IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලොකුම මත්කුඩු තොගය අල්ලා ගත් හැටි

ශ්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂි රටක් බවට වාර්තා රැසක් තබා තිබේ. නිර්මල බුදු දහම ඉතිරිව ඇති රටක් ලෙස, සංග‍්‍රහශීලි ජාතියක්  හැටියට ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව තවත් විටෙක ලොව දක්‍ෂතම ක‍්‍රිකට් කණ්ඩායම හිමි රට ලෙසද, ආසියාවේ දක්‍ෂතම මලල කී‍්‍රඩිකාවගේ නිජබිම ලෙසද ඉතිහාස ගතවී තිබේ.
මේ අතරේ 30 වසරක් පුරා වාර්ගික අර්බුදයක් පැවැති රටක් ලෙසද, ආසියාවේ වැඩිම සිය දිවි නසාගන්නන් සිටින රට ලෙසද, මත්පැන් වැඩිම ප‍්‍රමාණයක් පරිභෝජනය කරන රට ලෙස ද ශ්‍රී ලංකාව ඉකුත් සමයේ ඉතිහාස පොතට එක්ව තිබේ.

 

 

මේ වාර්තා අතරට අලූතින්ම වාර්තාවක් එක් වූයේ ඉකුත් 30 දයා. ඒ දකුණු ආසියාවේ විශාලතම හෙරෝයින් තොගය මෙරටට ආනයනයකොට තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීමය.

ග‍්‍රීස් ටින් ආනයනය කරන මුවාවෙන් ග‍්‍රීස් ටින් තුළ බහා ගෙන්වන ලද කුඩු ප‍්‍රමාණය කිලෝග්රෑම් 262කට මඳක් වැඩිය. ‘බ‍්‍රවුනිස් ෂුගර්’ නමින් මත්ලෝලීන් විසින් හඳුන්වනු ලබන මෙම හෙරොයින් වර්ගය හෙරොයින් වෙළෙඳපොළේ  දෙවැනි පෙළ මිල ගණන්වලට අලෙවි වෙයි.

ඒ අනුව එම කන්ටේනරය තුළ තිබූ කුඩුවල වටිනාකම රුපියල් කෝටි දෙදහස ඉක්මවයි. සැබැවින්ම කුඩු මිලට වටිනාකමක් නැත. මන්ද එය පාරිභෝගික භාණ්ඩයක් නොවන බැවිනි. එහෙත් නිත්‍යානුකූලව අලෙවි නොවන පාතාලයේ මිල නියමවන මෙම කුඩු ප‍්‍රමාණය මෙරට මත් ලෝලීන් නොඑසේ නම් කුඞ්ඩෝ මිලදී ගන්නේ නම් ඔවුන් ගෙවිය යුතු මිල කෝටි දෙදහසකි.

මේ කුඩු බාහලූ ටින් විසි දහසකට ආසන්න ප‍්‍රමාණය සහිත කන්ටේනරය තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගනයේය. එය මාස දෙකකට මඳක් වැඩි කාලයක් එහි තිබිණි. මාළිගාවත්ත මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ  නමින් එවා තිබූ එම කන්ටේනරය මුදා ගැනීම පමා වූ හේතු කිහිපයකි. ග‍්‍රීස් මෙරටට ආනයනය කිරීමට ඛණිජ තෙල් සංස්ථාවේ අවසරය අවශ්‍යයයි. මේ සඳහා එකී අවසරය ලබා නොතිබිණි.

එම බලපත‍්‍ර ලබානොදී පමා කෙරෙන ග‍්‍රීස් කන්ටේනරය පිළිබඳව රේගුවේ ආදායම් අධීක්‍ෂණ බලකාය (Revenue Task Force) නොහොත් ආර්.ටී.එෆ් සැකකළේය. ඔවුහු මෙම කන්ටේනරයට රැඳවුම් නියෝග දුන්හ. එම නියෝගය අනුව භාණ්ඩ රඳවනු ලබන්නේ පරිගණකය මගිනි. මෙසේ තම භාණ්ඩ රඳවා ඇතැයි හිමිකරු දැනගත්තේ රේගුව වෙත ලියකියවිලි නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදීය.

මේ අතර බස්නාහිර පළාත් බුද්ධි විමර්ශන ඒකකයට ලද තොරතුරක් එහි අධ්‍යක්‍ෂවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙතට දන්වා තිබිණි. ඒ මෙම කන්ටේනරය නැව්ගත කිරීමටත් පෙරදීය. ඒ අනුව පුද්ගලයකු අත්අඩංගුවට ද පත්විය. ඔහුගෙන් හෙළි කර ගන්නා ලද තොරතුර වූයේ කුඩු අතිවිශාල ප‍්‍රමාණයක් මෙරටට එන බවකි. එහෙත් ඒ මෙම කන්ටේනරය බව ඔහු පැහැදිලිව දැන සිටියේ නැත.

කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දැල කුඩු පැමිණෙතැයි සැක කළ හැකි මාර්ග ඔස්සේ එලනු ලැබිණි. අවසානයේ රේගු අංගණයේ පවතින මෙම කන්ටේනරය පිළිබඳ සැකයක් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඇති විය. එය මුදා හරිනතෙක් ඔවුන්ගේ ඇස් ඒ දෙසට එල්ල වී තිබිණි.

ඒ වනවිට ශ්‍රී ලංකා රේගුවේ අවධානයද මේ වෙත යොමු වී තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බලා සිටියේද එය එළියට එනතුරුය. එම කාර්යාංශය පොලිස්පතිවරයා හරහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිපියක් යවමින් මෙම බහළුම විවෘත කරන ලෙස ඉල්ලීමක් කළේ මේ අතරවාරයේදීය.ඒ අනුව කන්ටේනරය විවෘත කිරීමට අවසර ලැබිණි. රේගුව, රේගු අධීක්‍ෂණ බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු අදාළ ආයතන කන්ටේනරය විවෘත කිරීමට තීරණයකොට තිබියදී කන්ටේනරය ලැබීමට නියමිත කමිල් නමැත්තා රේගුව වෙත පැමිණියේ රේගුවට ගෙවිය යුතු රුපියල් 590000 ද රැගෙනය. කන්ටේනරය රඳවා ගැනීමේ නියෝග මත ඇතැයි කමිල් දැනගත්තේ එහිදී රේගු ගාස්තුද ගෙවීමෙන් අනතුරුවයි.

කන්ටේනරය විවෘත කෙරිණි. මෙරටදී හමුවූ විශාලතම කුඩු තොගය ද සමග ජාත්‍යන්තර ජාවාරමක කරුණු ද හෙළි වෙමින් පවතින්නේ ඒ සමගමය.
කරච්චියේ ෂා ඉන්ඩස්ටී‍්‍රස් වෙතින් ඉකුත් ජුනි 17 වැනිදා නැව්ගත කරනු ලැබූ අඩි 40 දිගැති එකී කන්ටේනරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් හා නානකාමර කට්ටල ද විය. අදාළ කන්ටේනරය භාරගැනීමට ශ්‍රී ලංකාවට පකිස්ථානුවෙකුද පැමිණ සිටියේය. ජමීල් නමැති එම පකිස්ථානුවා මේ වන විට අත්අඩංගුවේය. ඔහු සතුව කන්ටේනරය පිළිබඳ සියලූ ලියකියවිලිද විය.

කන්ටේනරය එවා තිබුණේ කමිල් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගේ නමටය. ඔහු මහව පදිංචිකරුවෙකි. මාළිගාවත්තේද ඔහු වෙසෙයි. එහෙත් මේ වන විට පරීක්‍ෂණ පවත්වන කණ්ඩායම් හෙළිකරගෙන ඇත්තේ කමිල් මෙවැනි කන්ටේනරයක් මෙරටට ගෙන්වීමට තරම් ආදායම් ඇත්තකු නොවන බවය. රේගු ගාස්තු ගෙවීමට කමිල්ගේ ගිණුමට රුපියල් 5,90,000 තැන්පත් කර ඇත්තේ කරච්චියේ සිට පැමිණ දැනට අත්අඩංගුවේ පසුවන ජමීල්ය.

එපමණක් නොවේ. කන්ටේනරය ලබා ගැනීමට සමාගමක්ද මාළිගාවත්තේ තිබේ. මාළිගාවත්ත දුම්රිය නිවාසවල ලිපිනයකින් සමාගම් මැදුරේ ලියාපදිංචිකොට ඇති මෙම සමාගම කුඩු කන්ටේනරය ලබා ගැනීම සඳහාය. එහෙත් කන්ටේනරය මෙරටට ළගා වීමෙන් පසු මේ සාමගම ලියාපදිංචිකොට තිබේ. ඉකුත් ජුනි 17 වැනිදා කරච්චියෙන් ‘‘නොදර්න් පවර්’’ නැවෙන් නැව්ගත කෙරුණු කන්ටේනරය මෙරටට ළඟාවුණ් ජුනි 22 දාය. නව සමාගම ලියාපදිංචි කර ඇත්තේ ජුලි 3 දාය. කන්ටේනරය නිරුපද්‍රිතව මෙරටට ළඟා වන්නේදැයි බලා සිට සමාගම ලියාපදිංචි කළ බව එයින්පෙනේ.

එමෙන්ම කරච්චියේ ෂා ඉන්ඩස්ටි‍්‍රස් මගින් අදාළ කන්ටේනරය නැව් ගතකොට ඇත්තේ නැව් ගාස්තු නොගෙවා දින 60ක් තුළ ගෙවන පොරොන්දුව මතය. දින 60ක් තුළ මේ කුඩු මුදල් බවට පත් කරගෙන මුදල් ගෙවීම ජාවාරම්කරුවන්ගේ අදහස වන්නට ඇත.

පකිස්තානු ජාතික ජමීල් මේ ජාවාරම්කරු යැයි කෙනකු සිතනු ඇත. එහෙත් සත්‍යය එය නොවේ. ලොව සසල කළ හැකි පාතාල සංවිධාන මෙවැනි ජාවාරම් පසු පස ඇත. දැනට සැක කෙරෙන්නේ පකිස්ථානයේ ඩාවුඞ් ඊබ‍්‍රහිම් සංවිධානය මෙහි මහ මොළකරු වන බවය.

ඩාවුඞ් ඊබ‍්‍රහිම් යනු පකිස්ථානු සම්භවයක් ඇති ඉන්දියානුවෙකි. මිනී මැරුම්, මංකොල්ලවලින් ඇරැඹි ඔහුගේ පාතාල ජීවිතය අද ලොව පුරා කෙරෙන පාතාල ගනුදෙනු දක්වා වර්ධනය වී තිබේ.

ලෝකයේ රටවල් බොහොමයක සබඳතා තිබූ එල්.ටී.ටී.ඊ ය ජාලගතව කළ කුඩු ජාවාරමම පමණක් දෙවැනි වනසේ ඔවුහු අද කුඩු ජාචාරම් කරති. එල්.ටී.ටී.ඊ යේ හිදැස පුරවන ඩාවුඞ් ඊබ‍්‍රහිම් සංවිධානය අල් කයිඩා සංවිධානය සමඟ පවා සබඳතා පවත්වන බව කියැවේ.

ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් ලෙස සැලකෙන පකිස්ථානය ඔවුන් බොහෝ විට සිය ජාවාරම්වලට කේන්ද්‍ර කර ගනී. එහෙත් යුරෝපීය රටවල් පකිස්ථානය වැනි රටවලින් ආනයනය කෙරෙන භාණ්ඩ දෙස විමසිල්ලෙන් බලන බව මෙන්ම සැක කරන බව ද ජාවාරම්කරුවෝ දනිති.

ඒ නිසාම කළබලවලින් තොර සාමකාමී රටවල් හරහා ඔවුන්ගේ ජාවාරම්වල බඩු යැවීමට විවිධ ක‍්‍රම අනුගමනය කරන්නට කටයුතු යොදති. මේ කුඩු තොගයද එවැනි ජාවාරමක් සඳහා එව්වේද යන සැකය ඔස්සේද පරීක්‍ෂණ මෙහෙයවති.

මහව කමිල් නමට කුඩු එව්වේ මහව දී තේකොළ හෝ වෙනත් එවැනි ආනයනික භාණ්ඩ අසුරනයන්හි අසුරා ආනයනය කෙරෙන භාණ්ඩ අතරේ යුරෝපයට යැවීමට දැයි සැකයක් පවතී.

ඒවා තවමත් සැකයක් පමණි. තහවුරු කළ හැකි සාක්ෂි නැත. කෙසේ වෙතත් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් බවට පත් කරගෙන ඇතැයි යන්න බැහැර කළ නොහැකි මතයකි.

මෙවැනි කන්ටේනර් මීටපෙර කොළඹ වරායට පැමිණියේ නැතැයි කිසිවකුටත් කිව නොහැක. එමෙන්ම මෙකී ජාවාරම්කරුවන්ට ප‍්‍රබලයන්ගෙන්, විශේෂයෙන් දේශපාලඥයින්ගෙන් සහය ලැබෙන බවද අමතක කළ නොහැකි කරුණකි. එසේ සබඳතා නැතිනම් මෙසේ නිභයව කුඩු කන්ටේනරයක්ම රට තුළට ගෙන එන්නට ජාවාරම්කරුවන් පසුබාන බව අමුතුවෙන් කිව යුතු නැත.

මීට මාස කීපයකට ඉහත කොළඹ වරායට ළගාවී, සුරාබදු නිලධාරීන් අත් අඩංගුවට ගත් ඊතයිල් ඇල්කොහොල් තොගය 2010 වසරේ මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු කිලෝ 100කට ආසන්න ප‍්‍රමාණය මෙහි ආවේ ඉහළ රැකවරණ නැතිව නොවේ.
අද මේ මොහොතේත් තවත් විවිධ ක‍්‍රම වලින් කුඩු පමණක් නොව තවත් නීතිවිරෝධී බොහෝ දේ රට තුළට එනු ඇත. 2010 වසරේ දී කොළඹ 2 රාමනායක මාවත ආසන්නයේදී වත්තකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත්තේය.

පකිස්ථානයේ සිට අධිවේගී තැපෑලෙන් තුවා හයක් පාර්සලයක් කොළඹ 2, රාමනායක මාවතේ පදිංචිකරුවකු නමට එවා තිබිණි. රුපියල් හයදහසක පමණ වෙළෙඳපොළ වටිනාකමින් තිබූ එකී තුවා හය එවීමට පමණක් රුපියල් 13000කට අධික තැපැල් ගාස්තු අයකොට තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ අවධානය යොමුවුනේ ඒ කෙරෙහිය.

සැබැවින්ම එම තුවා එවා තිබුණේ කුඩු දිය කළ දියරයක ඔබා වියළා සකස්කරය එම කුඩු යළි තුවා වලින් වෙන් කර ගැනීමේ කලාව දන්නා පකිස්ථානුවාද  පැමිණ සිටි නමුත් තුවා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු පැන ගියේය.

මෙරටට ගෙන්වා වරායේම කුණු වෙන්නට දී විනාශ කිරීම සඳහා ගෙන යන අල කන්ටේනර් හෝ එවැනි තවත් බොහෝ දෑ හෙට ජාවාරම්කරුවන්ගේ  ගොදුරු විය හැකිය.

ගුවන් තැපෑලෙන් මෑතකදී මෙරටට එවා රේගුවෙන් නිදහස් කරගෙන යද්දී පොලිසිය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදීම අත්අඩංගුවට ගන්නා ලද දුරකථන තොගය මෙහිදී අමතක කළ යුතු නැත. අධිවේගී ගුවන් තැපෑල මෙවැනි ජාවාරම්කරුවන් විසින් අත්හදා නොබලනු ඇතැයි කෙසේ නම් සිතන්නද?
මෙරට වසරකට කුඩු කිලෝග්?ම් 2500ක් පමණ පරිහරණය වෙයි. දිනකට කුඩු කිලෝවක් පමණ විකුණන පුද්ගලයෝ සිටිති. එවැන්නෙක් වසරකදී කුඩු කිලෝ 300 ඉක්මවා විකුණති. එසේ නම් මේ ගෙන්වා ඇති කුඩු කන්ටේනරය එක කුඩු බෙදා හරින්නකුම වසරකදී විකුණා අවසන් කළ හැකි ප‍්‍රමාණයක් පමණකි. පරීක්‍ෂණ කණ්ඩායම්වල අවධානය ඒ කෙරෙහිද යොමුව තිබේ.

කුඩු කන්ටේනරය වෙනුවෙන් අත්අඩංගුවට ගෙන සිටින තිදෙනා ඊයේ (7) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම පරීක්‍ෂණ ඔස්සේ, මෙතෙක් හෙළි නොවුණු බරපතල කථා රැසක් ජාවාරම්කරුවන්ගේ මෙන්ම ඔවුන්ට සහය දුන් ප‍්‍රබලයින්ගේද නම් ගම් සහිතව හෙළි වනු ඇත.

 

 

 

 



අදහස් (0)

ලොකුම මත්කුඩු තොගය අල්ලා ගත් හැටි

සරත් Monday, 09 September 2013 12:05 PM

පකිස්ථානුව වගේම අපේ නියෝජිතයා අල්ලා නොගැනීම රටේ අනාගතයට වෙන මහත් විනාසයකි.

:       0       0

ජාබීර් Wednesday, 11 September 2013 07:58 AM

මෙවැනි දේ යොදාගෙන ජාතියකට අවමන් නොකර වැරදිකරුවන්ට මරණ දඩුවම නියමකර ක්‍රියාත්මකව කරන්න (නි)

:       0       0

සමන් Friday, 13 September 2013 08:35 AM

කට්ටියක් කාලයක් ග්‍රීස් යකාට බයවුනේ මේක හින්දා වෙන්න ඇති.(නදී)

:       0       0

වීර Sunday, 08 September 2013 03:29 PM

ඔන්න ජාතික සමගියට මුවාවෙන් සිංහලයා වනසන හැටි. එදත් කරේ ඒකමයි. අද කරන්නෙත් ඒකමයි. හෙට කරන්නෙත් ඒකමයි.(නදී)

:       0       0

රවීන් Tuesday, 10 September 2013 11:08 AM

ලංකාවට ගෙන්නන රෙදිත් මේ විදිහට හොරට ගෙන්නන අය ඉන්නවා, වදුලි උපකරනත් ඒ වගේ. බදු ගෙවන්නේ නැතිව වෙන අයගේ නම් වලට, සමාගම් වලට ගෙන්නන එක කරගෙන යනවා, මේවා බලන්න කව්රුවත් නැ, සල්ලි විසි කරලා බේරෙනවා. මෙයට අමතවරව අපේ රg වටේට හොරු වටකරගෙන, සමහර ඇමතිලටත් මන්ත්‍රීටත් පොලිසියටත් මේ හොරු නැතිව බැහැ, මේ කුනු ගද ලෝකෙටම දැනෙනවා, එක දෙයක් අනගාරික ධර්මපාල තුමා කියපු කලු සුද්දෝ අපි බලයට පත්කළා. 1931 ඉදන්ම දැන් ඉතින් දත නියවන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සෑම් Friday, 13 September 2013 09:15 AM

මර්සි ලංකා, ඔබේ කතාව 100%ට 100%ක් ඈත්ත.(නදී)

:       0       0

සෑම් Friday, 13 September 2013 09:18 AM

දෑන්මම පකිස්තානුවන්, ඉන්දියානුවන් මෙරටට පැමිණීම සීමා කලයුතුයි... (ස)

:       0       0

සෑම් Friday, 13 September 2013 09:20 AM

ජනාධිපතිතුමනි, දැන්මම පකිස්තානුවන්, ඉන්දියානුවන් මෙරටට පැමිණීම සීමා කලයුතුයි... ප්‍රමාද වුනොත් අපි හැ‍මෝටම පසුතැවෙන්න සිදුවේවි.... (ස)

:       0       0

තිලින Monday, 09 September 2013 06:41 AM

මත් ද්‍රව්‍ය ලංකාවට වැඩිපුර ගේන්නේ අර කට්ටියයි.(නදී)

:       0       0

නිමල් Tuesday, 10 September 2013 10:48 PM

මේවා සොයාගත් නිලධාරින්ට හා ලංකාදීපයට මගේ ප්‍රණාමය.මොනවා වුණත් අපේ රටේ මේ කුඩු මුදලාලිලා, මිනීමරුවෝ , මංකොල්ලකාරයෝ වගේ අය නැතිකරන්න නිලධාරීන් හා මාධ්‍යය ගොඩක් උත්සාහ ගත්තත් ඔය කට්ටිය ඇතිදැඩි වෙන්නේ කිරිදරුවෙක් අම්මාගේ තාත්තාගේ රැකවරණය ලබනවා වගේ, සමහර දේශලාගඥයන්ගේ තුරුලේ (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 10 September 2013 01:02 PM

ආසියාවේ ලොකුම මත් කුඩු නිෂ්පාදනය ඇෆ්ගනිස්ථාන් සහ පාකිස්තාන් රටවල කරන අතර බෙදා හැරීම කරන්නේ පාකිස්තාන් ඉස්ලාම් භක්තිකයන්ය . ආගම හෝ ජාතිය නිසා නොව පාකිස්තාන්කරුවන් ලංකාවට ඒම නැවැත්විය යුතුය.ඉන්දියානු සංචාරකයන්ද අඩු කල යුතුය. අපේ රටට ඉතාම හානි කර ජාති දෙක පාකිස්තාන් සහ ඉන්දියනුවන්ය. (ස)

:       0       0

දිනේෂ් Thursday, 12 September 2013 01:20 PM

මේවා ලංකාවට ගෙන්වන මිනිස්සුන්ට කවදාවත් හොදක් නම් වෙන්නේ නැහැ (දී)

:       0       0

සංජය Sunday, 08 September 2013 07:37 PM

ඇයි අර ගූගල් වලින් සෙක්ස් හොයපු රට? (නදී)

:       0       0

දිනේෂ් ගයාන් Sunday, 15 September 2013 12:37 PM

ඇත්තට මේ වගේ අපරාධ අල්ල ගැනීම පිළිබද සතුටුයි ඒ වගේම ඉදිරියටත් මෙවැනි දේ කිරීමෙන් අපිට මේ දේවල් නවතා ගත හැකිය(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5387 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 761 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1327 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 272 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site