IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රජිව් ගාන්ධි ඝාතනය කළදා ප්‍රභාකරන් දැඩි ලෙස සතුටු උනා


 

 

 ප‍්‍රභාකරන්ගෙන් ඉවත්වීමෙන් පසු ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සටන් කළාද?
නැහැ. මම ඔවුන් සමඟ සටන් කිරීමට සූදානම් වූයේ නැහැ. දරුණු සටන්කාමී කාඩර්වරු 6000ක් පමණ මා සමඟ සිටියා. ඔවුන් සියලූ දෙනාම නැගෙනහිර තරුණයන්. එ් වන විට ප‍්‍රභාකරන් සතුව විශාල කාඩර්වරු සංඛ්‍යාවක් සිටියා. ඉන්දියානු හමුදාව පිටත්ව ගිය පසු එල්.ටී.ටී.ඊ.ය අනෙකුත් සියලූ සංවිධාන හා සටන් කොට සියලූ දෙනා විනාශ කළා. මෙහිදී අප සටන් කළේ අපේම ඥතීන් සමඟ. 12,000 වැඩි තරුණ පිරිසක් මෙහිදී මරණයට පත් වුණා. මේ කාලයේ ඉන්දියානු හමුදාව ටී. එන්. එ්. නොහොත් දෙමළ ජාතික හමුදාව නමින් කණ්ඩායමක් නිර්මාණය කොට තිබුණා එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් කිරීමට.  එල්.ටී.ටී.ඊ.ය මෙම හමුදාව සහමුලින්ම විනාශ කළා. මොවුන් වැඩි පිරිසක් අපේ ඥති සහෝදරවරු. මා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වීමෙන් පසු මේ සිදුවීම මගේ මතකයට නැඟුණා. ඇයි අපි අපේම ඥතීන් මරාගන්නේ කියා මා සිතුවා. එහෙයින් මා එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් කරන්න ගියේ නැහැ. මගේ කාඩර්වරු සියලූ දෙනාටම හමුදාවට ආයුධ බාර දී තම ගම්බිම්වලට යන ලෙස මා ඉල්ලා සිටියා. ඇතැම් හමුදා නිලධාරීන් ආයුධ භාර ගැනීමට පැමිණියේ නැහැ. එ් නිසා අප සියලූ අවි ආයුධ ඉවත දමා නිවෙස් කරා ගියා.

 


පිල්ලෙයාන් හා ඔබ අතර කිසියම් ගැටුමක් නිර්මාණය වූවාද?
නැහැ. මා සංවිධානයේ යුද අංශ නායකයා ලෙසින් කටයුතු කරන කාලයේ ඔහු එහි සාමාන්‍ය කාඩර්වරයෙක්. මම යාපනයට ගිය අවස්ථාවන්හි ඔහු හමු වී තිබෙනවා. මා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වූ අවස්ථාවේ කාඩර්වරුන් පිරිසක් මා සමඟ පැමිණියා. එ් අතර පිල්ලෙයාන් ද සිටියා. ඔහු මා යටතේ කාඩර්වරයකු ලෙස කටයුතු කළා. ශී‍්‍ර ලංකාවේ  ඕනෑම පුරවැසියකුට තමන් කැමති නම් දේශපාලනය කළ හැකියි. ඇතැම් අය අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන වැරදි මඟකට යොමු කළා. උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අතර සම්බන්ධය ගොඩ නැෙඟනවාට අකමැති පිරිස් සිටිනවා. ඔවුන් කැමති බෙදී වෙන්වී සිටිමින් විවිධ ලාභ ප‍්‍රයෝජන ගැනීමටයි. උතුරු පළාත හා නැගෙනහිර පළාත අතර කිසියම් ගැටළුවක් තිබෙනවා. අතීතයේ පටන් සියලූම දෙමළ නායකයන් බිහි වුණේ උතුරු පළාතෙන්. නැගෙනහිර පළාතේ කිසිවකුට නායකත්වයට එන්න හැකි වූයේ නැහැ. රාජෙදාරෙයි මහතා කිසියම් බලපෑමක් කළ හැකි හොඳ දේශපාලනඥයෙක්. එහෙත් ඔහු නැගෙනහිර වැසියෙක් වූ බැවින් ඔහුට උතුරේ පිළිගැනීමක් තිබුණේ නැහැ. පසුගිය වසරේ චෙල්වනායගම් සැමරුම් උළෙලට රාජෙදාරෙයි ගිය අවස්ථාවේ සිවාජිලිංගම් ඔහු ද්‍රෝහියෙක් කියා පරිභව කොට තිබුණා. එ්ත් සිවාජිලිංගම් ඉන්දියානු හමුදාව සමඟ එක්ව ප‍්‍රභාකරන් ඝාතනය කරන්නට කි‍්‍රයා කළ පුද්ගලයෙක්. දැන් ඔහු ප‍්‍රභාකරන් වෙනුවෙන් කිඹුල් කඳුළු සලමින් ප‍්‍රභාකරන් අළෙවි කරනවා. ටී.එන්. එ්. සංවිධානයේ වැඩි දෙනෙක් එකල ප‍්‍රභාකරන්ට කැමති පිරිස නොවෙයි. ඔවුන්ගේ බොහෝ ඥතීන් ප‍්‍රභාකරන් විසින් මරා දැමුවා. දැන් මේ පිරිස බලය ලබා ගැනීම සඳහා ප‍්‍රභාකරන් භාවිත කරනවා.

 


එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීමෙන් පසු සියලූ නායකයන් මිය ගිය බැව් පැවසෙනවා. ඔබ දන්නා පමණින් එය සත්‍යයක්ද? නැතිනම් ඇතැම් නායකයන් දිවි ගලවාගෙන විදේශයකට පලා ගියාද?
සියලූම නායකයන් මිය ගිය බව සහතික වශයෙන්ම මට පැවසිය හැකියි. ඇතැම් අය කියනවා පොට්ටු අම්මාන් වැනි නායකයන් තවමත් ජීවත් වනවා කියා. එ්වා කටකතා පමණයි. දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රධාන පෙළේ කිසිදු එල්.ටී.ටී.ඊ නායකයකු නැහැ. එහි සිටින්නේ එවක සිටි සුළු නායකයන් කිහිප දෙනෙක් පමණයි. ඔවුන් කැපී පෙනෙන චරිත නොවෙයි. ඔවුන්ට කිසිදු සංවිධාන ශක්තියක් නැහැ. එ් නිසා නැවත එල්.ටී.ටී.ඊ නැගිටීමක්් අපේක්ෂා කළ නොහැකියි. ටී. එන්. එ්. පක්ෂය තුළ ජාතිවාදී පුද්ගලයන් පිරිසක් ද සිටිනවා. මේ පිරිස විවිධාකාරයේ ප‍්‍රචාර ගෙන යනවා. ඔවුන් කිසියම් ප‍්‍රශ්නයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. මගේ මතයට අනුව ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ  සාමාජිකයන් අතර සංවිධාන ශක්තියෙන් යුතු කිසිදු පුද්ගලයකු නැහැ. දෙමළ ඩයස්පෝරාවේ බොහෝ සාමාජිකයන් එල්.ටී.ටී.ඊයක් නැවත බිහිවනු දැකීමට  කැමති නැහැ. ඔවුන් එල්.ටී.ටී.ඊය භාවිත කරන්නේ ඔවුන්ගේ ගැලවීම සඳහායි. විදේශවල ජීවත්වීමට සහ යුරෝපීය රටවලින් බොහෝ ප‍්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට ශී‍්‍ර ලංකාවේ කිසියම් ගැටළුවක් නිර්මාණය වී තිබීම අත්‍යවශ්‍යයි. බොහෝ අවස්ථාවන්හිදී එල්.ටී.ටී.ඊය මුදල් ලබා ගත්තේ බිය වැද්දීමෙන් හෝ තර්ජනය කිරීමෙන්. දැනට විදේශගතව සිටින පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් එල්.ටී.ටී.ඊයට මුදල් පරිත්‍යාග කිරීමට සතුටු නැහැ. වර්තමානයේ එල්.ටී.ටී.ඊයක් නොමැති හෙයින් බොහෝ අය මේ වන විට එල්.ටී.ටී.ඊයට මුදල් දීම නවතා දමලා. දැන් ටී.එන්.එ්. පක්ෂය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා. ඔවුන්ට අවශ්‍ය යාපනයේ ජනතාව එදා සිටි මානසිකත්වයේම රැුඳවීමටයි. කුමන රජයක් පත් වුවත් මොවුන් මේ කි‍්‍රයාව අත්හරින්නේ නැහැ. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා වැනි දේශපාලනඥයින් වසර 40 වඩා වැඩි කාලයක් දේශපාලනයේ නිරතව සිටින අය. එදා සිට අද දක්වා ඔවුන් පවසන්නේ එකම දෙයක්. ලෝකය වෙනස් වෙලා. මින්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙලා. එ්ත් මේ අය කිසි දිනෙක වෙනස් වන්නේ නැහැ. දෙමළ ජනතාව මොවුන්ගේ මතවාදය අනුගමනය කළහොත්  ඔවුන්ගේ ගැටලූ කිසි දිනක නිරාකරණය කරගත හැකි වන්නේ නැහැ.

 


එල්.ටී.ටී.ඊය සතුව තිබූ සියලූ  අවි ආයුධ හමුදා භාරයට පත් වූවාද?
ඔව්. වැඩි ප‍්‍රමාණයක් හමුදාව අත්පත් කර ගත්තා. හමුදාව විශේෂ මෙහෙයුම් මගින් සඟවා තිබූ ආයුධ විශාල ප‍්‍රමාණයක්ද සොයා ගෙන තිබුණා.

 


රජීව් ගාන්ධි ඝාතනය වූ පුවත ඇසූ පසු ප‍්‍රභාකරන්ගේ ප‍්‍රතිචාරය කෙබඳු එකක් වූවාද?
ඔහු දැඩි ලෙස සතුටට පත් වුණා. ඔහු පළිගැනීමට කැමති නායකයෙක්. ඉන්දියානු හමුදාව ශී‍්‍ර ලංකාවට එවීම පිළිබඳවත්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විශාල පිරිසක් ඔවුන් අතින් ඝාතනය වීමත්, සාම සාකච්ඡුා පැවති සමයේ එල්.ටී.ටී.ඊ.ය සතුව තිබූ නෞකාවක් ඉන්දියානු සාම සාධක හමුදාව විසින් විනාශ කිරීමත්, එහිි ගමන් ගත් කිට්ටු ඇතුළු නායකයන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් යන කරුණු සම්බන්ධයෙන් ප‍්‍රභාකරන් දැඩි ලෙස රජිව් ගාන්ධිට වෛර කළා. එ් අනුවයි ඔහු රජිව් ගාන්ධි ඝාතනය කිරීමට තීරණය කළේ .

 


ප‍්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු ඔහුගේ සිරුර හඳුනා ගැනීමට ඔබ මුල්ලවෙල්ලිවයික්කාල් ප‍්‍රදේශයට ගියා. ප‍්‍රභාකරන්ගේ සිරුර දුටු විට ඔබේ සිතට නැඟුණේ සතුටක්ද ශෝකයක්ද?
මට අති විශාල සතුටක් හෝ අති විශාල වේදනාවක් හෝ ඇති වුයේ නැහැ. මගේ මනසට එක්වරම හැඟුණේ ”මෙම පුද්ගලයා නිසා මිනිසුන් කී දෙනෙක් මිය ගියාද” යන්නයි. ප‍්‍රභාකරන් යනු පොල්පොට් හට සමාන කළහැකි කුරිරු පුද්ගලයෙක්. එක් මිනිසකු නිසා අපේ රටේ බොහෝ ජීවිත විනාශ වුණා. එක්තරා මාධ්‍යකින් මගෙන් විමසුවා ඔහුගේ මරණය පිළිබඳව ඔබගේ හැඟීම කෙබඳුද කියා. මා ඔහුට පැවසුවේ මට සතුටක් හෝ වේදනාවක් නැහැ. දැන් අපට නව ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟිය හැකියි යන්නයි. ලොව සියලූ එ්කාධිපතියන් මිය ගිියේ මේ අයුරින්. අවසන් මොහොතේ ප‍්‍රභාකරන් පලා යෑමට උත්සාහ කළා. ඔහු සැබෑ විමුක්තිකාමියෙක් නම් ජනතාව සමඟ මිය යා යුතුව තිබුණා. ප‍්‍රභාකරන්ගේ මරණය පිළිබඳව මට කිසිදු කම්පාවක් නැහැ. මා සංවිධානයෙන් ඉවත් වූ පසු මගෙන් පළිගැනීමට නොහැකි වූ නිසා ඔහු මගේ එකම සොහොයුරා මරා දැමුවා.

 


වර්තමානයේ ශී‍්‍ර ලංකා රජයේ ඇමතිවරයකු ලෙස කටයුතු කරන ඔබ යුද අපරාධකරුවකු යැයිද එහෙයින් අත්අඩංගුවට ගෙන ඔබට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු යැයිද ඇතැම් පිරිස්  ප‍්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?
මෙවැනි කතා පවසන පිරිස අතීතය පිළිබඳ මදක් සිතා බැලිය යුතුයි. මේ රටේ යුද්ධයක් තිබුණා. සියල්ල සිදු වූයේ එම යුද්ධය තුළයි. එ් නිසා මා මේ පිළිබඳ වාදයකට එන්න සූදානම් නැහැ. මගේ කතාව වෙනස්. මම එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන්වී ආවේ යුද්ධය නිමාවීමට බොහෝ කලකට පෙරයි. ඇතැම් අය යුද්ධයේ අවසන් කාලයේ රජයට එක් වුණා. ඇයි ඔවුනට කලින් එවැනි පියවරක් ගත නොහැකි වූයේ? මා රජයට එක් වූයේ සැමට සාමය ගෙන එ්ම සඳහායි. යුද්ධය පැවති සමයේ මා මෙරටට සාමය ළඟා කර ගැනීම සඳහා තිරය පිටුපස සිට කටයුතු කළා. බලන්න ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන් දෙවරක් රජයට එරෙහිව නැඟී සිටියා. ඔවුන් විශාල පිරිසක් ඝාතනය කළා. ඔවුන් අද මෙරට දේශපාලන ප‍්‍රවාහයට එක්වී සිටිනවා. ටී.එන්.එ්. පක්ෂය ගෙන බලන්න. එහි කොතරම් සටන්කාමීන් සිටිනවාද? රටට වැඩදායි පුද්ගලයකු වන්නට  ඕනෑම කෙනෙකුට හැකියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාව නිවැරදි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත්තා. යුද්ධය විසින් බොහෝ ජීවිත බිලිගනු ලැබුවා. එයින් මියගිය අයගේ මව්පියන්ට මගේ කනගාටුව ප‍්‍රකාශ කිරීමට කැමතියි. අපට නැවත ඔවුන්ට ජිවිතය ලබා දිය නොහැකියි. එහෙත් නැවත යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම අපේ යුතුකමක්. අතීතය යනු අතීතයයි.

 


ඔබට චෝදනාවක් තිබෙනවා අරන්තලාව භික්ෂු ඝාතනයට හා මඩකළපුවේ පොලිස් නිලධාරීන් 600 දෙනාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියා
ඇතැම් අය ප‍්‍රකාශ කරනවා මා අරන්තලාව භික්ෂු ඝාතනයට හා පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධයි කියා. මා මේවාට සම්බන්ධ වූයේ නැහැ. එය සිදුවූයේ 1987 වගේ කාලයේ. ඒ වකවානුවේ මා  සිටියේ යාපනයේ. මෙම ඝාතන මෙහෙය වූයේ   කුමරප්පා සහ පොට්ටු අම්මාන් ඇතුළු පිරිසක්. මෙම ඝාතනයෙන් මඳ කලකට පසු එයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් මිය ගියා. දෙවියන් ඔවුන්ට දඬුවම් කරන්න ඇතැයි මා සිතනවා. ඉතිරිව සිටියේ පොට්ටු අම්මාන් පමණයි. අද ඔහුත් මෙලොව නැහැ. 1990 මඩකළපුව පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කර එල්.ටී.ටී.ඊ.ය පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත්තා. එ් අවස්ථාවේ මා එහි සිටියා. මට මේ කිසිවකු ඝාතනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඇතැම් නිලධාරින්ව මම ඔවුන්ගේ නිවෙස්වලට යැව්වා. ප‍්‍රභාකරන්හට අවශ්‍යව තිබුණේ මේ පිරිස යුද සිරකරුවන් ලෙස රඳවා ගනිමින් රජයට බලපෑම් කිරීමටයි. මේ පිරිස නැගෙනහිර රඳවා තබා ගත නොහැකි බැව් මා ප‍්‍රභාකරන්හට කියා සිටියා, එවිට ප‍්‍රභාකරන් සියලූ නිලධාරීන් උතුරට රැුගෙන එන ලෙස අණ කළා. මෙසේ රැුගෙන යන අතරතුරයි ති‍්‍රකුණාමලයේ මූතූර් ප‍්‍රදේශයේදී මොවුන් සියලූ දෙනා ඝාතනය කෙරුණේ. එසේ කළේ ඇයිද යන්න මා අදටත් දන්නේ නැහැ.

 

කිලිනොච්චියේ පැවැති ප‍්‍රභාකරන්ගේ ප‍්‍රථම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ කරුණා අම්මාන් සහ ඇන්ටන් බාලසිංහම්


අතීතයේ එල්.ටී.ටී.ඊ නායකයකු වූ ඔබ වර්තමානයේ රජයේ ඇමතිවරයෙක්. ආපසු හැරී බැලීමේදී ඔබට හැෙ`ගන්නේ කුමක්ද?
මහජනයාට සේවය කිරීමට ඉතා  හොඳ අවස්ථාවක් මට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම දෙමළ ජනතාවට. මට ලැබී තිබෙන්නේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය. එය ඉතා වැදගත් අමාත්‍යංශයක්. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් බොහෝ සංවර්ධන වැඩ මට මෙම අමාත්‍යංශය තුළින් ඉටු කළ හැකියි. මේ වන විට අපේ කාර්යභාරය වන නැවත පදිංචි කිරීමේ කටයුතුවලින් 98% අවසන් කර තිබෙනවා. අනෙකුත් අමාත්‍යංශ සම්බන්ධ කරගෙන ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් ලබා දී තිබෙනවා. දැන් කිසිවෙකුට අපට ඇඟිල්ල දිගු කරන්න බැහැ.

 


දෙමළ ජනතාවගේ අනාගතය ඔබ දකින්නේ කෙලෙසකද?
මා ඔවුන්ට ආයාචනා කරනවා ජාතිවාදි දේශපාලනයෙන් මිදෙන්න කියා. ඔවුන් ජාතික දේශපාලනය සමඟ අත්වැල් බැඳගත යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම්  දිනාගත හැක්කේ එමඟින් පමණයි. ඔවුන් ජාතිවාදි පක්ෂයකට එක් වුවහොත් කිසිවක් හිමි වන්නේ නැහැ. මේ බැව් ඔවුන් වටහා ගත යුතුයි. දැන් දැන් බොහෝ පිරිස් මෙය වටහා ගනිමින් සිටිනවා. ටී.එන්.එ් පක්ෂය තුළත් මධ්‍යස්ථ පිරිස් දැකිය හැකියි. උතුරු නැගෙනහිර ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා එවැනි පුද්ගලයෙත්. ඔහු නීතිය හොඳින් දන්නවා. එහෙයින් නීතියට එරෙහි වන කිසිවක් ඔහු නොකරන බැව් මට විශ්වාසයි. එහෙත් ටී.එන්.එ්. නායකත්වය ඔහු කිසියම් පාලනයකට නතුකරගෙන සිටින බව පෙනී යනවා. විදේශවල සිටින දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ට ශී‍්‍ර ලංකාවේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. ශී‍්‍ර ලංකාව තුළ ගැටළුවක් නිර්මාණ වී තිබීම ඔවුන්ගේ පැවැත්මට වාසි සහගත බැවින් ඔවුන් එහි සිට විවිධ දේ සිදුකරනවා. ඔවුන් මෙහි පැමිණ රට තුළ සිදුවන්නේ කුමක්දැයි වටහා ගත යුතුයි.  ඔවුන් සාදරයෙන් පිළිගන්නට අප සූදානම්.

 


එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් සහමුලින්ම පරාජය කිරීමට ශී‍්‍ර ලංකා රජයට ඔබගෙන් විශාල සහායක් ලද බව පැවසෙනවා. එය සත්‍යයක්ද?
මෙය පිළිතුරු දීමට මඳක් අපහසු ප‍්‍රශ්නයක්. මා මෙහෙම කියන්නම්. මමත් එහි කොටස්කරුවෙක්. එ් පිළිබඳව මා සතුටු වෙනවා. ජනාධිපතිතුමා දක්ෂ, ශක්තිමත් නායකයෙක්. ඔහුට පෙර සිටි බොහෝ ජනාධිපතිවරු එල්.ටී.ටී.ඊය සමඟ සටන් කළා. එහෙත් ඔවුන් නිවැරදි තීරණ ගැනීමට පසුබට වුණා. ඇතැම් අය එල්.ටී.ටී.ඊයට මුදල්, අවි ආයුධ පවා දුන්නා. විශේෂයෙන්ම ඔවුන් පසුබෑමට ලක්වූ අවස්ථාවන්හිදි නැවත සංවිධානය වීමට අවශ්‍ය කාලය ලබා දුන්නා. ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වෙතැයි ඔවුන් බියවුණා. ජාත්‍යන්තරය අප අගය කරනවා. එහෙත් රටේ අභ්‍යන්තර සිදුවීම්වලට ඔවුන්ට අතපොවන්නට බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊයට කිසිදු අවස්ථාවක් ලබා නොදී ඔවුන් සහමුලින්ම විනාශ කළ යුතුය යන මතයේ සිටියා. ඔහු හමුදාවට එම කාර්යය ඉටු කිරීමට අවශ්‍ය නිදහස ලබා දුන්නා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නා ඔහුගේ අරමුණ යථාවක් කිරීම සඳහා. යුද මෙහෙයුමකදී ඉතා වැදගත් අංශ තුනක් තිබෙනවා. පළමුවැන්න නිවැරැුදි තීන්දු ගැනීම. දෙවැන්න යුද මෙහෙයුමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම. තෙවැන්න එම කාර්යය සපුරාලීම. මෙම කරුණු තුන නිවැරැදි ලෙස යොදා නොගතහොත් යුද ජයග‍්‍රහණයක් ලැබීම දුෂ්කරයි. රජය යුද්ධය ජයග‍්‍රහණය කළේ මේ අංශ තුනම නිවැරැුදි ආකාරයට කි‍්‍රයාත්මක කිරීම නිසා.

 




අදහස් (0)

රජිව් ගාන්ධි ඝාතනය කළදා ප්‍රභාකරන් දැඩි ලෙස සතුටු උනා

ජයශ්‍රී Saturday, 21 June 2014 11:34 AM

ඔබ ලාංකිකයෙක් හැටියට රටට සේවය කරන්න . සෑම ජාතීන් සමග සමගියෙන් ලංකාවේ දියුණුවට හවුල් වෙන්න (දී)

:       0       0

අරවින්ද Saturday, 21 June 2014 07:49 PM

අම්මාන් තනතුර දක්වා පැමිණියේ මුකුත්ම නොකරද? ආචාර්ය පදවිය වගේ. (දී)

:       0       0

දිසාසේකර Thursday, 19 June 2014 12:10 PM

යුද්ධයට පිළිතුරු දෙන්න අවශ්‍ය යුද්ධයෙන්ම තමයි අපේ ජන නායකයා කල වැඩේ අපි සැමදා අගයනවා (දී)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 10:33 AM

හෝද හෝද මඩේ දාන්නේ නැතුව මේ මනුස්සයා කියන දේත් තේරුම් ගන්න. යුද්දයක් උනා. දැන් එ්ක ඉවරයි. මේ මනුස්සයා සාමයට කැමති නිසානේ යුද්දය අතහැරලා ආවෙ. එහෙම බැලුවොත් අද ජේවීපිය සාමයෙන් දේශපාලනය කරන්න බැදිලා නැද්ද. එයාලත් කාලයක් තමන්ගේම ජාතියට විරුද්දව ආයුද අතට ගත්ත කොටසක්නේ. එහෙම බැලුවම සමහරක් ජේවීපී නායකයොත් ආණ්ඩු පක්සේට හේත්තුව දාගෙන ඉන්නේ. ඒ නිසා ගිය දේ ගියා. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන හිතමු. (නදී)

:       0       0

සැමුවෙල් Tuesday, 24 June 2014 12:12 PM

මේ ඡායරුප දෙකේ ඉන්න කරුණා එක අයෙක් නොවේ. එය එහි තිබෙන ඔහුගේ පෙනුමේ වෙනසින්ම ඔප්පු වෙනවා. ඔහු ප්‍රබාකරන් යටතේ වැරදිකලා. දෙවැනි ඡායාරූපයේ ඔහුගේ පෙනුම ඉතා දරුණුයි. එ්ත් ඔහු වැරද්ද තේරුම් ගෙන අප සමග එකතුවී ප්‍රබාකරන් නැති කිරීමට සහය දුන්නා. දැන් ඔහු මිනිමරුවෙක් නොවේ. පලවෙනි ඡායාරූපයේ ඉන්න කරුණාගේ පෙනුම බලන්න. ජවිපෙ 70,80 දී මිනි මැරූ කි දෙනෙකේ ප්‍රජාතන්ත්‍රව දැන් ඡන්දෙත් ඉල්ලනවා නේද. ඒ වගේ හොඳ මගට ආපු කරුණට, කේ පි ට, දයා මාස්ටර්ට දඩුවම් කරන්න කියල කවුරු හරි කියනවා නම් ඔහුගේ හෝ අැයගේ මොලේ අමාරුවක් ඇති. (නදී)

:       0       0

අනිල් පෙරේරා Friday, 20 June 2014 11:16 AM

ඒ අමිහිරි අතීතය ඒ අතීතය තුලම වල දමා, සියලු ජාතීන් එක්සත්ව, එක් සිත්ව රටේ අනාගතය හරි මගට ගැනීමට එකාමෙන් වැඩ කලයුතු කාලය එලබ ඇත. (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 21 June 2014 01:26 PM

කණගාටු නොවන්න ;"ඔවු අපි මැරුවා" කියන මැති ඇමතිලා ඕන තරම් ඉන්නේ .එනිසා මෙතුමා ගැනත් සදරනව බලන්න . (අ)

:       0       0

පාලිත Sunday, 22 June 2014 04:04 PM

අපේ ජාධිපති තුමා කල දේ 100%ක් නිවැරදියි. සාමෙන් බැරිනං යුද්දෙන් කියල ගහපු එකම තමයි හොඳ. (දී)

:       0       1

අක්තාර් Thursday, 19 June 2014 08:59 AM

ඇත්තෙන්ම පොට්ටු අම්මාන්, ප්‍රබාකරන් කියන්නේ හරීම කරුණාවන්ත දයාවෙන් පිරිපුන් ශාන්ත අය (නදී)

:       0       0

උපාලි Friday, 20 June 2014 11:39 AM

ප්‍රබාකරන් සහ ඔහුගේ මිනීමරුවන් නැති කිරීමට සහය දුන්න මේ මහතාට ආයිත් ඔහු ප්‍රබාකරන් යටතේ ඉන්න කාලේ සිදුවුණා දේවල් කියමින් චෝදනා නොකරන්න. ඔහු නිසි මගට ඇවිත් අපට උදව් නොකරන්න අපිට යුද්ධය දිනීම අමාරු වෙන්නත් ඉඩ තිබුන නේද. (නදී)

:       0       0

රොෂාන් වෙරොනා Saturday, 21 June 2014 02:18 PM

යුද්දයකදී ලේ සෙලවීමක් නොකර යුද්දක් දිනන්න බැහැ. එයයි සත්‍ය , එයාට මේ රජයත් සමග එකතු වීම තුලින් කොටි අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම යුද්දයට පහසු මගකට යොමු වීම අප ලැබූ ජයක් (අ)

:       0       0

ෂෙහාන් Friday, 20 June 2014 12:20 PM

කරුණා අම්මාන් ද්‍රෝහියෙක් යයි යමෙක් පවසන්නේ නම් මොනරවිල කැප්පෙට්ටිපොළ චරිතය හොඳින් අධ්‍යනය කර බලන්න...(නදී)

:       0       0

ප්‍රගීත් Saturday, 21 June 2014 07:37 AM

හිටපු එල්.ටි.ටි නැගෙනහිර පළාත් බාර නායක තැන්පත් අතිගරු ශ්‍රීමත් කරුණා අම්මාන් මැතිතුමනි, මරණ දඩුවට නියම වී හිරගෙදර සිටින මිනීමරුවන් සියලු දෙනාටම යහපත් මිනිසුන් වීමට තවත් අවස්තාවක් දෙන්න.(නදී)

:       0       0

හිෂාන් Friday, 20 June 2014 01:44 AM

අපි ඔහුට අවස්ථාවක් දෙමු (නි)

:       0       0

මල්කාන්ති Monday, 23 June 2014 04:00 AM

කාගේ අතිනුත් වැරදි වෙනවා. ඔහු කළ වැරදි තේරුම්ගෙන සිටීම ගැන සතුටුයි (නි)

:       0       0

සුජීව Friday, 20 June 2014 03:45 AM

මේ අදහස් හොඳින් තේරුම් ගන්න ශ්‍රී ලාංකික ජනතාවනි (නි)

:       0       0

පාරමී Thursday, 19 June 2014 01:44 PM

ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු (නදී)

:       0       0

රුවන් Thursday, 19 June 2014 06:26 PM

ඔහු කතා කරන්නේ ශ්‍රී ලාංකික දෘෂ්ඨියෙන්. ඔහු දැන් ශ්‍රී ලාංකිකයෙක්. ඉතින් අතීතය අමතක කරමු. අතීතය ගැන චෝදනා කර කර ඔහුව අපහසුතාවයට පත් නොකරමු. (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 18 June 2014 11:22 PM

ඇත්තෙන්ම කරුණා අම්මාන් කියන්නේ හරීම කරුණාවන්ත දයාවෙන් පිරිපුන් ශාන්ත අයෙකි. (නි)

:       0       0

විමුක්ති Wednesday, 18 June 2014 05:21 PM

වරදට සමාව දීම දේව ගතියක්. අපි ඔහුටත් අවස්ථාවක් දී බලමු (නි)

:       0       0

අජිත් Thursday, 19 June 2014 06:50 PM

ඔහු නිවැරදි මඟට යොමුවීම ගැන අපි සතුටු වෙමු. (නි)

:       0       0

ගැමා Thursday, 19 June 2014 11:08 AM

දැන් හැමෝම කරුණාවන්තයි (නදී)

:       0       0

පාලිත Saturday, 21 June 2014 05:13 PM

මිනිස්සු මරලා සතුටු වෙන්න තරම් නින්දිත වූ මිනිහෙක් (දී)

:       0       0

අචලා Saturday, 21 January 2017 06:46 AM

ඇමරිකාව වගේ රටවල් තමයි තමන්ගේ වැරදි තියාගෙන අනුන්ගේ පෙර වැරදි අවුස්ස අවුස්සා ඒවා තමන්ගේ හතුරන්ට එරෙහිව භාවිතා කරන්නේ. (නි)

:       0       0

අනුරශාන්ත Friday, 20 June 2014 03:26 PM

එතොකට ඔබ කිසිම මිනිස් ඝාතනයක් කරලා නැති විදියටයි මෙහි අදහස් දක්වල තියෙන්නේ ඔබ එල්.ටි.ටි එකේ සන්නද්ද නායකයා ඒකාලේ නැගෙනහිර පළාතේ සිංහල ගම කීයක් අමු අමුවේ කපලා කොටලා කිරිදරුවන් පොලවේ ගහල මරා දැමුවද එතොකට ඔබ සිල්ගනිමින් සිටියද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5026 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 694 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1267 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 112 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 199 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site