ලෝකයේ ලස්සනම කෙල්ලවන්නට ලැබීම ඕනෑම කෙල්ලකට සතුටුවීමට ලැබෙන අවස්ථාවකි. ඒ කෙල්ල උපන් රටේ වැසියන්ටද ලස්සනම කෙල්ලට මෙන් සතුටුවීමට ඉඩ ප‍්‍රස්ථා ලැබේ. ඒ ලස්සනම කෙල්ල අපේ කෙල්ලකියි යන හැඟීමෙනි. ඉතින් මෙදා ඒ සතුට ලැබුණේ චීන ජනතාවට සහ චීන රූ රැජින වූ යූ. ටෙන්සියා නම් යුවතියටය. දකුණු ආසියාවේ බලසම්පන්නම රටක් ලෙස ඉහළින්ම සිටින චීනයේ ලස්සනම කෙල්ලන්ද සිටීම ඇත්තටම චීනයට ආඩම්බරයකි. ලෝක රූ රැජින තේරීමේ අවසන් තරගය මෙවර පැවැත්වුණේ චීනයේම වීම තවත් විශේෂත්වයකි. මොංගෝලියාවට අයත් ගෝබි කාන්තාරයට යාබද ඕර්ඩෝස් නුවර ඩොන්ග් ෂෙන් ගෘහස්ථ ක‍්‍රීඩාංගණය තුළදීය. මෙම කාන්තාර නගරය ලක්ෂපතියන්ගේ නගරයක් වන අතර දෙවැනි ඩුබායි නගරය ලෙසද හැඳින්වෙයි. මේ නුවර මැද පැවැති මෙම සුපිරි උළෙල රැුඟුම්, ගැයුම්, නැටුම්වලින් පිරී තිබිණි. රටවල් 116කට අයත් සුරූපිනියන්ගෙන් පිරී පැවතුණු මෙම උළෙලෙහි ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් යූ. ටෙන්සියාට ඉකුත් වසරේ රූප සුන්දරිය වූ වෙනිසියුලාවේ රූ රැජින දියමන්ති ඔටුන්න පළඳා වසරක් සඳහා ඇය අභිෂේක කළාය. වේල්ස් රූ රැජින වූ ෂොපී දෙවැනි තැනටත්, ඕස්ටේ‍්‍රලියා රූ රැජින වූ ජෙසිකා තෙවැනි තැනටත් තේරී පත්වූහ. මෙම රූ රැජින තරගය ලොව පුරා විවිධ රූපවාහිනී නාලිකා ගණනාවකින් විකාශය විය. මිලියන ගණනක් පේ‍්‍රක්ෂකයන්ගේ ප‍්‍රසාදයට ලක්වූ මෙම උළෙල සජීවීව නැරඹූවන් අතරෙහි වැඩිම පිරිසක් චීන ජාතිකයෝ වූහ. රූ රැජින තේරී පත්වීමත් සමග චීන ජාතිකයෝ නටා ගයා ප‍්‍රීතිඝෝෂා පැවැත්වූහ. මෙදා රූ රැජින වූ යූ. ටෙන්සියා සංගීත ලෝලියක් වූවාය. සංගීත ගුරුවරියක ලෙස කටයුතු කරන මෙම විසිතුන් හැවිරිදි යුවතිය නර්තනයටද හපනියකි. රූ රැජින වූ පසුව ඉපැරැණි චීන ගීතයක් ගයා පේ‍්‍රක්ෂකයෝ ප‍්‍රබෝධයට පත්කළ ඇය පියානෝ වාදනයටද හපනියකි. සංගීතය හැරුණු විට ඇගේ විනෝදාංශය වන්නේ කඳු නැගීම සහ සංචාරයයි. ලෝක රූ රැජින කිරුළ නිසා ඇයට රට රටවල සංචාරය කිරීමේ වාසනාවද උදාවනු ඇත්තේය.
ශකුවි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන දැකලා නැති අයට හොඳයි...(ස)
හොදයි (කේ)
ඇත්තටම ලස්සනයි.. චාම් .(ස)
අපේ ගමේ බබීනෝනාගේ මැගී කෙල්ල මට ලස්සනයි මීට වැඩිය. (නි)
සුබ පැතුම් (දී)
ලස්සනම කාන්තාවන් මම හිතන විදියට ඉන්නේ අරාබි රටවල.. ලස්සන කියන දේ කෙනාගෙන් කොනට වෙනස් වෙනවා.. මොකද ලස්සන දකින විදිය වෙනස් නිසා..!!!(නු)
මමත් මීට වැඩියෙන් ලස්සනයි මගේ හිතේ. (නි)
දකුණු ආසියාවේ කොතනද අනේ චීනය තියෙන්නේ? (නි)
මේ තීරණේට එක හෙළාම මම විරුද්ධයි. කියන තරම් ලස්සනක් නැහැ මට නම්. (නි)
මටනම් ඒතරම්ම ලස්සන නැහැ..!!(නු)
කෝ මේකිට පපුවක් කියලා දෙයක් නෑනේ (වි)
මේක තේරුවේ අන්දයෙක්ද...? (ස)
බලා ගෙන චීන්නු බලුමස් කනවා .(ස)
අපේ අම්ම මීට වඩා ලස්සනයි .! (ස)
ඔයාට පෙම්වතෙක් එහෙම ඉන්නවද දන්නේ නෑ නේ....(ස)
ලස්සනයි
ලංකාවටනම් එන්න එපා...බේරිලා යන්න බැරි වෙයි....(ස)
අක්කෙ ඔයා හොඳයි අපේ ගෙදර පොල් ගාන්න.එන්න බැරිද (ස)
හැමදේම දේශපාලනීකරණය වෙලා. මේකත් එහෙමයි. මට නම් ලස්සන නැහැ. (නි)
කෝ බලන්න
ලංකාවේ මීට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා..(ස)
ඇත්තටම ලස්සනයි
ලස්සනයි. (නි)
අක්කේ, ඔයා ලංකාවට යනවා නම් සියලුම ආරක්ෂක විධිවිධාන භාවිතා කරන්න. දේශපාලකයන් නම් හමු වෙන්න යන්න එපා. (නි)
අම්මපා දැන් චීනෙත් දකුණු ආසියාවේද?(ස)