IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලෝකෙන් ඇගැයීම් ලැබුවත් තවමත් උපන් රටෙන් අගැයීමක් නැති ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව

ඇය ලලිතා පද්මිණීය. තම පා පැදියේ නැගී හමුදා මාර්ග බාධක ළඟ නතර වී තමාගේ අනන්‍යතාවය තහවුරු කර කොටි කටේ ගම්මානවල ඈ ඇවිද ගියාය. යුග දිවියට පිවිසි අලූතින් කැදලි හැදු බොහෝ පිිරිස් ඈට ඉලක්ක වූවාය. එලෙසම කිරි සුවඳ පැතිරියා වූ සෑම නිවසක් ළඟම ඇය නතර වූවාය. ඇගේ උපදෙස් මේ හැම කෙනකුටම නොඅඩුව ලැබුණු අතර ඒ සියල්ල හැම මවකටම බොහෝ සෙයින් උපකාර විය.
 

ලලිතා පද්මිණි තමා ලද සම්මානයක්ද සමගින්
 
 

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් උතුරු මැද පළාතේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් තේරී ඉදිරියටම ආ ලලිතා, 2000-2006 එන්නත් ලබාදීම පිළිබඳව දිවයිනේ හොඳම සායන මෙහෙයවන්නිය ලෙසද පත් වූවාය. දරුවකුට එන්නතක් ලබා දීමේදී දරුවා හඬන විට ලලිතා පද්මිණී ඒ දරුවාට මවක වූවාය. මවට දරුවා සනසවා ගන්නට නොහැකි වූ විට ලලිතා පද්මිණී නම් වූ පවුල් සෞඛ්‍ය සේවා මිතුරිය දරුවා මවගෙන් තම දෝතට ගෙන නළවා සනසවාගන්නට තරම් නිහතමානී වූවාය. දරුවාට එන්නත ලබා දී ‘‘මැණික’’ ඔයාට බුදු සරණයි කීවෙ ඇගේ වූ උත්තම මනුසත්කම නිසාවෙනි.

2010 වසරේ ඔක්තෝබර් මස 4 සහ 6 වැනි දින දක්වා ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවති ආසියානු ශාන්තිකර කලාපයේ රටවල හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව තේරීම තරගයේදී ලංකාවෙන් ඉදිරිපත් වූ පී.ඞී. ලලිතා පද්මිණි මහත්මිය ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය බවට පත් වූයේ මේ සියල්ල සත්‍යයක් බවට පත් කරමිනි.

ඇය ලංකාවට කීර්තියක් ගෙන දුන්නාය. ලංකාවේ සෞඛ්‍ය සේවයට අභිමානයක් ඈ එක් කළාය. ලලිතාට දසතින් සුබ පැතුම් ගලා ආ අතර ඇය ගැන බොහෝ දෙනෙක් කථා කළහ.

මේ අතර 2011 වසරේ ජනවාරි 29 දා ඈ ලෝකයේම ඇස ලංකාව දෙසට හරවන්නට සමත් වූ කන්තාවක් වූවාය. ඒ ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරිනියක ලෙස තේරී පත් වීමත් සමගිනි. ලෝක සෞඛ්‍ය කාර්ය බළකා සන්ධානය 2011 වසරේ පැවැත්වූ ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරින් තේරීමේ තරගයෙන් ලංකාවෙන් ඉදිරිපත් වූ ලලිතා පද්මිණීත් මියන්මාරයෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය සේවිකාවකුත්, තායිලන්තය හා මාලි රටෙන් ඉදිරිපත් වූ වෛද්‍යවරු දෙදෙනකුත් ලෝකයේ හොඳම සෞඛ්‍ය නිලධාරින් හතර දෙනා ලෙස තායිලන්තයේ බැංකොක් නුවරදී තේරී පත්වූහ. මේ තරගයට ලෝකයේ රටවල් 104ක සෞඛ්‍ය නිලධාරින් 1100ක් ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ ලලිතා පද්මිණී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තේරී පත්වීම අති විශාල ජයග‍්‍රහණයකි.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරලගංවිල නගරයේ කුඩා කඩ කාමරයක සිය සැමියාත් දරු තිදෙනාත් සමග දිවි ගෙවූ ලලිතා පද්මිණී මහත්මිය ලංකාවට ගෙන දුන්නේ ඉමහත් කීර්තියකි. ලංකාවෙ 13000 (දහතුන් දාහක්) පමණ වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් අතරින් ඈ ඉතා දක්‍ෂ මෙන්ම අවංකවම සිය රාජකාරිය ඉටුකර ඇති බවට ඈ ලෝකය හමුවේ හෙළිදරව් කළාය.

ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අනෙකුත් රටවල් හමුවේ ඉහළින්ම පවතින බව ඈ ලොව හමුවේ කීවාය. රටට මානව හිමිකම් චෝදනා එල්ල වෙද්දී ඈ ලෝකය හමුවේ කීවේ ජාති ආගම් කුල මල බේද නොමැතිව උතුම් සත්කාරයක් ලෙස ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ කටයුතු හොඳින් සිදුවන බවය. ඇය ලංකාව ඉහළින්ම ඔසවා තබන්නට කටයුතු කළාය. මේ නිසාම රටේ රාජ්‍ය නායකයා මෙන්ම මැති ඇමතිවරුන්, විශේෂයෙන්ම තම දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය සේවිකාවක් රටට ගෙන දුන් කීර්තිය හමුවේ සෞඛ්‍ය ඇමති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඈට අවංකවම සුබ පැතූ බව ඈ කීවාය.

කුඩා කඩ කාමරයක දිවි ගෙවමින් රාජකාරිය උතුම් ලෙස සලකා ජාත්‍යන්තර සම්මානයකටද පාත‍්‍ර වූ ලලිතා පද්මිණී ගැන අප රටේ මාධ්‍යයද ඉහළ ප‍්‍රචාරයක් ලබා දුන්නේය. ඇයට හිමි තැන ලබා දෙන්නට මාධ්‍යය එලෙස කටයුතු කළේය. මේ සියල්ලද සමගින් ලලිතා පද්මිණීට නව නිවසක් තනා දෙන්නට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා ‘‘ජනසෙවන කැපකරු’’ නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්‍ෂ 15ක මුදලක් ලබා දුන් අතර දැඩි අධිෂ්ඨාන ශක්තියකින් හෙබි ලලිතා පද්මිණී නම් වූ දිරිය කාන්තාවගේද උපරිම ශක්තිය යොදවා ඇය නව දෙමහල් නිවසක් ඉදිකර පසුගියදා එහි පදිංචියට ගියාය.

එහිදී ඈ ඉරිදා ලංකාදීප හමුවේ පැවසුවේ තමන් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වුවද රාජකාරී කටයුතු හමුවේ කලකිරීමකින් සිටින බවකි. ඇය මෙලෙස කීවාය.

ලංකාවට ලොකු ගෞරවයක් ගෙනාව කියලා නිහතමානීව මා ඇත්තටම සතුටු වෙනවා. ජාත්‍යන්තර සම්මාන දෙකක් ගෙනැල්ලා මා අද රාජකාරී කරද්දී අසීරුතාවකට පත්වෙලා ඉන්නෙ. 1998 ජුලි 07 දා මට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක ලෙස පත්වීම ලැබුණ දවසෙ ඉඳලම මා වැඩ කළේ දිඹුලාගල සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශයේ මැදගම පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසයේ. මේ කොටසේ ගම්මාන ආශ‍්‍රිතව කොටි තර්ජන බහුලව තිබුණ. ඒත් මම මගේ රාජකාරිය අතපසු කරල නෑ. අම්මලා අහනවා මිස් එන්න බය නැද්ද අහවල් තැන කොටි කපල කියලා... මට ඒත් බයක් දැනුනෙ නෑ... මම ඒ අම්මලාට, දරුවන්ට මගෙ සේවය ලබා දුන්නා.

එයාලගෙ ආශිර්වාදය ඇත්තටම මට ලැබුණා. මා ක්‍ෂේත‍්‍රයේ යනකොට මම මගෙ කිරි දීලා දරුවො නළවගත්තා. මගෙ දරුවා පුංචි කාලෙ එක අම්මා කෙනෙක්ගෙ දරුවෙක් හොඳටම අඩනවා. මම ක්‍ෂේත‍්‍රයෙ යනකොට ඒ දරුවගෙ අම්මා ගුරුවරියක්. එයා වැඩට ගිහින් අත්තම්මා ළග පුංචි එකා දාලා... අත්තම්ම ළඟ පුංචි එකා හොඳටම අඩනවා බඩගිනි වෙලා.. මම මගෙ ගමන නතර කරලා ඒ අත්තම්මගෙන් අහලා මා මගෙ කිරි ටික ඒ දරුවාට පොවලා නිදි කරවලා ආවේ.

අද ඒ දරුවො පාරේ මුණ ගැහුනාමත් මට දණ ගහලා වදිනවා. මට සතුටක් වගේම වේදනාවක් දැනෙන්නේ.. මෙයාල මගෙන් අහන්නෙ අනේ මිස් ඔයා ඔච්චර ලොකු ගෞරවයක් රටට ගෙනත් දීලත් තවම උසස් වීමක් ලැබුණේ නැද්ද කියලා.... මම ක්‍ෂේත‍්‍රයෙ ඇවිදිනකොට හැමෝම මගෙ ළඟට ඇවිත් අහන්නෙ එහෙම’’

මට දැන් මේක මානසික වදයක් වෙලා. මට මුලදී මෙහෙම දැනුනෙ නෑ. මා හරිම ආශාවෙන් මේ රාජකාරිය කළේ. ඇත්තටම මට දිරිගැන්වීමක් ලැබුණේ නෑ. රටට ලොකු ගෞරවයක් ගෙනාවාට හැමෝම ඇගයීමකට ලක් වෙනවා. උසස් වීමක් ලැබෙන්නෙ නෑ. අපේ ආයතනය පැත්තෙන් මගෙත් එක්ක වැඩ කරන අනෙක් අයත් අද මේකම අහනවා. ලලිතා මිස් ඔයා වැස්සෙත් තෙම තෙමී වැඩියෙන් වැඩ කරලා ජාත්‍යන්තර සම්මාන පවා ලබලා ඔයාට මොනවද ලැබුණේ අහනවා.. අපි ගන්න පඩියම තවම ඔයත් ගන්නෙ. අපට තිබෙන වරප‍්‍රසාද විතරමයි ඔයාට තිබෙන්නෙ කියලා එයාල කියනවා.’’

මේක මට විතරක් නෙමේ මේ ක්‍ෂේත‍්‍රයේ අනෙක් අයටත් මේ දේ බලපානවා. ඔවුන් උනත් දිරිමත් වෙන්නෙ නෑ. මම එදා වගේම අදටත් ක්‍ෂේත‍්‍රයේ තවමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් ලෙස වැඩ කරනවා. එක අඩියක් ඉස්සරහට ගියෙ නෑ.’’

සුදුසුකම් සපුරලා තිබෙන නිසා පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක ලෙස පුහුණුව ලබා දෙන්න කියලා මම ඉල්ලීම් කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ගෙන් ඉල්ලීම් කළා. සෞඛ්‍ය ඇමතිතුමාගෙන් මේ පිළිබඳව ඉල්ලීමක් කළා. ඔවුන් ඒවා අනුමත කරලා මාව පරිපාලන සෞඛ්‍ය සේවා නිලධාරි පුහුණුවට බඳවා ගන්න කියලා පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය දැනුවත් කළා. ඒත් මාව පුහුණුවට බඳවා ගත්තෙ නෑ...

සෞඛ්‍ය ඇමතිතුමාට මම නිතර ගිහින් කරදර කළේ නෑ... එතුමා හිතාගෙන හිටියෙ මා පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි පුහුණුවේ ඉන්නෙ කියලා.. එතුමාට මා මෑතකදි කිව්වා මාව පුහුණුවට අනුරාධපුර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් නිදහස් කරලා නෑ කියලා. ඇමතිතුමා මේ ගැන කනගාටු වුණා. එතුමා නිලධාරින්ට මේ සම්බන්ධව උපදෙස් ලබා දීලා තිබුණෙ. කාගෙ හරි මොන සංගම්වලින් හරි මට කැපිල්ලක් තිබෙනවා. ඒ නිසයි මට මගෙ සුදුසුකම්වලට නිසි තැන නොලැබුණේ. මේ සිදුවීම්වලින් මා කලකිරිලා ඉන්නෙ..’’

මට මේ ගැන හරිම දුකක් තිබෙන්නෙ. මගේ වෘත්තියට ගෞරවයක්, මා ගෙනාපු ජාත්‍යන්තර සම්මානවලට මගෙ ආයතනයෙන් පිළිගැනීමක්, ලැබුණෙ නෑ.. මම මේ සම්මානය ලබා ගත්තෙ මට නොවේ. රටට.. මම එදා බැංකොක් නුවරදී මට සම්මාන ලබා දෙනකොට කථා කළෙත් මගෙ රට ගැන.. අප රටේ සෞඛ්‍ය සේවාව ගැන... ඒත් ඉතිං කියන්න කනගාටුයි සම්මාන පිට සම්මාන ගෙනැල්ලත් මම තවම ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියමයි.’’
‘‘මම මගෙ රස්සාවට ආසයි ආදරෙයි.. කුස්සියෙන් ගෙට ඇතුල්වෙලා ගේ ඇතුලෙ වළං මුට්ටිවලට පවා එබිල බලලා සාලෙන් එළියට එන්න පුළුවන් රස්සාවක් මේක.. ඒත් අද ගමේදී අම්මලා අහන දේවල්වලින් මම මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නෙ.’’

‘‘මේ පීඩනයත් එක්ක තව දුරටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ලෙස මට ක්‍ෂේත‍්‍රයෙ වැඩ කරන්න ශක්තියක් නෑ. ඒ නිසාම මා අරලගංවිල ප‍්‍රාදේශීය රෝහලට මාරුවක් ඉල්ලාගෙන ආවා. මිනිස්සුන්ට මාව දුකක්.. ඒ දුක නිසාමයි මිනිස්සු මගෙන් ළෙංගතුව අහන්නෙ.. ඇයි මිස් තවම මෙතැනම ඉන්නෙ කියලා. ඇය හැඟුම්බරව කීවාය.

 

 



අදහස් (0)

ලෝකෙන් ඇගැයීම් ලැබුවත් තවමත් උපන් රටෙන් අගැයීමක් නැති ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව

ජ. තිසර Sunday, 09 February 2014 06:19 PM

ලලිතා පද්මිණී මහත්මියට නිවසක් තනාගැනීමට රුපියල් ලක්ෂ 15කින් ආධාර කළ බව අද ලංකා පුවත්පතක සඳහන් වී ඇති බවද දන්වමි. (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 08 February 2014 12:24 PM

උදාර මිනිසත් බවක් ඔබට ඇත (දිල්)

:       0       0

චමිල Wednesday, 05 February 2014 05:32 PM

ඔබ ජීවත්වන්නේ ශ්‍රී ලංකාවේ බව අමතක වී ඇති හැඩයි.මෙය ලෝකෙන් උතුම්ම රටයි.මෙරට වැසියන් බහුතරය කීර්තිමත් අය නිසා තමයි ඔබට ව්ශේෂ වරප්ප්‍රසාද නොලැබෙන්නේ.ඔබගේ අවංක භාවය ලිපිය පුරාවට දැනෙයි.ඔබට සුභපැතුම්! (අ)

:       0       0

මංගල Thursday, 06 February 2014 07:05 PM

මේ කථාවෙන්ම පේනවා ලංකාවෙ තත්වය. මෙච්චර කැපවීමක් කරලත් උසස් වීමක් දෙන්න බැරි නිලධාරියො ඉන්න රටක් මේක. තව ටික දවසකින් කියයි උසස්වීමක් දුන්නා කියලා. ඇමතිලත් එකයි නිලධාරිත් එකයි. ඔකාකොම හොරු.(නදී)

:       0       0

ෆරීඩ් Wednesday, 05 February 2014 05:41 PM

මගේ බිබ්ලේ කනුල්වෙල ප්‍රදේශයේ. මගේ වයස 35.අපේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙස මා දන්නා කාලය සිට සේවය කරති. ඈත් එතුමියට තවමත් උසස්වීමක් ලැබිල නැත.ලොකු පුටුවල සිටින අය මේ ගැන ඔයාල නිසි පරිති උසස්වීම් ලබා දෙනවනම් ඔනි,(අ)

:       0       0

අශේන් Saturday, 08 February 2014 02:35 PM

සුභ අනාගතයක් (දිල්)

:       0       0

මීෂා Thursday, 06 February 2014 07:57 PM

මිස් ඔයාට කවදාවත් වරදින්නේ නහ පවට කර්මයට බොරු කරන්න බැහැ ඔබට දීර්ඝායුෂ පතනවා.(නදී)

:       0       0

දිල් Thursday, 06 February 2014 08:00 PM

ලංකාවෙ මිනිස්සුන්ගේ ඊරිසියාව වැඩියි. ඒකයි ඔබ තුමියට ඔහොම වෙන්න හේතුව.(නදී)

:       0       0

කනිල් Friday, 07 February 2014 04:52 PM

අගය කල යුතු ලිපියක් ලංකාදීපයට ස්තුති (දී)

:       0       0

රුපිකා Thursday, 20 February 2014 02:54 PM

ඔබ වැනි උතුම් කාන්තාවක් මේ ලක්බිමට වාසනාවක් (දිල්)

:       0       0

ප්‍රදීපා Wednesday, 05 February 2014 06:45 PM

ඕක තමයි මිස් අපේ රටේ සැබෑ තත්වය....බස් හෝල්ට් එකක් හදන්න ලක්ෂ 21 කට වඩා වියදම් කරද්දී, මේ තරම් ගෞරවයක් රටට අත් කරදුන් මේ වාසනාවන්ත.....දිරිය කාන්තාවට ගේ හදාගන්න ලක්ෂ 15 යි දීලා තියෙන්නේ. ඔබතුමියගේ කැපවීමට සාදාරණයක් ඉටු වේවා කියා පතනවා.... (දී)

:       0       0

බුද්ධික Tuesday, 11 February 2014 07:55 AM

ඔබගේ සේවය ලංකාවට ලබා දෙන්න ,සුබ පැතුම්!(දී)

:       0       0

ග්‍රාම්‍යා Wednesday, 05 February 2014 02:01 AM

දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතුය. උත්සාහය අතාරින්න එපා. මගේ අම්මත් ගම්මාන ගානේ ඇවිදපු ව්ශ්‍රාම ගත් පවුල් සෞඛය සේවා නිලධාරිනියක්. උතුම් රැකියාවක්. සුභ පැතුම්.(නදී)

:       0       0

ෂේන් Sunday, 23 February 2014 11:09 PM

ඔබට අපේ හදවතෙන් දෙන ආදරය ,ආඩම්බරය ගෙන රටට සේවය කරන්න. ලගදීම ඔබට නියමිත තැන ලබෙයි.(නදී)

:       0       0

කෝසලා Wednesday, 05 February 2014 03:48 AM

ඇත්තටම ඔබ අද කාලයේ වීරවරියක් (දී)

:       0       0

ජනක Wednesday, 05 February 2014 09:32 AM

හරිනම් මේ මිස්ට ඩියුටි ෆ්‍රී පර්මිට් එකක්වත් දෙන්න ඕන. (දී)

:       0       0

සාරංග Wednesday, 05 February 2014 10:04 AM

ඔබට බුදු සරණයි කීවෙ ඇගේ වූ උත්තම මනුසත්කම නිසාවෙනි. (දී)

:       0       0

සුභාෂිණි Friday, 07 February 2014 09:25 PM

ඔය වගේ අය නේද අද දේශපාලනයට ගෙන්න ඕන කාන්තාවෝ ? මනුස්සකම ,දුප්පත්කම මිනිසුන්න්ගේ අවශ්‍යතාවයන් දන්නේ ඔයාල වගේ දිරිය කාන්තාවන් .අපි කෙලෙහිගුණ නැති ජාතියක් .සුදුස්ස හැමදාම කපල දාල නුසුදුස්ස රජ කරන ජාතියක්.අපේ හැදෙන ජාතියක් නෙවෙඉ. ඔබටත් ඔබ කල සේවයටත් අපේ හදවත් වල පිබිදෙන මල් දහස් ගණනක් පිලිගැනුමෙන (දී)

:       0       0

ප්‍රියංගා Tuesday, 25 February 2014 02:05 AM

ඊර්ශියාකාර මිනිස්සුන්ගෙන් පිරුණු රටක් තමයි ලංකාව කියන්නේ සුදුස්සාට සුදුසු තැනක් ඇත්තෙම නෑ.අපේ නෝනලා ටිකකගේ සංවිධානයක්වත් නැත්ද මේවගේ දේවල්වලට හඬක් නඟන්න. (අ)

:       0       0

රනුකපෙරේරා Wednesday, 05 February 2014 11:27 AM

ඔබ තුමියට අපගේ ආචාරය.(අ)

:       0       0

ජිවනි Thursday, 06 February 2014 11:16 AM

ඔබ තුමියට ජයෙන් ජය (දිල්)

:       0       0

ජනන Thursday, 06 February 2014 12:31 PM

ඔබට දීර්ඝායුෂ (දිල්)

:       0       0

සේනාරත්න Wednesday, 05 February 2014 02:14 PM

ජාතියේ ප්‍රණාමය ඔබතුමියට (දී)

:       0       0

චන්දන Tuesday, 04 February 2014 05:36 PM

ලොකු පුටුවල සිටින අයට වඩා ඔබතුමිය ගුණවත් බවින් පොහොසත්.(නදී)

:       0       0

සමීර Wednesday, 05 February 2014 02:14 PM

සිංහල මිනුස්සුන්ගේ ඇස් පොට්ට වෙලා තියෙන්නේ (දී)

:       0       0

රොහාන් Friday, 07 February 2014 12:43 PM

අපි මොනතරම් අපේ රට ජාතිය ගැන ආඩම්බර උනත් අපේ රටේ ලෝකේ කිසිම රටකට නැති තරම් දක්ෂ මානව සම්පතක් තිබුනත් අපි හැමදාම එක තැන ඉඳිද්දී අනිත් රටවල් අපිව අබිබවා යන්නේ මෙන්න මේ හෙතුව නිසා... ඔබ තුමියට උපදේසක තනතුරක් දීල අලුතින් එන අයට දැනුම බෙදාහැරිය නම් මුළු රටටම සේවයක් වෙනවා... (දී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 11 February 2014 04:24 PM

තණ්හාය ජායතී සෝකෝ ! (නදී)

:       0       0

ජ. තිසර Sunday, 09 February 2014 04:40 PM

පාලන ක්ෂේත්‍රයේ වරදින් මෙලෙස අති විශාල මානසික කරදරයකට මුහුණපෑම ඉතාමත් කණගාටුදායකයි. මිල මුදල් සහ කීර්තිය නොතකා ඔබ කරණ ලද අවංක ගුණ යහපත් ක්‍රියාවන්ට "තෙරේෂා" මෑණියට මෙන් කවදා හෝ තවත් උසස් ගෞරව ලැබේ. ඔබේ ධෛර්ය්‍යවන්තකම සහ චින්තන බල ශක්තියෙන් මේ විපතින් කිසිදිනක නොසැලී ජීවන මග ජයගන්න ලැබේවා! (අ)

:       0       0

අසෝක Sunday, 09 February 2014 04:52 PM

අගය කල යුතු ලිපියක් ලංකාදීපයට ස්තුති (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5125 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site