අපේම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම මීට වසර දෙකක් යන තෙක්ම අප රට තුළ තිබූ සැබෑ නොවූ සිහිනයකි. නමුත් අද වන විට ඒ සිහිනය සැබෑවෙමින් පවතී. 2015 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වරට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත වන්නේ නූතන ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය රන් අකුරුන් ඉතිහාසයේ සටහන් තබමිනුයි යැයි චන්ද්‍රිකාව ගුවන්ගත කරන ශ්‍රී ලාංකීය සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා අප සමග කතාවට මුල පිරුවේ අභිමානවත් ආඩම්බරයක් මෙන්ම විස්තර කළ නොහැකි සතුටිනි. ගෑස් පිරවූ බැලූනයක් ගුවනට එක්කරන මෙන් සරළ නොවූ චන්ද්‍රිකා තාක්ෂණයෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමේ මාතෘකාව සරළ නොවූ නිසාම, බොහෝ කරුණු අපි ඔහුගෙන්ම දැනගන්නට උත්සාහ ගත්තෙමු. Supreme group සමාගමේ සභාපතිත්වය දරණ ආර්.එම් මනිවන්නන් තරුණ ව්‍යාවසායකයාට, අනාගතයේ කෙදිනක හෝ චන්ද්‍රිකාවක් ගුවන්ගත කළ යුතු බවට අදහස පහළ වී ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. උසස් අධ්‍යාපනය හදාරණ කාලයේදී ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටි මාගේ මිතුරෙක් ලංකාවට පැමිණියේ ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඔහු ලංකාවට එන්න කලින්, අපේ රට පිළිබඳ බොහෝ තොරතුරු සොයා තිබෙනවා. ලොව ප‍්‍රසිද්ධ තාරකා විදාඥයකු වූ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා සිටින රට ලෙසටයි ඔහු ශ්‍රී ලංකාව විශේෂිකරණය කර තිබුණේ. ශ්‍රී ලංකාවට ආපු මාගේ මිතුරා මහත් ආඩම්බරයෙන් කතා කළේ ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන් ගැන. භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා තාක්ෂණය සොයා ගෙන තිබුණේ ඔහු. ක්ලාක් ශ්‍රීමතාණන් සොයා ගත් එය CLARKE ORBIT යන නමිනුයි නම් කර තිබුණේ. මේ කරුණු ඇහුව්වාම මටත් හිතුණා ඇයි අපිට අනාගතය වෙනුවෙන් යමක් කළ නොහැකි කියා. ශ්‍රී ලාංකිකයන් බොහෝ විට පුරුදු වී සිටින්නේ ලාබම දෙයක් පිටරටකින් වැඩි මුදලක් දී ගැනීමට හෝ මිල වැඩි දේවල් වලින් කොමිස් අරං, රට නඩත්තු කරන්න. ලෝකයේ දැනට චන්ද්‍රිකා තාක්ෂණය හිමි රටවල් තිබෙන්නේ හතළිස් හතරක් පමණයි. එම රටවල් ගොන්නට එකතුවන හතළිස් පස්වැනි රට ශ්‍රී ලංකාව. ‘‘සුප්රීන් සැට්’’ යන නමින් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ගෝලීය කක්ෂගත චන්ද්‍රිකාවක් (GEO) ලෙසට අභ්‍යාවකාශ ගත කරන්නේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් තිස් හයදහසක් දුරින් සන්නිවේදන චන්ද්‍රිකාවක් ලෙසට. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ස්ථාන තුනක් පවතිනවා. ඒ, පහළ පෘථිවිගත චන්ද්‍රිකා (LEO) මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා (NEO) සහ භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා (GEO) වශයෙනි. කිලෝ මීටර් 80-2000 අතර දුරින් පිහිටන පහළ පෘථිවිගත චන්ද්‍රිකා සියයට 48ක් පමණ ලොව පුරා තිබෙන අතර, මධ්‍ය පෘථිවිගත චන්ද්‍රිකා සියයට 10ක් පමණ පවතින්නේ කිලෝමීටර් 2000-36000ත් අතර දුරිනි. භූගෝලී්‍ය කක්ෂගත චන්ද්‍රිකාවක් පවතිනුයේ කිලෝමීටර් 36000ක් දුරිනි. දැනට ලොව පුරා ආසන්න වශයෙන් චන්ද්‍රිකා නවසියයක් (900) පමණ ක‍්‍රියාත්මක වේ යැයි අනුමාන කෙරෙන අතර ඉන් තුන්සීය අසූ එකක් (381) භූගෝලීය කක්ෂගත චන්ද්‍රිකා වේ. ප‍්‍රථම භූගෝලීය කක්ෂගත සන්නිවේදන චන්ද්‍රිකාව ‘‘සින්කෝන් 2’’ වන අතර එය 1964 දී ඇමෙරිකාව විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ විස්තර විකාශනය කිරීම සඳහා ඉදිකර තිබේ. ඔහු නැවත කතාවට මුලපිරුවේය. ලොව පුරා චන්ද්‍රිකා තාක්ෂණය ඇති රටවල් 44ක් තිබුණත්, ශ්‍රී ලංකාව වැනි ආසියානු රටකට චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න දායක වන්න බොහෝ දියුණු රටවල් කැමති වුණේ නැහැ. අපට උදව්කරන්න කැමති වුණේ චීන රජයට අනුබද්ධව ක‍්‍රියාත්මක කෙරෙනා චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩ‍්‍රස්ටීස් ආයතනය පමණයි. පසුව ශ්‍රී ලංකාවේ සුප‍්‍රීම් සැටලයිට් පෞද්ගලික සමාගම සහ චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩස්ටී‍්‍රස් ආයතනයත් සමග ඇතිකරගත් එකාබද්ධ ගිවිසුමට අනුව චන්ද්‍රිකාව නිපදවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ, චීන සමාගමත් සමග ඇතිකරගත් ගිවිසුමේ කොටසක් ලෙසට. දේශීය වශයෙන් අභ්‍යාවකාශගාමින් පුහුණු කිරීමේ ඇකඩමියක් නුදුරු දිනයකදීම අප රට තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. චන්ද්‍රිකා තාක්ෂණය රට තුළම භාවිත කිරීමෙන් ලැබෙන ප‍්‍රයෝජන බොහෝය. ඉන් ප‍්‍රධානම වනුයේ වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් විදේශයන්ට ගලා ගිය විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකිවීමය. මීට අමතරව ජාත්‍යන්තර සන්නිවේදන පහසුකම අවම මිලට ශ්‍රී ලාංකික ග‍්‍රාහකයන්ට ලබාගත හැකි වීමද විශේෂිත කරුණකි. මෙරටින් ගුවන් ගත කෙරෙනා චන්ද්‍රිකා තාක්ෂණයෙන් සියයට 15ක් පමණ මෙරට සන්නිවේදන අවශ්‍යතා සඳහා භාවිත කිරීමට නියමිතය. ඉතිරිය බංග්ලාදේශය, බුරුමය, ඇෆ්ගනිස්ථානය, නේපාලය වැනි රටවලට ලබාදී එම දකුණු ආසියානු රටවලින් සැලකිය යුතු විදේශ විනිමයක් රට තුළට ගෙන්වා ගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති. දේශීය සන්නිවේදන සමාගමකට දකුණු ආසියානු රටවලට පහසුකම් සැපයීමට ලැබීමත් ලැබූ ජයග‍්‍රහණයක් වෙනවා. ශ්‍රී ලංකාවෙන් ගුවන්ගත කෙරෙන චන්ද්‍රිකාවේ අට්ටාලය (ප්ලැට්ෆෝම්) දැනට කොග්ගල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියම කර තිබේ. චන්ද්‍රිකාවක් නිපදවීමේදී අවශ්‍ය කෙරෙන ශ‍්‍රම ශක්තිය විශාල නිසාම හෝ නිර්මාණය වී ඇති රැකියා වර්ග ප‍්‍රමාණයද සිය ගණනකට හෝ වැඩිය. විද්‍යාඥයින්, අභ්‍යාවකාශ තාක්ෂණ ශිල්පීන්, අභ්‍යාවකාශ පිළිබඳ භෞතික විද්‍යායින්, ගුවන්යානා ශිල්පීන්, අජටාකාශ විද්‍යායින් ඇතුළු තාක්ෂණ හා විද්‍යාව විෂය පථය තුළ දිග හැරෙන රැකියා රාශියක් මේ තුළින් නිර්මාණය වී තිබේ. එමෙන්ම මේ වන විට මෙම භාරදූර කාර්යයන් සඳහා රැකියා ඉල්ලූම්පත් එක්දහස් දෙසියකට ආසන්න ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ලොවපුරා භාවිත කෙරෙන සමස්ත චන්ද්‍රිකා වලින් සියයට 48ක් වාණිජ කටයුතු සඳහා භාවිත කෙරේ. එනම් චන්ද්‍රිකා රේඩියෝ, චන්ද්‍රිකා රූපවාහිනි සහ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා. ඉතිරි සියයට 25ක ප‍්‍රමාණයක් භාවිත කරනුයේ යුද්ධ කටයුතු සඳහාය. ඉතිරි සියලූ චන්ද්‍රිකා තාක්ෂණය සමස්තයක් ලෙසට ලොවපුරා භාවිත කරනුයේ රාජ්‍ය සහ සිවිල් ක‍්‍රියාකාරකම් සඳහාය. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අභ්‍යාවකාශ තාක්ෂණ විද්‍යාලය ගොඩ නැගීමට ඔයැ ිමචරුපැ ටරදමච ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සක් පමණ වෙන්කර තිබෙන අතර, එයද නුදුරු දිනයකදී ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. ඒකාබද්ධ ව්‍යාපෘතියේම කොටසක් ලෙසට එය ආරම්භ කෙරේ. චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම ඉතිහාස ගත කිරීමම නොවේ අපගේ මූලික පරමාර්ථය. එමගින් අප බලාපොරොත්තු වෙනවා අභ්‍යාවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ වූ විද්‍යාව මෙරට තුළ ව්‍යාප්ත කිරීමට. ඊට අමතරව දහස් ගණනක් වූ තරුණ ජනතාව දිරි ගන්වන්නත්, අභ්‍යාවකාශ ගැන දැනුමෙන් ජනතාව පෝෂණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ලොව ශීඝ‍්‍රයෙන් දියුණ වන රටවල් අතරට එක් වූ චීනයේ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම මෙන්ම ශ්‍රී ලංකාවේ විද්‍යාවේ සහ තාක්ෂණයේ දැනුමත් එකට එක් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ නව ලොව තුළට ශක්තිමත් දොරටුවක් විවර කිරීම. මෙම ව්‍යාපෘතිය තුළින් පුහුණු ශ‍්‍රමිකයන් වඩ වඩාත් වැඩිකර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතුළු කර ගැනීමට ද බලාපොරොත්තු වේ. ලොව ප‍්‍රථම චන්ද්‍රිකාව වන ‘‘ස්පුට්නික්’’ ඉදිකර ගුවන්ගත කිරීමේ ගෞරවය හිමිවන්නේ රැුසියානු ජාතිකයන්ටය. අද වන විට සන්නිවේදන චන්ද්‍රිකා එකසිය පනහක් පමණ ලොව වටා ක්‍ෂකගතවී ඇති අතර, එයින් බහුතරයක හිමිකරුවන් වන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදය හෝ එහි සමාගම්ය. ලෝකයේ චන්ද්‍රිකා හිමිකාරත්වය හිමි ප‍්‍රධාන රට ලෙසට රුසියාව ප‍්‍රසිද්ධ වී ඇති අතර ඔවුන් සතු චන්ද්‍රිකා ප‍්‍රමාණය 95 කි. ලොව දෙවැනි ස්ථානයට පත්වෙන චීනය සතු චන්ද්‍රිකා ප‍්‍රමාණය 58 කි. ඔහු අවසානය සනිටුහන් තැබුවේ මෙසේය. ‘‘ශ්‍රී ලාකාවෙන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට බලාපොරොත්ු වන බව මීට වසරකට පෙරදී මම වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවසුවෙමි. ඔහු බොහෝ සෙයින් සතුටු වුණා. නමුත් ඒ වෙනුවෙන් රජයට මුදල් වෙන්කරන්න විදිහක් නැහැ. පෞද්ගලිකව මුදල් වියදම් කර චන්ද්‍රිකාවක් නිපදවනවානාම්, ඊට අදාළ සියලූ සහයෝගයන් ජනාධිපති වශයෙන්, ඔහුත් රජයත් ලබාදීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කළා. ඒ වගේම උපරිම සහයෝගයක් ලබා දී තිබෙනවා. ලංකා ආයෝජන මණ්ඩලයත් ලබාදුන් සහයෝගය උපරිමයි.
සටහන - අසුන්තා එදිරිසූරිය / ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්. දෙවි පිහිටයි. (නි)
මෙය සිහිනයක් නොවේවා! (නි)
කොරියන් වල සිටින අපෙනුත් සුභ පැතුම්! (නි)
මම මේ ඉතිහාසගත දිනය පැමිණෙන තුරු බලා සිටිමි. (නි)
මගෙන් තව 1000 කුත් ලියාගන්න. (නි)
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මුලුමහත් ශ්‍රී ලාංකික කාර්මික තාක්ෂණික ගමන් මාර්ගයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වේවී. (නි)
කරලා බලමු. මගෙන් සුභ පැතුම්! හරිගියේ නැත්නම් හරියනකම්ම කරමු. කවදාම හරි හරියයිනේ. (නි)
ඇත්තටම මෙහෙම දේවල් සිද්ධ වෙනවානම් අපේ රට ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන්. (නි)
වරුණ මොකෝ කතාවක් නැත්තේ? (නි)
ඇත්තටම හොද වැඩක්. (නි)
මෙය සාර්ථක වීමට එක සිතින් සුභ පතනවා..........
නියමයි.ලාංකිකයෙක් වීම පිළිබදව ආඩම්බරයි. (නි)
කාද්ද යවන්නේ හරියටම
අපි ඇත්තටම ආඩම්බර විය යුතුයි මේ සංවර්ධනය ගැන.. අපි ඝෘණාත්මකව නොසිතිය යුතුයි... ජාතියක් හැටියට අපි ධනාත්මකව සිටිය යුතුයි අපේ රට දියුණු කරන්නනම්..!!(නු)
අයියෝ සල්ලි
ඕකට තමා කියන්නේ වැඩ කරන මිනිස්සු කරලම පෙන්නනනවා කියලා. (නි)
නියමයි.....
ඇයි අපට බැරිද මෙහෙම දේවල්? දැන් පේනවනේ. සුභ පැතුම්! (නි)
සතුටුදායක පුවතක් (නි)
නියම වැඩක්. ලංකාවේ සන්නිවේදනය ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. හැබයි මෙවට ඊර්ෂියා කරන අයත් නැතුව නොවේ. (අ)
අන්න වැදගත් වැඩ. ජය වේවා! (නි)
ෂා... නියම වැඩක් ජනාධිපතිතුමනි. හැබැයි හීනයක් විතරක් නම් කරන්න එපා. (නි)
ලාංකිකයෙක් විදියට මේ වගේ දෙයක් අහන්න ලැබීම පිළිබදව මම ඉතාම සතුටු වෙනවා. (නි)
මේක හොද අදහසක්. මම සුභ පතනවා. (නි)
රට දියුණු කරන්නට මේ වගේ දේ කෙරෙන්න ඕන..සුභ පැතුම්..(ස)
විශිෂ්ටයි. කෙසේ වෙතත් අසල්වැසියාට නම් වුට්ටක් දුක හිතෙයි, චීනයේ සහය ලබාගන්නා නිසා. පළමු වන වතාවේම ‘ලෝන්ච් ‘ නිවැරදි විය යුතුයි. නැත්නම් පාඩුව ප්‍රකෝටි ගණනන් විය හැකියි. (නි)
උණුසුම් සුභ පැතුම්! (නි)
ගෘහ සේවයට ගිය කාන්තාවන්ට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් තම ස්වාමි පුරුෂයන්ට කතා කිරීමේ හැකියාව ලැබීම ගැන සතුටුයි. (නි)
සුභ පැතුම්!!!(ස)
සුභ පැතුම්.. දැං අපට අපේ රූපවාහිනී නාලිකා ඉතා පැහැදිලිව නැරඹීමේ හැකියාව තිබෙනවා.. නමුත් අපේ රටේ විශාල දුරකථන කුළුනක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා කොළඹ නගරයේ ...(නු)
චන්ද්‍රිකා තාක්ෂණය ලොවට හොයාගත් විද්‍යාඥෙයක් හිටිය අපේ රටේ. එතුමාත් හිටිය නම් කොයි තරම් සතුටු වෙයිද පරක්කු වෙලා හරි මෙම වෙන එක රටට වාසනාවක් ,.(ස)
කාලෙකට පස්සේ හිතට සතුටක් දැනෙන පුවතක් දැක්කේ. (නි)
ඇත්තෙන්ම හරිම සතුටුක්. (නි)
කිව නොහැකි තරම් සතුටක් මගේ සිතට දැනුණා.. මැදපෙරදිග රටවල ඉන්න අපට විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගීකරගෙන රෑපවාහිනී නාලිකා.. අඩු මුදලට දුරකථන පහසුකම්.. ලැබෙන්න ඇති හැකියාව වැඩි නිසා.. ඉත සිතින් සුභ පතමි..!!(නු)
ඉතාම හොදයි!!(නු)
මේ රටේ තියෙන දූෂණය නාස්තිය නැති කළෙහොත් වසරකට එක ගානේ චනිද්‍රකාවක් ගුවන් ගත කරන්න පුළුවන්. කරන වැඩේ අවන්කව කරන්න. අපෙන් සුභ පැතුම් (අ)
මේවා දවල් හීන වෙයිද? (නි)
හොද අදහස (දී)
හීනයක් තමයි (දී)
අයියෝ සල්ලි
මගේ හද පිරි සතුට ප්‍රකාශ කරමි. (නි)
ඉතා ඉක්මනින් මෙය ලොවට පෙන්වීමට හැකියාව ලැබේවා! (නි)
කාටද ආඩම්බර
යනක්ල් විශ්වාස නැහැ
සුභාපැතුම් ලංකා
නියම වැඩක් .ජය වේවා (දී)
මේක අනාතගය වෙනුවෙන් හොද අවස්ථාවක්. (නි)
ඉතා අගනා වැඩක්. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
අපේ රට මේ වගේ දියුණු වෙනකොට කොච්චර ආඩම්බරද , වර්ථමානයේ පවතින හොරකම් ,මිනීමැරුම් ,දුෂණ,මේ දේවල් නැතිවෙලා , රටේ පාලකයෝත් අවංක හිතින් මේ රට ආරක්ෂා කරවනම් .අපේ පුංචි ලංකාව මේ ලෝකේ වටිනාම රට වෙනවා ..
අපේ රට මේ වගේ දියුණු වෙනකොට කොච්චර ආඩම්බරද , වර්ථමානයේ පවතින හොරකම් ,මිනීමැරුම් ,දුෂණ,මේ දේවල් නැතිවෙලා , රටේ පාලකයෝත් අවංක හිතින් මේ රට ආරක්ෂා කරවනම් .අපේ පුංචි ලංකාව මේ ලෝකේ වටිනාම රට වෙනවා ..
අපේ රට මේ වගේ දියුණු වෙනකොට කොච්චර ආඩම්බරද? වර්තමානයේ පවතින හොරකම් ,මිනීමැරුම් ,දුෂණ වගේ දේවල් නැතිවෙලා , රටේ පාලකයනුත් අවංක හිතින් මේ රට ආරක්ෂා කරනවා නම්, අපේ පුංචි ලංකාව මේ ලෝකේ වටිනාම රට වෙනවා. (නි)
ගන්නව නම් මෙන්න නියම ආදර්ශ. (ස)
හොඳ වැඩක් (අ)
ලාංකිකයන්ගේ දැනුම ලොවට පෙන්වන්න හොඳ අවස්ථාවක් (අ)
ලංකාවෙ මේවට යන කාලය සහ මුදල් හොරකම නිසා මට නම් කිසිම සතුටක් නැහැ.. උදාහරණ ලෙස අධිවේගී මාර්ගයට අවුරුදු 25ක්, කටුගස්තොට පාලම අවුරුදු 6ක්, ගම්පල නුවර පාර අවුරැදු 8ක්, මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ දකුණු ආසියාවෙ කෝටිපතියා ලංකාවෙ ඇමතිකෙනෙක්.. ඉතිං ඇයි අපි සතුටුවෙන්නෙ..!!(නු)
සුභ පැතුම්! (නි)
මගෙනුත් සීයක් ලියා ගන්න. (නි)
ආඩම්බරයි..!! සුභ පැතුම්..!(නු)
සුභ පැතුම් මගෙන්. (නි)
මම ඉත සිතින් සුභ පතනවා..!!(නු)
නියමයිනේ.. ලාංකිකයෙක් විදියට ගොඩක් ආඩම්බරයි.. හැමදෙයක්ම සාර්ථකව ඉතා ඉක්මනින් කරන්න ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා..!!(නු)
මම ඔබලාට සුභ පතමි..!(නු)
මොන බොරුද ඡන්දේ ලගයිනෙ (දී)
යවන කල් මම විශ්වාස කරන්නේ නැහැ
නියම කොල්ලෙක්...!!(නු)
ගොඩාක් හොදයි
හද පතුලෙන්ම මෙය ඉටු වේවායි පතමි. ජයවේවා.
හද පතුලෙන්ම මෙය ඉටු වේවායි පතමි. ජයවේවා. (අ)
හොඳ වැඩක් සාර්ථක වේවා. (අ)
ඇත්තටම යවන්නද හදන්නේ (දී)
නියමයි ඔහොම යන් (දී)
ගියාම කියන්නම් ගියා කියලා (දී)