''Have An Apple A Day Keeps The Doctor Away''
දිනපතා ඇපල් ගෙඩියක් අනුභව කරන්නේ නම්, වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය නැත.
මෙම පැරණි ඉංග‍්‍රීසි කියමන ඇතැම් විට ඔබත් අසා ඇතුවාට සැක නැත.
ප‍්‍රනීත රසයෙන් යුතු විටමින් සී බහුල ඇපල් ආහාරයට එක්කර ගැනීමෙන් රෝග රැුසකින් ආරක්ෂා විය හැකි බව, වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර ඇති කරුණකි.
පෙනහළු රෝග, මොළයේ ආබාධ, දන්ත රෝග, පිළිකා ෙසෙල වර්ධනය වීම වළක්වාලීමේ මහඟු ගුණයකින් යුතු නැවුම් ඇපල් පලතුර, බාල මහලූ කොයි කාටත් එක ලෙස ගුණදායකය. එදා ඇපල් පලතුර අනුභව කිරීමෙන් නිරෝගී සුවය ලැබුණත්, අද ආනයනික ඇපල් ආහාරයට ගැනීමෙන් බොහෝදුරට සිදුවන්නේ නොසිතන රෝග රැුසකට ගොදුරු වීමට සිදුවීමය.
2013 වසරේදී පමණක් මෙරටට ගෙන්වා තිබෙන ඇපල් කිලෝග‍්‍රෑම් ප‍්‍රමාණය 21,061332 (කිලෝ ලක්ෂ දෙසියය දහයක්) ක් ගෙන්වා තිබේ.
එහි මූල්‍යමය වටිනාකම රුපියල් 1,843,111,009 කි. මෙරට අධ්‍යාපනයටවත් වියදම් නොකරන මේසා විශාල මුදලක් රසායන ද්‍රව්‍ය බොහොමයක් යෙදවූ ඇපල් පලතුර ගෙන්වීමට යෙදවීම විටෙක පුදුම සහගතය.
දොඩම්, මිදි, කිවි, ඇප්රිකෝට්, ස්ට්‍රෝබෙරි වැනි ආනයනික පලතුරු හා බැලීමේදී මෙරටට ආනයනයේ කෙරෙන වැඩිම පලතුර වන්නේ ඇපල්ය. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 44 ප‍්‍රමාණයකි.
හොඳම ඉස්තරම් ඇපල් තවමත් මෙරටට ගෙන්වනුයේ ඕස්ටේ‍්‍රලියාවෙනි. පොත්ත රතු, පෙනුමෙන් පැහැපත්, මිලෙන් වැඩි, රසයෙන් වැඩි, සුපිරි ඇපල් පවා මෙරටට ආනයනය කෙරෙනුයේ ඵලදාව නෙළා මාස නවයක් පමණ පරණ වී ගිය පසුව බව කිවහොත් ඇතැම් විට ඔබ පුදුම වන්නටත් පුළුවන. අපි‍්‍රකානු රටවල්, එංගලන්තය, කැනේඩියානු රටවලින් මෙරටට ගෙන්වන ඇපල් අවම වශයෙන් වසර එකහමාරක් පැරණිය. වැඩිම වශයෙන් වසර හතරක් පැරණිය.
ලොව පොහොසත් රටවල් තමන් පරිභෝජනයට නොගන්නා ඇපල් සියල්ල අප‍්‍රිකානු රටවලට සහ ආසියානු රටවලට බහුලව බෙදා හරී.
එලෙස ඉවත දමන ඇපල් අතරමැදියන් යටතේ කුඩා රටවලට යැවීමට සාමාන්‍ය පරිදි සිදුවේ. එලෙස රටවල් රැුසකට යැවීමට පෙර එම ස්වභාවික පලතුරෙහි ආයු කාලය වැඩිකර ගැනීමට ආනයනකරුවන් විවිධ ක‍්‍රම අනුගමනය කරති.
ජෙල් වර්ග ගැල්වීම, රසායන ද්‍රව්‍ය ඉසීම, ඉටි ගැල්වීම යන්ත‍්‍රානුසාරයෙන් කරති.
ඇතැම් විට මේ කල් තබා ගැනීම්වලට අමතරව මිලිලීටර් 1.5 වැනි රසායන ද්‍රව්‍යයක් එන්නත් කිරීම කෙරේ. එලෙස එන්නත් කිරීමෙන් පසුව එම සිදුරු වැසීමට කුඩා ප‍්‍රමාණයේ ස්ටිකරයක් අලවන බවද වාර්තා වේ.
ඇතැම් ස්ටිකර් ඇලවූ ඇපල් ගෙඩිවල, ස්ටිකරය ගැලවූ පසු පුංචි සිදුරක් හෝ, පිම්බුණ ස්වභාවයක් දක්නට ලැබෙන්නේ එහෙයිනි. එලෙස කිරීමෙන් ඇපල් පලතුරෙහි මතුපිට පොත්ත කිසිඳු හානියක් නොමැතිව සිව් වසරක කාලයක් නිරුපද්‍රිතව තබාගත හැකිය.
ප‍්‍රංශය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය වැනි ඉහළ සෞඛ්‍ය පහසුකම් ඇති දියුණු රටවල පාරිභෝගිකයන් ඇපල් පරිභෝජනයට ගන්නේ ඵලදාව නෙළා දින 06 කාලයකදී පමණි.
දින හයකට වඩා වැඩි ඇපල් ගෙඩියක් ඔවුන් හඳුන්වන්නේ කාලය ඉකුත්වූ භාවිතයට නුසුදුසු පලතුරක් ලෙසය.
අධි ශීතකරණවල තැබුවද, ඔවුන් එවැනි පලතුරක් ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත.
එම නිසාම එවැනි පලතුරු වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවේ. ලොව බොහෝ රටවල් ටොන් ගණනින් කන්ටේනර් ගණනින් භාවිතයට නොගෙන ඉවත දමන ඇපල් පලතුර වටාද අතරමැදි වෙළෙඳ පොළක් නිර්මාණය වී ඇත්තේ කලක පටන් නිරායාසයෙනි.
කොම්පෝස්ට් පොහොර සකස් කිරීමට, වළ දැමීමට හෝ විසිකර දැමීමට අදාළ රටවලින් ආධාර මුදල් පවා ලබාගන්නා ඇතැම් අතරමැදියන් ඉතා කූට ලෙස හැසිරෙන බව තොරතුරු සොයා ගිය අපට දැන ගන්නට ලැබිණි.
මෙලෙස දියුණු රටවලින් ඉවත දමන ඇපල් අප රටවල ව්‍යාපාරිකයන්ට හුදෙක් ලැබෙනුයේ නොමිලේය.
ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ අරාබි රටවල බොහෝ අතරමැදියන් අදාළ රටවලින් ඉවත්කරන පලතුරු ලබාගෙන, අතරමගදී ලියවිලි සකස් කර කන්ටේනර් පිටින් නැව්ගත කර ඒ ඒ රටවලට යැවීමය.
එලෙස නැව් මඟින් මෙරටට පලතුරු ගෙන්වීමේදී මාස ගණනාවක් ගතවේ. ඇතැම් විට අවම උෂ්ණත්ව යටතේ ගබඩා කර තැබූ වසර දෙක තුනක් පැරණි ඇපල් පවා මෙරට වෙළෙඳ පොළට ඒම සිදුවන්නේ එහෙයිනි.
ආනයනික පලතුරුවලින් ඇපල්, පෙයාස්, මිදි සහ රට දොඩම් ඉතාම අඩු මිලට මෙරටට ලැබෙන පලතුරුය. මේ පලතුරක් පමණක් නොව ලංකා දේශගුණයේ හැදී වැඩෙන පේර, දොඩම්, ලෙමන්, නාරං පවා පිටරටින් මෙරටට ගෙන්වීමට ලාභ උපරිමයෙන් ලබාගන්නා ව්‍යාපාරිකයන් පුරුද්දක් බවට කරගෙන තිබේ.
සුපිරි වෙළෙඳ සල් සංකල්පය මෙරට ප‍්‍රචලිත වීමත් සමඟ ආනයනික පලතුරුවලට ද ඉහළ ඉල්ලූමක් ලැබුණු බව නොරහසකි. ඒ සඳහා බලපා ඇති ප‍්‍රධාන වෙළෙඳ උපක‍්‍රමය වන්නේ ඇස් මට්ටමෙන් ඇපල්, මිදි, දොඩම්, පෙයාස් ආදිය අසුරණු ලැබීමය.
ගමේ කඬේ පිලේ, පොළේ සිදාදියේ පන් පැදුරු එළාගෙන පලතුරු විකුණනවාට වඩා සුපිරි වෙළෙඳ සල් මඟිින් ආනයනික පලතුර ප‍්‍රචලිත වීමට එය විශාල හේතුවක් වී ඇත.
විශේෂයෙන්ම පලතුර සතු පෙනුම, පාට, දිලිසෙන ස්වභාවය සහ මිහිරි රසය ඇපල් වැනි පලතුර ගුණය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ආහාරයට හුරුවීමට හේතුවී තිබේ.
තම දරුවාට ලබාදිය හැකි සුපිරිම පලතුර ඇපල් යැයි සිතන නිසාත්, රෝගියකු බලන්නට යාමේදී ඉතා වටිනාකමෙන් යුක්තව ගෙන යා හැකි පලතුර ඇපල් යැයි සිතන නිසාත් අප රටේ ඇපල් නොකන වැඩිහිටියකු, දරුවකු, තරුණයකු නොමැති තරම්ය.
නමුත් අපේම රටේ අපේ පොළොවේ වැවෙන නෙල්ලි, බෙලි, උගුරැුස්ස, වැනි අප රටේ හැදී වැඩෙන පෝෂණ පදාර්ථයන්ගෙන් ඉහළ පලතුරු නොකෑ ඕනෑ තරම් පිරිස ඇති බව නොරහසකි.
ස්වභාව දහමේ ක‍්‍රියාකාරිත්වය හිරු එළියේ ක‍්‍රියාකාරිත්වය අනුව සාමාන්‍යයෙන් නැවුම් පලතුරක සක‍්‍රිය ආයු කාලය දින විසි එකකි.
නමුත් ඇතැම් පලතුරු මේ දින ගණන වඩා බොහෝ කාලයක් නිරුපද්‍රිතව තිබෙන බව, අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු.
එලෙස ස්වාභාවික ක‍්‍රියා පටිපාටියෙන් මිදී පලතුර නරක් නොවී තිබීමට මූලිකවම හේතු වන්නේ රසායන ද්‍රව්‍ය යෙදීම බව මෙයින් මනාව ගම්‍ය වේ.
ලෙල්ල අඳුරු පැහැවීම,
එබෙන සුළු බවයකින් යුක්ත වීම,
පලතුරට ආවේණික සුවඳ, ගඳ වෙනස් වීම,
මැස්සන්, කෝඳුරු වැනි කුඩා කෘමීන් පරණ පලතුර ආශ‍්‍රයෙන් වැඩිපුර දැකගත හැකිය.
ආහාරයට ගැනීමේදී රසයේ වෙනසක්, පොත්ත ඉවත් කළ විට අවපැහැ ගැන්වීමක්ද දක්නට ලැබීම සාමාන්‍ය පරිදි සිදුවේ.
ගසේ ඇති ඵලයක් නටුවෙන් ඉවත් කළ විට ස්වභාවිකව ගසින් පලතුරට ලැබුණ නයිට‍්‍රජන් ප‍්‍රමාණය ඉවත් වී යයි.
නැවුම් පැපොල් ගෙඩියක්, අඹ ගෙඩියක් හෝ ඕනෑම පලතුරක් ගත්තද දින කිහිපයකින් පලතුර නරක්වීමට ලක්වෙන්නේ ස්වභාව දහමේම ක‍්‍රියාදාමයක් ලෙසටය.
එලෙස ස්වභාවික චක‍්‍රයෙන් ඉවත් වන්නේ රසායන ද්‍රව්‍ය, රසායනික පොහොර හෝ වෙනත් කල් තබා ගැනීමේ රසායනයන් යෙදවීමේ ක‍්‍රමවේදයක් ලෙසටය.
මෙවැනි ආනයනික පලතුරු මෙරට වෙළෙඳ පොළට පැමිණීම වළක්වාලීමට නියමිත ක‍්‍රමවේදයක් තවමත් සකස් වී නැත. ඒ ආනයනික පළතුරට ලැබෙන බදු ආදායම මෙරටට නොලැබේය යන බියෙනි.
ලංකාවේ පසෙහි ඕනෑම පලතුරක් වගා කිරීමට පුළුවන. රටට ආවේණික නොවූ ආගන්තුක ඩ‍්‍රැගන් පලතුර වගා කිරීමේ අභියෝගයද අප රට අද ජයගෙන ඇත්තෙමු.
එසේ බැලූ කල ලංකාවේ ඕනෑම පලතුරක් අප පොළොවේ පස විවෘතය.
දෛනිකව පලතුරක් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකර බවත්, නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙන බවත්, සාමාන්‍ය වෛද්‍ය මතය.
ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලබාගැනීමටත්, ශරීර ප‍්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත්, සේම නිරෝගී බව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇපල් පලතුර පරිභෝජනයට ගත්තත්, ලෙඩකු බවට පත්වීම වළක්වාගත හැකි නොවේ.
වර්තමානයේදී ආනයනික ඇපල් අනුභව කිරීමෙන් ශරීරයට හිතකර සංඝටකවලට වඩා ලැබෙනුයේ මාරාන්තික ලෙඩ රෝග රැුසකි.
රසායන ද්‍රව්‍ය අඩංගු පොත්ත ඉවත් නොකර ආහාරයට ගැනීමේ මේ තත්ත්වය වඩාත් බරපතළය.
ළමා වකුගඩු රෝග ඉහළ යෑමට මෙලෙස අධි රසායන යෙදූ කල් ඉකුත් වූ ඇපල් භාවිත කිරීම හේතුවී තිබේ. විශේෂයෙන්ම අමාශගත රෝග වැඩිවීමටත් එය හේතුවකි.
මීට අමතරව හෘදයාබාධ ඇතිවීම, ශරීරයේ විකෘති ෙසෙල සක‍්‍රීය වී බඩවැල් ආශ‍්‍රිත පිළිකා වැනි රෝගී තත්ත්වයක් ඇති වීමද, පිත්තාශ රෝගවලටද හේතු විය හැකිය.
එපමණක් නොව දරුවන්ගේ ශරීර ප‍්‍රතිශක්තිය හීන වීමටද විෂ රසායන බොහොමයක් යෙදවූ ආනයනික ඇපල් පලතුර හේතු වී ඇත.
මෙරට පසේ ඇපල් වගාව සාර්ථකව වගා කළ හැකි වුවත්, බොහෝ වගාකරුවෝ ඊට වැඩි කැමැත්තක් නොදක්වති. ඊට ප‍්‍රධානම හේතුවක් වන්නේ මෙරට බිමේ වගා කෙරෙන ඇපල් ගෙඩියක් සියලූ වියදම් පියවා, වෙළෙඳ පොළට නිකුත් කිරීමේදී පාරිභෝගිකයාට දරාගත නොහැකි මිලකට ඇපල් ගෙඩියකට මිල නියම කිරීමට සිදුවීමය.
නමුත් ආනයනික ඇපල් ඉතා අවම මිල ගණන් යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබෙන නිසාම, වෙළෙඳ පොළ තුළ අදට ද ඉහළ ඉල්ලූමක් පවතිනුයේ ආනයනික පලතුරටය.
තවත් අතකින් ආනයනික පලතුර වසර හතරක පමණ කාලයක් නිරුපද්‍රිතව තබා ගැනීමට හැකි වීමද, ආනයනික ඇපල් පලතුරට වෙළෙන්ඳන් ද වැඩි කැමැත්තක් දක්වන්නේ, අලෙවි නොවුණද ඇපල් පලතුර ඉවත් කිරීමට නොහැකි වීමය.
විශේෂ ස්තූතිය එක්සත් රාජ්‍යයේ රාජකීය වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතාට
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව
ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටින් ගෙනෙන පලතුරට ගහන විෂ
සඳුන් Monday, 15 December 2014 09:13 AM
දැන් අපි කන හැම කෑමක්ම විස.(හේ)
මංජුල Monday, 15 December 2014 05:14 PM
බොහොම වැදගත් ලිපියක්.(හේ)
සිල්වා Friday, 12 December 2014 03:23 PM
ලංකාවේ භූවිෂමතා අනුව රට පුරා විවිධ වගාවන් කරා යොමුවන්න පුළුවන් නමුත් ඒ දේවල් වෙන්නේ නැහැ ලංකාව තුල රට තුලම විශාල බිම් ප්‍රමාණයක් වල් වැදිලා කිසිම කලමන කාරිත්වයක් නැහැ විදේශයෙන් ගෙන්වන දේවල් වලට කට අරගෙන ඉන්නවා කොයි තරම් මිනිස් ශ්‍රමයක් දෛනිකව අපතේ යවනවාද 1948 ඉදන් අද වෙනතුරු සියලුම රජයන් මේ හැම දෙකට වග කියන්න ඕනි.(හේ)
ෆ්‍රෑන්ක් Friday, 12 December 2014 08:27 AM
ඉතා වැදගත් ලිපියක්. කරුණු සම්බන්ධයෙන් ආචාරය පුදමි (නි)
රුවන් Saturday, 13 December 2014 07:36 PM
සදුන්,මෝඩ කතා කියන්න එපා.ලිපියට ස්තූති කරන්න.ඕක තමා අපේ ජාතියට තාම හරියට කෙළින් හිටගන්න බැරි.පුහු මාන්නය නිසා (නි)
අනිස ඛාන් Tuesday, 16 December 2014 01:51 AM
ලිපිය ඉතාම වැදගත් සතුටුයි (දී)
ශිරන්ති Sunday, 14 December 2014 11:54 AM
නොදන්න ඇපල් නොකා දන්න පැපොල් කමු. (නදී)
සඳුන් Saturday, 13 December 2014 11:35 AM
දින 6 කතාව සම්පූර්ණ බොරුවක්. ඇපල් වර්ග ගොඩක් තිබෙනවා. විවිද කාල වලට තමයි පල දරන්නේ. දියුණු රටවලත් කල් තබා ගැනීමට ශිත කිරීම සහ වැක්ස් භාවිතා කිරීම කරනවා. ලංකාවට එන ඇපල් වලට මොනවා කරනවද කියල මමනම් දන්නේ නෑ. (අ)
නිශද Tuesday, 16 December 2014 04:33 AM
වැදගත් ලිපියක්. කොච්චර දැනුවත් කළත් ලංකාවේ අය මේ දේවල් තේරුම්ගන්නේ නැහැ. අඩුම තරමේ මේ ලිපිය කියවන්නේ කීයෙන් කී දෙනාද. ලංකාවට, මිනිසුන්ට වෙලා තියෙන්නේ දන්නවා වැඩිවීමයි. (නි)
රංගන Thursday, 11 December 2014 07:46 AM
දැනුවත් කළාට තුති. අපරාදේ අහිංසක මිනිස්සු කියක් හරි වැඩියදිලා දරුවන්ට, මහළු දෙමව්පියන්ට දිලා තියෙන්නෙ වහමනේද,? කන කෑම වලට වහ එකතු කරන උනිට හෙන ගහන්න ඕනැ. (අ)