IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මහින්ද ආපසු ගෙන ආ මෙහෙයුම

04_SLMA_P8_Back  

 

”මහින්ද ආපහු ඡන්දෙ ඉල්ලන්න එන්නේ නෑ. ඒක ස්ථිරයි” අතුරලියේ රතන හිමියෝ එසේ ප‍්‍රකාශ කළහ.

 


”මහින්ද මේ රටේ මන්ත‍්‍රී කෙනෙක් වුණා. ඇමැති කෙනෙක් වුණා. විපක්‍ෂනායක වුණා. අගමැති වුණා. දෙපාරක්ම රටේ ජනාධිපති වුණා. ආයිමත් මන්ත‍්‍රී කෙනෙක් වෙන්න ලජ්ජා නැද්ද? ඒ නිසා මහින්ද ආපහු එන්නේ නෑ.” ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න එසේ කීවේය.

 


”මහින්දව ඉල්ලන්නේ මහින්ද නැතිව නැගිටින්න බැරි දේශපාලන අනාථයෝ ටිකක්. රාජපක්‍ෂලාට නැවත මේ රටේ දේශපාලනයේ ඉඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කීවේය.


”අපේ ජීවිත කාලය තුළදි මැදමුලනේ බල්ලෙක්වත් ආයිමත් පාර්ලිමේන්තු එන්නේ නැහැ.” එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැති මංගල සමරවීර කීවේය.
එහෙම කතා ඇසෙන විටත් ”මහින්ද සමග නැගිටිමු” යන තේමාව යටතේ රැස්වීම් මාලාවක් රට පුරා පැවැත්වෙමින් තිබිණි. එයට නායකත්වය දුන්නේ දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන සන්ධානය නියෝජනය කරන දේශපාලන නායකත්වයයි.


ආරම්භක රැලිය පැවැතියේ නුගේගොඩය. වාර්තාගත ජන ගඟක් එයට ගලා ආවේය. ඒත් මහින්ද රාජපක්‍ෂ ආවේ නැත. මහනුවර රැුලියට, කුරුණෑගල රැලියට, රත්නපුර රැලියට මහින්ද ආවේ නැත. මාතර රැලිය ආසන්නයට මහින්ද ආවා මිස වේදිකාවට ගොඩවූයේ නැත.


”මහින්ද ඊළඟ ඡුන්දෙට එනවානම් වේදිකාවට නගින්න එපැයි. වේදිකාවට එන්නෙ නැති එකෙන් පේන්නෙ මහින්ද ඊළඟ ඡන්දෙට එන්නේ නැහැ කියන එකයි.” සමාජගත වෙමින් තිබුණේ එබඳු මතවාදයකි. සාමාන්‍ය ජනයා අතරද ඒ මතය මුල් බැස යමින් තිබිණි.

 

6565


මැතිවරණයකට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්දගෙන් නිශ්චිත පිළිතුරක් ලැබීමේ වැදගත්කම මතු වූයේ මෙම පරිසරය තුළය. එහෙත් මහින්ද ඉඟි දුන්නා විනා නිශ්චිත උත්තරයක් දුන්නේ නැත.


ඉකුත් 26 වැනිදා සිකුරාදා මධ්‍යම රාති‍්‍රයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරුණේ ඔය අතරවාරයේදීය. මහින්දගේ තීරණය ප‍්‍රකාශයට පත් කිරීම තවත් පමා කළ හැකි නොවීය.


”ජුලි 1 වැනිදා මහින්දගේ තීරණය මැදමුලනේදි ප‍්‍රකාශයට පත් කරනවා” මහින්දගේ පාර්ශවයෙන් එබඳු ප‍්‍රවෘත්තියක් එළියට පැන්නේය.


මේ වනවිට මෛත‍්‍රී - මහින්ද අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා නොයෙක් කමිටු කි‍්‍රයාත්මක වෙමින් තිබිණි. එහිදී වඩාත් වැදගත්ම කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේ ජනාධිපති මෛතී‍්‍ර ඉදිරිපිටදීම පදනම් ආයතනයේදී පිහිටුවා ගත් කමිටුව වේ. සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර යාපා, ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා හා ටී.බී. ඒකනායක යන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ එම කමිටුවට අයත් වූහ. මහින්ද රාජපක්‍ෂ මැතිවරණ සටනට දායක කරගන්නේ කෙසේද යන්න සාකච්ඡුා කිරීම කමිටුවේ ප‍්‍රධාන අරමුණ බවද ප‍්‍රකාශයට පත්විය. මෙම පුවත ඊළඟ මහ මැතිවරණයෙන් ජයගැනීමේ පිපාසයෙන් පෙළෙන ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් අමන්දානන්දයට පත් කළ ප‍්‍රවෘත්තියක්ම විය.


”මහින්දට අගමැති අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නැහැ. නාම යෝජනා ලැබෙන්නේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් නම් කරන්නෙත් නැහැ”. එසේ ප‍්‍රකාශ කළේ ඇමැති රාජිත සේනාරත්නය. බලවේග නැවතත් නොසන්සුන් වූයේත් දෙගිඩියාවට පත් වූයේත් එම පරිසරය තුළය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා ගෙන්ද මහින්දට එරෙහිව වාග් ප‍්‍රහාර නොනැවතී එල්ලවීම තුළ ශ්‍රීලනිපයේ මහින්දට ඉඩක් නොමැති බවට ඉඟි සැපයුවේය.


කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවන බව මහින්ද රාජපක්‍ෂ බ‍්‍රහස්පතින්දා වනවිට ස්ථිර වශයෙන්ම දැන සිටියේය. ඔහු ඒ බව තමන්ගේ දේශපාලන සගයන්ටද දැනුම් දුන්නේය. එහෙත් ඇතැමෙක් ඒ බව පිළිගැනීමට මැළි වූහ.


”ඔය වගේ ආරංචි කොච්චර ගියාද සර්” එක් දේශපාලන සගයෙක් කීවේය.


”නෑ නෑ මේක මමනේ කියන්නේ. ඒ ආරංචිය ස්ථිරයි” මහින්ද කීවේය. සියල්ල සැලසුම් කර අවසන් කළ යුතු බව ඒ අනුව තීරණය විය.


මහින්ද රාජපක්‍ෂ කී පරිදිම සිකුරාදා මධ්‍යම රාති‍්‍රයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි.


සෙනසුරාදා හිමිදිරියේ සිටම මහින්ද පාර්ශ්වය කාර්යබහුල වීමට පටන් ගත්තේය. මහින්දගේ නුගේගොඩ මිරිහානේ පිහිටි නිවෙසට මහින්දගේ දේශපාලන කමිටුවේ නියෝජිතයෝ පැමිණෙන්නට වූහ. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලූත්ගමගේ, ටී.බී. ඒකනායක, සාලින්ද දිසානායක, ජනක බණ්ඩාර සහ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග එම දේශපාලන කමිටුවේ නියෝජිතයෝ වෙති.


උණුසුම් තේ කෝප්පයකින් සප්පායම් වෙමින් ඔවුහු දීර්ඝ දේශපාලන සාකච්ඡුාවකට මුල පිරූහ. මහින්ද රාජපක්‍ෂ මහ මැතිවරණයට ඉදිරිපත්වෙන බව රටට ප‍්‍රකාශ කළ යුතු බවත්, ඒ සඳහා අධි ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජුලි 1 වැනිදා යොදාගත යුතු බවත් එම ප‍්‍රකාශය කළ යුත්තේ මැදමුලනේදී බවත් තීරණය වූයේ එම සාකච්ඡුාවේදීය.


මැතිවරණය තරග කරන ආකාරය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරිණි. එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරග කළ යුතු බවත්, ඒ සඳහා හැකි සෑම වෙහෙසක්ම දැරිය යුතු බවත් මෙහිදී තීරණය කෙරිණි. එම උත්සාහයන් සියල්ල අසාර්ථක වුවහොත් පමණක් විකල්පයක් ගැන සිතිය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.


බදාදා දිනය උදාවිය. හිමිදිරිය වනවිටත් මැදමුලනම මහා ජන සන්නිපාතයකින් වැසී ගියේය. ඒ ජනයා අත මහින්ද රාජපක්‍ෂගේ රූප රැගත් පෝස්ටර් විය. රටේ සිවු දෙසින් මැදමුලනට පැමිණි ජනයා නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ටත් මහින්ද සමීපයට යා නොහැකි විය.


මහින්ද රාජපක්‍ෂට සිය තීරණය දැනුම් දීම සඳහා විශේෂ පීඨිකාවක් ඉදිකර තිබිණි. එම විශේෂ පීඨිකාවට ගොඩවූයේ මහින්දට අමතරව පෙර කී දේශපාලන කමිටුවේ නියෝජිතයන් හා හිටපු කතානායක චමල් රාජපක්‍ෂත් හිටපු අග විනිසුරු සරත් සිල්වාත් පමණි.


දසතින් නැගෙන ජය ඝෝෂා නිසා මහින්දට සිය ප‍්‍රකාශය කිරීමට සෑහෙන මහන්සියක් ගැනීමට සිදුවිය. අවසානයේදී එයට මැදිහත් වීමට විමල්ට සිදුවිය. හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට ඉඩ ලැබෙන පරිදි සන්සුන් වන්නැයි විමල් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


මහින්ද රාජපක්‍ෂ ජනතාව ඇමතීමට පටන් ගත්තේය. එය දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සම්පිණ්ඩනය කළ කතාවක් විය.


”අඩකුඹු වූ ජාතික කොඩිය යළි එසවීමට මා එනවා” යැයි මහින්ද රාජපක්‍ෂ කියන විට අත්පොළසන් නාදයෙන් මෙන්ම රතිඤ්ඤා හඬින් පළාතම ගිගුම් දුන්නේය.


මහින්ද දැන් එන එක ස්ථිරය. එහෙත් එන්නේ කුමන පක්‍ෂයෙන්ද යන්න පිළිබඳව බ‍්‍රහස්පතින්දා සවස් වනවිටත් තීරණය වී නොතිබිණි.


මෛත‍්‍රී - මහින්ද සමගි කරවීමේ කමිටුව රටේ දේශපාලන තත්ත්වය ගැඹුරු විශ්ලේෂණයකට ලක් කර වාසි - අවාසි සියල්ල කිරා මැන බලා වාර්තාවක් සකස් කළහ. එම වාර්තාවෙන් කියවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගි කිරීමට නම් මහින්ද රාජපක්‍ෂට අනිවාර්යයෙන්ම නාම යෝජනා මෙන්ම කණ්ඩායම් නායකත්වයද දිය යුතු බවය.


වාර්තාවන ආකාරයට ජනාධිපති මෛත‍්‍රී එම යෝජනාවට එකඟ වී තිබේ. ජනාධිපති මෛත‍්‍රී සිටියේ බලවත් තෙරපුමකය. එක් අතකින් මහින්ද පාර්ශ්වය සිටී. අනෙක් අතින් මහින්ද විරෝධීහු සිටිති. ජනාධිපති වීමට මෛත‍්‍රීට උදව් කළ එජාපය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන සිටී.


එහෙත් මෛත‍්‍රීට තීරණයක් ගැනීමට නියමව තිබිණි. ඔහු ඉදිරිපිට වූයේ තීරණ දෙකකි. එකක් මහින්දට නාමයෝජනා දීමය. අනෙක මහින්දට නාම යෝජනා නොදීමය. පක්‍ෂයේ සාතිශය බහුතරයක් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්‍ෂට නාම යෝජනා දිය යුතු බවය. නැත්නම් පක්‍ෂය පරාජය වන බවය. පක්‍ෂයේ බහුතරය කියන පරිදි මහින්ද රාජපක්‍ෂට නාමයෝජනා නොදීමට මෛත‍්‍රී කටයුතු කළහොත් ඔහු ඉතිහාසයට එක්වනු ඇත්තේ විජයග‍්‍රාහී පක්‍ෂයක් පරාජයේ අඳුරු ප‍්‍රපාතයට තල්ලූ කළ නායකයා වශයෙනි.


අනෙක් අතට මෛත‍්‍රීට ජනාධිපතිවීමට සහාය පළකළ එජාපය ප‍්‍රමුඛ බලවේග සිටී. ”නැග්ග ඉණිමගට පයින් ගැහුවා” යැයි කීමට ඔවුහු දතකට මදිමින් සිටිති. ඒ අපවාදයෙන් ගැලවිය යුතුය. එහෙත් ඔහුගේ හෘදය සාක්‍ෂියට වඩාත් සමීප වන්නේ පක්‍ෂය පරාජයට පත් කළ නායකයා වශයෙන් ඉතිහාසයට එක් නොවී සිටීමටය.


මෛතී‍්‍ර ඒ තීරණය ගත්තේය. ඒ බව සමගි කමිටුවටද මහින්ද පාර්ශ්වයටද දැනුම් දුන්නේය. ඒ පසුගිය අඟහරුවාදාය.


මෙම පණිවිඩය හිටපු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වා රටට කීවේය. එම ප‍්‍රවෘත්තියෙන් එක්තරා ඇමැතිවරයකු ආවේෂ විය. එම ඇමතිවරයා මෛත‍්‍රී සමග ”මෛතී‍්‍ර පක්‍ෂයෙන් එළියට එනවිටම පක්‍ෂයෙන් එළියට පැමිණි” ඇමැතිවරයෙකි. වාර්තාවන ආකාරයට ඔහු කොළඹ විජේරාම මාවතේ පිහිටි මෛත‍්‍රීපාලගේ නිවෙසට ගොස් විශාල ගෝරනාඩුවක් කර තිබේ. එතැනින් නතර නොවුණු අමාත්‍යවරයා මහින්ද විරෝධීන්ද අමතමින් තම සටනට ඔවුන් සම්බන්ධ කරගෙන තිබේ.


එක් වාර්තාවකින් කියැවුණු ආකාරයට චන්ද්‍රිකා - මෛත‍්‍රී හමුවක් චන්ද්‍රිකාගේ නිල නිවසේ පැවැත්වී තිබේ. එහිදී මෛත‍්‍රීපාලගේ ඇතැම් තීන්දු තීරණ චන්ද්‍රිකා දැඩිව විවේචනය කර තිබේ. ”පක්‍ෂයක නායකයෙක් වුණාම කෙළින් ඉන්න  ඕන” චන්ද්‍රිකා එහිදී කියා ඇතැයි වාර්තා වේ.


මෙම පසුබිම තුළ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා අසීරුතාවට පත්ව තිබේ. කලින් ගත් තීරණය වෙනස් වෙන්නේ මෙම පරිසරය තුළය.
මෙයින් වඩාත් අසීරුතාවට පත්වූයේ මෛත‍්‍රී - මහින්ද සමගි කිරීමේ මෙහෙයුමේ නියුතු කමිටුවය. ඉහත පරිසරය තුළ එම කමිටුව එක් ස්ථාවරයකට ආවේය. එම ස්ථාවරය නම් මහින්දට නාම යෝජනා දීමට මෛත‍්‍රී එකඟ නොවුණහොත් මහින්දගේ පාර්ශ්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවය. එහෙත් පක්‍ෂය සමගි කර ශක්තිමත්ව මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ.

m



අදහස් (0)

මහින්ද ආපසු ගෙන ආ මෙහෙයුම

ප්‍රීතිමාල් Friday, 10 July 2015 11:19 AM

ඔබ තුමා ශ්‍රී ලංකාවට ඕනමයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 12 July 2015 03:53 PM

ඒකාධිපතියෙකුගෙන්/ඒකාධිපති පවුලකින් සහ කල්ලියෙන් , වහල්ලු නිදහස් කර ගත්තම වහල්ලු කියනවලු අනේ අපිට ඒකාධිපතියාගේ/ඒකාධිපති පවුලකින් සහ කල්ලියෙ වහල්ලු වගේ ඉන්න දෙන්න කියල.අපිට ඒකාධිපතියාගේ කකුල් දෙක සිප ගන්න/සපත්තු ලෙව කන්න ඉඩ දෙන්න කියල. ඒකාධිපතිය ආරක්ෂක රථ පිරිවරාගෙන යනකොට කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන්න ඉඩ දෙන්න" කියල.අද ලංකාවේ මොළ හෝදපු හරක් වැඩියෙන් ඉන්න නිසයි මහින්ද වගේ ඒකාධිපතියෙක් නැවතත් බලය අල්ලන්න කරලියට එන්නේ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 12 July 2015 03:55 PM

වැඩියෙන් "මොළ හෝදපු බත් කන හරක්" ඉන්න රටක මොනවද කරන්න බැරි. (බ)

:       0       0

වසන්ත Wednesday, 08 July 2015 08:49 AM

මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජනාධිපතිවරණයෙන් පරාද කලේ මේ රටේ බහුතර ජනතාව. එතකොට මෛත්‍රී ජනාධිපතිතුමා මේ තීරණ ගන්නේ ජනතාවගේ ඕන කමටද..? නැත්නම් රට කාපු දේශපාලනඥයන්ගේ උවමනාවටද..? පක්ෂේ ගැන ඔච්චරම කැක්කුමක් තියෙනවනම් මෛත්‍රී ජනාධිපතිතුමා එලියට බැස්සේ ඇයි..? එතකොට එතුමා ජනාධිපතිවරණයේදී රටේ ජනතාවට මහින්ද ගැන කිවුවේ බොරුද.. /(හේ)

:       0       0

සුමිත් Wednesday, 08 July 2015 02:22 PM

මෛත්‍රී මහණ වුනානම්. ඉවරයි. ඕනෑම රටක දේශපාලනය කියන්නේ දරුණු විදියට. මෛත්‍රී එයාගේ නිහතමානීකම පෙන්වන්න මෙම. තැන සුදුසු. තැනක් නොවේ ,මෙය දිය යටින් ගින්දර ගෙන යෑමක් ,යන්න තපස් රකින්න. ලෝකය හිනස්වන්නේ නැතිව. (බ)

:       0       0

ඩල්සි Wednesday, 08 July 2015 02:21 PM

බෙදනට සිතාගෙන මගෙරට දෙක තුනට යහපාලනය යන බොරුවෙන් ගෙන පෙරට අසරන අපේ සිහලුන් රැවටුනි එයට සතුරා හැඳින ගතයුතුවෙයි සට කපට උපදෙස් දුන්නෙ සතුරා මිතුරෙකු ලෙසට හඳුනාගන්න බැරිලෙස සැඟවී අපට තේරුම් අරන් ඇති අවදානම සිතට කතිරය ගසමු අප්පච්චී එන ලෙසට (බ)

:       0       0

සිරිපාල Friday, 10 July 2015 07:46 PM

ඔබතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

වරුණ Friday, 10 July 2015 05:46 AM

අප්පච්චි කොහොමද .....මං අල්ලන්නේ.(හේ)

:       0       0

චමින්ද Wednesday, 08 July 2015 09:15 AM

සමන්,හිටපු ජනාධිපතිට බල තණ්හාව තිබුනත් නැතත් එයාව බලයට ගෙනෙන්න දඟලන්නේ ජනතාව වෙන අපි. ඒ ජනවාරි 8 අපෙන් වූ වැරැද්ද ඇස් දෙකටම පෙනෙන නිසා (නි)

:       0       0

සංජීව - හොරණ Wednesday, 08 July 2015 02:25 AM

වසර 2600ක ලිඛිත ඉතිහාසය තුළ මේ රට එක්සේසත් කර තිබෙන්නේ නායකයින් 8ක් විතරයි.පළමුව රට එක්සේසත් කළේ කි.පූ.161දී දුටුගැමුණු රජතුමා විසිනුයි.අවසානයේදී රට එක්සේසත් කළේ ක්‍රි.ව.1449 දී 6 වන පරාක්‍රමබාහු රජතුමා විසිනුයි.ඊටපස්සෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි මහා යුග පුරුෂයින් ඉතිහාසයටම බිහිවෙලා තියෙන්නෙ 8යි. රට අනතුරේ නම් , රට බේරාගත් නායකයා තවමත් ජීවමාන නම්, එතුමාට රට බාරදෙන්නේ නැතුව වෙන කුමක් කරන්නද..? (නි)

:       0       0

කිත්සිරි Wednesday, 08 July 2015 03:12 PM

මහින්ද නැවත අපිට ඕනෑමයි! (නි)

:       0       0

මාළනී Sunday, 12 July 2015 07:53 PM

මහින්ද වැනි නායකයෙක් අපේ මව්බිමට අවශ්‍යයි. ඒක තේරුම් ගත යුතුයි. එතුමට ජයෙන් ජයම වේවා! (නදී)

:       0       0

සුපුන් Wednesday, 08 July 2015 09:42 AM

අපේ නායකයා මහින්ද මහත්තයා විතරයි.ජාතියේ සැබෑ වීරයා ඔහුයි .ඔබට චිරන් ජයතු නායකයාණනි (ම)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 05:06 PM

මහින්ද ආවේ නැත්නම් රට ආගාධයේ. (නි)

:       0       0

රාජා Monday, 13 July 2015 12:27 AM

සංජීව හරියට හරි, මහින්ද කියන්නේ රටට ඕනේ කෙනෙක්. සමහර අයට තේරෙන්නේ නැහැ රට යන ඇත. (නදී)

:       0       0

සංදීප Friday, 10 July 2015 01:38 PM

කොහොම ආවත් වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

දිනුෂා Sunday, 12 July 2015 06:17 AM

අවසාන දේශපාලන ජවනිකාව රගපාල ඇවිත් යන්නකෝ . (ම)

:       0       0

සිංහ Thursday, 09 July 2015 09:06 PM

අප්පච්චි,ඔබ යළි එන්න! (නි)

:       0       0

අජිත් ගුණසේකර Monday, 13 July 2015 09:35 AM

ඔබට ජයවේවා. මහින්ද මැතිඳුනි ඔබ රටට අවශ්‍යමයි (බ)

:       0       0

සමන් පෙරේරා - සෞදි Tuesday, 07 July 2015 06:47 PM

හිටපු ජනාධිපතිගේ බල තණ්හාව යන්නේ කවදද, ලංකාවේ තවමත් බත් කන හරක් ඉන්නවද ?(නදී)

:       0       0

නාරද සම්පත් Tuesday, 07 July 2015 08:05 PM

සිංහලේ රජු මහින්දයි ඔහු දිනනවා (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 10 July 2015 03:58 PM

අනේ පව් කියලා හිතෙනවා (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 10 July 2015 04:18 PM

අපිට වැඩක් නැහැ මහින්දගෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3712 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 437 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1057 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1034 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site