මෙතෙක් නොවූවිරූ ”රාවණ” කතාබහක් සමාජගතවී තිබේ. පාසල් සිසුන් ඇතුළුව, පොදු ජනයාගේ ප‍්‍රියශීලී විෂයක් බවට රාවණ කතාන්දරය පත්ව තිබේ. රාවණ සමය පිළිබඳ ගවේෂණශීලී පරපුරක් නිර්මාණය වීම ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකරලාගෙන් පසු රාවණ යුගය ගුලිකර ගත් අනාගත පරම්පරාව මේ තොරතුරු අලූත් අඩියකට පෙරළනු ඇත. විශේෂයෙන් පර්යේෂණ, ගවේෂණ කිරීමට නව යොවුන් පරපුරක් මේ මොහොතේ වගකීම් දැරීම නව පරිච්ෙඡ්දයකි. අද රාවණ කතාවේ තවත් පියවරකට යමු. |
රාවණ රජු දක්‍ෂ සටන්කාමියෙකි. පහර දීමට හා පහරින් බේරීමට අපූරු ශිල්ප දැන සිටියෙකි. රාවණ පරපුරින් එන අගනා සටන් ක‍්‍රමයක් ලෙස අංගම් ශාස්ත‍්‍රය දැක්විය හැකිය. රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ ආදිතමයෙකි.
කරාටේ, කුංග්ෆු ආදී සටන් ක‍්‍රමවලට වඩා දස දහස් ගුණයකින් අංගම් ශාස්ත‍්‍රය පෙරමුණේ සිටි
යි. එය දේශීය සටන් ක‍්‍රමයකි. අනුන්ගේ දෙයක් ඉගෙනීමට වඩා රාවණ රජ සමයේ පටන් එන අංගම් ශාස්ත‍්‍රය අපේ දරුවන් ප‍්‍රගුණ කළ යුතුය. අද එහි සෑහෙන අඩු ලූහුඬුකම් තිබුණත් ආරක්‍ෂාවී පැවැතීම ගැන සතුටක් දැනවිය යුතුය.
රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී මන්ත‍්‍ර හා කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට ඇත. කඩුවලින්, පොලූ මුඟුරුවලින් සටන් කිරීම, පොරබඳා ගැනීම, දියල්ල නියම අංගම් ශාස්ත‍්‍රයේ නැත. පොර බැදීම පුරාණ අංගම් ශාස්ත‍්‍රයේ නැති අතර එය වෙනම ක‍්‍රීඩාවකි. ”ගුස්ති” තවත් ක‍්‍රීඩාවකි. ”සේලම්බරම්” තවත් ක‍්‍රීඩාවකි. මේ සියල්ල එකතුකරගෙන ”අච්චාරුවක්” කරගත් ක‍්‍රීඩාවක් අද අංගම් හැටියට තිබේ.
රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී ප‍්‍රබල මන්ත‍්‍ර භාවිත කර ඇත. එසේම පහර දෙන පුද්ගලයාගේ බර කිලෝ 70 ක් නම් එම සම්පූර්ණ බර අනෙකා වෙත ක්‍ෂණිකව ලබා දෙමින් පහර එල්ල කරයි. ඒ අයුරින්ම රාවණ රජතුමා ද නිලවලට අංගම් පහර ගැසීම වඩා හොඳින් කර ඇත. ”අංගම්” යනු ක‍්‍රීඩාවක් හෝ සෙල්ලමක් නොවේ. එය පුරාණයේ සිට පැවතියේ පහර ලබන්නා අතිශය දුර්වල කිරීම සඳහාය.

පහර කන්නාට නියම අංගම් පහරක් වැදුණොත් එක්කෝ පිස්සු වැටෙයි. නැත්නම් පැය කීපයකින්, දින තුනෙන්, දින හතෙන්, මාස තුනෙන් ආදී වශයෙන් මරණයට පත්වේවි. නැත්නම් රෝගීව දුක් විඳියි.
අංගම් ප‍්‍රහාරය දෙන ස්ථාන හා ක‍්‍රම ද තිබේ. වැළමිටෙන් ඔළුවේ නිලයකට පහරදීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එවැනි පහරක් නිවැරදිව එල්ල වුවහොත් එය වෛද්‍යවරයෙකුට ද සුවකළ නොහැක්කකි. කකුලේ මහපට ඇඟිල්ලට ඉලක්කය ගෙන උඩපැන යටි තල්ලට පහර එල්ල කළ විට ප‍්‍රහාරය සාර්ථක නම් හිස කදින් වෙන්වේ. ප‍්‍රහාරය අසාර්ථක වුවහොත් මරණය හෝ, දැඩි අසාධ්‍ය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි ප‍්‍රහාර කීපයක් පුරාණ සාහිත්‍ය කෘතිවල සඳහන්වේ.ගෝඨයිම්බර යෝධයා සහ මහාසෝන යෝධයා අතර ඇතිවූ සටන අංගම් ශාස්ත‍්‍රයේ විශේෂ තැනකි. ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට මහාසෝන කළ විහිලූවක් නිසා සටනක් ඇවිළිනි. එම සටනේ දී ගෝඨයිම්බර උඩ පැන මහාසෝනගේ නිකට වෙත කකුලේ මහපටැඟිල්ලෙන් ප‍්‍රහාරය එල්ල කළේය. එයින්ම මහාසෝනගේ හිස ගැලවිනි. නමුත් මෙවැනි ප‍්‍රහාර අංගම් ප‍්‍රදර්ශනවලට ඇතුළත් කරන්නේ නැත.
රාවණ රජුගේ සමයේ අංගම් සංචිතයක් තිබිණි. එය ”අංගම්” සටනට හැකියාව ඇතියවුන්ගෙන් තැනූවකි. රාවණ රජතුමාගේ අංගම්කරුවන්ට සහාය ලැබුණ ද පසු කාලීන විභීෂණ ආදී රජවරුන්ගෙන් අංගම් සංචිතයට සැලකිල්ලක් ලැබුණේ නැත. එමනිසා අංගම් සංචිත පරපුර දකුණු ඉන්දියාවට ගියේය.
මේ අය පසුව දකුණු ඉන්දියාවේ කුලයක් බවට පත්විණ. ඒ ”අගම්පුඩියර්” නම් විය. පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් පළමුවැනි විජයබාහු රජතුමා අතීතය හාරාඅවුස්සා බලා ලංකාවෙන් ගිය අංගම් සංචිතය (අගම්පුඩියර් කුලය* ලක්දිවට ගෙන්වා ගත්තේය. ඔවුන්ට ගම්බිම් ද ප‍්‍රදානය කළේය. මොවුහු අංගම් ශාස්ත‍්‍රයට ගුස්ති ආදී අංග ද එකතුකර සංවර්ධනය කරවාගෙන සිටියෝය. එදා මේ කුල ජනයා පදිංචි කළේ පුරාණ වැලිතොටය. අද එය දකුණේ බලපිටියය.
මීට වසර සිය ගණනකට පසු චන්ද්‍රභානු නමින් ”ජා” ජාතික රජෙක් ලංකාවට පැමිණියේය. ඔහු ලංකාව ආක‍්‍රමණය පිණිස සේනා සහිතව පැමිණියෙකි. එදා ලංකාවේ සිටි රජු වැලිතොටහි සිටි ”අගම්පුඩියර්” කුලයට ”ජා” රජු පරදවන්නට උපදෙස් දී ඇත.
එම ජනතාව රජුට ”අංගම්” ශිල්පයෙන් පහරදී මරාදමා ආක‍්‍රමණිකයාගෙන් රට බේරාගෙන තිබේ. එයට උපහාරයක් වශයෙන් වැලිතොට නම ඉවත් කරවා ”බළපිටිය” යැයි නම් කෙරිණි. ශක්තිය බලය පෙන්වූ තැනක් වීම ඊට හේතුවයි. රාවණ පරපුරෙන් පැවත එන ”අගම්පුඩි” කුලයේ ජනතාව දැනුදු ලංකාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙති. දැනටත් මොවුන් දුටුවිට සාමාන්‍ය වැසියකුට වඩා ශරීරාංගවලින්ම සටන්කාමී බවක් පෙනේ. ”අගම්පුඩියර්” තරුණයකු බව හඳුනා ගත හැකිය. කායවර්ධන මධ්‍යස්ථානවලින් හදාගත් ශරීරයට වඩා වෙනස්ම වූ ආවේණික සටන්කාමී ලක්‍ෂණ සහිත ශරීර අංග බළපිටියේ අංගම් ශාස්ත‍්‍රයට නෑකමැත්තන් සතුව තිබේ.
රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය. තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධවී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැ¥ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා ”තමන්ගේ” බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.
රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය* රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි.
ඊළඟට රාවණගේ රාජ සභාව පිළිබඳ තවත් අලූත් යමක් සටහන් තබමි.
වත්මන් ලංකාවේ ඇමැති මණ්ඩලය 108 ක් බව මාධ්‍යයේ පළවිණ. අදටත් වඩා විශාල එවක ලක්දිව ඇමැති මණ්ඩලය හත් දෙනෙකි. රාවණ රජුට ප‍්‍රබල ඇමැතිවරු සතක් සිට ඇත. කාර, මහෙජ, ශූර, උග‍්‍රසේන, තිරමුණ, මාන, භානු යක්‍ෂයෝ මේ ඇමැති මණ්ඩලය නියෝජනය කළහ. මේ සියලූ යක්‍ෂයෝ ලංකාව පමණක් නොව යටත් ප‍්‍රදේශ පවා පාලනය කරගෙන ශක්තිමත් රාජ්‍යයක් ගෙන ගියහ.
කාර රාක්‍ෂයා ඇමැති මණ්ඩලේ සිටි විශේෂතමයෙකි. ඔහු රාවණ හමුවට ආවේ ගියේ රෝද සතරක වාහනයකින් බව කියයි. මේ රෝද සතර යකඩ රෝද විය. මේ වාහනයට අගනා එංජිමක් ද තිබුණු අතර සූර්ය බල ශක්තියෙන් එය ගමන් කරවා ඇත. මේ රාවණ කතා පුවත් පුස්කොළ පොතෙහි දැක්වෙන අගනා කතාවකි.
මෙම ප‍්‍රවෘත්තියට අනුව රෝද සතරේ වාහනවල ආරම්භය රාවණ යුගයද? රෝද සතරේ වාහනය ලෝකය හමුවට ආවේ ලංකාවෙන්ද? යන ප‍්‍රශ්නයට නව ප‍්‍රවිෂ්ඨයක් ගත හැකිය.
අද ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ වාහන නිෂ්පාදනය කෙරුණ ද රාවණ යුගයේ ලංකාවේ වාහන නිෂ්පාදනය සිදුවන්නට ඇති බව නිගමනයකට ආ හැකිය. රාවණ රජුගේ කාර රාක්‍ෂයා පමණක් එම විශේෂ වාහනයෙන් පැමිණි බව විස්තර වේ.
විශේෂයෙන් රාවණට වඩා තරමක් බලයෙන් අඩු සත් දෙනකුගෙන් යුත් යක්‍ෂ ඇමැති මණ්ඩලය, රටේ ඒ ඒ ප‍්‍රදේශවල පාලන බලය අතටගෙන කටයුතු කරවා ඇත. රාවණ පවරන ලද කටයුතු ක‍්‍රියාවට නංවා ඇත්තේ මේ අමාත්‍යවරුය. විශේෂයෙන් ඔවුන්ට සහාය වීමට සේනාපතිවරු 21 ක් සිට ඇත. විශේෂයෙන් මොවුහු යුද සේනාපතීහුය. මේ සේනාපතීන්ගේ භූත ආත්ම රාවණ දෙවි සමග දැනට ලොව සැරිසරන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි.
එහෙත් ඇමැති මණ්ඩලයේ සිටි යක්‍ෂයන්ගේ යළි නැගිටීමක් ගැන පුරාණ පුස්කොළ පොත්හි සටහන් නොවේ.
කෙසේ හෝ වේවා රාවණ රජු මූලික කොටගත් සත් දෙනෙකු සහිත ඇමැති මණ්ඩලය, සේනාපතීන් 21 ක්, අන්තඃපුරයක්, බළකොටු, මාළිගා, රාජකීය උයන් සහිත රාජකීය දිවි පෙවෙතක් රජු භුක්තිවිඳ ඇත.
දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය.
එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත යුතුය.
ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජවරු අවුරුදු දහස් ගානක් මිනිසුන්ට ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් හදල තියෙනවා. එ්ත් රාවනා කරපු දෙයක් නෑ. මිනිහ දඬුමොනරේ රවුම් ගහපු එක විතරයි කරලා තියෙන්න. අන්තිමට එ්කත් කාටවත් හොයන්න බැරි විදියට හංගල මැරුනා. අපේ මෝඩ මිනිස්සු රජවරු කරපු දේවල් අගය නොකර කොහෙවත් නැති දඬු මොනරෙක් හොයනවා. බලන් ඉන්න අන්තිමට මොනරෙක් නෙවේ කපුටෙක්වත් හම්බෙන්නේ නෑ. (නදී)
මම බොහොම කැමැත්තෙන් කියවූ ලිපියක් (නි)
මම ඉපදුනේ බලපිටියේ වුණාට අංගම් ශිල්පය හදාරන්න තැනක් ගැන මම අහලා තිබුණේ නැහැ (නි)
රාවනා ලංකාවේ සිටි බවට සහ ලෝකය පුරාවටම සිය බලය වියාප්ත කල බවට ඕන තරම් සාදක ලංකාවෙත් ලෝකයේත් අද අපිට හොයාගන්න පුළුවන්. හෙළයන් හැටියට එ්ක අපිට ආඩම්බරයක්. එ්ත් මට තේරෙන්නේ නැති එකම තැන මෙතරම් ප්‍රබල බල පරාක්‍රමයක් තිබුන රාජධානියක්, රාජ පරම්පරාවක්, ශිල්ප ක්‍රම , ආයුධ, වාහන සියල්ලම මෙතරම් ශේෂ වෙන්න විනාශ උනේ කොහොමද අපේ රටෙන්, ලෝකයෙන්? (නදී)
මැතිවරණ කාලයට සිංහලයින් කඩු පොලු අරගැනීමට හේතුව මට අවබෝධ වුණේ මේ ලිපිය කියවීමෙන් පසුවයි (නි)
බලන්ගොඩ මානවකයා සහ කූරගල මුත්තා ගැන සහ මහින්දාගමනයට පෙරත් බුදු සමය මෙහි පැවතී බවට කාල නිර්ණය කිරීමෙන් පසු සාක්ෂි ලැබෙන මේ කාලයේදී රාවන රජු පසුබිම් කරගෙන දේශීය අනන්තාවක් ගොඩ නගාගන්න පුළුවන් නම් යක්ෂයන්ටත් නාගයන්ටත් ශ්‍රී ලාංකිකයන් හැටියට අභිමානයක් ඇතිව ජීවත් වෙන්න පුලුවන්වේවි.(අ)
මොනදේ උනත් මේ ඇත්ත අපිට පිළිගන්න වෙනවා, මොකද අපේ රාවන රජතුමා අසහාය රජෙක්, (දී)
ලංකාවේ තරුණ පරපුරට විශේෂ වන ලිපි පෙළක්. ලංකාදීපයට ස්තුතියි (නි)
සමන්තිගේ අදහස නම් හරිම අගෙයි. (නි)
යුරෝපීයයන්ට පෙර හෙළයන් සිටි තැන පිළිගැනීමට අකමැති අයත් ඇත. (ස)
බුද්දිමත් අයට පමණි. ඉන්දියාවේ හිටි වාල්මිකී රාමායනය ලිව්වේ නැත්නම් අපි කොහොමද රාවණා කියලා රජෙක් දන්නේ. ලංකාවේ කිසිම මුලාශ්‍රයක ඕක ගැන නැහැ. කිසිම සාක්ෂියක් නැහැ. (නි)
ඉහත සඳහන් කොරතුරු අපට පුද්ගලිකව මේල් කරන්නට හැකි නම් යහපති. (ර)
ඒ කාලෙ තිබ්බේ ධ්‍යාන. දැන් කාලේ තියෙන්නේ අධ්‍යාන. අපි අධ්‍යාපනය කියන්නේ මෙන්න මේ අධ්‍යානයටයි. ඒ කාලේ තිබ්බ දේ ඇත්තටම දැනගන්න කැමති නම්, අධ්‍යාපනයෙන් ධ්‍යානයට මාරු වෙන්න. ධ්‍යාන වඩන්න. එවිට ඇත්තටම රාවණ රජු කියන්නෙ කව්ද කියල දැනගන්න පුලුවන් වේවි. හෙළයෙක් විදිහට කරන්න තියෙන්නෙ අපිට ඒකයි. නැතුව මෙතන බුර බුර ඉන්න එක නෙවෙයි. (බ)
මම මේ ලිපි ආසාවෙන් කියවනවා. නමුත් අපේ පුහු ආකල්ප ඇති අය මේවා පිළිගන්නෙ නැහැ. ඇත්තටම දැන් රාවණා රජු නැගිටලාද? ඔහුට යළි බලයට එන්න බැරිද? මිනිසුන්ට දඬුවම් දෙනවාද? (නි)
ඉතාම හොඳ රසවත් ලිපියක් (නි)
මට ආසයි දැනගන්න රාවණා රජු නැවත ලංකාවේ රජ කරයිද කියලා (නි)
වර්තමානයේ අංගම්පොර සටන් ඉගෙනගන්න පුලුවන් කොහොමද ? (බ)
රබර් සහ මිනිරන් තිබෙන රටේ මකන කෑල්ලක්, පැන්සලක්වත් හදන්නේ නැතුව අතීතය පිළිබඳ පුරාජේරු කිය කියා ඉන්නකොට චීන බඩු වලින් ලංකාව ගිලගෙන ඉවරයි (නි)
මට නම් මේ ලිපිය කියවලා පිස්සු වගෙයි (නි)
ගොඩාක් වටිනා විස්තරයක් (නි)
රාමායනය නමැති ප්‍රබන්ධයේ එක් චරිතයක් වන රාවණා රජු එහි එන අනෙක් චරිත මෙන් තවත් චරිතයක් පමණි. (නි)
මේ දේවල් අපේ දරුවන්ගේ සිත්වලට කාවද්දන කාලය අැවිත්. අපේ වටිනා හැම දෙයක්ම නැතිවී ගිහින්. සිංහල ජාතිය දුර්වල කම්මැලි ජාතියක් බවට අපි පත් වී අවසානයි. උතුම් ජාතියක් බවය අපට ගෞරවනීය අතීතයක් තිබූ බව වර්තමානයේ වගකීම් දරන හැම කෙනෙක්ම අමතක කර දරුවන් සුද්දන් ලෙස නිර්මානයක කරමින් සිටිතී. (නදී)
අපිත් කැමතියි මේ විස්තර පිළිගන්න . නමුත් සාක්ෂි මගින් තහවුරු කල යුතුයි. කතන්දර වලින් තේරුමක් නැහැ. සාක්ෂි තියෙනවනම් ඒවත් මාධ්‍ය වලින් ඉදිරි පත් කරන්න. (අ)
පුස්කොල පොත් පෙන්නලා මේ කියන දෙය ඔප්පු කරන්න බැරිද? කතා ගොතන්න කාටත් පුළුවන්. මේවා ඇත්ත නම් වඩාත් සතුටුවෙන කෙනෙක් මම. (නි)
හුගක් බටහිර රටවල් තමන් අලුතෙන් සොයාගත් බව පම්පෝරි ගසනවා. නමුත් ඒවා අනුන්ගෙන් සොයාගත් බවයි මින් පෙනී යන්නේ (නදී)
ඉන්දියාවේ මිනිස්සු මහාභාරත කතා පුවත ඉස්මුදුනින් පිළිගන්නවා. අපේ සිංහලයන් කිසිම දෙයක් පිළිගන්නේ නැහැ.ඉන්දියවේ රාමා, සීතා හිටියා නම් ලංකාවේ රාවණා හිටියේ නැහැ කියන්නේ කොහොමද? (නි)
මෙතුමා ප්‍රසිද්ද වෙන්න ද මේ ලියන්නේ. කිසිම දෙයක් හරියට ගැලපෙන්නේ නැහැනේ. (නදී)
රාවණා රජෙක් මෙහේ හිටියේ නැහැ එය මිත්‍යා කතාවක් (නදී)
ජීව ඉන්දියාවේ බල්ලෝ කසාද බදිනවා දකලා තියනවද ? එහෙම උනා කියල අපි බුරුවෝ කසාද බදිනවද ? (නදී)
රාමායනය වාල්මිකිගේ ප්‍රබන්ධයක්. (නදී)
අපි ආඩම්බර ජාතියක් (නදී)
සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු අංගම් සටනේ ශූරයෙක් බවට ඉතිහාසය තතු කියයි. මහා සම්මතයෙන් රටට රජ කෙනෙක් තෝරන අවස්ථාවේ, මාතර සිට පැමිණෙන මනු අන් සියල්ලන් පරදවා තම දස්කම් පෙන්වා මහජන මතයට අනුව රටේ කිරුළට හිමිකම් කියයි. අංගම්පොර ගැන පළමුව අසන්නට ලැබෙන්නේ මනු රජු ගැන සඳහන් විස්තර වලිනි (නි)
තේජාන්විත, සුද්දෝ බල්ලෝ කසාද බැන්දා නම් අපේ අය බූරුවෝ නෙවෙයි නරියොත් බැඳ ගනීවි. රාමා ,සීතා, කතාව එංගලන්තේ උනානම් අපේ කට්ටිය දොහොත් මුදුන් දීලා ඒවා පිලිගන්නවා (නදී)
මේ දේවල් දකිද්දී මාර සතුටක්.. හිතට හෙන ගැම්මක් එනවා. ඒ වගේම හරි වේදනයි. ඇයි දැන් මේ දේවල් කරන්න බරි අපිට. අපි යක්ක ලේ තියෙන අය... දැන් තියෙන සෑම දේකින්ම සංවේදී මිනිසෙක් හදන්න බැහැ. අපේ පරණ සිරිත් විරිත්... අපේ කම..., සිංහලයා කියන්නේ කව්ද කියලා දැන් පරම්පරාවට අපි කියලා දෙන්න ඕනේ. නියම සිංහල මිනිසෙක් හදන්න අපි හැමෝම එකමුතු වෙලා අපේකම රැකගන්න ඕනේ. කුඩා දරුවන්ට උගන්වන ලංකා ඉතිහාසය බොරු. ඇයි අපේ රාවණා ගැන කියන්න බැරි. අපි ලොව ශ්‍රේෂ්ඨම ජාතිය... හැම රටක්ම අපේ දේ අරන් ගිහින් සුද්දගේ පුරුදු ඉගැන්නුවා. තාම ඒ සිරිත් සිංහලයින්ගේ තියෙනවා. එ් නිසා අපට අපේ සිව්හෙලේ ජාතිය ගොඩනගන්න අමාරුයි. අපේ දේ අපිට කරන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේක අපේ දේ අපේකම... බුදු සරණයි.