IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලේ ගලන ගල් විසිකරන පොළොන්නරු භූතයා

අහස පුරා එකම තාරකාවක්වත් නොමැත. වනාන්තරය දෙසින්  ගම්මානය දෙසට කළුපාට පොදියක් මෙන් වවුල් රංචුවක් පියඹා එන්නට වුහ. ඒ සමගින්ම මේ කෑලි කපන රාත‍්‍රීයේ  අවතාරය නිසොල්මන්ය. අඩි ගණනාවක්  පමණ උස, ඉතා කළු, නළ දත් දෙකක් ඇති, දෑස ඉදිරියට නෙරා ඉනේ පිහියක් ගසාගෙන සිටින මේ අවතාරය හිටිහැටයේ නොපෙනී ගොස් යළිත් මහගස් අස්සේ සිට එබිකම් කරන්ට විය. එක්වරම අහසට පැන්න මේ අවතාරය වලාකුළු දෙබෑ කරමින් අහසේ ඒ මේ අත පාවෙන්නට විය. සත්තකින්ම මේ ඇවිදින භූතයා දෙස සම්පත් නෙත් දල්වාගෙනම බලා සිටින්නට විය.

ඒ ගල් වලින් ලේ ගලනවා මම නම් එක ගලක්වත් ඇල්ලූවේවත් නෑ. ඒත් ඒ ලේම තමයි. මම නම්  ඕනෑ දෙයක් වුණාට කමක් නෑ කියලා අල්ලලා බැලූවා. ඒවා ලේම තමයි මගේ අතෙත් ගෑවුණා යැයි සම්පත් කියන්නට විය.

කලකට ඉහත පොළොන්නරුව ප‍්‍රදේශයේ සිදුවූ එක්තරා සිදුවීමක් මුළු ප‍්‍රදේශය පුරාම ඇතිකළේ ඉමහක් භීතියකි. ඇසුවන් පවා මවිතයට මෙන්ම භීතියට ද පත් කරවන මෙකී සිදුවීම ඔබගේද ලොමු දැහැ ගන්වන සිඳුවීමක් වනු නිසැකය.

ලලිත් මහතා, පොළොන්නරුව ප‍්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ජීවත් වූ ගොවිතැන ජීවීකාව කරගත් අයෙකි. දරු දෙදෙනකුගේ පියකු වන ලලිත්ගේ ආදරණීය භාර්යාව මීට කලකට පෙර දරුණු රෝගාබාධයක් හේතුවෙන් මිය ගියාය. එතැන් සිට ලලිත් හා ළමයින් දෙදෙනාගේ  තනි නොතනියට සිටියේ ලලිත්ගේ ආදරණීය මෑණියන් පමණි.

අගහිඟකම් අහස උසට තිබුණද, තම දරුවන්ගේ දෑස කෙසේ හෝ පාදනු වස්, ළමුන් දෙදෙනා ගමේ පාසලට ඇතුළත් කිරීමට වග බලා ගත්තේය. වැඩිමලා සම්පත් වූ අතර බාලයා ගැහැනු දරුවෙකි. නමින් ඈ ලක්මාලි වුවාය. සම්පත් මෙන්ම ලක්මාලිද ඉගෙන ගැනීමෙහි මනා දක්‍ෂයෝ වූහ. මේ සිදුවීමට ආසන්න කාලයේ දී ඔවුහු පිළිවෙලින් 4 ශ්‍රේණිය හා 3 ශ්‍රේණියෙහි ඉගෙනුම ලැබුහ. දසදුක් විදි තම පියාණන්ගේ සිහිනය සැබෑ කරවමින් ළමුයි දෙදෙනාම සුබ අනාගතයක පෙර නිමිති පෙන්නුහ. ළමයි දෙදෙනාම පැහැබර අනාගතය පිළිබද සුබවාදී බලාපොරොත්තු ලලිත් තව තවත් උනන්දු කරවීමට සමත් විය. අධ්‍යාපනයට අවශ්‍ය සෑම පහසුකමක්ම ඉතා අසීරුවෙන් වුවද ලලිත් ළමයින්ට සැපවූයේ බඩ වියත පවා රැුක ගැනීමට නොහැකිව තිබියදීය.

ලලිත්ගේ සියලූම බලාපොරොත්තු සුන්කරවීමට වැඩි කලක් ගතවූයේ නැත. හදිස්සියේම ළමයි දෙදෙනාගෙන් වැඩිමලාට භූත දෝෂයක් ලෙසින් පිළිගන්නා රෝගයක් වැළදුණි. බාහිරයට පෙනෙන රෝගී ලක්‍ෂණ එහි නොතිබු අතර දවසේ ඇතැම් වේලාවන්හි දී සම්පත්ට කිසියම් අවතාරයක සේයාවක් නිරීක්‍ෂණය වන බව සම්පත් කියන්නට විය. 

අහස පුරා එකම තාරකාවක්වත් නොමැත. වනාන්තරය දෙසින්  ගම්මානය දෙසට කළුපාට පොදියක් මෙන් වවුල් රංචුවක් පියඹා එන්නට වුහ. ඒ සමගින්ම මේ කෑලි කපන රාත‍්‍රීයේ  අවතාරය නිසොල්මන්ය. අඩි ගණනාවක්  පමණ උස, ඉතා කළු, නළ දත් දෙකක් ඇති, දෑස ඉදිරියට නෙරා ඉනේ පිහියක් ගසාගෙන සිටින මේ අවතාරය හිටිහැටයේ නොපණීගොස් යළිත් මහගස් අස්සේ සිට එබිකම් කරන්ට වුහ. එක්වරම අහසට ගණින මේ අවතාරය වලාකුළු දෙබෑ කරමින් අහසේ ඒ මේ අත පාවෙන්නට විය. සත්තකින්ම මේ ඇවිදින භූතයා දෙස සම්පත් නෙත් දල්වාගෙනම බලා සිටින්නට විය.
මම යක්ෂයා, භූතයා ඇස්්දෙකෙන්ම දැක්කා. මෙම සිඳුවීමෙන් ඉමහත් භීතීයට පත් පියා සම්පත් කැඳවා ගෙන කට්ටඩි රාළ කරා ගිය අතර එහිිිිදී සම්පත්ට තෙල් මතුරා ආරක්‍ෂක නූලක්ද පළඳවනු ලැබීය. මේ සිදුවීමෙන් දින කිහිපයක් යන තෙක් සම්පත්ගේ භූත දෝෂය පෙනෙන්නට නොතිබූ අතර එක්වරම නැවතත් රෝගී තත්ත්වය අළු යට ගිනි පුපුුරු මෙන් මතුවිය.

මෙවර තත්ත්වය කළින් තත්ත්වයට වඩා වෙනස් වූ අතර මෙවර වහලයට ගල් මුල් ආදියද වැටෙන්නට විය. දිනකට දෙවතාවක් හෝ තුන් වතාවක්  මේ තත්ත්වය පැවතුණ බව ලලිත් අප හා පැවසීය.

ඇතැම් අවස්ථාවන්හි දී මේ ගල් වැටීම නිසා නිවසේ තිබූ උළුවලට පවා දැඩි අලාභ හානී සිදුවිය. මේ සිදුවීම ප‍්‍රදේශය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර යන්නට විය. ඈත ප‍්‍රදේශවලින් පවා මිනිසුන් පැමිණියේ මේ ගල් ගසන අමුතු භූතයා දැක බලා ගැනීමටය. ඇතැමුන් රාත‍්‍රී නිදි වර්ජිතව රැුක සිටියේ මේ අවතාරය දක බලා ගැනීමටය.

මේ අතර ඉතාම සුවිශේෂි සිදුවීමක් සිඳුවිය. භූතයින් විසින් නිවසට ගසන ගල් වලින් රුධිරය වැස්සෙන බව නිවැසියන්  මෙන්ම අවතාරය දැක බලා ගැනීමට පැමිණි ප‍්‍රදේශවාසීන් පවා දැක තිබේ. මේ ගල් අතුරින් සමහර ගල්වල පමණක් රුධිරය බින්දු දක්නට ලැබුණු අතර බොහෝ ගල් වල තිබු රුධිරය බිඳුවකට වඩා වැඩි නොවීය. 

එක පිට එක සිදු වූ මේ සිදුවීම් මාලාවෙන් ප‍්‍රදේශවාසීහු පවා මහත් සේ තැති ගත්හ. මේ සිදුවීම පිළිබඳ ආරංචිය මෙන්ම අසල්වාසී ආරාධනය මත පී.එන්. විද්‍යාකුලපති මහතා, මනෝ චිකිත්සක නයනරංග මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ප‍්‍රදේශයට ලගා වූහ. 

ලලිත් මහතාගේ නිවස ප‍්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර 1ක් පමණ ගම්මානය ඇතුළට වන්නට පිහිටි හුදෙකලා නිවසකි. ප‍්‍රධාන මාර්ගයෙන් වෙන්වූ ඉඩම් කුට්ටියක පිහිටියා වූ මේ නිවස අසල තවත් එක් නිවසක් වත් තිබුණේ නැත.

ලේ තැවරුණු ගල් කැට ආදිය විද්‍යගාර පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණි. නිවසෙහි වූ නිවසියන් සමඟ සාකච්ඡුා කළ අතර අසල් වැසියන්ගේ පිළිතුරු ද සටහන් කර ගත්හ. අප එහි යන විට ආරංචියට ගමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු රාශීයක් එහි පැමිණ සිටියහ.

මෙවර පරීක්‍ෂණය මෙහෙය වන්නට වූයේ තරමක් වෙනස් ආකාරයකිනි. මුලින්ම නිවසෙහි සිටි ළමයි දෙදෙනා කැඳවූ විද්‍යාකුලපති මහතා මුලින්ම සම්පත් සමඟ කථාබහ කළේය.

විද්‍යාකුලපති මහතා: මං දැන් විශේෂිත බලයකින් ඔබ ඔය කියන අවතාරය මෙතෙන්ට  ගෙන්වනවා. ඔබ කාමරයේ මුල්ලක හැංගි ඉන්න. එන අවතාරය මොන වගේ කෙනෙක්ද කියලා හොදින් නිරීක්‍ෂණය කරලා බලලා මට දන්වන්න. ඔබ කියන අවතාරය මං 7ට ගණන් කරන විටම ඒවී. මම කාමරය මැද ගල් 2ක් තියලා තියෙනවා. ඒ අවතාරය ඇවිත් ඒ ගලක් අරගෙන විසි කරාවි. ඔබ හොදින් බලාගෙන ඉදලා මට ඒ අවතාරයේ හැඩය කියන්න. අපට එතකොට අවතාරය හඳුනා ගන්න ලේසියි.

මෙලෙස පැවසු විද්‍යාකුලපති මහතා වර්ණයක් ගැල්වු කළු ගල් දෙකක් කළුවර කාමරයක් මැද තබා කාමරයේ විදුලි පහන් සියල්ල නිවා සම්පත් පමණක් කාමරයේ අයිනක තබා කාමරයෙන් පිටතට පැමිණ ශබ්ද නගා ගණන් කරන්නට විය. එසේ ක‍්‍රමයෙන් ගණන් කර 7 කියනවාත් සමගම පැමිණ සිටි සියල්ලෝම මවිතයට පත් කරවමින් මහ ගල් ගෙඩියක් ටකරමක් මත පතිත වන්නට විය. ලලිත්ගේ නිවස අංග සම්පුර්ණ නිවසක් නොවු අතර ජනෙල් වෙනුවට ටකරම් ආවරණ යොදා තිබුණි.

නැගුණු විශාල ශබ්දයත් සමඟම නිවස වටා ඒකරාශී වී සිටි පිරිස ක‍්‍රමයෙන් ඈත්ව යන්නට වූහ. සියල්ලෝම නිවස පෙනෙන මානයේ පමණක් රැුදී සිටියහ.

නැවත වාරයක් ක‍්‍රමයෙන් ගණන් කර 7 කියනවාත් සමඟම තවත් මහා ශබ්දයක් ඇති කරමින් තවත් ගලක් කාමරයෙහි වූ පිඟන් ගොඩක් මත පතිත වී පිගන් ගොඩම සුනුු විසුණු විය. ක්‍ෂ්ණිකව සම්පත්ගේ කාමරයට ඇතුළු  වු විද්‍යාකුලපති මහතා හා අනෙකුත් සාමාජිකයෝ කාමරයේ සියල්ලක්ම නිරීක්‍ෂණය කරන්නට වූහ.

මේ අතර විද්‍යාකුලපති මහතා සම්පත්ගෙන් ප‍්‍රශ්න කළ අතර, තවත් අයෙක් සම්පත්ගේ දත් සුක්‍ෂම පරික්‍ෂාවට ලක් කළේය. සම්පත් දුටු අවතාරය කළු, උස, මහත, කළු ඇදුමකින් සැරසී, ඉනේ පිහියක් ගසා ගත් අයකු බවත්, අවතාරය පැමිණ ගලක් අතට ගෙන ජනේලයටත්, පිගන් ගොඩටත් ගැසු බවත්, අවතාරය පැමිණියේ අහසේ සිට පාවී ගෙන බවත් පැවසීය. 

 

 



මේ අතරතුර සම්පත්ගේ දෑත් සුක්‍ෂමව පරික්‍ෂා කළ පර්යේෂකයන්ට දැක ගත හැකි වුයේ අත්වල වර්ණක තැවරී ඇති බවත්, සම්පත්ගේ කලිසමේ පවා වර්ණක තැවරී ඇති බවත්ය. පසුව ලක්මාලි කැදවා ඉහත කී පිළිවෙලටම පරික්‍ෂණය ක‍්‍රියාත්මක කරවීය.එවිට දැක ගත හැකි වුයේ ලක්මාලිගේ අත් වලද වර්ණක තැවරී ඇති බවකී.

මේ අතරතුර විද්‍යාගාර පරික්‍ෂාව සඳහා යැවු පාෂාණ කැබලි වල වාර්ථාව විද්‍යාකුලපති මහතා අතට ලැබුණි. අවසාන වාර්ථාවේ සදහන් වී තිබුණේ, එම පාෂාණවල රුධිරය වැනි ද්‍රව්‍යයක් සොයාගත නොහැකි බවත්, පාෂාණ සියල්ලම රතු පැහැයට හුරු කබොක් ගල් විශේෂයක් බවත්, එළිමහනේ ඇති මෙවන් පාෂාණ මත ලේ බින්දු තැන්පත් වීමේන් තුෂර බිංදු රතු පැහැ වී රුධිර බිඳු ලෙස දිස්වීමට හැකියාව ඇති බවත්ය.

අවසානයේ කථාවේ නිධානය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස විස්තර කළේය.

මේ අවතාරයක් හරි භූතයෙක් හරි කරපු දෙයක් නෙවෙයි. මෙය හිස්ටීරීයා නම් සුළු මානසික තත්වයක්. මෙය කෙනෙක්ගෙන් තවත් අයකුට බෝ වෙන්න පුළුවන්. එය හදුන්වන්නේ මාස් හිස්ටීරීයා කියලා. සම්පත්ට වැළදුණු මේ තත්ත්වය පසුව ලක්මාලිටත් බෝ වෙලා. මේ අය මේ හිතලා කරන දෙයක් නෙවෙයි. 

සම්පත්ට පාසලේ ඇතිවෙලා තියෙන දෙයක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ පාසලේ සිද්ධවුන සිද්ධියකට සම්පත් නිකරුනේ වැරදි කරුවෙක් වෙලා  තියෙනවා. එදා ඉඳලා සම්පත්ට පාසල එපා වෙලා ඒකමයි මේක වෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ.

ගල්වල ලේ තැවරිලා නෑ. කබොක් ගල් විශේෂයක් මත ජල වාෂ්ප තැන්පත් වෙලා තමයි ඒ රතු පාට ලැබිලා තියෙන්නේ. එහෙම නැතුව ලේ තිබිලා නෑ. ළමයි දෙන්නම මාරුවෙන් මාරුවට ගල් ගහලා තියෙනවා. එය සුක්‍ෂමව කරපු දෙයක්. ගෙය පිටිපස්සේ කන්ද උඩ ඉදලා තමයි ඒ දේ කරලා තියෙන්නේ. මේ ළමයි දෙදෙනාම ඒ බව මෝහන ප‍්‍රතිගමනයේදී පාපොච්චාරනය  කළා යැයි. වෛද්‍යතුමා පැවසීය.

ඉන්පසුව කිසිදු දිනක සම්පත් සොයා අවතාරය පැමිණියේ නැත. සුපුරුදු පරිදි යළිත් සම්පත් තම පාසල් ගමන අරම්භ කළේය.
නම්ගම්  සියල්ම මනඃ කල්පිතයි. සත්‍ය සිදුවිමකි. 

 

 

 



අදහස් (0)

ලේ ගලන ගල් විසිකරන පොළොන්නරු භූතයා

මොහොමඩ් Wednesday, 19 February 2014 03:44 PM

මේක මෙහෙම විසඳුනා කියල භූත බලවේග නැහැ කියන්නත් බැ (අ)

:       0       0

ප්‍රසාද් ප්‍රියන්ත Friday, 14 February 2014 08:08 AM

මේ වෙ දමහතාට ගොඩක් පින් මේ කරන සේවාවට!(නදී)

:       0       0

නයා Sunday, 16 February 2014 11:26 PM

අයියෝ ගුනවර්දනගේ පපුවේ ගැස්ම නතරවෙලා (දී)

:       0       0

හිරාන් ශ්‍යාමික Friday, 14 February 2014 09:18 AM

අම්මෝ මාත් බය වුණා . අන්තිම ටික බැලුවාම තමයි හරි ගියේ (දිල්)

:       0       0

සත්‍යයා Thursday, 13 February 2014 07:29 AM

මෙවැනි ප්‍රවෘත්ති පළකරන "ලංකාදීප" පුවත් පතට ස්තුති වන්න, මෙවැනි භූත කතා විශ්වාස කරන බොහෝ දෙනෙකුගේ ඇස් පෑදුනා. බාහිර ලෝකය ඉතා වේගයෙන් විද්‍යාත්මක කඩයිම් පසු කරන අවධියක, අපේම පාලකයින් තාක්ෂණයේ විශ්මය ජනක ප්‍රගතිය ගැන පුරසාරම් දොඩන යුගයක අපේම රටේ බාල මහලු බොහෝ දෙනෙක්ම අවිද්‍යාව නමැති අන්ධකාරයේ පිළිසරණ සොයමින් සිටිති. මේ විමසුම විද්‍යානුකුලව කර කරුණු කාරණා පැහැදිලි කර දරුවන්ගේ මානසික නිරෝගීතාවය නැවත ස්ථාපිත කළ විද්‍යාකුලපති මහතාටද ජාතියේ ගෞරවය හිමි විය යුතුයි.(නදී)

:       0       0

ලක්මල් Thursday, 13 February 2014 08:02 PM

අපේ ගමේ ළමයෙකුටත් මේ වගේ දෙයක් සිදු වුනා.(නදී)

:       0       0

සුභාෂ් Thursday, 13 February 2014 10:29 AM

මනසේ සංකීර්ණ තාවය මෙය වේ ලොව තේරුම් ගෙනීමට අපහසුම දේ මනස.(නදී)

:       0       0

හේමන්ත Friday, 14 February 2014 02:02 PM

අම්මෝ....(දී)

:       0       0

නලින් Monday, 17 February 2014 01:04 PM

ඔබ නොදෑක්ක ගොඩක් දේවල් මේ ලෝකය තුල තියනවා. කලබල නොවී ඉවසන් ඉන්න තීරනගන්න අත්දෑකීම් මදි. පත්තරතුල කියන දේ විශ්වාස කරන්නෙ අත්දෑකීමෙන් නොවේ..ඔබට කාලයක් නැහැ ඒ දේට.(නදී)

:       0       0

වික්‍රම Saturday, 15 February 2014 12:03 PM

පසුව දැනුම් දෙමි.(නදී)

:       0       0

අසෝකා Sunday, 16 February 2014 03:27 PM

මම නම් මෙය විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

මාටින් Thursday, 13 February 2014 10:21 PM

නවිඳු..... ඒ වැනි අත්දැකීම් තිබෙන්නෝ සම්පත් වගේම අය වෙන්නෝ .. හි හි (දී)

:       0       0

සත්‍යා Thursday, 13 February 2014 10:27 PM

නවින්දු! භූත කෙසේවෙතත් බලවේග ලොව එමටයි. ලොව පැවැත්මේ ධනාත්මක බව හා රිනාත්මක බව "දෙවියන්" හා "යක්ෂයා" කියල බෙදාගෙන වන්දනා මාන හෝ යාග හෝම කරන එකම සත්වයා මිනිසා පමණයි. විදුලියත් බලවේගයක්. එය නොපෙනුනත් එය තියන සරල ක්‍රියාවකින් ඔප්පු කරන්න පුළුවන් උනත් දෙවිවරු හෝ යක්ෂයින් ඉන්න බව ඔප්පු කරන්න ඉදිරිපත් වී ඇත්තේ විද්‍යාව නොව අවිද්‍යාවයි. (දී)

:       0       0

සුධීර Thursday, 13 February 2014 10:34 PM

මානසික රෝගයක් (දිල්)

:       0       0

සුගත් Wednesday, 12 February 2014 08:02 PM

කාලෙන් කාලෙට පිස්සු පොරවල් කරන පිස්සු නේද (අ)

:       0       0

චතුර Saturday, 26 July 2014 05:42 AM

භූත බලවේග කියල මේ ලෝකේ කිසිවක් නැහැ. එවැනි මිත්‍යා ආකල්ප අපිට ලැබිල තියෙන්නේ අපගේ සංස්කෘතික හා ගතානුගතික ක්‍රමයන් මගින් පමණකි. (නදී)

:       1       0

ගුණවර්ධන Saturday, 15 February 2014 06:22 PM

අම්මෝ මගේ පපුව ගැහෙන්න ගත්තා මෙය කියවන විට. නමුත් අන්තිම ටික කියවන කොට ගැස්ම නැවතුනා දැන් හරි.(නදී)

:       0       0

නවිඳු Thursday, 13 February 2014 03:44 PM

මේ වගේ සිදුවීම් දැනට හුගක් වාර්තා වෙනවා. නමුත් බුත බලවේග නැහැ කියල කියන්න බැහැ. මොකද සත්‍ය සිදුවීම් , අත්දැකීම් තිබෙන්නෝ ඉන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5125 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site