IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලංකාවට එරෙහිව ළඟම නෑයා ඇටවූ උගුල

 

මාර්තු මස ජිනීවාහිදී පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කරන බව මේ වනවිට නිවේදනය කොට ඇත. එහෙත් එවැනි තීන්දුවකට පසුව ශ්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉන්දියානු විරෝධයක් ගොඩනැගෙන බව ඉන්දියාව ඉතා හොඳින් දන්නා කරුණකි. එම තත්ත්වයට මුහුණදීම සඳහා ඉන්දියාව ඉතා සුක්ෂම සැලසුමක් සකස්කොට ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් සැක පහළ කරමින් ඇත. එම සැලසුමට අනුව ඉන්දියාව කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි සැක කෙරෙන්නේ මුලින් දැඩි ස්ථාවරයක් පෙන්වා පසුව මෘදු ස්ථාවරයක් දක්වා ගමන් කිරීම හරහා ශ්‍රී ලංකාව උගුලකට කොටුකර ගැනීමයි. වෙනත් වචනවලින් කියනවා නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම හෙළීමේ උපාය මාර්ගයක් අනුගමනය කර ශ්‍රී ලංකාව අමාරුවේ දමන අතර ශ්‍රී ලාංකික ජනතාව අතර තම ප‍්‍රතිරූපයද බේරා ගැනීමට ඉන්දියාව සැලසුම් කරන බව පෙනේ.

දැනට යම් පමණකට එළිදරව් වී ඇති එම උපාය මාර්ගයට අනුව ඉන්දියාව සහ ඇමෙරිකාව අන්‍යොන්‍ය එකඟතාවෙන් යුතුව ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන යෝජනාවට බරපතළ කාරණා ඇතුළු කරනු ඇත. ඉන්පසුව ඉන්දියාව ”හොඳ මිනිසාගේ” භූමිකාව රඟපාමින් එම යෝජනාවලියේ බරපතළකම අඩුවී පෙනෙන ලෙස ඒවා සංශෝධනය කිරීමට ඉදිරිපත්වනු ඇත. ඉන්පසු තවත් රටවල් කිහිපයකද මැදිහත්වීම මත එම ”සංශෝධිත යෝජනාවට” ඡන්දයකට නොගොස් එකඟ වන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කෙරෙනු ඇත. එහිදී ඇමරිකානු යෝජනාවට එරෙහිව ඡුන්දයක් ඉල්ලා සිටියහොත් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වන නිසා ඡුන්දයකට නොගොස් ඒවා බාරගැනීම වඩා සුදුසු බවට විවිධ පාර්ශ්වවලින් තර්ක ඉදිරිපත්වනු ඇත. එම තර්ක සාධාරණීකරණය කිරීම සඳහා දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ යම් නිලධාරීන් කණ්ඩායමක් තාක්ෂණිකව කරුණු ඉදිරිපත් කරන බවද මේ වනවිට වාර්තාවේ. එසේ යටත්වීම මගින් ශ්‍රී ලංකාවට සහනයක් ලබා ගත හැකි බව ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධාන තර්කයක් බව පෙනේ.
එහෙත් ශ්‍රී ලංකාව ඉන්දියානු  - ඇමෙරිකානු යෝජනාවට කැමැත්තෙන්ම එකඟවුවහොත් එහි අඩංගු කරුණු සියල්ල ඉටුකිරීමට අන් රටවල් ඉදිරියේදී දැඩි සදාචාර බැඳීමක් ඇතිවේ. එම තත්ත්වය යෝජනාවට විරුද්ධවීමෙන් පසුව එය බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව මත පැටවීමට වඩා බරපතළ තත්ත්වයකි. ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කොට ඇති යටත් කිරීමේ මෙහෙයුම තුළ ඔවුනට ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීම සඳහා නීතිමය සහ සදාචාරමය ඉඩක් විවෘත කර ගැනීමය. ඔවුන්ගේ අවසාන අරමුණ වන රට බෙදා වෙන් කිරීමේ ”සූඩාන ක‍්‍රමවේදය” සැබැවින්ම ආරම්භ වන්නේ ඒ ආකාරයට ජිනීවා යෝජනා හරහා ශ්‍රී ලංකාවට අත පෙවීමට ඉඩ ලබාගත් පසුවය.


ඒ අනුව මෙවර යෝජනාවේ ප‍්‍රධාන අංගය වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ බලයලත් නිලධාරීන්ට  ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ඇතුළුවී කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා විවෘත ආරධනාවක් ලබා ගැනීමය. මීට පෙරද එවැන්නක් සඳහා උත්සාහයක් ගැනුණු බව රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය එදා ඒ උගුලෙන් බේරුණත් මෙදා නැවත වටයකින් වඩාත් ප‍්‍රබල ලෙස ඒ දෙසට රජය තල්ලූ කිරීමට කි‍්‍රයා කරන බවට සැකයක් නැත. 


දෙවැනි අංගය මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘතකිරීමය. ඒ සඳහාද 2008 වසරේදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු නමුත් ප‍්‍රතික්ෂේප විය. නමුත් මෙවරද වඩාත් වැඩි පීඩනයක් යටතේ එම උත්සාහය ගනු ඇත. ඉන්දියානු  - ඇමරිකානු යෝජනාවේ තුන්වැනි අංගය විය හැක්කේ ශ්‍රී ලංකාවේ නිලධාරින් සහ මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ විදේශ බලයලත් නිලධාරීන් එකට එක්ව ඒකාබද්ධ කි‍්‍රයාකාරී යාන්ත‍්‍රණයක් සකස්කිරීමය.


මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය සාධාරණීකරණය කිරීම සඳහා පසුගිය මාර්තු මස සම්මත වූ ඇමරිකානු යෝජනාවට අදාළ පසු විපරම් වාර්තාවද යොදාගනු ඇත. පසුගිය වතාවේ යෝජනා වූයේ විවෘත ආරාධනාවක් නොමැතිව විශේෂ ඉල්ලීම මත පැමිණෙන එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට උපදෙස් දිය යුතු බව සහ ශ්‍රී ලංකාව එම උපදෙස් භාරගත යුතු බවකි. ගැනී මෙහාලී නමැති විශේෂ බලයලත් නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණියමුත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වූ කි‍්‍රයාකාරී සැලැස්ම කි‍්‍රයාත්මක කිරීම අධීක්ෂණය කිරීමට හෝ ඊට මැදිහත්වීමට එම නිලධාරියාට අවස්ථාව ලැබුණේ නැත. ඒ අනුව මෙවර ඔවුන් ඒ වැරැුදි දෙකම නිවැරැුදි කිරීම සඳහා මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය යොදා ගනු ඇත. එනම් ඒකාබද්ධව කි‍්‍රයාකාරි සැලසුම් නැවතත් සකස් කිරීමට සහ ඒකාබද්ධව එම කි‍්‍රයාවලිය අධීක්ෂණය කොට වාර්තා කිරීමට ඔවුන් උත්සාහ ගනු ඇත.


ශ්‍රී ලංකාව ඔවුනට අවශ්‍ය ප‍්‍රමාණයට යටත් නොවුවහොත් ඊළඟ සමුළුවේදී එනම් ලබන ජනාධිපතිවරණය ආශි‍්‍රතව ඔවුන් දියත් කිරීමට නියමිත මෙහෙයුමට සාපේක්ෂව ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා යෝජනා ගෙන එනු ඇත. එහෙත් ඉන්දියාව සහ ඇමෙරිකාව එක්ව අටවන මෙම උගුලට මෙම මාර්තුවේදීම පය තැබුවහොත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට වැඬේ පහසුවනු ඇත. ඔවුනට පළමු වටයේදී අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලිගැසීමට ඉඩ සලසා ගැනීමය. යුද අපරාධ චෝදනා එන්නේ ජනාධිපතිවරණයට පසුව බව ඇලන් කීනත් නමැති ජාත්‍යන්තර බෙදුම්වාදී විශේෂඥයා පසුගියදා පවසා තිබුණි.


කෙසේ වෙතත් මෙවර සමුළුවේදී බලපෑම්වලට ශ්‍රී ලංකාව යටත්වී ඉන්දියානු උගුලට පය තැබුවහොත් උදාවන්නේ යුද්ධය පැවැති කාලයේදී තිබූ තත්ත්වය බවට කිසිදු සැකයක් නැත. එනම්  එරික් සොල්හයිම් ඇතුළු ඊනියා සම සභාපතිවරුන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වූ ආකාරයේ තත්ත්වයකි. එය කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්ත්වයක් බව ඉතා පැහැදිලිය. පය තැබීමට ඉඩ දුනහොත් දිගින් දිගටම තම කටයුතු දිගුකර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. එවිට ඔවුන් ආපසු යැවීම හෝ වීසා නොදී සිටීම හෝ ඔවුනට බාධා කිරීම පහසු වන්නේ නැත. ඒ නිසා කළ යුතුව ඇත්තේ උගුල කුමක්දැයි ඉතා හොඳින් තේරුම් ගෙන ඊට පය නොතබා සිටීමය. එවිට මතුවන තර්කය වන්නේ යෝජනාවෙන් ශ්‍රී ලංකාව පරාජය වූ පසුව එම බලපෑමෙන් මිදෙන්නේ කෙසේද යන්නයි. එහෙත් එවිට ඉන්දියාවට සහ ඇමෙරිකාවට සිදුවන්නේ බලහත්කාරය යෙදවීමටය. නමුත් එය යටත්වීමේදී පෑගීම තරම් පහසු කි‍්‍රයාවක් නොවේ. ඊට මුහුණදීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මහජන සහයෝගයයි. ඒ නිසා අද රට ඉදිරියේ අටවා ඇති උගුල පිළිබඳව රජය මහජනයා ඉතා හොඳින් දැනුවත් කළ යුතුව ඇත. ඒ දැනුවත් කිරීමට සාපේක්ෂව රජය ස්ථිරසාරව කොන්ද කෙළින් තබා ගෙන ජාත්‍යන්තර බලපෑමට මුහුණ දෙන්නේ නම් ජනතාව රජය සමඟ එකට සිටගනු ඇත.


එහෙත් දැන් සිදුවන ආකාරයට 13 වැනි සංශෝධනය තුළ පවතින භයානක බෙදුම්වාදී ලක්ෂණ එසේ තිබියදීම උතුරේ පළාත් සභා පවත්වන බව යම් පාර්ශ්ව විසින් ප‍්‍රකාශ කිරීම මඟින් ජනතාවගේ විශ්වාසය පළුදු කර ඇත. බෙදුම්වාදයේ ජයග‍්‍රහණයට අවශ්‍ය පළමු පූර්ව කොන්දේසිය උතුරේ පළාත් සභා බෙදුම්වාදී බලවේග අත්පත් කර ගැනීමය. එය සුනාමි සහන මණ්ඩලය හෝ තාවකාලික ආණ්ඩුව පිහිටුවීමට වඩා බරපතළ තත්ත්වයක් බව ජනතාව වැඩි කලක් නොගොස් තේරුම් ගනු ඇත.


එමනිසා එම වරද ජිනීවාවලදී වරද්දවා ගැනීමටත් වඩා විශාල වරදක් බවට සැකයක් නැත. ජිනීවාවලදී ඉන්දියාව සහ ඇමෙරිකාව අපෙන් උදුරා ගන්නේ යතුර නම් බෙදුම්වාදී ලක්ෂණ සහිත පළාත් සභාව පිහිටුවීම යනු බෙදුම්වාදී දොර ඇරීම සඳහා පාවාඩ එළීමක් ලෙස හඳුනාගැනීමේ වරදක් නැත. එය ඉතා පැහැදිලිවම යුද ජයග‍්‍රහණය පාවාදීමක් ලෙස ජනතාව හඳුනාගනු ඇත. එසේ වුවහොත් ජාත්‍යන්තරයට ඉතිරි ගනුදෙනු බේරා ගැනීමට සිදුවන්නේ ජන පදනමක් නොමැති රජයක් සමඟය. එසේ වුවහොත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග පැත්තෙන් ගත් විට එය දැන් පවතින තත්ත්වයට වඩා ඉතා පහසු තත්ත්වයක් උදාවීමකි. ඒ අනුව යුද්ධයෙන් රට බෙදීමට වසර 30 ක් ගත වුවත් මානව හිමිකම් හරහා රට බෙදීමට වසර 03ක් වත් ගත නොවෙනු ඇත.

 

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය 

 

 



අදහස් (0)

ලංකාවට එරෙහිව ළඟම නෑයා ඇටවූ උගුල

අරුෂි Tuesday, 05 March 2013 10:56 AM

මේ පොඩි ලංකාවට මෙච්චර ප්‍රශ්න ?? (ස)

:       0       0

පාල Friday, 08 March 2013 08:44 PM

තව ගස් අස්සේ හින්දි ගීත කියමින් නටන චිත්‍රපටි බලලා ඉන්දියන් ආර්ථිකය පොහොසත් කරන්න. (නි)

:       0       0

මංජුල Sunday, 10 March 2013 10:38 AM

කොහොමද ඉතින් විශ්වාස කරන්නේ (දී)

:       0       0

සේන Tuesday, 05 March 2013 12:38 PM

කරන දෙයක් පරිස්සමෙන් (දී)

:       0       0

රීටා Monday, 04 March 2013 10:42 AM

මෙච්චර ගහද්දි අපට ඉන්දියාවට විරුද්ධ වෙන්න බැරි අපි එයාලගෙන් ණයට කන නිසා.. ණය, කෑම, බෙහෙත්, ඇඳුම්, වාහන ඇතුළු සියල්ල පිටින් ගන්න නිසා. හෙට නැවක් නාවොත් රටම හාමතේ... සිංහ කථා කියලා වැඩක් නෑ.. අපට ඇත්තටම මොනවත්ම තනිව කර ගන්න බැරිද ? (ස)

:       0       0

ප්‍රීති Monday, 04 March 2013 10:51 AM

ඕනෑම දේක තියෙන්නේ ඕක තමයි ලගම ඉන්න කෙනාගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ (දී)

:       0       0

පද්මා Thursday, 07 March 2013 08:12 AM

එහෙම තමයි එක එක ජාතිවල හැටි. (නි)

:       0       0

ෂීලා Monday, 04 March 2013 03:57 PM

රීටා හරි. (නි)

:       0       0

මාලා Monday, 04 March 2013 03:59 PM

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් තියලා තව ගෙන්නා ගත්තා නම් හරි. (නි)

:       0       0

ලංකා Sunday, 10 March 2013 12:46 PM

ජිනීවා වලදී මොනවා නොකරයිද (දී)

:       0       0

තුවාන් Wednesday, 06 March 2013 11:22 AM

මෙතැන මගේ ප්‍රශ්නය: ඇයි ඔවුන් අපට විරුද්ධ ? (නි)

:       0       0

සමන්ත Thursday, 07 March 2013 05:01 PM

උස් මොළ තියෙද්දිත් ඒ වග නොතකන්නේ.. ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ..!(නු)

:       0       0

චන්න Monday, 04 March 2013 12:19 PM

ඔන්න වැඩ, ලංකාව නිදහස් වෙනවාට ලෝකෙ සමහර රටවල් කැමති නැහැ (දී)

:       0       0

සේනානායක Wednesday, 06 March 2013 08:00 PM

ගිය පාරත් මතකයි අපිට (දී)

:       0       0

දිසා Wednesday, 06 March 2013 08:00 PM

බලන්නකෝ ජිනීවා චන්දෙ දවසට මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

සුබසිංහ Sunday, 10 March 2013 03:47 AM

අර මුස්ලිම් රටවල් වලට විරුද්ධව කැගහන කට්ටියට මේක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)

:       0       0

දිනේෂ්-සෞදි Wednesday, 06 March 2013 01:32 PM

දැන්නම් ඉන්දියන් කාරයෙක් දැක්කත් මට කේන්ති යනවා.(නදී)

:       0       0

දර්ශන Tuesday, 05 March 2013 02:26 PM

මේවා ඉතින් කාගේ කා‍‍ගෙත් වැරදි (ස)

:       0       0

හිල්ම් Monday, 04 March 2013 02:03 PM

දැක්කා ,නේද මේවා අපිටත් හොද පාඩම් (දී)

:       0       0

චමින්ද Friday, 08 March 2013 11:39 AM

අපේ ගොඩක් නොදන්න දෙයක් තමයි ඔය අපේ පොඩි නගරෙක තියෙන ඉන්දියන් ලේලන්ඩ් බස් තොගය එහේ නවදිල්ලියේ වත් දකින්න නැතිබව. ඒ විතරක්ද තව කොච්චර ඉන්දියන් වාහන අපේ සල්ලි දිදී අපි ගන්නවද? අපි ට අරහෙම සලකනවනම් අපිත් යම් ආර්ථික තීරණ ගන්න බව අඟවමු. එතකොට ඔය ඉන්දියන් වාහන ඇමරිකාවට යවන්න තමයි වෙන්නේ. ගනීවී මෙන්න කියලා. (ස)

:       0       0

කිරුළු Thursday, 07 March 2013 12:58 PM

අපේ ආච්චි සීයලා කියන කතා කවදාවත් බොරු වෙන්නේ නැහැ. ලගම ඉන්න කෙනාගේන් පරිස්සමෙන් වෙන්න කියලා තමයි ඒ අය කියන්නේ (දී)

:       0       0

කාලිංග Thursday, 07 March 2013 12:58 PM

කියලා වැඩක් නැහැ. ඒ කල උදවුවනම් (දී)

:       0       0

කිරුළු Thursday, 07 March 2013 12:53 PM

අපි නිදහස් රටක් වෙනවට කවුරුවත් කැමති නැහැ (දී)

:       0       0

ජානක Thursday, 07 March 2013 12:53 PM

අයියෝ ඉන්දියා (දී)

:       0       0

කිරුළු Thursday, 07 March 2013 12:58 PM

ලගම ඉන්න කෙනා තමයි විශ්වාස කල නොහැකි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 148 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 129 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 845 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site