IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මහින්දට පක්ෂව විපක්ෂය පාර්ලිමේන්තුවේ ගතකළ රාති‍්‍රය

1 2        

මන්තී‍්‍රවරුන් දිවා ? නොබලා එක දිගට පාර්ලිමේන්තු සභා ගැබේ ගත කළ ඉතිහාසයක් මෙරට පාර්ලිමේන්තු කි‍්‍රයාදාමය තුළ අප මීට පෙර අසා නැත. ඉකුත් සඳුදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය අපට අලූත් අත්දැකීමක් වන්නේ එවැනි ඉතිහාසයක් අපට මීට පෙර නොතිබූ බැවිනි. විපක්ෂයේ මන්තී‍්‍රවරුන් 80කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබේ නැවතී පුරා පැය 23ක කාලයක් ගත කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමිනි.

 


පාර්ලිමේන්තුවේ පැය 23ක මෙහෙයුමට රහසිගත සාකච්ඡුාව ආරම්භ වෙන්නේ ඉරිදා හැන්දෑවේ නාරාහේන්පිට පිහිටි මහාචාර්ය ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයාගේ නිවසේදීය. එදින රාති‍්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැුස්වීමට පෙර සන්ධානයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ජී.එල්. පීරිස් මහතාගේ නිවසට රැුස්වූයේ විශේෂ සාකච්ඡුාවකටය. ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ටී.බී. ඒකනායක, ජනක බණ්ඩාර, චන්ද්‍රසේන, දිනේෂ් ගුණවර්ධන, රංජිත් සොයිසා, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් එම සාකච්ඡුාවට එක්ව සිටියහ.

3


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට කැඳවීමේ ලිපියක් යවා ඇතැයි ආරංචිය ලැබුණේ මේ අතරවාරයේය. මන්තී‍්‍රවරුන් සියලූ දෙනාම කීවේ මේකට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ගයක් ගතයුතු බවය.


මේක නීතිවිරෝධී වැඩක්. හිටපු ජනාධිපතිවරයා මේ විදිහට කැඳවන්න බැහැ. මේකෙ තියෙන්නේ පළිගැනීමේ අරමුණක්. ජී.එල්. කීවේය. මේ ලියුම අකුල ගන්නකම් අපි තද කි‍්‍රයාමාර්ගයකට යන්න  ඕන. විමල් කියද්දී බන්දුල ගුණවර්ධන කීවේ, ”අපි පාර්ලිමේන්තුවේ ගිහින් බුදියගමු” කියාය. ”ඔය තියෙන්නෙ නියම අයිඩියා එක. වෙල්ගම කීවේය. මේ අනුව පසුවදා පාර්ලිමේන්තුවට ගොස් විරෝධය පළකරන්නට තීරණය වූ අතර මේ අදහස් එළියට නොදෙන්නටද පිරිස එකඟතාවකට පැමිණියහ.

4


පහුවදා පාර්ලිමේන්තුවට එන විට නතර වෙන්න බලාගෙන එන්නැයි වෙල්ගම ඉල්ලීමක් කළේය. දත් බුරුසුව, ඇඳුම් ආදියද පුළු පුළුවන් විදියට සාක්කුවේ හෝ දමාගෙන එන්නැයි ඔහු කීවේය. පහුවදා කළ යුතු වැඩ ගැන එකිනෙකා වගකීම් බාරගත්තේ කල්තියා සූදානම් කර ගැනීමේ පහසුව නිසාය. ඒ අනුව ” ඕමි ගහන්න කාඞ් පැක් එකක් මම ගේන්නම්” එක් මන්තී‍්‍රවරයෙක් කීවේය. මන්තී‍්‍රවරුන්ට වෙන වෙනම දුරකථනයෙන් කතා කර විරෝධතාවට මන්තී‍්‍රවරුන් එකතු කරගැනීම පැවරුණේ ජනක බණ්ඩාරටය. පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ සහාය ලබා ගැනීම ඩලස් බාරගත්තේය. අල්ලස් කොමිසමේ කි‍්‍රයාවට එරෙහිව පාර්ලිමේන්තුවේ ආරම්භක ප‍්‍රකාශය කිරීම විමල් බාරගත් අතර බන්දුල ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට බාර ගත්තේය. මම කට්ටිය එකතු කරගෙන එන්නම් මහින්දානන්ද කීවේය. කතානායකවරයාට බාරදීම සඳහා ලිපියකට මන්තී‍්‍රවරුන්ගේ අත්සන් ගැනීම බාරවූයේ රංජිත් සොයිසාටය.

එකිනෙකා වගකීම් බාරගැනීමෙන් අනතුරුව මන්තී‍්‍රවරුන් ජී.එල්.ගේ නිවසින් පිටත්ව ගියේ පහුවදා උදේ 8.30 ට වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්තී‍්‍ර ලොබියට එකතු වීමේ එකඟතාව ඇතිවය.

5


කලින් දිනයේ කතා කරගත් පරිදි මන්තී‍්‍රවරුන් පිරිස් උදේ 8.30 ට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්තී‍්‍ර ලොබියට පැමිණියහ. දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා විනාඩි 5 කට පසුව සභාවට පැමිණියේ ”ඔක්කොම හරිනේද” කියමිනි. උද්ඝෝෂණය කරද්දී එළියට ඇද දමයිද? සභාවේ ?ට ඉන්න දෙයිද? ආදී තර්ක විතර්කද මන්තී‍්‍රවරුන්ගෙන් මතුවිය. කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව උදේ 9.30 ට රැුස්වන විට මන්තී‍්‍රවරුන් පිරිසකගේ මේ විරෝධය ගැන ඔවුන් කීප දෙනා හැරෙන්නට අනෙක් පිරිස දැන සිටියේ නැත.


 කතානායකවරයා සිය නිවේදන ඉදිරිපත් කිරී6මෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් ලිපියක් යැවීම ගැන විරෝධය පළ කරමින් කතා කළේ දිනේෂ්ය. අනතුරුව විමල් හා බන්දුලද විරෝධය පළ කරමින් කතා කරන්නට වූහ.


අගමැති රනිල් වික‍්‍රමසිංහ හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ විරෝධයට එරෙහිව අදහස් පළ කරන්නට වීමත් සම`ග සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ආණ්ඩුව හා විපක්ෂය අතර වාදය වඩාත් උණුසුම් වෙද්දී සභාවේ කටයුතු කරගෙන යාම බරපතළ ගැටලූවක් විය. අවසානයේ කතානායකවරයා උදේ 10.35 ට පාර්ලිමේන්තුව කල් තබා සභාවෙන් පිටව ගියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නා බව ප‍්‍රකාශ කරමිනි.


සභාව කල්තබනු ලැබුවද විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ විරෝධය නතර නොවීය. ඔවුහු සභාව මැදට පැමිණ බිම ඉඳගත්තේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමේ ලිපිය ඉවත් කරගන්නා තුරු ඉන් ඉවත් නොවන බව පවසමිනි. මේ අතරේ චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිවරිය සභාවට පැමිණියේ සභාව කල්තබා ඇති බව නොදැනය. ම7හින්දානන්ද චන්ද්‍රානිගේ අතින් ඇද ගෙන ගොස් මන්තී‍්‍ර විරෝධය ළඟ වාඩි කරවන්නට උත්සාහ කළද චන්ද්‍රානි වහාම එතනින් පිටව ගියාය. විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මන්තී‍්‍රවරයාද මේ ප‍්‍රශ්නය විසඳන්නට සභා ගැබට පැමිණියේය. ඔහු මේ ගැන මුලින්ම කතා කළේ දිනේෂ් හා වාසුදේව සම`ගය. අනතුරුව ඔහු දිනේෂ් හා වාසු සමග කතානායකවරයා හමුවන්නට නිල නිවසට ගියේය.


මන්තී‍්‍රවරුන්ගේ වරප‍්‍රසාද කඩ කරමින් ඔවුන් අල්ලස් කොමිසමට කැඳවීමට එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය කටයුතු කරන බවට මන්තී‍්‍රවරුන් නගන චෝදනා හා හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම ගැන ජෝන් සෙනෙවිරත්න මන්තී‍්‍රවරයාත් කතානායකවරයා දැනුවත් කළේය. ඒ අතරම ඔහු කතානායක නිල නිවසේ සිට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතා කර හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමේ ලිපිය ගැන විමසීය. ජෝන් සෙනෙවිරත්න කීවේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට විරුද්ධව මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කරන බවය. ”මේක මාත් දැනගත්තේ පත්තරවලින්. ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් කීවේය.


”අපි මේ පිළිබඳව විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අත්සනින් ඔබතුමාට ලිපියක් ඉදිරිපත් කරනවා. ඔබතුමා සාධාරණ තීන්දුවක් දෙන්න.” ජෝන් සෙනෙවිරත්න කීවේය.හවස්වන විට ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණියේ ශ්‍රීලනිප මන්තී‍්‍රවරුන් පළාත් මට්ටමින් ජනාධිපති කාර්යාලයට වෙත වෙනම කැඳවා තිබූ බැවිනි. ඒ අතරේ උද්ඝෝෂණයේ යෙදුණු මන්තී‍්‍රවරු ජනාධිපතිවරයාට බාර දීමේ ලිපියක් සූදානම් කරමින් සිටියහ. ලිපිය සකස් කිරීම බාරවූයේ ඩලස්, ජී.එල්. හා බන්දුල යන තිදෙනාටය. සභාව ඇතුළේම ලියුම සකස් කර එය ටයිප් කරගෙන එන්නට බන්දුල ගියේය. බන්දුල ගෙනැවිත් ලිපිය ජෝන් සෙනෙවිරත්නට දුන්නේ මන්තී‍්‍රවරුන් 54 දෙනකුගේ අත්සන්ද සහිතවය. ඒ අතරේ සුසිල් පේ‍්‍රමජයන්ත මන්තී‍්‍රවරයාද එතනට පැමිණ අත්සන් කළේ 55 වැනියා ලෙසය. හදිසියේම සී.බී. රත්නායක ඇමැතිවරයාද ආවේය. ඔහුද 56 වැනියා ලෙස ලිපියට අත්සන් තැබුවේ මන්තී‍්‍රවරුන්ගේ අත්සන්වලට අමතරව ඇමැතිවරයකුගේ අත්සනද එක්කරමිනි.

8


සුසිල්, ජෝන් හා දිනේෂ් යන තිදෙනා ජනාධිපතිවරයා හමුවන්නට ගියේ ඇතිවී තිබෙන අර්බුදයට විසඳුමක් ලබා ගන්නටය. ”මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. පත්තරේ බැලූවමයි මමත් මේක දැනගත්තේ.” ජනාධිපතිවරයා සුසිල් ඇතුළු පිරිසට කීවේය. අනතුරුව ජෝන් සෙනෙවිරත්න මන්තී‍්‍රවරයා මන්තී‍්‍රවරුන්ගේ අත්සන් සහිත ලිපිය ජනාධිපතිවරයාට බාරදුන්නේය.


මන්තී‍්‍රවරුන් පිරිසක් සභා ගැබේ උපවාසය කරන අතරේ තවත් පිරිසක් කමිටු ශාලාවට ගොස් මාධ්‍ය හමුවක් පැවැත්වූහ. බන්දුල, රෝහිත අබේගුණවර්ධන, ඩලස්, විමල්, රංජිත් සොයිසා, මහින්දානන්ද ඇතුළු මන්තී‍්‍රවරු මාධ්‍ය හමුව කැඳවමින් කීවේ අල්ලස් කොමිසමේ ලිපිය ඉවත් කරගන්නා තුරු මන්තී‍්‍රවරුන් ? එළිවෙන තෙක් පාර්ලිමේන්තුවේ උපවාස කරන බවය.


කතානායකවරයාද විරෝධතාව අතරවාරයේ සභා ගැබට පැමිණ මන්තී‍්‍රවරුන් හමුවිය. කතානායකවරයා කීවේ තමා මේ පිළිබඳව අල්ලස් කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා කරුණු විමසන බවය. මැති ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූවේ කළින් කළ දැනුම්දීමකට අනුවය. ඩිලාන් පෙරේරා ඇතුළු මැති ඇමැතිවැරන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය ගැනය.

9


”මමත් දැනගත්තෙ උදේ පත්තරවලින්. මම අල්ලස් කොමිසමට කතා කරන්නේ නැහැ. මොකද මම අධිකරණයට වගේම අල්ලස් කොමිසමේ ඒවටත් කතා කරන්නෙ නැහැ. ඔයාලා ලිපියක් එවන්න. මම එතකොට ඒක පිළිබඳව අවශ්‍ය පියවර හොයලා බලලා කටයුතු කරන්නම්” ජනාධිපතිවරයා කීවේය.


හවස් වන විට උපවාසයට එක්වූ මන්තී‍්‍රවරුන් ගණන වැඩිවන්නට විය. ජනාධිපතිවරයාට බාරදීමේ ලිපියටද හවස 5.30 පමණ වන විට අත්සන් 80 ක් පමණ ලැබී තිබිණි. අනුර යාපා, මහින්ද අමරවීර, මහින්ද යාපා ඇතුළු මැති ඇමැතිවැරද ? වන විට සභා ගැබට පැමිණ ලිපියට අත්සන් තැබූහ.


මන්තී‍්‍රවරුන් සභා ගැබේ රාති‍්‍රය ගතකරනු ඇතැයි බොහෝ දෙනකු සිතුවේ නැත. එහෙත් මෙහෙයුම් සැලසුම් කළ කිහිප දෙනා පැමිණ සිටියේ රාති‍්‍රයද ගත කරන්නට අවශ්‍ය කළමනාද රැුගෙනය. ඩලස්, මහින්දානන්ද, බන්දුල, නාමල් රෝහිත අබේගුණවර්ධන, වෙල්ගම යන මන්තී‍්‍රවරුන් ටී ෂර්ට් සරම් ආදිය ගෙනැවිත් තිබිණි. කතානායකවරයාද සභාවට නැවත වරක් පැමිණ කීවේ. තමා අල්ලස් කොමිසමේ සභාපතිවරයා කැඳවා හිටපු ජනාධිපතිවරයාට යැවූ ලිපිය ගැන විමසන බවත් ඔහු ඒ ගැන කිසිවක් නොදන්නා බව ප‍්‍රකාශ කළ බවත්ය. ”ඔබතුමාලා දැන් මෙතන ඉන්න අවශ්‍යයිය කියා මා හිතන්නේ නැහැ. නමුත් ඉන්න  ඕන නම් පහසුකම් ලෑස්ති කරන්නම්. කතානායකවරයා කීවේය.

25_MAIN_P_6


අපි අනිවාර්යයෙන්ම ඉන්නවා” මන්තී‍්‍රවරු කීහ. ඒ අනුව මන්තී‍්‍රවරු රාති‍්‍රය සභා ගැබේම ගතකරන්නට තීරණය කළහ. නාමල්, උදිත් ලොකුබණ්ඩාර, සේමසිංහ ඇතුළු තරුණ මන්තී‍්‍රවරු සභාවේ උපවාසය පිළිබඳ ඡුායාරූප ගෙන ෆේස්බුක් ආදියේ පළකිරීමත් සමඟ උපවාසය පිළිබඳව රටේම අවධානය යොමුවී තිබිණි. මන්තී‍්‍රවරුන්ට අවශ්‍ය කෑම බීම ආදිය සපයන්නට  භෝජනාගාර කාර්යමණ්ඩලයට උපදෙස් දී තිබූ අතර පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුද රැුඳී සිටියහ. රාතී‍්‍ර 8.00 ට පමණ වෙද්දී මන්තී‍්‍රවරු  ඕමි ගසමින් සින්දු කියමින් විනෝද වෙන අතරේ ඩිලාන්, අමරවීර, පවිත‍්‍රා, ජගත් පුෂ්පකුමාර, ලසන්ත ඇතුළු පිරිසක්ද පැමිණ උපවාසයට එක්වී බිම ඉඳගත්හ. මේ පිරිසගේ පැමිණීම ගැන මහින්දානන්ද සිටියේ හරි සතුටිනි.
”මට හරි සන්තෝෂයි මචං. අපි ඔක්කොම එකතු වුණා. අපි තමයි දුවල පැනල වැඩකරපු මිනිස්සු.” මහින්දානන්ද ඩිලාන් බදා ගනිමින් කීවේය.
”ගමු අපි පින්තූරයක්” කියමින් මහින්දානන්ද, ඩිලාන්, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිස සමඟ කරට අතදා ගනිද්දී විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ජංගම දුරකථනයෙන් ඡුායාරූපයක් ගැනීමට සූදානම් විය. මේ පින්තූරය ගැනීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත‍්‍රණයට හේතුවක් වේද දන්නේ නැහැ.” කියමින් විමල් හින්ට් එකක් පාස් කළේය. ඒකට ඩිලාන්ට කේන්ති ගියේය. ”පින්තූරෙ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත‍්‍රණකාරයා ඔයානේ.” ඩිලාන් කියද්දී විමල් කීවේ එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත‍්‍රණයේ ඉන්නේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයානෙ කියාය.


ඩිලාන් කේන්තියෙන් කීවේ පක්ෂය දෙකඩ කිරීම නෙවෙයි එතුමා පක්ෂය එකතු කරන වැඬේ ඉන්නේ. අනෙක එතුමා තමයි පක්ෂයේ නායකයා. එතුමා රටේ ජනාධිපති. එතුමා පක්ෂය එකතු කරන්න හදන්නෙ මෛතී‍්‍ර, මහින්ද දෙන්න එකතු කරන වැඬේ ඉන්නේ කියාය. මේ දෙන්නා අතර වාදය ඇදී යද්දී එය බේරන්නට මැදිහත් වූයේ මහින්දානන්දය.


”උඹලා දෙන්න ඔතන රණ්ඩු වෙන්න එපා. මේ වෙලාවේ අපි එකතු වෙලා වැඩ කරන්න  ඕනෑ.” කියමින් මහින්දා නන්ද දෙන්නා සන්සුන් කළේය. ඒ අතරම ඔහු වෙනත් මන්තී‍්‍රවරයෙකු ලවා පින්තූරයක්ද ගත්තේය. මෙතනට දිනේෂ්ද ආවේය. ”ඔන්න සර් සර්ගේ විපක්ෂනායක වැඬේට තව කට්ටිය එකතු වේවි. මහින්දානන්ද කීවේ දිනේෂ්ට, ඩිලාන් පෙන්වමිනි.


”සර්. බ‍්‍රයිබරි කොමිෂන් එක කරපු මේ කැත වැඬේදි අපි සර්ලා එක්ක ඉන්නවා. හැබැයි සර් විපක්ෂනායක ප‍්‍රශ්නයේදි ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන්න  ඕනෑ කියන තැන මම ඉන්නවා. ඒකෙදි මම නිමල් සිරිපාල ඇමැතිතුමත් එක්කයි ඉන්නේ.” ඩිලාන් දිනේෂ්ට කීවේය. දිනේෂ්ද කීවේ ”ඒක මම දන්නවනේ ඩිලාන්” යනුවෙනි.


සභා ගැබේ රාති‍්‍රයද හරි අපූරු එකක් විය. සමහරු නින්දට වැටිලාය. තවත් සමහරු  ඕමි ගැසූහ. තවත් අය තැන්තැන්වල විනෝද කතා බහය. මහින්දානන්ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනුකරණය කරමින් කතා කරද්දී රෝහිත අබේගුණවර්ධන කතානායකවරයාගේ භූමිකාව අනුකරණය කරමින් ” ඕඩර් ප්ලීස්” ආදිය කියමින් පිරිස සිනාගැන්වූහ. ඒ අතරම රෝහිත බණ කියන්නටද රෙජිනෝල්ඞ් කුරේ අනුකරණය කරන්නටත් වීම නිසා සභාව විනෝද සාගරයක් විය. විමල් වීරවංශ මන්තී‍්‍රවරයා විවිධ භාෂාවලින් කතා පවත්වන්නට මෙන්ම සින්දු කියන්නටද විය.


රාති‍්‍රය ගත කළ මන්තී‍්‍රවරුන්ට කෑමෙන් බීමෙන්ද අඩුවක් නොවීය. මේ අතර තිස්ස කරලියද්ද මන්තී‍්‍රවරයාට අපූරු රාජකාරියක් පවරා තිබිණි. කමලා රණතුංග, මාලනී ෆොන්සේකා, පවිත‍්‍රා වන්නිආරච්චි, පබා යන මන්තී‍්‍රවරියන් බලා ගැනීම පැවරුවේ කරලියද්දටයි. ඊට ඔහුට තිබුණු සුදුසුකම ලෙස මන්තී‍්‍රවරුන් කීවේ ඔහු කාන්තා කටයුතු ඇමැතිධුරය දරා තිබුණු බවය.


පහුවදාට එළිය වැටෙද්දී මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු නිවෙස් බලා ගොස් සිටියේ පාර්ලිමේන්තු රැුස්වීමට සූදානම් වී පැමිණෙන්නටය. බන්දුල, විමල්, ඩලස්, නාමල්, මහින්දානන්ද, ටී.බී., රෝහිත යන මන්තී‍්‍රවරු ගෙදර නොගොස් පාර්ලිමේන්තුවේම රැුඳී සිටියහ. උදේ 9.00 වෙද්දී ජනාධිපතිවරයාට බාරදෙන ලිපියට මන්තී‍්‍රවරුන් 115 ක් අත්සන් කර තිබිණි. 9.30 ට සභාවට ආ රජීව විජේසිංහ මන්තී‍්‍රවරයා අන්තිමයා ලෙස ලිපියට අත්සන් කළේ 116 වැන්නා ලෙසය.
සභාව ආරම්භයේදී කතානායකවරයා ප‍්‍රකාශයක් කරමින් කීවේ හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරින් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට යන බව අධිකරණ ඇමැතිවරයා දන්වා ඇති බවය.


කතානායකවරයාගේ  ප‍්‍රකාශය පිළිගනිමින් මන්තී‍්‍රවරු පැය 23ක උපවාස මෙහෙයුම හමාර කළේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට අලූත් අත්දැකීමක්ද එක්කරමිනි.


පාර්ලිමේන්තුවේ නිදි වර්ජිත රැුයේදී රෝහිත අබේගුණවර්ධන මන්තී‍්‍රවරයාට අලි ඇබැද්දියක් සිදුවිය. ඔහු සතු ලක්ෂ ගණනක් වටිනා මුද්ද අතේ නොමැති බව දැන ගත්තේ පහුවදා උදේය. මන්තී‍්‍රවරුන් හැම තැනම ඇවිද්දත්, මුද්ද සෙව්වත් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේදී මුද්ද පිළිබඳ ආශාව අත්හැර සිටි රෝහිතට පාර්ලිමේන්තු සේවකයකු පැමිණ කීවේ මුද්ද හමුවී ඇති බවය. මන්තී‍්‍ර විවේකාගාරයේ තුවායක රැුඳී තිබුණ මුද්ද, සේවකයාට හසුවී ඇත්තේ කාමරය පිරිසුදු කරමින් සිටියදීය.

 

m



අදහස් (0)

මහින්දට පක්ෂව විපක්ෂය පාර්ලිමේන්තුවේ ගතකළ රාති‍්‍රය

ශ්‍රීමාල් Monday, 04 May 2015 05:12 AM

එතකොට අර බීම ජාති ආ හැටි,කටගැස්ම ආ හැටි ..... (නි)

:       0       0

දුමින්ද Saturday, 02 May 2015 06:56 AM

ජනපති දැනුවත් නොවී කටයුතු වීම අගුණය (නි)

:       0       0

තිලකරත්න Thursday, 30 April 2015 10:50 AM

හොඳ දේකට නම් මෙහෙම වදවෙයිද? (නි)

:       0       0

ලාල් Sunday, 03 May 2015 12:45 PM

උත්තරිතර ආයතනයක් තුළ ටික දෙනෙකුගේ හැසිරීම ගැන ලැජ්ජා වියයුතුයි.මෙවැනි පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස උත්තරීතර ආයතනයට පත්කිරීම පිළිබඳ කණගාටුයි.මෙවැනි අප්‍රසන්න සිදුවීම් පාර්ලිමේන්තුව තුළ මතුවට සිදුනොවිය යුතුයි. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 05 May 2015 09:31 AM

පාර්ලිමේන්තු ඉතිහාසයට නව අත්දැකීමක් නෙවෙයි, පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක්. රටක් කරවන මෙවැනි උත්තරීතර ස්ථානයක් බජවු මඩුවක් කරන්න තරම් මේ මිනිස්සු නිහීන වීම රටේ අභාග්‍යක්. (අ)

:       0       0

සෙසත් Friday, 01 May 2015 04:27 PM

සාමා, ඇත්තටම ඔයා හොඳ හෝඩියේ පන්තියටම තමා. (නි)

:       0       0

මහේෂ් Friday, 01 May 2015 05:53 PM

ඇත්තටම සෑම පොදුජන ප්‍රශ්නයකටම මේ අය මෙහෙම කැපවුණා නම් කමක් නෑැහැ (නි)

:       0       0

වින්සන්ට් Friday, 01 May 2015 06:41 PM

දේශපාලන හේතුවකට,ගරුකළ යුතු තැනට ගරුනොකරන ජනතා නියෝජිතයන් තම රාජකාරියට ගරුකරයිද? (නි)

:       0       0

සාමා Friday, 01 May 2015 06:03 AM

උත්තරිතර පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කළ මේ මන්ත්‍රීවරුන් ටික ඊළඟ ජන්දයේදී අනිවාර්යෙන්ම ගෙදර යවමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4045 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 484 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1101 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site