|
කපුගේ ජයග‍්‍රහණයෙන් පසු ඇමෙරිකාවේදී |
යහගීතයක් ගැයීමෙන් හෝ යහරංගනයක් රැුඟීමෙන් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක් හා තවත් තෑගිබෝග පිරිනමන අපේ රටේ, ලෝකයේ රටවල් 76 ක සුපිරි මොළකාරයන් 1,500ක් පමණ දෙනා පරදවා ලෝකයේ ලොකුම මොළකාර දරුවා බවට පත්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් මෙවර කලා විෂයයන්ගෙන් උසස් පෙළ විභාගයට ලියන ගලෙන්බිඳුණුවැව පිටිසරබද දිවුල්වැව ගම්මානයේ දුප්පත් පවුලක උපන් ”කපුරු බණ්ඩාගේ පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත‍්‍රානන්ද කපුගේ” දරුවාට රටෙන් හා ජාතියෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීද?
රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද? මුළු මහත් ලෝකයේ එම වයසේ සුපිරි මොළකාරයන් 1,500ක් දෙනා පරදවා මව්බිමට පැමිණි ඔහු ඇමෙරිකාවේදී ලැබුණ ඩොලර් 3500 ක මුදල් සහ ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් 500 ක මුදල සමග උපන් බිමෙන් ලැබුණ ලක්ෂ දෙක තුනක මුදල බැංකුවක දමා ඒ මුදලට ලැබෙන පොළිය ලබාගෙන අනුරාධපුරයේ පුංචි කාමරයක් කුලියට ගෙන උපකාරක පන්තිවලට යමින් හෙතෙම වැඩිදුර අධ්‍යාපනය ලබයි. හිස් මුදුනින් තබා පිළිගතයුතු මෙබඳු ජාතියේ සුපිරි දරුවෙකුගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්නට මීට වඩා සමීප හා උත්තම රැුකවරණයක් සමග අත්උදව් දෙන්නට බැරිද? මේ සුපිරි දරුවා පිටිසර දුප්පත් පවුලක නොවූයේ නම් සහ ඉහළ පැලැන්තියේ දරුවෙකු වූයේ නම් අද ඔහු සුපිරි රියක නැගී රජ මාවතක ගොස් ලෝකය තව තවත් විශ්මයට පත් කෙරෙන අපූර්ව නිමාණශිල්පියෙකු වනු ඒකාන්තය.
කපුගේ දරුවාගේ පියා ගලෙන්බිඳුණුවැව, දිවුල්වැව පිටිසර ගොවි ගම්මානයේ පදිංචි කපුරුබණ්ඩා මහතාය. අම්මා ශි‍්‍රයානි කුසුම් කුමාරසිංහ මහත්මියයි. කපුගේ දරුවාගේ නංගී දැනට දිවුල්වැව විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන ”ලක්ෂ්මී තක්ෂිලා චිත‍්‍රානන්ද කපුගේ” දියණියයි. තමන්ගේ නංගී තමන්ටත් වඩා හපනියක් බව කපුගේ දරුවා කියයි. කෙසේ වුවද ”ගලෙන්බිඳුණුවැව” ප‍්‍රදේශය රජරට උගතුන් බිහිකරන ඉසව්වකි. දැනට එංගලන්තයේ රෝහලක සේවය කරන අක්ෂි විශේෂඥ වෛද්‍ය හේරත් දිසානායක මහතාද, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාද ගලෙන්බිඳුණුවැව ගම්වැසියෝය. ආරයට යන්නාක් මෙන් ගලෙන්බිඳුණුවැව කපුගේ දරුවාද දැන් ඉදිරියට පිය නගමින් සිටී.
|
අම්මා, තාත්තා සහ දඟකාර නංගී ඔවුන්ගේ නිවසේදී |
කපුගේ දරුවා අපොස සාමාන්‍ය පෙළ සමත්වන තුරු අධ්‍යාපනය ලැබුවේ දිවුල්වැව ගමේ පුංචි පාසලේය. ඔහු හයවැනි වසරේ ඉගෙනුම ලබද්දී ”නියර රහින යන්ත‍්‍රයක්” නිපදවීමේ සිතුවිල්ල ඔහුට පහළ විය. දිවුල්වැව ගමේ ”සෙව්වන්දි” නමින් පුංචි ගරාජයක් විය. කපුගේ මෙම ගරාජයට ගොස් පරණ යකඩ කෑලි මූට්ටුකරමින් නියර රහින යන්ත‍්‍රයක මූලික සැකිල්ල සිය බුද්ධි ශක්තියෙන්ම නිර්මාණය කරගත්තේය.
කාලයත් සමග කපුගේ වැඩෙන්නාක් මෙන් මේ යන්ත‍්‍ර සැකිල්ලද ටිකෙන් ටික ඔහුගේ මොළයෙන් වැඩෙන්නට විය. යන්ත‍්‍රයේ ඉදිරි නිර්මාණයන් පිළිබඳ හිතට ගලා එන බුද්ධිමය සිතුවිලි x ඒ වහාම හදාගන්නට ඔහුට මුදල් හිඟ විය. දරුවාගේ බුද්ධිමය ගමන තේරුම් ගත් මව්පියෝ පදිංචිව සිටි ඉඩමෙන් අඩක් විකුණා ඔහුට මුදල් ලබා දුන්හ. යන්ත‍්‍රයේ ඊළඟ අදියරට යනවිට යළිත් ඔහුට මුදල් නැති විය. එවිට ඔහු ”බුක් මාර්ක්” අලෙවි කොට රුපියල් තුන් ලක්ෂයක මුදලක් උපයාගෙන යළිත් යන්ත‍්‍රය වැඩිදියුණු කළේය. මේ අතර හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගෙන් රුපියල් තිස්දහසක්ද, පළාත් සභා මන්තී‍්‍ර හේරත් බණ්ඩා මහතාගෙන් රුපියල් පහළොස් දහසක්ද ඔහුට ලැබිණ. මීට අමතරව ගුරුවරුන්ගෙන්, පාසලින්, ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන්, ගමේ අයගෙන් කපුගේට මුදල් ආධාර ලැබිණ. මේ සියලූ උදව් උපකාර මැද ”නියර රහින යන්ත‍්‍රය” සම්පූර්ණ කරගෙන කණිෂ්ඨ අංශයේ නව නිපැයුම් තරගාවලියට මෙම යන්ත‍්‍රය ඉදිරිපත් කෙරිණ. විවාදයකින් තොරව කපුගේ යන්ත‍්‍රය දිවයිනේ ප‍්‍රථම ස්ථානයට තේරිණ. කපුගේ දරුවාගේ කුසලතාවය දීප්තිමත් වීමත් සමග ඔහුට මේ මාවත දිගේ ඉදිරියට යන්නට බොහෝ අයගෙන් රුකුල් ලැබිණ.
මව්පියන් ගේදොර උගස්කොට දරුවාට අවශ්‍ය මුදල් පුළුවන් තරමින් රැුස්කර දුන්හ. මේ අතරතුර උසස් පෙළ අධ්‍යාපනය සඳහා කපුගේ දරුවා මිහින්තලේ මහා විද්‍යාලයට පැමිණියේය. මිහින්තලේදී ඔහුට හමුවූ ගුරුවරුන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් කපුගේගේ විද්‍යාත්මක බුද්ධිය ඔපවත් කරගැනීමට විවිධ පැතිවලින් මග පෙන්වනු ලැබීය. මේ සියලූ දිරිගැන්වීම් මැද කපුගේ දරුවා අංගසම්පූර්ණ නියර රහින යන්ත‍්‍රයක් නිර්මාණය කළේය. එය ලෝකයේ ප‍්‍රථම නියර රහින යන්ත‍්‍රය විය. මේ වන විට මේ යන්ත‍්‍රය නිපදවීම සඳහා කපුගේට රුපියල් දශලක්ෂයක තරම් වියදමක් දරන්නට සිදුවිය. අනන්ත අගහිඟකම් මැද දුක් කරදර පසුබෑම් මැද නිර්මාණය කරගත් නියර රහින යන්ත‍්‍රය ගොයම් කපන යන්ත‍්‍රයකට සවිකොට ඔහු විසින්ම අක්කරයක කුඹුරු ප‍්‍රමාණයේ සියලූම නියර පැය තුනක කාලයක් තුළ ශුද්ධකර අවසන් කළේය. ඔහුගේ මෙම නව නිර්මාණය ”පුබුදු සරුකෙත” නමින් හඳුන්වන ලදී.
නියර රහින යන්ත‍්‍රයට අමතරව කපුගේ විසින් නියර බඳින යන්ත‍්‍රයක්ද, පොල් කැඞීමට පොල්ගස් නගින යන්ත‍්‍රයක්ද, ව්‍යායාම කරද්දීම රෙදි සේදී යන යන්ත‍්‍රයක්ද නිපදවා ඇත.
බුද්ධියට මළකඩ කන්නට නොදී බුද්ධිය සමග පොර බදමින් ඔහු දිගින් දිගටම කරගෙන ගිය මෙම නිර්මාණකරණයට බොහෝ ශිල්පීන්ගේ හා ආයතනවල මග පෙන්වීම් හා උපකාර ලැබුණ බව කපුගේ නිහතමානීව සිහිපත් කරයි. මිහින්තලේ මහා විද්‍යාලය සහ ගුරු මණ්ඩලය උතුරුමැද ඉංජිනේරු ආයතනයේ ශ්‍රීමා බණ්ඩාර, මහේෂ් දිසානායක, ලලනී විජේසේකර, ප‍්‍රදීප් ජයසූරිය, කොළඹ ඉංජිනේරු ආයතනයේ ජයවිලාල් මීගොඩ, එච්.ඇම්. ගුණසේකර යන මේ විද්වතුන් හැම දෙනාම ගුරුවරුන් සහ පියවරුන් ලෙස තමන්ට උපකාර කළ බව කපුගේ කෘතවේදීව සිහිපත් කරයි.
මා විසින් නිෂ්පාදිත නියර රහින යන්ත‍්‍රය කණිෂ්ඨ අංශයේ දිවයිනේ හොඳම නිර්මාණය ලෙස තෝරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් 2013 මැයි මස 12 සිට 17 දින දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ පැවැති ලෝක නව නිපයුම් තරගාවලියට ඉදිරිපත් කරන ලද අතර විදුලිය හා යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයේ ලෝකයේ ඉස්තරම්ම නිෂ්පාදනය හැටියට ”පුබුදු රන්කෙත” තේරුණි. එය රටවල් 76ක් සහ තරගකරුවන් 1,500 ක් පසුබා ලෝකයේ හොඳම නව නිර්මාණකරුවා හැටියට තමන් තෝරාගත් බව ප‍්‍රකාශයට පත් විය. ඒ සමගම නාසා ආයතනය මගින් ”කපුගේ තරුව” හැටියට අහසේ එක්තරුවක් නම් කෙරිණි. ලෝක තරගයට සැබෑ යන්ත‍්‍රය වෙනුවට එහි ආකෘතියක් රැුගෙන ගිය බව කපුගේ සඳහන් කරයි. අමෙරිකා ගමනේ වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගිනි.මෙම තරගයට යාමේදී උතුරුමැද ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා විසින් රුපියල් පනස් දහසක් ලබාදී ඇති අතර ජයග‍්‍රහණය ලබා ආපසු පැමිණි පසු තවත් රුපියල් පනස් දහසක් තමාට ලබා දුන් බව කපුගේ සඳහන් කරයි. මේ අතර අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රුපියල් ලක්ෂයක්ද අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා විසින් රුපියල් ලක්ෂයක්ද ජනාධිපතිතුමන් විසින් පරිගණකයක්ද තමන්ට තෑගි කළ බව කපුගේ දරුවා වැඩිදුරටත් විස්තර කළේය.
|
කපුගේ විසින් නිපදවන ලද නියර රහින යන්ත‍්‍රය |
|
නියර රහින යන්ත‍්‍රයේ මුල් සැකිල්ල |
තමන් තාක්ෂණ විෂයයෙන් ලෝකය ජයගෙන පැමිණීමේ හේතුව මුල්කොට ලංකාවේ පාසල් 247ක තාක්ෂණවේදය පුහුණු කිරීමේ විෂය ධාරාව ආරම්භ කරන ලද අතර එම විෂය ධාරාවේ මුල්ම පාසල ලෙස තමන් ඉගෙන ගන්නා මිහින්තලේ මහා විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තෝරාගන්නා ලද බවද කපුගේ දරුවා සඳහන් කරයි. තමාගේ ලෝක ජයග‍්‍රහණයේ නාමයෙන් අපේ රටේ අධ්‍යාපන විෂය ධාරාවට තාක්ෂණවේදය එකතුවීම ගැන තමන් බෙහෙවින් සතුටුවන බවත් එම ගෞරවය පිටිසර බද ගමක දුප්පත් පවුලක උපන් තමන්ට හිමිවීම මුළු රජරටටම නම්බුවක් බවත් ඔහු කියයි.
අපේ මව්බිම නැටුමට ගැයුමට වඩා මොළයට තැනක් දෙන රටක් බවට පත්වනු දැකීම තමන්ගේ ප‍්‍රාර්ථනය බව කපුගේ සඳහන් කරයි. අපොස උසස් පෙළ සමත් වීමෙන් පසු තාක්ෂණ වේදයේ ඉහළටම යාම පිණිස ඇමරිකාවේ නාසා ආයතනයට සම්බන්ධවීම තමන්ගේ එකම අධිෂ්්ඨානය බව කපුගේ සඳහන් කරයි. ඒ සඳහා තවමත් තමන්ට අත දෙන ආයතනයක් හෝ තැනැත්තෙකු පෙනෙන තෙක් මානයක නැති බව සඳහන් කරන ”කපුගේ” ලෝක ශූරයා තමන්ට අත දෙන්නට කෙනෙකු එනතුරු දෑස දල්වා බලා සිටී.
අතීතයේදී රජරට කපුගේ ගෙන් සංගීත ලෝකය ආලෝකවත් විය. එමෙන්ම වර්තමානයේ රජරටට පහළවී සිටින පුංචි කපුගේ ගෙන් විද්‍යා ලෝකයේ පෙරළියක් සිදුවනු ඒකාන්තය. ”අපටත් ඔලූවක් ඇති දරුවෙකු උපන්නා” යැයි අපි උද්දාමයට පත්වෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. සුභ පැතුම්! (නි)
හරිම උසස්. ඔබට සුබ අනාගතයක් වේවා! (නි)
පොල් කඩන යන්ත්‍රය දියුණු කරලා විකුණන්න සමාගමක් ඉදිරිපත් කරන්න බැරිද. ඒක හොද වැඩක්. (නි)
සුභ පැතුම්! (නි)
ආඩම්බරයි පුතේ. එහෙත් හිතට ටිකක් දුකයි. ඔයාට ලැබෙන්න ඕනෑ තැන මේ රටේ ඉඳලා ලැබෙයිද කියලා හිතනකොට. මොනවා කරන්නද පුතේ, නොසැලී ඉදිරියට යන්න. (නි)
රාජ කුමාරයෙක් නෙමෙයි පුබුදු ,ගමේ කොල්ලෙක් (නි)
මේ වගේ ළමයින්ට උදව් කරන්න පුළුවන් නම් ලෝකය ජයගන්න එක අමාරු නැහැ (නි)
නියමි ඔයාට ජය (අ)
ඔය විදිහට උත්සහ කරලා දක්ෂයන්ට තැනක් දෙන ලෝකයේ තිබෙන හොඳ රටකට යන්න. අනුමානයක් නැහැ ඔයාට ඉහළටම යන්න උදව් කරනවා. අවස්ථාව දෙනවා. (නි)
නියමයි පුතේ (නි)
මැණික් ගල් ඔප දමන ලංකාදීපයට අපේ ස්තුතිය සමඟ ”පුබුදු රන්කෙත” නිෂ්පාදක තරුණයාට අපෙන් දිරිය හා සුබ පැතුම්..පවුලේ සැමට ජය. (ස)
ඔබ විශිෂ්ටයි, ඉදිරියටම යන්න සුභ පතනවා... (ස)
මල්ලි, ඔයාට අපෙන් උණුසුම් සුබ පැතුම්! ඔයාගේ මේ අලුත් නිර්මාණ වලට හොද තැනක් කවදා හෝ ලැබේවි (නි)
දෙකක් නැහැ මල්ලි, උඹ අපේ රටට සම්පතක්. එහෙත් එය රටට දැනෙන්නේ නැහැ. (නි)
ඉතා හොදයි (නි)
ඔබගේ අනාගතයට සුභ පතමි.! (නි)
සමහර සුපර් ස්ටාර්ලට රුපියල් වලින්ම කෝටියක් ලැබෙද්දී අභ්‍යවකාශයේ ඇත්තම තරුවක් තමන්ගේ නමට අයිති කරගත් නියම සුපිරි තරුවට මොනවද ලංකාවෙන් දෙන්නේ?? (නි)
ඔබ විශිෂ්ටයි, ඉදිරියටම යන්න. (ස)
සොයුර ඔබට ජයෙන් ජය පතමී. (ස)
ඇත්තටම ඔබ ලෝකයටම තරුවක් බණ්ඩාර. (ස)
ඔබ විශිෂ්ටයි, ඉදිරියටම යන්න සුභ පතනවා. (ස)
ඔය සුපර් ස්ටාර්ස්ලා,අර ස්ටාර්ලට වඩා මේ පොඩි අයට සළකනවා නම් කොච්චර වටිනවද? (නි)
නියමයි මල්ලි. මේ වගේ හපන්නු ගැන ලියන අයත් ගොඩක් හොඳයි (නි)
සියලු දෙනාම එකතු වී දිනේෂ් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කිරීම කාලෝචිතයි මම හිතන්නේ (නි)
ඔන්න අපේ දේවල්.ගන්න තිබෙන හොඳ දේවල් යට ගහලා ඵල නැති දේවල් සමාජයේ ඉහළින් තිබෙන කාලෙක,මේ වගේ පුවත් ගැන ආඩම්බරයි. (නි)
මේ වගේ කොල්ලෝ තමයි දැන් අපේ රටට ඕනෑ. සුබ පැතුම් (නි)
නියමයි.ඔබ රටට සම්පතක්. (නි)
සුභ පැතුම් පුතේ! (නි)
පුතාට සුබ අනාගතයක්. ජයවේවා! (නි)
නියමයි. සුභ පැතුම්! අපෙන් (දිල්)
ඇත්තටම කියන්නත් ලැජ්ජයි අපේ රට ගැන. මොනවාහරි අලුත් දෙයක් දන්න මිනිසාට සහ කරන්න උත්සාහ කරන මිනිසාට අපේ රටේ තැනක් නැහැ. (නි)
ඔබට සුබ අනාගතයක් වේවායි මම පතනවා (නි)
අති විශිෂ්ටයි සොයුරනි! ඔබට සුභ පැතුම් (නි)
සුභ පැතුම්! (නි)
ඔබ ඉතා දක්ෂයි, ඉදිරියටම යන්න සුභ පතනවා (නි)
ඔබට මම සුබ පතනවා. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා. මෙවැනි දරුවන්ට ආණ්ඩුවෙන් විශේෂ උපකාර ලබා දිය යුතුයි. (ස)
මම ඔය දිවුල්වැව කියන ගමේ දිවුල්වැව කියන වැවෙන් නාලත් තියනවා. (ස)
සුභ පැතුම් මල්ලි. ඔයාල වගේ අය නිසයි ලංකාවේ නම දිදුලන්නෙ.මේ වගේ අය තමයි අද රටේ වීරයො වෙන්න ඕන.නමුත් මේ වගේ හපන්කම් සමාජයට යනවා අඩුයි.සමාජයට, පාසල් යන ළමයින්ට හොඳ ආදර්ශයක්. (ස)
ඔයාගෙ වටිනාකම කියල නිම කරන්න බෑ.ඔයා ජය ගන්න ලෝකය ඈතක නෑ. ඔයාට ජයෙන් ජයම පතනවා. (ස)
ඇත්තෙන්ම ආඩම්බරයි. (ස)
අපිට ගොඩාක් ආඩම්බරයි මල්ලි. කියන්න වචන නෑ. ඔයාගේ අනාගත සිහින ඉටුවෙන්න මුළු හදින් සුබ පතමු ! (ස)
සහයෝගයක් නෑ කියල සැලෙන්න එපා මල්ලි !!! (ස)
නුඹ වගේ මොළකාරයෝ ඉන්න ඕනෑ ලංකාව වගේ රටවල් වල නෙමෙයි. උගතුන්ට තැනක් තිබෙන රටවල් වල (නි)
ඔයාට සුබ අනාගතයක් පුතා පිටිසර බද අග හිඟ කම් වලින් පිරුණු ඔයා වගේ දක්ෂ දරුවන් කොච්චර නම් ඇතිද?? (ස)
ඔබ වැනි අය අපිට ආඩම්බරයක් ආලෝකයක්(දිල්)
කවදාවත් අත හරින්න එපා. කණගාටුයි තාමත් අනුග්‍රාහකයෙක් හම්බ වුණේ නැති එක ගැන. සුබ පැතුම් .ඔයා ලෝකෙම දිනන්න. පුංචි අපේ රටේ නම ඉහලම රන්දන්න(දිල්).
ඇත්තෙන්ම ආඩම්බරයි. ඔය ගැන, (ස)
සුබ පැතුම් පුතා!! (ස)
සුබ අනාගතයක් ඔබට! අපේ පුංචි රටට ලොකු ආඩම්බරයක් වගේම ඔබ වැනි දරුවෙක් අපේ රටට වාසනාවක්... (නි)
පුතේ,ඔයාට සුභ පතනවා (නි)
පුතේ, ඔබට ජය වේවා! (නි)
ඔයාට සුබ අනාගතයක්....! (නි)
වැටෙන්න එපා යාළුවා, ඉදිරියටම යන්න.... (නි)
ආඩම්බරයි පුතා ඔබ ගැන.ඔයාට සුබ අනාගතයකට සුබ පැතුම්! (ස)
රජරට අපට ඔබ ආඩම්බරයක් (නි)
අපිට ගොඩාක් ආඩම්බරයි මල්ලි. ඔයාගේ අනාගත සිහින ඉටුවෙන්න මුළු හදින් සුබ පතමු. (ස)
ඇයි කලා විෂයන් තෝරගත්තේ ? මහා අපරාධයක්. (ස)
සහයෝගයක් නෑ කියල සැලෙන්න එපා!!!! !යන්ත්‍රය දියුණු කරලා විකුණන්න සමාගමක් ඉදිරිපත් කරන්න. සුබ අනාගතයක් වේවා !!!! (ස)
ආඩම්බරයි කොල්ලෝ (නි)
ඔබට මීට වඩා යමක් විය යුතුයි. නමුත් එසේ නොවන්නේ ඔබ සුපිරි පැලැන්තියේ නොවූ නිසායි. කවදා හෝ ඔබ විදේශ රටකට ඔබේ උපරිම සේවය පුද කළහොත් ඒ ගැන කිසිවෙකුටවත් ඔබට චෝදනා නැගිය නොහැක. (නි)
පුතේ,ඔයා හොදින් ඉගෙනගන්න. ඊට සල්ලි හිග නම් මට කියන්න.ඕනෑම දෙකට මම උදවු කරන්නම්. (නි)
සුභ අනාගතයක් පුතා. (දිල්)
මමත් රජරට ,ඔයත් රජරට.හරිම සතුටක් දැනෙනවා.ඉදිරියටමයන්න.උදව්වක් ඕනෑ නම් ලංකාදීපයේ ගිණුම් අංකය දමන්න.මෙහි අදහස් දා තිබෙන හැමෝම ඔයාට උදව් කරාවි. ජයවේවා! (නි)
සුභ පැතුම් (දිල්)
ඹයාට දීප්තිමත් අනාගතයක් මල්ලී.අපේ පින් බිමේ සුපිරිම තරුව ඔයා.අනුරපුරේ නොසැලෙන ගල් කණුවක් වගේම ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
අපේ මව්බිම නැටුමට ගැයුමට වඩා මොළයට තැනක් දෙන රටක් බවට පත්වනු දැකීම තමන්ගේ ප‍්‍රාර්ථනය බව කපුගේ සඳහන් කරයි. මෙන්න මේ ටික අපේ පාලකයෝ කවදා තේරුම් ගනීද. නියමයි කොල්ලෝ තවත් ඉදිරියටම යන්න සුභපැතුම් (දිල්)
කපුගේ දරුවාගේ දක්ෂතාවයන්ට අත දීමට කැමතියි. ගිණුම් අංකයක් හෝ සමිබන්ධ කරගත හැකි ආකාරයක් දැන්විය හැකිනම් ස්තුතිවන්ත වෙමි.(දිල්)
මමත් හරිම කැමැතියි ඔබ වගේ අයෙකු හමුවීමට (නි)
මේ වගේ කුසලතා තියෙන දරුවන් කොතකුත් අපේ රටේ ඉන්නවා. තාක්ෂණ නිපැයුම් වලට වෙනම අමාත්‍යංශයක් ඇතිකරලා ඒ සදහා ප්‍රතිපාදන වෙන්කළ හැකිනම් මේ වගේ නිපැයුම් තවත් බිහිවෙයි (නි)
රජුන් බිහි කළ රජරට උපන් ඔබත් රජෙකි පුතුනේ..... (නි)
ලංකා මාතාවට අත් කර දුන් ගෞරවයට පින් පුතේ නුඹට.ලංකාවේ නම තියන්න තවත් හොදින් අදිටන් කර ගන්න පුතේ (නි)
නියම පුතෙක්. බොහොම ස්තූතියි ඔබට (නි)
සුභ පැතුම්! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබ වැනි අය අපිට ආඩම්බරයක්. ආලෝකයක් (නි)
ලංකාවේ බුද්ධිමතුන්ට සළකන්නේ මෙහෙම තමා. මේ වගේ අය දුකසේ ඉගෙන ගත්තාට පස්සේ බුද්ධියට වටිනාකමක් දෙන බටහිර රටවලට ඉතා පහසුවෙන් යා හැකියි. ඊට පස්සෙ කෑගහන්න එපා, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රට හැර ගියා කියලා. (නි)
මේ ලංකාවේ අපේ කොල්ලෙක්.ජයවේවා!ජයෙන් ජයම වේවා! (නි)
කපුගේ ශිෂ්‍යයා ඉතාමත් දක්ෂ නිර්මාණ ශක්තියක් ඇති දරුවෙක් බව නිපදවා ඇති යාන්ත්‍රික උපකරණ වලින් මට අවබෝධ වේ. මගේ සුභ පැතුම්! මගේ අවබෝධය අනුව නම් මෙවැනි කාර්යයයන් සහ හැකියාවන් අයිති වන්නේ යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයටය. මෙවැනි ප්‍රායෝගික වැඩ මෙන්ම ඉංජිනේරු අධ්‍යාපනයට අවශ්‍ය කටයුතුද ඉතා උනන්දුවෙන් දිගටම කරගෙන යන්න. යාන්ති‍්‍රක ඉංජිනේරුවෙකුගේ අනාගත ජීවන මාර්ගයේ නියම ජයග්‍රහණය බොහෝවිට වැටී ඇත්තේ ප්‍රායෝගික දක්ෂතාවන් සහ උසස් අධ්‍යාපනය මැදින්ය. (නි)
ඔබට බුදු සරණයි! (නි)
මම මේ සිසුවාට සුබ පතනවා (නි)
අරමුදලක් පිහිටුවා මේ ළමයට උදව් කරන්න. එක් කෙනෙකුගෙන් සුළු ගානක් ( රුපියල් සීයක් විතර) බැගින් පන්දහස් දෙනෙක් දුන්නොත් ලක්ෂ පහක් ලැබෙනවා මේ දරුවට. (නි)
ලංකාදීප මුල් වෙලා අරමුදලක් පිහිටුවන්න. පෙරේරා කිව්වා වගේ අපි හැමෝම පොඩි ගානක් දාමු. එතකොට ලොකු ගාණක් මේ හපනට ලැබේවි (නි)
නාසා ආයතනයට මගේ ප්‍රණාමය! (නි)
ඔබට ජය වේවා! (නි)
මම මේ විස්තරය දැක්කේ ප්‍රමාද වෙලා. කරුණාකර ගිණුම් අංකයක් සමග සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් සදහන් කරන්න. පුතනුවනි, ඔබ ගැන හරිම ආඩම්බරයි (නි)
එළකිරි කපුවා.. උඹ අපේ යාලුවෙක් උන එක අපිට ලොකු ගෞරවයක් බං.. (ස)
ඔයා අපේ රටට ආඩමිබරයක් පුතේ. ඔයාගේ අරමුණට යන්නට ශක්තිය ලැබෙන්න කියල පතනවා. (ස)
මල්ලි ඔයාට අනුග්‍රාහකයෝ අවශ්‍ය නෑ. ඔයාගේ යන්ත්‍රයෙන්ම ඔයාගේ ගමෙන්ම වැඩ පටන් ගන්න. එවිට ඔයාට ඔයාගෙම යන්ත්‍ර වලින් එම කාර්යය කර දෙන ආයතනයක් ගොඩනැගීම දක්වාම ගමන් කල හැක. ඔබට ජය පතමි. (ස)
සැබෑ ශ්‍රී ලාංකිකයෙක්! සුභ පැතුම් මල්ලී. (ස)
සන්තෝසයි පුතා. ඔයාට ගොඩක් දුර යන්ඩ ලැබේවි. (ස)
නියමි පුබුදු ලංකාවෙත් එක උනා. ලෝකෙත් එක උනා. ...ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්... ඉදිරියටම යන්න... (ස)
අපි උදව් කරන්න ලෑස්තියි. අරමුදලක් පටන්ගමු. අපේ රටට ඔබ ආඩම්බරයක් මල්ලි. (ස)
ඔයා අපේ රටට ආඩම්බරයක් මල්ලියෝ (නි)
සුභ පැතුම් කොල්ලෝ! (නි)
ඇත්තටම මේ වගේ අය තමයි නියම "ආශ්චර්යය" ඒත් වටින්නේ, අනුන්ගේ දේවලින් බැබලෙන් අයයි!!! (ස)
අද ලෝකයේ වෙන බොරු දර්ශන වලට වැඩිය ඔයාගේ ඔය දක්ෂතාවය අපට හුගක් වටිනවා. ඔයාට ඉදිරියට යන්න අපි සුබ පතනවා (නි)
මල්ලී,ඔබට අපගේ සුභ පැතුම්! (නි)
තාක්ෂණය ඉගෙනගෙනත් ඒකෙන් මේ වගේ දෙයක් කරගන්න බැරි මහලොකු උගතුන්ට මේ කොල්ලා හොද උදාහරණයක් (නි)
අනාගතයේදී ඔබ ජය ගන්නවා නියතයි.ඔබේ උත්සාහය අත් හරින්න එපා. ඔබට තුණුරුවන්ගේ සරණයි. (නි)
සහෝදරයා, ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා, මගේ ආචාරය, බුදු සරණයි! (නි)
මේකේ හරි නම නොයොදා කමෙන්ටු දැම්මට සමාවෙන්න. මමත් අනූව දශකයේ අනුරාධපුර මධය මහා විද්‍යාලයෙන් උසස් පෙල කරලා විශ්ව විද්‍යාලේ ගිහින් පලමු පංතියේ ඉන්ජිනේරු උපාධියක් අරගෙන් හරිම ආසාවෙන් රජයේ සේවයේ වගකිවයුතු තනතුරක් දරන නිලයකට එකතු උනේ. එහෙම කරේ වැඩි පඩියකට පෞද්ගලික අංශයේ රැකියාවකට යන්න බැරුව නෙවෙයි. රජයේ තනතුරකින් රටට කරන්න පුලුවන් සේවය පෞද්ගලික අංශයට වඩා ගොඩක් වැඩි නිසා. ඒ තනතුරේ පලවෙනි අවුරුදු 3 මම හරිම ආසාවෙන් කලේ. මම හිතන්නේ මගෙන් බලාපොරොත්තු උනාට වඩා සේවයක් මම ඉටුකරා. ඒ බව මගේ එක්ක වැඩ කරපු සහෝදර නිලධාරී පිරිස සහ මට ඉහලින් (නමට)හිටිය බොස්ලා දන්නවා. ඔහොම අවුරුදු තුනක් වැඩකරලා රජයේ සේවය ස්ථිර උනයින් පස්සේ ටික දවසකින් ආණ්ඩු පෙරලුනා.. ඊට පස්සේ මගේ සේවය තනිකරම දේශපාලකයින්ගේ උවමනා එපාකම් වලට තමයි කරන්න උනේ. කලාතුරකින් දවසක තමයි හිතට එකඟව රටට සේවයක් වෙන යමක් කරන්න පුලුවන් උනේ. හැම සතියෙම එක දවසක් උසස් පෙලවත් නැති දේශපාලක රොත්තක් එක්ක තියන රැස්වීමකදී දෝෂාරෝපනයට, අවමානයට ලක්වෙන එක සාමාන්ය දෙයක් උනා. මම ආසාවෙන්, ආත්ම තෘප්තියෙන්, ලැබෙන පඩිය ගැන ගැන නොසලකා මෙච්චර දවසක් සේවයක් විදිහට කරපු රස්සාව මටම එපා උනා. ඊට පස්සේ මම තීරණය කලා රට පාලනය කරන අයට ඒ විදිහට ම කරගන්න දෙයක් කරගන්න දීලා මගේ සේවයට නිසි අගයක්, ආත්ම තෘප්තියක් ලැබෙන වෙන් රැකියාවකට යන්න. ලංකාවට මගේ සේවය අහිමි උනේ එහෙමයි. (නදී) දැන් මම ඉන්න රටේ මගේ සේවයට නියම ඇගයීමක් තියෙනවා. රැකියාව ගැන අභිමානයක් තියෙනවා. ලංකාවේදීට වඩා දහ ගුණයකට වඩා පඩියක් ලැබෙනවා. දැනට අවුරුදු හතකට කලින් මම යුරෝපයට පදිංචියට ආවත් තවම මම මේ රටේ පුරවැසිකම අරන් නෑ.. ගන්න හිතන්නෙත් නෑ. ලංකාව කවදා හරි නිවැරදි මගට එයි කියලා මම තවමත් විස්වාස කරනවා. ලංකාවේ ජනතාව මම වෙනුවෙන්, මගේ අවුරුදු 13 ක පාසල් ජීවිතය වෙනුවෙන්, අවුරුදු 4 ක සරසවි ජීවිතය වෙනුවෙන් වියදම් කරපු හැම සතයකටම හරියන්න තවමත් මම පිටරට සල්ලි මාස්පතා ලංකාවට එවනවා. ඒත් මගේ හිත දන්නවා ඒ සල්ලි දේශපාලකයෝ ආපහු පිටරටවල් වලටම පුදන බව. මේ පුතාටත් මට කියන්න තියෙන්නේ එක දෙයයි. "තමන්ට පුලුවන් විදියට රටට යමක් කරන්න බලන්න. ඒත් තමන් කරන දෙයින් කිසිම සතුටක් තමන්ට නැත්තං තවත් ඒ දේ ඒ විදිහටම කරලා වැඩක් නෑ. තමන්ම හොඳ තීරණයක් ගන්න. ලංකාවෙම ඉන්න කියලා නියමයක් නෑ. නාසා ආයතනය සමග එකතු වීම ඉතාමත් හොඳ අරමුණක්. ඒත් කවුරුවත් අත දෙනකල් බලාගෙන ඉන්න එපා"
සුභ පැතුම් මල්ලියෝ. බුදු සරණයි ඔබට.(නදී)
අපි ලෝකයම දිනමු පුතේ (නි)
ලංකාදීප පුවත්පත මගින් ලක් දූ පුතුන් මෙසේ ඇගයීම ජාතික පුවත්පතක් කරන අති උදාර මෙහෙවරක්. (නි)
නසාවට කෙළින්ම ලියන්න ඔබේ සිහිනය ගැන.මම ඔබ වෙනුවෙන් දෙවියන් යදින්නම්. (නි)
නියමයි (නි)
මේකේ හරි නම නොයොදා අදහස් දැම්මට සමාවෙන්න. ලංකාව කවදා හරි නිවැරදි මගට එයි කියලා මම තවමත් විශ්වාස කරනවා. ලංකාවේ ජනතාව වෙනුවෙන්, මගේ අවුරුදු 13 ක පාසල් ජීවිතය වෙනුවෙන්, අවුරුදු 4 ක සරසවි ජීවිතය වෙනුවෙන් වියදම් කරපු හැම සතයකටම හරියන්න තවමත් මම පිටරට සල්ලි මාස්පතා ලංකාවට එවනවා. ඒත් මගේ හිත දන්නවා ඒ සල්ලි දේශපාලකයෝ ආපහු පිටරටවල් වලටම පුදන බව.මේ පුතාටත් මට කියන්න තියෙන්නේ එක දෙයයි. "තමන්ට පුලුවන් විදියට රටට යමක් කරන්න බලන්න. ඒත් තමන් කරන දෙයින් කිසිම සතුටක් තමන්ට නැත්තම් තවත් ඒ දේ ඒ විදිහටම කරලා වැඩක් නැහැ. තමන්ම හොඳ තීරණයක් ගන්න. ලංකාවෙම ඉන්න කියලා නියමයක් නැහැ. නාසා ආයතනය සමග එකතු වීම ඉතාමත් හොඳ අරමුණක්. ඒත් කවුරුවත් අත දෙනකල් බලාගෙන ඉන්න එපා" (නි)
පුබුදු!! ඔබට සුබ පතමි . නාසා ආයතනයටද මගේ ප්‍රණාමය මෙවන් ඇගයීමක් ඔහුට ලබා දුන්නට. (ස)
අනුන්ගේ ගීත කියලා සුපර්ස්ටාර් ලා වෙලා රුපියල් කෝටිගණන් දිනා ගැනිමට අවස්ථා ලබා දෙන අපේ රටේ සමහර මාධ්‍ය ආයතන වැඩකටයුතු කරගෙන යන නමුත් මේ වගේ දක්ෂ දරුවන්ට ඉදිරියට ඒමට අතදීමට වැඩසටහන් නිපදවීමට කැමතිනැත එය මේ රටේ අවාසනාවට හේතුවකි. දරුවා ඔබට සුභ පැතුම්.(නදී)
ඔයා අපේ රටට ආඩම්බරයක් මල්ලි (නි)
සුබ අනාගතයක්.අපේ ලක් මවට ආඩම්බරයක්. (නි)
මේ නම් ජාතික සම්පතක්, ඔබට සුබ පැතුම් ! (ස)
ඔබ රටට මිණි පහනක්. සුභ අනාගතයක්. (නදී)
ඔබට අපගේ ප්‍රණාමය! ඔබ අපගේ රටට සම්පතක් (නි)
කොහොමද මේ දරුවට උපකාරයක් කරන්නේ? ලිපිනය හරි දුරකතන අංකය හරි ලබාදෙන්න (නි)
ඔබට සුබ අනාගතයක් වේවා! (නදී)
හොදයි (නි)
පරිසරය සුරැකීම පිලිබඳව එප්පාවල රත්න බී ඒකනායක මහතා ලියන ලිපි පිලිබඳව කැමැත්තක් අපට තිබුණි. මෑතකදී ඔහුට උපහාර පිණිස එප්පාවල - රත්න බී ඒකනායක නමින් පාරක් ද නම් කලේය. නමුත් මේ ගරු කටයුතු පුවත්පත් කලාවේදියාගේ සමහර පුවත් ලිවීම ගැන නම් අපට ඇත්තේ තදබල කණගාටුවකි. 2013 ඔක්තෝබර් මස 27 ලංකාදීප පුවත් පතට "රටවල් හැත්තෑ හයක මොළකාරයන් දණ ගැස්සූ අපේ සුපිරි මොළය" නමින් ලිපියක් ලියන ඔහු මෙසේ සඳහන් කරයි. ......ගීතයක් ගැයීමෙන් හෝ යහරංගනයක් රැඟීමෙන් රුපියල් කෝටියක මූල්‍ය දායාද සමග සුපිරි වාහනයක් හා තවත් තෑගිබෝග පිරිනමන අපේ රටේ, ලෝකයේ රටවල් 76 ක සුපිරි මොළකාරයන් 1,500ක් පමණ දෙනා පරදවා ලෝකයේ ලොකුම මොළකාර දරුවා බවට පත්වූ මිහින්තලේ මහා විද්‍යාලයේ ඉගෙන ගනිමින් මෙවර කලා විෂයයන් ගෙන් උසස් පෙළ විභාගයට ලියන ගලෙන්බිඳුණුවැව පිටිසරබද දිවුල්වැව ගම්මානයේ දුප්පත් පවුලක උපන් ”කපුරු බණ්ඩාගේ පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත‍්‍රානන්ද කපුගේ” දරුවාට රටෙන් හා ජාතියෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීද? රංගන තරුවකට හෝ ගීත තරුවකට එවන් තෑගි බෝග කන්දරාවකින් දෝත පුරවද්දී ලෝකයේ ”නාසා” ආයතනයේ ”කපුගේ තරුව” නමින් ඓතිහාසික ජාත්‍යන්තර තරුවක් ස්ථාපනය කොට පැමිණි මේ අපේ ”කපුගේ තරුවට” හෙවත් කපුගේ දරුවාට පිදිය යුතු ගරු බුහුමනින් හෝ පුදනු ලැබීද? කපුගේ විසින් නිපදවන ලද නියර රහින යන්ත‍්‍රය කණිෂ්ඨ අංශයේ දිවයිනේ හොඳම නිර්මාණය ලෙස තෝරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් 2013 මැයි මස 12 සිට 17 දින දක්වා ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ ෆීනික්ස් නගරයේ පැවැති ලෝක නව නිපයුම් තරගාවලියට ඉදිරිපත් කරන ලද අතර විදුලිය හා යාන්ති‍්‍රක ඉංජිනේරු අංශයේ ලෝකයේ ඉස්තරම්ම නිෂ්පාදනය හැටියට ”පුබුදු රන්කෙත” තේරුණි. එය රටවල් 76ක් සහ තරගකරුවන් 1,500 ක් පසුබා ලෝකයේ හොඳම නව නිර්මාණකරුවා හැටියට තමන් තෝරාගත් බව ප‍්‍රකාශයට පත් විය. ඒ සමගම නාසා ආයතනය මගින් ”කපුගේ තරුව” හැටියට අහසේ එක් තරුවක් නම් කෙරිණි. මෙම කපුගේ දරුවාගේ නිර්මාණයේ උසස් බව ගැන අපට ගැටලුවක් නැත. නමුත් මේ දරුවාගේ නමින් නාසා ආයතනය තරුවක් නම් කලා යැයි ලිවීම නම් සුදුසු නැත. අප නාසා ආයතනයේ වෙබ් අඩවිය පරික්ශා කල නමුත් කපුගේ යන නම සඳහන් තරුවක් අප නම් දුටුවේ නැත. මෙවැනි පච ලිවීම මගින් මේ දරුවාගේ නිර්මාණය පවා හෑල්ලු වන බව රත්න බී ඒකනායක මහතාට නොතේරීම අභාග්‍යකි. මෙය නාසා අයතනය ගැන කෙබර ලියා නියර උඩ වාඩිවී ලංකාදීප පමණක් කියවන ගැමියන් ඇන්දීමට ගත් වෑයමකි. හිමාලයෙන් දිව්‍ය බෙහෙත් ගෙන ආවා කියා ලියන එලියන්තලා, එලොවින් ආ ජීවකයන් ගැන පච ලියූ නන්දසේන සූරියාඅරච්චිලාගේ තත්වයට පත් නොවීමට රත්න බී ඒකනායක මහතා වගබලා ගත යුතුය. (නදී)
සිතිජගේ කතාව වගේම කතාවක් මටත් තියෙනව මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ උසස්පෙල පළවෙනිය වෙලා ඉංජිනේරු පීඨයට ආවා පස්සේ ආණ්ඩුවේ තැනකට ගියා ඒත් මට උනෙත් සිතිජට උන දෙමයි .මම එතකොට මාස්ටර් එකකුත් කරලා හිටියේ .දෙන ප්රිවැටේ කොම්පැනියක වැඩ කරනවා .මල්ලි ඔයා කලා විෂයන් නොකර ඉංජිනේරු වෙක් වෙන්න ගණිත විෂයන් කලා නම් ඔයාට ගොඩක් දුර යන්න තිබුනා. මම දන්නා කෙනෙක් හිටියා. එයා වාණිජ කලේ ඒත් රම්ප් පම්ප් එකක් හදල තිබුනා. තාක්ෂණික උදව්වක් ඕනේ නම් මේල් එකක් දාන්න. මල්ලි ඔයාට සුබ පැතුම්. (ස)
නියමයි. සුභ පැතුම්. ඔබට සුබ අනාගතයක් වේවා, මේ දරුවන්ට තමය් රජයෙන් හා අනිකුත් සංවිධාන උදව් උපකාර කල යුත්තේ නැතුව සින්දු කියල ජය ගන්න අයට නොවෙයි. (ස)
හරිම අපූරුයි. සුභ පැතුම්. ඔබට සුබ අනාගතයක් වේවා.(නදී)
අපේ රටේ දුප්පතා මොන හොද දෙයක් කලත් ඒවාට අගයක් නෑ මල්ලි,උබට වරදින් නෑ මල්ලි..සුබ පැතුම්..(නදී)
ඔබට වරදින්නෑ මල්ලී. සුභ පැතුම්....තව තවත් ඉදිරියට යන්න. (ස)
ඇත්තටම ..අපේ රටේ බුද්ධිමතුන්ගේ ඇස්..ඇරෙන්නේ කවදාද ..? මේ වගේ දක්ෂ ළමයෙකුගේ දක්ෂතාවයට ඇයි දෙවියනේ ..? ශක්තියක් වෙලා ඒ වටිනා වස්තුවට ..ආලෝකයක් වී ..රටට ජාතියට වැඩක් ගෙන ..ඉන් තවෙකුට දැනුම ලබාගෙන ඉදිරියට ..වැඩක් රටට සේවයක් ලබා නොගන්නේ ..? දරුව ඔබට තෙරුවන් සරණින් .. !මේ ..විශ්වයේ ..හිනි පෙත්තටම නැගීමට ඒ ..සියළුව වරම් ඔබට හිමි වේවා ...!!! (ස)
නියම වැඩක්. (ස)
චන්දන, කපුගේ නමින් තාරකාවක් නම් කරපු දෙය ඔතරම් ගණන් ගන්න එපා. අපේ ක්ෂීරපථයේ පමණක් තාරකා බිලියන 200 ක් පමණ ඇති බව අපේ සූර්යාගේ සහ ක්ෂීරපථයේ ස්කන්ධය සමග දුර යොදා "කෙප්ලර්" ගේ තුන් වන නියාමකය අනුව ගණිතාත්මකව ඔබට පවා ඔප්පු කළ හැකිය (නාසා අය අවශ්‍ය නැත). ලෝකයේ මුළු ජනගහණය බිලියන 7.13කි. එබැවින් අප එක් අයෙකුගේ නමින් එහි තාරකා 28ක් වුවත් නම් කළ හැකියි. මෙතරම් තරු ගණනක් අපේ ක්ෂීරපථයේ තිබෙන බැවින් ඔබේ නමින් උවත් තරු 28ක් නම් කළ හැකිය. තරු ගැන මෙලෙස සිතන්න.(නදී)
අපේ රටේ අපේ කොල්ලෙක්ගේ වැඩක් නිසා අපි සියලු දෙනාම ආඩම්බර වෙන්න ඕනේ, මම හදවතින්ම සුබ පටනවා ලෝකයම ජය ගන්න හැකියාව ශක්තිය ලැබේවි කියලා..... (ස)
ඔබ අප රටට ආඩම්බරයක් පුතා. පිටරටවල ජීවත්වන අයත් ඔයාට උදව් කරයි. ගිණුම් අංකයක් පළකරන්න. ඔබට ජය පුතා (නි)
මගේ සුබ පැතුම් මල්ලියේ. ඉක්මනට ඕකට පේටන්ට් බලපත්‍රයක් ගන්න. නැත්නම් ඔයාගේ උත්සාහය වතුරේ (නි)
පුතේ,ඔයාට සුභ පතනවා (නි)
මෙය ජනප්‍රියම පුවත වීමෙන්ම පේනවා හොඳ දේ පලකළාම හොඳ ප්‍රතිචාර ලැබෙන බව. තමන්ගේ දක්ෂයෙක් ගැන මිනිස්සු මෙතරම් උනන්දු වීම සතුටට කරුණක්. (නි)
ආඩම්බරයි පුතේ.ඔබට සුබ අනාගතයක් වේවා! ඔබට අපගේ ප්‍රණාමය! ඔබ අපගේ රටට සම්පතක් (නි)
නියමයි (නි)
අපේ සුභ පැතුම්! ඉදිරියටත් දිගටම නව නියැපුම් අපේ ලෝකයට දායාද කරන්න (නි)
අපේ රටේ පුවත්පත් මගින් සොයා ගත් මෙවැනි පුද්ගලයන්ට අරමුදල් එකතු කර උසස් අධ්‍යාපනය ලබා දුන් අවස්ථා අතීතයේ තිබෙනවා. ලංකාදීප පුවත්පත එවැනි දේවල් වලට නම් දරා ඇත. මේ සඳහා දැන් සොච්චමකින් හෝ උදව් කිරීමට විදේශ රැකියා වල නියුතු බොහෝ දෙනෙක් අපිට ඇත. අවශ්‍ය කරන්නේ පටන් ගැන්මක් පමණි (නි)
ජ තිසර උන්නැහේට මේක නිකන් පොල් කුඩු වාගෙලු.අපේ රටේ ඈත පළාතක ගොවි දරුවෙකුගේ ජයග්‍රහණයක් ගැන අවතක්සේරු කරන්න එපා උන්නැහේ. පුලුවන්නම් තමනුත් තරුවක් නම් කරලා පෙන්නන්න. (නි)
චන්ද්‍ර වීරසිංහගේ ඉක්මන් වී මගේ අදහස වරදවා තේරුම් ගෙන ඇත. මා එය ලියූවේ "චන්දන" විසින් කපුගේ තරුව බොරුවක් කියා කතෘට පවා දොස් කියා ඇති නිසාය. චන්දන ගේ ප්‍රතිවාරය කියවන්න. මගේ පලමු ප්‍රතිවාරයද කියවන්න. කපුගේ ශිෂ්‍යයා විරුද්ධව හෝ අවනම්බු වන ලෙස මා කිසිවක් ලියා නැත.(නදී)
මල්ලී ලන්කාවේ හැටි ඔහොම තමයි.දෙයක් කරන කොට වැඩිය එකට අත හිත දෙන අය අඩුයි.ඔයා දියුණු වෙල එනකොට සමහර විට කතා නොකරපු අය පවා කතා කරනවා....ඔයා මල්ලී මතක තියා ගන්න ඔයා ආපු ගමන් පාරේ ඔයාට මුන ගැසුණු අය,උදව් කරපු අය...හොදට පාඩම් වැඩත් කරගෙන ඉස්සරහට යන්න...ජය වේවා..... (දී)
උඹ නියමයි පුතා. අපට ඕනෑ ඔය වගේ තව පැටව් මේ රට බබළවන්න.සියලු දෙවි දේවතාවන්ගේ පිහිට නුඹට ලැබේවා! (නි)
කොල්ලෝ ඔයාට මේ ලංකාවේ නම් කිසිම ඉහලකට නම් යන්න වෙන්නේ නම් නැ.......ඒ නිසා මේවගේ දේවල් වලට තැන දෙන අත හිත දෙන හොඳ රටකට යන්න ට්‍රය් කරන්න........ ලංකාවේ එකාට කවදාවත් ලංකාවේ ඉඩක් නැ............ (දී)
අපේ කොල්ලාට ජය වේවා (දී)
අපෙන් සුභ පැතුම්! ඔහොම යමු. අපිත් පුලුවන් විදිහට උදවු කරන්න කැමතියි (නි)
ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්.කවදහරි දවසක මීටත් වඩා උසස් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! (ත)
ආඩම්බරයි අපිටත් සුබ පැතුම් ඔබට. (ස)
සුපිරි මොලයක් තමයි... ඒත් අපේ රටේ ඉන්න දේශපාලුවොත් එක්ක මේ රට කරන්න බෑ. හොඳ නායකයෙක් එන කන් මේ වගේ අයට උදව් කරන්න අය නෑ..