IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රජෙක් උපන්නා...

 

විලියම් කුමරු සහ කේට් කුමරිය


 

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඞ්ල්ටන් කුමරිය බි‍්‍රතාන්‍ය වේලාවෙන් පෙරේදා (22) සවස 4.24 ට සිඟිති පුතකු මෙලොවට බිහි කළාය. එය කවුරුත් පුලපුලා බලා සිටි මොහොතක් විය. බි‍්‍රතාන්‍ය වැසියන්ට, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය යෞවන යෞවනියන්ට එය එක්තරා ආකාරයක උම්මාදයක් විය. බි‍්‍රතාන්‍ය වැසියන් පමණක් නොව, මුළු ලොවම ඒ ගැන උනන්දුවක් දැක්වීය. කේට් කුමරියගේ දරු ප‍්‍රසූතිය ගැන පුවත් රැගෙන ඒමට මාධ්‍ය අතරේ ද විශාල තරගයක් පැවැතිණි. අවසානයේදී බකිංහැම් මාලිගය දරු උපත නිල වශයෙන් ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ මාලිගය ඉදිරිපිට රැස්ව සිටි දහස් ගණනක් බි‍්‍රතාන්‍ය වැසියෝ පී‍්‍රතිඝෝෂා පවත්වන්නට වූහ.

 

 

විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ ප‍්‍රථම දරුවාගේ උපත, සඳහා කේට් මිඞ්ල්ටන් කුමරිය, ඇතුළත් කෙරුණේ බටහිර ලන්ඩනයේ පෙඩින්ටන්හි ශාන්ත මේරී රෝහලටය. ඒ පෙරේදා (22) බි‍්‍රතාන්‍ය වේලාවෙන් අලූයම 5.40 ට පමණය. කුමරිය, රෝහලට රැගෙන ආවේත්, දරු ප‍්‍රසූතිය සිදුවන අවස්ථාවේදී ඇය අසල සිටියේත් විලියම් කුමරුය. 1982 වසරේ දී විලියම් කුමරු උපත ලැබුවේ ද මෙම ශාන්ත මේරී රෝහලේදීය. කුමරිය රෝහල් ගත කළ බව සැලවූ සැණින් දෙස් විදෙස් මාධ්‍යවේදීහු පැමිණ රෝහල ඉදිරිපිට කඳවුරු බැඳගෙන සිටියහ. කුමරිය රෝහල් ගත කළ අවස්ථාවේ සිට, ඇයට සහ අලූත උපදින කුමරාට හෝ කුමරියට සුබ පතන්නට බි‍්‍රතාන්‍ය වැසියෝ දහස් ගණනින් බකිංහැම් මාලිගය ඉදිරිපිටට ද රැස්ව සිටියහ. ලන්ඩන් බලධාරීන් පැවැසුවේ බකිංහැම් මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ පොලිස් බළඇණියක් යොදවා තිබුණු බවය.

 

 


කේට් කුමරිය පුතකු බිහි කළ බව දැක්වෙන විශේෂ පණිවුඩය පඩින්ටන්හි ශාන්ත මේරී රෝහලේ සිට බකිංහැම් රජ මාලිගාවට ගෙන යනු ලැබුවේ ද සාම්ප‍්‍රදායික ක‍්‍රමයටය. එය ඓතිහාසික මොහොතක් ලෙස එම දසුන් සජීවී ලෙස වාර්තා කළ ප‍්‍රවෘත්ති නාළිකා කියා සිටියේය. අතීතයේ දී සාම්ප‍්‍රදායිකව මෙවැනි කටයුතු සිදු කෙරුණේ අසරුවන් යොදා ගනිමිනි.

රාජකීය නියෝජිතයෙක් කේට් කුමරියගේ දරු ප‍්‍රසූතිය පිළිබඳ පණිවුඩය රෝහල ඉදිරිපිට නවතා තිබූ මෝටර් රියේ සිටි බකිංහැම් මාලිගයේ රාජකීය නියෝජිතයාට එම පණිවුඩය බාර දුන්නේය.

එම නියෝජියා සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන්ගේ ද විශේෂ ආරක්ෂාව මැද තවත් රථ පෙළක් ද පිරිවරාගෙන බකිංහැම් මාලිගයට ගොස් පණිවුඩය බාර දුන්නේය.  ඉන්පසු බකිංහැම් මාලිගයේ රාජකීය නියෝජිත යුවළක් එම පණිවුඩය ඇතුළත් රාජකීය ලියවිල්ල දැන්වීම් පුවරුවක සවිකර එය බකිංහැම් මාලිගය ඉදිරිපිට ගේට්ටුව අසලට රැගෙන විත් එය රැස්ව සිටි ජනතාවට පෙනෙන සේ ප‍්‍රදර්ශනයට තැබුහ. එම පණිවුඩයේ ලියා තිබෙන්නේ රජ කිරුළට උරුමකම් කියන නව සාමාජිකයකු උපත ලැබූ බවය. ඒ රාතී‍්‍ර 8.30 ටය.

 

විලියම් කුමරු උපන් අවස්ථාව

 

අතීතයේ ‘හිරු නොබසින රාජ්‍යය’ ලෙස යටත් විජිත ගණනාවක් පවත්වාගෙන ගියත්, බි‍්‍රතාන්‍ය රජ පවුලට අද දේශපාලනික ශක්තියක් හෝ රාජ්‍ය පාලන බලතල හෝ කිසිවක් නැත. එසේ වුවත් සෙසු රටවල රජ පවුල්වලට වඩා බි‍්‍රතාන්‍ය රජ පවුලේ විශේෂයක් ඇත. ඒ ජනතාව ඔවුන්ට පුදුමාකාරයෙන් ආදරය දැක්වීමය. ඊට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ මාධ්‍ය විසින් රජ පවුලට සෑම ආකාරයකට ප‍්‍රසිද්ධියක් ලබා දීමය. රජ පවුල බි‍්‍රතාන්‍ය වැසියන්ට අභිමානයක් ද වෙයි. බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමටත් බි‍්‍රතාන්‍ය මුහුණුවර දිගටම පවත්වාගෙන යෑමටත් රජ පවුල බි‍්‍රතාන්‍යයට අවශ්‍ය වේ. බි‍්‍රතාන්‍ය රජ පවුල නාමික සහ සංකේතයකි. එය එරට අනන්‍යතාව සුරැුකීමට ද ඉවහල් වෙයි.

 

බකින්හෑම් මාලිගාවේ ඉදිරිපිටට රැස්වූ පිරිස

 

 


කේට් කුමරියගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ ප‍්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය මාකස් සෙට්චෙල් ය. 31 හැවිරිදි කේට් කුමරිය පැය 11 ක පමණ ප‍්‍රසව වේදනා විඳ බිළිඳා ප‍්‍රසූත කළ බවත් මවත් බිළිඳාත් යහතින් පසුවන බවත් පසුව වාර්තා විය. අලූත උපන් බිළිඳාගේ බර රාත්තල් 8 ක් බව ද පැවැසිණි.
ඔට්ටු අල්ලයි

රජ පවුලට අලූත් සාමාජිකයකු එක් වීම, වාණිජකරණයට ද ලක් විය. එය වෙළෙඳ වටිනාකමක් ගෙන ඒමට ද සමත් වූ බව බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් සේවය වාර්තා කරයි. වෙළෙඳ ප‍්‍රචාරණ කටයුතු, සමරු තිළිණ ආදිය දරු ප‍්‍රසූතියට සමගාමීව එළි දක්වා තිබුණි. විවිධ හේතූන් සහ සිදු වීම් මුල් කොට ගනිමින්, කුමරියගේ දරුවා දුවක වේ යැයි බොහෝ දෙනා විශ්වාස කළහ. ලන්ඩන් බුකිකරුවන් ඉතා ඉහළ ලංසු තබමින් ඔට්ටු ඇල්ලූවේ ද ඒ අනුවය. එහෙයින් එම ඔට්ටුවලින් පරාජය වූ පිරිසට ඊයේ දිනය එතරම් සුබ නොවුණු බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. කේට් කුමරියගේ දරුවාට තබන නම සම්බන්ධයෙන් පවා බුකීකරුවන් ඔට්ටු අල්ලා තිබුණි. ඔට්ටු ඇල්ලීම සඳහා නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි. බුකීකරුවන් ඔට්ටු අල්ලා තිබුණේ කේට් කුමරියට පුතකු උපන්නොත් ඔහු ජෝර්ජ් යන නමින් ද දුවක උපන්නොත් ඇය ඇලෙක්සැන්ඩ‍්‍රා යන නමින් ද හැඳින්වෙනු ඇති බවය.

 

 

පස්වන ජෝර්ජ් රජුගේ සහ බිසවගේ දුවණිය වන දෙවැනි එලිසබත් මහ රැජින, කිරුළ දරා සිටින්නේ 50 දශකයේ සිටය. මහ රැුජින හැරුණු කොට අලූතින්

බකිංහැම් මාලිගයේ නිලධාරියෙක් රැස්ව සිටි ජනතාවට අලූත් කුමරුගේ උපත නිවේදනය කරමින්

උපත ලැබූ පුත් කුමරා එසේත් නැතිනම් කේම්බි‍්‍රජ් කුමරු ද ඇතුළුව බි‍්‍රතාන්‍ය කිරුළ දැරීමට පෝලිමේ තව දෙදෙනෙක් සිටිති. ඒ අලූත් කුමරුගේ පියා විලියම් කුමරු සහ සීයා චාල්ස් කුමරුය. බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු ඉකුත් 21 වැනිදා සිය කිරුළ පුතු පිලීප් කුමරුට බාර දුන්නේය. ඊට අමතරව මීට මාස කිහිපයකට පෙර, නෙදර්ලන්තයේ බියෙටි‍්‍රක්ස් රැජින ද සිය කිරුළ පුතුට බාර දීමට කටයුතු කළාය. 87 හැවිරිදි වියෙහි පසුවුවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළුණත් තම කිරුළ, පුතු චාල්ස් කුමරුට පැවැරීමට දෙවැනි එලිසබත් මහ රැජින සූදානම් නොවේ. කෙසේ නමුත් ඇය ඇගේ රාජකාරී බොහොමයක් නිල වශයෙන් චාල්ස් කුමරුන්ට පවරා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට, බි‍්‍රතාන්‍ය මහ රැජින සහභාගී නොවනු ඇති අතර ඇය වෙනුවට චාල්ස් කුමරු සහභාගී වීමට නියමිතය. මෙරට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදීම, එලිසබත් මහ රැජින ඇගේ පුතුට ඇගේ රාජකාරි පැවැරීම ද ඓතිහාසික සිද්ධියක් විය. පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එලිසබත් මහ රැජිනය. 1971 වසරෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට රැජින සහභාගී නො වන පළමු අවස්ථාව ද මෙය වෙයි. එලිසබත් මහ රැජින සිය කිරුළ චාල්ස් කුමරුට ලබා දුන්නොත් හෝ ඇගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුට කිරුළ හිමි වුවහොත් හෝ චාල්ස් කුමරු එය විලියම් කුමරුට පවරා දිය යුතු යැයි යන්න බි‍්‍රතාන්‍ය ජනතාවගේ අදහස වී ඇත.
 

 

ඬේලිමේල් ඇසුරිනි / ලූසිත ජයමාන්න

 

අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ්

අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි

රාජකීය බබා ‍ කෙන්සින්ටන් මාලිගාවට යයි

රජෙක් උපන්නා...

රජ දරුවා ලැබෙන තුරු රෝහල ළග



අදහස් (0)

රජෙක් උපන්නා...

නිහාල් සමරවික්‍රම Friday, 26 July 2013 01:28 AM

මෙම රටවල ඉන්නේ වැරැද්දක් කළොත් පිලිගන්න ආදර්ශමත් දේශපාලන චරිත. අපේ රටේ ඉන්නේ සර්වාංගයම ගද ගහන දේශ පාලු චරිත. ඉතින් අපි මොවුන් සමග කුමක් කරමුද? මොවුන් වෙනුවෙන් කුමක් කරමුද?(නදී)

:       0       0

තාරක Saturday, 27 July 2013 10:34 AM

පෙර භවයක කල අධික පින් එකතු වෙලා එකතු වෙලා එක පාර පටිසන් දෙනවා කියන්නේ මෙන්න මේවට (දී)

:       0       0

වජිරා Friday, 26 July 2013 01:34 PM

නිහාල් හරි මේ රටවල ඉන්නේ ඇත්ත කතා කරන වැරැද්දක් කළොත් පිලිගන්න ආදර්ශමත් දේශපාලන චරිත. ලංකාවේ ඉන්නේ ඔලුව උදුම්මවා ගත්තු ගද ගහන දේශ පාලු චරිත.(නදී)

:       0       0

ඕමාර් Thursday, 25 July 2013 09:37 AM

ඔය අය දුන් ආදර්ශය තමයි කොච්චර අපි රජ පවුලක උන්නත් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ කියලා කියන එක (නි)

:       0       0

කටුවන Thursday, 25 July 2013 12:22 AM

අචිනි, ඔය පවුල අපිට දුන්න ලොකුම ආදර්ශය මොකක්ද දන්නෙ නැතුවයි ඔයා ඔහොම කියන්නේ (නි)

:       0       0

දොන් Sunday, 28 July 2013 04:19 AM

මිත්‍රවරුනි හිතන්න එපා ඔබ දකින සැම දේම හොදයි කියලා. දේශපාලනය පසෙකලා රටේ හොද දේවල් ගැන සතුටු වෙන්න.(නදී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 28 July 2013 04:37 AM

රජ පවුල ගැන කියනවනම් ,ලෝකයේ හැම රටකම සම්පත් සුරා කන්නෝ ඔවුන් වෙති. අද ජනමාධ්‍යෙයක් තියෙන්නේ රජ පවුල කියාය.(නදී)

:       0       0

රොෂාන් Sunday, 28 July 2013 06:13 AM

අනේ මේ ලෝකේ ඉන්න අයගේ මොලේ කචල්. (නදී)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 02:06 PM

අපේ රටේ මෙහෙමෙ වුනා නම් කොහොම තිබේවිද කියලා හිතාගන්න බැහැ. මොනවා වුනත් මෙන්න නියම ආදර්ශවත් රජ පවුල් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5551 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 781 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1358 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 121 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 208 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 275 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site