IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ලෝ ප‍්‍රකට සැමියා ගැන යෙහාලී පවසන දේ...

වත්මන් ජගත් කි‍්‍රකට් පිටියේ සිටින දැවැන්ත චරිත අතරින් සම්මාන පිට සම්මාන ලැබූ අසහාය චරිතය ඔහු වී හමාරය. පසුගියදා මෙරට පැවැති සියැට් සම්මාන ප‍්‍රදානයේදී මෙන්ම අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනයේ සම්මාන ප‍්‍රදානයේදී සම්මාන ති‍්‍රත්වයකින් පිදුම් ලද ඒ අසහාය චරිතය වන්නේ ශ්‍රී ලංකා කි‍්‍රකට් පිලේ ජනතාවගේ තරුව වී සිටින චූක්ෂානාද කුමාර් සංගක්කාරය. වසරේ කී‍්‍රඩකයා ලෙස විස්ඩම් සම්මානයෙන්ද පුද ලද කුමාර් ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවට ගෙන දුන් මේ අභිමානය මහමෙරක් තරමට බුක්ති විඳින චරිතය වන්නේ ඇයයි. ඒ වෙන කිසිවකු නොව කුමාර්ගෙ ආදරණීය බිරිය යෙහාලී සංගක්කාරය. කුමාර ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවට ගෙනදුන් ආලෝකයේ තරමටම යෙහාලී ඔහුගේ ජීවිතයට ආලෝකයක් ගෙන දී සිටින්නීය. ඇය, ඇයගේ නාමය අරුත්බර කර සිටින්නීය. හින්දු භාෂාවට අනුව යෙහාලී යනු ”ආලෝකය” හෙවත් එළිය වේ. ”විස්සයි 20” ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන මේ මොහොතේ කුමාර්ගේ කි‍්‍රකට් දිවිය සාර්ථක කර ගැනීමට ආලෝකයක් වූ යෙහාලී තම ලෝ ප‍්‍රකට සැමියා ගැන පවසන්නේ කුමක්ද? ”ඉරිදා ලංකාදීප”ය ඇය සමග කළ මේ පිළිසඳර වෙතින් ඔබට එය දැනගත හැකිවේවි.   යෙහාලී ඔබට මතකද කුමාර් මුලින්ම හමු වූ අතීතය? මම හිතන්නෙ එතකොට මගේ වයස අවුරුදු 17 ක් විතර ඇති. ඒ අපේ පාසල් සමයයි. මම ගියේ නුවර හිල්වුඞ් බාලිකාවට. කුමාර් සහ මගේ පාර්ශ්වයේ මිතුරන් හිටියා. කුමාර් ගියේ ති‍්‍රත්ව විද්‍යාලයට. අපි දෙන්නම සම වයසේ. දෙන්නාම උසස් පෙළට සූදානම් වන කාලයේ දැන හඳුනාගෙන හිටියා. හැබැයි ඒ මිතුරන් විදියට විතරයි.   ඉන්පසුව ආදරයක් පටන් ගත්තෙ කොහොමද? මේ මිතුරුකම දිගටම තිබුණා. පසුව ඒ මිත‍්‍රකම අතරේ දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් ගන්න ඇති. ඒත් කාලයක් යනකල් දෙන්නගෙන් කවුරුවත් එය ප‍්‍රකාශ කළේ නැහැ.   කවුද ඉස්සෙල්ලාම ආදරය ගැන ඇහුවේ? මුලින්ම ඒ ගැන ඇහුවෙ කුමාර්. අවුරුද්දක් විතර යන කල් මම උත්තරයක් දුන්නෙ නැහැ. හැබැයි එයා ගැන ආදරයක් ඇතිවෙලා තිබුණෙ.   ඉන්පසු ඒ ගැන ගෙවල්වලට කිව්වද? මේ වෙනකොට මගේ වයස අවුරුදු 20 ක් විතර ඇති. මම අම්මට මේ ගැන කිව්වා. කොහොමටත් අපේ පවුල් දෙකේ අය දැන හඳුනාගෙන හිටියෙ.   ඒ කාලයේ කුමාර් මොනවගේ චරිතයක්ද? ඇත්තටම අදටත් දකින කුමාර් තමයි. නිතරම හරි දේ කළ කෙනෙක්. හරි අවංක චරිතයක් වුණා.   එදා ඔහු පාසල් කි‍්‍රකට් තරුවක්ද? තරුවක් නොවුනට ති‍්‍රත්ව කණ්ඩායමේ නායකයා වුණා. ඒත් ඒ කාලයේ කි‍්‍රකට් ගැන මට එච්චර උනන්දුවක් තිබුණෙ නැහැ.  ඕනෑ නම් තරගයක් දෙකක් බලන්න යන්න ඇති.   ඔහු ශ්‍රී ලංකා පිල නියෝජනය කරාවි කියලා එදා ඔබ හිතුවද? කොහෙත්ම නැහැ. පාසල් කි‍්‍රකට් ජීවිතයට සමුදෙන්න පෙර 19 න් පහළ ශ්‍රී ලංකා පිල නියෝජනය කළා. ඉන්පසුව එයා ”එන්.සී.සී,” සමාජයට එක්වුණා. පසුව ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායමට තේරුණාම කවදාහරි ශ්‍රී ලංකාව නියෝජනය කරාවි කියලා හිතුවා.   පෙම් සබඳතාව ගැන ගෙවල්වලින් දැන ගත්තාම මොනවද දෙමාපියන් කිව්වෙ? අපට ආශිර්වාද ලැබුණට පස්සෙ දිගටම ඇසුර පවත්වාගෙන ගියා. විවාහය දක්වා කුමාර්ගෙ තිබූ අවබෝධය ඇත්තටම ඉහළයි.   ඔබ ඔහුට ආදරය කරන්න පටන් ගත්තෙ මොන වගේ ගුණාංග නිසාද? ඇත්තටම ඇයි ඔහුට කැමැති වුණේ? හරිම අවංක වගේම, බොහෝම නිශ්චල චරිතයක්. කරන කියන සියල්ල හරි පිළිවෙලයි. ගතිගුණ හරිම ඉහළයි. මේ සියල්ල නිසා මම ආදරය කරන්න ඇති.   ඒ කාලයේ දෙන්නා තරහා වෙලා නැද්ද? ඕනෑම පෙම්වතුන් තරහා වෙනවා ඇතිනෙ. ඒක ස්වභාවිකයි. ඔව්, අපි දෙන්නත් තරහා වෙලා හිටපු වාර බොහෝමයි. අපි හැමෝම එය අත්දැකිය යුතු දෙයක්. දෙදෙනා අතර අවබෝධය ඇති වන්නෙ සහ ආදරය තීව‍්‍ර වන්නෙත් එවිට වෙන්න ඇති.   මුලින්ම එයා අරන් දුන්න තෑග්ග මතකද? ඔව්, සුවඳ විලවුන් වර්ගයක්. මට දුන්නා.   ඒ කාලයේ ඔබ මොනවද කළේ? ගුවන් සමාගමක (මැලේසියානු) නිලධාරිනියක ලෙස කටයුතු කළා.   පසුව ඔහු ජාත්‍යන්තර කි‍්‍රකට් තරුවක් වෙද්දී ගතිගුණ වෙනස් වුණේ නැද්ද? ලොකු වෙනසක් මට දැනුණෙ නැහැ. සැමදාටම මාව නිවැරැදිව තේරුම් ගත්තා. සෑම කාලයකම ගුණාංග එක හා සමාන වුණා. එයා ඉහළ තැනකට යද්දී කාර්ය බහුලවීම හැර ගතිගුණ වෙනස් වුණේ නැහැ. අපේ පාසල් ජීවිතයේ සිටි මිතුරන් අදත් සිටිනවා. ලෝප‍්‍රකට චරිතයක් වුණාට අපේ ජීවිත ඇතුළෙ වෙනසක් නැහැ. එදා සිට අපි දෙන්නම තමයි.   ඔබට තහංචි දාලා නැද්ද? කවදාවත් නැහැ. අවබෝධය කියන්නෙ ඒකටනෙ. අපි දෙන්නට දෙන්නගෙ සිතැඟි ගැන අවබෝධය දෙන්නාටම තිබෙනවා. සමහර වෙලාවට මට ඇඳුම් තෝරලා දෙන්නෙත් එයා. මම සාරිය අඳිනවට එයා හරි ආසයි.   ඔබ දෙපොළ ගෙවන මේ සාර්ථක යුග දිවියට හේතුවූ කරුණු හැටියට ඔබ දකින්නෙ මොනවද? එයින් අනෙක් අයට ගත හැකි ආදර්ශ මොනවද? සාර්ථක යුග දිවියකට බළපාන්නෙ එක්කෙනෙක්ගෙ අදහස් විතරක් නෙවෙයි. දෙදෙනාගේම ඇති අන්‍යෝන්‍ය අවබෝධය ඊට බලපානවා. සෑම භාර්යාවකටම එය තිබිය යුතු ගුණාංගයක්. මට විතරක් ඒ අවබෝධය වැඩක් නැහැ. මටත් වඩා හොඳට ඒ අවබෝධය කුමාර්ගෙන් ලැබෙනවා. මේ සංකලනය තමයි යහපත් පවුල් ජීවිතයකට බලපාන්නෙ.   ඔහු විවේකය ගෙවන්න කැමැති මොන විදියටද? විවේකයේදී මොනවද කරන්නෙ? ගොඩාක් කාර්ය බහුල නිසා විවේකයක් නැති තරම්. විවේකයක් ලැබුණොත් ගෙදර ඉන්නම තමයි කැමැති. කොළඹ ඇතුළෙ නැතිව කොළඹින් පිට ගෙදරක් හදා ගත්තෙත් ඒ නිසයි. දරුවන් එක්ක සෙල්ලම් කරමින් විවේකය ගෙවන්න කැමැතියි. නැතිනම් පොත් කියවනවා. නැත්නම් පැරැණි කි‍්‍රකට් තරග නරඹනවා.   පාසල් වේදිකාවේ ”සංගා” රඟපාලා තියෙනවා. ගෙදරදී ඒ සෞන්දර්ය කලාවට සමීප නැද්ද? සිංදු කියන්නත් පුළුවන් නේද? සෞන්දර්යය දේ නරඹනවා. තරමක් දුරට ගායන  හැකියාව තිබෙනවා.   කාගේ ගීතවලට ද වැඩිපුර පි‍්‍රය කරන්නෙ? සිංහල ගීත අතරින් පණ්ඩිත් අමරදේවයන්ගෙ ගීතවලට වැඩිය කැමතියි. ”කබාය ඉරිලා” ගීතයට වඩාත් කැමැතියි.   දරුවන් සමග මොන වගේ තැන්වලට යන්නද කැමැති? විවේකය නැති නිසා බොහෝ විට ගෙදර සිට දරුවන් එක්ක සෙල්ලම් කරනවා. ඒ හැර ඉඩක් ලැබුණොත් ගාලූ කොටුවට යන්න ආසයි. ඒක අපේ ප‍්‍රියතම තැනක්. ඊට අමතරව හැකි විදියට අපි පවුලක් හැටියට නිතරම එකට සිටින්න තමයි උත්සාහ ගන්නෙ. මොකද දරුවරුන්ගේ සුරතල්ම කාලයයි මේ ගෙවන්නෙ.   මේ විදියට සංචාරය කරන විට ජනතාවගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? ඇත්තටම ඒ ගැන අප විශේෂයෙන් කියන්නම  ඕනෑ. ශ්‍රී ලංකාවේ ජනතාව හරිම හොඳයි. ජනපි‍්‍රයත්වය කරදරයක් වෙලා නැහැ. අපේ ශ්‍රී ලාංකීය ජනතාවට හොඳ අවබෝධයක් තිබෙන්නෙ.   ඔහු ජීවිතය ගැන මොන විදියටද හිතන්නෙ? නිතරම හරි දේ කරන්න කියන එක තමයි එයා විශ්වාස කරන්නෙ. එතකොට වරඳින්නෙ නැහැ කියන අදහස තරයේම විශ්වාස කරන දෙයක්. අද සමාජයේ හැටියට හරි දේ කරන කෙනාට ලෝකයේ තැනක් නැති වෙන්න පුළුවනි. ඒත් කෙළින් කතා කරන්න සහ හරි දේ කරන්න කුමාර් මැළිවෙන්නෙ නැහැ. හරි දේ හරි විදියට කළාම නිතරම සතුට තමුන් ළඟ රැඳෙන බව එයාගෙ අදහසයි. ජීවිතේ දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙන්න වුණාම ඊට මුහුණ දෙනවා. ඒ මතම රැඳී සිටින්නෙ නැහැ.   පරාජ විඳ දරා ගන්නෙ කොහොමද? පරාජය මතම රැුඳී සිටින්නෙ නැහැ. දුර්වල කාලයේදී ශක්තිමත් වී එයින් මිදී නැවත ඉක්මනට සාර්ථක වෙන්න උත්සාහ ගන්නවා. වැඩි කාලයක් ඒ පරාජය මත රැඳෙන්නෙ නැහැ.   ඔහු මහේල සහ දර්ෂන් සමග එකතුවී ”මිනිස්ටි‍්‍ර ඔෆ් ක‍්‍රෑබ්ස්”නමින් අවන්හලක් ආරම්භ කළා. ඒ ගැන මොනවද කිව්වෙ? ඇත්තටම ඇයි එවැනි දෙයකට සම්බන්ධ වුණේ? අපි දෙන්නම විවිධ රටවල ආහාර වර්ග ආස්වාදය කරන්න ආසයි. විවිධ කෑම ගැන අපි දෙන්නම උනන්දුයි. මේ වගේ දෙයක් කිරීමේ අදහස අප දෙන්නටම තිබුණු දෙයක්. දර්ශන් (නිහෝන් බාෂි) අපේ හිතවතෙක්. මේ නිසා මෙවැනි දෙයක් කිරීම පහසුවක් වුණා. ආහාර ගැන හොඳට දන්න දර්ශන් වගේ කෙනෙක්ට එය බාර කළේ ඒ නිසයි.   විවිධ කෑම වර්ග රස බලන්න කැමැති කුමාර්ට හොඳට කෑම හදන්න බැරිද? ගෙදරදි කෑම උයලා නැද්ද? මට මතක විදියට එකම එක වතාවක් කෑම වේලක් හැදුවා. පොතක් බලාගෙන ඒ දේ හරියට කළා. ඒක චයිනීස් ආහාර වේලක්.   පසුගියදා අයිසීසී සම්මාන උළෙලේදී එයාට සම්මාන ති‍්‍රත්වයක් ලැබේවි කියලා ඔබ හිතුවද? මොනවද ඒ වෙලාවේ ඇතිවූ හැඟීම්? ඒක හරි ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. සචින් වැනි ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් අතරේ වසරේ විශිෂ්ට කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීම ඇත්තටම අපේ රටටත් භාග්‍යයක්. ඒ වෙලාවෙ ලොකු සතුටක් මට ඇතිවුණේ. ඇත්තටම කුමාර්ගෙ අප‍්‍රතිහත මහන්සියේ ප‍්‍රතිඵලයක් හැටියට ලැබුණ ඒ සම්මාන හරි වටිනවා. කෙනකුට තැනකට එන්න ලෙහෙසියි. නමුත් රැඳෙන්න බැහැ. ඒ වෙනුවෙන් දක්ෂතාව කැප කිරීම සියල්ල බලපානවා. නමුත් මේ විදියට සම්මාන ති‍්‍රත්වයක්ම ලැබේවි කියලා අපි හිතුවෙ නැහැ. ඒ සම්මාන ඒ විදියට ලැබුණත් එයා ඒ මතම රැඳී සිටින කෙනෙක් නෙවෙයි. ඊළඟට කළ යුතු දේ වෙනුවෙන් කැපවෙන කෙනෙක්. කුමාර්ගෙන් ගත යුතු ඉහළම ගුණාංගය එයයි.   දුව-පුතා මොන වගේ තැනකට එනවටද එයා කැමති? අපි දෙන්නටම අවශ්‍ය කරන්නෙ ඔවුන් හොඳ පුරවැසියන් කිරීමටයි. ඔවුන්ගේ කැමැත්තට ඉඩදීම සහ අදහස්වලට සවන්දීම හරි වටිනවා. එවිට එයාලගෙ ලෝකය එයාලට ගොඩනගා ගන්න පුළුවනි. අපි බලයෙන් යමක් කිරීම එතරම් සාර්ථක නැහැ. අද යන රැුල්ලට අනුව දරුවන් හදන්න අපි කැමැති නැහැ. එයාලගෙ හද පත්ලෙන්ම එන දේ අපි තේරුම් ගත යුතුයි. දුවට දැනට හොඳට චිත‍්‍ර අඳින්න පුළුවනි. පුතා රථ වාහනවලට වඩා කැමැතියි. එයාලා එයාලගෙ ලෝකය තනා ගනීවි.   එක්තරා අවස්ථාවක කසු කුසුවක් ගියේ කුමාර් දේශපාලනයට ඒවි කියලයි. ඒ වෙනුවෙන් බලවත් ආරාධනා ලැබුණොත් ඔහු එය බාර ගනීවිද? රටට සේවය කරන්න දේශපාලනය කළ යුතුය යන අදහස එයා දරන්නෙ නැහැ. අපි හැමෝටම අපේ ශක්ති ප‍්‍රමාණය අනුව යමක් කළ යුතු වෙනවා. සමාජ සත්කාරක වැඩ බොහොමයක් වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන කෙනෙක්. මුරලි සහ කුෂිල් එක්ක එකතුවෙලා සීනිගම ප‍්‍රදේශයේ අසරණ ළමයින් නගා සිටුවීම සඳහා වැඩ  පිළිවෙළක් වගේම උතුරේ අවතැන්වූ ළමයින් නගා සිටුවීමේ වැඩ පිළිවෙළක් වෙනුවෙන් දායකත්වය ලබාදෙනවා. ඒ විදියට කළ හැකි දේ උපරිමයෙන් රටට කරාවි.   මෙකී සියල්ල අතරේ ලෝ ප‍්‍රකට බිරිඳක ලෙස ඔබට කැප කිරීමට ඇති දේ බොහෝ විය හැකියි. මේ පිළිසඳර අවසන ඔබ රටේ අනෙක් බිරින්ඳෑවරුන්ට ලබා දෙන පණිවුඩය කුමක්ද? ලෝ ප‍්‍රකට චරිතයක බිරිඳක් කියා මට විශේෂයක් දැනෙන්නෙ නැහැ. එහෙම විශේෂ විය යුතුත් නැහැ. අනෙක් අය වගේ මාත් හරිම සරලයි. කුමාර් කියනවා වගේ අපි නිතරම හරි දේ කිරීම තමයි කළ යුත්තේ. මොන රස්සාව කළත්, මොන රාජකාරිය කළත්, ජීවිතය සරළ කරගෙන හිටියොත් සියල්ල ලෙහෙසි වේවි. ජීවිතය විඳින්න පුළුවන් වෙන්නෙ එවිටයි. ජනපි‍්‍රයම කී‍්‍රඩකයාගේ බිරිය යනු මගේ හැකියාවක් නොවෙයි. එය කුමාර්ගෙ හැකියාවක්. කුමාර් ජනතාවගේ වින්ඳනය සඳහා කි‍්‍රකට් වෙතින් යමක් කරලා ඇති. ජනතාව ඒ සියල්ලට ගරුකොට ජනතාවගේ කී‍්‍රඩකයා බවට පත් කරගන්න ඇති. ඒ ජනතාවට අපි දෙන්නගෙම ඉහළම ගෞරවය පුදන්න කැමැතියි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
දරු දෙදෙනා සමග සංගක්කාර



අදහස් (0)

ලෝ ප‍්‍රකට සැමියා ගැන යෙහාලී පවසන දේ...

තක්සලා Friday, 12 October 2012 09:13 PM

ලෝකෙම දක්ෂයා

:       0       0

මිල්රාඩ් Saturday, 20 October 2012 01:32 AM

අපිත් ආදර්ශයට ගන්නා පවුලක් තමයි මේ. (නි)

:       0       0

ප්‍රියා Thursday, 18 October 2012 08:34 AM

සංගාගේ බිරිද වීම ගැන ඔබ සන්තෝස වෙන්න ඕනේ (දී)

:       0       0

වෙනුර Thursday, 11 October 2012 10:14 PM

ඔබ රට වෙනුවෙන් කළ සහ කරන දේවල් ඉතා අගෙයි. (නි)

:       0       0

ප්‍රියානි Thursday, 11 October 2012 10:18 PM

සුභපැතුම් සංගා

:       0       0

ප්‍රියානි Thursday, 11 October 2012 10:12 PM

ඔබ වාසනාවන්තයි

:       0       0

රේණූකා Sunday, 07 October 2012 11:38 PM

ලාංකිකයෙක් විදියට මට හරිම ආඩම්බරයි. ඔයාලට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

රාමනාදන් Tuesday, 09 October 2012 08:31 PM

කුමාර සහෝදරයා ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

බාලචන්ද්‍රන් Tuesday, 09 October 2012 08:32 PM

ආදරණීය සංගා.. ඔබ තමයි අපේ කණ්ඩායමේ හොදම නායකයා.. දෙවිපිහිටයි..!(නු)

:       0       0

කොලින් Thursday, 11 October 2012 08:36 AM

සංගා, ඔබට සහ ඔබේ පවුලට ජේසු පිහිටයි. (නි)

:       0       0

හසිත් Monday, 08 October 2012 04:24 PM

ජීවිතය සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි , සතුට වැඩියි ,(ස)

:       0       0

හේමන්ත Thursday, 11 October 2012 09:00 AM

සංගා ඔයා දේශපාලනයට එන්න. අවංක නායකයෙක් වෙන්න.මේ රට වෙනුවෙන් කැප වෙන්න. ඔබට සියළු සුදුසුකම් තියනවා.අවංක ගුණවත් සාධාරණ නායකයෙකුට ශ්‍රී ලංකාවේ ලොකු ඉල්ලුමක් තියනවා. (ස)

:       0       0

කුමාර Monday, 08 October 2012 01:03 AM

ශබ දෙදෙනා ලෝකය දෙස ලස්සනට බලන දෙදෙනෙක්. (නි)

:       0       0

දිමුතු Tuesday, 09 October 2012 02:12 PM

දේශපාලනයට නම් එන්න එපා..ඔයා ලබලා තියෙන හොද නම රැක ගන්න.. සුභපැතුම්..!(නු)

:       0       0

මර්වින් Friday, 12 October 2012 11:25 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නිරාන් Friday, 12 October 2012 12:05 PM

මේ ජරාජීර්ණ දේශපාලනයට නම් එන්න එපා. (නි)

:       0       0

තත්සරණී Wednesday, 10 October 2012 08:27 PM

අයියටයි , අක්කාටයි , බබාල දෙන්නාටයි යස ඉසුරු පිරි සුබ අනාගතයක් වේවා .කුමා අයියා හිතන විදියට ජීවිතය දෙස බලන විදියට මන් හරි ආසයි. සංගා ඇතුළු පවුලේ හැමෝට බුදු සරණයි (ස)

:       0       0

දයා-සවුදි Monday, 08 October 2012 06:08 PM

දේශපාලන මඩ ගොහොරුවට නම් එන්න එපා. ආවොත් ඔයත් ඉවරයි. පවුලත් ඉවරයි. හොයපු සල්ලිත් ඉවරයි. (නි)

:       0       0

තුෂාර Tuesday, 09 October 2012 08:10 AM

නියම ‍ජෝඩුව (ස)

:       0       0

අරුණි Wednesday, 10 October 2012 06:46 AM

සුභ පැතුම් සංගා. (නි)

:       0       0

දිල්ශාන් Sunday, 07 October 2012 05:24 PM

සංගා, දේශපාලනයට නම් එන්න එපා. ඔබ බොහොම ගෞරවණීය පුද්ගලයෙක්. (නි)

:       0       0

බුද්ධික Sunday, 07 October 2012 05:42 PM

අයියේ, අක්කේ, ඔයාලට වරදින්නේ නැහැ. (නි)

:       0       0

තත්සර Tuesday, 09 October 2012 08:51 AM

අපෝ දේශපාලනයන ගැන නම් හිතන්නවත් දෙන්න එපා (ස)

:       0       0

මංජු Sunday, 14 October 2012 01:21 AM

සංගා, අපි ඔබට ආදරෙයි. තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

හසන්ත Thursday, 11 October 2012 07:44 PM

මගෙන් සුභ පැතුම්..!(නු)

:       0       0

ලලිත් Sunday, 14 October 2012 03:42 AM

ඔබ ක්‍රීඩකයෙක් වගේම හොඳම හොඳ මනුස්සයෙක්. ඒ වගේම හොඳ මහත්මයෙක්. අපේ රට ලෝකයට ගෙනගිය රට ගැන ලෝකයට කියාදුන් නායකයෙක්. ඔබට දෙවියන් ලබාදුන් හොඳම තෑග්ග ඔබේ බිරිඳයි. අපි ඔබට සුභ පතමු! (නු)

:       0       0

ලලිත් Sunday, 14 October 2012 03:49 AM

ඔබ ක්‍රීඩකයෙක් වගේම හොඳම හොඳ මනුස්සයෙක්. ඒ වගේම හොඳ මහත්මයෙක්. අපේ රට ලෝකයට ගෙනගිය රට ගැන ලෝකයට කියාදුන් නායකයෙක්. ඔබට දෙවියන් ලබාදුන් හොඳම තෑග්ග ඔබේ බිරිඳයි. අපි ඔබට සුභ පතමු! (නි)

:       0       0

ජයී තිසර Monday, 08 October 2012 02:29 PM

දෛනික ජීවිතයෙ කරදර අඩුවේවා ජීවන ගමන නිසි අයුරින් සැලසේවා ආදර්ශමත් චරිතය ලොව රැව්දේවා ඔබ මුළු පවුල යසඉසුරින් වැඡඹේවා (ස)

:       0       0

අනුර Saturday, 13 October 2012 10:47 AM

අපි ඔබට ආද‍රෙයි, ඒ වගේම අපි සුබ පනවා...නමුත් කවදාවත් දේශපාලනයට එන්න එපා (ස)

:       0       0

රාජා අබේගුණවර්ධන Sunday, 07 October 2012 08:58 PM

ඔබලාට බුදු සරණයි !(නු)

:       0       0

අනුර Monday, 08 October 2012 03:10 PM

ඔයාලගේ අනාගතේට සුබ පතනවා ,(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 165 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 577 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 158 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 147 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 344 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 662 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site