බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්ථාව නිරූපණය කරමින් මහියංගණය පුද බිමේ ඉදිවන අඩි 84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තුන්වැනි අදියර සඳහා අද(23) මුල්ගල් තැබිණි.
මහියංගණය රාජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන්ගේ ද මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පැමිණි විශේෂ අමුත්තන් ඓතිහාසික මියුගුණ සෑයට කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නය ප්‍රතිමා වහන්සේ ඉදිකරන මහියංගණය විල්ලුව වැව අසළට පෙරහැරින් වැඩම කරවා දම්සක් පැවතුම් සුත්‍රය මධ්‍යයේ බුදුරුවට මුල්ගල් තැබුහ.
මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සමාජිකයිනගේ එකමුතුවෙන් ඇරඹු මෙහි මුළු වියදම ලක්ෂ 300 පමණ වෙතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි
www.methsaviya.org / www.methsaviya.lk යන වෙබ් අඩවි මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.

































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙත සැනසීම බුදු හිමි රුව දැකීමය. (නදී)
මේ බුදුන්ගේ දේශයයි. බුදුන් වහන්සේ මාගේ මෙන්ම සෑම බෞද්ධයෙක්ගේම මනස තුළ ජීවමානයි (නි)
මෙම උතුම් පින්කමට දායක වීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යකි. මෙත් සවිය පව්ලේ අප සැමට නිවන් මග පහදා දෙන අපගේ ගුරු පියාණන්ට සුඛ ආයු හා දිර්ඝු ලැබේවා! (නදී)
සාදූ... සාදූ.... සාදූ...!! වටිනා පිං කමක්. (නදී)
පිළිම වහන්සේ ඉක්මනින් දැකගන්න වාසනාව ලැබේවා. (ස)
ඉතාමත් වටිනා පින්කමක්.. (දී)
කොච්චර පිළිම හැදුවත් මිනිසුන් ධර්මයට අනුව හැසිරෙන්නේ නැත්තම් වැඩක් නැහැ (නි)
මහියංගනය තවත් බැබලේවී.(හේ)
අට මහා කුසල් වලිං එකක්. විශාල පිංකමක්.සාදූ... සාදූ.... සාදූ...!! (නදී)
වටිනා පින්කමකි (නි)
සාදූ... සාදූ.... සාදූ...(හේ)
සාදූ සාදූ .(හේ)
යොමා බුදු නෙත කුලුනිනේ - වඩිනු මැන නිදුකානනේ !(හේ)
පින් සිද්ධ වෙන වැඩක්.තෙරුවන් සරණයි.(හේ)
පිළිම නමස්කාර කරලා කොයිවල යන්නද ? (ස)
තෙරුවන් සරණින් ඉක්මනින් වැඩ නිමකිරීමට ලැබේවා. ඉන්දියාවේ බරනැස්නුවර සිටියත් මියුගුණ පුදබිමේ ඉදිවන පිළිමය මට වාසනාවක් සේ දැනේ. (නදී)
මෙයට දායක වීම ඉතා කලකින් ලැබෙන දුර්ලහ පුන්‍යකර්මයක් කර ගැනීමට වාසනාවක්. මේ වගේම අපෙන් කැඩී වෙන්වියාමට මාන බලන උතුරු නැගෙනහිර පළාත්වලත් හැකි පමණින් වෙහෙර විහාර ඉදිකිරීමට උත්සාහ ගැනීමට හැකියාව ලැබේවායි පතමි. (නදී)
අනේ සාදු. අපිට සතුටුයි.අනේ ඔය දායක මහත්තුරු ටිකක් උරුලවත්ත රාජ මහා විහාරයටත් එන්නකෝ. ලැජ්ජයි අප්පා. ජරාවාස වෙලා. හිඟන මඩුවක් වගේ. ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි. (ස)
ඉතාම වැදගත් පින්කමක් සාදු! සාදු!! සාදු!!! (දී)
මෙම පිළිම වහන්සේ, බුදුරජාණන් වහන්සේ දඹදිව සිට ලංකාද්වීපයට සෘධියෙන් වඩින අයුරින් දිස්වන විරළ වූ අවස්ථාවකි. අට මහා කුසල් වලින් එකක් වන මෙම උතුම් පිංකම දැකබලා සතුටුවීමට ලැබීමත් පිනක් වන අතර, හැකි පමණින් හෝ අපි සැවොම ආධාර මුදලක් ලබා දී මෙම උතුම් සේවාව වෙනුවෙන් වෙහෙසී කටයුතු කරනු ලබන චන්දන ජයරත්න මහාචාර්යතුමා ඇතුඵ මෙත් සවියට තුණුරුවනේ පිහිට හා සියඵ දෙවි ආශිර්වාදය ලැබේවායි පතමු. (නි)
මෙම පිළිම වහන්සේ බුදු රජාණන් වහන්සේ දඹදිව සිට ලංකාද්වීපයට සෘද්ධියෙන් වඩින අයුරින් දිස්වන විරළ වූ අවස්ථාවකි. අට මහා කුසල් වලින් එකක් වන මෙම උතුම් පිංකම දැක බලා සතුටු වීමට ලැබීමත් පිනක් වන අතර, හැකි පමණින් හෝ අපි සැවොම ආධාර මුදලක් ලබා දී මෙම උතුම් සේවාව වෙනුවෙන් වෙහෙසී තටයුතු කරනු ලබන චන්දන ජයරත්න මහාචාර්යතුමා ඇතුඵ මෙත් සවියට තුණුරුවනේ පිහිට හා සියඵ දෙවි ආශිර්වාදය ලැබේවා ! යි පතමු. (ස)
සැමගේ ආධාර ඉක්මනින් ලැබී බුදු පිළිමය කඩිනමින් ඉදි වේවා (අ)
බෞද්ධ ජනතාවගේ නොමසුරු ආධාර ලැබිය යුතුයි. (නදී)
හොදේ කියන්නේ අපිට තව බුදුදහම ගැන ඇති ආදරය වැඩිවනවා . අපේ සහය පතන ලෙස ඉල්ලමි.(නදී)
ඉක්මනින්ම මෙය නිර්මාණය කිරීමට සැමටම හැකි වේවා (නදී)
අහසින් බසින බුදු රුවන ගේ රුවක් මැවෙයි සද්ධා ගගුල මහියංගන පින් බිමේ සැදෙයි දම් සිල්සුවද සග සරනින් පිපි දිළෙයි සිරිලක් දෙරණ තව දෙදහස් වසරකම දිනෙයි (නදී)
මේ විදිය බුදුරුවක් ඉදිකරන්න ගත් මේ පියවර ඔබ සියලු දෙනා සිතූ ආකාරයෙන්ම ඉටුකර ගැනීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
සියලු දෙනාගේම ආධාරය ලැබේවා (නදී)
සාදු සාදු සාදු! (නි)
මෙය ඉතා වටිනා පිනකි (නි)
හරි අගෙයි ඡායාරූප ටික. ලස්සනයි. ලංකාවේද කියලා හිතෙනවා (නි)
මතු බවයට කරන පින් ගෙනයනවා නොමසුරු ආදාරය ලබා දෙමු. (නදී)
අති විශිෂ්ට කාර්යයක්. (නි)
කොයි පැරණි පොතේද බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලා තියෙන්නේ? (නි)
සාදූ... සාදූ.... සාදූ...!! (නි)
හරිම සතුටුයි (නි)