මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමාට ව්‍යාපාරිකයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වූ ඒ.එස්.පී. ලියනගේ මහතාගේ ‘පීකොක් මන්දිරය’ නමින් ප‍්‍රකට නිවෙස ලබාදීමට යන බව මාධ්‍ය වාර්තා කෙළේය. මේ ඒ ගැන ඒ.එස්.පී. ලියනගේ සමග කළ සාකච්ඡාවකි.
ප‍්‍රශ්නය:- ඔබ ජනපති අපේක්ෂක ලෙස කොපමණ වාරයක් තරග කර තිබෙනවාද?
පිළිතුර:- මා දෙවරක් තරග කර තිබෙනවා.
ප‍්‍රශ්නය:- ගියවර ඉදිරිපත් වුණේ කාට සහාය පළ කරන්නද?
පිළිතුර:- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහාය පළකරන්නයි මා ඉදිරිපත් වුණේ.
ප‍්‍රශ්නය:- පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළා. දැන් ඔබ සහාය දෙන්නේ කාටද?
පිළිතුර:- මම ගරු කරනවා මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට. පසුගිය රජයේ වැරදි තිබුණු නිසානේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණේ. මහින්ද රාජපක්ෂ කියන්නේ මගේ හොද හිතවතෙක්. ඔබ මගේ හොඳ හිතවතෙක් නම්, මිතුරෙක් නම් ඔබට මොනවා වුණත් උදව්වක් ඉල්ලූවොත් එය කරනවා. මහින්ද රාජපක්ෂ මහතාත් උදව්වක් ඉල්ලූවා. ඒ නිසා එතුමාට උදව් කරනවා.
ප‍්‍රශ්නය:- ඔබේ පීකොක් මන්දිරේ මහින්දට පූජා කරන්න යනවා කියා කතාවක් තියෙනවා.?
පිළිතුර:- ඔව්. ඔහු ඒ. ලියන්ත වයිට්ගේ ගෙදර ගියාම මම ඇහුවා ඇයි මේ රට යුද්ධයෙන් බේරාගත් නායකයා අක්කර 15කට 20කට කොටුවෙලා ඉන්නේ කියලා. එතුමා කිව්වා දරුවෝ තුන්දෙනා තුන් තැනක ඉන්නේ, රජයෙන් තවම නිවෙසක් හම්බුණේ නැහැ කියලා. හිටපු ජනාධිපතිතුමා ඒවගේ තැනක ඉන්න එක හොඳ නැහැනේ. මං ගොඩක් පොහොසත් නෑ. ගොඩක් දුප්පත් තැනක ඉදලයි මෙතනට ආවේ. ඒත් මගේ අක්කරයක පමණ ඉඩම සමග මන්දිරය මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා දෙන්න තීරණය කළා.
ප‍්‍රශ්නය:- ඇයි ඊට පීකොක් මන්දිරය කියන්නේ?
පිළිතුර:- අපේ ගෙදර ඉස්සර සත්තු හිටියා. මොණරු ගොඩක් හිටියා. ඒ නිසයි පීකොක් මන්දිරය කියා නම දැම්මේ.
ප‍්‍රශ්නය:- මේ මන්දිරය ඔබ හදපු එකක්ද? නැත්නම් මිලදී ගත්තාද?
පිළිතුර:- මං හැදෙව්වේ. ජෙෆ්රි බාවා කියන ලෝක ප‍්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියා තමා වැඩ කටයුතු කළේ. දියවන්නාව ගලා යන්නේ මගේ නිවෙස දෙපැත්තෙන්. කොළඹ තිබෙන අලංකාරම මන්දිර දහයෙන් එකක් තමයි මේක. ලංකාවේ තානාපතිවරුන්ගෙන් සියයට අනූවක් පමණ මේකට ඇවිත් ඇති.

ප‍්‍රශ්නය:- නිවෙස හදන්න කොපමණ කාලයක් ගියාද?
පිළිතුර:- අවුරුදු එක හමාරක් පමණ යන්න ඇති.
ප‍්‍රශ්නය- මේ මන්දිරයේ ඔබ කොපමණ කාලයක් පදිංචිව සිටියාද?
පිළිතුර:- වසර ගණනක් හිටියා. මේ මන්දිරය ඉතා වාසනාවන්ත මන්දිරයක්. මට ගොඩක් දේවල් ලැබුණේ මේකට ආවට පස්සේ.
ප‍්‍රශ්නය:- ඔබ මන්දිරය මහින්දට දෙන්නේ කුලියටද? පරිත්‍යාගයක් ලෙසද? නැතිනම් ඔප්පුවකින් ලියා දෙනවාද?
පිළිතුර:- මීට පෙර මා මේ මන්දිරය මාසෙකට ලක්ෂ හතරකට කුලියටදී තිබෙනවා. මහින්ද මැතිතුමාගෙන් සල්ලි ගන්නේ නෑ. එතුමාට උදව්වක් විදියට නැවතිලා ඉන්නයි දෙන්නේ. මෙහි ටික දවසක් සුදු මහත්තයෙක් නැවතිලා හිටියා. ඔහු ඉන්න කාලේ බොහෝ දෙනෙක් මන්දිරයට ඇවිත් තියෙනවා. ඔවුන් සියලූ දෙනාම කිව්වේ තමන් දැකපු ලස්සනම මන්දිරය මෙය බව. සමහරු මේකට මාලිගාවක් කියනවා. ඒ තරම්ම ලස්සනයි. ඇවිල්ලම බලන්න ඕනෑ මේකේ ලස්සන.
ප‍්‍රශ්නය:- දේශපාලන වැඩ සඳුහා නේද මන්දිරය ලබා දෙන්නේ?
පිළිතුර:- නැහැ. නැහැ. දේශපාලන වැඩ සඳහා නොවෙයි ලබා දෙන්නේ. එතුමාටත් පවුලේ උදවියටත් නවතින්න. මේ ගැන වරදවා වටහා ගන්න එපා. මේ රජයෙන් මට ගහන්නේ නැති වෙයි කියා මා හිතනවා. මොකද මං දන්නවා මේ රජය මෙය හරියට තේරුම් ගනියි කියලා. මිතුරකු උදව්වක් ඉල්ලූවාම අහක බලාගෙන ඉන්න බැහැනේ. හිතවතකුට කරන උදව්වක් මේක.
ප‍්‍රශ්නය:- ඔබේ පක්ෂයත් මහින්දට පූජා කළේ ඇයි?
පිළිතුර:- මං කලිනුත් කිව්වා වගේ ඔබ මගේ හිතවතෙක් නම් උදව්වක් ඉල්ලූවාම නොකර ඉන්නේ නැහැනේ. අනිවාර්යයෙන් කරනවා. අන්න ඒවගේ තමයි. මොනවා වුණත් මං විශ්වාස කරනවා අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙයි කියලා.
ප‍්‍රශ්නය:- නක්ෂත‍්‍රකරුවන් ඇවිත් මේ දවස්වල පීකොක් මන්දිරිය පරීක්ෂා කරන බව සමහරු කියනවා?
පිළිතුර:- මීට පෙර සමහරුන් ඇවිත් බැලූවා. ඔවුන් නක්ෂත‍්‍රකරුවන්ද කියා මං දන්නේ නෑ. දැන් ඒවා ඉවරයි. තව දවස් හය හතකින් හිටපු ජනාධිපතිතුමා ඇවිත් පදිංචි වෙයි.
ප‍්‍රශ්නය:- මහින්දට ඉල්ලන්න ඔබේ පක්ෂයේ ලකුණ නෙළුම්මල ලෙස වෙනස් කරන්න යන බව කියනවා?
පිළිතුර:- අපි මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කළා අපේ පක්ෂයේ ලකුණ ලෙස _දෑකැත්තයි මිටියයි දැමීමට. ඔහු කිව්වා එය ජාත්‍යන්තර කොමියුනිස්ට් ලාංඡුනය නිසා එය දෙන්න බැහැ කියලා. මොණරා ලකුණ අවශ්‍යනම් දෙන්නම් කිව්වා. කොමසාරිස්තුමා කිව්වා පක්ෂෙක ලාංඡුනය වෙනස් කරනවා නම් ක‍්‍රමවේදයක් තිබෙන බවත් ඡුන්දයක් ප‍්‍රකාශයට පත් කර සතියක් ඇතුළත ඉල්ලීමක් කරන ලෙස කිව්වා.
ප‍්‍රශ්නය:- පක්ෂය හා මන්දිරය මහින්දට පූජා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තර්ජන එහෙම ආවද?
පිළිතුර:- කිසිම තර්ජනයක් ආවේ නෑ. වෙන රජයක නම් තර්ජන එන්න තිබුණා. මේ රජය ඇත්ත තේරුම් අරගෙනයි තියෙන්නේ. මට මේ රජය එක්ක කිසිම තරහක් නෑ. මමත් ඇත්ත වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගරුකරනවා. එතුමා සමග ඉන්නවා. පැවැති රජයේ වැරැුදි තිබුණු නිසානේ ජනතාව පැරැද්දුවේ. එහෙම පරද්දපු එකත් එක අතකින් හොඳයි. මහින්ද රාජපක්ෂ මහතාට එය තේරුම් ගන්න හොද අවස්ථාවක්.
ප‍්‍රශ්නය:- මහින්ද පැරැුද්දුවේ වටේ හිටපු අය බව සමහරු කියනවා?
පිළිතුර-:- ඇත්තටම ඔව්. රටේ ප‍්‍රශ්න ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කළේ නෑ. එතුමාට වැරැුදි උපදෙස් දුන්නා. ප‍්‍රශ්න ගැන දැනුම්වත් කළා නම් එතුමාට සොයා බලන්න තිබුණා.
ප‍්‍රශ්නය-:- මහින්ද වගේම මෛත‍්‍රීත් ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කරනවාද?
පිළිතුර:- ඔව් අනිවාර්යෙන් කරනවා. මං එතුමාත් එක්ක ඉන්නවා. ඔහු මගේ හිතවතෙක්. එතුමාගේ මෑණියන්ගේ අභාවය වෙලේ පැදුරු සාජ්ජෙන් ලොකු දෙයක් කරන්න පුලූවන් වුණා. දවසක් මං කොණ්ඩෙ කපන්න ගිහින් ඉද්දි එතුමත් ආවා කොණ්ඬේ කපන්න. මට ඒ වෙලාවේ ස්තුති කළා. මං ඒ ගමන්ම දුවට කෝල් එකක් අරගෙන කිව්වා මෙතුමා ඇවිත් ඉන්නවා ඉක්මනින් මෙතනට ඇවිත් එතුමාගෙන් ආශිර්වාද ගන්න කියලා. දුව ඇවිත් වැඳලා ඔහුගේ ආශිර්වාද ගත්තා. එතුමා ඉතා හොඳ කෙනෙක්. මං එතුමාට ගහන්නවත්, එතුමා එක්ක තියෙන තරහකටවත් නොවෙයි මහින්ද මහත්තයාට උදව් කරන්නේ.
ප‍්‍රශ්නය:- අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර:- මං ඉල්ලන්නේ මේ මං කරන්න යන දේ ගැන වරදවා වටහා ගන්න එපා කියලයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්හරි වෙන වැඩක් මෙතන ඇති. නැත්නම් මොකද මේ වගේ කරන්නේ? (නි)
උතුම් මිනිසෙක් උතුම් ක්‍රියාවක් කලගුණ සැලකීමක් කොට සළකනවා ඔහුට බොහෝ පින්. (ස)
එතුමාට ඉන්න ගෙයක් ගන්න බැරිද එතුමාටම? (නි)
ගෙයක් දෙන්න තරම් ලොකු යාළුකමක්? අනේ මන්දා! (නි)
ඔබ කරන්නේ හොඳ චේතනාවෙන් නම් මේ කාර්යය ඉතාම හොඳ එකක් (නි)
ඉතාම හොඳ යාළුවෙක්... (නි)
ඔය හැමෝම අද ජීවත් වෙලා ඉන්නේ මහින්ද මහතාට පින් සිද්ද වෙන්න. ලියනගේ මහතා විශිෂ්ට චරිතයක්. මා අසා ඇත්තේ එතුමාට ඉතා හොඳින් කළගුණ මතක ඇතිබවයි. සමහර කට්ටියට මාර ඊර්ෂ්‍යාවක් නේ තියෙන්නේ (නදී)
ඔබතුමාට රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඔය මන්දිරයට වඩා සිය ගුනයක විතර ධනයක් උපයා ගන්න අවස්ථාව ලැබුනානේ. දැන් එතුමාට ඕකේ ඉන්න දුන්නට කමක් නැහැ. , කෙලෙහිගුණ සැලකීම හොඳ දෙයක්. නමුත් කණගාටුවට කරුණ ජනාධිපති වරු වැනි ප්‍රභල දේශපාලකයන් ආශ්‍රය කරන ඔබලා වැනි පුද්ගලයන් මොන ආණ්ඩුව ආවත් තව තවත් පොහොසත් වීමත් රටේ සාමාන්‍ය ජනතාව දිනෙන් දින ආර්ථික අගාධයකට වැටීමයි (නදී)
සරත් කියන එක හරි. (නි)
කල ගුණ නොදත් මිනිස්සු ඉන්න අපේ රටේ ඔබ තුමන්ලා වගේ මිනිස්සු රටට වාසනාවක්. රට බේරා ගත් නායකයට අපි සැමදාම හදවතින්ම අදරෙයි (නදී)
සල්ලි තිබුණට වැඩක් නැ (දිල්)
මේ රටට අති විශල සේවයක් කළ මහින්ද මහත්තයා වෙනුවෙන් කළගුණ සලකලා නිකන් තමුන්ට ලැබෙන ඡන්දය දෙන්න බරිවූ මිනිස්සු ඉන්න මේ රටෙ ඔබ වැනි මිනිසෙක් ගැන අහන්න ලැබිමත් සතුටක්.(දිල්)
කවුරු කොහොම කීවත් ඔබතුමාගේ ගමන යන්න. මහින්ද මහතාණෙනි, අපි සැමදා ඔබ සමගයි. (හේ)
මහින්ද මහතය ඡන්දෙන් පැරදුනේ යුද්දේ දිනපු හින්ද නෙවේ , යුද්දෙන් පස්සේ ඔහු වටා සිටි අය බලය අයුතු ලෙස යොදාගෙන වංචා දුෂණ කිරීම නිසාය , යුද්ධය සහ වංචා දුෂණ යනු මාතෘකා දෙකකි , මෙහි අදහස බලනවිට සමහරක් හිතා සිටින්නේ මහින්ද මහත්තය යුද්ධය දිනපු නිසා ඔහුගේ ගෝලයන් වංචා දුෂණ කලාට කමක් නැත කියාය , නමුත් රටේ බහුතරයකගේ අදහස මෙය නොවන බව ගියවර ජනාධිපති වරණ ප්‍රතිපලවලින් පෙනේ , (ස)
අගේ ඇතුව වළඳා රාජ භෝජන එදා... අඟේ ඉඳන් කන කැවා බොහෝ දෙනා... අතේ නැතත් ගන්නට කිසිදෙයක් මෙදා... හිතේ අපේ ඒ .එස් .පී රැඳේ සදා... (නි)
එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒකනිසයි ඒ මහත්මයා ඔච්චර දියුණුුවුණේ. එයා දන්නවා ඇත්ත. අපි ඔය කවුරුත් ලස්සන ගෙවල් හදාගෙන ,ලස්සනට ජීවත්වෙන්නේ මහින්දගෙ මූලිකත්වයෙන් යුද්ධය නිමාකළ නිසා. (නි)
බොහොම ස්තුතියි. රාජපක්ෂලා කාගෙන්වත් පිනට යැපෙන්නේ නැත (නදී)
හිසට සෙවනක් නැතුව කුසට ආහාරයක් නැතුව අැඟට වස්තර නොමැතිව දුක්විදින මිනිස්සු ඕන තරම් ඉද්දි රාජපක්ෂ මහත්තයාගෙන් ඔබට ඇති අනුකම්පාව මොකක්ද කියල හිතා ගන්න පුළුවන්. නමුත් ඔබගේ පුද්ගලික දානයක් නිසා කාටවත් වැඩකුත් නැහැ (නදී)
අක්කර පහළොවක පමණ සිටි මහින්ද මහත්තයා අක්කරයකට පමණ කොටුවුණා (නි)
මෛත්‍රීට දුන්න එස් එල් එෆ් පී නායකත්වය අපසු මහින්දට දුන්නම ඔක්කොම ප්‍රශ්න ඉවරයි. (ස)
ගේ තියෙන්නේ ඔබේ නමට නමුත් ගේ හදන්න සල්ලි දුන්නේ කවුද කියල දැන් අපිට තේරෙනවා (බ)
මේවා මහා සෙප්පඩ විජ්ජා, අපේ සමහරක් රටේ මෝඩයන්ට තාම මේවා තේරුම්ගන්න බැහැ.හැමදාම රැවටෙනවා .මුන් ඔක්කොම එකම වල්ලේ ගෙඩි. එක අතකින් මේක සිංහලයාගේ හැටි. වැරැද්ද මේක පාලනය කරන්න බලයට අපු එව්වෝ සිංහලයෝ නොවේනේ ඒකයි (බ)
නයි කයිද රෝස් පාන් (බ)
අප්පේ! මේවා දකිද්දී ඒකාලේ වෙස්සන්තරලා කල පරිත්‍යාග මොනාද කියල හිතෙනවා. ආයේ නම් කොමඩි ෆිල්ම් බලල කාලේ නාස්ති කරගන්නේ නැහැ. පත්තරේ යනවා ඔර්ජිනල් විහිලු කතා. ජාත්‍යන්තර සම්මාන ලැබෙන්න ඕන මේවටනේ??? (ස)
මහින්ද එදා ජනාදිපති වුණේ නැත්නම් අද අපි ඉන්න තත්වය හිතලා බලන්න. එහෙම වුණානම් අපිට කොටියාගේ අගුපිලවත් ලැබෙන්නේ නැහැ. ඔය අද කතාකරන ජාත්‍යන්තර ප්‍රජාව අපුරුවට කොටියාට සුදුහුණු ගාලා සිංහලයා නැතිකරනවා. එමනිසා මහින්දගේ කෙළෙහිගුණ කතාකරන්න කලින් කෙළෙහිගුණ පෙන්වලා ඉන්න. (නි)
අපරාදේ අර ලස්සන නාන තටාකය. (නි)
එහෙනම් මෙයා මොණරු කොළ ගොඩක් හොයාගන්න ඇති මහින්දගේ කාලේ. (නදී)
සහතික ඇත්ත අසෝක මහතාණෙනි. කටේ මසුරන් දාන්න වටිනවා ඔබේ ප්‍රතිචාරයට (නි)
ලියනගේ මහත්තයාගේ චේතනාව හොඳයි. (නි)
කොහේ නතරවුණත් අපිට නම් කමක් නැහැ. නමුත් වැරදි කර ඇත්නම් දඬුවම් විඳින්න ඕනෑ. (නි)
සුමන සමග මමත් එකගයි (බ)
බලන්න කොච්චර හොඳ කෙනෙක්ද? අපිට වුණත් මෙහෙම දෙන්න හිතෙන්නේ නැහැනේ (නි)
එතුමා සැබෑ කළගුණ දන්නා අයෙක් (නි)
සුමන මාන්දුව සහ අමා, එක්කෝ ඔයගොල්ලෝ ඇත්තෙන් භාගයක් දැනගෙන කතාකරනවා. නැත්නම් ඕනෑකමින් සත්‍ය විකෘති කරනවා. (නි)
මා අසා ඇත්තේ එතුමාට ඉතා හොඳින් කළගුණ මතක ඇතිබවයි. එතුමා තරුණ කාලේ රැකියාවට සතිපතා ගමේ සිට කොළඹ එද්දී තම වාහනයෙන් එතුමාට ගමන් පහසුව සැලසූ කොළඹ සරසවියේ මහාචාර්යතුමෙකු හට ඉන් දශක කීපයකට පසුවද එතුමා ඉතා ඉහළින් කෘතගුණ සැළකූ බවත් ගෞරවයෙන් සැළකූ බවත් දනිමි. (නි)
ලියනගේ මහතා විශිෂ්ට චරිතයක් (නි)
සමහර කට්ටියට මාර ඊර්ෂ්‍යාවක්නේ තියෙන්නේ. (නි)
මෙතුමා මේ නිවාස ගැන කොහොම ලස්සනයි කිව්වත් මෙහි ඔය කියන තරම් අලන්කාරයක්වත් ගෘහනිර්මානාත්මක වටිනකමක්වත් පෙනෙන්න නෑ! මෙහි ජෙෆ්රි බාව මහතාගේ ගෘහ නිර්මාණ ශෛලිය අන්තර්ගත වෙලා නෑ! එතුමාගේ නිර්මාණ ශෛලිය පරිසරය හා බද්ධ උණු දෙයක් ! මෙවැනි ගස් වැල්,ජනෙල් ,පහන් කණු ආදිය එතුමාගේ භූ දර්ශනවල නෑ! මේවගේ ගෙවල් ඕනේ තරම් මීගමුව වෙන්නප්පුව පැත්තේ පාර දිගටම තියෙනවා. ජෙෆ්රි බාව ළඟ වැඩකරපු කෙනෙක්වත් මේවගේ නිර්මාණයක් කරන්නේ නෑ!මේක බාව කලා කියනව නම් එක ජෙෆ්ෆ්රි බාවටත් අපහාසයක්! (ස)
අනේ පව් බිලියන් ගණන් රජයේ මුදල් හොරකම් කරපු මහින්ද පවුලේ අයට ඉන්න ගෙයක් දොරක් නැති නිසා මේ මිනිහගේ ගෙදරටත් තට්ටු කරා. ළමයින් 3න් දෙනා තුන් තැනක කිව්වේ උන් අවුරුදු 18 ට අඩු ය නිසා වෙන්න ඇති. අනෙක උන්ට බිලියන් ගණන් වල තට්ටු නිවාස බිල්ඩ්ම් පිටින් කොළඹ 7 නේ තියෙන්නේ. අනේ අනේ කාටද මේ බොරු කරන්නේ? අපි තණකොළ කනවා කියලද හිතන්නේ? අනෙක මෙයා අයෙත් අවොත් හිට්ලර්ට වඩා අන්ත වෙයි. කොහමටත් ආයේ මහින්දට නෝ චාන්ස්! කට් අවුට් මහින්ද නොක් අවුට් වෙලා ගොඩක් කල්. (ස)
මෙච්චර වටිනා මන්දිරයක් නිකන් දෙන්න මොනවහරි යටි අරමුණක් ඇතැයි මට සැකසිතෙනවා. (නි)
බලාගෙන ලියනගේ මහතාණනි ,ඔබ උදවු කළාට එතුමාට කෙලෙහි ගුණ මතක නෑ,අපිට මතකනේ සරත් ෆොන්සේකා මහතා ට චන්ද්‍රිකා මැතිනියට ,හිටපු අගවිනිසුරුවරියට කරපු දේවල්. (බ)
දුප්පත් කෙනෙකු ඔය වගේ උදවුවක් ඉල්ලුවොත් ඔබතුමා මොකද කරන්නේ? (නි)
සුමුදු හේවා මහත්තයා, ඔය කළගුණ කතාව ගැන තව විස්තර ටිකක් දාන්න අපිට දැනගන්න. අපහාස උපහාස කරන එක බුදුහාමුදුරුවන්ටත් කළ ලෝකේ මහින්ද මහත්තයා ගැන කවර කතාද? ගුණමකු මිනිස්සු ඉන්නතුරු රට අනාථයි! මහින්ද ඔබට ජය! කවුරු මොනවා කිවුවත් අපි ඔබ සමඟයි (නි)
මහින්ද මැතිදුනි කවුරුන් කෙසේ අවලාද නැගුවත් ජනතාව ඔබ සමගයි සැමදා(දිල්)
මහින්ද මහතාට විරුද්දව සමහරු කොහොමද මෙහෙම කරන්නේ. ඔය හැමෝම අද ජීවත් වෙලා ඉන්නේ මහින්ද මහතාට පින් සිද්ද වෙන්න. (ස)
ලියනගේ මහත්තයාගේ නමින් තිබුනට මේ මහින්දගේ ගෙදර කියල රට්ටු දන්නවා. (ම)
ඔබ හැමෝටම ආදර්ශයක්. මිල කල නොහැකි උපකාරයක්. කෙසේ හෝ වේවා අපි හැමෝම මහින්ද රාජපක්ෂයන් සමගයි. (ර)
වචනයෙන් කියන්න බැහැ ඔබගේ මහත්මා ගුණය ගැන. (ර)
අනුර ඔබ හරියටම හරි. (ර)
වාසනා ඔබ කියන්නේ මහින්ද මහතා මොන වැරදි වලට දඩුවම් විදින්න ඕන කියලද අපි නිදසේ ජිවත් වෙන්නේ එතුමා නිසා (දිල්)
මම ගරු කරනවා මෙතුමාට මේ කළ උපකාරය ගැන. (නි)
ජගත් කපිල, ඔයාගේ කතාව ඇත්තයි. වාසනාට නොවැටහුනාට මහින්ද මහත්තයාට මේ කරදර විඳින්න වෙලා තියෙන්නේ අපේ රටේ ඡන්දදායකයන්ගෙන් බහුතරයක් වැරදි තීරණයක් ගත් හින්දයි. දැන් එයාලටම තේරිලා එතුමා යන යන තැන රොද බඳිනවා. (හේ)
මේ සම්බන්ධයෙන් කුමක් හෝ යටි අරමුනක් ඇති.(හේ)