IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රාජ්‍ය නායකයන්ගේ රූමත්ම බිරියෝ

රුව, ගුණ, වරුණ මේ සියලූ කාරණාවලින් යුතු කාන්තාවක් වේ නම්  ඕ සැබවින්ම වාසනාවන්තියකි. මන්ද මේ කාරණා ත‍්‍රිත්ත්වය ලෝකයේ වෙසෙන සියලූම කාන්තාවන්ට එකවර නොපිහිටන බැවිනි. අතීතයේ රජකතා, දේවකතා, සුරංගනා කතාවල අසා ඇති පරිද්දෙන් මෙලෙස රුව, ගුණ, වරුණ පිහිටන කාන්තාවන් වත්මන් ලෝකය තුළ නැතුවාම නොවේ. ඒ අතුරින් සැබෑම වාසනාවන්තියන් වූ දස දෙනක පිළිබඳව ඉකුත්දා අන්තර්ජාලය ඔස්සේ දැනගන්නට ලැබුණේ අපූරු ආකාරයෙනි. හැබැයි මේ දස දෙනා නම් එසේ මෙසේ කාන්තාවන් නොවේ.

 

මේ දසදෙනා අන් කවරෙකුවත් නොව ලොව පුරා රටවල් 10ක රට කරවන ඇත්තන් දහදෙනෙකුගේ බලවතුන්ය. නැත්නම් බිරිඳෑවරුන්ය. අන්තර්ජාලය ඔස්සේ ඉකුත් සතියේ දී එදා මෙදා තුර ලොව රූමත්ම රාජ්‍ය නායක බිරියන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් විණි. ඒ ලැයිස්තුව කාන්තාවන් දස දෙනෙකුට පමණක් සීමා වූයේ බොහොම සීරු මාරුවෙන් සිදු කළ තෝරා ගැනීමකින් පසුවය.
 

හිලරි ක්ලින්ටන්
 
ජෝර්දානයේ රානියා බිසව
 
අස්මා අල් අසාද්
 
පැට් නික්සන්
 
මෙහෙර්බාන් අලියෝවා කුමරිය
 
 මොරොක්කෝවේ ලයිලා සල්මා කුමරිය
 
කාර්ලා බෲනි සර්කෝසි
 
නැන්සි රේගන්

මේ ලැයිස්තුව තවදුරටත් රහසේ තැබිය යුතු නැත. මෙහි පළමු ස්ථානය හිමිවන්නේ ඇමෙරිකාවේ හිටපු තිස්පස්වැනි ජනාධිපති වන මියගිය ජෝන් එෆ්. කෙනඩි මහතාගේ ප‍්‍රියම්බිකාව වන ජැකලීන් කෙනඩි (පසුව ඔනාසීස්) හටය. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඇමෙරිකාවේ 44 වැනි හා වත්මන් ජනාධිපති බැරැක් ඔබාමාගේ පි‍්‍රිය බිරිය වන මිෂෙල් ඔබාමාය. තෙවැනි ස්ථානය හිමි වී සිටින්නේ හිටපු ප‍්‍රංශ ජනාධිපති නිකොලස් සර්කෝසි ගේ පි‍්‍රය බිරිඳ වන කාර්ලා බෲනි සර්කෝසි හටය.

පිළිවෙලින් සිව්වැනි ස්ථානය ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොනල්ඞ් රේගන් මහතාගේ බිරිඳවන නැන්සි රේගන්ට ද, පස්වැනි ස්ථානය ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජතුමන්ගේ බිරිඳවන රානියා රැුජිණටද, හයවැනි ස්ථානය ඇමෙරිකාවේම හිටපු ජනාධිපතිවරයෙකු වන රිචඞ් නික්සන් මහතාගේ බිරිය වන පැට් නික්සන්ටද, හත්වැනි ස්ථානය සිරියාවේ වත්මන් ජනාධිපති වන බෂාර් අල්  ආසාද්ගේ පි‍්‍රයම්බිකාව වන අස්මා අල් අසාද්ට ද, අටවැනි ස්ථානය මොරොක්කෝවේ පස්වැනි මෙහොමඞ් රජතුමන්ගේ බිරිඳ වන ලයිලා සල්මා බෙන්නානි කුමරියට ද, නවවැනි ස්ථානය අසර්බයිජානයේ ජනපති බිරිය වන මෙහෙරිබාන් අලියෙවාට ද, ලැයිස්තුවේ අවසන් ස්ථානය වන දහවැනි ස්ථානය හිටපු ඇමෙරිකා ජනපති බිල් ක්ලින්ටන් මහතාගේ බිරිඳ වන, ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරිය ද වන හිලරි ක්ලින්ටන්ට හිමි වී තිබේ.

මෙම ලොව රූමත්ම රාජ්‍ය නායක බිරියන් දස දෙනා රුවින් පමණක් නොව ගුණයෙන්ද, ඥානයෙන්ද පිරිපුන් ආර්යාවෝ වෙති. මේ ලැයිස්තුවේ සිටින පිරිසෙන් බොහෝ දෙනෙකු ඇමෙරිකානුවන් වීම සුවිශේෂී වේ. ඒ අතර ඇමෙරිකා හිටපු ජනපති බිරියන් හා වත්මන් ඇමෙරිකා ජනපති ආර්යාව වේ. මේ රූමත්ම රාජ්‍ය නායක බිරිඳෑවරුන්ගේ නම් පමණක් නොව ඔවුන් ගැන කෙටි විස්තරත් සඳහන් කිරීම අපගේ යුතුකමකි. මේ ඔවුන්ගේ රුවගුණ වරුණය.

 

 


ජැකලීන් කෙනඩි (පසුව ඔනාසීස්)

එදා මෙදා තුර ලෝකයේ පහළ වූ සුරූපිනිය රාජ්‍ය නායක බිරිඳ ලෙස ඇය පළමු ස්ථානයට පත්වීම පුදුමයක් නොවේ. ඇය එතරම්ම රුවින් අග තැන්පත් කාන්තාවක වූවාය. 1961 වසරේ ඇමෙරිකාව 35 වැනි ජනාධිපති ලෙස දිවුරුම්දුන් ජනපති ජෝන් එෆ් කෙනඩිගේ එම ජයග‍්‍රහණයට ජැකලීන් මනා ආභරණයක් වූවාය. ඇයගේ ස්වභාවික සුන්දරත්වය හා විලාසිතාවන් එකල ඇමෙරිකාව පමණක් නොව සමස්ත ලෝකයම කුල්මත් කළේය. ඇයගේ සිත්ගත් ඇඳුම් විලාසිතා නිර්මාණකරු වූයේ ප‍්‍රංශ සම්භවයක් සහිත ඇමෙරිකාවේ විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වූ ඔලේග් කාසිනිය. ඇයගේ එකල ඇඳුම් විලාසිතා අතර ඇමෙරිකා/යුරෝපීය කාන්තා ඇඳුම් කට්ටලය තරමක් දිගැති ගවුම්, හිසට බඳින ස්කාෆය, හිස්වැසුම ප‍්‍රියතම ඒවා විය. ජෝන් එෆ්. කෙනඩි ජනපතිගේ ජනපි‍්‍රයත්වයත් සමග ඇයගේ එම විලාසිතාවන් එකල විලාසිතා ලෝකයේ එකලූ කරවූවාය.  1963 දී ජනපති ජෝන් එෆ්. කෙනඩි සාහසික ලෙස ඝාතනය කළද ඉන් පසුව ඇයගේ රූ සපුව සියලූ දෙනාම වර්ණනා කළෝය. ඇය ග‍්‍රීක ධන කුවේරයකු වූ ඔනාසීස් සමග විවාහ වීමට ඇයගේ මෙම රුව බොහෝ සෙයින්ම බලපෑවේය.

 

 


මිෂෙල් ඔබාමා

ඇයගේ රූ සපුව ගැන ප‍්‍රථමයෙන්ම කතාබහට ලක්වන්නේ 2009 දී ඇමෙරිකා ජනාධිපතිවරණ සටනට ජනපති බැරැක් ඔබාමා ප‍්‍රථමයෙන්ම අඩිය තැබූ මොහොතේ සිටමය. ඇයගේ සැමියා ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන විට සිය සැමියාගේ මැතිවරණ ව්‍යාපාරය තුළින් මිෂෙල් ගේ රුව, ගුණ, වරුණ ගැන බොහොමයක් දෙනා කතාබහ කරන්නට වූහ. මනා පෞරුෂයෙන් යුතු මේ කළු ඇමෙරිකා ජාතික කාන්තාවට එදා මෙදා තුර අමෙරිකාවෙන් බිහිවූ ජනපති ආර්යාවන්ගේ ලැයිස්තුවේ සුන්දරමතම ආර්යාවන් අතර දෙවැනි ස්ථානය සතුය. ලොව සිටින සුන්දරතම පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුවේ ද ඇය ඉහළින්ම සිටීම විශේෂත්වයකි.

 

 


කාර්ලා බෲනි සර්කෝසි

නිරුවත් ඡායාරූපවලට පෙනී සිටින සුන්දරතම මෝස්තර ශිල්පිනියක වූ කාර්ලා ජනපති ආර්යාවක් වේ යැයි කිසිදා නොසිතන්නට ඇත. එහෙත් පෙර පිනකට මෙන් ඇය ප‍්‍රංශ ජනාධිපති ආර්යාව වීමට තරම් වාසනාවන්ත වූවාය. ලොව සිටින රූමත්ම රාජ්‍ය නායක බිරින්දෑවරුන්ගේ ලැයිස්තුවේ සිටින ඇය ඊට පෙර ප‍්‍රංශ ගායිකාවක, ගීත රචිකාවියක ලෙසද කටයුතු කළාය. හිටපු ප‍්‍රංශ ජනපතිගේ ප‍්‍රියම්බිකාව ලෙස කාර්ලි බෲනි පත්වූ ඇය තරම් ඡුායාරූපගත වූ, ස්වාධීන ලෙස මුදල් උපැයූ ජනපති ආර්යාවක් ලොව මෙතෙක් බිහිවී නොමැත.

ජනපති නිකලෝස් සර්කෝසිගේ බිරිඳ බවට ඇය පත්වීමත් සමඟ වර්තමාන ලෝක දේශපාලනය තුළ බිහිවූ සරාගීතම දේශපාලන ජනපති බිරිය ඇය වූවාය. ඇය ජනපති බිරිය වී සිටියදීම නිරුවත් ඡුායාරූපවලට පෙනී සිටීමට තරම් ඇය අභීත වූවාය.

 

 


නැන්සි රේගන්

ලැයිස්තුවේ හතරවැනි ස්ථානය හිමිකරගෙන සිටින ඇය එතරම් අතිශය රූමත් කාන්තාවක් නොවේ. නමුත් ඇය තුළින් දිස්වූ විරාජමාන, වැදගත් බාහිර රූ සපුව එකල ලෝකයාගේම අවධානය දිනාගත්තාය. සිය සැමියා වන ඇමෙරිකාවේ 40 වැනි ජනාධිපතිවරයා ද වන රොනල්ඞ් රේගන්ගේ පි‍්‍රය බිරිඳ ලෙස සිටි කාලයේ ඇයගේ විලාසිතා තුළ රතු වර්ණය බොහෝ අවස්ථාවන් හිදී දකින්නට ලැබිණි. ඇයගේ ඇඳුම් විලාසිතා, ගවුම් එතරම් ඇයට නොගැලපුනද ඇයගේ වචන මාලාව, ඇයටම ආවේනික වූ විලාසිතා ඇයට ආභරණයක් වූවාය. එම වැදගත්ශීලී වූ විලාසිතාවන් එවකට ජනයා අතර පිළිගැනීමටකට ලක්වීමද ලොව එදා මෙදා තුර බිහිවූ රූමත්ම රාජ්‍ය නායක බිරින්දෑවරුන්ගේ ලැයිස්තුවට නැන්සි රේගන් පත්වීමට ද හේතුවක් වන්නට ඇත.

 

 


රානියා රැජිණ

ජෝර්දානයේ පාලකයා වන දෙවැනි අබ්දුල්ලා රජතුමන්ගේ ප‍්‍රියම්බිකාව වන රානියා  රැුජින දෙවතාවක්ම ලොව වඩාත් බලපෑම් එල්ල කරන පුද්ගලයින් 100 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්වූ රාජ්‍ය නායක බිරිඳකි. ඇයගේ සුන්දරත්වය, බුද්ධිමත්භාවය, විචක්ෂණශීලීත්වය නිසාම රුව, ගුණ, වරුණ ඒ ආකාරයෙන් පිහිටි කාන්තාවකි. නූතන සමාජය තුළ සිට නූතන ඇවැතුම් පැවතුම් නොඅඩුව ආත්මීයව සිය රටේ ජනතාව වෙනුවෙන්  කැපවූ රැුජින ලෙස රානියා රැුජින සැළකේ.

ජෝර්දානය තුළ ළමා අධ්‍යාපනය ප‍්‍රතිෂ්ඨාපනයෙහිලා මහත් වෙහෙසක් දරන රානියා බිසව මැදපෙරදිග කලාපය තුළ සමාජයට වඩාත්ම බලපෑම් කළ හැකි කාන්තාවක් වීම විශේෂත්වයකි. මේ කරුණු කාරණා නිසාම ඇයට ඇමෙරිකා හා ප‍්‍රංශ සුරූපී රාජ්‍ය නායක බිරින්දෑවරු අතර පස්වැනි ස්ථානය හිමිවී තිබේ.

 

 


පැට් නික්සන්

ලැයිස්තුවේ හයවැන්නී වන පැට් නික්සන් 1969-1974 දක්වාම ඇමෙරිනා ජනපති ආර්යාව වූවාය. අහිංසක සිනහවකින් යුතු ඇය ස්වභාවික හිරු රශ්මිය ප‍්‍රිය කළ කාන්තාවකි. පැට් නික්සන් ජනපති බිරියක්ව සිටින කාලය තුළ ඇඳුම් විලාසිතාවන්ට දැඩි ලෙස පි‍්‍රය නොකළ කාන්තාවක වූවාය. ජනපති රිචඞ් නික්සන් එම ධූරයේ රැුඳී සිටින කාලය තුළ ධවල මන්දිරයේ පැවති පි‍්‍රය සම්භාෂණයක දී හෝ වේවා විදෙස් සංචාරයක දී හෝ වේවා ඇය එතරම් විලාසිතාවන්ගෙන් සැරසීමට උත්සුක නොවූවාය. මේ සියල්ලට වඩා ඇයගේ ආකර්ශණීය සිනහව ඇයට මෙම ලැයිස්තුවට තේරී පත් කිරීමට හේතු වූවාය.

 

 


අස්මා අල් අසාද්

වත්මන් ලෝකයේ සිටින සුරූපීතම රාජ්‍ය නායක බිරිඳක් වන අස්මා උපතින්ම බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකි. නමුත් සිරියා ජනපති බෂීර්  අල් අසාද් සමඟ විවාහ වූදා පටන් ඇය උපතින්ම සිරියානුවෙකු ලෙස හැසිරෙන්නට පටන් ගත්තද ඉන් ඇයගේ ස්වභාවික සුන්දරත්වයට ලස්සනට බලපෑම් එල්ල නොවීය.  ඇයගේ මෙම සුන්දරත්වය ඇය මෙම ලැයිස්තුවට තේරීපත්වීමට හේතු වී තිබේ. ඉතා මෘදු පෞරුෂත්වයකින් හෙබි වත්මන් සිරියා ජනපති ආර්යාව එරට තුළ දේශපාලන තීන්දු තීරණ ගැනීමේ සාධකයක් බවට පත්ව සිටින්නේ ඇයගේ රුව මෙන් ගුණ හා වරුණද නොඅඩුව පැවති නිසා නොවේද?

 

 


 මොරොක්කෝවේ ලයිලා සල්මා කුමරිය

රතු පැහැති කෙස්වැටියක් සහිත සල්මා කුමරිය රුවින් මෙන්ම බුද්ධියෙන්ද අගතැන්පත් වූ කාන්තාවකි. මොරොක්කෝව තුළ පිළිකා මර්දන වැඩසටහන් රැුසකට සක‍්‍රීයව දායක වී සිටින ඇය හැම විටම සිය රටේ ජනතාවගේ මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයා වන මොරොක්කෝවේ පස්වැනි මොහොමඞ් රජතුමාගේ තීන්දු තීරණ ගැනීම්වලදී වැදගත් මෙහෙයක් ඉටුකරන අයෙකු බැව් පැවසේ. රාජ පෙළපත් භාවිතයකින් තොරව රටේ ජනතාවට උදව් කිරීමට පැමිණි මොරොක්කෝ රාජ පවුලේ ප‍්‍රථම සාමාජිකාව ඇය වේ. ඇය මෙම ලැයිස්තුවේ අට වැනියා වීමද පුදුමයක් නොවේ.

 

 


අසර්බයිජානයේ මෙහෙරිබාන් අලියේවා

හතළිස් නවවැනි වියේ පසුවන මෙම සුරූපී රාජ්‍ය නායක බිරිඳ මිත්තනියක් බව ඔබ නොදන්නවාද? දරුවන් තිදෙනෙකු ගේ මව වන, මිනිබිරි මුණුබුරුවන් දෙදෙනෙකුගේ මිත්තනිය වන අලියේවා අසර්බයිජානයේ වත්මන් ජනපතිවන ඉල්හාම් අලියෙව් ගේ ප‍්‍රිය බිරිඳ වන මෙහෙරිබාන් රුසියාවේ මොස්කව් හි වෛද්‍ය ඇකඩමියේ උපාධිධාරිනියක ද වේ. වත්මන් ලෝක දේශපාලනය තුළ ඇය සමඟ කරට කර සිටින්නේ ඇමෙරිකා ජනපති ආර්යාව වන මිෂෙල් ඔබාමාය. මන්ද ඇය ද මිෂෙල් ඔබාමා මෙන්ම සිය ජනපති සැමියාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනතාව අතරට පැමිණ ජනතා ආකර්ශනය හිමි කරගත් කාන්තාවක් වන හෙයිනි. ඇයගේ රූ සපුව, විලාසිතා සියල්ලක්ම එරට වැසියන්ගේ සිත් ඇද බැඳ ගෙන තිබේ. මේ කරුණු කාරණා නිසාම ඇය මෙම දසදෙනෙකුගෙන් යුතු ලැයිස්තුවට තේරීපත්වී තිබේ.

 

 


හිලරි ක්ලින්ටන්

ලෝකෙට ලොක්කා වන ඇමෙරිකාව තුළ බිහිවූ වැදගත්ම කාන්තා දේශපාලනඥවරිය ලෙස ඇය සැලකෙන්නේ අවිවාදයෙන්ය. ඇමෙරිකාවේ 42 වැනි ජනාධිපති වූ බිල් ක්ලින්ටන් ගේ ප‍්‍රියම්බිකාව ලෙසද, හිටපු සෙනෙට් සභිකයෙකු ලෙසද, ඇමෙරිකාවේ 67 වැනි රාජ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇති ඇය ඉතිහාසගතව තිබේ. හිලරි ක්ලින්ටන් යනු ඉතාම බල සම්පන්න හිටපු ජනපති ආර්යාවකි. ඇයට ආවේනික වූ යුරෝපීය කාන්තා ඇඳුම හැමවිටම ඇයගේ රූ සපුව ඔප ගැන්වීය. ඇයගේ එම ඇඳුම් කට්ටල හැම විටම රෝස, රතු, කහ සහ නිල් පැහැයෙන් යුක්ත විය. නමුත් ඇයගේ කෙටි කොණ්ඩය  තරම් ඇයගේ ස්ත‍්‍රීවාදිත්වය පෙන්නුම් කළ අංගයක් නොවීය. මේ සියලූ කාරණා කැටිකොට ලොව රූමත්ම රාජ්‍ය නායක බිරියන් දස දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වූ අවසන් සුරූපිනිය වේ.

සුන්දර හා වැදගත් පෙනුමින් යුතු කාන්තාවන් හැමවිටම දේශපාලන හෝ සමාජීය ලෝකය තුළ නිත්‍ය කොටසක් බවට පත්වේ. ඇමෙරිකා මාධ්‍යයට අනුව ජනපති ආර්යාවන් යනු ජනපතිගේ  ප‍්‍රධාන අනුශාසකයි. බොහෝ රාජ්‍ය නායක බිරින්දෑවරුන් සිය ස්වාමිපුරුෂයන් බලයේ රැුඳෙන කාලය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් උසුලමින් සිටී. එයට ඔවුන්ට ඔවුන්ගේ බුද්ධිය. රූසපුව සමඟ කැටිවූ අවිහිංසකත්වය ඉතා වැදගත් වේ. ඒ සියල්ල කැටි වූ ජනපති ආර්යාවන්, රාජ්‍ය නායක බිරින්දෑවරුන් ලෝක මාධ්‍ය තුළ ජනප‍්‍රියත්වයට පත්වීම වැළැක්විය නොහැකි දෙයකි. එදා මෙදා තුර බිහිවූ ලොව රූමත්ම රාජ්‍ය නායක බිරින්දෑවරුන් දසදෙනාට ද අදාළ වන්නේ මේ කාරණා ය.
 

 

 



අදහස් (0)

රාජ්‍ය නායකයන්ගේ රූමත්ම බිරියෝ

මදූ Friday, 13 December 2013 02:06 PM

මේ කට්ටිය දැක්කම අපේ කට්ටිය කොච්චර ලස්සනද කියල හිතෙනවා.(නදී)

:       0       0

කේ. සිරා Tuesday, 10 December 2013 08:57 PM

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ තරුණ කාලේ ෆොටෝ එකක් දැම්මා නම් මේගොල්ලෝ අහලකින්වත් තියන්න බැරිවෙයි. ඒත් අපි තාම පිටරටට වන්දනා කරන අයනේ. (නි)

:       0       0

ඉෂාර Tuesday, 10 December 2013 08:45 AM

කෙනඩි නෝනට නම් අසාධාරණයක් වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

ධම්ම Sunday, 08 December 2013 06:02 PM

අපට තැනක් නැද්ද? රාජ්‍ය නායකයෝ ඉන්නේ බටහිර රටවල පමණක්ද? (නි)

:       0       0

හක්මන මදු Wednesday, 11 December 2013 11:20 AM

ඇත්තටම ඇස් පේන්නේ නැතිද ? (නදී)

:       0       0

මොහමඩ් Monday, 09 December 2013 01:26 AM

මෙතන දා ඇති කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක්ම මුස්ලිම් රටවල් වල අය නේද? (නි)

:       0       0

ශලිනි Tuesday, 10 December 2013 09:05 AM

ඔතන බලන්නේ රුව, ගුණ, වරුණ.ඒ කියන්නේ රූප රාජිනියක් වීම නෙවෙයි.චාම් සුන්දරත්වයක්.අධ්‍යාපනය, වයස ප්‍රශ්නයක් නැතිව රූපය ස්වභාවිකව තබා ගැනීම වගේ දේවල්. (ස)

:       0       0

රමිසි Saturday, 14 December 2013 03:06 PM

යන්තම් ඇති, මම 2014 අපායේ කැලැන්ඩරයට හොද ෆොටෝ කැලි ටිකක් හොය හොයා හිටියේ.(නදී)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 06:45 PM

අපේ දේශපාලකයන්ගේ භාර්යාවන් සමග හැප්පෙන මේ ගොල්ලන්ට කොහොමත් බැහැ. (නි)

:       0       0

හංසි Wednesday, 11 December 2013 11:49 AM

මෙතන ලස්සනම නැන්සි. (ස)

:       0       0

ජයසිරි Wednesday, 11 December 2013 09:25 PM

එම්බාම් කලා වගේ සුදුමැලි මූනක් තියෙන පිටි මුට්ටිය වගේ මහත අයත් මම දැකලා තියෙනවා. රෑකට තනි පංගලමේ යන ගමන් තැක්කොත් එහෙම තොවිලයක් නටන්න වෙනවා බය අරින්න. (නදී)

:       0       0

ලක්විදු Saturday, 14 December 2013 03:10 PM

මම බැලුවේ අපේ තංගල්ලේ ගොයියගේ 500 සෙට් එකේ එක්කෙනෙක්වත් මෙතන ඉන්නවද කියලා.(නදී)

:       0       0

විජේසිංහ Wednesday, 11 December 2013 12:03 PM

ලස්සන කියන්නේ පිටින් පේන පෙනුම විතරක් නෙමෙයි. ලෝක රූ රැජින තරග වල එයාලගෙන් ගොඩක් ප්‍රශ්නත් අහනවා. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 11 December 2013 04:57 PM

අපෙත් ඉන්නවා නායකයින්ගේ බිරින්දෑවරු ගොඩාක් ලස්සන. (නි)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 10:32 PM

මෙතනට ලස්සන ට වඩා බලය තමා සලකල තියෙන්නේ.ඔයිට වඩා ලස්සන,උගත් දේශපාලන නායිකාවන්ගේ,බිරින්දීවරු ඕනේ තරම් ‍ලෝකේ ඉන්නවා.ඒත් ඉතින් අන්තර්ජාල සමාගම් කාගේ බූදල් ද කියා ඔලුව තියෙන ඕනෙම කෙනෙක් දන්නවා.(ස)

:       0       0

රශ්මි Tuesday, 10 December 2013 10:37 PM

ඔයාල කලබල වෙන්න එපා, මේ ඉන්නේ නිත්‍යානුකුල කට්ටිය.......! (ස)

:       0       0

සිරි Friday, 13 December 2013 04:20 PM

මෙතන මුස්ලිම් කාන්තාවන් ඉන්නෙත් අලංකාර ඇඳුම් ඇඳගෙන. ලංකාවෙත් ලස්සන මුස්ලිම් කාන්තාවෝ ඇති නේද ? අර කළු ඔලගු ඇඳීම ගැන ඔය රටවල පිරිමි දන්නේ නැතිද ? (නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 December 2013 04:07 PM

මෙතන බලලා තියෙන්නෙ රූපයවත්, පංච කල්‍යාණයවත් නොවෙයි. බලය. (ස)

:       0       0

සංජීව Monday, 09 December 2013 07:17 PM

කොහොමද මන්දා මේ අනුපිළිවෙල තෝරලා තියෙන්නේ? (නි)

:       0       0

සිරියලතා, කෙන්යා Monday, 09 December 2013 07:20 PM

මොනවා කිවුවත් මට නම් මේක පිළිගන්න බැහැ (නි)

:       0       0

ආසියා Monday, 09 December 2013 07:22 PM

ලංකාවේ ආර්යාවෝ මෙතන නැත්තේ ඇයි කියන එක මට නම් පුදුමයක්. (නි)

:       0       0

සී. Monday, 09 December 2013 07:26 PM

අපේ කවුරුවත් ඇයි මෙතන නැත්තේ? (නි)

:       0       0

දම් Tuesday, 10 December 2013 11:23 AM

එක දෙක ස්ථාන දීල තියෙන්නේ ඇමෙරිකාවේ නිසා වෙන්න ඇති. මට නම් ජෝර්දානයේ රානියා බිසව සහ අස්මා අල් අසාද් තමයි ලස්සනම... (ස)

:       0       0

මිතුන් Wednesday, 11 December 2013 02:10 AM

අනේ අපොයි ඇස් පොට්ටද? (නදී)

:       0       0

ලක්විඳු Wednesday, 11 December 2013 01:20 PM

අහල නැද්ද ඔයාලා ....? 'ලස්සන නම් නෑ.. පෙනෙන්නේ ......' (ස)

:       0       0

තාරුක Tuesday, 10 December 2013 05:42 PM

අනේ! මේ ගොල්ලන්ගේ රටවල් වල විතරද ලස්සන ගැහැණු ඉන්නේ? (නි)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 14 December 2013 03:45 AM

අපේ ගම්වල නම් ඉන්නවා මේ අය ලගින්වත් තියන්න බැරි තරම් ලස්සන කෙල්ලෝ. (නදී)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 14 December 2013 03:47 AM

ලෝකේ ලස්සනම කාන්තාවෝ ඉන්නේ අරාබි රටවල් වල බොරුනම් ඇවිත් බලන්න.(නදී).

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Thursday, 12 December 2013 11:11 AM

ඇයි මැතිනියගේ ඡායාරූපය පල නොවුනේ. ඇයත් සුන්දරයිනෙ. කොහොමත් ඉතින් හැමදාම ලංකාවට තිබෙන්නේ පුංචි අම්මගේ සැලකිල්ල නේ. ඒ නිසා දාන්නේ නැහැ. මට නම් මෙහි පලවී ඇති අයගෙන් සුන්දරයි කියල කියන්න පුළුවන් දෙන්නෙක් තමා මොරොක්කෝවේ ලයිලා සල්මා කුමරිය හා. අස්මා අල් අසාද් කුමරියන් පමණයි. (ස)

:       0       0

අනෝමා Monday, 09 December 2013 03:04 PM

අනේ මන්දා මේවා තෝරපු අයට ඇස් තිබිලා නැද්ද? පොට්ටයෝ ඉඳලා තියෙන්නේ ලස්සන අය කොච්චර ඉන්නවද මෙතන.(නදී)

:       0       0

බංඩාර Saturday, 14 December 2013 04:50 AM

ඉතාලි අගමැති සිල්වියෝ බලස්ට්‍රොනිගේ නෝනලා ගැන අහලා නැද්ද? (නදී)

:       0       0

දිසානායක Monday, 09 December 2013 11:16 PM

මිෂල් ඔබාමා දෙවන තැන(දිල්)

:       0       0

අමිල කටුනායක Thursday, 12 December 2013 06:49 PM

අර ස්වාසිලන්තයේ රජතුමාට එහෙම මේවා දැනගන්න නම් ඉඩතියන්න එපා (නි)

:       0       0

රකිත් Wednesday, 11 December 2013 06:54 AM

වැඩිදුර සොයා නොබලා ඇති බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

ඉසුරු Thursday, 12 December 2013 07:11 PM

අපේ අය නැද්ද? (නි)

:       0       0

බුද්ධික Monday, 09 December 2013 03:28 PM

අනේ අපෙත් නෝනලත් ඉන්නවා. ඇයි ඒ නම් ඔතනට එකතු කළේ නැත්තේ.(නදී)

:       0       0

ලංකා Saturday, 14 December 2013 10:19 PM

අස්මා අල් අසාද් තමයි ලස්සනම(දිල්)

:       0       0

බණ්ඩාර Sunday, 08 December 2013 09:33 PM

අපේ කවුරුත් නැද්ද? (නි)

:       0       0

අනුර Thursday, 12 December 2013 03:37 AM

මේ ඔක්කොම රූ රැජිණියෝ වුණේ මහත්තයා රජ වූ නිසානේ. (නි)

:       0       0

චමී Friday, 13 December 2013 12:57 PM

හැමෝම තේරුම් ගන්න ලස්සනයි කියලා මිනිසුන් මනින්න බැහැ. අනික එක එක් පාට ගාලා ඉන්නේ ඒවා නැති වෙලාවටී ලස්සනම කෙනා බලන්න ඕනෑ.(නදී)

:       0       0

නිමල් Monday, 09 December 2013 05:04 PM

අනේ! කවුද මෙයාලව තේරුවේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5174 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 720 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1293 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 202 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1080 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site