ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක‍්‍රමවේද කෝ. බරපතල ප‍්‍රශ්නාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ.
ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි.
විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම-රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරාවෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජනසමාජයක් තිබුූ බව ඉතා පැහැදිලිය.
විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහිලා පුරෝගාමි මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා හඳුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ‘‘හාරා’’ ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය.
ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ජා වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප‍්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැුන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳහිට සුළි සුළං, නාය යෑම් ගංවතුර රාවණගේ වුවමනාවට සිදුවන බවත් ඔහු පවසයි.
මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනකුට පුදුමය උපදවනු ඇත. සමහරු ‘‘අපි දන්නේ මොනවාදැයි’’
හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැුන්ඩෝට පිස්සු යැයිද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි.
ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගලදී උපන් මිරැන්ඩෝගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්‍යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය.
ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ශාස්ත‍්‍රපති උපාධි ලබා ඇති මිරැුන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශනශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙසද, කථිකාචාර්ය වරයෙක් ලෙසද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූවෙකි.
|
රාවණ රජු සීතා කුමරිය පැහැර ගෙන ඒම. |
කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මඟින් මහාචාර්ය සම්මානයද මිරැුන්ඩෝ ඔබේසේකරට පිරිනමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ටාචාරය, පෘතුගීසි ආක‍්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත‍්‍රිකයෝ, දේව ගෝති‍්‍රකයෝ, නාග ගෝත‍්‍රිකයෝ, ආදී පොත් 54 කට වැඩි ප‍්‍රමාණයක් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහිලා ලියමි.
හැබෑවටම රාවණ යනු කවුද?
|
රාවණ රජුගේ කොඩිය. |
මහා බ‍්‍රහ්මයාගේ පුත‍්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් සෘෂිවරයකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති සෘෂිවරයාය. පුලස්ති සෘෂිවරයාගේ පුත‍්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදුවූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත‍්‍රයා කුවේර හැටියට හඳුනනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත‍්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිගාව වූයේ වර්තමාන සීගිරියයි. අද සීගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිගාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහුවෙකි.
ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාෂ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශනයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි.
කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජ කම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය.
කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.
විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජකළ සුමාලින් රජු මෙකල සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම අධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක‍්‍රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා.
දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත‍්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය.
පිය රජුගේ උපදෙස් පිට කේශිණී කුමාරිය විශ‍්‍රාවස් මුනිගේ තාපස ශීලය බිඳීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් සීල ව‍්‍රතයක යෙදී සිටී දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය.
සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇඳුම උනා දැමුවාය. (මේ වස්ත‍්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනීති.) මේ සිදුවීමෙන් පසු කේශිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.
‘‘ඔබ කවුද....?’’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි’ ඇය කියාගෙන ගියාය. මෙහිදී මුලින්ම විශ‍්‍රාවස් මුණි කේෂිණී නහවා පිරිසුදු කළ බව කියැවේ.
කේෂිණී උණු දිය නාන්නට ප‍්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණුදිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ‘‘කන්‍යා’’ යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි.
විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසුදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි.
රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත‍්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුද ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප‍්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප‍්‍රමාණයක් ලක්දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණාරජු විසින් කුවේර රජුගෙන් පැහැරගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස්මහත් වී කුවේරට පහර දී සීගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමුවී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජකම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත‍්‍රික හමුදාවක් රාවණට උදවු විණ.
මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත‍්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි)
|
රාම - රාවණ සටන. |
ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිගා කීපයක් තිබුණු බව කියැවේ. නුවරඑළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද, ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිගාවක්ද තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප‍්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය රාවණ රජු තම වහල් සේවයට එරිති‍්‍රයාව, දකුණු අප‍්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුලී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි.
ආචාර්ය මිරැුන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදුවූයේ කෙසේද? මම විමසුවෙමි.
රාමxරාවණ යුද්ධයේදී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ජාවට පත්විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ජාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහකුඩුගල කන්දේ පොළොව යට උමං මාළිගාවකය. සිහි මූර්ජාවී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබුහ. එසේ පුද පුජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමිවේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත්වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප‍්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හඳුනා ගත හැකිය.
මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත්වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහිමුර්ජාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළොවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.
රාවණ රජු දැන් දෙවිකෙනෙක් හා සමවේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරිසරයි රාවණ රජු වෙස් වලා සැම තැන ඇවිදියි.
ගොවියකු ලෙස, සාමාන්‍ය මිනිසකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අඟල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය.
ආජන්ටිනා ජාතිකයකුගේ ශරීර ලක්ෂණයන්ට සමානවේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කාකොටා ගැණීමේ ප‍්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඉන්නේ පියවි සිහිනද කියල බලන්න වෙනවා. අපිට අම්මල පොඩිකාලේ කියපු සුරඟන කතාවක් වගේ. මිත්‍යාවට රැවටුන කාලයක් තිබුන නමුත් දැන් ඉන්න මිනිසුන්ට බුද්ධිමත්ව හිතන්න වෙනවා මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. (නදී)
දැන් අවුරුදු 73 ක් නේ...පව් මොලේ හොදටම අවුල්. (නදී)
මිරැන්ඩෝ මහතාණෙනී, ඹබ හීනෙන් දුටු දේ කියමින් නොදෝඩන්නේ නම් ඹබගේ කරුණු වලට මූලාශ්‍රයන් දක්වන්න (නදී)
මම මේ සුරංඟනා කතා පොත අපේ අක්කගේ දුවට ගෙනල්ල දුන්න මාස ගානකට කලින් හරිම ලස්සනයි (නදී)
"රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාෂ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය." බුදුවරයෙක් ලොව පහල වෙන්න කොපමණ කාලයක් ගත වෙනවද ? මේ සා කාලයක් ශරීරයක් තියා වෙන කිසිම දෙයක් පැවතිය හැකිද ? (නදී)
රාවණ මහා රජතුමන් නැවත පැමිණීම හැර අනිත් සියල්ලම සත්‍ය බව පේනවා. ඒ කොහොම උනත් ඉන්දියාවෙන් ආපු විජයට එහා ගිය අතීතයක් සිංහලයන්ට තියනවා කියන එක අවිවාදාත්මකයි. (නදී)
කරුණු නොදැන අදහස් දක්වන්න එපා. 2001 වසරේ වයඹදිග ඉන්දියාවේ කොම්බැට් බොක්කේ ඉන්දීය ගවේෂකයින් විසින් අහම්බෙන් සිදුකළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස අදින් වසර 32,000 කට පමණ පෙර ගොඩබිමට අයිතිව තිබී පසුව වසර 9000 කට පමණ පෙර මහා සාගරය විසින් ගිලගත් වර්ග සැතපුම් 5ක පමණ ප්‍රදේශයක නටඹුන් ඉතුරු වූ පුරාණ "ද්වාරකාව" ඔවුන් විසින් සොයාගන්නවා. ඒ "ද්වාරකාව" ගැන පුරාණ ග්‍රන්ථ වල ලියවුණත් ගොඩබිම සාක්ෂි කිසිත් හමුවුයේ නැහැ. "ද්වාරකාව" යනු ක්‍රිෂ්ණාගේ නගරය ලෙස සැළකේ. සත්‍ය සොයා බැලීම ඔබට බාරයි. අන්තර්ජාලයේ "ද්වාරකාව" ගැන සඳහන් කරුණු බලන්න. (නි)
විජය එනකොට කුවේණි වියමින් හිටිය කියන්නේ අපි රෙදි පිලි පාවිච්චි කල දියුණු සමාජයක් බවට පැහැදිලි වෙනවා. රසදිය යොදාගෙන ගමන් කළහැකි ගුවන් යන්ත්‍ර තිබුණු බවට පිට රට පර්යේෂකයොත් පවසනවා. විජයගෙන් සිංහල අපි පැවතෙනවා කියන කතාවට වඩා එහා ගිය වැදගත් ඉතිහාසයක් සිංහල අපිට තියෙනවා. (නදී)
නුවන්ගේ කතාව මමත් පිලිගන්නවා. ගොඩක් අය මේක සුරඟන කතාවක් කියල කීවට විශ්වාස කරන්න බැරි සත්‍යකුත් මෙහි ඇති. සුනාමියට කලින් මුහුද ගොඩගැලුවා කිවම අපි එ්කත් හිතුවා සුරඟන කතාවක් කියලා (නදී)
මිනිසුන් ඉන්න තැනින් වෙනස් වෙන්න හරිම අකමැතියි. විජය අපේ මී මුත්තා බව ඔබ හිතාගෙන ඉන්නේ ලංකා ඉතිහාසය හදාරාද? ඔය ඉන්න තැනින් කම්මැලි නැතිව නැගිටින්න. මෙතුමා කියන දේ තව දුරටත් අධ්‍යයනය කරන්න. පිළිගැනීම නොගැනීම පසුවට තියමු. (නදී)
විජය පැමිණීමට පෙරයි තපස්සු බල්ලුක ලංකාවෙන් ගිහින් බුදුරජානන් වහන්සේ දැකල දානය දීල වන්දනා කරන්න කේෂ දාතු අරන් ආවේත්. ඒ දාතු තැන්පත් කරලා ලෝකේ පළමු චෙත්ත්‍ය හැදුවෙත් අච්චර අවබෝදයක් දැනුමක් ඇති අය ලංකාවේ ඉදල තියෙන්නේ අපි විජයගෙන් අරම්බවෙලානේ මෙහෙ ඒ වෙනකොට දියුනු මිනිස්සු ඉදල තියනවා (නදී)
ඔය කතාව ඔහොම නෙවෙයි කියන්න තිබුනේ සුද්දෙක් ලවා. එතකොට අපේ අය පිළිගන්නවා. (නදී)
විඡය කියන්නේ අමුලික පචයක් ඉන්දියාවේ ලොකු කම පෙන්වන්න ගොතපු කතාවක්. නියම සිංහල ඡාතිය දැන් ලංකාවේ නැ සමහර ප්‍රදේශ වල ඇති. ඒකනේ කරන තරමක් මෝඩ වැඩ කරන්නේ.(අ)
රාවනා ඉන්න ඇති. අපි විජයගෙන් පැවත එන්නවුන් නොවේ. නමුත් බුදු දහම ගැන බොරු කියන්න එපා. බුදුවරයෙක් ලොව පහල වෙන්නේ කල්ප ගණනකට සැරයක්. අවරුදු 7500 ට බුදුවරු 3 නමක් මොන විහිලුවක්ද මේ. ඉතිහාසය මතු කරන්න. බුදු දහම විකෘති කරන්න එපා. (නදී)
මම මේ මහතාගේ කතාව අවඥාවට ලක්කරන්න කැමති නැහැ. අපි නොදන්නා කාලයේ සිදුවූ දේවල් වෙන්නත් පුළුවන්.නොවෙන්නත් පුළුවන්. මට කියන්න තියෙන්නේ එදා දවස ගුවන් යානා අනුවක් තිබුනා නම් මේ හැමදාම ප්‍රමාද ශ්‍රී ලන්කන් එකයි මිහින් එයා එකටයි වඩා හොඳ ගුවන් සේවයක් තියෙන්න ඇති. (නි)
සුබාෂ් මම දරන්නෙත් ඔය මතයම තමයි. බුදුවරයෙක් කියයිද කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ, දුකකිනි මිනිසත් බව ලබා ගන්නේ කියල ? ඇත්තටම අවරුදු 7500ට බුදුවරු තුන්දෙනෙක් පහල වෙනව නම් අපි කොච්චර වාසනා වන්තද ? (ස)
අපි නොදන්නා දෙයක් විවචනය නොකර ලිපියේ අවසාන වැකිය මුළු ලොවටම යහපත්. (නදී)
මම නම් කියන්නේ මේ කතාවේ මොකක් හරි සත්‍යයක් ඇති. නමුත් බුදුන්වහන්සේලා තුන් නමක්ම පහල උණාය කියන එක අමුලික බොරුවක්. වෙන වෙන දේවල් විය හැක කෙසේ වෙතත් ලංකික අපි අසාමාන්‍ය ජාතියක් බව නම් අවිවාදයෙන්ම කියන්න වෙනවා. තථාගත සම්මා සම්බුදුන්වහන්සේ පවා මේ රට ජාතියට ආශිර්වාද කොට තිබෙනවා. (නදී)
මේ පිළිබද දැන ගැනීමට අපි සියල්ලෝම සිටින්නෙමු. මෙම ලිපි පෙළ තවදුරටත් ඉදිරියට අර ගෙන යාම වටී (නදී)
මේ වගේ කථාවක් කෙලින්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙතන ප්‍රතිචාර දාල තියන සමහරක් කළු සුද්දො තාමත් පර සුද්දන්ට කත් අදින හින්දා මේව කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. කොහොම උනත් මේ කථාවෙ සත්‍ය භාවයක් තියෙන්න පුලුවන් (නදී)
බුදු හිමියන් කාලාම සුත්‍ර යෙන් දේශනා කල පරිදි යමක් පිළිගත යුතු වන්නේ පරීක්ෂාවෙන් නිරීක්ෂණයන් නිගමනයකට එලඹීමෙනි. හරි වැරදි බව තමන්ම නිගමනය කර ගත යුතුය. (නදී)
රාවණා රජතුමාගෙ නැගිටීම කෙසේ වෙතත් කොසොල් මහ රජතුමා දැක්ක හීන නම් මේ වකවානුවේ සැබැවටම සමාජයේ පෙනෙන්න තිබෙනවා (නදී)
සිංහල මිනිස්සුන්ට විජයගෙන් එහා ගිය ඉතිහාසයක් නැහැ කියන්න බැහැ. නමුත් රාමායනය හින්දු ආගමිකයින්ගේ ප්‍රදාන ආගමික ග්‍රන්ථයක්. නමුත් එ්ක නිකන්ම නිකන් සාහිත්‍ය කතාවක් විත්රයි. "කුමරිය යක්ෂයා සහ වීර කුමාරයා" කියන සංකල්පයට එහා ගිය කිසිවක් නැහැ. සිංහල අපි වන්සේ කබල් ගාන්නේ නැතුව ඉදිරිය ගැන හිතුවොත්. අතීතය කෙසේ වෙතත් අපේ අනාගතය ආරක්ෂා වේවි. (නදී)
අවුරුදු 7500 බුදුවරු තුන් දෙනෙක් ඉන්වා කියල පිළිගන්න පුළුවන්. දැනුත් බුදුවරු කීදෙනෙක් පෙරුම් පුරනවද? එ්ත් මේ තාමත් බුදු හාමුදුරුවන්ගේ කාලේ හැම බුදු කෙනෙක් බුදු වෙන්න කල්ප ගානක් පෙරුම් පුරනවා. එ්කේ ඇත්ත එ් පෙරුන් පුරන කාලේ තව බුදුවරු පහළවෙනවා (නදී)
මේ මහා බද්‍ර කල්පයටම බුදුවරු 5 කල්පයක් යනු ගැනිය නොහැකි කාලයකි. බුදුවරු දෙදෙනෙක් අතර දීර්ග අබුද්ධෝප කාල ඇත. අවුරුදු 7500 ඉතා කෙටි කාලයකි. එය කෙසේවත් විය නොහැක. නමුත් අපේ ඉතිහාසය ගොඩක් දුරය. චුලෝදර (පුංචි බණ්ඩා) මහෝදර (ලොකු බණ්ඩා) අපේ මුතුන් මිත්තන්ය. ඔවුන් රණ්ඩු උනේ මැණික් පුටුවකටය. එනම් සිංහාසනයකට විය යතුය. ඒ කියන්නේ රජකමට. වටිනා කියන ඉතිහාසයක් අපට තිබී ඇති බව පෙනේ. ඒ අතර රාවණාත් ඉන්න ඇති. (නදී)
සමහර පරදේසක්කාරයින්ට ට වහල්කම් කරපු අය අපේ ඉතිහාසය හැල්ලුවට ලක් කිරිමට පුරුදු වි සිටිම අපේ රටේ අභාග්‍යක් (නදී)
මේ දේවල් 100%කම නිවරදියි කියල කියන්න බැහැ. නමුත් මේවා 100%කම බරු කියන්නත් බැහැ මොකද අපිට කියල කොන්ද කෙලින් තියා ගෙන කියන්න පුළුවන් අතීතයක් තිබුන බවනම් අභිමානයෙන් කියන්න පුළුවන් (නදී)
අපි රාවණාගෙන් පැවතෙන අය තමයි. (නදී)
ඇත්තටම ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර දැකපුවහම තේරෙනවා අපේ කට්ටිය අපේම තිබ්බ ඉතිහාසය ගැන දන්නේ නැහැ කියන එක. සරලවම කියනවා නම් ඒ කාලේ තිබ්බ තාක්ෂනය දැනට වැඩිය දියුනුයි. මේ වෙනකොට ලෝකේ හොයාගන්න බැරිවෙලා තියෙන්නේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ද බලයක් විතරයි. එ්ක නිසයි මිනිස්සුන්ට පියඹලා යන්න බැරි. රවනා යුගයේ තිබ්බ ගුවන්යානා තාක්ෂනය ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ද තාක්ෂණයකින් පියාසර කර කියා තියෙනවා. එ්කම තමයි හනුමන්ත උපයෝගී කරගෙන තියෙන්න ඖෂද වනය ලංකාවට ගේන්නත්. මේ ගැන පරීක්ෂණ කරගෙන යනවා. මීට අමතරව ඒ කලේ ගුවන්යානා තාක්ෂනය රික්තකයක් ඇතිකරලා ගුවන්ගත කියන පදනමට ඇවිත්. මෙතැනදී රාවන රජ්ජුරුවන්ට පිටසක්වල අතර ගනුදෙනු තිබුනාද කියලත් හොයන්න පටන් අරන්. මොකද පිරමීඩ ඇතුලේ හම්බවෙලා තියනවා රාවනා රජ්ජුරුවන්ගේ ප්‍රතිමා. (නදී)
අපේ ඉතිහාසය උවමනාවෙන්ම විකෘති කර තිබෙන බවක්, විජයගේ පැමිනීමෙන් පසු සිංහළයත්, සිංහළ රාජ පරම්පරාවත් ඇති උන බව සදහන් වෙනවා. විජය ගැන සදහන් වෙන්නේ ඔහු උපන් රටෙන් පිටුවහාල් කෙනෙක් හැටියටයි. එය එසේ නම් විජය කියන්නේ,ත්‍රස්තවාදියෙක්, මගෝඞියෙක්,ස්ත්‍රී දුෂකයෙක්,මංකොල්ලකාරයෙක් කියා ඔප්පු නොවේද? විජය ලංකා රාජ්ජයට පැමින ලංකා රාජ්ජය විනාශ කර තිබෙන බව ඉතිහාසය වසන් කර තිබෙනවා. උදාහරනයක් හැටියට චූලෝදර,මහෝදර යුද්ධය පවතින්නෙත් විජය එන්නත් කලින්. චූලෝදර,මහෝදර යුද්ධය ඇතිවෙන්න හේතුව මැනික් සිංහානයකට.(ඉතිහාසයට අනුව මැනික් පුටුවක්. සාමන්‍ය පුටුවක හැගිමක් ඇතිකර හෑල්ලු කළ බවක් හැගෙනවා. සාමන්‍ය පුටුවකට මැනික් ඔබ්බනවද? අපේ රජවරු මැනික් සිංහාසන පාවිච්චි කල බව ඔප්පු නොවේද? සත්‍ය ඉතිහාසය නොදැන විජය කියන මගෝඞියගෙන් සිංහළයත්,සිංහළ රාජ පරම්පරාවත් ඇතිඋන බව පිලිගැනීම සුදුසුද? රාවණ රජු පිළිබඳ සදහන් දෑ එකවර පිලිගත යුතු හෝ ප්‍රතික්ෂේප නොකළ යුතුයි. විමසිය යුතු මට්ටමක පවතින බව මගේ හැගීමයි. (නදී)
මම මහ රාවණා රජ් නැගිටීම විශ්වාස කරනවා (නදී)
මටත් ඇතිවුණේ පුදුමාකාර කුතුහලයක් තමයි. මේක ඇත්තක්ද දන්නෙ නැහැ (නි)
මට නම් ඇතිවුණේ මහත් කුතුහලයක් (නි)
අපි පැවැත එන්නේ විජයට කලින් මෙහි හිටපු රාවනා පරම්පරාවෙන්. විජය මෙහි එනකොට කුවේණි කපු කටිමින් හිටිය. කපු වියන්න තරම් දියුණු තාක්ෂණයක් අපට තිබුණු බව එයට නිදසුන් .විජයගෙන් සිංහලයන් පැවැතඑනවා කියන්නේ අමුලික බොරුවක්. (අ)
මේකේ තියන හැමදේම වැරදි කියන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. මම අහලා තියනවා ඔය වාරියපොළ කියන ගමේලු ඉස්සර අහස් යානා නවත්වා තිබ්බේ කියලා.නමුත් මෙහි කාලය ගණනය කිරීමේ ගැටළුවක් තිබෙනවා. බුදුවරයන්ගේ පහළවීම ඉතාම දුර්ලභ දෙයක්. හැබැයි මට එකදෙයක් සහතිකෙන්ම කියන්න පුළුවන්, රාවනා රජුරුවෝ නිදාගෙන හිටියා නම් අද කාලේ වෙන දේවල් දැක්කොත් ආයෙත් ගිහින් නිදාගන්නවා. කවදාවත් නැගිටින්නේ නැතිම වෙන්න. (නි)
මේ සම්බන්ධව වාර්තා චිත්‍රපටියකුත් පහුගිය දවස්වල නිෂ්පාදනය වුණා නේද? (නි)
හුගක් හොද ලිපියක් (නදී)
මහේෂ්, මම නම් විශ්වාස කරන්නේ නැහැ රාවණා රජතුමා නැගිටලා කියල. එතුමා නැගිටලා ඉන්නවා නම් මොකද අනේ මේ වෙන දේවල් දැක දැක නිදිවගේ ඉන්නේ? (නදී)
දේවානම් පියතිස්ස රජතුමා 'සිංහල' නේද? (අ)
අපි පුරුදු වෙලා ඉන්නේ අප අත්දැක ඇති දේවල් අනුව නිගමන වලට එළඹෙන්න. අවුරුදු දහස් ගණනක් නිද්‍රාවට පත්ව නැවත නැගිටීම සුලබ දෙයක් උනානම් කවුරුත් මේක ලෙහෙසියෙන්ම පිළිගනීවි. ලෝකයේ අප දන්නා දේ මෙන් නොදන්නා දේ කෝටි ප්‍රකෝටි වාරයක් විය හැක. අපි දැන් ලෝකය රවුම් යැයි පිළිගත්ත ද පුරාතන මතය ලෝකය පැතළි බවය. ගුවන්යානාවක් අහසින් යනු දැක ඇති අපි එය විශ්වාස කරමු. එසේ දැක නොතිබුණානම් එයද පිළි නොගනීවි. ශ්‍රී ලංකාව සුවිශේෂී දේශයක් බවට සාක්ෂී ඕනෑ තරම් තියෙනවා. (අ)
හොර ගෙඩියා. නැගිටලත් ලංකාවේ මෙච්චර දේවල් වෙද්දී නිදිවගේ ඉන්නවා නේ ?(නදී)
හරි හොරා තමයි. නැගිටලත් මේ වෙන දේවල් දැක දැක නිදි වගේ ඉන්නවා නේද ? (නි)
නිවැරදි ඉතිහාසයක් නැති ජාතියක්. සිව් හෙළයන් (සිංහල) අපි කණගාටු විය උතුර. පරයන් විසින් උන්ට ඕන විදිහට කපා, කොටා, ලියා, තබා අවසන්ය. අප ඒවා කට පාඩම් කරගෙන ලේ වලට කා.වැදී හමාරය. විජයගෙන් අප පැව තෙන්නේ නම් අප දමිල විය උතුර.දමිල නිජ බිමක් තෙක් නොයා ...අප රාවණ සොයා ගත යුතුව ඇත.(අ).
අනේ රවන රජ තුමනි, ඉක්මනට ඇවිත් බලන්න අපේ රටට ඇතිවෙලා තිබෙන විපතක තරම! අපේ ජාතිය නැති වෙන්නි යන්නේ.(අ)
කාලෙන් කාලෙට ඔයවගේ කතා එනවා, (අ)
ආන්දෝලනාත්මක ලිපියක් (නි)
මෙහි සඳහන් ආකාරයට රාවනා ඉතිහාසයට අවුරුදු 7500 කි. නමුත් මේ කාලය අතර බුදුරජානන් වහන්සේලා තුන් නමක් පහල වී ඇත. මෙය කෙසේ වත් විය හැකිද. බුද්ධෝත්පාද දෙකක් අතර කාලය කල්ප ගනනක් බව දේශිතය. (නදී)
මේ ගයන් කියන මහත්මය කැමති නැතුව වගේ ලංකාවේ ශ්‍රී විභූතිය ගැන කියනවට (නදී)
හැමෝම රාවනා රජු ගැන හොයනවා කව්රුත් හරියට දන්නේ නැහැ අපේ ඉතිහාසේ. අපි දැනගන්නේ කව්රුහරි කියන මේවගේ දේවල් වලින් ඒක නිසා රවන රාජු අැවිල්ල හරි මේ ලෝකෙම යහපත් විදිහට පාලනය කලොත් එ්ක ගොඩක් වටිනවා (නදී)
සඳුනි , මේ වගේ බුද්ධිමතෙකුට අපහස කරන ඔයාට සෙතක් නම් වෙන්න එපා (නි)
ලාල් මහතාගේ මතය හරියට හරි (නි)
මිනිස්සුන්ගේ තියන ලොකුම වැරැද්ද තමයි විශ්වාසය නැති කම. තමන්ගේ හිත හරි දේ කියනවා හිතට ඇහුන්කම් දෙන්න. එ් දේවල් වල අැත්තක් තියනවා. මේ වගේ මිනිස්සු අපිට වාසනාවක් ආඩම්බරයක්. ඔයාල එ්ක ලබන්නවත් පින් කරලා නැහැ. (නදී)
මිනිස්සු අපිට වාසනාවක් ආඩම්බරයක් වෙන්නේ රටේ දියුණුවට යමක් කරනවා නම්. වාසනාවක් ආඩම්බරයක් වෙන්නේ වර්තමානයේ වරුණාව කියන්න පුළුවන් ජාතියක්. අපේ වියෝ වුණ මනෝ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා කිව්වා වගේ, තමුන් අස්ථාවර බව වැටහෙනකොට එය වහගන්න තමුන්ගේම යටිහිතින් තමයි මේ දේවල් මතුවෙන්නේ. (නි)
මෙතුමාට අපහාස කරන්න එපා. රාවනා රජු යලි නැගිට්ට කිව්වා මිසක් දැන් ඉන්න රජවරුනට පෙළපත් හැදුවේ නැහැනේ අර සමහරු කරනවා වගේ. (නදී)
කොච්චර හොද ඉතිහාසයක් තිබුනත් තිබුනයි කිව්වත් අපට වර්තමානය ගැන සතුටු වීමට පුලුවන්ද ?කොන්ද කෙලින් තියන සිංහල ජාතියක් බිහිකිරීම නේද අපගේ වගකීම (නදී)
මෙතන කට්ටිය අවුරුදු 7500 අල්ලාගෙන දගලනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරය, " බුදුවරයෙක් ලොව පහල වෙන්නේ කල්ප ගණනකට සැරයක්" දැනට බුදුවරු 28 කි. එසේනම්, කල්ප ගණන x 28 = 28 කල්ප. මෙම ගණන මනක්කල්පිතය එනම් පෘතුවිය ඇතිවීමටත් පෙර අගයකි. මනුෂය ප්‍රජාව ඇතිවීමටත් පෙර අගයකි. ඒ අනුව විද්‍යාත්මකව සිතා බැලීමේදී 100%කම බොරු කියන්නත් නොහැක. තීරණය ඔබගේය. (දී)
මඩබාවිට ගල්තලාව (වරකාපොළ හැලගල අසලින් ඉහලින් දිස්වන ගල) කෙලවර විහාරයේ ගලේ කොටා ඇත්තේ රූප නන්දා නම් තෙරණිය මහරි බෝධියේ ශාඛාවක් සමග වැඩම වූ ස්ථානය ලෙසයි. ඒ කාශ්‍යප බුදුන්ගේ සමයේය. අදටත් එම ගල පාමුල මහරි ශාක රාශියක් දක්ට ඇත. එය ගුවන්යානා තොටුපලක් බවත් තෙරණිය ගුවනින් වැඩම කළ බවත් වැඩිදුරටත් එහි දැක්වේ. අදටද ඒ ගල්ගලාව ගුවන්යානා තොටුපලක් තරම් විශාල සමතලා ගල්තලාවකි. (දී)
ඔබතුමාගේ අදහස සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න බැහැ.නමුත් ලිපියේ ඇති සමහර කරුණු වලට මුලාශ්‍ර ඉදුරිපත් කලොත් හොදයි. (අ) .
විජය ලංකාවට එන්න්න කලින් ලංකාවේ දියුණු සංස්කෘතියක් තිබුණු බව ඉතිහාස වේදීන් පවා පිළිගන්න කතාවක්. එ්ත් මේ ලිපියේ බොහෝ දේවල් අතාත්විකයි. වසර 7500 ක් තුල බදුරජාණන් වහන්සේලා තුන් නමක් ලොව තුල පහල වීම ධර්මයට අනුව විය නොහැක්කක්. අතීතයේදී ඉන්දියාවේ විසූවේ ද්‍රවිඩ ජාතිකයින් පමණයි. ඔවුන් අනාර්යයන් ලෙය හැදින්වූවා. පසු කලෙක ආර්යයන් පැමිණ ඔවුන් දකුණට පලවා හැරියා. එය ඉතිහාසයේ කරුණු සහිතව ඔප්පු කල කරුණක්. දකුණු ඉන්දියාවේ දමිල ජනතාව රාවණාගේ වහලුන් ගෙන් පැවත එන්නන් බව පැවසීම විහිළුවක්. මට තියෙන ලොකුම ප්‍රශ්නය එය නොවේ. රාවනා යලි නැගිට්ටා නම් මේ රට විනාශ කරන දේශපාලකයින්ට දඩුවම් නොකර වෙන රටවල ප්‍රශ්න වලට මැදිහත් වෙන්න යන්නේ ඇයි කියන එකයි. (නදී)
සිහිමුර්ජාවී ඇති බව මා හට නම් සිතිය නොහැක.නමුත් එවනි උතුම් ගුණ යහපත් හෙළයන් මේ දෙරණ අපිට විනාශ නොවී රැකදී ඇති බව පිළිගත හැක (නි)
අන්තිමට අපේ ඉතිහාසය,විජය රජු ගැන ප්‍රශ්නයක් මතුවෙයිද? (නි)
මම පාරේදී රාවනා රජතුමාව දැක්කොත් කියන්නම්. (නදී)
ලංකාව ගැන හොද විස්තරයක් හැබැයි සමහර තැන් ගැන හිතන්න වෙනවා. ගවේෂණයක් කලානම් කරුණු තව ඉදෙරිපත් කරන්න වෙනවා. වසර ගානකට පස්සේ නිගිට්ට කියන කතව තමයි හිතන්න ඕන තැනක තියෙන්නේ. විජයට කාලෙන් දියුණු පිරිසක් හිටිය බවනම් පිළිගන්න වෙනවා. කපු කටින්න හරි. ඇඳුම් මහන්න දැනුමක් කුවෙනිට තිබුනානම් ඒගෙන හිටන්න පුළුවන්. මේ ගැන උදාහරණ තව ඕනි.(දී)
තිබෙන ලොකුම දුක සිංහලයා කියන ජාතියට ඉන්න ලොකුම හතුරා තවත් සිංහලයෙක් වෙන එකයි. වෙන දෙයක් ඕනෑ නැහැ, ඔය මේ කතාව පයට පෑගෙන දූහුවිල්ලක් වගේ බැහැර කරන අයට කියන්න තියෙන්නෙ ඔයාලට කරදරයක් වුණාම දෙවියන්ට බාරවෙන එකත් බොරුවක්නෙ. ඇහැට දැකලා නැති කෙනෙක්ට බාරවෙන එක ලොකුම මිත්‍යාවක් නෙමෙයිද? අපි විශ්වාස නොකරන දේවල් වල පවා ඇත්ත කියන අංකුරය ගැබ්වෙලා තිබෙනවා. මේක එකම එක අදහසක් වෙන්න පුලුවන්. ඒත් ටිකකට හිතලා බලන්න ඇත්තද බොරුද කියන එකට වඩා සිංහලයා කියන ජාතියට ඊටත් එහා අතීතයක් තියෙන්න බැරිද කියලා විතරක්. (නි)
වැදගත් ලිපි පෙලක්.(හේ)
මම පොඩිකාලෙ ඉදන් රාවණා රජු පිළිබඳ විශාල ගෞරවයක් තියෙන කෙනෙක් .. එ වගේම පිළිබඳව හොයන්න ආසයි. ආචාර්ය තුමනි මන් ඔබතුමන්ගේ අලුත් පොත කියවන්න ආසයි . ඔබතුමන්ට පුලුවන් නම් මට තවත් විස්තරය දනගන්න විදියක් කියනවද?(හේ)
අපි කවුරුවත් මේ විශ්වයේ වෙන හැමදෙයක් ගැනම දන්නෙ නෑ..මොනදේ කිව්වත් මේ ලිපිය ඇත්ත නම් රටට යහපතක් වෙවි.. නමුත් කිසි දෙයක් ගැන හරියට නොදැන මේ ලිපිය හෑල්ලුවට කරන්න එපා.. එහෙම කලා කියල ඔබට වෙන යහපතක්ද නැත.. අපි මෙ ලිපියෙන් අදහසක් ගමු.. ඇත්ත නැත්ත ඉදිරි අනාගතයේදි බලා ගමු....(රේ).
හොඳයි. තව තොරතුරු දාන්න... (නි)
කෙසේ නමුත්, මේ කතාවෙ සත්‍ය පැත්තකුත් නැතුවාම නෙමෙයි. මට නම් 90% ක් මේ කතාව ඇත්ත. සිංහල අපි හැමෝම විජයට එහා ගිය රාවණාගෙ පරම්පරාවෙ ලොකු ඉතිහාසයක් තිබෙන මිනිස්සු. මම පොත් වලින් ගොඩක් දේ කියවලා තිබෙනවා. මේක වැදගත් ලිපියක්. අපිට කොච්චර ලොකු ඉතිහාසයක් තිබුනත් ඇමරිකාව වගේ රටවල් මේ වගේ දේවල් පිළිගෙන මේවායේ ඇත්ත නැත්ත හොයලා බලන්න සූදානම් නැහැ. මොකද මේවා ඔප්පු වුණොත් ඒ රටවලට ඇති ගෞරවය නැතිවෙන නිසා. (නි)
ලෝකයේ සිටි බලසම්පන්නම රජු ශ්‍රී ලංකාවේ රාවණා රජු , එතුමාත් බෞද්දයෙක් , ඒක එංගලන්තය වගේ රටවලුත් පිලි අරගෙන තියෙන්නෙ. දකුණු ඉන්දියානු දෙමළ මිනිස්සු කියන්නෙ රාවණා රජතුමාගෙ වහල් සේවකයොන්ගෙන් පැවත එන පිරිසක්. මට මගේ රට , ජාතිය , ආගම , අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන ගොඩක් ආඩම්බරයි. (අ)
රාවණා රජු සිටියා කියලා මමත් විශ්වාස කරනවා. නමුත් සමහර දේවල් නම් මට පිළිගන්න බැහැ. (නි)
මෙහි සමහර කරුණු සත්‍යය බව හැඟී ගියත් සමහර කරුණු පිළිබඳ නිශ්චිතබාවයක් නැත. එම කරුණු අනෙක් කරුණු හා සංසන්දනය කර ගැටලූ නිරාකරනය කරගත යුතුය. කෙසේවෙතත් මම රාවණා රජතුමාට ගරුකරමි (නි)
මෙය සත්‍යයක් නමි වටිනා ලිපියකි (බ)
මම මේ මාතෘකව පිළිබඳව කෙටි කාලයක සිට ගවේෂණය කරන්නෙමි. ඒ සඳහා මෙතුමාගේ ලිපි සොයා කියව්වෙමි. වර්තමානයේ මෙම මාතෘකාව පිළිබඳ ගවේෂණයේ යෙදෙන්නේ මෙතුමා පමණක් යැයි මට සිතේ. අප පාසල් යන අවදියේදීවත් රාවණා රජතුමා පිළිබඳව උගන්වා නැත. නමුත් සිංහල ජාතිය පැවත එන්නේ එතුමාගෙන් යැයි මම විශ්වාස කරමි. මේ පිළිබඳව ගවේෂණය කරන මහාචාර්යතුමාට මා තව තවත් දිරිදෙමි. (නි)
ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපි නොදත් දේවල් අපිට කියාදුන්නාට. (නි)
මේ යන විදිහට දැන්නම් රාවණාට ඉන්න නැතුව ඇති (බ)
ගොඩක් වටිනා ලිපියක්. ඇත්තටම රාවණා ගැන කියවනකොට මහ හයියක් එනවා හිතට. කවුරු මොන දේ කිවුවත් ගොඩක් වටිනවා මේ දේවල් (නි)
සමහර කරුණු නම් මට පිළිගැනීමට අමාරුයි
මිරෙන්ඩෝ සර් ඔබ හරි (බ)
රාවණා යනු සිංහලයේ අධිපතියි. මහාචාර්යතුමන් නිවැරදියි. මමත් විශ්වාස කරන්නේ අප මී මුත්තා විජය නොවන බවයි. විජය එන්න පෙර අපට දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණා. අපේ දියුණු ශිෂ්ඨාචාරය පර සුද්දන් අරගෙන ඔවුන්ට ඕනෑ විදියට ලියවලා තියෙන්නේ. (නි)
රාවන රජු දැන් කොහෙද එයා මොනවද කරන්නෙ රජකමට එන්නෙ නැතිද දැන් අලුත් තොරතුරැ ලියන්නෙ නැද්ද (බ)
මම මේ ලිපි ආසාවෙන් කියවනව ඒත් දැන් අලුත් ලිපි නැ දැන් රාවන රජු කෝ මොකද කරන්නෙ රජ කමට එන්නෙ නැත්ද රජයට උදවු කරනවද අලුත් දේ ලියන්න අපට බලා ගන්න (බ)
ඔබගේ ලිපිය බොහෝම වටිනා කරුනු රාශියක් ගැබ්ව තියන වග බොහොම පැහැදිලී.. මොකද විජය කියන ස්ත්‍රී දූශකයා මේ රටට එන්නට පෙර අප රටේ ප්‍රෞඩ ඉතිහාසයක් තිබුන බවත්.. හොද සංස්කෘතියක් තිබුන බවත් යම් පිරිසක් තේරුම් ගන්නා සත්‍යය වුවත් අවාසනවකට බහුතරය මේ මතය නොපිලි ගනී.. නමුත් අපේ ප්‍රෞඩත්වය අපේ සත්‍යය ඉතිහාසය යලි ඉස්මතු කිරීමට වෙර දරන ඔබ වැනි විද්වතුන් දැයට ආලෝකයක්... ජය සිව්හෙළේ ජය (අ)
තව දුරටත් රාවනා රජු ගැන සවිස්තරාත්මක විස්තර ලබා දෙන්න... මේ විස්තරයට ස්තුතියි!!!
ගොඩක් හොද දෙයක් අපේ රටේ ඉතිහාසය ගැන මත වාද ඉදිරිපත් කිරීම. අද කාලේ පාසැල් පෙලපොත් සඳහා අපේ ඉතිහාසය ඇතුලත් කල යුතු යැයි මාගේ පුද්ගලික අදහස. මං ගොඩක් කැමතියි අපේ දේට
රවණා කියලා කෙනෙක් නැහැ කියලා කවදාවත් හිතන්න එපා, ලස්සන ඉතිහාසයක් තියෙන රටක් මේක.
මෙතන විශ්වාස කළ හැකි මහාවංශයේ තියෙන විස්තරයට විරුද්ධ අදහස් ගොඩක් දැක්වෙනවා. ඒ නිසා මෙතන කියන ගොඩක් දේවල් පිළිගන්න අපහසුයි. මොකද විශ්‍රාවස් මුණි වරයා රජ කලා කියලා කිසි තැනක සඳහනක් නැහැ. මම මේකෙ තමා පළවෙනි පාරට දැක්කෙ,එමෙන්ම මේකෙ තියෙන විදියට කුවේර රාවණයන්ගේ සොහොයුරෙක්, ඒකත් මහාවංශයේ සඳහන් නැහැ. දීප වංශයේ සඳහනකුත් නැහැ. මම රාවණයන් ගැන ඒ වගේ පොත්වලින් උපුටා ගෙන ලියන ලද ඒවා කියෙව්වා. ඒ වගේම තවත් ගොඩක් ලිපි. ඒක නිසා ඔය වගේ ලිපි නිසා අලුතෙන් රාවණා ගැන හොයන අය තවත් නොමග යනවා.ගොඩක් දේවල් පැටලිලි සහගතයි හරියටම නිවැරදි දේ තවම කිසිම කෙනෙක්ට සොයාගන්නට නොහැකි වී තිබෙනවා. එබැවින් මේ වගේ ලිපි ලියන කොට අවසානයේ හරි උපුටා ගත් වෙනත් ග්‍රන්ථ ඇත්නම්, ආශ්‍රිත ලිපි සහ ඔයා කරුණු සොයාගත් සියලු අවස්ථා සම්බන්ධය, ස්ථාන සහ කෙසේ සොයාගත්තේ ද යන්න ලියන්න. නැතිනම් මෙවැනි ලිපි කියවීමෙන් අවුලින් අවුලට අද වැටෙනවා නොඅනුමානය.
කෙසේ හෝ රාවණා නම්න් රජ කෙනීක් සිටි බව මම විශ්වාස කරනවා. ඔහු ඉතා බල සම්පන්නය. හෙළය ඔහුගේ නිජබිමයි .
රාවණා රජු රජකරන ලද්දෙ කාශ්‍යප බුදුන් වහන්සේගේ සාසනය අවසන් වී ධර්මය ලොවෙන් ගිලිහී යන "අබුද්දස " කාලයකදීය. එම කාලය වන විට ගෞතම බුදුන් වහන්සේගේ සාසනය ආරම්භ විමට ආසන්න කාල පරිච්ඡේදයකි.
රාවණා රජුගේ පාලන කාලය ගත් විට ÷ කාශ්‍යප බුදුන්වහන්සේගේ පිරිනිවන් කාලයත් ,ගෞතම බුදුන්වහන්සේගේ (සිදසිදුහත් කුමරුගෙ ඉපදීම ) යන කාල පරාසය ඇතුළත රාවණා රජුගේ පාලනය සිදු වුවාය කියන එක බොරුවක් ද?
මහා රාවණා ඉතිහාසය යට ගහන්න බැහැ. උඩට එනවාමයි. රාවණා රජු ආවානම් එහෙම හැංගිලා ඉඳීවිද? රාවණා දේහය තව අවුරුදු 600 ක් යනතුරු සුරක්ෂිතයි.
ප්‍රොෆසර් මොනවා කියනවද මන්දා..?
මහා රාවණයන්ට ජය...!!!
මේකේ කියලා තියෙන දේවල්වල සත්‍ය, අසත්‍යතාවය ගැන තර්ක කරන්න තරම් රාවණ රජතුමා ගැන දන්නේ නැහැ. ඒත් එතුමා ළඟ තිබ්බ ගුණ ධර්ම ගැන හිතලා තමන් ඇතුළෙන්ම රාවණා පුරාණය හොයාගන්න උත්සාහ කරන එක වටිනවා කියලා හිතනවා. ධ්‍යානය නැති වුණු තැන ඇති වූ අධ්‍යයනය ඇතුලෙන් මේක හොයන්න බැහැ. ඒ නිසා නැති වූ, ඈත් වූ ධ්‍යානය කියන එකට කිට්ටු වෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා මතයක් තමයි මම නම් දරන්නේ...
ගොඩක් දේවල් දැනගත්තා. මට සමහර තැන් තාමත් හිතාගන්න බෑ. මට හිතෙන විදියටනම් අපේ මිනිස්සු තාමත් ඉන්නේ මනෝ ලෝකවල. මෙච්චර ලොකු ඉතිහාසයක් නිකන්ම වැලලිලා තියනවා. සමහර තැන් තාම හිස්තැන්. රාවණාට යුක්තියක් ඉටු වෙලා නෑ මන් හිතන විදිය නම්. ගොඩක් වැරදි අයුක්ති සහගත තැන් තියෙනවා. යලි පැමිණෙන්න යුක්තිය ඉටු කරන්න රාවණා යළි පැමිණේවි. එ්කයි මගේ විශ්වාසය. ස්තූතියි.
ඇත්තටම රාවණා ඉතිහාසය ගැන පුදුමයි.. මම ගොඩක් ආසයි අතීතය ගැන දැනගන්න. මම ගොඩක් ආසයි අතීතය ගැන දැනගන්න. රාවන රජු ආයේ අපේ ලංකා දීපයට ඕනෑ කාලයයි. දැන් ඉන්න පරපුර ඉතිහාසය ගැන කිසිම දැනුමක් නෑ. අපි කොයිතරම් සතුටු වෙන්න ඕනෙද ? අපිට වීර ඉතිහාසයක් තියෙන්නේ.
මා නම් සිතන පරිදි රාවනා රජු රට පාලනය කරන්නේ 2030 වර්ෂයේදීය
මම මෙි සියලුම අදහස් කියෙවිව.සමහරැ ඉන්නව අපේ හෙල ජාන තියෙන අය මම ඒ අයට හදපිරි ප්ශංරසාව පුදකරනව .රට ජාතිය ගැන කැක්කුමක් තිබිම ගැන.දැන් හිතන්න අපි මුලින්ම ජෙිදයක් ලියනවිට අංක01 නේද පටන් ගන්නෙ .ඔය අපේ ඉතිහාසය පටන් අරන් තියෙන්නෙ කියෙන්ද 543 එතකොට එතන ඉදල එහාට මොකද උනේ
ඉතිහාසය ගැන දැන ගන්න ආසාවෙන් ඉන්න අපි වගේ අයට ගොඩාක් වටින තොරතුරු මේ. මිරැන්ඩෝ ඔබේසේකර මහතාට මාගේ ගෞරවය පුද කරනවා. අපේ බලසම්පන්න රාවණා රජු ගැන තොරතුරු දැන ගන්න ගොඩාක් ආසයි . එතුමා නැවත පැමිණියා නම් ඒක තමයි සිංහලයන්ගේ නැවත පිබිදීම. ජය වේ රාවණා.
මනක්කල්පිත හා සුරංගනා කතා පසුබිම් කොට නොගෙන, සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය පදනම් කොට සැබෑ රාවණ රජෙකු මතුකර ගන්නට අවුරුදු 5000ක ඉතිහාසය තුළ ගවේෂකයෙකු බිහි නොවූ හැටි පුදුම සහගතයි.