IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලෝක බලවතුන් නව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි

   24_MA_P_6 

 

ජාත්‍යන්තර නිරීක්ෂකයන් වැඩි පිරිසකගේ මතය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කොට සිය පවුල් පාලනය තවදුරටත් ශක්තිමත් කරගනු ඇතැයි යන්න ය. ජනාධිපති රාජපක්ෂ සියලූ රාජ්‍ය සම්පත් තම මැතිවරණ ව්‍යාපාරය උදෙසා භාවිත කළ අතර, තම ප‍්‍රචාරක රැලි ස`දහා ජනයා ප‍්‍රවාහනය කිරීමට බස් රථ දහස් ගණනින් යොදා ගත්තේය. රාජ්‍ය මාධ්‍ය සියල්ල ඒක පාක්ෂික මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් විරුද්ධ පක්ෂයට එරෙහි දැවැන්ත අසත්‍ය ප‍්‍රචාරයක් ගෙන ගියේ ය. මැතිවරණය පැවැත්වූ දිනයේ පවා මෙකී අසත්‍ය ප‍්‍රචාර විකාශය කිරීමට ඔවුහු කි‍්‍රයා කළහ.

 


දෙමළ ජනයා මැතිවරණය වර්ජනය කරන බව ස`දහන් ව්‍යාජ අත් පති‍්‍රකා බෙදා හැරිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ දීර්ඝ කාලයක්  පැවැති යුද්ධය නිමා කළ නායකයා ලෙස සිංහල බහුතරය අතර ජනපි‍්‍රයත්වය දිනා සිටි මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔවුහු කියා සිටියහ. එහෙත් බොහෝ පිරිස් මට කො`දුරා කීවේ ‘‘කරුණාකර ම`දක් ඉවසා සිටින්න. විරුද්ධ පක්ෂයට ජයග‍්‍රහණය කිරීමට අවස්ථාවක් ඇත’’ යන්නයි.

 

dhh

 


ශ්‍රී ලංකාවේ ජයග‍්‍රහණය


මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයග‍්‍රහණය ශ්‍රී ලංකාව ලද සුවිශාල ජයග‍්‍රහණයක් විය. මින් ඉහත කිසි දිනෙක නොවූ අන්දමේ  දේශපාලන සන්ධානයක සහාය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට හිමි වූයේ ය. වාමවාදී පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ද දක්ෂිණාංශික පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ද එයට ඇතුළත්ව තිබිණි. බෞද්ධ දැඩි මතධාරී පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ සහ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහාය ද මෙම සන්ධානයට හිමි වූයේ ය. චන්ද්‍රිකා කුමාරණතුංග සහ රනිල් වික‍්‍රමසිංහ යන ඓතිහාසික නායකයෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධය මෙහෙය වූ ජනරාල් සරත් ෆොන්සේකා සමඟ අත්වැල් බැ`ද ගත්හ.


රාජ්‍ය සේවයේ නියුතු එඩිතර මිනිසුන් නොවන්නට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මෙම ජයග‍්‍රහණය අත්පත් කරගත නොහැකි වන්නට ඉඩ තිබිණි. හමුදා සහ පොලිස් ප‍්‍රධානීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි හෙයින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැවතියේ ඉතා අවම මට්ටමක ය. මැතිවරණ කොමසාරිස්වරයාට ජාතික රූපවාහිනී නාලිකාවට පෞද්ගලිකව ම ගොස් අසත්‍ය ප‍්‍රචාර නොනැවැත්වුව හොත් එම නාලිකාව වසා දැමීමට කි‍්‍රයා කරන බවට තර්ජනය කිරීමට පවා සිදු විය.


ලැබී තිබූ ආකාරයට ඡන්ද ගණනය කෙරිණි. ඉන්දියාවේ පවත්නා ආකාරයේ නිදහස් නිලධාරීන්ගෙන් සමන්විත පරිපූර්ණ ෆෙඩරල් ක‍්‍රමයට ශ්‍රී ලංකාව ද අනාගතයේ අවතීර්ණ විය යුතු ය.

3


ඉහළ දේශපාලන තලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එතරම් කැපී පෙනුණ චරිතයක් නොවූව ද ඉතා උසස් ගුණාංග රැසක් ඔහු සතු ය. ප‍්‍රධාන වශයෙන් ම ඔහු ඉතා අවංක, උත්සාහවන්ත මිනිසෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි පක්ෂපාතීත්වයක් දක්වන පුද්ගලයකු වන ඔහු රටට වැඩදායී සෞඛ්‍ය ඇමතිවරයකු විය. තම අග‍්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේන මහතා පත් කර ගත්තේ දුරදක්නා දේශපාලන නුවණින් යුතු, මනා අත්දැකීම් සහිත රනිල් වික‍්‍රමසිංහ මහතා ය.


බැතිමත් බෞද්ධයකු වන සිරිසේන මහතා සිංහල හදබිමක් වූ පොළොන්නරුවෙන් බිහිවූයෙකි. ඔහුගේ ජීවන පසුබිම යටතේ මෙරට සිටින දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සැබෑ ලෙස හ`දුනාගෙන ඔවුනට සහන සැලසීමට නායකයකු ලෙස ඔහුට අසීරු නොවනු ඇත. සිය මැතිවරණ ජයග‍්‍රහණයට සුළු ජාතීන්ගෙන් සුවිශාල සහායක් ඔහුට හිමි විය. මහින්ද රාජපක්ෂ මැතිවරණ දිස්ති‍්‍රක්ක 160කින් 90ක්  ජයග‍්‍රහණය කරමින් බහුතර සිංහල ජනයා වාසය කරන ප‍්‍රදේශවලින් ඉහළ ම ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය. ඔහු ලද සිංහල ඡුන්ද ප‍්‍රතිශතය දළ වශයෙන් 55%කි. මෛති‍්‍රපාල සිරිසේන මහතා දෙමළ හා මුස්ලිම් ඡන්දවලින් 80% ලබා ගැනීමට සමත් විය. දැන් උදා වී ඇත්තේ ඔවුනට කෘතගුණ සැලකීමේ කාලයයි.


ගෙවුණු වසරේ මුස්ලිම් ජනයාට එරෙහිව කි‍්‍රයාත්මක වූ මැර ප‍්‍රහාරවලට මහින්ද රාජපක්ෂ මහතා එක්කෝ උඩගෙඩි දෙන්නට ඇත. කෙසේ වුව ද ඔහු ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ඉතා අවම වශයෙනි.

1


මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මැතිවරණය වර්ජනය කරන මෙන් ඉල්ලා සිටි දෙමළ ඩයස්පෝරාව සුවිශාල පසුබෑමකට ලක් කළේ ය. ඡන්දය පැවැත්වෙන අතරතුර ‘‘නොදන්නා දේවදූතයාට වඩා දන්නා යක්ෂයාට ඡන්දය දෙන මෙන්’’ රාජපක්ෂ ඉල්ලා සිටියේ ය. දන්නා යක්ෂයා ලෙස ඔහු අරමුණු කළේ තමා ය. එහෙත් දෙමළ ජනතාව තම දෙපයින් නැඟී සිටීමට අධිෂ්ඨාන කර ගත්හ. විශාල වශයෙන් ඡුන්ද මධ්‍යස්ථාන කරා ගිය ඔවුහු දන්නා යක්ෂයාට වඩා නොදන්නා දේවදූතයා මැනවැයි තීරණය කොට ඔහු වෙනුවෙන් තම ඡන්දය ප‍්‍රකාශ කළහ.


මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටු කළ හැකි ද? නව රජයේ ඉදිරි මාවත එතරම් සුඛනම්‍ය වූවක් නොවේ. ඔවුන් මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූව මතුවන්නේ පවත්නා පාර්ලිමේන්තුව සමඟ කටයුතු කිරීමේ දී ය. ජනාධිපතිවරයා යහපාලනය ස්ථාපිත කිරීම ස`දහා දින සියයක කාලසීමාවකට යටත්ව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. රාජපක්ෂට සහාය දෙන මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් සිටින පාර්ලිමේන්තුවක් සමඟ සිරිසේන පාලනය ඉදිරියට ගෙන යා නොහැකි බව හැඟී ගියහොත් මහා මැතිවරණයකට යාමට ඔවුන් පියවර ගනු ඇත. එමගින් මහත් කලබගෑනියක් හා ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.


මෙවර උදා වී ඇත්තේ දිගු කාලීන සාමයක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශ්‍රී ලංකාවේ නැවත ස්ථාපිත කිරීම ස`දහා බොහෝ කලකට පසු උදා වූ වැදගත් අවස්ථාවකි. සෑම  පාර්ශ්වයකට ම සම අවස්ථා ලබා දීමට කටයුතු කළ හැකි ය. සමාජ හා ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබ`දව සම්පූර්ණයෙන් වෙනස් මත දරන කොමියුනිස්ට්වාදීහු හා ලිබරල්වාදීහු ද මේ සන්ධානයේ සිටිති. සංහි`දියාව හා දෙමළ ජනයාගේ අභිලාස පිළිබ`ද කරුණුවල දී මෙම දේදුනු සන්ධානය ප‍්‍රතිවිරුද්ධ අයුරින් කටයුතු කරනු ඇත. මෙහි දී රජයට ප‍්‍රධාන කරුණු තුනක් පිළිබ`දව සැලකිලිමත් වීමට සිදුවනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, සෑම පාර්ශ්වයටම සම අවස්ථා ලබාදීම සහ දෙමළ ජාතික ගැටලූවට විස`දුම් සෙවීම එම කරුණු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම යන වගන්තිය මැතිවරණ ජයග‍්‍රහණයයේ සාර්ථකත්වයට විශේෂයෙන් ම බල පෑ සාධකය වූයේ ය. ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙතරම් ගැඹුරකට මුල් ඇද තිබුණේ ද යන්න මෙම මැතිවරණය මගින් මනාව සනාථ විය. නීතිය, මහා බැංකුව, හමුදාව සහ පොලිසිය වැනි ආයතන වර්තමාන දේශපාලකයන්ගේ ග‍්‍රහණයෙන් මුදාගෙන රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට නව ප‍්‍රතිසංස්කරණ මගින් හැකි වනු ඇත.

2


රාජපක්ෂට පක්ෂපාතීත්වය දැක්වීම මත තානාපතිවරුන් හා විනිශ්චයකාරවරුන් ලෙස පත්වීම් ලද සියලූ පුද්ගලයන් ඉවත් කොට ඒ ස`දහා සුදුසුකම් සහිත පුද්ගලයන් එම තනතුරුවලට පත් කළ යුතු ය. මාධ්‍ය වාරණය ඉවත් කොට අධිකාරීත්වයට අභියෝග කිරීමට හා දූෂණ වංචා හෙළිදරව් කිරීමට මාධ්‍යවේදීන්ට නිදහස දිය යුතු ය. වද ක`දවුරු සියල්ල වසා දැමිය යුතු ය. රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය විසින් පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක අංශ විසුරුවා හැරිය යුතු ය. ජනමාධ්‍යවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන් හා විශේෂයෙන් දෙමළ ජනයා රාති‍්‍ර කාලයේ අතුරුදන් කිරීම නවතා දැමිය යුතු ය. එවැනි කි‍්‍රයා නැවත කිසි දිනෙක සිදු නොවිය යුතු ය.


සම්පත්වලින් පොහොසත් දකුණු ආසියානු රටවලින් ශ්‍රී ලංකාව ද එකකි. මනා අධ්‍යාපනික පසුබිමකින් යුතු උත්සාහවන්ත ජනතාවක් එහි වාසය කරති.  සංචාරක ව්‍යාපාරය, ධීවර, නාවුක හා තොරතුරු තාක්ෂණය වැනි අංශයන්හී ආයෝජන අවස්ථා රැසක් එහි පවතී.  ආර්ථිකය 7%ක හෝ 8% හෝ ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇත. ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සහ අනෙකුත් ප‍්‍රතිලාභ සියලූ ජනකොටස් අතර බෙදී යාමට සැලැස්වීම විශාල අභියෝගයකි.


දැනට ශ්‍රී ලංකාවට ලැබෙන චීන ආයෝජනවලට සමාන අයුරින් ඉන්දියානු හා බටහිර ආයෝජන ද ශ්‍රී ලංකාවට ගලා ආ යුතු ය. දකුණු ආසියාවේ තායිලන්තය වෙත ගලා එන සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත ද යොමු කර ගත යුතු ය. දැනට ලොව සිටින ආර්ථික වශයෙන් ඉතා සාර්ථක ඩයස්පෝරාව වනුයේ දෙමළ ඩයස්පෝරාව ය. එහි වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, තැරැුව්කරුවන් වැනි උගත් ව්‍යාපාරික ඥානයෙන් යුතු පුද්ගලයෝ සිටිති. ඔවුන් සමඟ ද සබ`දතා ගොඩ නඟා ගනිමින් ආයෝජන හා දැනුම ලබා ගත හැකි ය.


රජය මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ දෙමළ හා මුස්ලිම් ජනයා සමඟ සංහි`දියාව වර්ධනය කර ගැනීම ය. මෙයට විස`දුම් සෙවීමට, ජන ජීවිතය නඟා සිටුවීමට හා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සාමයක් ස්ථාපිත කිරීමට ජනාධිපති සිරිසේන මහතාට නව වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි ය. මේ හැර තවත් බොහෝ දේ කළ හැකිව තිබේ. දෙමළ ජනයාගේ භාෂා අයිතිය නැවත ලබා දීම, හමුදාව අත්පත් කරගත් උතුරේ ඇතැම් බිම් නැවත නිදහස් කර දීම, දෙමළ ජනයාගේ නියෝජිතයන් වන දෙමළ ජාතික සන්ධානය සමඟ දේශපාලනික කතිකාවක් ආරම්භ කිරීම ඒ අතුරින් කිහිපයකි.


ලසන්ත වික‍්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ, ජෝෂප් පරරාජසිංහම් වැනි දේශපාලනඥයන්ගේ මරණ පිළිබ`ද විමර්ශන ඇරඹිය යුතු ය. පසුගිය සමයේ සිදු වූ සාහසික අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබ`දව සොයා බැලිය යුතු ය. යුද්ධය පැවැති සමයේ ඝාතනය වූ සාමාන්‍ය සිවිල් ජනතාව පිළිබ`දව ද, ස්තී‍්‍ර දූෂණ හා මැර ප‍්‍රහාර පිළිබ`දව ද සොයා බැලිය යුතු ය. මේ ස`දහා ජාත්‍යන්තර ප‍්‍රජාව නිරතුරුව බලපෑම් කළ යුතු ය. ජාත්‍යන්තර මානව හිමිකම් කි‍්‍රයාකාරීන් හා දෙමළ ඩයස්පෝරාව මෙවැනි සිදුවීම් මතකයෙන් මැකී යා නොදීමට වගබලා ගත යුතු ය.


ලෝක බලවතුන් නව රජයට අවස්ථාවක් ලබා දිය යුතු ය. මෙකී වගකීම් සහිත කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාමේ දී සිංහල මතය ද බැහැර කළ නොහැකි ය. චිලියේ සහ සර්බියාවේ සිදු වූ ඇතැම් සිදුවීම් අනුව බලන කල මෙවැනි කි‍්‍රයාදාමයකට කාලයක් ගත වනු ඇත. එහෙත් අවසානයේ එය සාර්ථක කරගත හැකි වනු ඇත.


ශ්‍රී ලංකාවේ නව න්‍යාය පත‍්‍රය අනුව සියල්ලට ම වැඩියෙන් එහි අභ්‍යන්තරික ගැටලූ ඉස්මතු වනු දැකිය හැකි ය. එහි නව විදේශ ප‍්‍රතිපත්තිය පිළිබ`ද ව ද අපගේ අවධානය යොමු කළ යුතු වේ. නැවත වරක් නවදිල්ලිය ‘කේන්දී‍්‍රය විදේශ අගනගරය’ බවට පත් වනු ඇත. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියටත් චීනය සමඟ සබ`දතා පවත්වාගෙන යාමට හා බලශක්ති හා යටිතල පහසුකම් ප‍්‍රවර්ධනය ස`දහා චීන ආයෝජකයන් ගෙන්වා ගැනීමට කි‍්‍රයා කරනු ඇත. එහෙත් මින් ඉදිරියට චීනය ශ්‍රී ලංකාවේ එකම මිතුරා නොවනු ඇත.


අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ප‍්‍රථම විදේශ රාජ්‍ය සංචාරය ලෙස ඉන්දියාව බලා යනු ඇත. රාජපක්ෂ මෙන් අනාරාධිතව නොව මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධවල මන්දිරයේ හා යුරෝපා රාජ්‍යයන්හී සංචාරය කරනු ඇත.


ශ්‍රී ලාංකිකයෝ නොදන්නා දේවදූතයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දී ඔහු ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්හ. අවසානයේ ශ්‍රී ලංකාවේ ඉරණම්කරුවා වූයේ මේ ‘‘නොදන්නා දේවදූතයාය’’.

 


එරික් සෝල්හයිම්


ප‍්‍රමුඛ පෙළේ නෝර්වීජියානු දේශපාලනඥයෙකි. ශ්‍රී ලංකාවේ දෙමළ ප‍්‍රශ්නයට විස`දුම් සෙවීම ස`දහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ මැදිහත්කරු වශයෙන් කටයුතු කළේ ඔහු ය. අසාර්ථක වූ එම ප‍්‍රයත්නයේ දී සෝල්හයිම්ගේ භූමිකාව  මතභේදයට තුඩුදුන් එකක් විය. 2000 සිට 2006 දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධ උපදේශකවරයා ලෙස ද ඔහු කටයුතු කළේ ය. මෙම ලිපිය ඔහු ‘ද හින්දු’ පුවත්පතට සපයන ලද්දකි.

 

m



අදහස් (0)

ලෝක බලවතුන් නව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි

සෙනරත් Saturday, 07 February 2015 04:39 PM

සමීර, ඔබ බුද්ධිමත් ලෙස ලංකා දේශපාලනය ගැන අවබෝධ කරගෙන සිටීම ගැන අපිද සතුටුවෙමු. (නි)

:       0       0

දයා Saturday, 07 February 2015 06:02 PM

අපේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. මහින්ද මහත්තයාගේ අගේ දැන්ම තේරෙන්නේ නැහැ. තව ටිකක් ප්‍රමාද වෙයි (නදී)

:       0       0

රොෂාන්ත Wednesday, 11 February 2015 05:23 AM

පටු විදියට නොසිතන්න..ඔහුගෙන් ගත යුතු ගෙන, අපේ ගමන අපි යමු,,අපට තනිව ජීවත් විය නොහැකි,,ජාත්‍යන්තරය සමග අපේ කම රැකගෙන,,නිදහස් රටක් නීතිය රැකෙන,,3වෙනි පන්තියට ජීවිතයක් ලැබෙන ..සිංහල ,, දෙමල..මුස්ලිම්.. සමගියෙන්,,එකම ශ්‍රී ලාංකීය ජාතියක්,,ලෙස ලෝකය තුල,,හිස ඔසවමු,,වැරදි කරුවන්ට දඬුවම් දෙමු,,(හේ)

:       0       0

කීර්ති Saturday, 07 February 2015 08:14 PM

ඇත්තටම මීට අවුරුදු දහයකට පෙර රටේ තිබුණු තත්වය ගැන මෙවර ඡන්දය භාවිතා කළ හුඟදෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා එවැනි දේවල් නොවෙන්න අපි සියලුදෙනා පෙළගැසෙන්න ඕනෑ. රට බෙදලා ප්‍රශ්න විසඳලා වැඩක් නැහැ. (නි)

:       0       0

තුෂාර Saturday, 31 January 2015 11:35 AM

විමුක්ති, ඔයා වගේ අය ගැන ලැජ්ජයි (නි)

:       0       0

එඩ්වර්ඩ් Thursday, 29 January 2015 09:19 PM

එයාගේ අදහස් වෙනස් වෙලා නැහැ. පෙඩරල් ක්‍රමය ඔලුවේ තියාගෙන තමයි ලියල තියෙන්නේ. (නදී)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 29 January 2015 09:32 PM

සුද්දන්ට යුද්ද කරලා සිංහලයන්ව පරද්දන්න බැරිබව දැනගත්තම උන් මොකද කරේ ලංකාවේ සිංහල කෙල්ලන්ව කසාද බැදගෙන උන්ගේ ලේ තියන අමුතුම ජාතියක් බෝ කරගත්තා. උන් ලංකාවේ හිටියට හැම තිස්සෙම අදින්නේ සුද්දන්ට උන්ට තමයි කියන්නේ කළු සුද්දෝ කියල. ඔය පාලිත වගේ අය. (නදී)

:       0       0

කාශ්‍යප Sunday, 01 February 2015 09:11 PM

තව ටික කලක් ගියා නම් මුළු ලංකාවේම වත්කම කොහේද කියලා අපිට දැන් තේරෙනවා (නි)

:       0       0

සමන් Friday, 30 January 2015 08:08 PM

මහින්ද මහත්තයා රටක් වටිනා මනුස්සයෙක්. (නි)

:       0       0

අජිත් Saturday, 31 January 2015 12:18 PM

ඔය කවුරු කොහොම කිව‍ුවත් මහින්ද මහතාගේ අගය තේරෙන්නේ තව පසුවටයි. (නි)

:       0       0

අජිත් Saturday, 31 January 2015 12:23 PM

දෙමළ ජනතාවගේ භාෂා අයිතිය නැතිවෙලා තියෙන්නේ කොහොමද? අපිට අද පුලුවන්ද උතුරින් ඉඩමක් මිලදීගන්න? අනිත් පැත්තෙන් නැගෙනහිර! (නි)

:       0       0

රොහාන් Friday, 30 January 2015 10:58 AM

අවස්ථාවක් දී බලන්න ඕනේ.ඒ කතාවට එකඟ වෙනවා.(හේ)

:       0       0

සේරම් Friday, 30 January 2015 01:29 AM

ඒක හොදයි.(හේ)

:       0       0

රෝය් - ලන්ඩන් Saturday, 31 January 2015 01:58 PM

මහින්ද ජනාධිපතිතුමා අපිට අයෙත් ඕන. (ර)

:       0       0

පද්මි Friday, 30 January 2015 01:29 AM

වැඩේ හරිනේ. මගේ රටට දළදා හිමි සරණයි ! මගේ දැයට දළදා හිමි සෙවණයි!(හේ)

:       0       0

ඉන්ද්‍රා මෙල්බර්න් Thursday, 29 January 2015 11:56 AM

මහින්දගෙන් ඉගෙනගත් පාඩම් මදිද ? තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා (නදී)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 09:54 AM

සමීර ඔයා පිටරටක හිටියත් රට ගැන කැක්කුමක් තියෙනවා සිංහල මිනිස්සුන්ට මතක තියෙන්නෙ දවස් හතයි කියලා කාෙටියත් කියලා තියෙනවා(දිල්)

:       0       0

ජයසේන Tuesday, 03 February 2015 07:31 AM

සොල්හයිම් අපට එපා. නමුත් එය ලිපියෙන් කියන සමහර දේවල් ඇත්ත. (නදී)

:       0       0

සම්පත් Friday, 30 January 2015 03:22 AM

අනේ සමීර උඹ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේද ඉගන ගත්තේ , ලැජ්ජාවේ බෑ (බ)

:       0       0

පාලිත Thursday, 29 January 2015 12:43 PM

දෙන දෙයක් කාල හිටපන් සමීර පුතා කළුගල ඔලුව ගහගන්නේ නැතුව (නදී)

:       0       0

ලකී Friday, 30 January 2015 03:51 AM

කාලය එකම විසඳුම වේ (බ)

:       0       0

පද්මසිරි Saturday, 07 February 2015 06:45 AM

සමීර, ඔයාගේ අදහස් වලට මම එකඟයි. (නි)

:       0       0

විමුක්ති Thursday, 29 January 2015 01:05 PM

සමීර, ඔයා වගේ කෙනෙක් දැක්කමයි (නදී)

:       0       0

සුපුන් Thursday, 29 January 2015 01:35 PM

පාලිත නුඹ තමා නියම සිංහලයා (නදී)

:       0       0

උක්කුන් පුතා Tuesday, 03 February 2015 10:06 AM

තුසිත, අපි දන්නා දේ දැන් අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ, ගොවි මහත්වරු වස බොන්නේ නැහැ, ආර්ථික වර්ධනය 7%, දරුවන්ගේ තාක්ෂණික දැනුම ඉතාමත් දියුණුවෙලා. ඉස්පිරිතාල තාක්ෂනය අතින් දියුණුවෙලා, ගමන් බිමන් පහසුවෙලා. (ර)

:       0       0

සෝමදාස Saturday, 31 January 2015 04:29 AM

ලෝකයේ දියුණු රටවල් සමග ඇයි හොදයි කම් පැවැත්විය යුතුයි. නමුත් අප ඔවුන් ඉදිරියේ දනින් වැටිය යුතු නැත. අප අපගේ කර්මාන්ත ව්‍යාපාර කෘෂි කර්මාන්තය ආදිය දියුණු කරගනිමින් ස්වයං උත්සාහයෙන් නැගී සිටීමට වෙර දැරිය යුතුය. කේවට්ටයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. (නදී)

:       0       0

සංජීව Tuesday, 03 February 2015 10:11 AM

සමීර ඔයා හරි අපිත් ඒවගේ තමා.(හේ)

:       0       0

ඔසද Monday, 02 February 2015 08:47 PM

මම හිතන්නේ ලංකාව ජාත්‍යන්තරය ජයගැනීම වාසනාවක් කියලයි. (නි)

:       0       0

බණ්ඩා Thursday, 29 January 2015 02:17 PM

සමීර, මොලේ වයර් මාරු වෙලාද ? (නදී)

:       0       0

සමීර Thursday, 29 January 2015 09:28 AM

මෙයා වගේ අය ලංකරගත්තොත් ඒ අපේ විනාශය. මේගොල්ලන්ට ඕනි විදිහට මොකටද අපි නටන්නේ. ඩයස්පෝරා එක ලංකරගත්තොත් එ්කට විරුද්දව අපි පාරට බැහැල ලොකු විනාසයක් කරනවා. නපුන්සක නායකයන්ට ඕනි විදිහට මේ රට විනාස කරන්න අපි ඉඩ තියන්නේ නෑ. (නදී)

:       0       0

පාරමී Monday, 02 February 2015 11:33 AM

වටිනා නායකයාව නැතිකරගෙන බලමු රට ගෙනයන විදිය. අපිත් බලාගෙන ඉන්නේ. පිටරවල ඉන්න අපේ අයට තමා බලාගෙන ගියාම ඇත්ත තේරෙන්නේ. ඔහොම යමුකෝ බලන්න. (නි)

:       0       0

සොයිසා Monday, 02 February 2015 06:14 AM

සමහරු තාමත් හිතාගෙන ඉන්නේ අපි යටත් විජිතයක් කියලා වගෙයි (නි)

:       0       0

රාජා ගුණවර්ධන Saturday, 31 January 2015 06:08 AM

සෝල්හයිම් සුඩානය දෙකට බෙදුව වගේ ලංකාව නොබෙදා අයින් වෙයි කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා. (නදී)

:       0       0

සමීර Monday, 02 February 2015 06:54 AM

හුඟක් අය මට බැනලා තියෙනවා. ඒත් මම හිතන්නේ මම කියපු ඒවා හරි කියලයි. සෝල්හයිම් ළංකර ගත්තොත් බටහිර න්‍යායට අපිට නටන්න වෙනවා. ඒගොල්ලෝ බලන්නේ අපේ රට කඩන්න. අපි යුද්ධය සාර්ථකව කරද්දී අපිට ගොඩක් බාධා කළා. මේවා තේරුම් ගන්න බැරිද?ඩයස්පෝරාව ගැන කියන්න තියෙන්නේත් ඒ ටිකමයි. මම ඉන්නේ මෙල්බර්න් හින්දා අපි දන්නවා එයාලා කවුද කියලා. (නි)

:       0       0

තුසිත Monday, 02 February 2015 11:47 AM

සමීර දන්න තරම තමයි. අපි ඉන්නේ මේ ශ්‍රී ලංකාවේ. මේ රටට වූ දේ අපි විතරයි දන්නේ. (නි)

:       0       0

කුමාර Saturday, 31 January 2015 07:01 AM

සමීර උඹේ කතාවට මත එකඟයි. සොල්හෛම් වගේ තව තව කට්ටිය අනාගතයේදී එලියට ඒවි (නදී)

:       0       0

ලෝචනා Saturday, 07 February 2015 01:45 PM

තමන්ගේ රට ජාතිය බේරලා දුන්න හිටපු ජනාදිපති තුමාට ගරහන අය රජ කාලෙත් හිටියා මෙතනත් ඉන්නවා. මේ සිංහලයෝද? ආණ්ඩු කීපයකම හමුදාපතිවෙලා හිටපු ෆොන්සේකා මහත්තයත් ජාතික වීරයෙක් වුනේ මහින්ද ජනාදිපතිතුමා කෙලින් වැඩ කරපු නිසයි. (නදී)

:       0       0

සුසාර Saturday, 31 January 2015 07:25 AM

දැන් පේනවානේද ? අපි උගුලකට අහුවෙලා (නදී)

:       0       0

පාරමී Sunday, 01 February 2015 03:11 PM

සමීර වගේ කොන්ද කෙලින් තියෙන කොල්ලෝ තමයි ලංකාවට ඕනා. අනිත් අය ලජ්ජා වෙන්න ඕනා. සමන්ගේ වචන ටිකට මරු. (නදී)

:       0       0

සරත් පියසේන Saturday, 31 January 2015 07:49 AM

මෙයාට තියන අමාරුව සිංහලයට තියනවාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4550 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 580 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1166 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 103 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site