IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රජ කුමරුගේ රහස් පෙම් සබඳතා

 

චාල්ස් කුමරා

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා ද සාමාන්‍ය මනුෂ්‍යයෙකි. ඔහුට ද පේ‍්‍රමණීය හැගීම් පහළ වීම අරුමයක් නොවේ. එහෙත් ඔහු බි‍්‍රතාන්‍යයේ අනාගත රජු ලෙස උපන් මොහොතේ පටන් හැඩගස්වන ලද පුරුෂයෙකි. ප‍්‍රතිරූපයකි. තමන් එංගලන්තයේ අනාගත රජු වුව ද චාර්ල්ස් කුමාරයාට ද ස්තී‍්‍රන්ට පේ‍්‍රම කිරීමෙන් වැළකී සිටීමට නොහැකි විය.

රජුගේ ඔටුන්නට බි‍්‍රතාන්‍ය රජ පවුලට ගැළපෙන යුවතියක් සරණ පාවා ගැනීම කෙසේ වෙතත් චාර්ල්ස් කුමාරයා ද තම සිත් ගත් යුවතියන්ට පේ‍්‍රම කළේය.
චාර්ල්ස් වේල්සයේ කුමරිය හෙවත් ඩයනා සමග විවාහ වන්නේ 20 වැනි සියවසේ විවාහ මංගල්‍යයය හෙවත් එම සියවසේ දී ලෝක අවධානයට පාත‍්‍ර වූ අති විශාල විවාහ උත්සවයක් පවත්වමිනි. ඒ 1980 වර්ෂයේ දී ය. බි‍්‍රතාන්‍යයේ අග රැජන වූ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ වැඩිමහල් පුතු චාර්ල්ස් කුමාරයාගේ අතගත් මනාලිය අනාගත රජුගේ බිසව වීමට ඉහළම සුදුසුකම් සපුරා ඇති බව දත් රැුජන මේ යුවළට ආශිර්වාද කළාය.

එහෙත් චාර්ල්ස් ඩයනා හා විවාහ වූව ද ඔහු ඇයට සැබැවින්ම ආදරය කළා ද යන්න අදට ද ගැටලූවකි. ඩයනා චාර්ල්්ස්ට දාව අනාගත ඔටුන්න හිමි කුමරුවන් දෙදෙනෙක්ම බිහි කළාය. දැන් ඒ පරපුර තවත් ඔටුන්න හිමි කුමරුවෙක් බිහිකැර ඇත.

වේල්සයේ කුමරිය හා විවාහ වීමට පෙර චාර්ල්ස් ඇසුරු කළ පෙම්වතියන් වූ කැමිලා සහ සාරා කෙස්වික් ආර්යාව ඔහුගේ සත්‍ය පේ‍්‍රමවන්තියෝ වූ බව චාර්ල්ස්ගේ ආදර අන්දරය දත් බොහෝ දෙනාගේ මතයයි. චාර්ල්ස් ගැන දන්නා අය පවසන්නේ ඉතා සිත්ගන්නා සුලූ සුරූපිනියක වූ ඩයනා ස්පෙන්සර් මෙනවිය 1980 ජූලි මාසයේ හමුවූ මොහොතේ පටන් චාර්ල්ස් ඇය කෙසේ හෝ හමුවී නුසුුදුසු ස්ථාන වලදී ආදරයේ රස බැලීමට දින ගනිමින් සිටි බවයි. එකල තරුණ වියේ වූ චාර්ල්ස් ඇය හා එසේ සම්බන්ධ වූවේය. කෙසේ වෙතත් චාර්ල්ස් ඩයනා නොහොඹිනා තැන් වලදී හමුවුව ද ඒ ආදරය කෙළවර වූයේ විවාහයකිනි. ඒ විවාහය පසුව දික්කසාදයකින් අවසන් කෙරිණි.

චාර්ල්ස්ගේ දෙවැනි බිරිඳ කැමිලා පාකර් ඔහුට මුණ ගැසී ඇත්තේ 1970 වර්ෂයේදී ය. ඒ ඩයනා හමුවීමට වසර 10 ට පෙරාතුවය. එහෙත් කැමිලා හා විවාහ වීමට චාර්ල්ස්ට අවස්ථාව ලැබුණේ නැත. ඩයනා හා දික්කසාද වීමෙන් පසු ඇය මියගියාය. ඉන් පසුව ද ඔහුට කැමිලා හා විවාහවීමට බොහෝ බාධා තිබිණි. චාර්ල්ස්ගේ සමීපතමයන් පවසන්නේ චාර්ල්ස් කවර ගැහැනියකගේ පහස ලැබුව ද ආදරය ලැබුව ද ඔහුගේ හිත තිබුණේ කැමිලා අසල බවයි.

චාර්ල්ස් ට සිය පෙම්වතිය වූ කැමිලා විවාහකැර ගැනීමට මහා බාධකයක් විය. ඒ ඔහුගේ ඔටුන්නේ හිමිකමයි. ඔහු කවදා හෝ බි‍්‍රතාන්‍යයේ රජ කිරුළ දරන්නා බැවින් ජනතාවගේ මතය හා රජ පවුලේ අණ කිරීම් මත වෙනත් රටක රජ කුමරියක හෝ බි‍්‍රතාන්‍යයේ වංශවත් කුල කාන්තාවක් හා විවාහ වීමට චාර්ල්ස්ට සිදුවී තිබිණි. එනම් තම පෙම්වතිය පසෙක ලා තමන්ට අනවශ්‍ය බිරියක් සොයා යාමට ඔහුට බලපෑම් එල්ලවෙමින් තිබිණි.

 

 

චාල්ස් කුමරා තරුණ වියේදී කැමිලා සහ සාරා කැෂ්වික් යන මිතුරියන් සමග
 
ඩයනා සහ සාරා විවේකී මොහොතක

 



ජොනතන් ඩිම්බිල්බි විසින් රචනා කරන ලද චාර්ල්ස් කුමරුගේ චරිතාපදානයට අනුව චාර්ල්ස්ගේ ආදරය සොයා යාමේ දී හමුවූ යුවතියන් අතර ඉතා සුරූපී එමෙන්ම බුද්ධිමත් කාන්තාවක ලෙස සුප‍්‍රසිද්ධව ලූසියා සැන්ටකෲස් ප‍්‍රධාන වූවාය. ඇය චිලී දේශයේ තානාපතිගේ දියණියයි. මෝල්ටා ආදිපාද වරයාගේ දියණිය සිබ්ලියා ඩෝර්මන් මෙන්ම සින්ඩි බක්ස්ටන් ද චාර්ල්ස්ට හමුවූ හා ඔහු කෙටි කලක් හෝ ඇසුරු කළ යුවතියන් අතර ප‍්‍රධාන වෙයි.

මොවුන් හා ආදරයෙන් බැඳුණු චාර්ල්ස් නිතරම තමන් සත්‍ය පේ‍්‍රමවන්තයකු බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට වෙහෙසුණේය. එහෙත් යුවතියන් කිහිප දෙනකුට එකසේ පේ‍්‍රම කිරීම කොතරම් අසීරු දෙයක් වනු ඇත් ද ? කොතරම් පහත් දෙයක් වනු ඇත්ද? එහෙත් ඒ සියල්ල චාර්ල්ස් හොඳින් කළමනාකරණය කැරගෙන තිබේ. ඔහු දුසිම් දෙකකට වැඩි තරුණියන්ට ආදරය කළේය. ඔහු රාජ කුමාරයෙකි. නිකන්ම නිකම් රාජ කුමාරයෙක් නොවේ. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමරුවාය. ලෝකයේ බලවත්ම රජු ඔහු වනු ඇත. මේ යුවතියන් එවන් කුමරුවකු විශ්වාස කිරීමත් ඔහුට දිවි නොතකා ආදරය කිරීමත් පුදුමයක් නොවේ.
එහෙත් චාර්ල්ස් කුමරු සැබැවින්ම මේ යුවතියන් අතරින් කෙනකු ගැන හෝ සත්‍ය වශයෙන්ම සිතා ඇත්ද? ඔහු ඔවුන් ගැන සිතුවත් නොසිතුවත් ඔහුට ඒ ගැන ගැටලූවක් ඇති බවක් පෙනෙන්නට නැත. මේ යුවතියන් ඉතා කෙටි කලකින් තමන්ගෙන් ඈත් කරන්නට රජ කුමරා වග බලා ගත්තේය. එහෙත් ඒ නිකම්ම නිකම් නොවේ තමන්ගෙන් චාර්ල්ස් කුමරා ලබාගත් ආදරයත් තවත් බොහෝ දෑත් වෙනුවෙන් ඒ යුවතියෝ ද බොහෝ වරප‍්‍රසාද හිමිකැර ගත්හ. ඔහු සමග වැඩිම කාලයක් ඇසුරක් තබාගෙන ඇත්තේ කැමිලා සහ ඩයනා යන දෙදෙනා පමණි.
 

ඩයනාගේ සොහොයුරිය සාරා
 
ඩයනා කුමරිය

චාර්ල්ස්ගේ පැරණි පෙම්වතියෝ වැඩි පිරිසක් අසාර්ථක විවාහ ජීවිත ගත කරන්නන් බවට පත්ව සිටිති. ජේන් වෙල්ස්ලි ආර්යාව චාර්ල්ස්ගේ එක් පෙම්වතියකි. තමන්ට චාර්ල්ස් හා විවාහ වීමට හැකිවේයැයි සිතා සිටි ඇය අවසානයේ තනිකඩ ජීවිතයක් තෝරාගත්තාය. එමෙන්ම සැබ්රිනා ගිනස් ද චාර්ල්ස්ගේ තවත් පෙම්වතියකි. ඇය ද තවමත් තනිකඩ කාන්තාවකි.

චාර්ල්ස් කුමරු ද මේ යුවතියන් ඇසුරු කරද්දී විවිධ පොරොන්දු දුන්නේය. ඒවා ග`ගට කැපූ ඉනි මෙන් වෙද්දීත් ඒ කාන්තාවෝ තම රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා විශ්වාස කළහ. ඉන් එක් අයෙක් වන්නේ ඇනා වැලන්ස් නම් කාන්තාවයි. කුමරා ඇයට දෙවරක් ම විවාහ යෝජනා ගෙන ආවේය. එහෙත් ඇය හා විවාහ වීමට ඔහුට කිසිදු වුවමනාවක් වූයේ නැත. ඔහු කළේ හිතාමතාම ඇගේ සිතේ බලාපොරොත්තු ඇති කිරීමයි. චාර්ල්ස්ගේ තවත් පෙම්වතියක් වන්නේ කැරොලින් ලෝන්ග්මන් නමැති කාන්තාවයි. 1951 දෙසැම්බර් 24 දා උපන් ඇය ප‍්‍රකාශකයකු වන මාර්ක් ලෝන්ග්මන් නැමැත්තාගේ දියණියයි. 10 වැනි කේවන්හි අර්ල්වරයාගේ මිණිපිරියයි. ඇයට ද චාර්ල්ස් විවාහ පොරොන්දු දී තිබුණ ද ඩයනා හා විවාහ වීමත් සමගම තමන්ට ඔටුන්න හිමි කුමරා මුසා බස් කියූ බව දැනගත් ඇය 1982 දී විවාහ වූවාය. ඒ කොන්සවේටර් පාක්ෂිකයකු වන පීටර් සිවෙන්බර්ගකන් සමගිනි. දැන් දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය සැලිස්බෙරි ආසන්නයේ ජීවත් වන්නීය.

ටි‍්‍රයෝන් ආර්යාව ද චාර්ල්ස්ගේ තවත් පෙම්වතියකි. විවාහයට පෙර හාපර් නම් වූ ඇය 1948 දී උපත ලැබූ  ඕස්ටේ‍්‍රලියා ජාතික කාන්තාවකි. මෙල්බර්න්හි බැරී හාපර්ගේ දියණිය වූ ඇය 1973 වර්ෂයේ දී ටි‍්‍රයෝන් හා විවාහ වූවාය. කන්ගා යන සුරතල් නාමයෙන් හඳුන්වන ඇය දරුවන් සිව් දෙනකු බිහිකළාය. විවාහ වී මසක් යනතුරුම චාර්ල්ස් කුමරාගේ අනියම් බිරිය වූ ටි‍්‍රයෝන් ආර්යාව වයස අවුරුදු 49 දී ලේ විෂ වීමකින් මියගියාය.

ලෝරා ජෝ වොට්කින්ස් 1953 උපත ලද යුවතියකි. ඇමෙරිකාවේ රියර් අද්මිරාල් වරයකුගේ දියණියක වූ ඇය කෙරෙහි චාර්ලස්් විශේෂ ආකර්ශනයක් දැක්වූ බව තතු දන්නෝ කියති. කැලිෆෝනියාවේ සැන් දියෝගෝ හි දී ඇය මුණ ගැසුණු චාර්ල්ස ලෝරා සමග විවාහ වීමට උත්සාහ ගෙන තිබේ. එහෙත් ලෝරා රෝමානු කතෝලික කාන්තාවක වීම මේ විවාහයට හරස් වූ බව කියයි. කෝෆ්මන් නමැති අයකු හා විවාහ වී සිටින ඇය නිව්යෝර්ක් නගරයේ බෲක්ලන්හි වාසය කරන්නීය.

ඇන්ජෙලා නෙවිල් චාර්ල්ස් උපන් 1948 දීම උපත ලැබූ තැනැත්තියකි. ඇය පිලිප් කුමරුගේ පෞද්ගලික ලේකම්වරයා වූ රූපට් නෙවිල්ගේ දියණියයි. චාර්ල්ස් ඇයට ද විවාහ පොරොන්දු දුන්න ද අවසානයේ පිටුපෑවේය. 1994 දී කලාකරුවකු වූ කේටීන්ග් සමග විවාහ වුව ද ඔවුන්ට දරුවන් නැත. පවුම් ලක්ෂ 500 ක පමණ ව්‍යාපාරයක හිමිකරුවකු වූ ඇගේ සැමියා විවාහයෙන් වසර හතරකට පසු මියගියේය. ඇය දැන් ලන්ඩන් නගරයේ ජේම්ස් විදියේ ජීවත්වන්ීය.
රෝසි වෙස්ටි ක්ලිෆ්ටන් මහත්මිය 1952 වර්ෂයේ උපත ලැබූ කාන්තාවකි. තුන්වැනි වෙස්ටි උත්තමයන්ගේ සහෝදරයා වූ මාර්ක් වෙස්ටි සමග විවාහ වූවාය. ඒ චාර්ල්ස් තමන්ට පිටුපෑ බව දැනගත් පසු 1975 දීය. දැන් දරුවන් සිව් දෙනකුගේ මවකි. විවාහයට පෙර 1973 සරත් සෘතුවම ඇය ගතකැර ඇත්තේ චාර්ල්ස් කුමාරයා සමගිනි.

කැබෲස් හි ආදිපාදවරිය. ඇය විවාහයට පෙර හඳුන්වන ලද්දේ පර්සි නමිනි. 1947 දී උපත ලබා ඇත. නෝර්දන්බර්පන්ඞ් ආදිපාදවරයාගේ දියණියයි. කැරොලින් පර්සි ආර්යාව පියරේ දි කැබෲස් ආදිපාදවරයා හා ඇය 1974 දී විවාහ වූවාය. දරුවෝ දෙදෙනෙකි. ඇන්ඩෲ පාර්කර් කැමිලා හා සම්බන්ධව සිටි කාලයේ දී ම ඇය ද චාර්ල්ස් සමග මෙන්ම ඇන්ඩෲ සමග ද සම්බන්ධව සිටීම විශේෂත්වයකි.

හෙන්රිටා ෆිට්ස්රෝයි දෙවැනි ග‍්‍රැෆ්ටන් ආදිපාදවරයාගේ දියණියයි. 1949 උපන් ඇයගේ මව එලිසබෙත් රැුජනගේ සමීපතම මිතුරියකි. නිතර නිතර රජ ගෙදර ආ ඇය චාර්ල්ස් හා පෙමින් වෙළුනාය. එහෙත් ටික කලකින් චාර්ල්ස් ඇයට පිටුපෑම හේතුවෙන් 1979 දී අධිනීතීඥයකු වූ එඞ්වඞ් ජෝර්ජ් සමග විවාහ වූවාය. ඔහු ඇයට වඩා වයස අවුරුදු 24 කින් වැඩිමහල් තැනැත්තෙකි. ළමයින් දෙදෙනකුගේ මවක වූ ඇය තම සැමියාගෙන් දික්කසාද වී වෙනම ව්‍යාපාරයක් කරගෙන ජීවත්වන්නීය.

ෆියෝනා වොට්සන් 1953 දී උපත ලැබූ තැනැත්තියකි. ඇය මැන්ටන් උත්තමයාගේ දියණියයි. බොහෝ දෙනකු සිතා සිටියේ ඇය චාර්ල්ස්ගේ බිරිය වනු ඇති බවයි. නමුත් ඒ පේ‍්‍රමය වැඩි කල් නොගොස් දෙදරා ගියේය. ෆියෝනා කීවේ තම අපරික්ෂාකාරී වැඩ හේතුවෙන් තමන්ට රජකුමරාගේ ආදරය අහිමිවූ බවයි.
සුසන් මැක් කෝරකින්ඬේල් හෙවත් විවාහයට පෙර ජොර්ජ් චාර්ල්ස්ගේ පෙම්වතියන් අතර වෙනස්ම වූ චරිතය ලෙස හැඳින්විය හැකි කාන්තාවයි.

සුර්බිටෝනහි උපත ලබා ඇති ඇය වයස අවුරුදු හතරේ සිට ළමා නිළියක් වූවාය. කුඩා කල පටන් කැරවෑන්වල නිවාඩු ගත කිරීමට පි‍්‍රය සුසන් චාර්ල්ස් සමග කැරවෑන් නිවාඩු රැසක් ගත කළාය. වරක් ඇය දුෂණය වීමේ සිදුවීමකට පෙනී සිටියාය. ඉන් අනතුරුව චිත‍්‍රපට නිෂ්පදක වරියක් වූ ඇයට වේල්සයේ කුමරිය වීමට නොහැකි වූයේ දුෂණය වීමේ දර්ශන හේතුවෙන් බව පැවසේ. චාර්ල්ස් සිත් ගත් පෙම්වතියකි. චාර්ල්ස් ඩයනා විවාහයෙන් පසු බොහෝ කලකිරීමෙන් සිටි ඇය 1984 දී චිත‍්‍රපට නළුවකු වූ සිමොන් මැක් කෝර්කින්ඬේල් හා විවාහ වූවාය. දරුවන් නොලැබූ ඇය සැමියා 2010 දී මිය යාමෙන් පසු සොමර්සෙට්හි ජීවත් වන්නිය.

ඩෙවියානා ශෙෆීල්ඞ් පළමුවැනි මැක්ග්වොන්් සාමිවරයාගේ මිණිබිරියයි. සමන්තා කැමරන්ගේ ඥාති සොයුරියයි. බියුෆෝර්ට් ආදිපාදවරයාගේ නෑනණ්ඩියයි. ඇය වේල්සයේ කුමරිය වනු ඇතැයි බොහෝ දෙනක් සිතා සිටියහ. එහෙත් ඇගේ පැරණි පෙම්වතා මතුවීම හේතුවෙන් චාර්ල්ස් ඇය පහසුවෙන් ම මග හැරියේය. ඇය කලින් පෙම්වතාගෙන් ගැලවුණ ද කිරුළට උරුමකම් කිමේ අවස්ථාව අහිමිවිය. බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ බි‍්‍රගේඩියර් වරයකුගේ පුතකු වූ ජේක් මෝර්ලි හා විවාහ වී පුතුන් තිදෙනෙක් වැදුවාය. දැන් ඇය යෝක්ශයර් හි ජීවත්වන්නීය

1951 ජූලි හය වැනිදා උපත ලද ජේන් වෙල්සේ ආර්යාව චාර්ල්ස් ගේ සුප‍්‍රසිද්ධ පෙම්වතියකි. 1973 දක්වාම ඔහු හා සමීප ඇසුරක් පැවැත්වූ ඇය වේල්සයේ කුමරිය වනු ඇතැයි බොහෝ දෙනක් සිතීය. ඒ සඳහා ජේන්ට සුදුසුකම් ඇති බව ද කියැවිණි. එහෙත් චාර්ල්ස් ඇයට ද පිටු පෑවේය. චාර්ල්ස් ඇගෙන් ඈත්වීම ජනමාධයයේ ද ආන්දෝලනාත්මක පුවතක් විය. අටවැනි ආදිපාදවරයාගේ දියණිය වූ ඇය තවමත් තනිකඩව නෝර්ටින් හිල් හි ජීවත්වන්නිය
චාර්ල්ස් කුමරාගේ පෙම්වතියන් අතර තවත් සුවිශේෂී චරිතයක් සිටියි. ඒ චාර්ල්ස්ගේ පළමු බිරිය ඩයනාගේ බාල නැගණියයි. අටවැනි ස්පෙන්සර් අර්ල් වරයාගේ බාලම දියණිය වූ සාරා මැක් ස්පෙන්සර් චාර්ල්ස් ඩයනා හමුවීමට පෙර චාර්ල්ස්ගේ පෙම්වතියක වූ බව පැවසේ. පසුව චාර්ල්ස් ඩයනා විවාහයට ආශිර්වාද කළ ඇය ගොවියකු වූ නීල් මැක් කොර්කඬේල් හා විවාහ වූවාය. දැන් දරුවන් තිදෙනකුගේ මවක් වන ඇය ඩයනා අනුස්මරණ කමිටුවේ බාරකරුය.
තරුණ කාලයේ මේ තරම් පෙම්තියන් ඇසුරු කළ චාර්ල්ස් කුමාරය දැන් 65 වැනි වියට එළැඹ සිටියි. තමන් වඩාත්ම සමීපව ඇසුරු කළ හා සැබැවින්ම ආදරය කළ යුවතිය වූ කැමිලා පාකර් සම`ග දැන් ඔහු විවාහ වී සිටියි.

මේ තරම් පෙම්වතියන් පිරිසක් ඇසුරු කිරීම රජ කිරුළ දැරීමටත් වඩා අපහසු කටයුත්තක් ද යන්න දන්නේ චාර්ල්ස් කුමාරයාම පමණි.

 

 

 



අදහස් (0)

රජ කුමරුගේ රහස් පෙම් සබඳතා

අජිත් Tuesday, 03 December 2013 06:55 PM

ඒ වුනාට ඔහුගේ ජීවිතය පිරිපුන් නැහැ. එක හිතක් නැති මනුස්සයෙක්. දැනටත් ප්‍රමාද නැහැ ජීවිතය හැඩ ගස්වා ගන්න. කෙසේ නමුත් ඔබට ජය!(නදී)

:       0       0

තරූ Saturday, 11 January 2014 03:16 PM

ඔටුන්න හිමි කුමාරයා නිසා ඒකට කෑදරකමේ මෝඩ ගැහැණුත් යාළු වෙන්න ඇති. (නදී)

:       0       0

ශිරාන් මෙන්ඩිස් Friday, 29 November 2013 09:40 AM

චාර්ල්ස් කුමාරය ගැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඔහු ඔටුන්න හිමි රාජකුමාරයෙක් උන එක. ඉස්සර රජවරුන්ට,රජ කුමාරයන්ට හිටියේ පෙම්වතියො නෙමේ. ඒ අයට පෙම් සුව, කම් සුව විදින්න අන්තංප්පුර තිබුණා. අද ගැහැණු මේ නූතන රාජ කුමාරයට පෙම් නොකර අපිට පෙම් කරන්නද? (නදී)

:       0       0

රෝහිණී Wednesday, 04 December 2013 08:30 AM

තමන්ට වැඩිය වැඩිමහල් කාන්තාවක් කසාද බැදගෙන පිස්සු කරනවා. (නදී)

:       0       0

පී. Tuesday, 03 December 2013 12:30 AM

අන්තඃපුරයක් තිබෙන එක රජ කෙනෙකුගේ ගතියක්ද? (නි)

:       0       0

සිරියලතා, කෙන්යා Wednesday, 27 November 2013 06:03 PM

මොනවා වුණත් හොද මනුස්සයෙක්,මම ඉතාම කැමති පුද්ගලයෙක්. ඔබට ජය වේවා! (නි)

:       0       0

ගයාන් Monday, 02 December 2013 03:08 AM

විවාහයට පෙර පෙම් කරන ඒක වැරදි නෑ. එත් විවාහ වුණාට පස්සේ අනියම් සබඳතා පැවැත්වීම වැරදියි(නදී)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 06:31 PM

රජෙක් උනත් ජිවිතේ අවුල් කරගෙන.(නදී)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 06:40 PM

අන්තංපුරය කියන්නේ ඔන්න ඕකට තමයි.(නදී)

:       0       0

කුමාර් Tuesday, 26 November 2013 08:28 PM

මේ පරධාර සේවනයේ යෙදෙන පව් කාරයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 299 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 111 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 219 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 897 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site