IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ලබන ආත්මෙදි ඇමැති පුතෙක් නොවේවා යනු මගේ පැතුමයි

”ලබන ආත්මයෙදී ඇමැති පුතෙක් නොවේවා” යනු තම එකම ප‍්‍රාර්ථනාව බව ”ඉරිදා ලංකාදීප”ය සමඟ පැවැති සාකච්ඡාවකදී මාලක සිල්වා මහතා ප‍්‍රකාශ කළේය. මාලක මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතාගේ එකම පුත‍්‍රයාය. මේ රජයේ ඇමැතිවරු සංඛ්‍යාව 60 කි. ඒ ඇමැතිවරුන් අතරින් තරුණ පුතුන් සිටින ඇමැතිවරු ද සිටිති. එයින් මර්වින් සිල්වා ඇමැතිවරයාගේ පුත් මාලක සිල්වා විශේෂය. ඒ විශේෂත්වයට හේතු ගණනාවකි. විටින් විට දබරයකට පැටලෙන මාලක මාධ්‍යයට පුවත් මවන්නෙක් වී ඇත. මෑතක හමුදා මේජර්වරයෙක් සම්බන්ධ සිද්ධියකට ඔහු අධිකරණය වෙතද යොමු කළේය. මේ පුවත්වලින් පෙනී යන කරුණක් නම් මාලක නැමැත්තා චණ්ඩියෙක්, මැරයෙක්, සමාජශාලාවල කාලය ගත කරන්නෙක් වශයෙනි. සරලව සඳහන් කළොත් නාහෙට නාහන තරුණයෙකි. මේ මතවල සත්‍යයක් තිබේද? ”ඉරිදා ලංකාදීප” ය ඒ සම්බන්ධයෙන් මාලක සිල්වාගෙන්ම විමසුවේය. ඉතා සුහදව, සැහැල්ලූවෙන් ”ඉරිදා ලංකාදීප” ය සමඟ පැවැති සාකච්ඡාවට පිළිතුරු දුන් මාලක ප‍්‍රකාශ කළ දේ මෙසේය.

 

මාලක සිල්වා කතාකරයි

ප‍්‍රශ්නය:- කොහොමද මාලක. පිළිතුර:- හොඳින් ඉන්නවා. හිටපු විදියටම. ප‍්‍රශ්නයක් නැහැ.   ප‍්‍රශ්නය:- ඔබ කුමක් හෝ වෘත්තියක යෙදිල ඉන්නවද? පිළිතුර:- ඔව්, මම මගේ තාත්තා, ඇමැති මර්වින් සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාරවල යෙදිල ඉන්නවා. වාහන බිස්නස් වගේ දේවල්.   ප‍්‍රශ්නය:- ඔබ  ඉගෙනුම ලැබුවේ කොහේද? පිළිතුර:- ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන්පසු ඇමෙරිකාවෙදි ”ග‍්‍රැෆික් ඩිසයින්” පිළිබඳ උපාධිය සමත් වුණා.   ප‍්‍රශ්නය:- ඔබ චණ්ඩියෙක් නේද? මොකද මේ හැමවෙලාවෙම ලෙඩ දාගන්නෙ. පිළිතුර:- මම හිතල, සැලසුම් කරල කරන දේවල් නොවෙයි. මගේ ඇඟට එන ඒවා. බේරිල ඉන්න, අවුලකට මූලික නොවෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉවසීමෙත් සීමාවක් තියෙනව නේ. ඒක ඉතින් මට නොවෙයි.  ඕනැම තරුණයකුට ඉවසීමෙ සීමාවක් තියෙනව නේ. මටත් එහෙමයි. මා රහත් වෙච්ච කෙනෙක් නොවෙයි. දෙවි කෙනකුත් නොවෙයි. මම මගේ පාඩුවෙ ඉන්නෙ. හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ පුළුවන් තරම් පාඩුවෙ ඉන්න.   ප‍්‍රශ්නය:- නමුත් ඉතින් අහන දේවලින් නම් ඔබ පාඩුවෙ ඉන්න පාටක් නැහැනේ. පිළිතුර:- මේකනේ. මම මර්වින් සිල්වා ඇමැතිවරයගෙ පුතා. අපේ මාධ්‍යවලට මම ළඟින් ගියත් ඇති. කොහේ හරි යන සිද්ධියක් ළඟින් මම ගියත් ඇති. මර්වින්ගෙ පුතා මාලක ඒකට සම්බන්ධයි. හොඳම උදාහරණය තමයි. මේ මෑතක මාධ්‍යවලින් මහා ලොකු කරල පෙන්නපු සිද්ධිය. ඔය සිද්ධිය සිදුවන අවස්ථාවෙ මම හිටියෙ මගේ වාහනය ඇතුළෙ. ඒක වීඩියෝ එක බැලූවත් පේනවා. මම එතැන හිටියෙ නැහැ. මම කලින් කිව් දේ තමයි සිදු වුණේ. මර්වින් සිල්වා ඇමැතිවරයගේ පුතා තමයි ගැහුවෙ කියල මාධ්‍යයෙන් හැමදාම කිව්වා. එකම සිදුවීම මම ඒ ආසන්නයෙ හිටපු එක. ඔතන මම නොහිටියා නම්,  ඕක ඔතනින්ම ඉවරයි. මාලක ඒ අසල හිටියා කියන එක මාලක ගැහුව කියල ප‍්‍රචාරය කළා. සත්‍ය සිදුවීම ඒ මහත්තය කිව්වා. මාලක ගැහුවෙ නැහැ කියලා. මාව රිමාන්ඞ් කෙරෙව්වෙ මාධ්‍යයෙන්. මාව වැරදිකාරයා කෙරෙව්වෙ මාධ්‍යයෙන්.   ප‍්‍රශ්නය:- ඔබ කියන්නෙ, ඔබ වැරැද්දක් කළේ නැහැ කියලද? පිළිතුර:- ඔව්, මම වැරැද්දක් කළේ නැහැ.   ප‍්‍රශ්නය:- ඔබේ පියා, ඇමැති වශයෙන් ඔහුට හිමි ආරක්‍ෂාව ඔබටත් දීල තියෙනවාද? පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මට තාත්තගෙ ආරක්‍ෂකයො නැහැ.   ප‍්‍රශ්නය:- එහෙම නම්, ඔබ එක්ක මහ පිරිවරක් ඉන්නෙ. පිළිතුර:- ඉන්නවා. මට හොඳ යාළුවො සෙට් එකක් ඉන්නවා. ඔවුන් මාත් එක්ක ඉන්නවා.   ප‍්‍රශ්නය:- ඔබ යන එන තැන්වල තරුණයො 25 ක් 30 ක් යනවලූ. පිළිතුර:- ඔව් මගේ යාළුවො සෙට් එක මාත් එක්ක ඉන්නවා. සමහර තැන්වලට ඒ අයත් යනවා.   ප‍්‍රශ්නය:- මේ කොයි වගේ අයද? පිළිතුර:- වර්ගයක්, බේදයක් නැහැ. අන්තිම දුප්පත් කොල්ලගේ ඉඳලා. හොඳට සල්ලිය බාගෙ තියෙන කොල්ල දක්වා පිරිසක් මට ඉන්නවා. තරාතිරමට කිසිම කෙනෙක් වෙන් කරල නැහැ. මට හැමෝම එක වගෙයි.   ප‍්‍රශ්නය:- ඔවුන් ඔබ පස්සෙන් එන්නෙ ඇයි? පිළිතුර:- මට ආදරෙයි. මමත් එහෙමයි.

 

මම ක්ලබ් යනවා. ඒක ඇත්ත

ප‍්‍රශ්නය:- ඔය තරම් තරුණ පිරිසක් වටකර ගෙන ඉන්නෙ ඇයි? පිළිතුර:- මම දේශපාලනයට එන්න සැලසුම් කරල තියෙන කෙනෙක්. මගේ ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න මට හැම තරාතිරමකම අය ආශ‍්‍රය කරන්න වෙනවා. දුප්පත් ජනතාවගෙ ඡන්දය  ඕනෑ. දැන් දේශපාලනය කරන්න සල්ලි  ඕනෑ. සල්ලි නැතිව දේශපාලන කරන්න බැහැ. ඒ නිසා සල්ලිකාර මිත‍්‍රයොත්  ඕන. මම මේ සියලූම තරාතිරම්වල පුද්ගලයො ආශ‍්‍රය කරනවා. ඔවුන්ගෙ ප‍්‍රශ්නවලට පිළිතුරු හොයල දෙනවා. ඔවුන් මාත් එක්ක ඉන්නවා. මේ අය චණ්ඩි නොවෙයි. පාතාලකාරයො නොවේ. අපේ ඡන්දදායකයො. ඡුන්ද දායකයො මාත් එක්ක ඉන්නවා නම්, මට ඔවුන් මග හරින්න බැහැ. එහෙම මග හරින්න  ඕනෑකමකුත් නැහැ. මම මගේ මිතුරන් එක්ක ඉන්න කැමතියි. මගේ මිතුරන් ආශ‍්‍රය කරන්න කැමතියි. මගේ දේශපාලන ගමනට මේ අය අවශ්‍යයි. ජනතාව නැතිව දේශපාලනඥයකුට ගමනක් නැහැ. ජනතාව අමතක කරල ගමනකුත් නැහැ. ඔවුන් මාත් එක්ක ඉන්නවා. එපමණයි. අපි වැරදි වැඩ කරන්නෙ නැහැ. මිනී මරන්න, මංකොල්ල කන්න යන්නෙ නැහැ. ජන මාධ්‍ය මොන විදියට මාව මනිනවද කියල මට හිතාගන්නවත් බැහැ. හරිම පුදුමයි, ඇයි මෙහෙම කරන්නෙ කියලා. මාධ්‍යවලට මම ඉන්ටවිව් නොදෙන්නෙත් ඒක නිසයි.   ප‍්‍රශ්නය:- ඔබ ක්ලබ්වලට යන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන, බොහොම තරුණියෝ ආශ‍්‍රය කරන කෙනෙක් කියල මතයක් ගොඩනැගිල තියෙනවා. ඔබ ජීවත් වෙන්නෙ ඇමෙරිකන්කාරයෙක් වගේලූ. මේ කතා ගැන මොකද කියන්නෙ. පිළිතුර:- ක්ලබ් මේ රටට විතරක් සීමා වූ දෙයක් නොවෙයි. හැම රටකම තියෙනවා. අරාබි රටවල තමයි ක්ලබ් නැත්තෙ. ඉස්සර මිනිස්සුන්ට ක්ලබ් තිබුණෙ නැහැ. අද සමාජය දියුණුයි. අපට පරණ විදියට ඉන්න බැහැ. එදා කොස් දෙල් විතරක් කෑවට අද තරුණයෝ කේ.එෆ්.සී. යනවා. මැක්ඩොනල්ඞ් යනවා. ඒවා කාලෙත් එක්ක සිදු වෙන දේවල්. තරුණ පරපුර ඒවට කැමතියි. මමත් ක්ලබ් යනවා. ඒක ඇත්ත.   ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ හැමදාම ක්ලබ් යනවා. පිළිතුරු:- නැහැ. ඉස්සර නම් නිතර ගියා. දැන් මාසෙකට වරක් වගේ යනවා. නිතර යන්නෙ නැහැ. දවල් කාලේ මහන්සි වෙලා වෙනසක්  ඕන වුණාම, ඉඳ හිටල ක්ලබ් එකකට යනවා. ඔබ මගෙන් තව ප‍්‍රශ්නයක් ඇහුවා. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද? කියලා. මම බොන්නෙ රෙඞ් වයින් එකක් විතරයි. වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්නෙ නැහැ. මා කුඩු පාවිච්චි කරනව කිව්වෙ මාධ්‍යය. වරක් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් වෙන කවුදෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගේ නම සඳහන් කරල තිබුණා. ඒකට කොහොම මගේ නම සම්බන්ධ කළාද? කියල මමවත් දන්නෙ නැහැ. මම කුඩු ගහනවා නම්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, ඒක මා දිහා බැලූවම පේනවා නේ. සමාජයෙ කුඩු ගහන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සු  ඕනෑ තරම් දැකල ඇතිනේ. මා දිහා බැලූවම කුඩු ගහනව, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව කියල පේන්නෙ නැහැ නේ. මම දේශපාලනයට එන්න බලාගෙන ඉන්න කෙනෙක්. කුඩු ගහලා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරල මට අනාගතයක් හදා ගන්න බැරි බව  ඕනෑම කෙනෙක් දන්නවා. ප‍්‍රශ්නය:- ඔබට ඉන්න යාළුවො අතර කාන්තා පාර්ශ්වයත් ඉන්නවාද? පිළිතුර:- අපොයි ඔව්. ගැහැනු ළමයි මගේ යාළුවෝ අතර ඉන්නවා. එහෙම ඉන්නව කියල නිදා ගන්න යන්නෙ නැහැ. ගැහැනු ළමයි ආශ‍්‍රය කරන එකේ වැරැද්දක් තියෙනවාද? මම නපුංසකයෙක් නොවෙයි නේ.   ප‍්‍රශ්නය:- ඔබේ වයසෙ ඇමැති පුත්තු තවත් ඉන්නව. ඔවුන් ඔබ වගේ නැහැ නේ. ඔය විදියට ක්ලබ් යනවද? පිළිතුර:- මම කිව්ව නේ, දැන් මම හැමදාම ක්ලබ් යන්නෙ නැහැ. ඔබ කියන ඇමති පුත්තු ගැන ක්ලබ්වලට ගිහිල්ල බලන්නකෝ. ඉන්න අපූරුව. ප‍්‍රශ්නය තියෙන්නෙ මාධ්‍යයට ඔවුන් පේන්නෙ නැති එකයි. ඇමැති පුත්තු  ඕනෑ තරම් ක්ලබ් යනවා. අතේ ඇඟිලි එකවගේ නැහැනේ. එක් එක් අයගෙ සමාජය වෙනස්. ගමේ තරුණයෝ ක්ලබ් යන්නෙ නැහැ. නගරයෙ අයට, ඒක සාමාන්‍ය දෙයක්. ඇමැති පුත්තු ක්ලබ් යනව කියන එක මහා විශේෂ දෙයක් නෙවෙයි. ක්ලබ් විවෘත වෙලා තියෙන්නෙ ඇමැති පුත්තුන්ටම නෙවෙයි. වෙනත් සාමාන්‍ය මිනිස්සුත් යනවා. එකම දේ මාලක, මර්වින් ඇමැතිවරයාගෙ පුතා වීම පමණයි.

 

මාත් කොල්ලෙක්නේ. ඇයි මා දිහා අමුතු ඇහැකින් බලන්නේ

ප‍්‍රශ්නය:- ඔබේ ඔය චරිතය ඉදිරි ගමනට බාධාවක් නොවෙයිද? පිළිතුර:- මේකනේ මොකක්දෝ කරුමයකට මාධ්‍යයට පේන්නෙ එක පැත්තයි. මගේ චරිතයෙ හොඳ පැත්ත පේන්නෙ නැහැ. මාධ්‍ය හොයන්නෙත් නැහැ. මම ගැහුවා කියාවි, රෝහලට ගියා කියාවි, පොලිසියට ගියා කියාවි, උසාවි ගියා කියාවි. මට ගැහුවොත්, බේරෙන්න මම ඒ පුද්ගලයාව තල්ලූ කරනවා. ඔහු වැටිල ඔළුව පැළෙනවා. ඒක මාධ්‍යයෙන් යන්නෙ ”මාලක අහිංසක මිනිහෙකුට ගහල ඔළුව පැළුවා” කියලයි. ඒ පුද්ගලයා මට ගහපු එක යන්නෙ නැහැ. මොනව මා ගැන කිව්වත්, මම මිනිස්සුන්ට උදව් කරනවා. මගෙන් උදව්වක් ඉල්ලගෙන කෙනෙක් ආවොත් උදව් කරනවා. ඒකට තරාතිරමක් නැහැ. ඔය කියන විදියට ක්ලබ් යන්නෙවත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙත් නැහැ.   ප‍්‍රශ්නය:- ඔබේ හැසිරීම්වලට පවුලෙ අය දොස් පවරන්නෙ නැද්ද? පිළිතුර:- බනිනවා. තාත්ත කියල තියෙන්නෙ මගේ කිසි දේකට මැදිහත් වෙන්නෙ නැහැ කියලා. ඒ වගේම තාත්තා කිසි කෙනකුට කතා කරල උදව් ඉල්ලලත් නැහැ. මගේ යාළුවෝ එනවට බනිනවා. තාත්ත කිව්වොත් කිව්වම තමයි.   ප‍්‍රශ්නය:- ඒ වුණාට පවුලෙ අය උසාවියට ඇවිත් හිටියා. පිළිතුර:- ආවා. මම මිනී මරල, අපරාධ කරල නෙවෙයිනේ. කරදරයක් සිදුවුණාම පවුලෙ අය ඉවත බලන්නෙ නැහැ.   ප‍්‍රශ්නය:- ආරවුල්වලින් ගැලවිල ඉන්න ක‍්‍රමයක් ඔබට ඇත්තෙම නැද්ද? පිළිතුර:- මම කලිනුත් කිව්වෙ. මම කිසිම ප‍්‍රශ්නයක් ඉල්ලල ගන්නෙ නැහැ. ප‍්‍රශ්නයක් ඇති කරන්න මම ළඟින් ගියත් ඇති. කිසිම පුද්ගලයෙක් එක්ක ආරවුලකට යන්නෙ නැහැ. මම අනුන්ට පුළුවන් තරම් උදව් කරනවා.   ප‍්‍රශ්නය:- මේ වගේ සිදුවීමක් වුණාම ඔබට මොනවද හිතෙන්නේ. පිළිතුර:- මට මුහුණ දෙන්න බැහැ. ඒකයි රට යන්නෙ. ගිය පාරත් එහෙමයි. මට හරිම පීඩාවක්. කරපු වැරැද්දක් නම් කමක් නැහැ. නොකළ වැරැද්දකට චෝදනා කළාම ඒක හරිම පීඩාවක්.   ප‍්‍රශ්නය:- ඔබම කියනවා නම්, ඔබ කොයි වගේ කෙනෙක්ද? පිළිතුර:- කියන තරම් යකා කළු නැහැ. මම මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්. හැම කළු වලා කුළකම රිදී රේඛාවක් තියෙනවලූ නේ. ඒවගේ මගෙත් හොඳ පැත්තක් තියෙනවා. මම වැරදි කරනවා නම් ඒක කිව්වට කමක් නැහැ. ඒව පෙන්නා දුන්නට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මම කරන හොඳ මාධ්‍යයට නොපෙනෙන එක දුකයි. මමත් වෙන තරුණයෝ වගේමයි. විනෝදයට විවේකයට කැමතියි. සරල ජීවිතයට. නිදහස් ජීවිතයට කැමැති කෙනෙක්.   ප‍්‍රශ්නය:- ”ඉරිදා ලංකාදීප” පාඨකයන්ට ඔබ යමක් කියනවාද? පිළිතුර:- ඔව්. ලංකාදීපය දැක්කෙත් මගේ වැරදි පැත්තක් විතරමයි. පේ‍්‍රමදාස මහත්තය කියපු කතාවක් තියෙනවා. ”මාව ඝාතනය කරන්න මගේ චරිතය ඝාතනය කරන්න එපා” කියල ඔහු කිව්වා. මේ මාධ්‍ය කරන දේවලින් මම පුදුමාකාර මානසික පීඩාවකට ලක්වෙලා ඉන්නෙ. මට මුහුණ දෙන්න බැහැ. ඇත්තටම ගමක කොල්ලෝ දෙන්නෙක් ගහ ගත්තනම්, වැඩිම වුණොත් සමථ මණ්ඩලයට ගිහිල්ල ප‍්‍රශ්නය නිරාකරණය වෙනවා. ඒත් මට ගහන්න පුළුවන් උපරිම ප‍්‍රමාණයට මඩ ගහනවා. නහය කටින් ලේ එන්න, ගුටි කාලා තියෙනවා. අතපය කඩා ගෙන තියෙනවා. මමත් කොල්ලෙක් නේ. ඇයි මම දිහා අමුතු ඇහැකින් බලන්නෙ.   ප‍්‍රශ්නය:- ඔබ පිටරටකට ගිහිල්ල ඉගෙන ගන්නෙ අනාගත අධ්‍යාපන ඇමැතිවීමේ අදහසින් කියල තියෙනවා. පිළිතුර:- මිනිසුන්ට සිතීමේ අයිතිය තියෙනවානේ. පුද්ගලයන්ට විවිධ දේ හිතන්න පුළුවන්.
සාකච්ඡාව -  දයාසීලි ලියනගේ
මාලක මිතුරන් සමග අධිකරණයට කැඳවාගෙන යමින්... මාලක මිතුරියක සමග



අදහස් (0)

ලබන ආත්මෙදි ඇමැති පුතෙක් නොවේවා යනු මගේ පැතුමයි

සිරි Monday, 01 October 2012 12:32 AM

ඇමතිගේ පුතා නිසා තමයි තවමත් ඔහොම ඉන්නේ. (නි)

:       0       0

නිමා Tuesday, 02 October 2012 09:55 AM

මනුෂ්‍යෙයක් වෙලා ඉපදෙන්න කොච්චර පිං දහම් කරන්න ඔනෙද? ඒක රැක ගැනීම අපගේ යුතුකමයි.. ලබන ආත්මයේ මනුෂ්‍යෙයක් වෙන්න මේ ආත්මයේ ගොඩක් පිං කළ යුතුයි..(නු)

:       0       0

උපුල් Monday, 01 October 2012 01:22 PM

ලබන ආත්මයක් තියෙයි ද කියන එකයි ගැටලුව.. නැත්නම් පැතුම හොදයි..!(නු)

:       0       0

සමන් කොළඹ සිට Tuesday, 02 October 2012 08:58 PM

2013 කැලැන්ඩරයට ෂෝක් පින්තූර ටික... (නි)

:       0       0

වරුණ Monday, 01 October 2012 01:34 PM

ඔබට නීතියෙන් ගැළවිය හැකි වුවත්, හෘද සාක්ෂියෙන් සහ මහජනතාවගෙන් ගැළවීමක් නැත. (නි)

:       0       0

පුණ්‍යා Monday, 01 October 2012 08:03 PM

පොඩි කාලෙත් මව් කිරි වෙනුවටත් බිව්වේ රෙඩ් වයින්ද? ඊළග ආත්මෙ ඇමති තියා මනුෂ්‍ය ආත්මයක් ලැබුනොත් හොදයි..!(නු)

:       0       0

කාන්ස් Monday, 01 October 2012 06:46 AM

පවු අහිංසකයා. බලන්න එයා කියන දේවල් 100%ක් හරිනේ. දැන් ඉතිං උත්තර දීපල්ලකෝ මේවට. (නි)

:       0       0

සරත් Thursday, 04 October 2012 09:04 AM

අපායේ ඇමතිලා නෑ නේද ? (ස)

:       0       0

ඩේවිඩ් Tuesday, 02 October 2012 03:21 PM

මේවා අපේ වගකිවයුත්තන් හිතන්න ඕන.. මේවගේ අය දේශපාලනයට සම්බන්ධ කරගන්නවාද කියලා..!(නු)

:       0       0

සේන Sunday, 30 September 2012 02:01 PM

පවු අහිංසකයා! (නි)

:       0       0

සුමනා Monday, 01 October 2012 01:55 PM

ඉතාමත් සුලු දෙයයිනේ කරන්න තියෙන්නේ. තාත්තට කියන්න සියලු තනතුරු වලින් ඉල්ලා අස‍්වෙන්න කියලා. (නි)

:       0       0

රාජා Sunday, 30 September 2012 02:28 PM

තාත්ත ඇමති නොවුණා නම් ඔහොම සෙල්ලම් දාලා බේරිලා ඉන්න හම්බවෙන්නේ නැහැනේ. සාමාන්‍ය මිනිහෙක් මේජර් කෙනෙකුට ගැහුවා නම් එහෙම මිනිහාට ඉතින් දෙවියන්ගේම පිහිටයි. තේරුම් ගන්න ඇමතිකෙනෙක් වීමේ අනුහස පුතේ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 02 October 2012 09:58 PM

අහිංසක පෙනුමක්නෙ තියෙන්නේ..!(නු)

:       0       0

විමංග Friday, 05 October 2012 11:52 AM

අයියෝ සල්ලී (ස)

:       0       0

අපොන්සෝ Sunday, 30 September 2012 02:48 PM

මේ වගේ අය අනාගතයේ රට බාරගන්නා බව දැනගෙන තමයි අපි ලංකාවෙන් ආවේ. (නි)

:       0       0

අසේල Monday, 01 October 2012 08:51 AM

මේ පුතා ලබන ආත්මේ ගැන කියවනවා නේද? (නි)

:       0       0

මහේෂ් Sunday, 30 September 2012 03:01 PM

අනේ ඇති යන්තම්! (නි)

:       0       0

ගයනි Thursday, 04 October 2012 11:01 PM

පිටරටක වුණා නම් මේ වෙද්දි සියලු බලතල අහිමි වෙලා. (නි)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 03:15 PM

මේ කරන දේවල් වල හැටියට, අනේ මන්දා...? (නි)

:       0       0

රාජා Sunday, 30 September 2012 03:17 PM

ඇමති පුතෙක් නෙමෙයි, මනුස්ස පුතෙක්වත් වෙලා නොයිපදේවා කියල ප්‍රාර්ථනා කරන්න කැමති නැද්ද ඔයා? (නි)

:       0       0

දුෂ්‍යන්ත Tuesday, 02 October 2012 11:36 AM

දැනුයි අපි ඇත්ත දැනගත්තේ.. අනේ පව් අහිංසක පුතා..!(නු)

:       0       0

විජිත Tuesday, 02 October 2012 12:23 AM

කාන්තා කටයුතු ඇමති තනතුරට කැමති නැද්ද පුතා? (නි)

:       0       0

සරා Monday, 01 October 2012 02:55 PM

ඇමති පුතෙක් නිසා තමයි ඔයා තවමත් ජීවත්වෙන්නේ පුතේ. (නි)

:       0       0

කුමාර Monday, 01 October 2012 02:50 PM

කොලු වයසට වෙන දේවල් ,වැඩිය ගණන් ගන්න එපා (ස)

:       0       0

සමන්ත Monday, 01 October 2012 10:19 AM

අනිත් අයටත් මෙහෙම කොස්තාපල් වරුන්ගේ කරට අතදාගෙන යන්න දෙනවද ?? (ස)

:       0       0

චමින්ද Sunday, 30 September 2012 05:22 PM

ලබන ආත්මයේ කවුරුවෙලා ඉපදේවිද දන්නේ නෑ.(ස)

:       0       0

හේරත් Monday, 01 October 2012 10:35 AM

මනුෂ්‍ය ආත්මයක් නැවත ලැබීම කෙතරම් අපහසුද? ටිකක් සොයා බලන්න. (නි)

:       0       0

ප්‍රියා Monday, 01 October 2012 10:43 AM

මෙයා ඇමති පුතෙක් වෙන්නේ නැහැ (ස)

:       0       0

ඕමාල් Monday, 01 October 2012 03:54 PM

මෙයාලට මොන දේශපාලනයක්ද? පෙනෙන්නේ නැද්ද දැනටත් රටට වෙලා තියෙන හදිය? (නි)

:       0       0

රසිකා Tuesday, 02 October 2012 07:50 AM

මුදලට ඕන දෙයක් කරන මිනිස්සු..!(නු)

:       0       0

ඉන්ද්‍රා Friday, 05 October 2012 04:35 AM

මම රාජාගේ අදහසට කැමතියි. (නි)

:       0       0

ප්‍රගීත් Sunday, 30 September 2012 07:07 PM

ජාතියේ පිනට පහළ වූ ඔබට අපි සියල්ලන්ම මනාපයි. (නි)

:       0       0

සංඛ Sunday, 30 September 2012 07:02 PM

මාලක අයියට බොරුවට කතා හදනවා. පවු අනේ. අහිංසක කොල්ලෙක්නේ. (නි)

:       0       0

රෝසි Monday, 01 October 2012 12:00 PM

අනේ අපේ පැතුමත් ඒ විදියට මේ ලෝකෙ නම් ඉපදෙන්න එපා කියලායි. (නි)

:       0       0

සමන්ත Friday, 05 October 2012 02:47 PM

ලැබෙන ප්‍රතිචාර අනුවනම් පුතේ තවුරුත් හොඳක් කියන පාටක් නෑ (ස)

:       0       0

හේමන්ත Sunday, 30 September 2012 08:35 PM

අපරාදේ කියවන්න ගිය අපේ කාලය... (නි)

:       0       0

හරීම් Saturday, 06 October 2012 06:30 PM

මට මේක කියෙවුවට පස්සේ හොදටම කම්පනය හැදුනා. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 02 October 2012 01:41 PM

අනාගතයට සුභ පැතුම්..!(නු)

:       0       0

චන්දිමා Thursday, 04 October 2012 01:31 PM

මේ ටික අහලා කට්ටිය හොදට පිළිගනියි.. පව් හොද පුතා..!(නු)

:       0       0

ෂෙරීෆ් Sunday, 30 September 2012 10:42 PM

මට මතක නැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 03 October 2012 05:05 PM

ඕවා කියන්න කොණ්ඩය බැදපු අයට. (නි)

:       0       0

ජයා Saturday, 06 October 2012 07:51 PM

ඔයාට ලංකාවෙ දේශපානලයට එන්න හොදටම සුදුදුකම් තියෙනවා පුතේ..අපි මේ ඡන්ද දායකයන් බලාගෙන හිටියෙත් ඔයාවගේ කෙනෙක් තමයි..!(නු)

:       0       0

පුණ්‍යා Saturday, 06 October 2012 08:29 PM

මාලක ඔබගේ ප්‍රධාන රැකියාව ගැන කියලා නැහැනේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 148 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 509 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 144 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 142 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 321 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 624 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site