්ම ගිනි තියන්න පුලුවන් අය ඉන්නෙ. (ස)
චන්ද්‍රාගේ කතාවට මන් 100% ක්ම එකගයි .(නදී)
මෙයාව ලංකාවට ගෙනල්ල අර ස්ත්‍රී හා ළමා දුෂකයෝ ටික මොහොතක් පෙන්නන්න ඇත්නම්.එයාලට නිතිය ක්‍රියාත්මක කරගන්න බැරුව දඟලනවනේ. (ස)
ගොඩක් භයානකයි. (ස)
මෙවැනි අද්භූත බලවෙග ටික කලකින් නැතිවී යාවි.ඕනම ගණිත ගැටලුවක් විසඳන්න පුලුවන් පොඩි පිරිමි ළමයෙක් ගැන මීට පෙර අසන්නට ලැබුණා. දැන් ඒ දරුවා ගැන ආරංචියක් වත් නැහැ. (ස)