IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මළ කොටියාට පණ දෙන්න ගිහින් මැරේ

මෙවර අලූත් අවුරුද්ද ශී‍්‍ර ලංකා වැසියන් අතරට පැමිණියේ සුභ ආරංචියක්ද රැගෙනය.අළු යට ගිනි පුපුරු මෙන් මතුවීමට තිබූ මහා නපුරක් මැඩලීමට මෙහෙයුමක් අරඹා තිබුණු ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අලූත් අවුරුද්දට ඔන්න මෙන්න තිබියදී මෙහෙයුමේ ගොදුරු සොයාගත්තේය.

නැගෙනහිර වෙඩිවයිතකල්ලූ,උත්තුකුලම් හා බෝගස්වැව ප‍්‍රදේශ පුරා විහිද තිබූ ඝන වනය අභ්‍යන්තරයේ සැඟව සිටි තිදෙනෙක් ආරක්ෂක අංශ වල ඉලක්කය විය.දෙපාර්ශවය අතර සිදුවූ ගැටුමේදී ඔවුහු මරු  දුටහ.

කෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් පී‍්‍රති වීම රටවැසි අපට නුහුරු දෙයක් වුවත් මෙම අවස්ථාව එසේ නොවන්නකි. මෙම තිදෙනාගේ මරණයෙන් වැඩි වශයෙන් සතුටු විය යුත්තේ ශී‍්‍ර ලංකාවේ වෙසෙනා දෙමළ ජාතිකයෝය.

මෙම පුද්ගලයින් තිදෙනාගේ මරණය ශී‍්‍ර ලංකාවට සුභ ආරංචියක් වන්නේ මොවුන් තිදෙනා දෙමළ ඩයස්පෝරාවේ සහය ඇතිව ශී‍්‍ර ලංකාවේ අඩපණ වී තිබෙන දෙමළ ඊළම සදහා විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයට යළි පණ දෙන්නට කටයුතු කරමින් සිටියවුන් බැවිනි.රටේ දැනට පවතින යුදමය හා දේශපාලනමය වටපිටාව අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැවත නැගිටීමක් සිදුවුවත් එහි දිගුකල් පැවැත්මක බලාපොරොත්තු විය නොහැකියි.

එල්.ටී.ටි.ඊ යට පණ දීමේ කාර්යයට උර දීමට යන කවරෙකු හෝ දැඩි ලෙස මර්දනය කිරීමට ශී‍්‍රලංකා රජය හා ආරක්ෂක අංශ සූදානමින් සිටී.මෙවන් අර්බුදකාරී වාතාවරණයක් ඇතිවුවහොත් ඉන් සැබෑවටම පහර ලබන්නේ  මැද සිරවන සාමාන්‍ය ජනතාවයි.

වසර ගණනාවක් යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලින්  පීඩා විදි දෙමළ ජනතාව 2009 වසරේ සිට සිටින්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇතැම් විට ප‍්‍රථම වතාවට සාමයේ සුරක්ෂිතභාවය හා තම ජීවිත තත්ත්වයන්ගේ ප‍්‍රගමණයක්  අත්විදිමිනි.එල්.ටී.ටී.යේ නැවත නැඟීටීමක් සිදුවුයේ නම් එය ඔවුන්ගේ ජීවන තත්ත්වයන් යළිත් පෙර තිබුණු අභාග්‍යසම්පන්න තත්ත්වයන්ට පත් විය හැකිව තිබිණි.

මෙවන් වාතාවරණයක එල්.ටී.ටී.යට යළි පණ දීමට කටයුතු කරමින් සිටි තිදෙනෙකු මැරුම් කෑ ප‍්‍රවෘත්තිය දෙස් විදෙස් ශී‍්‍ර ලාංකිකයින් ග‍්‍රහණය කර ගත්තේ සුභවාදී හැගීමකිනි.

සති ගණනාවක් තමන්ගේ සාමාන්‍ය දිවි පෙවෙත අඩාල කර ගනිමින් ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුම් වලට ඉඩ දුන් උතුරේ දෙමළ ජනතාවට අවසානයේ සැනසුම් සුසුමක් හෙළමින් සතුටින් ‘‘සිත්තිරප් පුතාන්දු‘‘ (අපේ‍්‍රල් අලූත් අවුරුද්ද) සැමරීමට හැකිවිය.

එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරීන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් වලට ඔවුන් හොද සහයක් ලබා දුන්හ.

උතුරේ ඉතා සාමාන්‍ය දෙමළ  ජාතිකයා පවා එල්.ටී.ටී.ය යළි පණ ලැබුවහොත් අත්විදිය හැකිවන භයංකර ප‍්‍රතිවිපාකයන් ගැන හොඳින් දැන සිටියේය.

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා එල්.ටී.ටී.යට සහය දක්වන විදේශයන්හි මෙන්ම ශී‍්‍ර ලංකාවේ වෙසෙන ඇතැමුන් එල්.ටී.ටී.ය ගැන වෙනස් ප‍්‍රතිරූපයක් මවා පෑමට උත්සාහ කළත් ශී‍්‍රලංකාවේ වෙසෙන නිවැරදි දැක්මක් ඇති දෙමළ සමාජය එල්.ටී.ටී.ය යළි කි‍්‍රයාකාරීවීම යනු අන්තයටම පීඩා විදි තමන් මේ නැඟිටීමට දරන වෑයම සම්පූර්ණයේම කඩාකප්පල් කරන්නක් යැයි හදුනාගෙන සිටින්නෝය.

පවතින රාජපක්ෂ රජය යටතේ රටෙහි සියලූ ජනතාව සතුටින් සිටින්නේයැයිද ඔවුන් සියලූ දෙනා රජයට පක්ෂපාතී යැයිද පැවසීම මුසාවක් වුවත් ශී‍්‍ර ලංකා වාසීන් සියලූ දෙනා අතීතයේ විදි අමිහිරි අත්දැකීම් නිසා කුමන ආකාරයෙන් හෝ සිදුවන එල්.ටී.ටී.යේ නැවත නැඟිටීමකට එක්ව විරෝදය දක්වනු  ඇති බව ඔවුන්ගේ ආකල්ප වලින් පෙනේ.

මෙම ලිපිය ලියන මා මේ කාලය පුරාවට ඔබ හමුවට මෙම තීරුවෙන් ගෙන ආ ලිපිවල සටහන් කළේ මේ කියන එල්.ටී.ටී.යේ නැවත නැඟිටීම සම්බන්ධයෙන් වන තොරතුරුය.

එල්.ටී.ටී.ය යළි කි‍්‍රයාකාරී වුවහොත් දෙමළ ජනතාවට පමණක් නොව රටේ සියලූ ජනකොට්ඨාස වලට අත්විදීමට සිදුවනු ඇති භයංකර ප‍්‍රතිවිපාක ගැන  සිතීම මා හට දැඩි වේදනාවක් ගෙන දේ.ඇතැම් පාර්ශවයන් මෙතරම් සාක්කි තිබියදීත් මෙය හුදෙක් හිතලූවක් යැයි සිතා බැහැර කිරීමට කටයුතු කිරීමත් සිත කළඹවන්නකි.මගේ පෙර ලිපිවල මා දක්වා ඇති පරිදි බොහෝ දෙනා හට එල්.ටී.ටී.යට යළි පණ පෙවීම සාරථක වූයේ නම් කුමකින් කුමක් වන්නට තිබුණේදැයි තවමත් හරි  හැටි අවබෝධයක් නොමැත.

පසුගිය සතිය මට මහත් වෙහෙසකර කාලයක් විය.මුළු සතිය පුරාම මා සිටියේ විවිධ රටවල කි‍්‍රයාත්මක ආරක්ෂක අංශ තොරතුර,තත්ත්වය පිළිබඳ හොදින් දැනුවත්ව සිටින දෙමළ කි‍්‍රයාකාරීන්,හිටපු ආරක්ෂක නිළධාරීන්, හා වන්නියේ පදිංචිකරුවන්,හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්,ත‍්‍රස්තවාදය සම්බන්ධ අධ්‍යයන කටයුතු යෙදෙන අන්තර්ජාතික ආයතන තොරතුරු වාර්තා වැනි තොරතුරු මූලාශ‍්‍ර වලින් ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ කි‍්‍රයාත්මක කළ මෙහෙයුම සම්බන්ධයෙන් නිවැරදි පින්තූරයක් ගොඩනගා ගැනීමට තොරතුරු එක්රැස් කර ගනිමිනි.

මා වෙත ලැබුණු තොරතුරු සම්පූර්ණ හෝ සංක්ෂිප්ත හෝ නොවූවත් සිදුවූයේ කුමක්දැයි  අගමුල ගලපා ගැනීමට හැකි විය. මේ දිගහැරෙන්නේ එසේ සකස් කර ගත් විස්තර එල්.ටී.ටී.ය ට යළි පණ දීමේ අසාර්ථක වෑයම සම්බන්ධ කතාවයි.

අශුද්ධ ති‍්‍රත්වය

මාර්තු 6 වැනිදා සිට අප්‍රෙල් 11 වැනිදා ගතවුණු සති 5 ක කාලයේ පොලිසිය හා ශී‍්‍ර ලංකා  ආරක්ෂක අංශ එල්.ටි.ටී.යේ නැවත නැඟීටීමක් මර්දන කිරීමේ කටයුතු වල ඉතා උනන්දුවෙන් නියැළි සිටිනු දැකගත හැකි විය.සැකකටයුතු පුද්ගලයින් සොයා මෙහෙයුම් රැසක්ද ඇරැඹිණි.

පුද්ගලයින් විශාල ගණනින් අත්අඩංගුවට ගනු ලැබුණු අතර ඔවුහු ප‍්‍රශ්න කිරිම් වලට ලක්කර නිදහස් කරනු ලැබුහ.ත‍්‍රස්ත මර්දන පණත යටතේ 65 දෙනෙක් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා රදවා ගනු ලැබුහ.

(ඔවුන්ගෙන් 19 දෙනෙක් මේ වන විට නිදහස් කරනු ලැබුහ.) මෙසේ කටයුතු සිදුවෙමින් තිබියදී හිස ඔසවමින් තිබෙන ත‍්‍රස්ත කටයුතු හා එල්.ටී.ටී.යට යළි පණ දීම යන කරුණු පසුපස එළවමින් සිටි අපරාධ පරීක්ෂකයින්ට ඒ සියල්ල පසුපස සිටින්නේ පුද්ගලයින් තිදෙනෙකු බව සනාථ කරන සාක්කි හමු විය. ගෝබි,අප්පන් හා තෙයිවීගන්/දෙයිවීගන්  ඒ තිදෙනාය.

මොවුහු තිදෙනාම 2009 වසරේ මුල්ලිවයික්කාල්හිදී එල්.ටී.ටී.ය පරාජයට පත්කෙරුණු පසු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට නියමවුණු පුනරුත්ථාපන වැඩපිළිවෙල මගහැර  සිටියෝ වූහ.

මොවුන් තිදෙනාගේම අවශ්‍යතාවය වී තිබුණේ පරාජය වූ එල්.ටී.ටී.ය යළිත් නගා සිටුවීමයි.එම අරමුණෙහි පිහිටා ඔවුන් ඒ සදහා දැඩි කැපවීමකින් වැඩ කළ අය විය.තිදෙනාම 2009 වසරෙන් පසු විදෙස් රටවල් කරා ගියෝය.

එම රටවල් හි සැපපහසු ජීවිත ගතකිරීමට අවස්ථාව තිබියදීත් මොවුන් තිදෙනා ඒ සියල්ල අතහැර ශී‍්‍ර ලංකාව වෙත පැමිණියහ. ස්වේච්ඡාවෙන්ම පැමිණ සිටි ඔවුන්ගේ එකම දැක්ම වී තිබුණේ එල්.ටී.ටී.යට යළි පණ දීමයි.ඔවුන් එය හදුන්වාගත්තේ තමන් වෙත  පැවරුණු විශේෂ මෙහෙයුමක් හැටියටය.

තෙයිවීගන් (දෙයිවීගන් ලෙසද උච්චාරණය කෙරේ) 1979 මැයි 2 වැනිදා යාපනය දිස්ති‍්‍රක්කයේ තෙන්මරච්චි ප‍්‍රදේශයේ මාන්තුවිල්හි උපත ලැබූවෙකි.1995 වසරේදී හෙතෙම ස්වේච්ඡාවෙන්ම එල්.ටී.ටී.ය හා එක් විය.

ඔහුගේ නියම නම වන්නේ සුන්දරලිංගම් ගජතීබන්ය.ඔහුට අනවරථ නම් බොහෝමයකි. තිබෙන අතර  තෙයිවීගන්,තේවියන්,නවනීතන්,වල්ලන් හා දේවන් ඒවා අතරින් ප‍්‍රකටය.එල්.ටී.ටී.ඊ නායක  වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හා ඔහුගේ බිරිඳ මදිවාදනි ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙසද දිගු කළක් කටයුතු කර තිබෙන ඔහු ගුවන් නියමු බලපත‍්‍ර හිමියෙකි.

එල්.ටී.ටී.යේ ‘‘වාන්පුලිගල්‘‘ හෙවත් කොටි ගුවන් බළකාය එල්ල කළ ප‍්‍රහාර කිහිපයකටම ඔහු තම දායකත්වය ලබා දී ඇත.යුද සමයේ කෙරවළපිටිය හා අනුරාධපුර යන ප‍්‍රදේශයන්ට එල්ලවූ ගුවන් ප‍්‍රහාර පසුපස සිටින්නේත් තේවියන් යැයි සැකකෙරේ.

තේවියන් කළු කොටි දිවුරුම දී ඇති සියදිවි නසාගන්නා එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ද විය. එල්.ටී.ටී.ඊ මාධ්‍ය බුද්ධි අංශයෙත්,යුධ කටයුතු හා සම්බන්ධ බුද්ධි අංශයේත් සේවය කර ඇති  ඔහු එල්.ටී.ටී.යේ අති විශේෂ ඒකකයක් වූ රාධා රෙජිමේන්තුවටද අනුයුක්තව සිටියෙකි.ඔහු පුහුණුකරුවෙක් ලෙසද කටයුතු කර ඇත්තෙකි.

2009 පෙබරවාරි මාසයේදී රාධා රෙජිමේන්තුවේ ප‍්‍රධානී රත්නම් මාස්ටර්ගේ අණින් තේවියන් ඔහු ස්ථාන ගතවී සිටි  කරයිතුරයිපට්රු වෙරළ කලාපයෙන් ඉවත් කර තිබෙන අතර අනතුරුව එල්.ටී.ටී.ඊ නායක ප‍්‍රභාකරන්ගේ ආශිර්වාදය මත නැදුන්කර්නිහි වනගත ප‍්‍රදේශයන්ගේ සිදු කැරුණු රහසිගත  මෙහෙයුමක් සදහා යවා තිබේ.

තෙයිවීගන්

2009 වසරේ මැයි මාසයේදී යුද්ධය අවසන් වීමෙන් පසු රහසේ ඉන්දියාවට පළා ගිය  තෙයිවීගන් නෝර්වේහි වාසය කළ නෙදියවන් හා සබඳතා ගොඩනඟාගෙන නිරිතදිග ආසියා කලාපය වෙත සංක‍්‍රමණය විය.

අනතුරුව යුරෝපයට පැමිණි ඔහු කළාපයේ රට රටවලට සංචාරය කරමින් කල් ගෙවීය.මේ සමයේදී නෙදියවන්ගේ කණ්ඩායම ඉන්දියාවේ හා ශී‍්‍රලංකාවේ එල්.ටී.ටී.ඊ මෙහෙයුම් කටයුතු භාර ප‍්‍රධානියා ලෙස තෙයිවීගන් පත්කළ අතර ඒ අනුව ඔහු නැවත ඉන්දියාවට පැමිණියේය.තෙයිවීගන් නෙදියවන්ගේ කණ්ඩායම මෙන්ම තවත් එල්.ටී.ටී.ඊ සාමාජික කණ්ඩායමක් වූ විනයාගම්ගේ කණ්ඩායම සමගද සමිපව කටයුතු කළේය.ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් හෝ රහසිගත බෝට්ටු සේවාවක ආධාරයෙන් තෙයිවීගන් ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර රටින් රටට මාරු වෙමින් සිට ඇතැයිද සැකකෙරේ.

ගෝබිගේ නියම නම පොන්නයියා සෙල්වනායගම් කජීබන් වන අතර ඔහුගේ වසය  අවුරුදු 31 පමණය.ඔහුගේ අනෙක් අනවර්ථ නාමය වූයේ කාසීයන්ය.කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ පච්චිලයිප්පල්ලි ප‍්‍රදේශයේ ඉයක්කච්චිහි පදිංචිකරුවෙකු වන ගෝබිද තම තරුණ වයසේදීම ස්වේච්ඡාවෙන් එල්.ටී.ටී.යට බැඳුනෙකි.එල්.ටී.ටී.යේ ‘‘කිට්ටු‘‘කාලතුවක්කු බළ ඇණියේ සේවය කළ ඔහු පසුව පොට්ටු අම්මාන් යටතේ වූ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශයයේ සාමාජිකයෙක් විය.

එල්.ටී.ටී.ඊ බුද්ධි අංශයේ පෙරින්බම් මාස්ටර් යටතේ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ කි‍්‍රයාකාරියෙකු 

ලෙස ගෝබි සේවය කළේය.දිගු කලක් තිස්සේ කොළඹ ස්ථාන ගත කර සිට ඇති ඔහුට පැවරී තිබුණු වගකීම් වුයේ තොරතුරු විමර්ශන කටයුතු වල යෙදීම හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු අධීක්ෂණය කිරීමය.වාර්තා වන ආකාරයට ගෝබිට හොදින් සිංහල බස හැසිරවීමේ හැකියාවද තිබී ඇත.

ගෝබි විවාහකයෙකි.ඔහුගේ බිරිද ති‍්‍රකුණාමලය පලෙයිඌට්රු ප‍්‍රදේශයේ  පදිංචිකාරිනියක වන ෂර්මිලා බාලමුරුගන්ය.යුද්ධය අවසන් වන විට දෙදෙනම  සිටියේ වන්නියේය.ෂර්මිලා ඒ වන විට ගැබිණියක බවට පත්ව සිටි අතර ගෝබි ඇයත්  සමග සාමාන්‍ය වැසියෙකු ලෙස පෙනී සිටිමින් අභ්‍යන්තරිකව අවතැන්වූවන් සදහා  චෙට්ටිකුලම්හි පිහිටවුණු ආනන්ද කුමාරස්වාමි කඳවුරේ නවාතැන් ගත්තේය.

කදවුරේදී ෂර්මිලා දරුවා බිහි කළාය.දරු උපතින් පසු ති‍්‍රකුණාමලය පලෙයිඌට්රු ප‍්‍රදේශයේ ෂර්මිලාගේ පියා වාසය කරමින් සිටි නිවෙසේ පදිංචියට යාමට ඔවුන්ට  අවසර ලැබිණි. බර වාහන පැදවීමේ බලපත‍්‍රයක් තිබූ ගෝබි  රියැදුරෙකු ලෙස සේවය කිරීමට සෞදි අරාබිය බලා පිටත්ව ගියේය.තම කොන්තරාත් කාලය අවසාන වීමෙන් පසු ගෝබි පැමිණියේ යුරෝපයටය.වාර්තා වන  අන්දමට ගෝබි යුරෝපයේ සංචාරය කරමින් සිටයදී ඔහුට එල්.ටී.ටී.යේ නෙදියවන්ගේ කණඩායමේ නියෝජ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරන ඉරුම්පෝරයි හමුව තිබේ.පසු

තම බිරිඳ හා මව සමග තිබූ සියලූ සබඳතාවයන් කපා හැර ඇති හෙතෙම ලොරියක් මිලයට ගෙන එහි හිමිකරු/ රියැදුරු ලෙස කටයුතු කරමින් භාණඩ ප‍්‍රවාහනය සදහා එය කුලියට දී ඇත.

මේ ආකාරයෙන් තම සැබෑ අනන්‍යතාව සඟවාගැනීමට සමත්ව තිබෙන ඔහු වැඩිමනත්ව භාණ්ඩ ප‍්‍රවාහනයේ යෙදී තිබෙන්නේ කොළඹ හා උතුර අතරය.මේ ගමන් වලදී සංවිධානයේ වැඩකටයුතු වෙනුවෙන් පුද්ගලයින්  බදවාගැනීමද,සැගවී සිටීම සදහා රහසිගත ස්ථාන සොයාගැනීම හා පිහිටුවීමද ඔහු සිදුකර තිබේ.

නවනීතන්

නවරත්නම් නවනීතන් හෙවත් අප්පන් 1978 දෙසැම්බර් මස 22 වැනි දා යාපනය දිස්ති‍්‍රක්කයේ  උරාණියේ උපත ලැබූවෙකි.නවනීතන්ද එල්.ටී.ටී.යට එක්ව ඇත්තේ ස්වේච්ඡාවෙනි. ඒ 1996 වසරේදීය.අප්පන්ට අමතරව අභීෂන් හා තිරු ලෙස තවත් අන්වර්ථ නම් දෙකකින් නවනීතන් හැදින්වේ.

එල්.ටී.ටී.යේ සිර කඳවුරු හා රැඳවුම් කඳවුරු භාරව කටයුතු කළ  ගාන්ධි යටතේ අවුරුදු ගණනාවක් සේවය කර ඇති අප්පන් පසුව පොට්ටු අම්මාන් යටතේ කි‍්‍රයාත්මක වූ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය වෙත අනුයුක්ත කර තිබේ.

2006 වසරේදී අප්පන් කොළඹ බලා යැවුණු අතර ඔහු වැඩ කළේ කාන්තන් නම්  එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරියෙකු යටතේය.ගෝබිට මෙන්ම අප්පන්ටත් පැවරුණු වගකීම් වුයේ  තොරුතුරු විමර්ශනය හා ප‍්‍රවාහන කටයුතුය.

යුද්ධය අවසන් වන විට අප්පන් සිටියේ  කොළඹ වන අතර ඔහු පසුව කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත්තේ එරට රියැදුරෙකු ලෙසසේවය කිරීමටය.මැදපෙරදිගදී අප්පන්ට ගෝබි හමුවී තිබෙන අතර ගෝබි ලෙසම ඔහුත් ශී‍්‍ර ලංකාවට පැමිණී පසු තම පවුල සමග තිබෙන සියලූ සබදකම් අතහැර එල්.ටී.ටී.යට යළි පණ දීමේ කටුයතු වලට හවුල් වී ඇත.

අප්පන්,ගෝබි,තෙයිවීගන් යන තිදෙනාටම ශී‍්‍ර ලංකාවෙන් පිටත සැපපහසු ජීවිත ගත කිරීමේ අවස්ථාව තිබුණි.නමුත් ඔවුන් ඒ සියල්ල අතහැර දමා දිවයින වෙත පැමිණි ඇත්තේ එල්.ටී.ටී.යට යළි පණ ලබා දීමේ එකායන අරමුණ ඇතිවය.

සාමයට හිතැති ජනතාවගේ වාසනාවකට මෙන් එල්.ටී.ටී.ය නැඟිටුවීම සදහා මේ තිදෙනා සැළසුම් කළ,සම්බන්ධීකරණය කළ හා කි‍්‍රයාවට නැංවූ වැඩපිළිවෙළ එහි මුල් අවස්ථාවේදීම අකර්මණ්‍ය කර දැමිමට ශී‍්‍ර ලංකා බළධාරීන් නිසි කළ නිසි ලෙස ගත් පියවර නිසා හැකිවිය.

මුලින් මේ සියල්ල පිටුපස සිටි මහ මොළකරු ගෝබි යැයි  සිතා සිටියත් අලූතින් ලැබුණු තොරතුරු වලින් හෙළිව ඇත්තේ මේ සියල්ල තෙයිවීගන් හෙවත් දෙයිවීගන් සැළසුම් කළ බවයි.එල්.ටී.ටී.යේ නැවත නැඟීටීමක සියලූ වගකීම් භාරව කටයුතු කර ඇත්තේ ඔහුයැයි අනාවරණය වී තිබේ.

ලැබී ඇති තොරතුරු අනුව මේ තිදෙනා වෙන වෙනම අංශ 3 ක් භාරව කටයුතු කර ඇත.බුද්ධි අංශය භාරව ගෝබිත්,ප‍්‍රචාරණ කටයුතු භාරව අප්පනුත්,මෙහෙයුම් හා ප‍්‍රහාර එල්ල කිරීම් භාරව තෙයිවීගනුත් කටයුතු කර තිබෙන අතර තෙයිවීගන් අමතරව කල්ලියේ නායක ධූරයද දරා ඇත.

නව එල්.ටී.ටී.ය.

ඔවුන් සිහින දුටු නව එල්.ටී.ටී.ය ට කෙටි කාලීන,මධ්‍ය කාලීන හා දිගු කාලීන ඉලක්ක  තිබුණි.සාමාජිකයින් බඳවා ගැනීම හා සැඟවී සිටීම සදහා ස්ථාන පිහිටුවීම ඔවුහු දිගටම  කරගෙන ගියහ.

සාමාජිකයින් බඳවා ගැනීමේදී ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ ආරක්ෂක අංශ වලට යටත් නොවුණු, පුනරුත්ථාපන වැඩසටහන් වලට ඇතුළත් නොවුණු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කෙරෙහිය.මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ හා අතුරුදන්ව සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වලින් ඔවුන්ගේ ළගම ඥාතීන් තෝරාගෙන ඔවුන්වද බඳවා ගැනීම සිදුවිය.

ඇතැම් අවස්ථා වලදී බඳවා ගැනුණු පුද්ගලයින් සැබෑවටම අහිංසකයෝ වූහ.මොවුහු සංවිධානයේ සැබෑ ස්වරූපය හෝ එහි භයංකර වැඩපිළිවෙළ ගැන කිසිත් නොදැන එහි වැඩකටයුතු වලට හවුල්වූවෝ වෙති.

එල්.ටී.ටී.යට යළි හුස්ම පිඹිීමේ මේ සකල ව්‍යායාමයම බියකරු ස්වරූපයක් ගත්තේ ඊට  එල්.ටී.ටී.යේ අභ්‍යන්තර කොටස් වලින් ලැබුණු නොමද සහය නිසාය.එල්.ටී.ටී.යේ විවිධ අංශවල හා ඉදිරි පෙළ සංවිධානයන්ගේ සහය තෙයිවීගන්,ගෝබි,හා අප්පන් ති‍්‍රත්වය වෙත විය.එල්.ටී.ටී.යේ ජාත්‍යන්තර අංශය භාරව කටයුතු කළ පෙරින්බනායගම් සිවපාරන් හෙවත් නෙදියවන්ගේද,එල්.ටී.ටී.ඊ මූලස්ථානය භාරව කටයුතු කළ සේකරම්පිල්ලේ විනයාග මූර්ති හෙවත් විනයාගම්ගේද සහය ඔවුන් කෙරේ වුණි.නෙදියවන් හා විනයාගම් අතර ගැටුම්කාරී වාතාවරණයක් පැවතියත් ඔවුන් මේ වෑයම වෙනුවෙන් තම තමන්ගේ වෙනස්කම් අමතක කර දමා ඇති සෙයක් පෙනුණේ තෙයිවීගන්,ගෝබි හා අප්පන්ගේ කටයුතු වෙනුවෙන් එක්ව අරමුදල් සැපයීමට පටන් ගත් බැවිනි.

එල්.ටී.ටී.යේ නැවත නැඟීටීමකට අවැසි මුදල් සැපයීම සිදුව ඇත්තේ මුදල් ප‍්‍රවාහනය කළ  ඒජන්තවරුන් මෙන්ම නමගිය බැංකු මාර්ගයෙන් යැයි පෙනී යන්නකි.

ශී‍්‍ර ලංකාවේ එල්.ටී.ටී.යට පණ දීමක් අරබයා විදේශයන්හි සිට සිදුව ඇති මුදල් ගනුදෙනු  පසුපස ප‍්‍රධාන පුද්ගලයෝ පස් දෙනෙක් සිටිති. ස්විට්සර්ලන්තයේ වාසය කරන යාතවන් නොහොත් සන්තෝෂම් මාස්ටර්,ප‍්‍රංශයේ වාසය කරන වීරමනී හෙවත් රාගන්,ජර්මනියේ වාසය කරන ශාන්ති,කැනඩාවේ දේවා හා බි‍්‍රතාන්‍යයේ ඔවුහුය.

සන්තෝසම් මාස්ටර්

මොවුන් අතරින් සන්තෝසම් මාස්ටර් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි.ඔහුගේ සැබෑ නම  පරමනාතන් යාතවන් වේ.එල්.ටී.ටී.යේ ඔහුට පබැදී තිබුණු නම සන්තෝසම් වූ අතර ඔහු  බඳවාගැනීම් හෝ පැහැරගැනීම් වලින් හෝ සංවිධානයට අනුයුක්ත කර ගන්නා නව  සාමාජිකයින් පුහුණු කිරීමේ කටයුතු භාරව කටයුතු කළ හෙයින් සන්තෝසම් මාස්ටර් ලෙස හැදින් විණි.

යාතවන් හෙවත් සන්තෝසම් මාස්ටර් 1979 ජනවාරි මස 10 වැනි දා උපන්නේය.වයස අවුරුදු 16 ලැබූ ,1996 වසරේදී , ඒල්.ටී.ටී.ඊ සංවිධානයට එක්ව ඇති ඔහු 2009 වසරේ යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ වෙත යටත්වූවෙකි.පුනරුත්ථාපනයෙන් පසු 2010 වසරේදී

නිදහස්වී තිබෙන ඔහු එම වසරේදීම ශී‍්‍ර ලංකාව අතහැර ස්විට්සර්ලන්තය බලා ගොස් තිබේ.තමන් සරණාගතයෙකු යැයි පෙන්වා එරට වාසය කිරීමේ අයිතිය ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබිණි.

වීරමනී හෙවත් රාගන්ද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකි.වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ  විශ්වාසවන්තම සේවකයෙකු යැයි කියන ඔහු කොටි නායකයාගේ පෞද්ගලික රියැදුරා ලෙස  දිගු කලක් සේවය කර ඇතැයි සදහන්ය.ජර්මනියේ සිටින ශාන්ති ජීවත්වීමේ අපහසුතා ඇති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වේ නම් ඔවුන්ට ආධාර පිණීස නිතරම පාහේ මුදල් එවීමට කටයුතු කරන කාන්තාවකැයි සොයාගෙන තිබේ.බි‍්‍රතාන්‍යයේ සිටින සූරි හා  කැනඩාවේ දේවා ගේ කටයුතු සම්බන්ධයෙන් දැනට වැඩි තොරතුරු අනාවරණය කරගෙන නොමැත.

විදේශයන්හි සිට ලැබුණු මුදල් තෙයිවීගන්,ගෝබි,අප්පන් ති‍්‍රත්වය යොදාගෙන ඇත්තේ ශී‍්‍රලංකාවේ එල්.ටී.ටී.යට යළි පණ දීමේ කටයුතු සදහාය.මුදල් යොදවා ඔවුන් ඉඩකඩම් හා නිවාස මෙන්ම රථවාහනද මිලට ගෙන තිබේ.පරිගණක හා කැමරා වැනි උපාංගද මිලට  ගෙන ඇත.අත් පති‍්‍රකා හා පෝස්ටර මුද්‍රණය කිරීමද මුදල් යොදවා සිදුකර ඇති දේ අතරට  ඇතුළත්ය.

 

එසේවුවත් ප‍්‍රධාන කොටම මුදල් භාවිතා කෙරී ඇත්තේ පුද්ගලයින් බදවා ගැනීම සදහා ඇමක් ලෙසය.මේ සදහා නිර්ලෝභීව මුදල් යොදවා ඇති ඔවුන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල උදවිය වර්තමානයේ මුහුණදී සිටින අගහිගකම් තමන්ගේ වාසියට හරවා ගැනීමට කටයුතු කර තිබේ.තවද විවිධ මූල්‍යමය දීමනා හා වරප‍්‍රසාද ලබාදීමේ මුවාවෙන් පුද්ගලයින් බදවා ගැනීමද ඔවුන් සිදුකර ඇත.

මෙම සමස්ත ජාලයම කොටස් තුනකට හෝ හතරකට කට බෙදා තිබී ඇති අතර ඒවා අතර සබඳතාවය පවත්වාගෙන ඇත්තේ අන්තර් ජාලය ඔස්සේය.විදේශන්හි සිටින කි‍්‍රයාකාරීන් හා සබදතා දුරකථනය හා අන්තර් ජාලය ඔස්සේ සිදුකර ඇත.සංවිධානයේ සමස්ත කි‍්‍රයාකාරීත්වය ගැන නොසොයා තමුන්ට පැවරී ඇති වගකීමේ පරිදි ‘‘දැන පමණට කටයුතු කිරීම‘‘ යන පදනමක පිහිටා ජාලය වෙත සාමාජිකයින්ගේ සහය ලබාගෙන තිබේ.ජාලයේ ප‍්‍රධාන පුද්ගලයින් තිදෙනා තෙයිවීගන්,ගෝබි හා අප්පන්  විය.

තෙයිවීගන් සියල්ලන්ගෙන් සැඟවී රහසේ කටයුතු කළ අතර සාමාජිකයින් බඳවා  ගැනීම,සැඟවී සිටීම සදහා ස්ථාන පිහිටුවීම වැනි දුව පැන සිදුකළ යුතු කටයුතු වල වැඩිබර දැරූයේ ගෝබිය.

අප්පන්ද ගෝබි තරමටම නොවූවත් එම කටයුතු වල නිරත විය.ගෝබි ලොරි රථ හිමිකරුවෙකු/රියැදුරෙකු ලෙස පෙනී සිටිද්දී අප්පන් ඔහුගේම ත්‍රිරෝද රථයක ආධාරයෙන්

තී‍්‍රරෝද රථ රියැදුරෙකු ලෙස පෙනී සිටියේය.මෙම වාහන දෙකම රටේ නම ගිය ආයතනයකින් මිලට ගෙන ඇත.

පුනරුදය

අලූතින් ලියලන්නට යන බව පෙනුණු උවදුර මර්දනය කිරීමට රාජ්‍ය බුද්ධි අංශය,හමුදා බුද්ධි අංශය හා පොලිස් ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය එක් විය.

ඔවුනොවුන්ගේ දෙපාර්තමේන්තු අතර අතීතයේ සිට තිබෙන වෙනස්කම් හා මතගැටුම් අමතක කර දැමූ ඔවුහු එල්.ටී.ටී.යේ පුනරුදයක් ඇතිවීම වැළැක්වීම උදෙසා මුළු හදවතින්ම එක්වූහ.

පරීක්ෂණ කටයුතු සිදු වෙද්දී  වැඩි වැඩියෙන් පුද්ගලයින් රඳවාගෙන ප‍්‍රශ්න කැරිණි.මේවායේ ප‍්‍රතිඵල ලෙස එල්.ටී.ටී.යේ නැවත නැඟිටීමක්  පසුපස සිටින්නේ මෙකී පුද්ගලයින් තිදෙනා බව ආරක්ෂක අංශවලට කෙමෙන් කෙමෙන් පැහැදිළි වන්නට විය.

මේ සම්බන්ධයෙන් සිදු කළ  පරීක්ෂණ එක් එක් ස්වරූපයන් ගත්තා සේම  ඇතැම් අවස්ථාවන්හීදී අනපේක්ෂිත සිදුවීම් වලටද මුහුණ දෙන්නට සිදු විය.

ගෝබිගේ නම කරලියට පැමිණි මුල් සමයේ පොලිසිය ඔහුව අල්ලා ගැනීමේ අරමුණින් ඇලවූ පෝස්ටර් වල අන්තර්ගත වූයේ ගෝබිගේ තොරතුරු පමණි.පසුව අප්පන් සම්බන්ධව තොරතුරු හෙළිවූ අතර එම තොරතුරුද ගෝබිගේ පෝස්ටරයට යොදා එය

නැවත වරක් අලූතින් බෙදා හැරුණි.මොවුන් දෙදෙනා සම්බන්ධ තොරතුරු ලබාදෙන්නෙකුට මුදල් ත්‍යාග ලබාදෙන්නේ යැයි පෝස්ටර හා පති‍්‍රකා ව්‍යාපාරයක්ද පොලිසිය ගෙන ගියේය.තෙයිවීගන්ගේ තොරතුරු හෙළිවූ විට ඔහුගේ තොරතුරු පමණක් අන්තර්ගත කළ  පති‍්‍රකා වෙනම නිකුත් කැරිණි.

එල්.ටී.ටී.යට නැවත පණදීමේ කි‍්‍රයාදාමයක් පසුපස සිටින්නේ මේ තිදෙනායැයි තහවුරු වු පසු එම තොරතුරු සඳහන් තවත් පොස්ටර හා අත් පති‍්‍රකා සමූහයක් බෙදා හැරිණි.

තිදෙනාගේම තොරතුරු එකම පෝස්ටරයක හා අත්පති‍්‍රකාවක සදහන් විය.මොවුන් කොටුකරගැනීමට ආධාර වන තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් ලක්ෂ 10 ක් බැගින් 

මුදල් ත්‍යාගයක් ලබාදෙන්නේයැයිද එම පෝස්ටර හා අත්පති‍්‍රකා වල සදහන් විය.

ඒවායේ දැක්වුණු දුරකථන අංක වලින් තොරතුරු වේ නම් ඒවා ආරක්ෂක අංශ වෙත දැන්වීමේ හැකියාව මහජනයා වෙත ලබාදී තිබිණි.

ආරක්ෂක අංශ තොරතුරු වලට අනුව අත්පති‍්‍රකා 42000 ක ප‍්‍රමාණයක් උතුරේ බෙදාහැර තිබේ. ඊට සමගාමිව පොදු ස්ථානවල පෝස්ටර ඇලැවිණි.මේ සියල්ලට පොදුජනතාව ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වා ඇත.ඔවුහු නොයෙක් තලයන් ඔස්සේ ආරක්ෂක අංශ වෙත තොරතුරු සැපයුහ. සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින්  සම්බන්ධයෙන් ඔත්තු කිහිපයක්ම මේ මාර්ගයෙන් ආරක්ෂක අංශ වෙත ලැබුණි.ඒවා බොහෝමයක් අනවරතයේ ඇතිකරගත් බියක් නිසා හෝ සාවද්‍ය තොරතුරු පදනම් කරගත් ඒවා බව ආරක්ෂක අංශ එම තොරතුරු ආශ‍්‍රයෙන් සිදුකළ පරීක්ෂණ වලදී හෙළි විය.අවසානයේ එක් වැදගත් ඔත්තුවක් ලැබුණේ වවුනියාවේ උතුරු කොටසේ වෙඩිවයිත්තකල්ලූ ප‍්‍රදේශයෙනි.

එයින් පැවසුණේ වනයේ දර කැපීමේ නිරතව සිටි කණ්ඩායමකට වනයේ සිදුවන සැකකටයුතු ලෙස සැරිසරන කිහිපදෙනකු දැක ගැනීමයි.දර කපන්නන්ගේ කණ්ඩායමේ සිටි එක් අයෙකු එම පුද්ගලයින් කිහිපදෙනා අතර ගෝබි සිටියේයැයිද පැහැදිලි ලෙසම ප‍්‍රකාශ කර තිබිණි.

 

වෙඩිවයිත්තකල්ලූ

වවුනියාවේ උතුරු ප‍්‍රදේශය නොඑසේ නම් නැදුන්කර්නි ප‍්‍රදේශය වන්නියේ සිටම  විහිදෙන්නකි.මෙම කලාපයේ දකුණු දිග ප‍්‍රදේශයේ ජනාවාස ඇත්තේ තැනින්  තැනය.ඉතිරි සියල්ල වැසී ඇත්තේ ඝන වනයෙනි.නැදුන්කර්නි හි සිට සැතපුම් 8 ක්  පමණ දකුණු දෙසට වන්නට වෙඩිවයිත්තක්කල්ලූ ප‍්‍රදේශයයි.නැදුන්කර්නියේ සිට පැමිණෙන වටරවුම් මාර්ගයකින් වෙඩිවයිත්තක්කල්ලූ වෙත ළගා විය හැකියි.පෙරියකුලම්

ආසන්නයේ හන්දිය වෙත යන්නෙකුට දකුණු දිශාවට විහිදෙන මාර්ග දෙකක් දැකගත හැකි  වෙයි. ඉන් එකක් වැලිඔය(මානල් ආරු) ප‍්‍රදේශයටත් අනෙක කට්කුලම්,මාරුතෝඩයි,ඌන්ජාල්කට්ටිමරිප්පු, හරහා වෙඩිවයිත්තක්කල්ලූ වෙතත් අනතුරුව කෝවිල්පුතියකුලම් දක්වාත් විහිදේ.නිවැරදි මාර්ගය තෝරාගෙන වෙඩිවයිත්තක්කල්ලූ වෙත ළගා විය හැකයි.

වෙඩිවයිත්තක්කල්ලූ ප‍්‍රදේශයේ වී වාගාව සරුවට සිදුකෙරේ.පොල් වගා මෙන්ම ගවයින් ඇතිකිරීම සදහා සාරවත් තණ බිම්ද එහි පිහිටා ඇත.වෙඩිවයිත්තක්කල්ලූ සිට ඌත්තුක් කුලම් ඔස්සේ බෝගස්වැව දක්වා මහා වනයක් විහිදෙයි.මෙම වනයේ එක් අන්තයක් වවුනියාවේ වෙඩිවයිත්තක්කල්ලූ ප‍්‍රදේශයේ වන අතර අනෙක් අන්තය පිහිටන්නේ අනුරාධපුරයේ පදවිය ප‍්‍රදේශයේය.ආරක්ෂක අංශ වෙත අවශ්‍යව  සිටින මේ පුද්ගලයින් තිදෙනා සිටින්නේ යැයි හදුනාගැනීමට හැකිවී ඇත්තේ වර්ග කිලෝමිටර 12 - 15 ක් අතර ප‍්‍රදේශයක් පුරා පැතිර ඇති මේ වනයේය.

ලැබුණු තොරතුරු අනුව මෙහෙයවුණු ආරක්ෂක අංශ ප‍්‍රථමයෙන් වනයේ සීමාව දිගට ආරක්ෂක අංශ සාමාජිකයින් රැඳවීය.අනතුරුව වනයේ සිදුකරන සටන් වල විශේෂ පුහුණුව ලැබූ භටයෝ කුඩා කණ්ඩායම් බැගින් වනයට ඇතුළුකරනු ලැබුහ.ඔවුහු සැකකරුවන් සොයා වනය පීරීම ඇරැඹුහ.අප්‍රේල් 10 වැනි දා පස්වරු 1 ට පමණ එසේ වනයට ඇතුළු වුණු එක් කණ්ඩායමක් ගස් වල සෙවණ ලැබුණු එළිමහන් ස්ථානයක් කරා

පැමිණියේය.ඔහු එහි ලිපක් බැඳ තිබෙනු දුටහ.ආහාර ටින් සමූහයක් තැන් තැන්වල විසිරී තිබෙනුත් ඔවුන්ට දැකගත හැකිවිය.ලිපෙහි තවමත් දීප්තිමත්ව එළිය දෙමින් තිබූ ගිනි අගුරු වලින් පැහැදිලි වූයේ කඳවුරේ සිටියත් කවරෙකුවූවද වනය පිරාගෙන එන භටයින්ගේ හඬ ඇසී පළා ගොස් ඇති බවයි.

වහාම කඳවුර වටා පිහිටි ප‍්‍රදේශයේ කිසිවෙකු සැඟවී සිටින්නේදැයි සොයා මෙහෙයුම් සිදුකෙරුණු අතර කිසිවෙකුත් සොයාගැනීමට නොහැකි වූවත් හමුදා භටයින්ට නිකුත් කරන ආකාරයේ ගමන්මලූ හතරක් සොයාගැනීමට හැකිවිය.

ගමන්මලූ

ගමන්මලූ වලින් 3 ක් පිරී තිබූයේ වනයේ ජීවත් වන විට අවශ්‍ය විය හැකි ආම්පන්න හා  උපකරණ වලිනි.ඒවා අතර බෙහෙත් කරල්,කෘමින්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇඟ ගල්වන බෙහෙත් වෙලූම් පටි,පිහි,විදුලි පන්දම්,කුඩා කණ්නාඩි,වියළි කෝෂ,විවිධ ආම්පන්න,ලයිටර්,ගිනි කූරු,හදිසි අවස්ථාවක ගින්නක් ඇවිලවීමට ඇවැසි දෑ අඩංගු කර තිබූ පෙට්ටි,ලණු,ඉටිපන්දම්,සැහැල්ලූ ඇඳුම් වැනි දෑ තිබුණි.අනෙකේ තිබුණේ නූඞ්ල්ස් පැකට්,ටින් කළ හරක් මස්,මාළු,සුප් හා කිරි.බිස්කට් වර්ග,චොකලට් වර්ග,ශක්ති ජනක ආහාර,හා වුයින්ග්ගම් පැකට් වැනි වියළි ආහාර ද්‍රව්‍යයන්ය.මෙම ද්‍රව්‍යයන් සියල්ල

සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසු තිදෙනාට මේවා ආධාරයෙන් දින 7 - 8 ක් වනයේ ජීවත්විය හැකිව තිබුණු බව  විය.

මෙම ගමන්මලූ හමුවීමෙන් පසු ආරක්ෂක අංශ මුළු වනය පීරා මොවුන් තිදෙනා සෙවීම ආරම්භ කළ අතර වවුනියාව,කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ති‍්‍රක්ක වල ස්ථාන ගත කර සිටි භටයෝ 3000 ක් පමණ මෙහෙයුමට කැඳවනු ලැබුහ.මෙම භටයින් සියලූ දෙනා භාරව කටයුතු කළේ වන්නි ආරක්ෂක සේනා අණදෙන නිළධාරී  මේජර් ජනරාල් බොනිෆස් පෙරේරාය.

මෙහෙයුමට සහභාගී කර ගැනුණු භටයින්ට ප‍්‍රථමයෙන් වන සටන් සම්බන්ධයෙන් විශේෂ  පුහුණුවක් ලබාදීම සිදුවිය.වනයේ සිදුකිරීමට යන මෙහෙයුමේදී මෙම පුහුණුව ඔවුනට උපකාරී වනු ඇතැයි සැළකිණි.

පුහුණු කටයුතු සිදු කැරුණේ මෙහෙයුම සිදුකිරීමට යන ප‍්‍රදේශයෙන් බොහෝ ඈත ප‍්‍රදේශයකදීය.භටයෝ පුහුණු කරනු ලැබුහ. සතුරා කලබල වීමෙන් වළක්වාගැනීම ඉන් අපේක්ෂා කැරිණි.

පුහුණු කටයුතු අවසාන වීමෙන් පසු එක් තැනකට හමුදා භටයෝ ප‍්‍රවාහනය කරනු ලැබුහ. එතැන් සිට මෙහෙයුම් සිදුකෙරෙන ප‍්‍රදේශය දක්වා ඔවුනට ගමන් කිරීමට සිදුවූයේ පා ගමනිනි.පුහුණු කටයුතු රාති‍්‍රය පුරාවටත් කි‍්‍රයාවට නැංවිණි.

අවාසනාවන්ත සිදුවීමක් වූයේ මෙවන් අවස්ථාවකදීය.අලූයම එකට පමණ පුහුණුවීම් වල  නිරතව සිටි භටයෙකු අතින් අත්වැරදීමකින් එල්ලවුණු වෙඩිපහරකින් තවත් භටයෙකු බරපතල තුවාළ ලැබීය.ඔහු වහාම පදවිය රෝහල කරා ගෙන ගියද තුවාළ බරපතල වූ හෙයින් ඔහු මරණයට පත්වූවේය.

එස්.කේ රාජා

සෙල්වරාජා කමලරාජා නම් වුණු මියගිය හමුදා භටයා ඔහුගේ සගයින් අතර හැදින්වුයේ එස්.කේ.රාජා ලෙසය.ඔහු කොකාවිල්හි පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අංශයේ සිව්වැනි බළඇණියට අනුයුක්ත වී සිටියෙකි.

කුරුණෑගල ඉතා දිළිදු පවුලක සාමාජිකයෙකු වුණු කමලරාජා ඔහුගේ මරණයෙන් පසු ලාන්ස් - කෝප‍්‍රල් ධූරය දක්වා උසස් කිරීමට හමුදා බළධාරීන් කටයුතු  කර ඇත.ඔහුගේ අවමගුලට යුද හමුදාවේ ඉහළම නිලධරයෝ සහභාගී වී වුහ.

ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නිවහනක්ද ඉදිකර  දෙන්නැයි  යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

මේ අතර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනා කොටුකර ගැනීම සදහා වන මෙහෙයුම සැළසුම් කරගෙන සිටි පරිදි කි‍්‍රයාවට නැංවෙමින් තිබිණි.අඳුරේ ආවරණය ලැබගනිමින් රහසේ වනය වටා හමුදා භටයින් ස්ථානගතවූයේ බොහෝ ස්ථාන වලදී මිටර 5 ක

 පරතරයකට එක් භටයකු බැගින් සිටින සේය.අරුණෝදය එළැඹෙන විට ඔවුහු සියළුදෙනා එල්.ටී.ටී.යේ තිදෙනා සැඟවී සිටි වනය වටා ස්ථාන ගතවී අවසන්ය.නිසලව හා නිහඬව සිටගෙන ඔවුන් බලාගෙන සිටියේ තමන්ගේ ගොදුරු වනයේ සිට පිටතට පැමිණෙන තෙක්ය.

අප්‍රෙල් 11 වැනි දා උදෑසන 6.45 ට පමණ එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරීන් තිදෙනා හොර රහසේ වනයෙන් පිටතට පැමිණෙනු දැකගත හැකිවිය.ඔවුන්ට ඉදිරියෙන් වනය වටා හමුදා භටයින්ගෙන් සැදුම්ලත් ආරක්ෂක වළල්ලක් පිහිටුවා ඇතැයි ඔවුන් නොදැන සිටි බවක් පෙනේනට තිබුණි.අනෙක් අතට එම ඔවුන් පිටතට පැමිණි ප‍්‍රදේශයේ වූ ඝන පදුරු හා යටි වගාව නිසා ඉදිරියෙන් ඇති දෙයක් පැහැදිලිව දැක ගැනීම ඔවුනට අපහසු වන්නට ඇත.ප‍්‍රථමයෙන් එළියට පැමිණියේ තෙයිවීගන් හා අප්පන්ය.ඔවුන් පිටුපසින් ගෝබි පැමිණියේය.

සටන

හදිසියේම තෙයිවීගන් පදුරු අතරින් දුටුයේ තමන්ගේ සිට මිටර 10 කට නොඅඩු දුරකින්  ස්ථාන ගතවී සිටිනා හමුදා භට පිරිසයි. ඒ සමඟම ඒහාම ඔහු පිස්තෝලයක් ඇද ගත්තේය.මේ දුටු හමුදා භටයෝ වෙඩි තැබූහ.දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් ඇතිවිය.තෙයිවීගන් හා අප්පන් හමුදා භටයින්ගේ වෙඩි පහර වලට ගොදුරු වුහ.

තෙයිවීගන් උන්හිටි තැනම වෙඩි කෑ අතර අප්පන් පසුපස හැරී දුවන්නට සැරසෙද්දී වෙඩි කෑවේය.වෙඩි තැබීම ඇරඹුණු වහාම පළා ගිය ගෝබි පඳුරු අතරේ සැඟවුණේය.ඔහු ඉරියව් දැක ඔහු අත්බෝම්බයක් විසිකිරීමට සැරසෙන්නේයැයි සැකසිතූහ. හමුදා භටයෝ ඔහුටද වෙඩි තැබුහ.වෙඩිකෑ ගෝබි ද මරු තුරුල්ලට ගියේය.දේපාර්ශවය අතර සටන නිමාවූයේ කොටි  සාමාජිකයින් තිදෙනෙකු මරණයට පත්වී හමුදා භටයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබිමෙනි.ආරක්ෂක අංශ ක්ෂණිකව ප‍්‍රහාර එල්ල කළ අතර සිරකරුවන් ලෙස කොටි සාමාජිකයින් භාරගැනීමක් ද නොවීය.

චන්ද්‍රිකා දුරකථනදෙකක්  ඇතුළු දුරකථන හයක් මැරුම් කෑ කොටි සාමාජිකයින් සතුව තිබී  සොයාගත හැකිවිය.‘‘තමන් සිටින තැන සොයා ගැනීමේ ගෝලීය පිහිටුම් අනාවරකයක්‘‘ (ජී.පී.එස්) උපකරණයක්ද ශී‍්‍ර ලංකා,ඉන්දියා හා ඇමරිකා මුදල්,ලිපින හා ද



අදහස් (0)

මළ කොටියාට පණ දෙන්න ගිහින් මැරේ

නන්ද Monday, 21 April 2014 07:49 PM

දැන් අහවලා කියයිද දන්නේ නැහැ එයා තමයි ඔක්කොම කළේ කියලා (නි)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 27 April 2014 07:16 PM

ගෝපිගේ සහෝදරයෙක් කියන්නේ ඇත්තද? (නදී)

:       0       0

සඳුකි Monday, 21 April 2014 08:52 PM

අපේ කිලිනොච්චි ඔෆිස් එකේ සේවය කරන ද්‍රවිඩ මිතුරියක් මට කතාකලා.."මම නම් හිතුවේ අයෙත් අපේ ජීවිත ඉවරයි කියල.දැන්නම් සැනසීමෙන් ඉන්න පුළුවන්." (අ)

:       0       0

ලසිත පද්මසිරි Monday, 21 April 2014 11:29 AM

ජය වේවා. (ස)

:       0       0

ඉන්දික Monday, 21 April 2014 12:19 PM

එල්ටීටී එකට පණ දෙන්න ඉන්න අයට හොඳ පණිවුඩයක්. (ස)

:       0       0

අනිල් පෙරේරා Monday, 21 April 2014 11:49 AM

තිස් වසරක් ජාති ආගම් බේදයකින් තොරව,රටක් හැටියට සියලු රටවාසීන් දුක් විඳපු යුගයක් පසුකර. සාමය,සමගිය යළිත් රටතුළ ස්ථාපිත වෙමින් පවතින වර්තමාණයේදීම,නැවතත් රට අස්ථාවර කරනවුන්ට නිසි දඩුවම් ලබාදීමට හැකිවීම අනාගත ඒකීයරටක ශුබවාදී පෙර නිමිත්තක් නොවේද? එදාත්,අදත්,හෙටත්,රට රකින අපේ ත්‍රිවිද හමුදාවේ සියලු සාමාජිකයන්ට, රටේත්,ජාතියේත් උණුසුම් ප්‍රණාමය පුද කරමු. (අ)

:       0       0

බණ්ඩාර Monday, 21 April 2014 10:23 PM

කියන්න තියෙන්නේ මොන කොටිය ආවත් නිවැරදි නායකත්වය ඉදිරියේ හිස ඔසවන්න අපහසු බවයි ..අවුරුදු 30 මේ දුක් වින්දේ ඒ නිසා නොවේද සත්‍ය එයයි ....තත්වය සුළුවට සිතිය නොහැකි ..තව තවත් සතුරන් ඉදිරියේදී බිහිවිය හැකියි ..මතක තබාගන්න ආරක්ෂක හමුදාවට ක්‍රියත්මකවෙන්න පුළුවන් වෙන්නේ නායකත්වයෙන් අණ ලැබුනොත් පමණයි ...... (ස)

:       0       0

ඉන්දික Monday, 21 April 2014 12:50 PM

මට මතකයි ඡන්දෙ දවස් වල ඔය ගෝපි කියන හාදය ගැන කියනකොට සමහරු කිව්වේ ඡන්ද කාලෙට අයෙත් එල්.ටී.ටී.ඊ එක මතක් වෙලා කියල. එක තවත් ඡන්ද ගුන්ඩුවක් කියල. (අ)

:       0       0

රොහාන් Monday, 21 April 2014 12:07 PM

කොටින්ට සහයෝගය දක්වන්න අයට හොද පාඩමක්. (අ)

:       0       0

ලුම්බිණි Monday, 21 April 2014 01:01 PM

මෙහි 'සටන' කියන කොටස කියවන විට පෙනෙනවා සටනේ දරුණු ස්වරුපය. (ස)

:       0       0

වසන්ත Wednesday, 23 April 2014 12:45 PM

අනේ පව් ගෝපි. ගෝපි වෙනුවෙන් කතා කරන්න කව්රුවත් නැද්ද. අහිංසක කොල්ලා. ගෝපිට ලංකාවට එන්න ගුවන්තොටුපොලෙන් අවසර දුන්න මාමල දන්නේ නැහැ වෙන්නැති ගෝපි ආවා කියලා.(නදී)

:       0       0

සදුනි Monday, 21 April 2014 11:36 PM

නියපොත්තෙන් කපන්න පුලුවන්දේ පොරවෙන් කපන්නදෙන්න එපා. (නදී)

:       0       0

සදුනි Tuesday, 22 April 2014 03:03 PM

බණ්ඩාර ඔයා නිවැරදියි.අපිට අද ඒ නායකත්වය ඉහලින්ම ලැබෙනවා.සමහර අනුවණයන්ට ඒ බව අමතකයි. (ස)

:       0       0

සත්‍ය Monday, 21 April 2014 03:28 PM

අර මිය ගිය කෝප්‍රල් රජ ව අමතකයිද ? මෙයාල හමුදාවේ ඔත්තු සේවය කල බව ඔයාල නොදන්නවාද ? (නදී)

:       0       0

තරිදු Tuesday, 22 April 2014 04:42 PM

ඉතාමත් අගය කළ යුතු වාර්තාවක්.ඩී බී එස් ජෙයරාජ් මහතාටත්,කෝවිද ගුණසේකර මහතාටත් ස්තුතියි.නිසි කලට අනතුර හදුනාගෙන විශිෂ්ට මෙහෙයක් කළ සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා නිවැරදි මග පෙන්වීම ලබාදුන් සියලු නායකයන්ට තුති හා දීර්ඝා යුෂ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site