IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රටේ ඉන්න හැම මිනිහම මට පාවාදීලා බැන්නා

 

 

බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් යළිත් උණුසුම් පුවත් පළවීමට පටන් ගෙන තිබේ. ඒ සන්ධානේම පළාත් සභා මන්ත‍්‍රීවරයකු සමග ඇති කරගත් ආරෝවක් සමගිනි. මේ ඒ සම්බන්ධයෙන් ඇය විමසමින් කළ සංවාදයකි.


ප‍්‍රශ්නය: බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටුවේදී එදා මොකක්ද වුණේ.
පිළිතුර:
ඒක ඉතාම සංවිධානාත්මකව ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන කරපු බොරු මාධ්‍ය සංදර්ශනයක්. මම අවුරුදු තුනක් හැම මාසෙකම ඔය රැස්වීමට ගියේ මගේ පෞද්ගලික දෙයක් කරගන්න නොවෙයි. ආසනේ සංවිධායකවරිය හැටියට ජනාධිපතිතුමා මාව පත් කළේ මට ලොකු වගකීමක් හැටියටයි. එතුමා මට පවරපු ඒ කාරිය මම ඉටු කරන්නේ. මගේ ජීවිතයම දේශපාලනය වෙනුවෙන් කැපකරලා තියෙන්නේ. මම දේශපාලනයට ආවේ අහිංසක මිනිසුන්ට සේවය කරන්නයි. එදත් මම සම්බන්ධීකරණ රැුස්වීමට ගියේ කලින් දවසෙත් ? වෙනකම් වැඩ කරලා. පහුවදා උදේ පිටිගල තිබුණ උත්සවයකට ගිහින් පොඞ්ඩක් පරක්කු වෙලයි.

 

 


ප‍්‍රශ්නය : ඒ රැස්වීමට ඔබ අවශ්‍ය නැති කෙනෙක් කියලයි කියැවුණේ?
පිළිතුර :
ඇයි මට ආරාධනා පත‍්‍රයක් එවලා තිබුණේ. ප‍්‍රාදේශීය ලේකම්තුමා මගේ නම ගහලා ඉස්සරහින් වතුර බෝතලයකුත් තියලා තියපු පුටුවෙයි මම වාඩි වුණේ. අවුරුදු තුනක් මම ඔය රැස්වීමට ගිහින් තියෙනවා. කවුරුවත් මගෙන් ඔහොම ඇහුවේ නෑ. ඒක මට තියෙන අයිතියක්. බෙන්තර - ඇල්පිටිය ජනතාවගේ ප‍්‍රශ්න රාජ්‍ය නිලධාරීන්ගේ ප‍්‍රශ්නවලට මම කොහෙන්ද උත්තර සපයන්නේ. මම හැම සතියකදීම ජන හමු දෙකක් තියන එකත්, සෙනසුරාදා ඇල්පිටියෙත් ඉරිදා බෙන්තරත් මම ජනහමු පවත්වනවා. දහස් ගණනක් මිනිස්සු ඒවට එනවා. ජනහමුව තියලා මහජනතාවගෙන් එකතු කරගන්නා ප‍්‍රශ්න අපි විසඳලා දෙන්න  ඕනෑ. සංවර්ධන කමිටුවේ සභාපතිතුමාට මම සහයක් දෙන්නේ. එතුමා වෙන ආසනයක කෙනෙක්. මම මේක කරන්නේ මහජනතාව වෙනුවෙන්. ඉතින් මම එදා ආවා. ඇවිත් වාඩිවුණා. බොහොම ආචාරශීලීව වාඩිවුණා. මම වාඩිවුණාට පස්සේ ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් රණවිරුවෙක් කියලා දාපු අජිත් ප‍්‍රසන්න, එයාත් බෙන්තර ඇල්පිටියේ නොවෙයි. එයාව දැම්මේ ගාල්ල දිස්ති‍්‍රක්කයෙන්. මේක ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ සම්බන්ධීකරණ රැුස්වීම. ජනතාව එයාට ඡන්දය දුන්නේ කිහිලිකරු දෙකින් බොරු මවා පෑමක් කළ නිසයි. නමුත් එයා වැඩ කළේ නෑ. කරපු එකම දේ මාධ්‍ය මගින් කාටහරි මඩ ගහන එකයි. මම රැස්වීමේ වාඩි වෙච්ච ගමන් මට එතැනට එන්න බෑ කියලා මට බැනගෙන බැනගෙන ගියා. මම එතැනදි කිව්වා ඔබතුමා දේශපාලනයට ඇවිත් ඉල්ලපු එකම දේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලයි. ඒකට මහා සංඝරත්නය තදබල ලෙස විරෝධය පළ කළා. අපේ පළාත්වල කාන්තාවෝ විරුද්ධ වුණා. ඡන්දය දීලා එතුමාව පාර්ලිමේන්තුවට යැව්වේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න නොවෙයි. එයා මට යන්න කිව්වම මම කිව්වා ඔබතුමාත් මේ පාර ඡන්දෙට එනවනේ, ඒ එන්නේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නද කියලා. ඒ වෙලාවේ එතුමා ඉතාම අසභ්‍ය විදියට... ”උඹ ගණිකාවක්... උඹ ලංකාවේ ඉන්න හැම මිනිහත් එක්කම බුදියගෙන ඉඳලා ආවේ.’’ කියමින් ඒ රැස්වීමේ හිටපු තුන් හාරසීයක් රාජ්‍ය නිලධාරින් ඉදිරියේ මාව ලැජ්ජාවට පත්කළා. හරිනම් මමයි ඒකට උපවාසයක් කරන්න  ඕන.

 

 


ප‍්‍රශ්නය : ඔබත් එතුමාට ‘‘නපුංසකයා’’ ආදී වචනවලින් බැනලා තියෙනවා?
පිළිතුර :
ඔව් මම කිව්වා ‘‘නපුංසක කතා කියන්න එපා.’’ ඔයා පොන්නයෙක් වගේ කතා කරන්න එපා’’ කියලා. ඔබ හිතනවද, මමත් ලේ මස් ඇට නහර වලින් හැදිච්ච කෙනෙක්. මට එහෙම කියවෙන්නේ නැද්ද? මම අර විදියට කිව්වට පස්සෙයි මම ඒ විදියට කිව්වේ. කවුද වැරැද්ද?

 

 


ප‍්‍රශ්නය : ඔබ දේශපාලනයට ආපු දවසේ ඉඳලා අපි දැක්කේ දේශපාලනඥයන් එක්ක ගැටෙන එකමයි. ඇයි මෙහෙම රණ්ඩු වෙන්නේ?
පිළිතුර :
පාර්ලිමේන්තුවෙත් ඔය  ඕනෑතරම් ගැටුම් ඇතිවෙන්නේ. දේශපාලනය කරන කොට ගැටුම් ඇතිවෙනවා. ඔය ඔතැන හිටියේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරු හතර දෙනෙක්. ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් ස්වාධීනව ආවේ. හැමදාම අපිට අපේ රජයට බනින කෙනෙක්. ඉතින් එයා උපවාස කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අනික් එක්කෙනා යූ.ඇන්.පී. එකෙන් ආපු එක්කෙනෙක්. මමම ටිකට් එක දීලා හරිගස්සලා ගත්ත කෙනෙක්. තව හත් දෙනෙක් මාත් එක්ක ඉන්නවා. ඒ කිසි කෙනෙක් මේකට සම්බන්ධ වුණේ නෑ. උප සභාපතිතුමා ගැන විශේෂයෙන් මම කියන්න  ඕනෑ. එතුමා සමගත් මං ගැටුම් හැදිලා තියෙනවා. හැබැයි එතුමා මේ කාරණය හෙළා දැක්කා.

 

 


ප‍්‍රශ්නය : මගේ ප‍්‍රශ්නය වුණේ ඇයි මේ හැම එක්කෙනා එක්කම ගැටෙන්නේ කියන එකයි.
පිළිතුර :
අවුරුදු 20ක් මන්ත‍්‍රීවරයෙක් නැති ආසනයක් මේක. එතකොට සභාපති හිතනවා මම තමයි ලොක්කා කියලා. ඒ ආධිපත්‍යය බිඳුණා මම ආවට පස්සේ. ඒකට හේතුව මගේ ජනපි‍්‍රයතාව. ඒ වගේම දුප්පත් මිනිසුන්ට මම හැකිතරම් ධනය වියදම් කරනවා. දුප්පත් මළ ගෙදරකට ගිහිල්ලා ගේ ඇතුළට ගිහිල්ලා කහට කෝප්පයක් බීලා කාටවත් පේන්න නැතිවෙන්න අර මිනිසුන්ගේ අතේ රුපියල් හාරදහසක් තියලා එනවා. වයසක මනුස්සයෙක් ආවොත් පර්ස් එකේ තියෙන අන්තිම ශතේ හරි දෙනවා. ඩ‍්‍රැයිවර් කියනවා ‘‘මැඩම් රුපියල් පන්සියයක් තියාගන්න නැත්නම් අධිවේගයේ යන්න බැරි වෙයි’’ කියලා. මොකද රුපියල් පනස්දාහක් අරගෙන ආවොත් යනකොට ඒක ඉවරයි. ඇති තරම් මම මිනිසුන්ට උදව්  කරනවා. මගේ පෞද්ගලික ධනය වියදම් කර කර උදව් කරනවා. දවස් දෙකකට විතරක් මම කොළඹ එනවා. ඒ තරම් මම වැඩ කරද්දි අර අයගේ ආධිපත්‍ය බිඳුණා. ඔය ප‍්‍රාදේශීය දේශපාලනඥයන් වගේ නොවෙයිනේ ගමක උත්සවයක් තිබුණොත් මිනිස්සු මටනේ කතා කරන්නේ. යා ගන්න බැරිතරම් උත්සවවලට මට කතා කරනවා. සිනමා නිළියක් විදියට මේ තරම් ජනපි‍්‍රිය වෙච්ච කෙනෙක්ගේ මූණ බලාගන්න මිනිස්සු ආශා නැද්ද? ඒ ජනප‍්‍රියත්වය සමග ඒ අයට දැනුණා. ලොකු අභියෝගයක්. මේකේ නිකම් සංවිධායකවරයෙක් හිටියානම් එහෙම නෑනේ. හිටපු සංවිධායක අරන් බලන්න. අවුරුදු 20ක් මේ ආසනයට මන්ත‍්‍රීවරයෙක් නැතිවීමේ වගකීම හිටපු සංවිධායකවරයා බාරගන්න  ඕන. එතුමාට තිබුණා මේ ආසනය මීට වඩා හොඳට හදන්න. බෙන්තර - ඇල්පිටිය ආසනය ගැන ජනාධිපතිතුමාගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මේ කාපට් පාරවල් ඔක්කොම දුන්නේ ජනාධිපතිතුමා. බැසිල් රාජපක්‍ෂ මැතිතුමාට කිව්වාම කරලා දෙනවා වැඩක්. එහෙම ලොකු ආශිර්වාදයක් මට මේ රජයෙන් ලැබිලා තියෙනවා. මම පෞද්ගලිකව ඇල්පෙනෙත්තක තරමේ දෙයක් අරගෙනත් නෑ. අරගන්නෙත් නෑ. පෙට‍්‍රල් කඳුළක්වත් මම මේ රජයෙන් අරගෙන නෑ. මම ඉල්ලන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ”අපේ ඇමැතුමනි, මේක කරලා දෙන්න. අපේ ඇමැතිතුමනි, අරක කරලා දෙන්න” කියලා කිව්වම හැම ඇමැති කෙනෙක්ම මට කරලා දෙනවා.

 

 


ප‍්‍රශ්නය : ගැටුම් හදාගැනීමට හේතු තවම ඔබ කිව්වේ නෑ.
පිළිතුර :
ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ හැමෝම එකවගේ නොවෙයි. සභාපති වුණාම ටක්ගාලා එයාගේ ඔළුවට එනවා මම පළාත් සභාවට යන්න  ඕන කියලා. ඒ අයට ඡන්ද තුනම දාන්න පුළුවන්. ඉතින් ඡුන්ද දෙතුන් දාහක් ගත්තාම ඒ අය හිතනවා මම ජනප‍්‍රියයි කියලා. එහෙම හිතලා යටින් ගේම් ගහනවා. ඒක තමයි මේක ඇතුළේ තියෙන ඇත්ත. මම ගණිකාවක් කියලා රටේ ඉන්න හැම මිනිහම මට පාවාලා දීලා රටේ නැති කුණුහරුප මට කිව්වා. ඒකේ ටේප් එක තියෙනවා. මම අර වචනය කිව්ව එක ඇත්ත. නපුංසකයකුට, පොන්නයකුට හැරෙන්න කාන්තාවකට ඔහොම කතා කරන්න බෑ.

 

 

 


ප‍්‍රශ්නය : ගුණරත්න වීරකෝන් ඇමැතිවරයත් සමග ඔබට තිබෙන ගැටුම මොකද්ද?
පිළිතුර :
ගුණරත්න වීරකෝන් කියන්නේ තවත් කෙනෙක්. අපේ ආසනයේ සාරය උරා බොන. එයා දිනන්නේ මේ ආසනයේ ඡන්දවලින්. එයා කමිටුවේ සභාපති කළාට පස්සේ එයා පුළුවන් තරම් උත්සාහ කරනවා මාව කපන්න. මොකද එයා දන්නවා මම ඉස්සරහට ආවොත් මම මේ පාර පළාත් සභාවට තරග කළාට ඊළඟට මම යන්නේ මහ මැතිවරණයටනේ. එතකොට එයා දන්නවා මම ඉස්සරහට යන්න යන්න එයාගේ ඡුන්ද ටික අඩුවෙනවා කියලා. එතකොට එයා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හැටියට හැම එකේම එයාගේ පින්තූර දාන්න කියනවා. මගේ පින්තූරය දාන්න එපා කියනවා. ඒවගේ ගොඩාක් යටින් කැපිලි දානවා. මට කරන තර්ජන - ගර්ජන, බරපතළ අපහාස - උපහාස දිහා බලනකොට මටම පුදුම වෙනවා මම කොහොමද මේවා ඉවසාගෙන ඉන්නේ කියලා. මම ගැහැනියක් හැටියට පුදුම පීඩාවකින් ඉන්නේ. මට මේ ගැන කවදාහරි පොතක් ලියන්න පුළුවන්.

 

 


ප‍්‍රශ්නය : සජින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයත් සමගත් ඔබ තරහයි කියලා කියනවා.
පිළිතුර :
අනේ අපි අතර කිසිම තරහක් නෑ. මම බොහොම ආදරෙන් කිව්වා ‘මල්ලි ඔයා මගේ ආසනේ වැඩවලටත් එන්න කියලා. මම එයත් එක්කත් තරහා වුණා කියලා මමත් දැක්කා කවුද කියලා තිබුණා.

 

 


ප‍්‍රශ්නය : ඔබ කා සමගවත් ගැටුම් හදාගත්තේ නෑ කිව්වට චන්දිම වීරක්කොඩි  නියෝජ්‍ය ඇමැතිවරයත් එක්කත් ඔබ හැප්පුණා.
පිළිතුර :
ඒක වුණේ මෙහෙමනේ. එයා ප‍්‍රසිද්ධ රැස්වීමකදී මට කතාවක් කිව්වා. එබඳු අසාධාරණ අවස්ථාවකදී කට පියාගෙන ඉන්න මම මැරෙනකම්ම ලෑස්ති නෑ. මහා දේශපාලනඥයන්ට බැරිනම් රජ්ජුරුවන්ට හරි මම කියනවා ‘ලිප්ටික්  ගාගෙන ඇවිත් ඉන්නේ’ කියලා කිව්වේ මුළුමහත් කාන්තාවන්ටමයි. ඉතින් ඒක ගැන මම මගේ විරෝධය පළ කළා.

 

 


ප‍්‍රශ්නය : කෝපි කෝප්පයකින් මහජන නියෝජිතයකුට පහරදීමක් ගැනත් ඔබට චෝදනා එල්ල වුණානේ.
පිළිතුර :
අපි හැමදාම ප‍්‍රාදේශීය සභාවල ඉන්න අය කැඳවනවා පහුවදා තියෙන ප‍්‍රාදේශීය සභාවේ රැුස්වීම ගැන කතා කරන්න. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති යූඑන්පී එකෙන් ආවේ. අද වෙනතුරුවත් අපේ පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන නෑ. සජින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීතුමාගේ ඉල්ලීමට තමයි එයාට නොමිනේෂන් දුන්නේ. ඒ වෙලාවේ ප‍්‍රාදේශීය සභාවේ සියලූම මන්ත‍්‍රීවරු තරහා වුණා මගෙත් එක්ක. මිගාර වලල්ලාවිට කියන මන්ත‍්‍රීතුමා ඉල්ලා අස්වුණා. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ. ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නෑ. මට නොමිනේෂන් දෙන්න වුණා. මීට කලින් රූපා කරුණාතිලක මන්තී‍්‍රතුමා එක්ක රණ්ඩු වෙච්ච එක්කෙනෙක්. එයා එදා අපේ රජය විවේචනය කරද්දී ඉවසාගෙන ඉන්න බැරිම තැන මම කිව්වා ‘යූ.එන්පී. එකෙන් ඇවිත් ඔය වගේ කතා කියන්න එපා’ කියලා. එයා පටන් ගත්තා තිත්ත කුණුහරුප වැලක්. ඒකෙත් ටේප් එක තියෙනවා. මම කෝපි කෝප්පයෙන් ගැහුවෙත් නෑ. කේප්පය බිඳුණේ නෑ. ඒ කෝප්පය තවමත් තියෙනවා ප‍්‍රාදේශීය සභාවේ. ඒකේ මගේ නම ගහලා තියෙන්නේ. නොගැහුවට හැබැයි කෝපි ටිකක් මූණට ඉහිරුණා. ඒ මට කුරුහරුප කියන්න බැරි හින්දා.

 

 


ප‍්‍රශ්නය : ඔබට අධික ලෙස තරහා යනවද?
පිළිතුර :
අසාධාරණයක් ඉදිරිපිට දී තරහා යනවා. සාධාරණය ඉදිරියේ  ඕනෑම කෙනෙක් සමග සුහදව වැඩ කරනවා. අසාධාරණ විදියට වැඩ කරන, බොරු කියන අය ඉදිරිපිට මට තරහා යනව.

 

 


ප‍්‍රශ්නය : ඔබ ලංකාවේ ඉන්න ප‍්‍රතිභාපූර්ණ චරිතාංග නිළියක්. ඇයි දේශපාලන චරිතය හරියට රඟපාන්න බැරි ද?
පිළිතුර :
දේශපාලනය කියන්නේ රඟපාන එකක් නොවෙයි. රඟපෑම කියන්නේ වෙනත් චරිතයකට ආවේෂ වීමක්. මම දේශපාලනයෙදි රඟපාන්නේ නෑ. එහෙම රඟපාලා මිනිසුන්ට බොරු කියන්න බෑ. මම බොරු පොරොන්දු දෙන්නේ නෑ. මම දවස ගානේ  ඕනෑ මිනිසුන්ට උදව් කරන්න. මම ඒක නොපිරිහෙලා කරනවා.

 

 


ප‍්‍රශ්නය : මෙවර පළාත් සභා මැතිවරණයට ඔබ ඉදිරිපත් වෙනවාද?
පිළිතුර :
ආසනයක සංවිධායකවරියක ලෙස කටයුතු කරන නිසා මම ආසනය හොඳම සංවිධානය කරලා තියෙන්නේ. මම ගාල්ල දිස්ති‍්‍රක්කය පුරා ගිහින් තියෙනවා. ගාල්ල දිස්ති‍්‍රක්කයේම ජනතාවට මම උදව් කරලා තියෙනවා. මාව හොයාගෙන සමහරදාට මිනිස්සු කොළඹ එනව බද්දේගමින්. එක දවසක් කට්ටියක් එනකොට පාන්දර හතරයි. එහෙම ඇවිත් විවිධ උදව් ඉල්ලනවා. මම ‘නයිට් ගවුමට උඩින් ‘‘හවුස්කෝට්’ එකත් දාගෙන ඇවිත්  ඔෆීස් එකේ වාඩිවෙලා  ඒ මිනිසුන්ගේ වැඩ ටික කරලා දෙනවා. ඒ නිසා මම හිතුවා මම යන්න  ඕන පළාත් සභාවට. දකුණු පළාතේ වැඩියෙන්ම රෝහල් තියෙන්නේ පළාත් සභාවට. පාසල් බොහොමයක් තියෙන්නේ පළාත් සභාවට. ඒ වගේම පළාත් සභාවලින් පාලනය කෙරෙන බොහෝ තැන්වල ගැටලූ තියෙනවා. පාරවල් බැලූවත්, කුඹුරු ගත්තත් කෙළින්ම සම්බන්ධ වෙන්නේ පළාත් සභාවල. දැන් තියෙන්නේ අපේ රජයක්. අපේ රජය යෝධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන මොහොතක බෙන්තර - ඇල්පිටියට ඒක ගේන එක මගේ යුතුකම.
අපේ පළාතට මම යෝධ සංවර්ධන වැඩසටහන් ගණනාවක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මම පළාත් සභාවට ඉදිරිපත් වෙනවා. අජිත් ප‍්‍රසන්නගේ ගේ තියෙන්නෙත් මගේ ගේ ළඟමයි. පුංචි කාලේ ඉඳලම අපි එයාව දන්නවා. එයා පෞද්ගලිකවම මට වෛර කරන්නේ එයාව ගියපාර රණවිරු ලැයිස්තුව යටතේ දිස්ති‍්‍රක්කයෙන් දැම්මට වැඩිපුරම ඡුන්ද ගත්තේ මගේ ආසනයෙන්. දැන් ඔයා හොඳට හිතට ගන්න මම මේ කියන කතාව. එයා දිස්ති‍්‍රක්කයෙන් දැම්මට එයාගේ පදිංචිය තියෙන්නෙත් හබුරුගලයි. මගේ ගමේමයි. එයා දන්නව මමත් පළාත් සභාවට ආවොත් එයාගේ ඉරණම වෙනස් වෙනවා කියලා.

 


 

ප‍්‍රශ්නය : දේශපාලනය කරන්න අවශ්‍ය මට්ටමින් ඔබට සුදුසුකම් තියෙනවා කියලා ඔබ හිතනවද?
පිළිතුර :
මම නිකම්ම කඩාපාත් වුණු කෙනෙක් නොවෙයි. මගේ සීයා දේශපාලනය කළා. මගේ ඥාතියෙක් ගම් සභාපතිවෙලා හිටියා. මගේ සහෝදරයා ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරය අවුරුදු ගණනාවක් කරලා බෙන්තර ඇල්පිටියේ පළමුවැනි පළාත් සභා මන්ත‍්‍රීවරයා වුණා. මගේ පියා පුවත්පත් කලාවේදියෙක්. ගුරුවරයෙක්. විදුහල්පතිවරයෙක්. මම පැවැත එන්නේ අන්න ඒවගේ පවුල් පසුබිමකින්. මම හැම වෙලේම ගමේ මිනිසුන්ට උදව් කරලා තියෙනවා. ගෙවල් දහයක් ගත්තොත් ගෙවල් හතකට මම උදව් කරලා තියෙනවා.

 

 


ප‍්‍රශ්නය : ඔබ රැකියා කීයක් දීලා තියෙනවද?
පිළිතුර :
බොහොම හොඳ ප‍්‍රශ්නයක්. ලබන 24 වැනිදාත් බෙන්තර ගාමිණි විද්‍යාලයේ මගේ රැකියා වෙළඳ පොළක් තියෙනවා. ඒකට ලංකාවේ ඉන්න අංක එකේ ව්‍යාපාරිකයන් සීයක් සහභාගි වෙනවා. ඒ හැම එක්කෙනාටම මම කියලා තියෙන්නේ රස්සා පහ බැගින් දෙන්න කියලයි. එහෙම බැලූවොත් මම දවසකට රස්සා පන්සීයයක් දීලා තියෙනවා. ඒවා මගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත කරන දෙයක්.

 

 


ප‍්‍රශ්නය : ඔබතුමිය මෙවර ඉදිරිපත් වෙන්නේ මහ ඇමැති ධුරයට කියලා කිව්වා.
පිළිතුර :
ඔයා හිතනවද මම සල්ලි දීගෙන සල්ලි වියදම් කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්න ඉන්න කෙනෙක් මම. ඒ වගේම මම හිතන්නේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන එකම ආසන සංවිධායක මමයි. ඒ වගේම ආසන කංවිධායකකම මට ජනාධිපතිතුමා දුන්නේ මුළු ගාල්ල දිස්ති‍්‍රක්කයේම ජනතාවගේ අභිමානය රකිමින්. වෙන කිසිම ජනාධිපති කෙනෙක් ගැහැනියකට ආසන සංවිධායකකමක් දීලා නෑ. එහෙම නොදෙන්නේ කාන්තාවකට මේක කරන්න බෑ කියලා හිතනවා. මැර බලය ¥ෂණය, කුණුහරුප මේ ඔක්කොම කාන්තාව වැනි සියුමැලි කෙනෙකුට මුහුණ දෙන්න බෑ කියලා හිතනවා. අර විදියට අජිත් ප‍්‍රසන්න කුණුහැප කියද්දී මමත් පුදුම විදියට සැළුණා. මම අවුරුදු 23ක දුවක් ඉන්න අම්මා කෙනෙක්. ජීවිතයෙන් අඩක් ගෙවාපු කලාකාරිනියක්. හාරසිය ගානක් රාජ්‍ය නිලධාරින් ඉදිරිපිට මට ගණිකාව කියලා කියනකොට අදත් මගේ ඇස්වලට කඳුළු එනවා. මම අඬා වැළපෙනවා. මගේ අම්මා හඬාගෙන වැටුණා. මගේ සහෝදරියෝ අඬාගෙන වැටුණා. ‘ඇයි අක්කේ, මේ වගේ අවනම්බු විඳින්න ඔයා දේශපාලනයට ගියේ කියලා, ඒ අය මගෙන් ඇහුවා. මම කිව්වා නංගි මම මේක ලේසියෙන් අතඅරින්නේ නෑ. මොකද එහෙම කළොත් ඉදිරියේදී කාන්තාවකට මේ මාවතට එන්න බැරි වෙනවා.”

 

 


ප‍්‍රශ්නය : ඔබ ඉදිරිපත් වෙන්නේ මහ ඇමැතිධුරයටද?
පිළිතුර :
අනිවාර්යයෙන්ම. අනිවාර්යෙන්ම.

 

 


ප‍්‍රශ්නය : ඒ බව ඔබට පක්‍ෂයෙන් කියලා තියෙනවද?
පිළිතුර :
පක්‍ෂය ඒ ගැන කතා කරලත් නෑ තාම. පක්‍ෂය තවම නොමිනේෂන් දීලත් නෑ. පළාත් සභාව විසුරුවලත් නෑ. නමුත් ඔබතුමා මගෙන්  අහනකොට මගේ හදවතේ තියෙන දේ කියන්න මට අයිතියක් තියෙනව.

 

 


ප‍්‍රශ්නය : මහ ඇමැති වෙන්න ඔබට තියෙන සුදුසුකම් ප‍්‍රමාණවත් කියලා හිතනවද?
පිළිතුර :
දැන් ඉන්න මහ ඇමැතිට තියෙන සුදුසුකම් ඔක්කොම මට තියෙනවා. ඊටත් වඩා සුදුසුකම් මට තියෙනවා. එකම දේ මම කාන්තාවක් වීම පමණයි.

 

 

ප‍්‍රශ්නය : දේශපාලනයට නෑවිත් හිටියනම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
පිළිතුර :
අනේ! එහෙම හිතන්න හොඳ නෑ. යම් තීන්දු තීරණ ගනිද්දී හැමදේම රෝම මල් යහනාවක ගෙවෙන්නේ නෑ. කොයි දේත් වැටීම්, නැගීම් තියෙනවා. ඒ සියල්ල විඳ දරා ගැනීමට ශක්තිය තියෙන්න  ඕනෑ. බලන්න ජනාධිපතිතුමා එතුමාට මොන තරම් ප‍්‍රශ්න දැම්මද? එතුමාගේ කකුලෙන් කොයිතරම් ඇදද්ද? ඒත් ඉලක්කයට යෑමේ අධිෂ්ඨානය එතුමාට තියෙනවා.

 

 


ප‍්‍රශ්නය : ඒ කියන්නේ ඔබගේ පරමාදර්ශය මහින්ද රාජපක්‍ෂයි.
පිළිතුර :
අනිවාර්යයෙන්ම ඔහු පරමාදර්ශී නායකයෙක්.

 

 

ප‍්‍රශ්නය : ඒ පරමාදර්ශී නායකයා මේ ප‍්‍රශ්නවලදි ඔබව රකිනවද?
පිළිතුර :
එතුමා මා ගැන දන්නවනේ. මම මැරීගෙන වැඩකරන ගැහැනියක්. මම මේ ඊයේ පෙරේදා කතා කළාම ‘‘මම දන්නවා ඔයා හොඳට වැඩ කරනවා’’ කියලා කිව්වා. දැන් අර සමිත හාමුදුරුවෝ සිවුරකුත් දාගෙන පට්ටපල් බොරුවක් කිව්වනේ ජනාධිපතිතුමත් එක්ක මේ මගේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කළා කියලා. ඒක බොරුවක්. සුසිල් පේ‍්‍රම් ජයන්ත ඇමැතිතුමා තමයි එයාට කියලා තියෙන්නේ මේ ගැන හොයලා පක්‍ෂයට දැනුම් දෙන්න කියල. එයා මට මොතැනදි කියපු කතාවට මම එහෙම කිව්වා. මම නෑ කියන්නේ නෑ. මට කරපු බරපතළ අපහාසයට මම සුළු ප‍්‍රහාරයක් තමයි එල්ල කළේ. ජනාධිපතිතුමා, මම වැරැදිකරනවානම් මාව රකින එකක් නෑ. නමුත් එතුමා සියයට සීයක් දන්නවා මම වැරැදි කරන්නේ නෑ කියලා.

 

 


ප‍්‍රශ්නය : දේශපාලනඥයන්ට ඔබ හයිරන් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ හයිය අරන්?
පිළිතුර :
අනේ! මට කාගෙවත් හයිය  ඕන් නෑ. මම හදාගත්ත මගේ නම තියෙනවා. මම කාටද ලොකුකම් පෙන්වලා තියෙන්නේ. මම තැනකට ගියාම මා වටා මිනිස්සු පිරෙන්නේ මේ දේශපාලනය නිසා නොවෙයි. එදත් අදත් මට රසිකයෝ ඉන්නවා. මට තියෙන එකම දුක මං ගාව හිටපු ලක්‍ෂ ගණනක් යූඑන්පී රසිකයන් මට අහිමි වුණා. ඒත් ඔවුන් මට අනුකම්පා කරාවි. මම කවදාවත් කාටවත් ලොකුකම් පෙන්වලා නෑ. ලොකුකම් පෙන්වන තත්ත්වයක හිටියත් මම එහෙම කරලා නෑ. මම ගමේ උපන් කෙනෙක්. මම ස්කෝලේ මුලින්ම ගියේ ඇල්පිටියේ ආනන්දයට. පස්සේ තමයි සංඝමිත්තාවට ගියේ. මගේ පරම්පරාවම ඉන්නේ මෙහේ.

 

 


ප‍්‍රශ්නය : ඔය ගැටුම් තියෙන අයත් එක්ක සාකච්ඡුා කරලා බේරුමක් කරගන්න බලාපොරොත්තුවක් නැද්ද?
පිළිතුර:
ඒ අය ඉල්ලන්නේ මගෙන් සම්බන්ධීකරණ කමිටුවට එන්න එපා කියලයි. ඉතින් ඒක කරන්න පුළුවන්ද? ඒ වගේම මට අරවිදියට තිත්ත කුණුහරුපෙන් බනිනකොට මම කිව්වා ඔයා නපුංසකයෙක් කියලා. පාර්ලිමේන්තුවේදීත් ඔය විදියට දෙන්නෙක් බැණ ගත්තාම කෙනෙක් දුවලා ගිහින් උපවාස කරනවාද? මේක ජාතික ප‍්‍රශ්නයක්ද? ජනතාවගේ ප‍්‍රශ්නයක්ද? මේ ගොල්ලෝ උපවාස කළාම බල්ලෙක්වත් ආවේ නෑ. මට හරි දුකයි.... සමහර කාන්තාවන් මට කතා කළේ අඬ අඬා. මම ආපහු කියනවා, මාව ආරක්‍ෂා කරන්න ජනාධිපතිතුමාට කිසිම  ඕනෑකමක් නෑ. මොකටද මාව ආරක්‍ෂා කරන්නේ. හැබැයි ජනාධිපතිතුමා දන්නවා ගැහැනියක් විදියට මම මොනතරම් අපහාස විඳිනවද කියලා.

 

 


ප‍්‍රශ්නය : ඔබ දේශපාලනය දන්නේ නෑ කියලත් චෝදනාවක් තියෙනවා.
පිළිතුර :
මූදට මාළුවාව දැම්මම පීනන්න කියන්න අවශ්‍ය නෑ. අජිත් ප‍්‍රසන්නට බොහොම කාලයකට ඉස්සරයි මම දේශපාලනය කළේ. මට ඡුන්ද අයිතියවත් නැති කාලෙයි මම දේශපාලනය කළේ. මම ස්කෝලේ යන කාලෙයි ජනතා විමුක්ති පෙරමුණේ පංති පහ කළේ. මම පටන් ගත්තේ ජේවීපී එකෙන්. ඒ 1971 දී. ඊට පස්සේ වයස 18 වෙනකොට මම එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් වැඩ කළා. ඊට පස්සේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අතින් පක්‍ෂ සාමාජිකත්වය මම ගත්තා. එතමියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ වේලාවේ ඒකට විරුද්ධව කතා කරපු එකම නිළිය මම. මට හොඳ දේශපාලන දැනුමක් තිබෙනවා. හැබැයි කපටි දේශපාලනය මම ප‍්‍රතික්‍ෂේප කරනව.

 


 


 



අදහස් (0)

රටේ ඉන්න හැම මිනිහම මට පාවාදීලා බැන්නා

මහේෂ් Sunday, 22 December 2013 04:03 PM

අය්යෝ .

:       0       0

සියානි Tuesday, 24 December 2013 12:41 AM

රුව ඇති දුවට කටත් තිබෙන එක වඩාත් ගැලපේ. අවශ්‍ය තැනට කතා කරන්නේ නැත්නම් බලයෙන් වැඩක් නැත . (ත)

:       0       0

රොෂාන් Monday, 23 December 2013 10:54 AM

කතිරය ගහන අපි නිතරම අපේක්ෂකයන් පිළිබද හොද සෙවිල්ලකින් හා දැනුවත් වීමකින් සිටිය යුතුයි. නැතිනම් අනවශ්‍ය පුද්ගලයන්ට බලය ලබා දීමෙන් අපත් රටත් අදුරට ගෙන යාමකි සිදුවන්නේ.(නදී)

:       0       0

රංගන Tuesday, 24 December 2013 05:52 PM

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් දේශපාලනය නොකරන ඔබට හදවතින්ම සුභ පතමි. අශික්කිත දේශපාලනය යහ මගට ගනු ඇති බවට විශ්වාස කරමි.(නදී)

:       0       0

සඳුනි Sunday, 22 December 2013 10:39 PM

පුරුෂාධිපත්‍යයට නතු වුනු සමාජයේ කාන්තාවක් කිසියම් තැනකට ලගා වෙන්න උත්සාහ දරනකොට පිරිමින්ට ටිකක් දරාගන්න අමාරුයි. බාධකත් වැඩියි. හිලරි ක්ලින්ටනුත් ඔයිට සමාන අදහසක් ප්‍රකාස කලා ඔබට මතක ඇති. ගීතක්කේ සැලෙන්න එපා. ඔබට බුදු සරණයි. (නදී)

:       0       0

දර්ශන් Sunday, 22 December 2013 10:43 PM

ඔබ වැනී අය තමා රටට අවශ්‍ය. ඔබට ජය නියතයි.(නදී)

:       0       0

කුමාරිහාමි Monday, 23 December 2013 04:05 PM

මේ ගැටුම නිසා අහක ඉන්න අයට තමයි තට්ටු වෙන්නේ. (ත)

:       0       0

නීල් කොස්තා Monday, 23 December 2013 01:17 AM

ගීතා කෙලින් කතා කරන ගැහැනියක් කවදත්.(නදී)

:       0       0

සරත් Monday, 23 December 2013 03:36 AM

අත්තටම මේ නළුවෝ නිලියෝ ගායකයෝ දේශපාලනයට එන්ඩ එපා. දේශපාලනයට හොද උගත්තු. කලාකාරයෝ දක්ෂ කලාවට. අනේ මන්දා.(නදී)

:       0       0

නීල් කොස්තා Sunday, 22 December 2013 03:24 PM

මා ගීතා දන්නවා. එයා හොදට වැඩකරන කෙනෙක් පළාතට,

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5183 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 721 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1294 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 203 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site