නිදහසේ සරන්නට අහසක් උනුනට හිමිය. ඒ උන් පියාපත් විහිදා ඉගිල්ලෙන කුරුල්ලන් වූ හෙයිනි. නිදහසේ ජීවත් වෙන්නට පොළොවත් අපට හිමිය. ඒ අප මිනිසුන් වූ හෙයිනි. එහෙත් ඒ නිදහස නම් අපිරිමිත සුවය සම්මතය, සදාචාරය, සමාජ සම්මුතිය, සංස්කෘතිය, සම්ප‍්‍රදාය වැනි සමාජ කොන්දේසි විසින් සකස් කරන ලද රාමුවක් තුළ රාමුගත කර ඇත. ඒ ඔබ මෙන්ම මා ද ඒ නිදහස භුක්ති විඳිය යුතු වූ හෙයිනි. ඒ නිදහස වල්වැදුණු උම්මන්තක නිදහසක් නොවිය යුතු වූ හෙයිනි. අහසක සරන විහඟකු විලසින් ශිෂ්ටාචාර ගත වූ මිනිසුන් වූ අපට නිදහස භුක්ති විඳින්නට නොහැකි වන හෙයිනි.
රාත‍්‍රී සමාජ ශාලා ඇතුළු අරුත් සුන් තාවකාලික සැප පිරුණු ලෞකික සිහින පසුපස අසීමාන්තික බැඳීමකින් හඹායන තරුණ පරපුරට වෙලෙන සිහිනයන්හි යථාර්ථය අද දවසේ නොවැටහෙනවා වන්නට ඇත.
ඉකුත් දිනෙක කොල්ලූපිටිය රාත‍්‍රී සමාජ ශාලාවක ගැටුමක් ඇති වූයේය. 21 හැවිරිදි තරුණයකුට ව්‍යාපාරිකයෙක් සහ එම සමාජ ශාලාවේ ආරක්ෂකයින් දෙදෙනෙක් (බවුන්සර්) පහර දුන්නේ යැයි කියන සිද්ධියක් වාර්තා විය.
මෙම පහරදීමෙන් 21 හැවිරිදි තරුණයාට බරපතළ ලෙස තුවාල සිදු වූ බවද කියති. අධිකරණය තෙක් යන මෙවැනි සිදුවීම් හේතුවෙන් තවත් අතෙකින් රාත‍්‍රී සමාජ ශාලා තුළම තම ජීවිත ගාල් කරන්නට විශේෂයෙන්ම සුපිරි පන්තියේ තරුණ තරුණයින් තුළ වන වුවමනාව හේතුවෙන් රටකට අහිමි වී යන්නේ රටේ අනාගතයට විපුල ඵල ලබාදිය හැකි තරුණ ජීවිතවල නොනිමි වටිනාකම්ය. රාත‍්‍රී සමාජ ශාලා ඇතුළේ බරපතළ ඛේදවාචකයක් නිර්මාණය වන්නේ මෙකී පසුබිමද කරණ කොටගෙනය.
සියල්ල සාරාංශ කොටගත් කල රාත‍්‍රී සමාජශාලා යනු මේ සමාජයට කෙතරම් ගැළපෙන්නේද යන්න විග‍්‍රහ විය යුතුය. බැලූ බැල්මට සුන්දර සිහින ලෙසින් නෙත් මානයේ දිස්වන අරුතක් නැති සිහින මන්දිරයන්හි දොරටු වසන්නට බලයක් හා නීතියක් ද නැත. ඒ ඇයි දැයි අපි මේ ඉඩහසර තුළ කතා නොකරන්නෙමු. ඒ එසේ නොවන්නට හේතු යාන්ත‍්‍රණයක් ලෙස සැකසී ඇති පසුබිම වඩාත් සංකීර්ණවන හෙයිනි. සියල්ල සටහන් කොට තබන්නට මේ ඉඩහසර ප‍්‍රමාණවත් නොවන හෙයිනි.
ලංකාවේ දැනට ඇති රාත‍්‍රී සමාජ ශාලාව ගණනින්
මීගමුව ප‍්‍රදේශයේ රාත‍්‍රි සමාජශාලා 2ක්, ජා ඇල ප‍්‍රදේශයේ සමාජශාලා 2ක්, හික්කඩුව ප‍්‍රදේශයේ සමාජශාලා 2ක්, නුවර ප‍්‍රදේශයේ රාත‍්‍රි සමාජශාලා 3ක් ඇතුළුව කළුතර ප‍්‍රදේශයේත් කොළඹ හා කොළඹට තදාසන්න ප‍්‍රදේශවලත් වශයෙන් අප රටේ බලපත‍්‍ර ඇතුව පවත්වාගෙන යන රාත‍්‍රී සමාජශාලා සංඛ්‍යාව 36කි. මෙම රාත‍්‍රී සමාජ ශාලා 36න් විසි ගණනක්ම කොළඹ හා කොළඹට තදාසන්න ප‍්‍රදේශවල පිහිටා ඇත. එහෙත් මේ රාත‍්‍රී සමාජශාලා 36 යනු බලපත‍්‍ර මත පවත්වාගෙන යන රාත‍්‍රී සමාජශාලා සංඛ්‍යාව පමණි. බලපත‍්‍ර නොමැතිව නීතිමය බන්ධනයෙන් මිදී ධනය හා බලය දඩමීමා කොටගෙන සුක්‍ෂ්ම ලෙස රිංගා යමින් පවත්වාගෙන යනු ලබන රාත‍්‍රී සමාජශාලා සංඛ්‍යාව බලපත්ලාභී රාත‍්‍රී සමාජශාලා සංඛ්‍යව මෙන් තුන් ගුණයද ඉක්මවයි. එනම් සංඛ්‍යාත්මකව ගතහොත් ආසන්න වශයෙන් බලපත‍්‍ර නැති, නීතියට වලංගු නැති එහෙත් ධනයේත් බලයේත් අණසක නීතියත් ඉක්මවා ගිය පදනමක් මත පවත්වාගෙන යනු ලබන රාත‍්‍රී සමාජ ශාලා සංඛ්‍යාව 108 ද ඉක්මවයි. ඒ අනුව ලංකාවේ දැනට ඇති බලපත් ඇති සහ බලපත් නොමැති රාත‍්‍රී සමාජශාලා සංඛ්‍යාව ආසන්න වශයෙන් 150 ඉක්මවන බව සැලකේ.
රාත‍්‍රී සමාජ ශාලා වර්ග කෙරෙන හැටි
කැසිනෝ, කැරොකේ මේ සියල්ල රාත‍්‍රි සමාජශාලාවන්හි අන්තර්ගතය. සාමාන්‍ය මට්ටමේ රාත‍්‍රී සමාජශාලා සහ මහාපරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන රාත‍්‍රී සමාජශාලා වශයෙන් මෙම සමාජශාලා වර්ග කෙරේ. ඇතැම් රාත‍්‍රී සමාජශාලා වෙන්ව ඇත්තේ සුපිරි පන්තිය නියෝජනය කරන සහ හුරුපුරුදු ගනුදෙනුකරුවන් සඳහාම පමණි. එවන් රාත‍්‍රී සමාජශාලාවලට ආගන්තුකයනට එකවර ඇතුළු විය නොහැකිය. හුරුපුරුදු ගනුදෙනුකරුවෙක් හෝ තැරැුව්කරුවන් මාර්ගයෙන් ඒ සඳහා මාර්ගය සකස්කර ගත යුතුය.
රාත‍්‍රී සමාජශාලා ඇතුළත පරිසරය
අනුරාගය, විනෝදාස්වාදය, මත්පැන්, දුම්පානය, කලකෝලහාල, නැටුම්, ආලිංගන මේ ආදී බොහෝ උත්තේජකයන් ගනුදෙනුකරුවන් වෙත ලබාදීමත් පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ අවසන් රුපියල දක්වා සූරාගෙන කෑමත් තම අරමුණ කරගත් උපසංස්කෘතියක් සමහර සමාජශාලා තුළ ක‍්‍රියාත්මකය.
රාත‍්‍රී සමාජශාලාවලට ඇතුළුවීමට ප‍්‍රවේශපත‍්‍රයක් මිලට ගත යුතු අතර රාත‍්‍රී සමාජ ශාලා වෙත එන ස්ථිර ගනුදෙනුකරුවන් මෙන්ම ඉඳහිට පැමිණෙන්නන් හා ආගන්තුකයන්ද සිටියි. ස්ථිර ගනුදෙනුකරුවන්ට ප‍්‍රවේශ පත‍්‍රය මිලට ගැනීමේදී විශේෂ වට්ටමක් හිමිවේ.
බවුන්සර් නමින් හඳුන්වන්නන් විසින් ප‍්‍රවේශපත‍්‍ර ලබා දෙනු ලැබේ.
සමාජශාලාව තුළ ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් කලහකාරීන් එයින් ඉවතට දැමීම සල්ලි නොගෙවන පුද්ගලයෙක් සිටියහොත් ඔවුන් එළියට දැමීම ආදී රාජකාරිද බවුන්සර්ලා වෙත පැවරී ඇත.
රාත‍්‍රී 7.00 පමණ වන විට විවෘත වන රාත‍්‍රී සමාජශාලා පාන්දර 3.00 පසුවන තෙක් විවෘතව පවතී.
රාත‍්‍රී සමාජශාලා තුළට ඇතුළු වෙන සෑම ගනුදෙනුකරුවෙක්ම පරීක්ෂාවට ලක්කෙරේ. ආයුධ ඇතුළට රැගෙන යාම සමාජ ශාලා රෙගුලාසීන්ට අනුව තහනම්ය. සාමාන්‍යයෙන් ඇතුළුවීමේ ප‍්‍රවේශ පත‍්‍රයක මිල සමාජශාලාවෙන් සමාජශාලාවට හිමිවන පහසුකම් අනුව වෙනස් වේ.
රාත‍්‍රී සමාජශාලාවකට පිවිසෙන්නකු මුලින්ම ඇතුළු වන්නේ ‘‘ෆ්ලෝ’’ යන නමින් හැඳින්වෙන ස්ථානය වෙතය.
මෙම ස්ථානයේ ගනුදෙනුකරුවන් පිළිගන්නට තැනින් තැන යුවතියන් අසුන්ගෙන සිටියි. අනුරාගී ඉරියව් ඒ යුවතියන් වෙතින් නිරූපිතය. වී.අයි.පී. සිස්ටම් යනුවෙන් වූ ක‍්‍රමයක්ද රාත‍්‍රී සමාජශාලාවන්හි ක‍්‍රියාත්මකය.
රාත‍්‍රී සමාජශාලා හිමිකරුවන්
රාත‍්‍රී සමාජශාලාවල හිමිකරුවන් වැඩිදෙනා දේශපාලනඥයින්,සමහර දේශපාලනඥයින්ගේ සම්බන්ධීකරණ ලේකම් වැනි තනතුරු දරමින් දේශපාලඥයන්ට කිට්ටුව කටයුතු කරන අය පොලීසියේ සමහර නිලධාරින් සහ ධනවත් ව්‍යාපාරිකයන්ය. ව්‍යාපාරිකයන් අතුරින් වැඩිදෙනාද දේශපාලනඥයන් ලෙස තවත් සමාජ භූමිකාවක සුදු චරිතයක් නිරූපණය කරන දේශපාලනඥයන් වූ ව්‍යපාරිකයන්ය.
එමෙන්ම බලපත් රහිතව රාත‍්‍රී සමාජශාලා පවත්වාගෙන යන අතිබහුතරයද දේශපාලනඥයන් හා පොලීසියේ ඉහළ නිලධාරීන්ය.
රාත‍්‍රී සමාජශාලාවන්හි පහසුකම් මත්පැන් හා මත්ද්‍රව්‍ය
මත්ද්‍රව්‍ය ඇතුළු මත්පැන් ඕනෑම වර්ගයක් පාහේ රාත‍්‍රී සමාජශාලාවලින් ලබාගත හැකිය.වෙළෙඳපොලේ මිල අධික රෙඞ් ලේබල්, ෂිවාස් රීගල්, කේරළ ගංජා, බකාඩි, ටිකිලා, වොඞ්කා, බ්ලැක් ලේබල්, ගෝල්ඞ් ලේබල්, බ්ලූ ලේබල්, ග‍්‍රීන් ලේබල්, ජැක් ඩැනියල්, කොග්නැග් බ‍්‍රැන්ඩි, කැමුස්, රෙමි මාටින්, එක්ස්xඞී බ‍්‍රැන්ඩි, ස්විස් වොඞ්කා, මලිබු, බේලිස් අයිරිෂ් ක‍්‍රීම් ආදී ඕනෑම මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වර්ගයක් රාත‍්‍රී සමාජ ශාලාවන්හි ඇත. එල්.එස්.ඞී. නමින් හඳුන්වන මත්පෙත්තද රාත‍්‍රී සමාජ ශාලාවන්හි වැඩි ඉල්ලූමක් පවතින මත්ද්‍රව්‍ය විශේෂයකි. බේලිස් අයිරිෂ් ක‍්‍රීම් කාන්තාවන්ටම විශේෂිත වූ මත්පැන් විශේෂයකි.
සාමාන්‍යයෙන් රාත‍්‍රි සමාජශාලාවක විකිණෙන ඕනෑම දෙයක මිල එහි සාමාන්‍ය මිලට වඩා තුන් ගුණයකට ආසන්න මිලකින් වැඩිවෙයි. සාමාන්‍යයෙන් අරක්කු බෝතලයක මිල පිටතදී රුපියල් හත්සියයක් නම් සමාජශාලාව ඇතුළත දී එහි මිල රුපියල් දෙදහසකි. සිගරැුට් පැකැට්ටුවක මිල රුපියල් 900ත්-1000ත් අතරය.
තරුණියෝ
වයස අවුරුදු 17 සිට 30 යන වයස් කාණ්ඩවලට අයත් තරුණියෝ රාතී‍්‍ර සමාජශාලාවල සේවය කරති. රාත‍්‍රී සමාජශාලා ජීවිතයත් සමග ඇතැමුන් ගණිකාවන් බවට පත්වන්නේ නිරායාසයෙනි. සිංහල යුවතියන් මෙන්ම චීන, තායි, පිලිපින් තරුණියෝද මෙහි සිටිති.
රාත‍්‍රී සමාජශාලාවල සේවය කරන යුවතියන් ශරීරයෙන් වැඩි කොටසක් නිරාවරණය වන පරිදි ඉතා කෙටි ඇඳුමින් සැරසී තද පැහැ තොල් ආලේපන, නිය ආලේපන තවරා, දෑස් අඳුන් ගල්වා සිටිති. ඔවුන් කෙරෙන් දිස්වන්නේ ඉතාමත් අනුරාගී පෙනුමකි.
ගැනුම්කරුවෙක් පැමිණෙන විට ඔහු ළඟට ගොස් ඔහු පිළිගැනීමේ සිට බොහෝ රාජකාරි මෙහි සේවය කරන යුවතියන් වෙත පැවරී ඇත. ඇතැම්විට ගනුදෙනුකරුවන් දෙතුන් දෙනෙක්ම එකවර තමන්ට අවනත කරගනිමින් තම කාර්යයෙහි නියැලීමට මේ යුවතියන්ට හැකියාව ඇත.
සාමාන්‍යයෙන් එක් රාත‍්‍රී සමාජශාලාවක මෙවැනි යුවතියන් විසිදෙනෙක් පමණ සිටියි. ඇතැම් ගනුදෙනුකරුවන් තමන්ට කැමති යුවතියක් තමන් වෙනුවෙන් තෝරා ගනියි. ඇතැම්විට ගනුදෙනුකරුවන් අතර යුවතියන් වෙනුවෙන් රණ්ඩු, කෝලහාල හා ගුටිබැට දීම් ද ඇතිවෙයි. එසේම යුතියන් අතරද ගැනුම්කරුවන් වෙනුවෙන් අරගල ඇතිවෙයි. ‘‘එයා මගේ කස්ටමර් කෙනෙක්, ඔයා ඇයි එයා ළඟට ගියේ’’ මේ යුවතියන් අතර ගැටුමට මුල්වන කාරණයකි.
වී.අයි.පී. සිස්ටම් යනුවෙන් වූ ක‍්‍රමයක්ද රාත‍්‍රි සමාජ ශාලාවන්හි පවතින බව අපි ඉහතදී සඳහන් කළෙමු. එය සාමාන්‍යයෙන් විශේෂ අය යන තැනකි. එය කාමරයකට යාමක් හා සමානය. සමාජශාලා යුවතිය හා ගෙස්ට් (සමාජශාලා තුළට පැමිණෙන්නෝ ගෙස්ට් යනුවෙන් හඳුන්වයි) හැරුණු විට වෙන කවුරුත් එතැනට පැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ ඔවුන් ඇණවුම් කරන දෙය රැගෙන එන වේටර්වරයා පමණි. මේ ස්ථානවලදී බොහෝ දේ සිදුවේ.
වී.අයි.පී. රූම් සඳහා එක් එක් මිල මට්ටමේ පැකේජ පවතී. සැප පහසු සෙටියක් හා රූපවාහිනි යන්ත‍්‍රයක්ද එහි ඇත. මේ ස්ථානවලට තරුණියෝද රංගන ක්‍ෂේත‍්‍රයේ තරුණියෝද මෝස්තර නිරූපිකාවෝද එති. ඔවුන්ට රාත‍්‍රී සමාජශාලා තුළදී විවිධ පුද්ගලයන් හඳුනා ගැනීමට අවස්ථාව හිමිවෙයි. ඒ පුද්ගලයන් හා ඔවුන් අතර ඇතිවන බැඳීම වූ කලී රුපියල්වලට සිරුර මිල කෙරෙන බැඳීමයි. රාත‍්‍රී සමාජශාලා තුළ දී හමුවෙන ඔවුන් එයින් පිටතදී එවන් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ අවස්ථාව බොහෝ විට සලසා ගනියි.
රාත‍්‍රී සමාජශාලාවලට පැමිණෙන අය
සාමාන්‍ය මට්ටමේ ජීවිත ගත කරන අයට රාත‍්‍රී සමාජශාලා ජීවිතයට අනුගත වීම දුෂ්කරය. රාත‍්‍රී සමාජශාලා ජීවිතය හා බැඳෙන්නට නම් යහපත් ආර්ථික තත්ත්වයක්ද තිබිය යුතුය.
ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, මැති ඇමැති දු පුතුන්, ප‍්‍රසිද්ධ ගායකයින්, නිළියන් හා මෝස්තර නිරූපිකාවන්, ධනවත් ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර පදක්කම්ලාභීන්, පොලිස් හා ආරක්ෂක අංශ උසස් නිලධාරීන් රාත‍්‍රි සමාජශාලා වෙත පැමිණෙයි. ඇමැති තාත්තා හා පුතා දෙදෙනාම එකවර පැමිණෙන අවස්ථාද ඇත. මේ සියලූ දෙනාටම අමතරව පාතාලයට සම්බන්ධ ප‍්‍රබලයෝද රාත‍්‍රී සමාජශාලාවලට පැමිණෙති. පාතාලයේ මෙහෙයුම් මිනීමැරුම් ඔවුන් සමාජ ශාලාවල සිට සැලසුම් කරයි.
වියදම් කරවන හැටි
ගනුදෙනුකරුවන්ගේ අවසන් රුපියල දක්වා වියදම් කරවීම සමාජශාලාවල සේවය කරන යුවතියන්ගේ ඒකායන අරමුණයි.
මේ යුවතියන්ගේ අරමුණ තම ගනුදෙනුකරුවාට හැකිතරම් මත්පැන් හා සිගරට් පෙවීමය. එහි අරමුණ ඔහු සන්තක මුදල් සියල්ල වියදම් කරවීමය. ඔවුහු ඉතා දක්‍ෂ ලෙස එම කාර්යය ඉටුකරති.
එම යුවතියන්ද පැකිලීමකින් තොරව මත්පැන් හා සිගරට් පාවිච්චි කරති. මේ යුවතියන් හැකි තරම් ඔවුන් ලවා වියදම් කරවන්නේ ඔවුන් සමාජශාලා වෙත ගෙවනා මුදලෙන් කොමිස් මුදලක් තමාටද හිමිවන බැවිනි. එය ඔවුන්ගේ වැටුපට අමතරව ඔවුන්ට තවත් ආදායමකි.
මධ්‍යම රාත‍්‍රිය වෙද්දී ගනුදෙනුකරු (ගෙස්ට්) සම්පූර්ණයෙන්ම මත්පැනින් මත් වී සිටියි. එවිට ඔවුන්ගේ සියලූ පාලනය සියතට ගන්නේ සමාජශාලා යුවතියයි. රුපියල් ලක්‍ෂ ගණනක් ඇතැතිව පැමිණියත් අවසානයේ ‘‘ගෙස්ට්’’ රාත‍්‍රී සමාජශාලාවෙන් පිටතට යන්නේ අතේ සතයක්වත් නැති මට්ටමිනි.
ඇතැම් පුද්ගලයන් කැසිනෝ වැනි සූදු සඳහා රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරයි. ඇතැම්විට එක් රාත‍්‍රියකට මේ ධනවතුන් වියදම් කරන මුදල රුපියල් ලක්‍ෂ 15 ද ඉක්මවයි. කැසිනෝ සම්බන්ධව මෙය සුලභව දැකිය හැක්කකි. ඇතැම් සුපිරි රාත‍්‍රී සමාජශාලා සඳහා ඇතුළු වීමටම රුපියල් ලක්‍ෂ 5 ක් තරම් මුදලක්වත් තිබිය යුතුය. ඇතැම් අය සූදු සඳහාත් තවත් අය තරුණියන් සඳහාත් මෙසේ මුදල් වියදම් කරද්දි සුපිරි සමාජශාලාවල දෛනික ආදායම රුපියල් කෝටියකට ආසන්න වෙයි. නැත්නම් රුපියල් කෝටිය ඉක්මවයි.
ප‍්‍රතිලාභ
කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
කීවාක් මෙන් රාත‍්‍රී සමාජශාලා ඇසුරේ ගෙවන ජීවිතයේ වර්ණවත් හැඩතල සුන්දර යැයි ඒ ජීවිතයට ඇබ්බැහිවූවන්ට හැඟීම ස්වභාවිකය. එහෙත් වර්ණවත් චිත‍්‍රය අභ්‍යන්තරයේ කටු සටහන් හා අරුතින් තොර හැඩතල මේ පොළොවේ පවතින යථාර්ථය තුළ පය නොගසන ඔවුන්ට වැටහෙන්නට තවත් බොහෝ කල් ගතවනු ඇත.
අනෙක් අතට එක වේලක් බඩ පිරෙන්නට බත්පතක් කන්නට තරම් වත්කමක් නැති මිනිසුන් වෙසෙන රටක දරු පැටවුන් වෙනුවෙන් කිරි පැකැට්ටුවක් මිලට ගන්නට වත්කමක් නැති අම්මාවරුන් සිටින රටක පාසල් යන්නට පොතක් පතක් ගන්නට රුපියල් නැති දරුවන් සිටින රටක එක් රාත‍්‍රියක සූදුව සහ වෙනත් දෑ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරන මිනිසුන් ජීවිතය පිළිබඳව වන දැකීම මහා ඛේදවාචකයකි.
මේ රටේ සුපිරි වරප‍්‍රසාද ලබන පන්තියක් වූ දේශපාලනඥයන් මේ තරම් ගැටලූවලින් පරිපීඩිත රටක මේ නටන නෙයියාඩගම් තවත් අතකින් මහා විහිළුවකි. එහෙත් කයක් මිස හිසක් නැති මිනිසුන්ට යථාර්ථය අවබෝධකර දීම සහ අවබෝධ කර ගැනීමද උගහටය.
සටහන: සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කතාව කියන්නම්. මම ධනවත් කෙනෙක්, ඒත් මධ්‍යම විදියට ජීවත් වෙන්නේ. ඒ කියන්නේ හැම් බේකන් කන්න පුළුවන්, පාන් පෙත්තක් කාලා ඉන්නත් පුළුවන්. මම ජීවිතේ එන්ජෝයි කරනවා.ලස්සනට අදිනවා . මගේ ළමයින්ට උගන්වනවා. විනෝද ගමන් යනවා. රට රටවල යනවා ඇවිදින්න. ඒ වගේම අසරණ අයට උදව් කරනවා. මගේ ජීවිතේ මට තෘප්තිමත්. මම කතාකලේ මේ සමාජයේ සිද්ද නොවෙන දේවල් කතා කරන්න එපා කියලා. වැල යන විදියට මැස්ස ගහන්න. හැබැයි මැස්ස නොගැහුවත් වැලා යන අතට යනවා යාලුවේ.... (නි)
බලා ගනිවි කොල්ලනි ඇගෙ අතේ ඉන්න නයා (අ)
අනේ මන්දා ඉතින්. එක අතකින් වරදකුත් නැහැ නේද ? මටත් ආසයි යන්න (නි)
දුප්පත් ජනතාව ගැන හිතන සමාජවාදී පිරිමින්ට මම ආරාධනා කරනවා! ඉන්න ගෙයක් නැති ඉගෙනගන්න පොත් ඇදුම් නැති පිටිසර ගම් වල ඉන්න ළමයින්ට උදව් කරන්න කියලා. ඔබ ඔය ක්ලුබ් එකේ නාස්ති කරන මුදලින් ඒ ළමයින්ට කන්න අදින්න ඉස්කෝලේ යන්න බේත්හේත් ගන්න ඔක්කොම කරන්න පුළුවන්.ක්ලුබ් ගියත් කමක් නැහැ, ඒ ටිකත් පුළුවන් තරමින් කරනවා නම්. මේ රටේ පීඩිත ළමයි ටිකක් හරි ගොඩ ගන්න පුළුවන් නේද ? (නි)
ඇමති පුතා සහ තාත්තා එකවර පැමිණි අවස්ථා? මට නම් හිතා ගන්න පුළුවන් කවුද කියලා? මට මතකයි එක ඇමතිවරයෙක් කෙටි විරාමයක් අරගෙන කරන දෙයක් ගැන දේශපාලන වේදිකාවක කිව්වා.(නි)
මෙහි සඳහන්ව ඇති ඇමති පුතා සහ තාත්තා කවුද යන වග මුළු ලංකාවම දනී . (නි)
දේශප්‍රේමියනි , මෙතන නිකම් අදහස් ලියමින් කාලය නාස්ති කරන්න එපා. මේ ගතවන විනාඩියේත් මෙවැනි දේ දස දහස් ගණනින් වෙනවා ඇති. ඉක්මනට ගිහින් අන්න ඒ දේවල් ටික නතර කරන්න පුලුවන්ද කියලා බලන්න. (නි)
අනේ දෙයියනේ මට කවදද සමාජ ශාලාවකට යන්න ලැබේන්නේ.(නදී)
ඔයාට රාත්‍රී සමාජ ශාලා වලට ගිහින් හොදට පුරුදුයි වගේ.(නදී)
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙලියන්, පන්දු කෙලින අතර ඉහල පාසල්වල අමනයන්, රට ගිනිගෙන ඇති වග දුටු රටේ එකම දියණියන්, (සංජීවිකා සමරතුංග) ඒ ගිනි නිවන මග සෙවීම වරදක් දෝ මට කියන්.(නදී)
මම නම් ආසයි මේවගේ දේවල් වලට. ජිවිතේ එකවරක් හෝ මෙවැනි සුවයක් ලබන්න. මට රහත් වෙන්න අවශ්‍ය නැහැ. මට ඕනේ මේවගේ ලෞකික සැප ලබා මැරිලා යන්න (නි)
කේජු මිදී ඇපල් රස මුසු කෑම කන මිනිහා එක්ක නිකන් රොටි කන පාන් කන ලුණු මිරිස් කන මිනිහා තරහලු. සැප ගත්ත මිනිහ විතරයි ඒ සැපය දන්නේ. ඔය විරුද්ධව ප්‍රතිචාර දමන අයත් පොඩ්ඩක් මේවට ගිහින් සැපක් ගන්න බලන්න (නි)
කේජු මිදී ඇපල් රස මුසු කෑම කන මිනිහා එක්ක නිකන් රොටි කන පාන් කන ලුණු මිරිස් කන මිනිහා තරහ ඇයිද දන්නවද, උන් කේජු මිදී ඇපල් රස මුසු කෑම කන්නේ අර නිකන් රොටි කන පාන් ලුණු මිරිස් කන මිනිහාගේ සල්ලි වලින්. ඒ මිනිහගේ ශ්‍රමය හූරගෙන කාල. ඒකයි තිත්ත ඇත්ත.(නි)
ශානිකා නම් හොඳට කාපු බව පේනවා.(නදී)
කිරිනේරිසෝ මේ මම වගේ නොදන්නා දේට ආසා නොකර ගොවිතැන් බතක් කරගෙන ඉන්න. ඔයාටයි මටයි නෙවෙයි අනේ සමාජ ශාලා තියෙන්නේ. දේශපාලක පුතාලට අපේ බදු මුදල් හොරා කාපුවා කාබාසිනියා වෙලා යන්නයි.(නදී)
මට ශානිකා එක්ක සමාජ ශාලාවකට යන්න ආ... ශ... යි...අනේ .(නදී)
බහුතරයක් සමාජ ශාලාවල සිදුවෙන දේවල් මේ ලිපියෙන් පෙන්නලා තියෙනවා. ඒවා කාටවත් බොරු කියන්න බැහැ. (නි)
මට නම් මැස්ස ගහන පැත්තට වැල ඇදල එපා වෙලා ශානිකා..හැබැයි ඔයා කියනවා වගේ මැස්ස නොගහව්වත් වැල නම් හොදට යනවා තමයි, මමත් ඔයා වගේ පාන් පෙත්තක් කාල එන්ජෝයි කරන්න හරි ආසයි (අ)
ගෙදර ගියත් මං නසී, මග හිටියත් තෝ නසී... ශානිකා කියන දේත් හරි.රජ කාලේ වගේ තමා වෙනසක් නැහැ. සවිය ඇත්තෝ සැප ගනිති. ගොවියාගේ සිට සේරම රජ වුනොත් මොකද වෙන්නේ? අපිට කන්න බත් නැහැ.ජීවිතය විදවනවට වඩා විදින එක හොදයි (නි)
නයිට් ක්ලබ් වල ඉන්න කුලයට ගන්න ගැහණු, ක්ලබ් වලට සම්බන්දයක් නැත.මෙය අමුලික බොරුවකි.සල්ලි තියනවනම්,ඕනෑම කෙනෙකුට මෙහි ගොස් ප්‍රිතිවෙන්න පුලූවන්.ක්ලබ් වලට ගිහිලලා,දෙකක් දා ගෙන පිස්සු වැඩ කරන ගැට කොල්ලෝ අනන්තය.මේ පිස්සෝ අනුන්ගේ ගැහණු ලමින්ට බලෙන් කරදර කරනවා.මේවට තමයි "බවුන්සර් "ඉන්නේ.අනික මේ ගුටි කාපු ළමයා මොනව හරි ලොකු වරදක් කරන්න ඇති.දෙකකක් දාගත්තම,බිලා පිස්සු වැඩ කරන අය, අපි කොතරම් දැක ඇද්ද?"අනේ මෙයාට කනට එක්කක් ගහල එලියට දාන්න කෞරුත් නැද්දකියල " කොතරම් අවස්ථාවල අපි හිත ඇද්ද ? මේ ළමයා ඒ වගේ කෙනෙක් .අපේ සමාජයේ විනෝදවෙන, ජීවිතය බුක්ති ව්දින අය සමග හුගක් අය තරහයි. ඉරිසියාවයි (දී)
ලංකාවෙන් මෙවන් දේවල් තුරන් කළයුතු බවයි මගේ අදහස (නි)
අනේ ශානිකා, ඔයාට පිස්සු ඇති මට හිතෙන විදිහට. මේ ලිපියෙන් කියලා තියෙන්නේ මේ වගේ තැන් වලින් සමාජයට වෙන බලපෑම්. අපි තවම සංවර්ධනය වෙන රටක්. (නි)
තම ආත්ම ගෞරවය සදාචාරය ගැන හැගීමක් නැති මෙවැන්නියන්ට වඩා පාලම යට නිවහනක සිට විභාගයට ඉදිරිපත් වී ඉහලම ලකුනු ලබාගෙන ආදර්ශයක් ලබාදුන් දියනිය කොපමණ අගනේද? (නි)
මේ ලොව හැම කෙනෙක්ම, තමන්ට සරිලන විනෝදාත්මක ක්‍රමයක් තෝරාගන්නවා.සමහර අය වැඩ ඇරිලා යනකොට" බාගයක්" අරන් ගිහිල්ල,වඩේ බයිට් එකක් දාල, ටෙලි නාට්‍යක් බලලා, නිදාගන්නවා.සමහර අය හැන්දවට ආගිමක ස්තානයක ගිහන් සිත නිවා ගන්නවා..මේ හැමෝම තමන්ගේ ආර්ථිකය,හැදුනු පරිසරය, ආදින්ට අවෙනිකව කෙරෙන ක්‍රියා. මම ඔය ක්ලබ් වලට යන්න ආසයි, එත් අපේ ගෙදර එක්කෙනාගෙන් මට මැරුම් කන්න වෙයි කියල බයයි. (අ)
සල්ලි තියෙනවා නම් ක්ලබ් එකකට ගිහින් ෆන් එකක් ගත්තට කාටවත් ප්‍රශ්නයක් නැනේ. ලංකාව කියන්නේ නිදහස් රටක්,,,සෞදි අරාබිය කරන්න ඕනේ නැහැනේ අපේ රට..සල්ලි තියෙන එවුන්ගේ ඒවා හොයා හොයා වැරදි කියන්නේ නැතුව තමන්ට කරන්න පුළුවන් විදියට රටට සේවයක් කලානම් ඉවරනේ ඔච්චරම අප්සට් නම්.. (දී)
පවුල් අවුල් වෙනවා ආදරෙන් ඉන්න පෙම් වතුන් ඈත් වෙනවා හොදම සාදකය මේවා . මම නම් මේවාට ශාප කරනවා . මේවාට යන මේවා කරන මිනිස්සුන්ට ඒ අයගේ ඇස් ඉදිරිපිටම නොපමාව විපාක ලැබෙන්න ඕනේ නොදන්නා දේ ගැන කියා දුන්නාට ලිපියට ස්තුතියි (දී)
මමත් කැමතී මේ වගේ තැනකට යන්න (අ)
ශානිකා ඔය ගැන මට හිතෙන්නේ ප්‍රශ්න ගොඩක අතරමන් වෙලා ඉන්නවා වගේ .ඔය තනිවෙලා වගේ මට නම් පේන්නේ.ඔය සමාජ ශාලා ජීවිතය ඉස්සරත් වෙන ආකාර වලින් තිබ්බා හරියට ලෝකේ පැරණිම රැකියාව වගේ.ඔය ජීවීතය හරිම නිස්සාරයි.හොඳ නැද්ද පුරසාරම් දොඩන්නතුව පරලොවට යමක් කරගන්නැතුව.මෙතන ප්‍රතිචාරදමන් නැතුව හොඳ නැද්ද ඔයාගේ දරුවන්ට වෙන්නේ මොනවාද කියල බලන එක අම්ම කෙනෙක් හැටියට ? (අ)
මේ ලිපිය කියවීමෙන් සමාජශාලා වල ස්වරූපය මෙන්ම ඒ සඳහා උන්නදුවක් දක්වන අයට මඟ පෙන්වීමකුත් වෙන් බවයි මගේ හැඟීම. රටේ කොයිතරම් ප්‍රශ්ණ තිබුනත් මේ ලිපිය එසැණ ජනප්‍රියම පුවත වීමට වැඩිකලක් ගියේ නැහැ. තව ටිකකලකින් මේ ලිපිය පල කලත් ඒක ජනප්‍රියම පුවත වෙන බව නිසැකයි. මිනිස්සු මෙවැනි ලිපි කියවීමෙන් තෘප්තිමත් වෙන බවයි මට හිතෙන්නේ. (අ)
ශානිකා අක්කේ ඔය හරි,මටත් යන්න හිතෙනවා ,අපි ජිවිතේ විදින්න ඕනේ,ඔයාව සම්බන්ද කරගන්න විදියක් නැද්ද? (වැරදි දෙකට නම් නෙමේ අක්කේ,ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල හිතෙනවා ) (දී)
අමිළ, ඔයාට පිස්සුද? මාව හදන්න ඕවදන් දෙන්න කව්රුවත් ඕනේ නැහැ. කව්රු කොහොම කිව්වත් රාත්‍රී සමාජශාලා තව ඉස්සරහට වැඩි වෙනවා.(නදී)
පවුල් අවුල් වෙනවා ආදරෙන් ඉන්න පෙම්වතුන් ඈත් වෙනවා හොදම සාධක මේවා. තාරු හරි මමත් ප්‍රාර්ථනා කරන්නේ එකමයි (දී)
අනේ අසරණ ශානිකා ...අනුකම්පා කරනවා සහෝදරිය ඔයාට. ඔය ජීවිතයෙන් ගැලවෙන්න උත්සාහ කරන්න.සැප කියන්නේ ඔයා අපිට කියන්න හදන දේ නෙවෙයි.මායාවෙන් ඇස් අන්ධ වුනාම තමයි ඔහොම වෙන්නේ.ඔබට හරි මග පෙනේවා... (නි)
අපේ යුතුකම අපේ නෑදෑ හිතවතුන්ව මෙවැනි තැන්වලට යාම වලක්වා ගැනීම. සමහරු හිතනවා උගත් උසස් සමාජය කියන්නේ ඕවගේ තැන්වල ලැගීම කියා. (දී)
අයුබෝවන් සංජීවිකා කතුවරිය . ගොඩක් කාලෙකට පස්සේ. මං මේ කල්පනා කරන්නේ ඔබේ ඊළඟ ලිපිය කොයි වගේ එකක් වෙයිද කියල . ස්තූයි (අ)
සංජීවිකා, ඔබේ ලිපි හරිම වැදගත් රටේ නියම තත්වය මොනවට පෙන්නුම් කළ ඔබට තවත් මෙවෙනි ලිවීමට හැකිවේවා!(නදී)
සංජීවිකා සමරතුංග ඇත්ත ඇති සැටියෙන්ම ලියා තියෙනවා."කරන කලට පව් මීරිය මී සේවිඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ "මේවට උල්පන්දම්දෙන රටේ නායකයන්ට මේ බව තෙරේවා!(නදී)
ඉරිසියා කරන්න එපා. සැප හිමි අය සැප විදියි. දුක හිමි අය දුක් විදියි. ඉන්න ටිකේ සතුට, නිදහස තියේ නම් තෘප්තිමත් නේද ජීවිතේ? ජීවත් වෙන මුළු කාලයේම අපි කරන්නේ අනුන්ට වැඩ කරන එක නේද? අම්මා කෙනෙක් කරන්නේ මුළු ජීවිතේම මුළු පවුලේම බර දරන එක. මැරෙනකම් එච්චරයි.එහෙම ජීවත් වෙලා වයසට ගියාම ළමයි සලකන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ජීවිතේ විදලා මැරිලා යන එක හොද නැද්ද? (නි)
ශානිකා ඔයත් ලිපියක් ලියලා වගෙයි මට නම් පේන්නේ. (නි)
හරවත් යමක් තියනවා... තව පොඩි දේකුත් තියනවා (නි)
ශානිකා, ඔබ හිතන්නේ මේ විඳින්නේ සැපක් කියලද? පොඩ්ඩක් හිතන්න රෑ එළිවෙනකොට මේ අයට දැනෙන කායික මානසික වේදනා කෙළවරක් නැහැ. ඒත් පහුවෙනිදාට ආපහු පුරුදු විදියටම සැප ගන්න යනවා. ඒක තමයි මෝඩකම. ඒක සැපයි කියල හිතන්න එපා. මේ ලිපියෙන් පෙන්නලා තියෙන්නේ ඇත්ත තත්වයයි. (නි)
බලන්න පිටරටවල මිනිස්සු... උපරිම තෘප්තිය, උපරිම වැඩ... අපේ අයට මොනවත් නැහැ, වැඩත් නැහැ (නි)
අපේ රටේ ලොකු උදවිය ඔය රාත්‍රී සමාජශාලා වලට යනවා. රටේ බලය නැති සොක්කෝ සංස්කෘතිය ආරක්ෂා කරනවා. පව් දෙයියනේ. පොඩි මිනිස්සු කියන්නේ මේක අපායක් කියලා හිත හදා ගන්නවා. ඒත් හිත යට තියෙන්නේ මොනවද? අනේ මටත් යන්න ඇත්නම් කියලා.(නදී)
උපුල් හිත තෘප්තිමත් කරගෙන ජීවත් වෙන්න . බොරු එපා යාලුවේ . (ත)
ශානිකා ඔයාගේ තර්කවල කිසි හරයක් නැති බව පේනවා.මෙතන ප්‍රශ්නය ඔවුන් සැප විදිනවා කියන එක ගැන නෙමෙයි. මොවුන් විනාශ කරන්නේ පොදු ජනතාවගේ සල්ලි. (නි)
හරය ඔලුව උඩ තියා ගෙන ගමන් යන්නකෝ. හැබැයි පොඩි අය වයසක ගනු දූෂනය කරලා අහුවෙන්න එපා. (අ)
අමිල , සල්ලි තියන මිනිස්සු අනිත් අයට බෙදලා දෙන්න කියලද ඔයා කියන්නේ? අපි හම්බ කලොත් අපිට වියදම් කරන්න පුළුවන්. අනේ එයට නැහැනේ මම දෙන්නම් කියන අය හොයා ගන්න වෙන්නේ හදෙන් තමා (නි)
හරවත් ලිපියක්. ඇත්තටම අපේ රට දියුණු කරන්න බැරි මේවා නිසා වෙන්න ඇති. අහිංසක අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද? බොරු දේවල් පස්සේ යන මේ මිනිස්සුන්ට විදවන්න කාලයකුත් දවසක එයි.(නදී)
මළ කෝලම්.. (දී)
මම හිතනවා ඊළග ලිපියකින් අපට පහදා දෙන්න පුලුවන් නම් මුහුදුබඩ ගැවසෙන පිරිමි සහ කාන්තා ගණිකාවෝ විදේශිකයන් අතරේ විකිනෙන හැටි... මම මෙය පිලිබදව ගවේෂණයක් කරගෙන යනවා (නි)
මම ඔය කියන ඉහල සමාජේ කෙනෙක් නම් නෙමේ හැබැයි මමත් ඔය කියන රාත්‍රී සමාජ ශාලා සහ කැරෝකේ සමාජ ශාලා වලට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හබැයි කැරෝකේ සමාජ ශාලා වල ඉන්න ගැහැනු ලමයි හරිම දුප්පත් පවල් වල ගමේ අය. ඒ ගොල්ලන්ගේ කතා ඇහුවම හරිම අනුකම්පාවක් ඇති වෙන්නේ. නමුත් ඔය තරු පහේ හෝටල් වල තියන සමාජ ශාලා වලට නම් වැඩියෙන්ම යන්නේ මේ ලිපියේ කියල තියන අය තමයි.(නදී)
වෙදියෙන්ම බන දන්නේ කැලේ පනින පිරිමි බව පැහැදිලියි. තර්ක ඕනෑ නැහැ. මිනිසුන්ගේ පැවැත්ම අවශතාව අනුව තමා හැමදේම වෙනස් වෙන්නේ. පස්ස උඩ තියාගෙන කිව්වත් ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. කට්ටිටය ඕනෑ නිසා නේද යන්නේ? ගෙදර ගෑනි වැඩකාරී . පිට ගෑනි සුරංගනාවී. අනේ මෙහෙමත් පිරිමි නොදකින් (නි)
කලකට පසු හොද ලියුමක් (දී)
ශානිකා, ඔයා නයිට් ක්ලබ් වලට ගිහින් තියෙනවද? (දී)
මේ ලිපි තියෙන පත්තර අපේ රටේ දේශපාලකයෝ සහ ඔවුන්ගේ ළමයි බලනවද දන්නේ නැහැ. වඩාත්ම වැදගත් මේ ලිපිය ඔවුන්ට කියවන්න පුළුවන් තැනකට දැම්මා නම්. (දී)
ශානිකා, හැමෝම රාත්‍රී සමාජ ශාලා වලට යන්නේ ගෑනු හොයාගෙන නෙමේ. මම ගියේනම් ඒකට නෙමේ. අපි කරන රැකියාවේ හැටියට ඒවාට යන්නේ සිදු වෙනවා අකමැත්තෙන් වුනත්. හැමෝම එක මිනුමෙන් මනින්න එපා. (දී)
මේවා ලංකාවට ඔබින දේවල් නෙමෙයි (දී)
එක එක පුද්ගලයන්ගේ එක එක විදිහේ ආශාවන් ඔක්කොම එක වගේ නැහැනේ. (දී)
ගයන් ඔබ හරි මගේ අදහසනම් ඕක පිඩිත පන්තියට යන්න බැරි වන විදියට කටුයුතු කලානම් හරි. (නදී)
ගයන් ඔයා නම් හරි . දවසක් ගිහින් බලන්නකෝ නයිට් ක්ලබ් එකකට .ඇත්තම තත්වේ බලන්න. බොරු සමාජවාදයක් වැඩක් නැහැ. වෙන්නේ නැති දේ ඉල්ලලා මොකටද? (නි)
මේවා මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවල් නෙමේනේ. එක එක දේවල් වලට පිළියම් හොයන්නවත්, විඩාව නිවා ගන්නවත් කියලා මොකෝ මේවා විතරද තියෙන්නේ?මේවාට බනිනකොට රිදෙන්න කට්ටියක් හිටීම ගැන පුදුමයකුත් නෙමේනේ. මේවා පවතින්නේත් ඔවුන් නිසානේ. හම්බකරන සතේ දරුවන්ට පවුලට වියදන් කළා නම් මොකෝ? නැති වුන දවසක දෙයි මේන් කියලා මේ අපේ හිටපු කස්ටමර් කියලා ඕවා නිකන් (නි)
රාත්රී සමාජ ශාලා තිබෙන්නේ පිරිමින්ට ගැහැනුන් සොයා යාමට පමණක් නොව ,ගැහැනුන්ට පිරිමින්ව සොයා ගෙන යාමටත් සමගය. යහමින් මුදල් ගැවෙසෙන ගෙවල් වල සැමියා සහ බිරිඳ දෙදෙනාම එකට මෙම සමාජ ශාලාවලට යති. එසේ යන ඔවුන් ඔවුන්ට රිසිසේ හැසිරිමට ඔවුන්ගේ මුදල් වියදම් කිරීමෙන් ඉඩ ලැබේ. මේවා නැතුවත් බැරි ඇතුවත් බැරි දේවල්ය. (නි)
මම හිතන්නේ ශානි හොදට ජීවිතය විදිනවා. බොහොම හොදයි. මේ ලගදි පිළියන්දල පැත්තේ ව්‍යාපාරිකයෙකුට සේවය සපයලා රුපියල් 30000 කට පොලිසි ගිය කෙනත් හොදට ජීවිතය විදින කෙනෙක්. කොලඹ , තිබෙන සමාජ සාලා දෙකක එයා ඉන්නවා.(නදී)