IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ලෝකයේ ප‍්‍රධාන අධිවේගී මාර්ග

ලෝකයේ අධිවේගී මාර්ග ජාතික හා අන්තර්ජාතික වශයෙන් වර්ගීකරණයට ලක්කොට ඇත. මෙම මාර්ග විවිධ වාර්තාවලට හිමිකම් කියයි. මෙහි ලියැවෙන්නේ ලෝකයේ ප‍්‍රධාන පෙළේ අධිවේගී මහා මාර්ග කීපයකි. 1. ජාත්‍යන්තර අධිවේගී මාර්ග අතරින් දිගින් වැඩිම අධිවේගී මාර්ගය වන්නේ ලතින් ඇමෙරිකානු රටවල් අතර ඉදිකොට ඇති කිලෝ මීටර 47,958 ක දිගින් යුතු මාර්ගයයි. ලතින් ඇමෙරිකානු අධිවේගී මාර්ග කොන්ග‍්‍රසය මගින් පාලනය කරනු ලබන මෙම මාර්ගය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මැක්සිකෝව, ගෝතමාල්, එල්සැල්වදෝරය, හොන්ඩුරාස්, නිකරගුවා, කෝසටාරිකාව, පැනමා, කොලොම්බියා, ඉක්වදෝර්, පේරු, චිලී හා ආජන්ටිනාව එකිනෙක සම්බන්ධ කරමින් දිවයයි. 2 ලෝකයේ ඉදිකැර ඇති අධිවේගී මාර්ග අතරින් වැඩිම උසකින් පිහිටි අධිවේගී මාර්ගය වන්නේ චීනයත් පාකිස්ථානයත් අතර කරාකෝරම් කඳුවැටිය මතින් දිවෙන අධිවේගී මාර්ගයයි. එහි උසින් වැඩිම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 15,397 ක උසින් පිහිටා තිබේ. 3 ලොව පළලින් වැඩිම අධිවේගී මාර්ගය වන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන් නගරය හරහා දිවෙන අධිවේගී මාර්ගයයි. කැටී නිදහස්මග ලෙස නම්කොට ඇති මෙය 2007 දී මං තීරු 26 දක්වා පුළුල් කැර තිබේ. 4  ඕස්ටේ‍්‍රලියාවේ ඉදිකැර ඇති හයිවේ 01 නැමැති මෙතෙක් ලොව එක් රටක ඉදිවූ දිගම තනි අධිවේගී මාර්ගය වන අතර කිලෝ මීටර 14,500 දුරකින් යුතුය.  ඕස්ටේ‍්‍රලියාව වටා මෙම මාර්ගය ඉදිකොට තිබේ. 5 ලොව දිගින් දෙවැනි ස්ථානය ගන්නා අධිවේගී මාර්ගය වන්නේ අන්තර් සයිබීරියා අධිවේගී මාර්ගයයි. රුසියන් සමූහාණ්ඩුවේ නිර්මාණයක් වූ මෙය රුසියාවේ සිට අත්ලන්තික් සාගරයේ පිහිටි බෝල්ටික් මුහුද දක්වාද තවත් පසෙකින් පැසිපික් සාගරයේ ජපන් මුහුද දක්වා ද දිවයයි. රුසියන් සමූහාණ්ඩුව බිඳ වැටිමෙන් පසු මෙය රටවල් කිහිපයකට අයත්ව ඇති බැවින් දැන් එය ආසියාවේ අධිවේගී මාර්ග පද්ධතිය ලෙස පිළිගැනේ. ඒඑච් 6 ලෙස නම්කොට ඇති මෙම මාර්ගය කිලෝ මීටර 11,000 ක් දිගැතිය. 6 තනි රටක ඉදිකළ අධිවේගී මාර්ග අතරින් ලොව දිගින් තෙවැනි ස්ථානය ගන්නා අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ කැනඩාවේය. කිලෝ මීටර 8,030 ක් දිගින් යුතු එය කැනඩාවේ ප‍්‍රාන්ත දහයක් එකිනෙක යා කරමින් ඉදිකැර තිබේ. 1962 දී ජනතා අයිතියට පත්කරන ලද මෙම අධිවේගී මාර්ගයේ දිනකට වාහන මිලියනයකට වඩා ගමන් කරන බව පැවසේ. 7 ලොව විශාලතම අධිවේගී මාර්ග ජාලයට හිමිකම් කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. අන්තර් ප‍්‍රාන්ත අධිවේගී මාර්ග පද්ධතිය ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන මේ මාර්ග පද්ධතියේ සියලූම මාර්ගයන්හි දිග සැලකූ විට එය කිලෝ මීටර 6,430,366 කි. මේ මාර්ගය මගින් ඇමරිකාවේ සියළුම ප‍්‍රධාන නගර එකිනෙකට සම්බන්ධ කොට ඇත. 8 ලොව පිළිගත් අධිවේගී මාර්ග නීති රීති අනුව ලෝකයේ ප‍්‍රථම අධිවේගී මාර්ගය නිර්මාණය කැර ඇත්තේ ඉතාලියයි. ඒ 1922 වර්ෂයේ ඔටෝස්ට‍්‍රාඩා 8 ලෙස එය නම්කැර තිබේ. 9 ලෝකයේ වඩාත් කාර්ය බහුල අධිවේගී මාර්ගය ලෙස පිළිගැනෙන්නේ ඇමෙරිකාවේ කිංග්ස් හයිවේ 401 නැමැති මාර්ගයයි. දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව සහ නැගෙනහිර ඔන්ටාරියෝ සම්බන්ධ කරමින් විහිදී යන මෙම මාර්ගයේ දිනකට වාහන ලක්ෂ පහකට වඩා ධාවනය වන බව ගණනය කොට තිබේ.

සටහන සහ ඡායාරූප - සජීව විජේවීර
   



අදහස් (0)

ලෝකයේ ප‍්‍රධාන අධිවේගී මාර්ග

සංජය Sunday, 12 February 2012 05:59 PM

මේ ඡායාරූප දැක්කම අපිට දුකයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 361 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 261 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 85 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 368 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 533 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 896 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 479 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 707 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1979 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site