ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉමහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව ඓතිහාසික සාක්ෂි නිරීක්ෂණය කිරීමේදී අනාවරණ්‍ය වේ. ”රත්නදීප”, ”සෙරන්ඩිබ්” ආදී විවිධ නම්වලින් ද හැඳින්වූ අපේ රටේ කි‍්‍ර. පූ. 3 වැනි සියවසට අයත් මෑතකදී සොයා ගන්නා ලද බ‍්‍රහ්මී සෙල් ලිපියක, ”මණිකර” (මැණික් කපන්නා) වැනි වචන ද, මහාවංශය හා චූලවංශය වැනි සිංහල වංශකතාවල මැණික් පරිහරණයේදී ”රුවන්”, ”මිණි” ආදි වචන බහුලව යොදාගෙන තිබීමෙන් හා අතීතයේ සිටම වටිනා වස්තු අතර මැණික්වලට ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවූ බව මනාව පැහැදිලි වෙයි.
එසේම මැණික් ඔබ්බවූ ”මිණි පළඟක්” වෙනුවෙන් චූලෝදර සහ මහෝදර නා රජුන් දෙදෙනා අතර ඇතිවූ අරගලයක් පිළිබඳව ද ඓතිහාසික තොරතුරු අපේ ඉතිහාස කතාවල සඳහන්ය. ශ්‍රී ලංකාව ”මැණික් නිම්නය” නමින් ද සින්බෑඞ් නැවියාගේ කතන්දරවල හඳුන්වා ඇත. තවද ”මාර්කෝපෝලෝ”, ”ඉබන්බටුටා”, ”පාහියන්” වැනි විදේශ සංචාරකයන්ගේ වාර්තාවල මැණික් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් සඳහන්වේ. සොලමන් රජු, ෂීබා රැජිණගේ සිත දිනා ගැනීම සඳහා ලංකා මැණික් ගෙන ඒම පිණිස පණිවුඩකරුවන් අපේ රටට එවූ බවද ඉතිහාසයේ සඳහන්වේ. සමස්තයක් ලෙස සළකනවිට මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටම ශ්‍රී ලංකාව මැණික්වලට ජාත්‍යන්තර ප‍්‍රසිද්ධියක් ඉසිලූ බව මෙම කරුණු කාරණා අනුව පෙනී යයි.
ලොව පරසිදු මැණික් ගල් අතර ලෝකයේ තුන්වැනි විශාලතම ”නිල් ආරනූල”ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවය. දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇලහැර හත්තොට අමුණ ප‍්‍රදේශයෙන් හමුවූ ඉතාමත් දුර්ලභ වර්ගයේ මැණිකක් වන අතර 1971 පිහිටවූ රාජ්‍ය මැණික් සංස්ථාව විසින් මිලදී ගනු ලැබ තිබේ. වර්තමානයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නමින් හැඳින්වෙන එම ආයතනය රළු මැණිකක් ලෙස මිලදී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේදී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබේ. එම මාණික්‍ය දෙකෙන් විශාලම මාණික්‍ය මෙය වන අතර මෙහි බර ක‍්‍රාත් 392.92කි. ”ස්ටාර් ඔෆ් ලංකා” යන නාමයෙන් හඳුන්වන නිල් ආරනූල් මාණික්‍ය ජපානයේ සහ ස්වීඩනයේ පැවැත්වූ ජාත්‍යන්තර ප‍්‍රදර්ශන දෙකකදී විදේශිකයන්ගේ විශේෂ ආකර්ශනයට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ පැවැත්වූ ”ෆැස්ට්ස්” ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී දළදා පෙරහර සමයේ ක්වීන්ස් හෝටලයේ පැවැති ප‍්‍රදර්ශනයේදී සාර්ක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගාලූමුවදොර හෝටලයේදී පැවැත්වූ ප‍්‍රදර්ශනයේදී සහ පසුගිය නොවැම්බර් 01 වැනිදා රත්නපුරේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 40 වැනි සංවත්සර උත්සවය වෙනුවෙන් පැවැති ප‍්‍රදර්ශනයේදී මෙම මැණික දෙස් විදෙස් කාගේත් ආකර්ශනයට ලක්විය.
ලෝකයේ විශාලම නිල් ආරනූල් මාණික්‍ය සතුවන්නේ ඉන්දියාවටය. නමුත් ලෝකයේ මැණික් සඳහා පරසිදු බ‍්‍රසීලය, අපි‍්‍රකානු රටවල් වන ටැන්සානියා, මොසැම්බික් හා මැඩගස්කර් වැනි රටවලින් නිල් මාණික්‍ය හමුවුව ද ඒවා සඳහා වඩාත් ප‍්‍රචලිත රටවන්නේ ශ්‍රී ලංකාවයි. අනෙක් අතට මෙවැනි විශාල මැණික් හමුවන්නේ අපේ රටේ පමණි. සාමාන්‍යයෙන් නිල් ආරනූල් යන මැණික් විශේෂය ගත්කල නිල් පැහැය හොඳින් තිබුණ ද එහි මතුපිට ඇති නූල්හය හොඳින් නොපිහිටන්නට පුළුවන. නැතහොත් නූල් හය හොඳින් පිහිටිය හොත් ගලේ නිල් පැහැය හොඳින් නොපිහිටන්නට පුළුවන.
එහෙත් මෙම විශේෂිත ”ස්ටාර් ඔෆ් ලංකා” නිල් ආරනූල් මාණික්‍යයේ එම විශේෂිත ලක්ෂණ දෙකම ඉතා හොඳින් පිහිටීම නිසා මෙම මාණික්‍යයට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවමත් වටිනාකමක් තක්සේරු කර නැත.
දැනට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් සංචිතයේ තැන්පත් කර ඇති මෙම දුර්ලභ මාණික්‍ය සේම ”රේ ඔෆ් ටේරෂර්” නමින් හඳුන්වන ක‍්‍රාත් 103.05 බරැති කණක වෛරෝඩිය ද මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ආකර්ශනයට ලක්වී ඇත. එය නාවලපිටිය ප‍්‍රදේශයෙන් හමුවූ තවත් දුර්ලභ ඝනයේ වෛරෝඩි විශේෂයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැණික විකුණල කොළඹ සිට යාපනයට අධිවේගී මාර්ගයක් හැදුවනම් නරකද?
ඡායාරෑපය ගද්දි අඩිරූලකුත් ලගින් තිබ්බනම් විශාලත්වය අවබෝධ කරන්න පුළුවන්.
නියමයි
මැණික කොහොම හරි පරිස්සම් කරගන්න. ලංකාවේ අනන්‍යතාව රකින සම්පත් ඕවා..
අපේ සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්න ඕනි...
අපට ආඩම්බරයක් ...
රටටම අයත් සම්පතක් තනි පුද්ගලයෙක් අත්පත් කරගත්තොත් තමයි නරක....
රටටම අයත් සමපතක් තනි පුද්ගලයෙක් අත්පත් කරගත්තොත් තමයි නරක
ලංකාවට සම්පතක්..රටේ සංවර්ධනයට යොදවනවනම් වඩාත් යහපත්...
ශාන්,මමත් එකඟයි
ඕක ටික දවසකින් අතුරුදහන් වෙයිද දන්නෑ........